Tuesday, November 16, 2010

වැල

වැල කී කල ඕනෑම කෙනෙක් ගේ හිසට පලමුව එන්නේ ගෙදර රෙදි වනන්නට එල්ලා ඇති ලනුවයි. නමුත් ඔබ කොල්ලෙක් නම් ඊට පලමුව වැල කිවු සැනෙකින් හිතට නැගෙන්නේ pornography ය.

මේ කතාව ඒ දෙවන වර්ගයේ වැල ගැනය. අපිට internet නොතිබූ 90 දශකයෙ මැද O/L කරනා කොල්ලන් වූ අපිට swim suit එකක් ඇඳ ගත් කෙල්ලකගේ පින්තුරයක් පවා හරි වටින්නේය.

වීරයා ඔය වගේ swimsuit photo එකක් පාසලට ගෙනාවේය. මෙහි ඇති වෙනස නම් මෙය රත් කල විට swimsuit එක ගැලවී යාමය. සිසිල් වූ සැනින් ඇඳුම තිබේ.

ඉන්ටවර්ල් එකේ මෙය ගැන ආරන්චි වී කොල්ලන් පෝලියම අපේ පන්තිය කරා එයි. photo එක හොයා ගනු බැරුව වීරය මොර දෙයි.

වීරයා : අඩෝ කවුද මේක ගත්ත එකා?

මගේ ටිකිරි මොලයට අදහසක් අවෙය

මම : මච්ං ගැනපන් පොත් ටික ඔක්කොම තියෙනවද කියල
වීරයා : මල !@#$%^ එක පොතක් අඩුයි බන්

බලද්දි අපේ ගනන් සර් මුලු පන්තියේම ලමයින්ගෙ ගනන් පොත් අපේ monitorය ලවා එකතු කරගෙන ගොස්ය.

මා කලින් ලියූ පරිදි ගනන් සර්ගේ හොඳම ගෝලයන් අපය. අපට සර් කොයිතරම් ආදරේදයත් අපට ගනන් පන්තියේ සිටීමට තහනම්ය.

කෙසේ හෝ විදුහලේ සිටි තරුන ගුරු මහතෙකු ලවා, බොරු කතා 100ක් කියා, අපි වැඩෙ shape කර ගත්තෙමු.

ඒ අතීතය හරිම සුන්දරය.

10 comments:

  1. matath matakai ea pics . .
    mamath balala tiyenawaa . .
    ela ela . . .

    ReplyDelete
  2. api podi belek tin ekak ethule itipandamak gahala eeka uda wire frame ekak daala podi gadget ekak hadagena hitiye eewa balanna

    ReplyDelete
  3. ඒ අතීතය හරිම සුන්දරය. හැබයි මට නම් මතක වත් දැක වත් නැත. මට මතක පත්තර අතීතය තමා

    ReplyDelete
  4. he he umabata wada api wayasayi wage

    ReplyDelete
  5. හෙහෙ..... මට ඔය වැල කියද්දි මතක් උනේ අපේ යාලුවෙක් ... ඌට අපි කියන්නෙ "වැල ගලා කියල"... මොකද මිනිහ ඔය අංශෙ දියුනු පොරක් .... ඒත් මේ දවස්වල නෙට් නැතුව මිනිහට වැලේ වැල්නැති වෙලා ඉන්නෙ :D

    ReplyDelete
  6. අපි NIBM කරන කාලෙ මම දන්න එකෙක් හිටිය ඌ තම වැල සප්ලයි කරේ. ඒ කාලෙ internet වැඩිය නැති නිසා CD වල පිහිට තමා. මුගෙ ලඟ ඕනෙ වෙලාක CD එකක් තියෙනවා. හෙබේ ඉල්ලුවොත් මු කියන්නෙ "අද මේක අයෙ දෙන්න ඕනෙ. නැත්නම් දඩ" කියල. අපේ අය්යලත් (මමත් එක්කම) "හරි දීපන් බං, දඩේ කීයද" කියල දඩ සල්ලි ඌට දීල CD එක ගෙනියන්නෙ. පස්සෙ ඌ මගෙ හොඳ යාලුවෙක් උනා. එතකොටයි දන්නෙ මේ CD ඔක්කොම මුගේ. මේ "දඩ" කතාව තම මුගෙ බිස්නස් එක

    ReplyDelete
  7. කොල්ලන්ගේ ලෝකයට රිංගා බැලී‍මට හැකි "පිරිමින්ට පමණයි" බ්ලොග් එකන් ද මේ...

    //රත් කල විට swimsuit එක ගැලවී යාමය. සිසිල් වූ සැනින් ඇඳුම තිබේ.//

    සැබෑ ජීවිතයේ දී මෙයම සිදු නොවේ ද?

    ReplyDelete
  8. මේකෙන් පිරිමි ගැන ඉගෙන ගන්න ගියොත් නම් වැරදි වැටහීමක් ගන්න වෙන්නෙ. 75% විතර හොඳ අදහසක් ගන්න පුලුවන්. හැබැයි ඉතුරු 25% මම අනිත් අයට වඩා ටිකක් වෙනස් හිතන විදිය.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @සොඳුරැ සිත... කථා‍වෙ ඇත්තකුත් ඇත.. හික්ස්..හික්ස්..

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.