Thursday, April 28, 2011

සිංදුවකට විචාරයක්

මේක ඇවිල්ලා ඊයෙ මම දැකපු පට්ටම සිද්දියක්. අපේ ඉන්ද්‍රමාන මල්ලි නොහොත් ඉන්දරේට පොඩි ප්‍රශ්නයක් ඇවිත් තිබුනා ඌ අහපු සිංදුවක් ගැන. මෙන්න සිංදුව සහ ප්‍රශ්නය.

"ඔය නෙතු පියන් අතර හැංගී
ඔබ සිපගන්නට ආසයි..."

මං අද උදේ අහපු සිංදුවක කෑල්ලක්. මෙය කරන්නේ කෙසේදැයි කවුරුන්හෝ පහදා දෙන්න.

මෙන්න ඒකට හම්බවුන විචාර කීපයක්.

රචියා - මචං ඕක ඇනිමල් සෙක්ස් කරන ගෑනියෙක්ට මැස්සෙක් ලියපු සින්දුවක්. නැත්තන් මිනිස්සුන්ට පුලුවන්ද බං ඇස් අස්සේ හැංගෙන්න

අකිල - බැක‍්ටීරියාවක් සමනළියකට කියන සිංදුවක්

කතන්දර - නෙතු පියන් කියන්නේ ඇස් දෙක පියාගෙන කියන එකයි. අතර හැංගී කියන්නේ ගෙදර යන අතරමග පඳුරකට මුවාවෙලා කියන එකයි. පැහැදිලියි නේද?

අමිල - මේකෙ පලවෙනි පේලියේ ඇත්තම තේරුම මේකයි. ඔය නෙතු පියන් අතර හැංගී කියන්නේ, ඔබගේ දෙනෙත් වලට හොදටු හසුවී කියන එක. ඒ කියන්නෙ සිපගැනීමට හසුවන කෙනා, අප දිහා හොදින් බලන් ඉන්නවා කියන එක.

ඒ කියන්නෙ හොදින් (ආදරෙන්) හැගීම්බරව අප දෙස බලාගෙන ඉන්න වෙලාවක, ඔබව සිපගන්න ආසයි කියන එක තමා මේකෙ තේරුම. නැතුව ඇත්තටම ඇස් දෙක අස්සෙ රිංගනව කියන එක නෙවේ.

සමන් - ඒකේ තේරුම "දෙනෙත් වලට හොදටු හසුවී" කියන එක නම්, එහෙම කිස් කරන්න බැහැනේ....අඩි 3ක් වත් පිටිපස්සට යන්න වෙනවා දෙනෙත් වලට හොඳට හසුවෙන්න  නම්...

අමිල - හරියටම කිස් කරන වෙලාවට නම් ඇස් දෙකට හසුවෙන්නෙ නෑ තමා. මෙහෙමයි, ටික් වෙලාවක් ඇස් දෙකට හසුවෙලා ඉදල (මෙතන ඇත්තටම ඇස් දෙකට හසුවෙනව කියන්නෙ ඇයගෙ හෝ ඔහුගෙ දැඩි ආදරයට ලක්වෙනව කියන එක), ඊට පස්සෙ හාදුවක් දෙන්න ආසයි කියල කියන්නෙ.

මෙතන ඇස් දෙක අතර හැංගී කියල ව්‍යංගයෙන් කියන්නෙ, ඔබගෙ දැඩි ආදරයට, ලක්වෙලා කියන එක. ගොඩක් ගී පද වල එහි තේරුම ප්‍රකාශ වන්නෙ ව්‍යංගයෙන්නෙ.

ලිශාන් - නිකං කබ කෑල්ලක් කතා කරයි වගේ සීන් එකක් නේ.

රවා - මේකෙ තෙරුම.. නෙතු කියන කෙල්ලව... දොර පියනක් අස්සෙ හැංගිල ඉදලා... කෙල්ල එද්දිම ඔබා ගෙන කිස් කරන්න ඕනා කියන දේයි..

තේරුම් ගනිල්ලා... කොල්ලා ඔෆිස් එකෙ ඉන්න තවත් කොල්ලෙකු ට කියනවා  "ඔය  නෙතු" ... පෙන්නනවා නෙතු කෙල්ලව කොල්ලට... " පියන් අතර හැංගි " දොර පියන් අතර  හැංගිලා ඉදලා...... " ඔබ සිප ගන්නට "  මෙකෙදි තමයි හිතේ තියන දේ කියන්නෙ.....

ඔබා සිපගන්නට ආසයි.. කවියා මෙතනදි පැහැදිලි කරලා නැහැ .. කොතනද ඔබන්නෙ ... කොතනද සිපගන්නෙ කියලා..... කැමති තැනක් හිතාගනිල්ලා, සහිත්‍යෙයෙ තියන වටිනාකම ඒකයි.... ..

33 ප්‍රතිචාර:

  1. ඔය සිංදුව ලියපු එකා මේ විචාර ටික දැක්කනං පපුව පැලිලා මැරෙනවා සිකුරුයි.. :)

    ReplyDelete
  2. අනේ ඉතින් අපේ අවා අයියගේ කට.. උන්දැට රන්කිරි කට ගාපු නැකත තමා නැකත.. ආයේ ලොවෙත් නෑ...

    ReplyDelete
  3. හුටා...ඔය තියෙන්නේනියම විචාරයක්.මාරයා අයියගේ පොටෝ විචාරය කෑලේනේ.මගේ අම්මේ...හෑබයි ඉතින් කතාව ඇත්ත මොකෝ ඔය සිංදුවල දේවල් කරන්න ගියොත් බඩ කොරවෙනවා..

    ReplyDelete
  4. මේකට මාරයා අයියා විචාරයක් කරල නැද්ද?... මට හිතෙන විදියට හරිම තේරුම කියලා තියෙන්නේ රවා...සුපිරි...

    ReplyDelete
  5. හක් හක් හා..... :D
    රවා තමයි රවා!

    ReplyDelete
  6. මං ඔකට නෙවෙයි මේ දවස්වල "රවා" ට විචාරයක් ලියාගෙන යනවා...

    ReplyDelete
  7. ඔබ සිපගන්නට ආසයි කියන්නෙ සයි කියලා කෙනෙක් kiss එකක් දෙන්න ආවා කියන එක..

    මට හිතෙන්නෙ එහෙමයි.

    ReplyDelete
  8. හික්.. ඔය සිංදුව ඈහුනට ඔහොම තේරුම් තියෙනවා කියලා හිතුවේ නෑනේ... කෝ රංග අයියගේ (වි)චාරේ...?

    ReplyDelete
  9. හික්ස් මම ඕකට මුකුත් කියන්නේ නැතුව ගියා වෙලාවට :D

    ReplyDelete
  10. කියැවීමි..සටහන් තබා ගියෙමි... (උපුටන - මාරයාතුමා)

    ReplyDelete
  11. කෂ්ටිය නෝටිස් කරල නැද්ද මන්ද, සිප ගන්න කොට ගෑනු ලමය් ඇස් වසාගන්න බව. බොරු නං දැන් වුනත් ට්‍රය් කොරල බලන්න මේක කියෝපු නැති ගෑනු ළමයෙක් එක්ක.

    ReplyDelete
  12. "ඔබා" කියන්නෙ අර අපි කවුරුත් දන්න "ඔබා මාමාද" දන්නෙ නෑ........

    ReplyDelete
  13. ලොවෙත් නැති විචාරයක් ඒක නම් රංග අයියෙ. හෙනම පට්ටයි.

    ReplyDelete
  14. නියම විචාර ටික, ගීත රචකයා දෑක්කා නම් බෙල්ලේ ගලක් ගෑටගහන් කෝච්චියට පනිනවා. හිහි...හිහි...හි..............

    ReplyDelete
  15. ටිකක් බීලා හිතන්න ඕන ප්‍රශ්නයක්.රන්ග අයියා මොකද කියන්නේ?

    ReplyDelete
  16. බුදු අම්මේ කිස් එකක් දෙන්න දොර පියන් අස්සෙ ඉඳගෙන ඔච්චර දුක් විඳින්න ඕනෙද.

    ReplyDelete
  17. මාත් හරිම කැමති මචං ... ඔබාගෙන ඉඹින්න තමයි.... එතකොට ටිකක් අමුතුයි වගේ නේද ..?

    ReplyDelete
  18. අපේ ඉන්න වියත් විචාරකයො ටික කොහොමද? මුං සිංදුවක් ලිවුවොත් නම් මුංගෙ ලඟටම යන්න වෙනව තේරුම අහ ගන්න. රවාගෙ විචාරෙන් පස්සෙ කට්ටිය විචාර දෙන එක නැවැත්තුවා

    ReplyDelete
  19. රංගඅයියේ, අනිත් බ්ලොග් වල වගේ අයියාව කොන්ටැක් කරගන්න ක්‍රමයක් තියෙනව නම් වටිනව...

    ReplyDelete
  20. රංගඅයියේ, අනිත් බ්ලොග් වල වගේ අයියාව කොන්ටැක් කරගන්න ක්‍රමයක් තියෙනව නම් වටිනව...

    ReplyDelete
  21. තාමත් හිනා..... අයියෝ...

    ReplyDelete
  22. මේ වගේ තව විචාර නැද්ද?

    ReplyDelete
  23. ෆට්ටය. කුඩා දරුවන් අත්හදා බැලීමෙන් වලකින්න.

    ReplyDelete
  24. මේහෙම විචාරකයො ඉන්නවනම් ආයේ ලංකාවට ගහන්න එවුන් ලොවෙත් නැ.

    ReplyDelete
  25. උදේ තිබුන රවාගෙ විචාරය ආයෙත් කියවන්න කියල බැලුව, ඒක අතුරුදහන් වෙලානෙ

    ReplyDelete
  26. නරකද මේ කට්ටිය එකතු වෙලා සින්දු විචාර/විකාර කරන බ්ලොග් එකක් පටන් ගත්තොත්?

    ReplyDelete
  27. @ඔබා,
    ඔබා අයියෙ ඔයා දන්නවනං කියන්න බලන්න ඇයි ඒ වෙලාවට එයාලා ඇස් පියාගන්නෙ කියලා.. :)

    ReplyDelete
  28. @ Buratheno,

    ඒක නං දන්නැහැ, බුරා දන්නවා නං අනිත් කස්ටියටත් දැන ගන්න කියල දැම්ම නං....

    ReplyDelete
  29. හප්පා මාරයිනේ බොලන්

    ReplyDelete
  30. හිනා වෙලා බඩ කොර වුණා.... හැබෑට කවුද මේක ලියලා තියෙන්නෙ???? මම කිව්වේ සින්දුව!

    ReplyDelete
  31. අපේ කට්ටියගේ විචාර ගැන අමුතුවෙන් කියන්ට ඕනයැ :D

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.