Sunday, March 20, 2011

දේසේ හැටියට වාසේ ?

ඉරිදා දවස යනු බල්ලෙක්වත් බ්ලොග් නොකියවන දවසයි. ඒක නිසා අද මෙලෝ රහක් නැති කමෙන්‍ටු නොවැටෙන පොස්ට් එකක් දැමීමට සිතුවෙමි. ඇත්තටම මෙය මට ඇති ප්‍රශ්නයකි. උත්තරයක් නම් අදටද නැත. උත්තර නම් ගොඩක් තිබුනත් ඒ එකක් වත් හරි උත්තරය නොවේ යැයි මම විශ්වාස කරමි.

ප්‍රශ්නය - ලංකාවෙ බහුතරයක් මුස්ලිම් ජනතාව ක්‍රිකට් තරඟ වලදී පකිස්තානයට සහයෝගයදීම හරිද ? වැරදිද?

ඕක දැක්ක ගමන් "කොනකපාල ලාට නෙලමු" කියල කියන අයට මම ප්‍රශ්නය වෙනත් විදියකට අහන්නම්.

ලංකාවේ සිට ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට (හෝ කැනඩාවට) ගිය එකෙක් සපෝර්ට් කල යුත්තේ ඔස්ට්‍රේලියාවට (හෝ කැනඩාවට) ද? නැත්නම් ලංකාවටද?

පිට රට ඉන්නා බහුතරයක් අපිව වැද්දන් ලෙස සලකන්නේ ඇයි? මම රට ගිය හැම වෙලාකම දැකපු දෙයක් තමා ලංකාවෙන් ආවෙ කිවුවම උන් බලාපොරොත්තු වෙන්නෙ යටත් විජිතවාදී මානසිකත්වයක් තියෙන, සුදු හමට වඳින කෙනෙක්. අපි ඊනියා සදාචාරයක් ගැන කතා කරන කිසිම ආතල් එකක් නොගන්න කොන් වෙලා ඉන්න පිරිසක් විදියට තමා උන් දකින්නෙ.

උන් එක්ක සෙට් වෙලා උන්ට හිතා ගන්නවත් බැරි තරමට පිස්සු කෙලියම උන්ට සුවර් නෑ ඇත්තටම මූ ලංකාවෙ එකෙක්ද කියල. මගේ නම් පුද්ගලික මතය මට කොයි රටේ එකත් එකයි. හරි නම් සපෝර්ට්, වැරදි නම් ගේම (නැත්නම් කාමරයක් හරි) ඉල්ලනවා. හරි වැල්වටාරම් ඕනෙ නෑ මට ප්‍රශ්න දෙකක් තියෙනවා.

01. පිටරට උන් ලංකාව ගැන මෙහෙම හිතන්නෙ ඇයි?
02. කවුරු හරි තමන්ගෙ පදිංචි රට මාරු කරොත්, උපන් රටේ විදියට ඉන්න ඕනෙද? නැත්නම් දේසේ හැටියට වාසේ කියල ඉන්න රටේ විදියට වෙනස් වෙන්න ඕනෙද?

33 ප්‍රතිචාර:

  1. 1. මම හිතන විදියට පිටරට උන් ඔය කියන විදියට හිතන්නේ ලංකාව ගැන නෙමෙයි, ඉන්දියාව ගැනයි... මොකද පිටරට එකෙකුට අපෙත් ඉන්දියානුවෙකුගෙත් වෙනසක් නෑ...

    මම හිතන විදියට උන් අපි ගැන හිතනවට වැඩිය Racist විදියට අපි උන් ගැන හිතනවා... කොටින්ම උඹට 'පිටරට උන් ලංකාව ගැන මෙහෙම හිතන්නේ ඇයි?' කියන ප්‍රශ්නේ ඔළුවට එන්නෙත් ඒකයි...

    මේක බහුතරයක් ලංකාවේ උන්ටත් ඉන්දියාවේ උන්ටත් පොදුයි... ඉතින් එහෙම බලද්දී උන් අපි දෙගොල්ලොම එක ගොඩේ දාලා හිතන එකේ වැ‍රැද්දකුත් නැහැ...

    2. ඉන්න රටෙ විදියට වෙනස් වෙන්න කවුරුහරි ට්‍රයි කරනවානම් ඌට බොරුවට රඟපානවා ඇරෙන්න කවදාවත් වෙනස් වෙන්න බෑ... වෙනස් වෙන්න ඕනේ කියන හැඟීම එන්නෙම ඌ ඉපදුනු රට උගේ ඇඟ පුරා තියෙන නිසයි...

    ප්‍රශ්ණ දෙකට මම උත්තර ලියන්නේ ඔහොමයි, මම ඔය විදියේ කෙනෙක් නෙමෙයි කියලා මේකෙන් අදහස් වෙන්නේ නෑ :)

    ReplyDelete
  2. 01. මේකට උත්තර දීලා මට මගෙ බ්ලොගේ බේබදු කතාව ගැලෙව්වා වගේ මේ කොමෙන්ටුවත් මකලා දාන්න වෙනවා. (අර එක්කෙනෙක් ආරිය සූට් එක ඇදලා එක දවසක් සුද්දා වැසිකිලි ගිහින් සෝදන්නේ නෑ කියලා බැනලා ඊට පස්සේ ටයි කෝට් දාගෙන ගිහින් ඒ සුද්දගෙ අත අල්ලගෙන ඉඹගෙන ඉන්නකොට ඔහොම ඒවා ඒ මිනිස්සුන්ට වුනත් හිතෙනවා ඇති.) ඔය ඇති.

    02. මම නම් හිතන්නෙ ඔය දෙවිදියටම ඉන්න ඕනේ නෑ කියලයි. ඒ රටේ විදියට ඉන්න ඕනෙත් නෑ අපේ රටේ විදියට ඉන්න ඕනෙත් නෑ. තමන් මොන ලෝකෙ හරි ජීවත් වෙච්ච පිලිවෙලටම ජීවත් වුනානම් හරි. (මට හිතෙන්නෙ එහෙම) අපි අහවල් රටේ කියලා ලේබලේ පච්ච කොටාගෙන නොයන නිසා අපි ජීවත් වෙච්ච පිලිවෙලටම ජීවත් වෙන්න පුළුවන් නේද?? මොකද මෙහෙ හිටියත් සමහරු ඉන්නේ එන්ගලන්තෙ ක්‍රමේටනෙ. ඒක නිසා ඔය කොයි විදියටත් වඩා සුපුරුදු ක්‍රමේටම ඉන්න එක හොදයි අනික් අයගෙ අවමගුල් හොයාගෙන ඒ විදියට ඉන්න යනවට වඩා.

    ReplyDelete
  3. Beetle : උඹගෙ කතාවට මම සම්පූර්න එකඟයි. නමුත් මට පිට රට වලදි රේසිස්ට් විදියට සලකපු නිසයි මමත් එහෙම හිතන්නෙ. ඒ කතාත් වෙලාක ලියන්නම්.

    ReplyDelete
  4. සංජු : මගේ පුද්ගලික පිලිගැනීම දේසේ හැටියට වාසේ තමා. යන තැනට ගැලපෙන විදියට ගිහින් ඉඳල එනව

    ReplyDelete
  5. :) මෙහෙම දෙයක් තියෙනවා.... ඔන්න කාටවත් කියන්න එපා.... මම ලංකාවෙන් පිට ගිහින් නෑ තාම. ඒකේ අත්දැකීම් තියෙන කෙනා තමා ඒ ගැන හොදටම දන්නේ. ඒ නිසා කිසිම තර්කයකින් තොරව ඔයා කිව්ව දේට එකග වෙන්න මට පුළුවන්. තව පොඩි සීන් එකක් මතක් වුණා අපේ තාත්තගෙ අයියයි නංගියි වීවාහ වෙලා ඉන්නේ සුද්දියෙකුයි සුද්දෙකුයි එක්ක. සුද්දි ලංකාවට ආවම නම් අපිට හරි කරදරයි. මොකද එයා ඉන්න හදන්නෙ එහෙ විදියට. හැබැයි සුද්දා ආවම එහෙම නෑ පොර හොයන්නෙ කන්න රොටියි ලුණුමිරිසුයි. දවසක් ෆුඩ් සිටි එක ඉරාගෙන මොනවදෝ හොයනවා ෆුඩ් සිටියක් දකින්න බෑ රිංගනවා. අපි බැලුවා මොකද කියලා. පොර ආපහු කැනඩා ගෙනියන්න VSOL බෝතල් එකතු කරනවා. අපේ කට්ටිය ඒවා දීල සුද්දා ලාංකික රසට හුරු කරලා. ඉතින් ඇත්තට ඔයා කියන කතාව ඇත්තම තමා.

    ReplyDelete
  6. දේසේ හැටියට වාසේ කලොත් නේද සන්තෝසේ.......

    ReplyDelete
  7. 01.මටනම් පකිස්ථාන් කාරයෝ වෙන කවුරුහරි එක්ක සෙල්ලම් කරද්දි මොකා සපෝට් කරත් කමක් නෑ.ඊයේ මැච් එකෙත් බහුතරයක් හිටියේ පකිස්ථානෙන් ආපු සපෝටර්ස්ලා නෙමෙයි.ගොඩක් උන් මාලිගාවත්තෙ තම්බිලා.නමුත් මුන් ලන්කාවත් එක්ක පකිස්ථානෙ සෙල්ලම් කරද්දී පකිස්ථානෙට අදිනකොටනම් පුදුම කේන්තියක් යන්නේ.උන්ගේ ජාතිය තමයි.ඒ උනත් මුන් මේ පොලොවේ ඉපදිලා,මේ රටෙන් කාලාබීලා වෙනරටකට *ක දෙන එක මටනම් ඉවසන්න බෑ.ඔයා දැක්කද දන්නේ නෑ පත්තරේ රිපෝට් එකකුත් ගියා එදා පකිස්ථාන් ලන්කා මැච් එකෙන් පස්සේ මේ කාලකන්නි ලන්කාවේ කොඩි පුච්චලා හෙන විකාරයක් කරලා තිබ්බා.
    02.ඉන්දියාවේ උන්ට කෙලවෙලා තියෙන්නේ උන් පිටරටකට ගියත් තමන්ගේ රටේ වගේ ඉන්න උත්සහ කරන නිසා.ඒක වැරදි දෙයක් නෙමේ.(ඉන්දියාවේ මිනිස්සුන්ගේ අපේ උන්ට නැතිවුනත් උන්ගේ රට ගැන තියෙන්නෙ පුදුම ආදරයක් ).නමුත් ඒක ඒ රටේ මිනිස්සුන්ට දිරවන්නේ නෑ.හොදම උදාහරනයක් තමයි පහුගිය කාලේ පුරාවට ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේදී පහරකෑමට ලක්වීම.ඒක නිසා මොලයක් තියෙනවානම් කරන්න ඕනේ ඔයා කිව්වා වගේ "දේශේ හැටියට වාසේ" තමයි.එතකොට අනවශ්‍ය ප්‍රශ්න අඩුයි.ජාතිය ගැන කැක්කුම තියෙන්න ඕනේ තමන්ගේ පපුවේ,නැතුව ඔය බොරුවට පෙන්නන උන්ට රට ගැන කිසිම ආදරයක් නෑ.
    (කොහොම උනත් මොලේ තියෙන එකා දන්නවා තැනේ හැටියට ඇනේ ගහන්න.සුපුරුදු ක්‍රමේටම ඉන්න ගියොත් අපි පරාදයි.නමුත් තමන්ගේ රටේ අනන්‍යතාවයනුත් ආරක්ශා කරගෙන ජීවත් විය යුතුයි)

    ReplyDelete
  8. රන්ග අය්යේ මැච් ගැන කියද්දි මතක් උනේ ඔයාට මතකද 2009 ඉන්දියාව, ඕස්ට්‍රේලියාවේ ‍ටුවර් එකකට ගිහිල්ලා සීරීස් එකම දින්නා.එදා ඒ දුකටද මන්දා සුද්දෙක් ඇදුම් ඇතුව ග්‍රවුන්ඩ් එක මැද්දෙන් දුවන් ගියා.එක විකාරයයි.පොලිස්කාරයෝ මුගේ පස්සෙන් පන්නනවා.මු පොලිස්කාරයින්ට වෙට්‍ටු දදා දුවනවා.ඇන්ඩෘ සයිමන්ස් ගාවින් දුවද්දි ඌ මුට පයින් පාරක් ගහනවා.මු මැරිලා වගේ ඇදන් වැටෙනවා.ඊට පස්සේ පොලිස්කාරයාගේ තොප්පියෙන් වහගෙන තමයි මුව ග්‍රවුන්ඩ් එකෙන් එලියට එක්කන් ගියේ.මටනම් ඒක මතක් වෙදිදි තාමත් හිනා.අපරාදේ පොලිස්කාරයගෙ තොප්පිය
    (මේක අවුල් වගේනම් පබ්ලිශ් කරන්න එපා.)

    ReplyDelete
  9. මුස්ලිම් අය පකිස්ථානෙට සපෝර්ට් කරන එක නම් මටත් ප්‍රශ්නයක්. ඒත් මොනවා කරන්නද ඒක උන්ගේ කැමැත්තනේ. (හැබැයි එතන තියෙන්නේ කැමැත්ත විතරන්ද නැත්තම් වෙන මොකක්හරි දෙයක්ද කියලත් දන්නේ උන්ම තමයි)

    ReplyDelete
  10. මම ප්‍රශ්න දෙකට කලින් ලියල තියන දේ ගැන කියන්නම්.
    ලංකාවේ බහුතරයක් මුස්ලිම් ජනතාව ලංකාවේ ඉපදිලා ලංකාවෙම ජීවත්වෙලා හිටියත් ඔවුන් තමන්ගේ රටට වඩා ජාතිය ගැන හිතන නිසා පකිස්තානයට සහයෝගය දක්වයි.
    1. මාත් හිතන්නේ දකුනු ආසියානු රටවල් ගැන පොදු ආකල්පයක් තමා උන්ට තියෙන්නේ.
    2.කොහොමත් දේසේ හැටියට වාසේ කියල ඉන්න රටේ විදියට වෙනස් වෙන්න ඕන කියල තමයි මම හිතන්නේ. නැත්නම් ඒ රටේ ජීවත් වෙන්න බැරි වෙනවනේ. හැබැයි සමහරු තමන්ට ලංකාවේ තියන මුල් අමතකකරල සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න ගිහාමනම් ඉතින් අමාරුවේ වැටෙනවා

    ReplyDelete
  11. ඈගට ගුන දේසේ හෑටියට වාසේ..

    ReplyDelete
  12. තිලකරත්න දිල්ශාන්, තුවාන් මොහමඩ් දිල්ශාන් විදියටත්, සුරාජ් රන්දීව්, මොහමඩ් සුරාජ් විදියටත් ක්‍රිකට් ගහන කාලෙක ඔය තරම්ම පකිස්ත්තනේට චියර් කරන එකක් නෑ

    ReplyDelete
  13. මගේ මුස්ලිම් යාළුවෙක් දවසක් මාත් එක්ක කිව්වා මෙහෙම. " අපි මොන රටක හිටියත් කවුරු හරි අපෙන් ඇහුවහම උඹ කොහේද? කියලා අපි කියන්නේ අයෑම් අ මුස්ලිම් කියලා. ඒ කියන්නේ අපි කොහේ හිටියත් එක සමාජ කොට්ඨාසයක් විදිහටයි සලකන්නේ. නමුත් ඉන්දියාවේ මුස්ලිම් එකා විතරක් අයෑම් ඇන් ඉන්දියන් කියලා කියනවා. ඒ තරමටම ඉන්දියාවේ උන්ට ජාතික හැඟීමක් තියෙනවා."

    උන් හිතන්නේ එහෙම තමයි.

    ReplyDelete
  14. දේසේ හැටියට වාසේ තමයි හොඳ. තමන් ජීවත්වෙන පරිසරයට අනුව හැඩගැහෙන්න බැරි උනාම වඳවෙලා යන්න සිද්ධවෙනව.

    ReplyDelete
  15. 1. "අපි ඊනියා සදාචාරයක් ගැන කතා කරන කිසිම ආතල් එකක් නොගන්න කොන් වෙලා ඉන්න පිරිසක්" නේන්නං බං? මෙහේ තියන සමාජ ක්‍රමෙං බිහි කරන්න හදන මොඩල් මිනිසා ඕක නෙ?

    2. තමන්ට කැමති විදියට ඉන්න එකයි. මං අඳුරන එකෙක් ඉන්නවා, මූ ජීවිතේට උඩරට, මතුරට ට වත් ගිහිං නෑ, බට් සපෝට් කරන්නෙ ඔස්ට්‍රෙලියන් ටීම් එකට. අපි ඉතිං මූව බයිට් කරනවා. බට් ඉතිං අපිට මොකෝ, උගෙ කැමැත්ත.

    ක්‍රීඩා වගේ දේවල් වලිං දේශප්‍රේමෙ මනින හදන අය තමා උල තියන්න ඕන.

    ReplyDelete
  16. මට නම් පිටරටවල් ගැන අත්දැකීම් නෑ. හැබැයි මම හිතන්නෙත් දේසෙ හැටියට වාසෙ තමයි හොඳම දේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ පිටරටකට ගියාම ලංකාවවත් ලංකාවෙ දේවල් වත් අමතක කරන්න කියන එක. එහෙම ඉන්න පුලුවන්නම් අපිටත් අපිත් එක්ක ඉන්න අනිත් අයටත් ලේසියි.

    ReplyDelete
  17. තමන් කැමති එකාට සපොර්ට් කරන්න ඕනේ එකෙකුට අයිතියක් තියෙනවා නමුත් ප්‍රශ්ණය තියෙන්නේ රටක් හැටියට අපි එකමුතුද කියන එකයි.මොකෝ අපේ රටේ ජීවත් වෙන හැම ජාතීන් ඉන්න ඔනේ එක ජාතියක් විදියට ඒ කියන්නේ ශ්‍රී ලංකිකයෝ විදියට.

    අපේ මේ මුස්ලිම් කට්ටිය බනින කට්ටියගෙන් සමහක් තමා ඔය ජාතිවාදෙට හේතු වුනෙත්.වෙන්නෙත්.

    ReplyDelete
  18. දේසේ හැටියට වාසේ තමා නවම් කියනවා වගේ තනා ජීවත් වෙන පරිසරයට හැඩගැසෙන්න ඔනේ

    ReplyDelete
  19. 1. පිටරට මිනිස්සු අපි ගැන අවතක්සෙරුවට හේතුව අපෙ රටේ පවා අපි තාමත් පරගැති ලෙස ජීවත් වීම විය හැකි. බලන්න පහුගිය කාලේ අපෙ රටේ පැනවු සමහර නීති. ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න කියල අපේ රටෙ සරම අදින්න නීති, බුලත් කෙල නීති, කොට සායවල් නීති, පැනෙව්වෙ. අපි වෙන රටකට ගියාමත් ඒ අයට ඔනේ විදිහට ඉන්නව... මේ රටෙත් අනුන්ට ඔනේ විදිහට ඉන්නව..
    2. මම නම් වෙන රටකට ගියාම වෙනස් වෙන්නෙ නෛතික හැසිරීම් වශයෙන් විතරයි. ප්‍රතිපත්තිමය වශයෙන් එහෙමමයි.

    ReplyDelete
  20. නොදන්නා දේවල් වලට කට නොදා දන්නා දේ මත මෙය පමණක් කියමි.

    රංග ගේ ප්‍රශ්ණ අංක 1 පදනම් වී ඇති ඔහුගේ විදේශිකයින් ගැන නිගමනය ගැන කිව හැක්කේ -එම නිගමනයට හේතු වී ඇති නිරීක්‍ෂණය සාධාරණීකරණය කළ හැක්කේ:

    1. රංග යනු ලාංකිකයින් සැවොම/බහුතරය නිරුපනය කළ හැකි නිදර්ශකයක් ද

    සහ

    2. රංගට හමුවී ඇති විදේශිකයින් පිරිස ඒ රටවල සැවොම/බහුතරය නිරූපනය කළ හැකි නිදර්ශකයන් ද

    යන කරුණු දෙකම සත්‍යයන් නම් පමණි.

    ReplyDelete
  21. මට හිතෙන්නෙ...අරාබියේදි, අල්ලපු රටේ උන් හින්ද අපිට ගොඩක් අවාසි වෙනව....
    උන්ටත්, අනිත් ආසියාතික ගොබිලන්ටත් වඩා අපි ඉදිරියෙන් ඉන්නෙ බO......හැබැයි චූට්ටක් වලියට බරයි....

    ReplyDelete
  22. මතන අවුල තියෙන්නේ තමන් උපන් රටට සහයෝගය දක්වන එක ගැන.. ලංකාවේ ඉපදිලා ලංකාවේ හැම මගුලම කරල Sri Lanka vs Pakistan මැච් එකේ පකිස්ථාන් වලට සහයෝගය දක්වල මැච් එක ලංකාව පැරදුනාම රතිඤ්ඤ පත්තු කරන එකෙන් අපිට පෙන්නේ ඒ මිනිස්සුන්ගෙ හිතේ කොච්චර වෛරයක් ලංකාව ගැන තියෙනවද කියන එකනේ..

    ReplyDelete
  23. 1. උන් කලින් ආශ්‍රය කරපු ලංකවේ උන් කරලා තියන දේවල් නිසා....

    2. මොන ලොකේ ගියත් මිනිස්සුත් එක්ක හොදින් ඉන්න ඔනේ.....එතකොට ඕනෙම තැනක ඉන්න පුලුවනි.....

    ReplyDelete
  24. "පිට රට ඉන්නා බහුතරයක් අපිව වැද්දන් ලෙස සලකන්නේ ඇයි? මම රට ගිය හැම වෙලාකම දැකපු දෙයක් තමා ලංකාවෙන් ආවෙ කිවුවම උන් බලාපොරොත්තු වෙන්නෙ යටත් විජිතවාදී මානසිකත්වයක් තියෙන, සුදු හමට වඳින කෙනෙක්. අපි ඊනියා සදාචාරයක් ගැන කතා කරන කිසිම ආතල් එකක් නොගන්න කොන් වෙලා ඉන්න පිරිසක් විදියට තමා උන් දකින්නෙ"

    ReplyDelete
  25. සුද්දො අපි ගැන ඕන හු*** හිතුවම අපිට මොකද බං? තමන් කැමති ජීවන රටාවකට ජීවත් වෙන එක තමන්ගේ කැමැත්ත. කුණුවෙන්න බීලා පාරවල් ගානේ වැටිලා ඉන්න එක උඹේ මානසිකත්වයෙන් උඹට ආතල් එක වෙනවා වගේම, නිස්කලංක පරිසරයක වැඩි සමාජ සම්බන්ධතා වලින් තොරව සරල ජීවිතයක් ගත කරන එක තවත් කෙනෙකුගේ "ආතල්" එක වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ “සදාචාරය” නැත්නම් ජීවන දැක්ම අනුන් පිට බලෙන් පටවන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.

    ReplyDelete
  26. “උන් එක්ක සෙට් වෙලා උන්ට හිතා ගන්නවත් බැරි තරමට පිස්සු කෙලියම උන්ට සුවර් නෑ ඇත්තටම මූ ලංකාවෙ එකෙක්ද කියල”

    පිස්සු කෙළින එක “මාර” වැඩක් කියලා සුද්දා හිතනව නම් ඒක සුද්දාගේ නොදියුණුකමේ ලක්ෂණයක් කියලයි කොටුවට නම් පේන්නේ. එහෙව් සුද්දාගෙන් "ෂා මූ මාර පොරක්නේ" කියලා අහගන්න උඹ ඔච්චර ආස උඹේ තියෙන යම් හීනමානයක් හින්දා වෙන්න පුළුවන්.

    ReplyDelete
  27. දිග කොමෙන්ට් දාන්න ගියාම case වෙනවා බන්. මොකද ඒ? මම කොමෙන්ට් ටික කඩලා දැම්මේ. පුළුවන් නම් එකතු කරලා දාපන්.

    - කොටුව -

    ReplyDelete
  28. පිට කො‍ටුව - යකෝ මගේ ජීවිතේ වැඩිම දවසක් ගෙවෙන්නෙ තනියම නිස්කලංකෙ. මොකද මම පාඩුවෙ වැඩිය සද්ද නැතුව ඉන්න කැමති එකෙක් නිසා. එලියට බහින්නෙ ඉඳල හිටල උනාට එලියට බැස්සම ඒවටත් එක්ක පිස්සු කෙලිනව. මම හිතන්නෙ මේක බලන සම "හරක්" වගේ උඹත් මගේ කතාවලින් මාව ජජ් කරන්න යන එකයි වැ‍රැද්ද?

    ReplyDelete
  29. උඹ වගේ ලෝකෙ අනිත් උන් වැඩක් නෑ අපි පොරවල් කියල හිතපු උන් දැන් හරි අඩුයි. මොකද අපේ තියෙන දෙයක් සුද්දට විකුනලා, සුද්දගෙන් ආධාර අරගෙන ඉන්න කාලයක් මේක. ම්ම ඒකෙන් කියන්නෙ නෑ අපි සුද්දට පු* දෙන්න ඕනෙ කියල. මම කියන්නෙ උගේ ඉස්සරහ පොන්නයෙක් නොවී තමන්ට ආත්ම ගරුත්වයක් තියාගෙන ඉන්න එක.

    ඒකෙන් කියන්නෙ නෑ ඌත් එක්ක බොන්න ක්ලබ් යන්න ඕනෙ කියල. ඒ වුනාට අපේ පුරුදු විදියට දෙකට නැමිල හිටියොත් ඌ ඇරල යනව බඩු ශුවර්. මම හිතන්නෙ උඹ මම ලියපු දේ මගේ වෙන කතා එක්ක සම්බන්ධ කරල උබගෙම කතාවක් හදාගෙන.

    ReplyDelete
  30. 01) එකඟ වෙන්ඩ අමාරුයි. මොකද මට හම්බු වෙච්ච අපි සුද්දොයි කියන උන් අපි ගැන එහෙම හිතන්නෙ නැහැ දැන්........ සමහර වෙලාවට අපි සුද්දොන්ට වඩා ලස්සනට ඉන්නවා....... අම්මප මේ ඇත්තමයි කියන්නෙ.

    02) උපන් රටේ විදිහට ඉන්ඩ පුලුවන්නම් තමයි වඩා හොඳ. නමුත් සමහර වෙලාවල් තියෙනවා, අවස්ථානුකූලව ක‍ටුස්සා සිද්ධාන්තය භාවිතා කල යුතු. මම නම් හැකි හැම වෙලාවෙම සිංහල.

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  31. රංග ඉස්සෙල්ලම ප්ර්ශ්න දෙකට උත්තර දීල ඉන්නම්කෝ
    1) මෙය තමුන් පිටරටදී ඇසුරු කරන සහ නිතර හමුවන අය මත තීරණය වෙන එකක්
    2) මේක පුද්ගල අනන්යීතාවය මත තීරණය වෙන එකක්.. පොදු කරුණක් හැටිය ගන්න අමාරුයි..
    මේ වගේ රටවල් වලත් තමුන් ජීවත් වෙන කුඩා නගරයෙන් හෝ ගමෙන් ජීවිතකාලය තුලම පිටතට නොගිය මිනිස්සු ඉන්නවා..ඔවුන් අවට ලෝකයේ සිදුවන දේ ගැන නොදන්නා තරම්..මෙවැනි අය ජාතිවාදී විය හැකියි.. ඒ වගේම මෙවැනි තැන් වලින් නගර වලට ආ අයත් යම් ජාතිවාදී ගති පෙන්වන්න පුළුවන්..නමුත් අවට ලෝකයේ සිදුවන දේ ගැන විමසිලිමත් වන නගරබද ජීවත් වන බොහෝ දෙනා ඔය කුලකයේ නැහැ..
    ලංකාවෙන් පිටරට ගිය අයෙකුට ලංකාවේ විදියට ඉන්න ඕන නම් කිසිම ගැටළුවක් නැතිව එය කරන්න පුළුවන්..ඒ වගේම යැංකි තාලෙට ඉන්න ඕන නම් ඒකටත් කිසි ගැටළුවක් නැහැ...උදාහරණයක් හටියට මාවම ගත්තොත් මම මත්පැන් බොන්නේ නැති කෙනෙක් (ඇඟේ පිස්සු නටන්න පදමක් ඕන වෙලාවක තියෙනවා;) ..හැබැයි මගේ ඇමරිකන් යාළුවෝ කවදාත් බලෙන් පොවන්න හරි බොන්නේ නැති උන් පොන්නයෝ කියල හරි කියවන්නේ නැහැ.. එක පාරක් ලංකාවෙදි මගේ කට දන්නේ නැති එකෙක් ඔය පොන්න කතාව කියන්න ඇවිත් මම සාවධානව කිව්ව ගෑණිව එවපන්කෝ පොන්නයන්ගේ වැඩ පෙන්වන්න කියල ..සැර නම් දාන්න එපා රංග.. :) නිර්මාංශී කෙනෙකුට උනත් ලංකාවට වඩා හොඳට පිටරට ඉන්න පුළුවන්..ඒ මෙහේ බහුතරය අන්යරන්ගේ මතයට ගරු කරන නිසා..
    මේකේ තව පැත්තක් තියෙනවා..අපි වගේ අවුරුදු 25ක් ලංකාවේ ඉගෙන ගෙන වැඩි දුර ඉගෙන ගන්න මෙහේ එන අයට ලංකාවේ විදියට ඉන්න වුවමනා නම් හොඳට ඉන්න පුළුවන්.. නැත්නම් හොඳම යැංකි විදියට ඉන්නත් පුළුවන්.. හැබැයි ළමයි හදලා ඒ ළමයින්ට ලංකාවේ විදියට ඉන්න කියපන් කියන එක නම් මම අනුමත නොකරන එකක්... ලංකාවේ විදියට ඉන්න ඕන නම් ඒ ළමයින් ලංකාවට ගිහින් හදන්න ඕන..මේක මම සුලබව දකින ගැටළුවක්..සංස්කෘති දෙකකට මැදිවෙලා අතරමං වෙන දරුවන්..

    මේක දිග වැඩි වුනාට සොරි වෙන්න ඕන රංග

    ReplyDelete
  32. අනේ බං මං ගිහින් තියෙන්නෙ උඩ රටයි රජ රටයි විතරයි. එහේ සුද්දො නැහැ. ආඩම්බර සුද්දියො නම් ඉන්නව.

    කොහේ ගියත් පොලෝසියට කොටු නොවී ඕන වැඩක් කරන්නත් ඔට්ටුයි. හැබැයි ඉතිං ටිකක් විතර තැනේ හැටියට ඇනේ ගහන්නත් බැරි වුනොත් වැඩක් නැහැ.

    ReplyDelete
  33. කියෝගෙන කියෝගෙන යද්දී මේකටත් අවා
    මමත් ඉෂාර කියුව එක සම්පුර්ණයෙන්ම අනුමත වෙන ගමන් ම තව පොඩ්ඩක් එකතු කරනවා.
    ටිකක් දිගයි ... සමාව භාජනයට දාන්න....
    ඇත්තම කියනවා නම් මෙහෙ ජීවත් වන (Australia) ඕනෑම ලාංකිකයෙක් මෙහෙ මැච් එකක් තිබොත් සපෝර්ට් කරන්නේ ලංකාවට තමයි. එහෙම උනත් හැදිච්ච ජාතියක් විදියට මෙහෙ ජීවත් වන කවුරුවත් මන් දැකල නෑ අපේ එවුන්ට බනිනවා මෙහෙ ඉඳගෙන Australian අයට support කරන්නේ නෑ කියල. මේක තමයි ලංකාව සහ අනිත් දියුණු රටවල් අතර ඇති ප්‍රධානම වෙනස මම නම් දකින විදියට. අනිත් මිනිසුනට , ඒ මිනිසුන්ගේ මතයන්ට ගරු කිරීමට , ඉවසීමට ඇති හැකියාව.
    මචන් තරහ වෙන්න එපා. ඔබේ පොස්ට් ගොඩකම තියෙන පොදු දේ තමයි ලංකාවට ආවේනික අන් මතයන් නොඉවසීමේ ගුණාංගය පෙන්වීම.
    පොඩ්ඩක් වෙන කෙනෙක් තම මතයට විරුද්දව මොකක් හරි කියුවොත් , කරොත් පළමුවෙන්ම කරන්නේ අඩෝ කැ** , බල්ලා කියල කුණුහරුප කියාගෙන
    ගහන්න පනින එක. ආයි හැරෙන්න වත් ඉඩක් නෑ නේ. අන්තිම option එක ලංකාවේ සේරෝටම first option එක වෙලා.
    ඕක තමයි දේශපාලකයන්ගේ ඉඳන් සතා සර්පයා දක්වා senseless විදියට මරා ගන්න එකම හේතුව ලංකාවේ.

    සුද්දෝ racists ද ?
    ඇත්තටම , අපි හැමෝම racists තමයි.
    දැන් බලපන් සුද්ද කියන වචනේ අරගෙන .
    ඕක අපි පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරන හින්ද තේරෙන්නේ නෑ ...
    නමුත් අපිට මල පනින්නේ සුද්දෙක් ඇවිල්ල අපිට කල්ල කියුවම ...
    දෙකේම වෙනසක් නෑ නේ ...
    අන්තිමට කියුවොත් .. දේසේ හැටියට බාසේ නෙමෙයි මචන් වෙන්න ඕනේ
    හරි විදියට වාසේ.. එහෙම කරොත් කාටවත් කිසි විදියකින් වරදින්නේ නැහැ.
    හරි විදිය කියුවේ කාටවත් ඇනයක් නොවී තමනුත් නොපිහිරි ලංකා සංස්කෘතියෙන් හා ජීවත් වෙන රටේ සංස්කෘතියෙන් ගතයුතු වැදගත්
    දේ අරගෙන පහත තුච්ච දේ ඉවත් කරලා මෙලෝ පරලෝ දෙකට සමාජයට වැඩක් වෙන විදියට ජීවත් වෙන එක .
    ඔන් ඕකයි මගේ අදහස

    හිතෙන දෙයක් ලියල යන්න ..... කියුව හින්ද ලියුව .... LOL

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.