Sunday, April 24, 2011

පරිගණක ඉංජිනේරු ජීවිතය

අද මම මේ ලියන දෙවනි පෝස්ට් එක. පලවෙනි එක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න ("බෑංකි මූන් ට මාරයා අත වනයි"). අර අයි ටී විරිදුව පෝස්ට් කරාට පස්සෙ ගොඩක් අය ඒ ගැන බය වෙලා තිබුනා. ඒ වගේම කීප දෙනෙක් ඉල්ලීමක් කරල තිබුනා මගේ තියෙන දැනුමෙන් අයි ටී ඉගෙන ගන්න එවුන්ට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න කියල. මට ඇඩ්වයිස් දෙන්න තේරෙන්නේ නෑ. ඒත් මම මගේ ප්‍රොෆශනල් ලයිෆ් එක ගැන පොඩ්ඩක් කියන්නම්.

මම NIBM ඩිප් එක ඉවර කරේ 1999 මැද හරියෙ. ඊට පස්සෙ ඒ අවුරුද්දේ සැප්තැම්බර් ඉඳන් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට NIBM එකේ වැඩ පටන් ගත්තා. පඩිය රුපියල් 3000 යි. මගේ කරුමෙකට ඊලඟ මාසෙම PC3 කියන ලැබ් එක මට භාර දුන්නා. ඒකෙ තියෙන්නෙ හද්ද පරණ කොම්පුටර්. උදේට 30 ක් වැඩ නම් හවස් වෙනකොට වැඩ කරන්නෙ මැශින් 15 ක් විතර. ඉතිං හවස ඉතුරු 15 ගොඩ දාල තමා යන්නෙ.

තව මාස දෙකකින් PC1 ලැබ් එක මට භාර දුන්නා. ඒකෙ නම් කිසිම කරදරයක් නෑ, අලුත් කොම්පියුටර් තියෙන්නෙ. ඔය අස්සෙ සීනියර් ඉන්ස්ට්‍රක්ටර්ස් ල සෙට් එකක් එක සැරේ අයින් උනා. මේන්න බොලේ ඒ ගමන මාව ඉන්ස්ට්‍රක්ටර්ස්ලගෙ ලොක්ක කරල. මමත් චන්දිමත් (කොළඹගේ සර්ගෙ අය්යගෙ පුතා) දෙන්න තමා දැන් ඉන්ස්ට්‍රක්ටර්ස් ලගෙ ලොක්කො දෙන්නා.

ඔය අතරේ සෙනසුරාද දවසක මට කෝල් එකක් ආව කෝලිත කියල ඉස්කෝලේ සහ NIBM මගේ බැජ් එකේ යාලුවගෙන්.

කෝලි : මචං රංග, පොඩ්ඩක් අපේ ඔ‍ෆිස් එක පැත්තේ වරෙන්
මම : උඹල සැටඩේ වැඩද? මොකෝ කේස් එක
කෝලි : සැටඩේ හාෆ් ඩේ. මෙහේ වේකන්සි වගයක් තියෙනව දැන් වරෙන්
මම : පිස්සුද බං මම මේ ඩෙනිමක් ගහල ඉන්නෙ, අනික මගේ ලඟ මේ වෙලාවෙ සෙටි‍ෆිකට් මොකුත් නෑ.
කෝලි : බයිල නැතුව දැන් වරෙන්. දැන් පොඩ්ඩකට කලින් ශවන්තය ඉන්ටර්විව් ඇවිත් සෙලෙක්ට් උනා
මම : යකෝ ශවන්තය මාස 6 ක් ප්‍රෝග්‍රැමිං කරානෙ
කෝලි : වරෙන්කො දැන්

අනේ ඉතිං ඕනෙ එකක් වෙන්න කියල මම ගියා ඉන්ටවිව්. 3 දෙනෙක් ඉන්නව ඉන්ටර්විව් බෝඩ් එකේ. ලේටස්ට් දේවල් ගැන තමා අහන්නෙ. මම ඒ එක මගුලක් වත් දන්නෙ නෑ. එත් මම බොරු බයිල ගහන්න ගියේ නෑ, දන්නෙ නැති ඒවට දන්නෙ නෑ කිවුවා. අන්තිමට ඇහුව පඩිය කීයක් ඕනෙද කියල. ප්‍රශ්න වලට හරියට උත්තරත් නොදී ලොකු ගනන් ඉල්ලන්නත් බැහැනෙ. ඔන්න ඔහේ 9000 ක් ඉල්ලුවා.

2000 ජුනි 15 ඉඳන් මට එතන රස්සාව හම්බ උනා ජූනියර් සොෆ්ට්වෙයා ඉංජෙක් විදියට වැඩ කරන්න. මට මුලින්ම කරන්න දුන්නේ රිපෝට් හදන්න. මෙලෝ රහක් නැති වැඩක්. ඒත් කට්ට කාගෙන ඒක කරගෙන ගියා. ඒ අස්සෙ පොඩි පොඩි කෝඩිං වැඩත් හම්බ උනා.

ඔහොම ඉඳිද්දි 2000 අග හරියෙ ඊස්‍රායෙල් කාරයෙක් අපේ ඔ‍ෆිස් එකට ආව, ඌ කොම්පැනියක් හොයනව ඊ ලර්නිං සිස්ටම් එකක් ඩෙවෙලොප් කර ගන්න. අපි උගේ කතා අහන් ඉඳල එදාම නයිට ගහල සිරා ප්‍රසන්ටේශන් එකක් හැදුවා. පහුවෙනිද බුවාට ඒක පෙන්නුවම පට්ට සැටිස්. එදාම ප්‍රොජෙක්ට් එක කන්ෆර්ම් කරා.

දැන් කෙලින්ම අපි අලුත් ඩිවිශන් එකක් ස්ටාර්ට් කරා මේ ප්‍රොජෙක්ට් එකට. කෝලි තමා ටීම් ලීඩ්. ඒ ඇරෙන්න මමයි ශවන්තයි ඉන්නව. තව එලියෙන් 10 දෙනෙක් ගත්තා. මට තමා මිඩ්ල් ටියර් එක (ඒ කියන්නෙ බිස්නස් ලොජික්) ලියන්න උනේ. කොච්චර සිරාවට වැඩ කරාද කියනව් නම් 2001 මුල මාව පර්මනන්ට් එම්ප්ලොයී කෙනෙක් කරද්දි 9000 තිබුන මගේ පඩිය 20000 ක් කරා.

අවුරුදු 2 1/2 ඒ කොම්පැනියේ වැඩ කරා. VB විතරක් දැනන් හිටිය මම ASP, ASP.NET ඉගෙන ගත්තෙ මෙහේ ඉන්න කාලෙදි. කෝලි කස්ට එක්ක වලියක් දාගෙන කෝලි ටෙක් ලීඩ් කරල මාව ටීම් ලීඩ් කරා. කොහොම හරි 2002 අග වෙද්දි ප්‍රොජෙච්ට් එක ඉවරයි. අපි 6 දෙනෙක් මෙතනින් අයින් වෙලා සෙට් උනා වෙන කොම්පැනියකට.

අලුත් කොම්පැනිය පොඩි එකක්, ඒත් වරදක් නෑ. ලොක්ක පට්ට සිරා. ඒත් ඒ කාලෙ අලුත් ටෙක්නොලොජි, චැලෙන්ජස් නැත්නම් කෑවෙ නෑ වගේ.  ඒක නිසා අවුරුද්දයි මාස 3 ක් එතන ඉඳල දුම්ම, කෝලි දෙන්නත් එක්ක ගියා ආයෙ අලුත් කොම්පැනියකට 35000 ක පඩියට.

මේකෙ ඉන්න කාලෙ තමා ගොඩක් කෝපරේට් සයිට් වගේම දුකා, ඉරාජ්, මහේල, සංගගෙ සයිට් එහෙමත් කරේ. අංජුවා තමා ඇක්ශන් ස්ක්‍රිප්ට් ලියන්නේ. මම උගේ ගුරා, කෙලවුන තැන් වලදි සපෝර්ට් කරනවා. ඔතන අවුරුදු 2 ක් ඉඳිද්දි මාව ප්‍රොමෝට් කරා සොෆ්ට්වයා ඩිවිශන් මැනේජර් විදියට.

මුල් කාලෙදි නම් මගේ වැඩේ කරන ගමන් කෝඩිං කරන්න වෙලා තිබුනා. පස්සෙ පස්සෙ GM නැති දවසට උගේ වැඩත් මට කරන්න උනා. දැන් වැඩේ පට්ට බෝරිං වේගෙන ආව. ඒ ඇරෙන්න තව තව හේතු බොහොමයක් නිසා අවුරුදු 4 ක් එතන වැඩ කරල එතනින් අයින් උනා. අයින් වෙනකොට නම් පඩිය ජොයින් වෙද්දි හම්බ උන පඩියට වඩා දෙගුනෙකටත් වැඩි ගානක් තිබුනේ .

මෙතනින් එහා පඩි ගැන නම් ලියන්නෙ නෑ. අලුතින් ගියේ Swedish Company එකකට. අරහේ මැනේජර් හිටියට මෙහේ ජොයින් වුනේ ටෙක් ලීඩ් කෙනෙක් විදියට. මෙහේදි සෑහෙන්න ඔය ස්ටෑන්ඩඩ්ස් ගැන එහෙම ඉගෙන ගත්තා. අම්බානෙක වැඩ කරා වගේම ආතල් එකේ හිටියා. මෙතන අවුරුදු 3 ක් විතර හිටියම ඇති කියල හිතුනා.

ඒ අස්සෙ මගේ යාලුවෙක් මට කිවුව උන්ගෙ කොම්පැනියට ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ඕනේ, උඹට සිරාම හරියන ජොබ් එක කියල. මමත් ඇප්ලයි කරල සිලෙක්ට් උනා. දැන් එතන තමා වැඩ.

මහ ලොකු කොලි‍ෆිකේශන් නැතුවත් (MSc එක කරේ ගොඩක් ලඟදි) මෙච්චර දුර එන්න හම්බ උනේ...

01. උනන්දුව (වැඩක් තිබුනොත් දවල් රෑ නෑ වැඩ)
02. කැපවීම (රෑ කීය වෙනකම් මොන පිස්සු කෙලියත්, පහුවදා වෙලාවට ඔ‍ෆිස් එකේ)
03. අප් ‍ටු ඩේට් (හැම තිස්සෙම අලුතින් එන දේවල් ගැන ටච් එකේ ඉන්නවා)
04. මීටරේ හොඳකම (මේක නම් අනිත් උන් කියන එකක්, මම දන්නෙ නෑ)
05. අනිත් අයට උදවු කිරීම (කවුරු හරි වැඩක හිර වෙලා නම්, පුලුවන් උදවුවක් කරනව)
06. පොලිටික්ස් වලට අහු නොවීම (ඔ‍ෆිස් වල තියෙන පිල් බෙදීම වලට අහු නොවී හැමෝම එක්ක සුහදව වැඩ කිරීම)

ලිස්ට් එක තව දිගට තියෙනව, ඒත් ඔය ලිවුව ඒව තමා වැදගත්ම.

ප.ලි. : දැන් මේකට ඕනයා හරි අබේපාලයා හරි දායි "ඔන්න නයෙක්" කියල. වැපා හරි මරණෙ හරි දායි "ඉඳල ඉඳල වැදගත් දෙයක් ලිවුවමයි" කියල.

ප.ප.ලි - මේකෙ කිවුව දුම්ම අද වැඩ කරන්නේ Accenture කියන කොම්පැනියේ. කෝලි Virtusa එකේ, ශවන්ත CMS එකේ.

65 comments:

  1. අයියේ මටත් ඔව්වා ගැන ඔයගෙන් විස්තර අහගන්න ඕන.කොන්ටැක් කරගන්න ක්‍රමයක් දෙනවනම් වටිනව...

    ReplyDelete
  2. කියන්න දෙයක් නැත :D

    ReplyDelete
  3. මම කියපු එක සනාථ කරන කතාවක් මේ... කොල්ලනේ.. පොඩි තැනින් පටන්ගනිල්ලා.. කට්ටකාගෙන ඉස්සරහට පලයල්ලා.. වරදින්න නම් විදියක් නෑ...

    ReplyDelete
  4. ඈ මඩයා ලිව්වේ මඩ කතා නේ ..මූ හැක් වෙච්ච කතාව හරි වගේ තාම වැඩේ ගොඩ දාගෙන නැහැ ... පව් අසරණයා


    කිව්වත් වගේ උබට වැදගත් දෙයක් ලියලා ...කියවන් යද්දි දාන්න හිතුනේ උබ ඉහත්තෑවේ කියලා තියන කමෙන්ට්එක උනත් ඒක උබ දාලා තියන හින්දා මං ඕන් වෙන එකක් දැම්මා

    ReplyDelete
  5. බෝම ස්තූති වේවා කිවුවා ඔන්න...

    ReplyDelete
  6. එල එල ඔය තියෙන්නේ ......

    ------------------------------------------------

    ලාංකීය සිතුවිලි සින්ඩියේ ඇඩ්මින් තුමාල මේ ලිපිය බලනව නම්

    සින්ඩිය වැඩ නැත්තේ ඇයි කියල කියන්න පුලුවන් නම් ලොකු උදව්වක් ( රංගගේ හෙතු දැක්වීමට අමතර එකක් තියෙය් නම් ) , දවසට දෙතුන් පාරක් ලාංකිය සිතුවිලි බලන්න නැය කියන්නේ වේලක් දෙකක් කන්න ලැබුන්නැය වගෙ වැඩක් මට නම්

    ReplyDelete
  7. මම රංග අයියගේ බ්ලොග් එක පටන් ගත්ත කාලේ ඉඳලාම කියෙවුවට, comment කරන පළවෙනි වතාව වෙන්න ඕනේ...

    අපිට කලින් මේ field එකට ආපු අය කොහොමද වැඩ කළේ කියලා, කියලා දුන්නට බොහොම ස්තූතියි. උපදෙස් සහ අවවාද අපි වගේ field එකට අලුතෙන් ආපු අයට සෑහෙන්න වටිනවා. තවත් මේ දේවල් ගැන ලියන්න පුලුවන් නම් හුඟක් හොඳයි.

    ReplyDelete
  8. මම ස්ටාර්ට් කලේ 4000 වලින්.. IT තමයි ලංකාවේ හොදම ජොබ් තියෙන තැන.. උනන්දුව උත්සාහය සහ කඩ්ඩ පුළුවන් ගොඩ..

    ReplyDelete
  9. තව එකක් එහොමම ලියලා දාහං මචං...

    බොන්න සෙට් වෙන්න තියෙනං ඕනම වැඩක් දාලා ඒකට යනවා කියන එකත්

    ReplyDelete
  10. Congratulation & wish you all the best for your future .. By the way how old are you?

    ReplyDelete
  11. දැන් පඩියත් දැම්මනං තමා වටින්නේ

    ReplyDelete
  12. දැන් පඩියත් දැම්මනං තමා වටින්නේ

    ReplyDelete
  13. අන්න පොස්ට් එක නියම ගමන හෑ... ඊලගට දවසක "මම මගේම කියලා කම්පනි එකක් පටන් ගත්තා" කියලා ලියන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා..(මට ඒකේ ජොබ් එකක් දෙන්න හොදේ...)

    ReplyDelete
  14. @කුරුං

    පොඩි එකෝ. මේ සොෆ්ට්වෙයා ඉංජිනේරු වැඩ කෑලි කෙල්ලෙ පස්සෙ යද්දි හරි යන්නෙ නෑ. (ජෝක්)

    පෝස්ට් හොඳයි අපිටත් එක්ක දැන ගන්න දාපු එක. මේ නිකමට වගේ අහන්නෙ. දැන් පඩිය කීයක් විතර ගන්නවද ?

    ReplyDelete
  15. Swedish Company කිව්වේ අර 'නිර්මාණාත්මක විසඳුම්' දෙන කොම්පනියද? අකුරු තුනේ කොම්පනියද? :D බයවෙන්න එපා නිකමට ඇහුවේ... ඔය ක්ෂේත්‍රයේ මගේ ළඟම කෙනෙක් ඉන්න නිසා මං ටිකක් ඔය කොම්පැනි විස්තර දන්නවා

    ReplyDelete
  16. ඕන් පඩිය අහන්නේ නැහැ

    ReplyDelete
  17. සුදු මහත්තයා මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලාදකින බව ප්‍රකාශ කර සිටිමි.
    රංග අයියේ මේ ෆීල්ඩ් එක ගැන විස්තර ටිකක් මට දැන ගන්න ඕනේ.කොන්ටැක් කරගන්න ක්‍රමයක් ඇත්නම්,පුලුවන්නම් දෙනු මැන...

    ReplyDelete
  18. මගෙත් ශත දෙක දාන්නං.

    විසි ගනං වලදී තමයි එක දිගට දත කාගෙන වැඩ කරන්න පුළුවන්. මට මතකයි, මගේ මුල් ජොබ් එකේ මං එක දිගට පැය විසි හතර ඇදල තියෙනව.
    රංග ගේ වයස වෙන කොටත් මට පුළුවන් මුළු දවසම වැඩ කරල, පහුදාත් රෑ වෙලා නිදාගන්නකම්ම වැඩ කරන්න.

    ඊට පස්සෙ නං එහෙම පුළුවන්ද කියල ටෙස්ට් කරල බලන්න ගියේ නෑ. දැන් ඉතිං අවශ්‍යතාවයකුත් නෑනේ.

    මගේ උපදෙස පුළුවන් කාලේ කම්මැලි නොවි හිටියොත් පස්සෙ කාලේ කූල් එකේ හිටියෑකි.

    කට්ට කන්න තියෙන වැඩ දෙන්න අළුතින් එන ග්‍රැජුවේට් ලා ට!

    ReplyDelete
  19. අපි වගේ අලුත් අයට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන බව පෝස්ට් එක කියවන කොට තේරුනා......

    ReplyDelete
  20. @chanika he's a senior citizen now. :D
    [65 years]

    ReplyDelete
  21. බූවා
    ලංකීය වැඩ නැති උනේ .... සර්වර් DNS ප්‍රශ්නයක් හින්දා ...

    විකල්ප විදිහට
    1.ගුගල් කෑෂ් භාවිතය
    2.ප්‍රොක්සියක් හරහා බැලිම
    3.ඔපන් DNS සකසා ගැනිම් වගේ කරන්න පුලුවන්

    දැන් නම් ලංකාවට වැඩ ......
    රංග වැඩිදුර විස්තර කරයි මං ඉහති කියපු ක්‍රම ටික

    ReplyDelete
  22. උඹට තව එක දෙයක් මිස් වෙලා තියෙනව නේ.. දිගටම මේ ෆීල්ඩ් එකේ ඉන්නනං ප්‍රෝග්‍රෑමින් වලට ලොකු ආසාවක් හා ආදරයක් තියෙන්න ඕනෙ.. දැන් උඹම සමහර වෙලාවට කියන්නෙ කොච්චර දේවල් කරත් ඉදලා හිටලා හරි කෝඩිං පාරක් දැම්මෙ නැත්තං ඇගට කිසි ගතියක් නෑ කියලා.. අන්න ඒ ගැට්ට තියෙන්න ඕනෙ.. එහෙම නැතුව පඩියයි සමාජ තත්ත්වයයි විතරක් බලලා ‍ෆීල්ඩ් එකට එන එකාට ටික කාලෙකින්ම ජීවිතේ එපා වෙනවා..

    මගෙ අදහසනං සොෆ්ට්වෙයාර් එකක් ඩිවලොප් කරනවා කියන්නෙ හරියට චිත්‍රයක් අදිනවා වගේ කලාත්මක දෙයක්.. කටු කාගෙන නිදි මරාගෙන දිව විකාගෙන කොහොම හරි ගොඩ දාගත්ත සොෆ්ට්වෙයාර් එක අවුලක් නැතිව වැඩ කරනවා දැක්කම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ.. ඒක වචන වලින් විස්තර කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ප්‍රසාන්April 25, 2012 at 11:19 AM

      කතාව සහතික ඇත්ත....

      Delete
  23. PATTA !!! Ammo apith oya katta kawa :)

    ReplyDelete
  24. ranga aiye.........
    bohoma sthuthi.........
    thawa godak dewal egenagena thawath issarahata yana lebenna kiyala prarthana karanwa.....

    ReplyDelete
  25. ඉඳල ඉඳල වැදගත් දෙයක් ලිවුවමයි... ;)

    සිරාවටම මේක ලිවුව එකනම් හෙන හොඳයි.. හොඳ කික් එකක් එනවා බොල මේවා කියවද්දී.. හිහ් හිහ්.. ස්තූතියි..:)

    ReplyDelete
  26. බූරා : සහතික ඇත්ත. කෝඩ් කෑල්ලක් ලියල ඒක වැඩ කරන එක බලන එක නිකම් දෙමවුපියෝ ලමය හිනා වෙන එක බලනව වගේ

    ReplyDelete
  27. මේ .. දැන් පඩිය කීයද දන්නේ නෑ නේද....

    ReplyDelete
  28. බුරා:ඒ කතාව නම් සහතික ඇත්ත.රංග අයියා කිව්වා වගේ තමා.

    රංග:මේ ඊශ්‍රායල් කස්ටගේ කතාව නං මං අහල තියෙනව.මට ඔය කතාව කිව්වේ ඔයත් එක්ක එකට වැඩ කරපු එක්කෙනෙක් මං අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට.(වැඩක් කරන්න කලින් කස්ටත් එක්ක හරියට Agreement එක ගහන්න ඕන කියල!!!)

    ReplyDelete
  29. ඔහෝ මේක නම් එල පෝස්ට් එකක් !

    ReplyDelete
  30. හොද පෝස්ට් එකක්
    මටත් මුල ඉදලා හිතන්න පැති කීපයක්ම තියෙනවා

    ReplyDelete
  31. මෙන්න කමෙන්ට් කිහිපයකට උත්තර : දැන් පඩිය 120000.00 ++

    වයස අවුරුදු 33යි

    තවම විවාහ වී නොමැත... හොඳ ගෑණු ළමයෙක් හොයමින් ඉන්නේ...

    එකම දුර්වලකම : පොඩ්ඩක් බොනවා වැඩියි..... (නවත්තන්න හිතාගෙන ඉන්නේ)

    ReplyDelete
  32. අබේපාලයා : දැන් පඩිය වැරදියි. ඔය වගේ පඩියක් මම ගත්තෙ 2008 දි

    ReplyDelete
  33. මෙන්න අපිට හොඳ පාඩමක්... :D එල එල

    ReplyDelete
  34. සිරවට. එල ලිපියක්.. අපි වගේ උන්ට ඕව වටිනව.. මාත් දැන් ඔය මුලින් තියන ස්ටෙප් ටිකක් ඇවිත් ජොබ් එකෙනුත් අයින් වෙලා ඉන්න.. අළුත් එකක් හමුබුනා.. ටික දවසකින් එකට යන්න ඕන :P

    ReplyDelete
  35. ඔය ස්වීඩන් එක කීවෙ කන්ඩායම් වැඩ එකනෙද?.. අපිත් ඔය කාලෙ හිටිය trainees ල විදියට. ඒකාලෙ නම් පට්ට බයයිඅය්යට... කටේ සද්දෙටම තමා....

    ReplyDelete
  36. අන්න හැදෙන මිනිස්සු !! ඔය පොඩි එවුන් මේ මාම දිහා බලල ආදර්ශෙට ගන්නව හොඳයි, මනුස්සයෙක් කොහොමද දියුණු වෙන්නෙ කියල !!

    උඹයි, කමෙන්ට් කරපු අයයි පඩිය ගැනම කතා කරා මිසක් මාසෙකට කීයක් ඉතුරු කරනවද කියල කවුරුත් ඇහුවෙ නැහැ නේද ? මම දන්න විදියට IT ෆීල්ඩ් එකේ අයගෙ පඩි වැඩියි වගේම වියදමත් සෑහෙන වැඩියිලු නේද ?

    ප.ලි. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ අයියලත් දැන් බ්ලොග් බලනවලු !!!

    ReplyDelete
  37. හම්මේ..... දැක්කම තරුත් පේනවා.. මොනව උනත් හොද post එකක් අයියා.. අපි වගේ field එකේ අලුත් අයට ගොඩක් හොදයි.. සිංහලෙන්ම බෙස්ට් ඔෆ් ලක් එහෙනම් ඉදිරි අනාගතයටත්..... :)

    ReplyDelete
  38. කොමෙන්ට් කොරන පලමු වතාව .. :D ඒත් දිනපතා බ්ලොග් එක බලනවා .. මේ විස්තර ටික අපිට ගොඩක් වටිනවා .. මේකම කොන්ටිනිව් කොරන්ට .. :D

    ඔය IT ෆීල්ඩ් එකේ කෙල්ලොන්ට තියන ඉල්ලුම කොහොමද ? :D .. කොල්ලො අපිටනම් රෑ වෙනකන් වැඩ කරන්න අවුලක් නැති වුනාට කෙල්ලොන්ට වැඩ කරන්න පුලුවන් පසුබිමක් තියනවද ?

    ReplyDelete
  39. මමත් ඔබගේ බ්ලොගයට හැමදාමත් ගොඩ වදින්නෙක්. ඔබ ඉදිරිපත් කළ හැම ලිපියක්ම එක එල්ලේම කියවන්න හැකියාවක් තිබූ නිසා මේ බ්ලොගයට ඇබ්බැහි වීමේ වැඩි සම්භාවිතාවක් තිබෙන බව කිව හැකියි. කෙසේ වෙතත් මෙම ලිපිය අන් හැම ලිපියකටම වඩා වෙනස්, බ්ලොගය වටා එක් වූවන්ට සාධාරණයක් මෙම ලිපිය මගින් ඉටු වූවා යැයි ඉදුරාම කිව හැකියි. ඔබට ජය.

    ReplyDelete
  40. නියම පෝස්ට් එකක් අසේල අයියා... මේ ළමයින් ට ඕවා කියලා දෙන්න අමාරුවෙන් කටු කාලා දියුණු වෙන හැටි. දැන් ඉන්න සමහර කොල්ලෝ මාර කම්මැලියි. කෙලින්ම ලෑස්ති වෙන්නෙ ලොකු පුටුවෙ වාඩි වෙන්න.

    ReplyDelete
  41. එල එල රංග අයියා.. මේවා අපිට හොඳ පාඩම්.. දැන් තමයි තේරෙන්නෙ පළවෙනි ජොබ් එක සැලරි මදි කියල අත ඇරපු එකේ රඟ.. :(

    ReplyDelete
  42. Macho ranga , Niyama Post eka , Dan Inne Unta mewa mehema Kiyala Dena Eka Field eke inne ayage Yuthukama , Mokada Dan Inne aya Patan Ganne Yanne Sahenna Udin . Podi Thane Indala Yanne Danneth Naha. Hithan Inne Hamadema Puluwan Kiyala . Kela Unahama Thama Asdeka Arenne Hari Thanaketa seta wela .

    ReplyDelete
  43. රංගයියේ එලම එල ලිපියක්.මමත් ඇකඩමික් ඉවරකරලා ෆීලඩ් එකට බැස්සා විතරයි.මාර වටිනවා අපි වගේ ආධුනිකයන්ට.
    (බුකියෙං පොටෝ එක ප්‍රින්ට් කරගෙන උදේ හවා දුං අල්ලන්න හිතයි..:-))

    ReplyDelete
  44. ඉඳල ඉඳල වැදගත් යමක් ලියල තියනව . . . . හැබැයි පු‍තෝ මේකෙ නරක පැත්තකුත් තියනව . . . මතකද පහුගිය දවසක උඹයි මායි කතා උන මාතෘකාව . . . ??? ඕව ආයෙත් ගෙඩි පිටිං උඹේ ඔලුවට වැටෙන්න පටං ගනී . . . . බලාගෙන

    ReplyDelete
  45. නියම පෝස්ට් එක අයියා. අපිටත් බලල හැදෙන්න දෙයක් තියනව.

    ReplyDelete
  46. mala magulai... real time unicode converter ekata kelawee Atha. udhawwak dhenna puluwandha wena ekak gAna??

    ReplyDelete
  47. අම්මපා අයියේ බොහොම පිං....මේ පෝස්ට් එක තමයි උඹ ලියපු හොදම වැදගත් ලිපිය ඕයි....

    අපිට ආරංචි විදිහට දැන්නම් අයියා ටිකක් ඩීසන්ට් වේගෙන එනවා වගේ....ඒකත් ජයසිරි මංගලම් කිව්වලු.....

    ReplyDelete
  48. ෆට්ට වටින ලිපියක්!!

    ReplyDelete
  49. සිරාවට ස්තුති වෙන්න ඕන

    ReplyDelete
  50. amme mata thama age eka 20 man me 16 age idala O/S liyanna try karanawa.......eka paththakin thiyala sliit eka study tika goda dammanam hodai kiyala hithanawa dannam........

    ReplyDelete
  51. මමනම් තාම blog වලට අලුත්.....මට මාර help 1ක් උනා අයියා ඔය කියපු විස්තරේ...
    ඔය විදියට වටින ඒවා තව ලියන්න...ඒවා අපිට හොද ආදර්ශයක්......

    ReplyDelete
  52. සොරි මචෝ පරක්කු වෙලා ආවට. මමනං අයි ටි ගැන දන්නෙ නෑ. ඒත් මේ උපදෙස් කොයි ෆීල්ඩ් එකට වුණත් වටිනවා

    ReplyDelete
  53. මරැ අයියා ම්ම්ත් Programming,Networking වලට ගොඩක් කැමතීයි. මේ වටින ලිපියක් අයියා ස්තූතියි.

    ReplyDelete
  54. වැදගත් ලිපියකි...මාරම ආදර්ශමත් එකකි..

    ReplyDelete
  55. හීනයක් නැති මට හීනයක් දුන්න ලිපියක්.

    ReplyDelete
  56. දැන් නං PC03 එකට පට්ට Dell PCs ටිකක් ගෙනත් දාල තියෙනවා :D

    ReplyDelete
  57. රංග සහෝ නියමයි

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.