Monday, October 31, 2011

ආගමක් කෙනෙක්ගේ කරේ බලෙන් පැටවිය යුතුද?

මම ඉගෙන ගත්තෙ බහු ආගමික විද්‍යාලයක. 6 වසර වෙද්දි අපේ පංතියේ මුස්ලිම් ලමයි 9 දෙනෙක්, ක‍තෝලික ලමයි 3 දෙනෙක් හිටියා. ඔය ඇරෙන්න ඉතුරු ඔක්කොම බුද්ධාගමේ. ඔය අතරේ පංතියට අලුත් ලමයෙක් ආව නදීශ කියල, ක‍තෝලික.

ආගම පීරියඩ් එකේදි අපි (බුද්ධාගමේ ලමයි) පංතියෙ ඉද්දි ඉස්ලාම් ලමයි එක තැනකටත් ක‍තෝලික අය තව තැනකටත් යනව තමන්ගෙ ආගම ඉගෙන ගන්න. බුද්ධාගම උගන්වන ගුරුතුමා කෙලින්ම පංතියට ඇවිත් උගන්නල යනවා. දවසක් මම දැක්ක නදීශ පංතියෙ ඉන්නව ආගම පීරියඩ් එකේ.

මම : නදීශ, ඔයා බුද්ධාගමේ නෙමේ නේද?
නදීශ : ඔව් මම ක්‍රිස්තියානි
මම : ඇයි ඔයා ක‍තෝලික පංතියට යන්නෙ නැත්තෙ
නදීශ : ක‍තෝලික ක්‍රිස්තියානි කියන්නෙ එකක් නෙමේ, ක්‍රිස්තියානි නිකායවල් කීපයක්ම තියෙනවා මම අයිති....
මම : හරි ඉතිං ඒත් ඔයාගෙ ආගමට කිට්‍ටුවෙන් යන්නෙ ක‍තෝලික නේද?
නදීශ : නෑ එහෙමම කියන්නත් බෑ.

අන්තිමට මිනිහ බුද්ධාගමට D එකක් එක්ක O/L පාස් උනා. ඒත් මිනිහ අදටත් ක්‍රිස්තියානි. හැබැයි මට එදා ආව ප්‍රශ්නෙ තමන් අදහන ආගම ඉස්කෝලෙ උගන්නන්නෙ නැති උනාම ඇත්තටම ලමයෙක් අසරන වෙනව නේද කියන එක. දැන් කිසිම ආගමක් නො අදහන පවුලක ලමයෙක් ඉස්කෝලෙ ගියොත් ඒ ලමය අනිවාර්ය විශයක් වෙන ආගමට මොනාද කරන්නෙ?

අපේ රාජය ආයතන බොහොමයකදි තියෙන ෆෝම් වල ආගම අහනව. හොඳම උදාහරනයක් කොටින්ම පොලිසියෙ මොනව හෝ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න හරි කට උත්තරයක් හරි දෙන්න ගියත් ආගම මොකක්ද කියල කියන්න වෙනව. එතකොට කිසිම ආගමක් නො අදහන කෙනෙක්ට එතෙන්දි මොකද වෙන්නෙ?

අනික රාජ්‍ය මට්ටමින් අනිවාර්ය කරල පෝය දවසක සිල් ගන්නවන එක, එහෙමත් නැත්නම් හැම ලමයෙක්ම ඉරිද දහම් පාසල් යන එක අනිවාර්ය කරන එක, එක අතකට ගත්තම කෙනෙක් මත ආගමක් බලෙන් පැටවීමක් නෙමේද? තමන්ගෙ ලමය කරන දෙයක් ගැන ඔය තීරනය දෙමවුපියෝ ගත්ත නම් මදිද?

කොටින්ම පෝය දවසෙ බාර් වහන්නෙ එදාට පෝය නිසා බලෙන් හැමෝම හොඳ මිනිස්සු විදියට දවසකටවත් තියාගන්නද? පෝය දවසෙ බොනවද නැද්ද කියන එක තම තමන්ගෙ තීරණයක් මිසක් රාජය මට්ටමින් අපිව බලහත්කාරෙන් එහෙම තියාගන්න ඕනෙද?

මිනිස්සුන්ව නීති රීති දාල බලෙන් අනිවාර්යෙන් අදහන ආගම් ගැන ලොරි ටෝක් දෙන අපිත් ටික ටික මේ කරගෙන යන්නෙ මිනිස්සු මත බලහත්කාරෙන් ආහමක් පටවන එක නෙමේද? තමන් කැමති ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් නො ඇදහීම මනුස්සයෙක්ට තියෙන අයිතිවාසිකමක් නේද?

110 ප්‍රතිචාර:

  1. තමන් කැමති ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් නො ඇදහීම මනුස්සයෙක්ට තියෙන අයිතිවාසිකමක් නේද? "ඔව්"

    ReplyDelete
  2. ආගම පැත්තකට දමාපන් මල්ලියෙ මමත් විරුද්ධයි පෝයට ....එක්කො ඕනි නැහැ.. අද තේ බොන්න ඕනි උනහම අපි ගන්නෙ ගිය සතියෙ ඉඳන් ගෙනාපු තේ කුඩුනෙ.. අනික දැන් අමතක වෙනවට ඔය බෝඩ් එකක් එල්ලලා තියෙන්නෙ "හෙට පෝය දින වසා ඇත!" කියලා.

    ReplyDelete
  3. දැනට පවතින තත්වේ අනුව කරන්න තියෙන්නේ පෞද්ගලික භාවිතයට සහ රාජකාරි භාවිතයට විද්‍යුත් තැපැල් ලිපින දෙකක් පවත්වා ගන්නවා වගේ, ප්‍රතිපත්තිමය වශයෙන් අනාගමිකයෙකු වීමත් රාජකාරි කටයුතු සඳහා තමන් කැමති මොකක් හරි ආගමක් භාවිතා කිරීමත්. මෙතනදිත් අනාගමිකයන්ට වැඩිපුරම හොඳයි ආගම “බුද්දාගම“ කියලා භාවිතා කරන එක.

    ශ්‍රී ලංකාව කොහෙත්ම පෞද්ගලික නිදහස පිළිනොගන්නා, දක්කන හරකුන් රැළක්මෙන් මිනිසුන් හැසිරිය යුතුයයි සිතනා රටක් නිසා වෙනත් දේවල් බොහොමයක් වගේම ආගමික නිදහසක් මෙහි නැහැ (ආගමික නිදහසට අනාගමික වීමේ නිදහසද අයත්ය.).

    ReplyDelete
  4. පෝයට බාර් වැහුවට වැඩියෙන්ම ලංකාවෙ මිනිස්සු බොන්නෙත් එදාට....

    හොඳ ප්‍රතිචාර සෙට් එකක් වැටෙයි වගේ පෝස්ට් එකට.. ආගම ගැන නේ... බලන් සිටිමි

    ReplyDelete
  5. සිරාවට ආගම අනිවාර්ය පාසල් විෂයක් නම් නොවෙන්න ඕනි . ළමයින්ට ආගම් අධ්‍යාපනය දෙනවා නම් හැම ආගමක් ගැනම මූලික හර පද්ධතින් ගැන අවබෝධයක් දීල කැමති එකක් තෝර ගන්න කිවා නම් හරි . ඒ තෝර ගැනීමට නිර් ආගමික කියන එක තෝර ගන්න පුලුවන් වෙන්නත් ඕනි . (මේ වැඩෙන් මිලේච්ඡ නීති දාගෙන බලහත්කාරයෙන් ලෝකය පුරා පතුරවන ආගම් වලට බබා හම්බවෙනව )

    දෙමව්පියන්ට තමන්ගේ ආගම ම දරුවට උගන්වන්න ඕනි නම් ඒ සඳහා අදාල ආගමික ආයතන (පන්සල් පල්ලි )ම භාවිතා කරන්න පුලුවන් . ආගම අනිවාර්ය විෂයක් නොකර ඔප්ෂනල් එකක්වත් කරන එක නම් අඩුම ගානෙ විය යුතුයි කියල මම හිතන්නෙ

    ReplyDelete
  6. ඒ වගේම අයියේ අර සත්ව බිලි පූජා නවත්තන එකටත් මං කැමති නෑ. ඒක ඒ මිනිස්සුන්ගේ පුරාන චාරිත්‍රයක්. අපි මැද්දට පැනලා ඒක නවත්තනවා කියන්නේ ඒ මිනිස්සුන්ගේ ආගමික නිදහස අපි නැති කලා වෙනවා.

    සත්තු මනර එක අපි වැරදි විදියට දැක්කට ඒ මිනිස්සුන්ට වැරදි නැත්තං අපි මොකටද ඒවා නතර කරන්නේ? පරිසර සංවිධාන කෑගහනවා තමා, ඒත් ඒ මිනිස්සුත් තේරුම් ගන්න ඕනේ ඒක.

    ReplyDelete
  7. කතාවනම් සම්පුරන්යෙන් ඇත්ත,පෝයට කියලා බාර් වහනවා,ඒත් බොන එකා කීයක් හරි වෑඩියෙන් දිලා බෝතලයක් අරන් බොනවා,ඇත්තට ඔය වගේ දේවල් බලෙන් හදන්න බෑ කියලා තමයයි මටත් හිතෙන්නේ,ස්වයන් හික්මීමක් තමන් තුල තිබීම තමයි වෑදගත් වෙන්නේ..

    ReplyDelete
  8. මම මේ බැලුවා මොකද මූට හදිස්සියේ ආගමක් දහමක් මතක් වෙලා තියෙන්නේ කියලා....

    බළලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ අන්තිම චේදෙට කලින් ඡේදෙදි.....

    ReplyDelete
  9. මම නම් මේක්‍රමයට සම්පූර්ණයෙන්ම අකමැතියි. මම ඉගෙන ගත්තේ කතෝලික පාසැලක. බුද්ධාගම උගන්වන්නේත් නැහැ. එහෙව් මම දැන් ... ඔබට මගේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්නේ. මම නිසි ලෙස දහම් පාසැල් ගිය කෙනෙකුත් නෙමෙයි. ඉරිදා උදේම පල්ලි ගියා සෙට් එකත් එක්ක. හවසට පන්සලේ. ඒත් කවදාවත් දං ගෙයි ඔබ්බට ගිහින් නැහැ.
    මෙවා මොන නීතිද? දැනට මගේ දුව දහම් පාසල් යවන්නේ නැහැ. හැබැයි හාමුදුරුවො යාළුව නිසා වාර විභාගෙට යවනවා. හැමදාම කෙල්ල පාස්.
    ආගම කෙනෙක් මටහ බලෙන් පැටවිය නොහැක කිසිම දිනක. ඔය පෝරම වල පුරවන්න තියන දේවල් නම් අප්පා.... වැඩක් නැහැ. මුත්තාගේ ඉදලා පැටිකිරිය අහනවා. කාටද වැඩක් තියන්නේ. උසාවියේ දිව්‍රීමට අපේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තියනවනේ. වෙන මොනවටද. මගේ පුද්ගලික හැගීම නම් ආගම ජාතිය වගේ දේවල් තනිකරම පුද්ගලික කාරණා. (කමෙන්ට් එක දිග වුනාට සමාවෙන්න.)

    ReplyDelete
  10. ආගම? අපෝ කතා කරන්න එපා. පෝයට බාර් වහන එකත් එමමයි. ඕවා ආගමික වැඩ නෙමෙයි.

    ReplyDelete
  11. අභීතට හිතුන දේමනේ මටත් හිතුනේ :-)
    බළලා මල්ලෙන් එලියට ආවේ අන්තිමටනේ..
    කෝ කෝ දැන් මේ අනිත් අය ..:-D

    ReplyDelete
  12. මට පේන විදිහට අයියට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අන්තිම හරියෙ කියපු එකද කොහෙද??? :D

    ReplyDelete
  13. ටිකක් සැර පෝස්ට් එකක් වගේ නේ අයියේ... මුල ටික නම් සහතික ඇත්ත.. ඒත් අන්තිම ටික... :S

    ReplyDelete
  14. මේක කියෙව්වම මට හිතුනෙ,
    රංග කියන්නෙ ආගම් වගේ මාතෘකා ගැන සිරාවටම ටෝක් දෙන පොරක් නොවේ.
    එහෙව් එකේ මේ ආගම් කතාවක් මුලට දමාගෙන හීනියට අදාල තැනට ලංවී ඇත.:D

    ReplyDelete
  15. 01. ආගම කියන දේ සාම්ප්‍රදායික නොවිය යුතුයි.., උප්පත්තියට අනුව යම් ආගමක් ඇදහීම අද වෙනකොට යල් පැනපු මතවාදයක් වෙලා තියෙන්නේ.., ලංකාව වගේ කොදෙවි රටක තවම මේ ගතිය නොතිබුණත් වෙනත් රට වල කැමති ආගමක් අදහන්න ඉඩ කඩ තියෙනවා.., බුදු දහමෙත් කියලා නෑනේ මේකම අදහන්න කියලා.., ඒකේත් කියලා තියෙන්නේ " ඒහි පස්සික" එහෙමත් නැති නම් "එන්න ධර්මය අත්විඳින්න" කියලා විතරයිනේ.., ඇදහීම නොඇදහීම ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙනවා.
    .
    02. බාර් ගැන කියනකොට මටනම් හිතෙන්නේ මචන් පෝයට බාර් වහන්නේ වෙළඳ උපක්‍රමයක් විදියට කියලා.., මම හොඳටම දන්නවා, අපේ ටවුමේ බාර් එකේ වැඩිපුරම ආදායමක් උපයන්නේ පෝය දවසට හා ඊට පෙර දවසේ.., මේක ගමට විතරක් පොදු නෑ. බලන්නකෝ පෝයට කලින් දවසක ෆුඩ් සිටියක් ඉස්සරහට වෙලා ඉඳලා.., මොනතරම් මිනිස්සු ගල් බෝතල් එහෙම අරන් යනවද කියලා..!

    ReplyDelete
  16. @Prasanna,

    මම නම් ඔය කතාවට සම්පුර්ණයෙන්ම විරුද්දයි. ඔය කියන හැටියට මිනිස්සු මරණ එක චාරිත්තරයක් කරගත්ත සෙට් එකක් හිටියොත් එකටත් ඉඩ දෙන්න එපාය. මලකෙලියයි.... :)

    රංග - මෙහෙමයි මච්චන්, ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියනවනේ නේද? ඔන්න ඕක පාලනය කරන්න තමා රටක නීතියෙන් බහුතරයකට ගැලපෙන නීතියක් හදන්නේ.

    එතකොට ඒ නීතියට හිතෙනවනම් පෝයදාට බොන්න හොඳ නෑ කියල, ජහමනයට කරන්න දෙයක් නෑ. අර මම උඩින් කියුව වගේ තමා.

    එතකොට නීතිය හදන්නෙ කවුද? උසාවිය/පාර්ලිමේන්තුව. උන්ව පත් කරන්නේ කවුද? වෙන කවුද ඉතින් අපිම තමා.

    දැන් තේරෙනවා නේද වැරදිලා තියෙන තැන.

    මතක තියා ගන්න, සම්පුර්ණ නිදහසක් තියෙනවා කියල හිතාගෙන ඉන්නවනම් ඒක ලොකු බොරුවක්. නිදහස තියා තමන්ගේ ජිවිතේ වත් තමන්ට අයිති නැති යුගයක තමා අපි ඉන්නේ. බොරු නම් සියදිවි හානි කරගන්න උත්සහ කරපු එකෙක් හොයල අහන්න. මැරුනොත් ගොඩ නැත්තම් නඩු :)

    එතකොට ඔයගොල්ල කල්පනා කරනවානම් අපිට 48 නිදහස කියල හම්බ උනේ ඉටිගෙඩියක්ද කියල, අපිට ඇත්තටම ලැබුනේ ඔය පාලන අදිකාරිය වෙනස් කිරීමේ චාන්ස් ඒක තමා.

    හැබැයි ප්‍රස්නේ උනේ ඕක දෙනකොට අපේ උන්ට (බහුතරයකට) මොළේ දෙන්න බැරිවීම තමා.

    යන්නේ කොහෙද මල්ලේ පොල් කියුවලු. කොමෙන්ට් එක ගලපෙනවානම් පොස්ට් කරපන් ;-)

    ReplyDelete
  17. මගේ ආගම බුද්ධාගම.. කොහොමද එහෙම උනේ? ඇයි උප්පැන්නෙනේ තියෙන්නේ!

    ReplyDelete
  18. මෙතන කාරනා කිහිපයක් තියනවා
    1. ආගම හා පාසල් විශය - අර කිව්වා වගේ කතෝලික ක්‍රිස්තියාන් යෝහේවා / මහායනා හීනයාන නවින බුදු දහම ... තව තව ...

    දැන් මේක කොහොමද පාසල් වල
    උගන්වන්නේ ... ප්‍ර යෝගික ගැටලුවක් ගුරුවරු නැහැ...

    2. ආගම පාසල් විශයෙන් ඉවත් කිරිම - මේක නම් අපූරු යෝජනවාක් .. ආගම විතරක් නෙමෙයි ඉතිහාසයත් අයින් කරන්න ඕනේ .... මම කැමති දේ ඉගෙන ගන්න අයිතියක් තියනවා ඒ හන්දා මම ඉතිහාසයට කැමති නැහැ .. ඒකත් අයින් කරන්න ඕනේ. ආ විද්‍යාව .. මේකත් මට වහකදුරු වගේ

    3.පෝයට බාර් වැසිම
    ඉතින් එදාට බාර් වහනවා කියලා කලින්ම නිවේදනය කරන නිසා ඒකට මොකට කරදර වෙනවාද. වැඩිපුර ගෙනල්ලා තියාගත්තා නම් හරිනේ...

    දන්න විදිහට බලෙන් නිති දාලා නැහැ කොහෙවත් ......

    ඕකකොම එකම පැත්තට කමෙන්ට් දාන එකේ මෙන්න වෙනස් කමෙන්ට් එකක් :DDD

    ReplyDelete
  19. අපෝ....මඩයිය‍ට මේ කියාගන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ අන්තිම ටිකනේ..

    ReplyDelete
  20. ආගම උගන්වන එක නතර කරන්න ඕන කියන දේ හරි වැඩක් නෙමේ . . .
    මූලික ආගම් කීපයක් විතරයිනේ උගන්වන්නේ . .
    ඒවා ඉගෙන ගන්න ඕන විෂය නිර්දේශයේ තියෙන නිසා මිසක්කා හොඳ බෞද්ධයෙක් වෙන්න වත් හොඳ ක්‍රිස්තියානි කාරයෙක් වෙන්න වත් හොඳ මුසල්මානුවෙක් වෙන්නවත් නෙමේනේ . . . කැමති එකක් ඉගෙන ගෙන ඩී එකක් ගන්න ඕන .. . එච්චරයි.

    බාර් වහන එක නම් ලිෂ් කිව්ව වගේ ආර්ථික උපක්‍රමයක් කියලයි මටත් හිතෙන්නේ . . .

    දෙමාපියන් අනිවාර්යෙන් තමන් විස්වාස කරන (තමන්ට සහනයක් තියෙනවයි කියලා විස්වාස කරන - ඒක අධ්‍යාත්මික සහනයක්ද වෙන සහනයක්ද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනස් වෙනවා නේ) ආගමක් දරුවෙක්ට උගන්වන්න ඕන . . දරුවට හොඳ නරක තේරෙන කාලෙකදී අනිවාර්යෙන් එයා තමන්ට හරියි කියලා හිතෙන ආගමක් අදහන එක හරි කිසිම ආගමක් නො අදහා ඉන්න එක හරි කරනවනේ බන්

    ReplyDelete
  21. මම දන්නා විදියට ගොඩක් රටවල් වල ආගම මොකක්ද කියල අහනවා. එක අපිට විතරක් තියන දෙයක් නෙවෙයි. ක්‍රිස්තියානි ආගමේ නිකායවල් ගානට ගොඩක් ඉස්කෝල වලට ගුරුවරු යවන්නත් බැරිවෙයි. ගුරුවරු හිඟයක් තියෙද්දි කොහොමද තව එකත් කරන්නේ? ප්‍රයෝගික ප්‍රශ්න තියනවා. අනික ඒ ළමය බුද්ධාගම ඉගනගත්තේ ස්ව කැමැත්තෙන්. එතනම ආගමික නිදහස කොච්චරද කියල පේනවා නේද? මොකද මගේ ඉස්කෝලේ ක්‍රිස්තියානි ආගම උගන්නන්න ගුරුවරයෙක් හිටියේ නෑ කියල එක කොල්ලෙක් ඒ වෙලාවේ එළියේ රස්තියාදු ගහන්න පුරුදු වෙලා හිටිය. උට කවුරුත් මොනවත් කිව්වේ නෑ.

    @ Buddajeeva
    සහෝදරයා.. ලංකාව ආගමික නිදහස තියන රටක්. ඔය ලංකාවට ඔහොම කියනවානම් මන් කැමති ඔයාව සවුදි කුවේට් වගේ රටකට යවන්න. පුලුවන්නම් සවුදි එයාර්පෝර්ට් එකෙන් කුරුසයක් බෙල්ලේ එල්ලගෙන රට ඇතුලට අඩියක් තියල පෙන්නන්න. පිරිත් නූලක් එල්ලගෙන ගිහින් පෙන්නන්න, එතකොට ඔයාට ආගමික නිදහසේ තරම පෙනේවි. ආගමික නිදහසින් අර්ථ දක්වන්නේ තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස,. ආණ්ඩු නීති දාල තිබ්බට මම හිතන්නේ නෑ අන්‍යාගමිකයෝ ඒ නීති වලට අදාලයි කියල. (මේක මං නියමාකාරව දන්නේ නෑ, නමුත් තර්කානුකුලව එහෙම විය යුතුයි) ඔයාගේ කොමෙන්ට් එකේ දෙවැනි ජේදේට පිළිතුරක් විදියට මේක ලිව්වේ.

    ReplyDelete
  22. ගනන් ගන්න එපා.හැම ආගමකම හොද දේවල් තියනව.ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න.නරක දෙවලුත් නතුව නෙවේ.පරිස්සමෙන්.ND

    ReplyDelete
  23. මෙතන ඉන්න කස්ටිය වැඩකරන්නේ ඔය වගේ සීන්කෝන් ගැන නේද..?

    http://www.secularsrilanka.com

    ReplyDelete
  24. @ක්සැන්ඩර් | Xander: වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමක් අවශ්‍ය නැත. මා කර ඇත්තේ මෙහි ක්‍රියාත්මක වන්නේ වැරැද්දක් බව කීමයි. තවත් රටකට සාපේක්‍ෂව බරපතළත්වය අඩු වූ පමණන් වැරැද්ද නිවැරැද්ද නොවේ.

    ReplyDelete
  25. ඔබ නොදු‍ටු ලොවක් : මම ප්‍රශ්නය එහෙම ඇහුවත් ඇත්තටම ප්‍රශනය එහෙම නිදහසක් තියෙනවද කියන එකයි.

    ReplyDelete
  26. වෙනි : අනිවා ඩෙෆා ස්ටොක් එකක් මේන්ටේන් කරන්න ඕනෙ කලු කඩකාරයන්ව පෝසත් කරන්න කැමති නැත්නම්

    ReplyDelete
  27. බුධා : දැනට සිස්ටම් එකේ හැටියටම නම් හැම කෙනෙක්ටම නාමිකවම හෝ ආගමක් තිබිය යුතුයි. අදහසට එකඟයි.

    ReplyDelete
  28. සිරා පොස්ට් එක. අගමක් කිසිම කෙනෙකුට බලෙන් පටවීම වරදියි. එක වසරෙ ජාතක කතා පොත කියවල කියවල පොඩි උන්ටම හිතෙනව මෙ මොන සුරන්ගනා කතාවක්ද කියල.

    ReplyDelete
  29. ගොඩක් අය මේකට එකඟව ලියපු නිසා ඒ ගැන කොමන් කමෙන්ට් එකක් දාන්නම්. ඇත්තටම මම මේ ගැන ලියන්න හිතුවෙ මගේ හොඳම යාලුවෙක් ඔය බීට්ල් පෝස්ට් කරපු ගෲප් එකේ මෙම්බර් කෙනෙක්. මිනිහ එක්ක කරපු කතාබහක් උඩ තමා මේක ලියන්න පටන් ගත්තෙ. මගේ ඉතුරු අදහස් අනිත් අයට රිප්ලයි විදියට දාන්නම්. කමෙන්ට් වලට ඉස්තුතියි

    ReplyDelete
  30. මහසෝනා : ඔන්න කොලුවෙක් ආතල් එකට ‍ෆිශිං ගිහිං මාලු ටිකක් බාගෙන එනවා. කොලුවගෙ අම්මා කෑගහනව "මොන පාපකර්මයක්ද මේ කරන්නෙ?". හැබැයි ගෙදර දවල් කෑමට තියෙනව චිකන් කරි. ඔය ජාතියට කියන්නෙ hypocrites කියල.

    අර මොළේ ගැන කිවුව කතාව නම් සහතිකම ඇත්ත.

    ReplyDelete
  31. එක ආගමක් ඉගෑන්වීමකට වඩා ආගම් කිහිපයක දෑනුම ලමයින්ට දෙනවනම් හොදයි.. ඒ වගේම ආගමික අධ්‍යාපනයේ දී ඒවා විශ්වාස ලෙස මිස සත්‍ය දේවල් (facts) ලෙස ඉගෑන්නොවිය යුතුයි... අපේ රටේ තාමත් තියෙන්නේ ආගමික බලාඅධිකාරියක්.. ඒ නිසා මේ විදිහේ නීති පෑණවීමනම් බලාපොරොත්තු වෙන්න පුලුවන්..( ඒ නීති නම් මෙලෝ රහක් නෑ/ )

    ReplyDelete
  32. වැප් : ඔතන තියෙන ප්‍රශ්නය පාසලක අනිවාර්ය වියයුතු විශයන් මොනවද කියන එකයි. මම ඉස්කෝලෙ ගිය කාලෙ ප්‍රධාන විශයන් 5ක් තිබුනා.

    සිංහල
    ඉංග්‍රිසි
    ගණිතය
    විද්‍යාව
    සමාජ අධ්‍යනය

    ඉතිහාසයත් සමාජ අධ්‍යනයෙම කොටසක්.

    ඒ ඇරෙන්න තවත් අනිවාර්ය විශයන් 3 ක් තිබුනා

    ආගම
    තාක්ෂනික විශය
    සෞන්දර්ය විශය

    වැඩේ තියෙන්නෙ ඔය කැටගරි 3න් එක එක ‍තෝර ගන්න ඕනේ.

    ඉස්කෝලෙක මම කියපු පලමු විශයන් 5 අනිවාර්ය කරල ඉතුරු දේවල් ඔප්ශනල් කරා නම් (කැටගරියෙන් එක ගානෙ නැතුව) ආගමක් අදහන්න අකමැති කෙනෙක්ට වෙන විශයක් කරන්න පුලුවන්.

    අනේ මංද වැප් අපේ පැත්තේ බාර් වහන්නෙ නීතියකින් උනත් ඔයාලගෙ පැත්තේ බාර් වහන්නෙ "සිල්වා" කෙනෙක් ඇවිල්ල වත්ද?

    ReplyDelete
  33. ක්සැන්ඩර් : මම දෙන්න ඕනේ උත්තරේ හරියටම බුධා කියල තියෙන නිසා මම තව මොකුත් එකතු කරන්නෙ නෑ.

    ReplyDelete
  34. පෝය දවසෙ බාර් වැහුවට බොන්නේ එදාට තමා :)

    ReplyDelete
  35. ආ නිර්ආගමික කියන කොටස....ලංකාව ගත්තොත් මේයාලා ඔක්කොම වගේ කලින් උප්පැන්න බුද්ධාගම් කාරයෝ ... මොනයම් හෝ හේතුවකට දැන් නිර්ආගමික ...

    කාරනය හිතාගන්න බැහැ නිර්ආගමික වෙන්න. එක්කො මුලු ත්‍රිපිටකයම කියවලා තේරුම් අරන් ..බුද්ධාගමෙන් ඉවත් වෙලා ...

    නැත්නම් අලුත්ම ස්ටයිල් එක හින්දා අයින් වෙලා ...

    සර්කියුලර් ගැන කතා කලොත්
    එයාලා කියන්නේ රාජ්‍ය හා ආගම වෙන් විය යුතුයි කියලා..... මේක ප්‍රා යෝගික වෙච්ච තැනක් ලෝකේ කොහොවත් නැහැ ... හැබැයි මෙහෙට ගෙනල්ලා බලෙන් ඔබ්බන්න හදනවා ... එහෙම බැහැ කියලා දැන ගත්ත තැන තමයි ඔය දැන් ක්‍රමිකව එන්නේ

    ඒකේ එක පියවරක් තමයි ආගම පාසල් විශයෙන් අයින් කිරිම ...

    දැනට ඔය ඇති ..:DDD

    ReplyDelete
  36. @වැප් - රටක ඉන්න නිර් ආගමිකයො වැඩියක්ම රටේ ප්‍රධාන ආගමට අයත්ව සිටිය කියන එක අමුත්තක් නෙවෙයි . ප්‍රංශයේ අද වෙනකොට ඉන්න 31% විතර වෙන නිර් ආගමිකයන් කලින් කතෝලිකයො

    නිර් -ආගමික යෙක් වෙන්න මුලු ආගමක්ම කියවන්න අව්ශ්‍ය නැ , තමන්ට ඒ ආගමේ තියන කරුණු කාරණා ගැන සැකයක් තියනව නම් සහ කිසිම හෙතුවක් නැතුව වුනත් නිර් ආගමික යෙක් වෙන්න පුලුවන්

    රාජ්‍යය හා ආගම කියන දෙක අන්තයටම පටලවා ගත්ත හරක් ඉන්න රටක් මේක , මල් වට්ටි උස්සන් පන්සල් යන ජනාධිපතිලා , පක්ෂ අර්බුධ ගැන ටෝක් දාන හාමුදුරුවරු විතරක් නෙවෙයි , තමන් පොරක් කියල පෙන්නන්න පන්සල් වලට සල්ලි බෙදන දේශපාලකයො ඉන්න රටක් මේක . ලෝකයෙ කිසිම ශිෂ්ඨාරයක් තියන රටක ඔහොම විකාර නැ

    පාසල් අධ්‍යාපනය තුලින් ආගම ඉවත් කිරීම කියන එක නෙවෙයි වෙන්න ඕනි , ඒක අනිවාර්ය විෂයක් කරල බලකෙරන එකයි නවතින ඕනි

    අවසාන වශෙය්න් කියන්න තියෙන්නෙ , උප්පැන්නයේ "බෞද්ධ" කියල තිබීම කිසිසේත්ම අවශ්‍ය නැ , මොකද බුද්ධාගම කියල එකක් නැ තියෙන්නෙ දර්ශනයක් , දර්ශනයක් අනුගමනය කරන්න ඇදහීමක් හෝ උප්පැනයෙ තිබීමක් අව්ශ්‍ය නැහැ

    මේ ආතර් සි ක්ලාක් ගැන
    Clarke told the Sri Lankan newspaper, The Island, "I don't believe in God or an afterlife,"[67] and he identified himself as an atheist.[68] He was honoured as a Humanist Laureate in the International Academy of Humanism.[69] He has also described himself as a "crypto-Buddhist", insisting that Buddhism is not a religion

    Source - wikipedia

    ReplyDelete
  37. මම මෙච්චර කල් හිතන් හිටියෙ පෝයට බාර් වහන්නනෙ සිල් ගන්න අයට කරදරයක් නැතිව වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා....

    ReplyDelete
  38. උත්තරේ අභිය කලිංම දීල මචෝ . . . .

    ReplyDelete
  39. අභියා, ඕනයා සහ පෝය ගැන කතා කරපු අනිත් අය : අර කවුදෝ ලියපු කවියක තිබුන වගේ මට නම් පෝය අතේ සල්ලි නැති දවසට විතරයි ;-)

    ReplyDelete
  40. @බුවා

    නිර් ආගමිකයෙක් වෙන හැටි බුවා ලස්සනට කියලා තියනාව .. ඒ හන්දා දකින අය ඒක තේරුම් ගනියි

    බහුතරය හරි කියමුකෝ ..අනික් ඒවෑයින් අඩු අනුපාතයක් වත් ඉන්නවද?

    නිර්ආගමිකයෙක් විමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ..අරමුණ තමන් කලින් හිටපු එක හරි අනික් එවා හරි නිර්ආගමික කියන වස්ත්‍ර යෙන් වැහිලා නිර්දය ලෙස විවේචනය කිරිමද?

    මට කියන්න පුලුවන්ද ආගමෙන් වෙන් වෙච්ච එක රාජ්‍යක් උදාහරණයක් හැටියට?

    පාසල් විශයේ ආගම කියන විශයට දෙන තැන ගණිතයටත් හෝ අනික් විශයන්ටත් දෙන්න ඕනේ මොකද ආගමට විතරක් විශේෂ සැලකිලි දෙන්නේ?

    අන්තිම කාරණය නම් හරි ඔය නිර්ආගමිකයෝ කියලා වෙන් වෙලා ගියාට ඒ අය තුල තමුන් කලින් හිටපු පොඩි කාලේ ඔලුවට වැටුනු ගුනංග එහෙමම ඉතුරු වෙලා තියනවා

    ReplyDelete
  41. වැප් : ඇත්තටම මට හරිම දුකයි ලංකාවෙ ඉගෙන ගත්ත කියන සම"හරක්" ඔය විදියට හිතන එක ගැන. ගණිතය වගේ විශයක් එක්ක ආගම සංසන්දනය කරන්න යෑමෙන්ම පේනව අපේ රටේ මේ වගේ තකතිරු (පක්ශ භේදයක් නැතුව මම මේ කියන්නෙ) දේසපාලුවන්ට පිනුම් ගහන්න ඉඩ හම්බ වෙලා තියෙන්නෙ ඇයි කියල.

    අපේ උන් ඉගෙනගෙනත් තියෙනව, මොලේකුත් තියෙනව ඒත් බුද්ධිය විතරයි නැත්තෙ. මොකද අපේ ඔක්කොම පුරුදු වෙලා තියෙන්නෙ කවුරු හරි කියල දුන්න ෆ්‍රේම් එකක් ඇතුලෙ ඉඳගෙන හිතන්න මිසක් තමන්ගෙ මොලේ වෙහෙසල හිතන්න නෙමේ.

    ReplyDelete
  42. අපි ළමා කාලෙදි ඉගෙන ගන්න තාක්ශනික විශයන් වලින් ජීවිතේ ප්‍රශ්න ගොඩාක් විසඳුවත් සංකීර්ණ, සංවේදී, සංකලිත (integrated) ප්‍රශ්ණ වලට උත්තර හොයන්න අමාරුයි නේද? ඒකට හිත හදන, හිත හදා ගන්න පුළුවන් වෙන හොඳ අත්තිවාරමක් සහිත මනසක් හැදෙන්න ඕනි නේද ළමා කාලෙදිම ? අපේ හොඳම හිතවත් යාළුවෙක් මැරුනා කියමු.. හරි රංග මලා කියමු !..ආගම හැර වෙනත් විෂයකින් හිත හදා ගන්න මට නම් බැහැ.. මමත් මැරෙනවා.. අපි හැමෝම උත්පාධ, (ඇතිවීම ) ථිති (පැවත්ම ) භංග (නැතිවීම ) කියන මේ ස්වභාව ධර්මයේ නීති ගොන්නට අයත් කියලා පුංචි කාලෙදි ආගම විශයෙන් උගන්වලා තියෙන නිසා, ඒක තේරෙන නිසාත් රංග මැරුනා කියලා ඒ මත්තෙ මමත් නහින්න යන් නැහැ..හැබැයි පියහි විප්පයෝගෝ දුක්කෝ නම් දැනෙයි..මේ පදනම හදන්නෙ ආගමෙන් නේද ? මේ මගේ පුද්ගලික විශ්වාසය.

    ReplyDelete
  43. වෙනි : මගේ මතය ආගමක් අවශ්ය නෑ කියන එක නෙමේ. මම උපතින් බුද්ධාගමේ. දහම් පාසල් ගියා, දහම් දැනුම තරඟ වලින් දිස්ත්‍රික් මට්ටමෙන් ඉස්සරහට ගියා, දහම් පාසලේ ඉගැන්නුවා.

    මම කියන්නෙ ආගමක් ඕනෙ නැති උන්ටත් ඔප්ශන් එකක් තියෙන්න ඕනෙ. අනික ආගමක් බලෙන් කාගෙවත් ඔලුවට ඔබන්න යන්න එපා කියන එක

    ReplyDelete
  44. @රංග
    මම කතා කරන්නේ ආගම කියන්නේ තවත් එක් විශයක් විතරයි කියන කාරනය කරන කොටගෙනය .....

    නමුත් ඔබ තුමාලා හිතනවා වගේ ආගම නිසා තමයි මේ ඔක්කොම කියන එක කරපින්නාගෙන නොවෙයි....

    ReplyDelete
  45. @Weni: රංග නෙවෙයි අම්ම අප්ප මැරුණත් ඒ දුකට තමං මැරෙන එක අර්ථවිරහිතයි කියල තේරුං ගන්න සාමාන්‍ය දැනීම තිබුනම ඇති. ඒක කියල දෙන්නත් ආගමක් ඕන වෙනවනං තව කවර කතාද?!

    ReplyDelete
  46. අනික්වායින් ඉන්න ගණන් මිනුම් පෙන්නන්න නම් ඉතින් සංගණයක් කොරන්න වෙනවනේ , මම පෞද්ගලිකව දන්න අය නම් ඉන්නව , ඒ වුනාට ඉතින් ඒක වලංගු කථාවක් නෙවෙයි . වැප්ට හැකියාවක් තියනවද වෙනත් කිසිම ආගමක කෙනෙක් නිරාගමික වෙලා නැ කියල ඔප්පු කරන්න , ඔය කාරණය අපි දෙන්නටම ඔප්පු කල හැකි ඒවා නෙවෙයි

    නිරාගනිකයෙක් වෙන්නෙ ආගමක් අදහන්නේ නැතුව ඉන්න , කාවවත් විවෙචනය කරන්න නෙවෙයි . බෞද්ධයෙක්ට එච්චර දැනෙන්නෙ නැති වුනත් (බුද්ධාගම කියල ආගමක් නැ කියන්නෙ ඒ නිසා ) අනික් ආගම් වලට අදාල වතාවත් තියනව , විවාහය ආදිය කරන්නෙ ආගමිකව . ඕවා යීන් ඇත්වෙන එක තමයි නිර් ආගමික වීම කියන්නේ

    ආගමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම කියන එකට ඔබ කියන සීමාව මොකක්ද ? උදාහරණයක් විදිහට රාජ්‍ය ආගම කියල එකක් වෙන් කරපු කතෝලික(හෝ වෙනත් නිකායන් ) රාජ්‍යය්න් තියනව නමුත් ඒවායෙවත් ලංකාවේ වගේ දේශපාලනය තුලට හෝ රටේ පාලනයට ආගම මූලික වෙන්නෙ නැ . ඔය කියන කතෝලික රටවලත් තහනම් නොකරපු ඩාවින්සි කෝඩ් අපේ රටේ තහනම් කරපු එකෙන්ම අපේ රටේ රාජ්‍ය පාලනය ආගමට බැඳිල තියන තරම පේනව . ඊලන්නගට සමලිංගිකත්වය නීත්‍යානුකුල කරල තියන රාජ්‍ය ආගම කියල නාමිකව කතෝලික තියන රටවලුත් තියනව අනික්වාත් කතෝලිකයන් බහුල රටවල් , ඒවත් රාජ්‍ය පාලනයට ආගමේ බලපැම් නැති රාජ්‍ය බව පැහැදිලියි (කතෝලික ආගමික නායකයන් ඕකට විරුද්ධයි )

    http://en.wikipedia.org/wiki/LGBT_rights_by_country_or_territory#European_Union

    ReplyDelete
  47. අපේ කලාපයෙන් සිංගප්පුරුව රාජ්‍ය හා ආගම පටලවා නොගත් රටක් කියල හඳුන්වන්න පුලුවන්

    අපේ කලාපයෙන් සිංගප්පුරුව රාජ්‍ය හා ආගම පටලවා නොගත් රටක් කියල හඳුන්වන්න පුලුවන් , ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් විදිහට නම් දරාපු සිංගප්පුරුවෙ සාමාන්‍ය පෙල නිර්දේශය විකියට අනුව මෙහෙමයි

    Others:

    Art
    Design and Technology
    Music
    Computer Applications
    Elements of Office Administration (until 2008)
    Elements of Business Skills (2009 onwards)
    Food and Nutrition
    Principles of Accounts
    Religious studies (Confucian Ethics, Buddhist Studies, Islamic Religious Knowledge, Bible Studies, Sikh Studies, etc.)
    O-Level School-Initiated Electives [OSIEs] (Economics, Computer Studies, etc.)
    The list above is not exhaustive, and does not include new subjects such as Computing and Theatre Studies and Drama, or less common subjects, such as Integrated Sciences.

    Compulsory Subjects for a GCE O-Level candidate

    English Language
    Mother Tongue (Chinese, Tamil, Malay, Others)
    Mathematics
    Combined Humanities
    Science (Either 1 combined science or up to 3 pure sciences)
    One other subject (Art, Principles of Accounts, Design and Technology, Food and Nutrition, Additional Mathematics, etc.)

    http://en.wikipedia.org/wiki/Education_in_Singapore

    බලන්න ආගම අනිවාර්ය ද ඔප්ෂනල්ද කියල

    ආගම කුලජ ජාතිය දේශපාලනයේ මූලික සාධකයක් වුනු ඉන්දියාවත් ජාතික දේශපාලන තලයේදී එතනින් ඇත් වෙමින් ඉන්න බවට ඉතාම හොඳ උදාහරණ මැතකදි දකින්න පුලුවන් , හැබැයි අපි යන්නේ ආපස්සට

    ReplyDelete
  48. වෙනිවැල්, රංග මලාම හිත හදාගන්න ආගමක් ඕනේ වෙන්නේ පෝය දවසක මේකා මලොත් විතරයි බන් . නැතන්ම් හිත හදාගන්න එක මුගේ පොතටම දාලා නාවින්නෙන් කරගන්න පුළුවන් :-D

    ReplyDelete
  49. මොනා කලත් පෝය නිවාඩුව නම් ඕනේ හැබැයි :-D

    ReplyDelete
  50. ඔව් රංග කියන එක හරි ! ඒත් අපි මේ ආගම කියන එක ඔළුවට ඔබ්බන එක නවත්වන්නෙ කොතනදිද කියන එක තමයි ප්‍රායෝගික ප්‍රශ්ණෙ..උප්පැන්න සහතිකයෙන්ම ආගම කියන එක ගලවලා දමනවාද ? පාසලින් ආගම උගන්වන එක අයින් කරනවාද ? දැනට ආගම කියලා උගන්වන පටු "බුද්ධාගම" " "ක්‍රිස්තියානි" සහ "මුස්ලිම්" කියන ආගම් වෙනුවට පොදුවේ ආගම ඉගැන්විය යුතුද? අනිකුත් ආගම් ගැන හොයා බලන්න මාව පෙළඹෙව්වෙ බුද්ධාගම..මට වූ පමණින් එය හැමෝටම වෙන්න බැහැ.. අනිත් ආගම් වලිනුත් එයම කරනවාද යන්න ප්‍රශ්ණාර්ථයක් රංග..කාළාම සූත්‍රයෙන් දෙන නියම අදහස විග්‍රහ කර ගත්තොත්...බුද්ධ ධර්මය ආගමක් නොවේ දර්ශණයක් වෙන්නෙ සහ බුදු රදුන් අවබෝධ කර ගත්තෙ ස්වභාවධර්මය වීම මෙතනදි බලපානවා නේද ? මගේ ඔළුවට පටවාපු උප්පැන්නෙ ආගම වෙන එකක් වුනානම් මන් මෙහෙම කියයිද?
    ආගමක් ඕනි නැති උන් කට්ටිය රංග සෙට් උනහම ඒ ගොල්ලන්ටම ආවේණික විශ්වාසයන් සමූහයක් අදහනවා නේද ? ඒක ඒ ගොල්ලන්ගේ ආගම නෙවෙයිද ? ජීවන දර්ශණය කියමුද ? ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ ළමයින්ට විශ්වාස කරන්න කියන්නෙ මොනවාද ? ඒක (ඊනියා ) සමාජ සම්මතයේ තියෙන විශ්වාසයන් සමූහයක් වේවිද ? නැත්නම් තමන් අදහපු දේ වෙයිද ?

    ReplyDelete
  51. ගොඩක් කොමෙන්ට් බැලුවම හිතුන දෙයක් තමා මේ නිර් ආගමික වීම,බුදු ධහම පටලවා ගෙන ලියල තියෙන එක.

    මම නම් හිතන්නේ ඕනම දරුවෙකුට යහපත් ලෙස් හැදී වැඩීමට ආගමක් තියෙන්න ඕනි. ඒක ඉතින් බොහෝ විට තම දෙමවුපියන්ගෙ ආගමම තමා වෙන්නෙ.

    සමහරක් මෙතන කියලා තියෙන විදිහට ලංකාව කියන්නේ අගමික නිදහස නැති රටක් කියලා මන් නම් පිලිගන්නෙ නෑ. ඔය එහෙම කියන පිස්සන්ටත් අදහස් දක්වන්න පුලුවන් තරමේ ආගමික නිදහසක් ලංකාවෙ තියෙනවා.

    ඔය කොහොම කිව්වත් බහුතරයක් නිර් ආගමිකයො කෑ ගහන්නෙ බුදු දහමට විරුද්ධව. ඒ සල්ලි කුට්ටි නිසා...

    තවත් සමහරු දේශ පාලනෙයි ආගමයි පටලවගෙන තමන් කඩේ යන දේශ පාලකයා හැරුනු කොට අනිත් හැමෝම කරන දේවල් වැරදි වෙලා.......

    ඔය ලොකුවට නිරාගමික කියලා කෑ ගහන කවුරු හරි පොඩ්ඩක් පැහැදිලි කොරා නම්. නිර් ආගමිකයෙක් වෙන්නෙ ඇයි කියලා. මොකද මන් දන්න විදිහට නම් කිසිම ආගමක වැරදි වැඩ කරන්න කියලා උගන්වන්නෙ නෑ.....
    එතකොට නිර් ආගමිකයෙක් වෙන්නෙ වැරදි කරන්න ඕනි නිසාද?

    මේ ටික අහන්න රංග ගෙන්.

    දැන් පෝයට බාර් වැහුවට බොන්න තහනම් කරලා තියෙනවද?
    පෝයට සිල් ගැනීම අනිවාර්ය කරලා තියෙනවද?
    ඉරිදට ධහම් පාසල් යෑම අනිවර්ය කරල තියෙනවද?
    එතකොට එතන කිසිම දෙයක් බලෙන් පැටවීමක් තියෙනවද?

    මෙ ගැන ගොඩක් දේවල් කිව හැකියි. ඒත් මම දැකපු දේ තමයි කිසිම් ආගමක් නැතිව ජීවිතය ගෙවන කොළඹ මුඩුක්කු අශ්‍රිත ප්‍රදේශ වලින් තමා අදටත් පාතාලයො කුලී මිනීමරුවො වැඩි පුර බිහිවෙන්නෙ... මොකද උනුත් බොහෝමයක් නිර් ආගමිකයි

    ReplyDelete
  52. මම වගේම ලේ නහර වලින් හැදිච්ච පඤ්චේන්ද්‍රියන්ගෙන් නිර්මානයවුනු හැඟීම් දැනෙන තවකෙකු විඳින දුක දකින කොට ඇහැට කඳුලක් ඇවිත් ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන්න පොළඹවන හිතක් හදලා දෙන්න පුළුව්න් වෙච්ච විශයකට මන් ඔළුව නමනවා ! ඒකෙ නම ගණිතය නම්.. මට ප්‍රශ්ණයක් නැහැ.. ඔය සාමාන්‍ය දැනුමෙන් ඉගෙන ගන්න අය කොරන කෙලි තියෙනවා පත්තරෙ, ටීවී එකේ නිව්ස් පුරවලා.. අපරාධ පිටු ගනන් පිරිලා තියෙන්නෙ ?! මල් වගෙ වෙන්න ඕනි හිත් ගල් වුනේ කොහොමද ?

    ReplyDelete
  53. මේකෙ සමහර තර්ක ගේන අය මම පුද්ගලිකව දන්න නිසා එක ප්‍රශ්නයක් අහන්නම්. ඔය ඇත්තො පන්සිල්පද කීයක් රකිනවද? මීලඟට දාන කමෙන්ට් එකත් එක්ක අනේ ඒකත් කියල යන්න ;-)

    ReplyDelete
  54. ඔප්පු කරන්න බැරි හින්දා අයින් කරලා දාමු :DDD

    නිර්ආගමික වීම -
    මචන් මම කතා කරන්නේ ලංකාව පදනම් කරන්. ඒ හන්දා ඔය කියන නිර්ආගමික විම කොච්චර දුරට සාර්ථකද? හිතපන් උබ බඳිනවා ... උබව පෝරුවේ නග්ගලා අර ආගමික වතාවත් කරන්නේ නැද්ද? උබට අසනිපයක් වෙනවා ..ගෙදර අම්මා තාත්තා බෝධිපුජාවක් තියන්නේ නැද්ද?
    [ අසනිප පිටින් උබට කෑගහලා කියන්න බැහැනේ අනේ බුදු අම්මේ මම නිර්ආගමිකයි මට බෝධිපුජා එපා කියලා :DDD]

    ගෙදර මිනිස්සුව හදාගන්න බැරි අය ඇයි රටේ ජනතාව හදන්න යන්නේ. පටන් ගන්න ගෙදරින් එතකොට හරිනේද ?

    //ආගමෙන් සම්පූර්ණයෙන් අයින් විම\\
    මෙහෙම එකක් 100 ට 100 ක් ප්‍රා යෝගික නැහැ. මොකද මනුස්සයෙක් අසරණ උනාම ගණිතයටවත් විද්‍යාවටවත් බැහැ ඒ මිනිහාගේ හිත හදන්න.ඒකට මොකක් හරි නොපෙනන බලවේගයක් හෝ ආගමක් පසුපස යනවා. මම හිතන්නේ උබත් ජිවිතයේ අසරණ උන වෙලාවල් වල මේ වගේ උත්දැකිම් ලබලා ඇති.


    ආගම සහ රාජ්‍ය වෙන් කිරිම
    මේක කරන්න බැහැනේ බන්. මේක සාර්තක වෙන්න නම් ඔක්කොම නිර්ආගමිකයෝ ඉන්න ඕනේ.

    ස්තුතියි සිංගප්පූරුව ගැන සඳහන් කලාට .... මම ඇත්තටම දැනං උන්නේ නැහැ එහෙම එකක් .. හොයලා බලන්න ඕනේ

    ReplyDelete
  55. රංග මල්ලි - මේ වගේ ටොපික් එකක් දමද්දි ඈපෲවල් අයින් කරන්න තාවකාලිකව හරි ! අනික 18+ නිසා මොන හු***ක් ලියල ගියත් මොකෝ මල්ලි ?

    ReplyDelete
  56. ඔන්න රංග උබ පටලවාගත්ත තැන
    බුදු හාමුදුරුවේ කිව්වේ උස්සාහා කරපන් කියලා

    හනේ ඉතින් මම උස්සාහා කරනවා ..කැඩේනාවා උට්ඨාන විරියෙන් ආයිත් සැට් වෙනවා රකින්න ...

    මෙන්න මෙහෙමයි අපි පින්සිල් රකින්නේ ..අනික ඒකත් මධයම ප්‍රතිපදාවෙන් මම නම් කරන්නේ ...

    ඕක තමයි උබලා අන්තවිදි ප්‍රශ්න අහනවා කියලා කියන්නේ :DDD

    ReplyDelete
  57. වෙනි : ඔන්න මොඩරේශන් ගැලෙවුවා

    ReplyDelete
  58. මෙන්න මන් කඩන පද - 1 ඔව් මැස්සො කැරපොත්තො..
    2. නැහැ.. ඒත් ඔෆිස් වෙලාවෙ වෙන වැඩ..බ්ලොග් වලට කමෙන්ට් ලියනවා.. ඔව් එහෙම බැලුවොත් කැඩෙනවා
    3 - ඔව් (ලැජ්ජාවෙන් ඇඹරෙමින් )
    4 - ඔව් කඩනවා..
    5. අනිවා ඩෙෆා !
    මේ කැඩෙන එව්වා ජීවිතේම කරගෙන නැහැ.. මොකද කඩපු වෙලාවෙ ඉඳන්ම විඳවනවා හිතෙන් කැඩුනා නේද කියලා.. දිට්ඨ දම්ම වේදනීය කර්මෙ ඵල දෙනවා ලෙසටම ! So What ?

    ReplyDelete
  59. ආගම නේද..? අම්මෝ...

    ඔය "නිර්" කියන ආගමේ සාස්තෘවරයා කවුද දෙයියනේ.. දන්න කෙනෙක් මට කියලා දෙන්ට..:D

    ReplyDelete
  60. වෙනි : මම මේ වැපාගෙන් ප්‍රස්නෙ ඇහුවෙ. ඕකට ඉතින් මගෙ උත්තරෙත් එමමයි.

    ReplyDelete
  61. මම නිර් ආගමිකයෙක් නෙවෙයි , බෞද්ධයෙක් . හැබැයි මම කෙනෙකුට නිර් ආගමික වීමට තියන අයිතියට ගෞරව කරනව , අන්න ඒ අයිතිය වෙනුවෙනුයි කථාව . බෞද්ධයෙක් විදිහට මම පුද පුජාවල් වලට නම් නැ , දාර්ශනික පැත්ත ගැනයි උනන්දුව ආතර් සී ක්ලාක් මහත්තය වගෙ ක්‍රිප්ටො බුඩිස්ට් කිව්වොත් වඩාත් නිවැරදියි . මම වයස 19න් පාස්සේ , වර්තමානයෙ මම ඉන්න මතය ඇතිවුනාට පස්සෙ කිසිම වෙලාවක නොපෙනෙන බල්වේග පස්සෙ ගිහිල්ලා නැ (බෞද්ධයෙකුට නොපෙනෙන බලවේග පස්සෙ යැම කොහොමටත් අදාල නැ ). මේ වෙනකොට ගෙදර අය මං වෙනුවෙන් ඒ ව කරන එකත් වලක්වල තියෙයි (විභාග වලට භාර වීම ආදිය ) . වෙන අයගේ ආගමික වැඩ වලට සප් එක නොදී ඉන්නෙත් නැ . ඒ කියන්නේ ගෙද්‍ර අය වෙන කෙනෙක් වෙනුවෙන් බෝධි පුජාවක් තියනවා නම් ඒකට සහයක් නොදී ඉන්නේ නැ . ඒ මගේ සමාජීය වගකීම . පෝරුවේ චාරිත්‍ර කියන්නෙ ආගමික දෙයක්ම නෙවෙයි , ඒක සංස්කෘතික දෙයක් , ඒ අපේ රටේ සංස්කෘතිය , මොකද බෞද්ධ හැමෝම විවාහ වෙන්නෙ පෝරුවෙන් නැගල නෙවෙයි නෙ . ආගමානු කූලව විවාහ වීම කියන්නෙ ලෝකෙත් කොහෙත් එකම ආගමෙ අය එකම විදිහට වීවාහ වීමට (මගේ පෞදගලික කැමැත්ත නම් , පොතේ ලියල යාලු මිත්‍රාදීන්ට හොඳ සංග්‍රහයක් කරන ඒක , පෝරුව මට දිරවන්නෙ ම නැති සීන් ඒකක් )

    ඊලන්නගට් පන්සිල් , මම අන්තිමට පන්සිල් ගත්ත දවස ගැන මතකයක්වත් නැ , හැබැයි මස් මාංශ කන නිසා පලවෙනි එක කැඩීම හැර වෙන කිසිම සිල් පදයක් කඩන්නෙත් නැ ලේසියෙන් . 2 සහ 5 ජීවිත කාලයේදීම කඩල නැ

    රාජ්‍ය සහ ආගම වෙන්වෙනවාය කියන්නෙ රටම නිර් ආගමික වෙන එක නෙවෙයි , ආගම් වලට ඕනි විදිහට රටේ තීරණ ගන්නෙ නැ කියන එක . ආගම් වල නීති පැත්තකට දාල මානව අයිති වාසිකම් ගැන හිතල සමලිංගික අයිතීන් දීම මම උදාහරණයකට ගත්තේ ඒකයි . ලංකාවෙත් වෙන්න ඕනි රටේ නායකය නිර් ආගමික වෙන එක නෙවෙයි . ආගම් මුල් කරගෙන තීරන ගැනීම වලකින එකයි , සිංගප්පුරුව මූලික වශයෙන් ගත්තෙ අධ්‍යාපන ක්‍රමය හොඳ නිසා සහ ඒකේ ආගම ඔප්ෂනල් නිසා , ඉන්දියාව ගැන කියපු නිසා තවත් යමක් එකතු කරන්නම් දකුණු ආසියාවෙන්ම සමලිංගික අයිතින් තියන එකම රට ඉන්දියාව .

    ReplyDelete
  62. @Weni: ප්‍රතිචාරය මා හට බව දක්වා නැති වුවද, මා විසින් ඔබට යොමු කළ ප්‍රතිචාරයෙහි අඩංගු “සාමාන්‍ය දැනීම“ යන්න ඔබගේ ප්‍රතිචාරයේ “ඔය සාමාන්‍ය දැනුමෙන් ඉගෙන ගන්න අය“ ලෙසින් අන්තර්ගත වන නිසා, එය මාගේ ප්‍රතිචාරයට කරල ලද ප්‍රතිචාරයක් යයි සිතා පිළිතුරු දෙමි. “@Name:“ යනාදී වශයෙන් ඔබ අමතන්නේ කවුරුන්දැයි සඳහන් කරන්නේ නම් විශාල පිරිසක් සංවාද කරන මෙවන් තැනකදී පහසුවක් වනු ඇත.

    [quote]
    මම වගේම ලේ නහර වලින් හැදිච්ච පඤ්චේන්ද්‍රියන්ගෙන් නිර්මානයවුනු හැඟීම් දැනෙන තවකෙකු විඳින දුක දකින කොට ඇහැට කඳුලක් ඇවිත් ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා කරන්න පොළඹවන හිතක් හදලා දෙන්න පුළුව්න් වෙච්ච විශයකට මන් ඔළුව නමනවා ! ඒකෙ නම ගණිතය නම්.. මට ප්‍රශ්ණයක් නැහැ..
    [/quote]

    තවත් ප්‍රාණියෙකු විඳින වේදනාවක් හෝ දුකක් පිළිබඳව තමන් තුළ දුකක් ඇති වීමට ආගමක් අවශ්‍ය ද? එය සාමාන්‍ය මිනිස් ලක්‍ෂණයක් නොවන්නේද? බුද්ධිය ඇති වෙනත් සත්ව කොට්ඨාශයක් දෙස බලන්න, අනතුරට පත්වුනු තම සගයා බේරා ගැනීමට වෙහෙසෙන සතුන් දැක නැතිද?

    [quote]ඔය සාමාන්‍ය දැනුමෙන් ඉගෙන ගන්න අය කොරන කෙලි තියෙනවා පත්තරෙ, ටීවී එකේ නිව්ස් පුරවලා.. අපරාධ පිටු ගනන් පිරිලා තියෙන්නෙ ?! මල් වගෙ වෙන්න ඕනි හිත් ගල් වුනේ කොහොමද ?
    [/quote]

    “සාමාන්‍ය දැනුම“ යනු බස් එකට අරං ඇවිත් විකුණන “සාමාන්‍ය දැනුම ප්‍රශ්නෝත්තර 100“ පොතේ ඇති ජපානයේ මුදල් ඒකකය යෙන් බව කියන සාමාන්‍ය දැනුම නොවේ. ඔබේ බුද්ධියයි. බුද්ධිය හා මනුෂ්‍යත්වය රකින සමාජයක, අනෙකාට හිරිහැරයක් නොවන සමාජයක හරකුන් මෙන් මිනිසුන් දක්කන ආගම් අවැසි නොවනු ඇත. අහිංසක සතුන්ගේ බෙලි කැපීම, පිච්චමල් හතලිස් දහසේ පූජාවන්, රුධිර පාරවිලනයට විරුද්ධ කණ්ඩායම් ආදී මෙකී නොකී මිත්‍යා විශ්වාස කරුවන් එවැන්නකට අවැසි නොවනු ඇත. සිටියද තම මතයට විරුද්ධ අය බලෙන් “හොඳ“ කරන්නට නොතනනු ඇත.

    ReplyDelete
  63. බුවා උබ ඔය හිතන විදිහට නෙමෙයිනේ ...නිර්ආගමික වෙච්ච අය හිතන්නේ... උබ බෞද්ධයෙක් හින්දා බොහොම නිදහස් මනසිකින් ඔක්කොම බලනවා ...

    ඒත් මෙතන නිර්ආගමිකයෙක් කමෙන්ට් කලා නම් මිට වඩා වෙනස් වෙනවා මේ උත්තර....

    ඒක තමයි අපිට සමාජයත් එක්ක ඉන්න කොට...ඒ තිබෙන ක්‍රම වලට අපි නොදැනුවත්ම අනුගත වෙන්න වෙනවා.... ඒ කාරනයෙදි රජයකට හෝ රාජ්‍ය නායකයාට මාරු වෙලා යන්න බැහැ ...

    රටක නියඟයක් එනවා ..රටේ ඔක්කොම කියනවා මේකට බෝධීපුජාවක් තිබ්බා නම් හොදයි කියලා..අර උබ කිව්වා වගේ රාජ්‍ය නායකයත් ඒ වගකිම ඉටු කරයි ..

    [ මම කියන්නේ නැහැ රාජ්‍ය නායකයා සුපින්වත් උපාසක තැනක් කියලා ]

    හැබැයි ඒ රටේ බහුතරය නිරි ආගමිකයෝ හෝ නොපෙන බලවේග විස්වාස නොකර අය නම් කියයි .. කෘතිම වැස්සක් ඇති කරන්න කියලා. එතකොට රාජ්‍ය නායකාය කරන්නේ ...අදාල අංශවලට දැනුම් දෙන එක

    මට තියන එකම ප්‍රශ්නය තමුන්ගේ වටපිටවා හදාගන්න බැරුව ඇයි මේ ලෝකේ අයව නිර්ආගමික කරන්න හදන්නේ කියන එක

    ReplyDelete
  64. ඒ වගේ වෙලාවක රටේ නායකත්වය කෘතිම වැස්සක් ඇති කිරීමේ තාක්ෂනික ආර්ථික හැකියාව හොයා බලන්න ඕනි කවුරුත් මොකුත් නොකිව්වත් , නායකයට ඒ ගැන දැනුවත් කරන්න තමයි උපදේශක මණ්ඩල ඉන්නේ , ජනතාව තම තමන්ගේ ආගමික විශ්වාසයන් අනුව කටයුතු කරපුවාවේ , අර මුලින් කිව්ව විදිහට කරල ඊට පස්සෙ ජනතාව කරන එකකට සම්මාදන් වෙනවා නම් ඒකේ ගැටලුවක් නැ . එහෙම තමයි ලෝකේ ගොඩක් රටවල රාජ්‍ය නායකයො වැඩ කරන්නෙ , නමුත් අර මූලික , යථාර්තවාදී විසඳුම් වලට තීරණ ගන්නෙ නැතුව රටේ නායකයත් දලදා මාලිගාවට ගිහින් බාර වෙනවා නම් , ජයශ්‍රි මහ බෝධියට සිවුරු පේරවනවා නම් අන්න එතනයි අවුල , ඒ කියන්නෙ රටේ නායකයත් විසඳුම් හොයන්නෙ නොපෙනෙන බලවේග වලින්ය කියන එකයි

    ReplyDelete
  65. බුවා, වැප් : එහෙම රටකට ප්‍රශ්නයක් ආවොත් රාජ්ජ නායකයන්ගෙ වගකීම ප්‍රශ්නයට නිසි විසඳුමක් සොයන එකයි. බහු මතය අනුව අදූශමාන බලවේගයක් සම්බන්ධ මොනවා හෝ කරත් ඒ ඇර ස්තිරසාර විසඳුමක් සොයන එක රජයක වගකීම.

    ReplyDelete
  66. අන්තිමට අහල තියන ප්‍රශ්නෙට උත්තරය - වැඩිහිටියන්ව නිවැරදි කිරීමේ හැකියාව සීමිතයි . කොහොමටත් අපි ශ්‍රි ලාංකිකයින් (ආසියාතිකයින් ) වැඩිහිටියන්ට ගරු කරන නිසා ඒ අයට ඉහලින් කථා කරනව අඩුයි නේ

    මම කථා කරන්නෙ ලෝකය නිර් ආගමික කරන්න නෙව්යි , රංග මේ ලිපියේ මතු කලා වගේ ආගම කියන දේ අනිවාර්ය පාසල් විෂයක් කරල බලෙන් පැටවීම වලක්වන්න ඕනි කියන එකට , නිර් ආගමිකයාගෙ අයිතිවාසිකම් ගැන කථාව ම්තුවෙන්නෙත් එතනින් . මේ කථා කරන්නෙ මතු පරපුර වෙනුවෙන් , පැරණි පරම්පරාව ගැන නෙවේ :D

    ReplyDelete
  67. @බුධජීව - ඔබේ අදහසට ස්තූතියි. ඔව් මට එය ඔබගේ අදහසට පිළිතුරක් ලෙස යන්නෙන් ලියන්න තිබුනා. එසේ නොලිවීම ගැන සමාවන්න.
    ඔබ මගේ කරුණු දෙකක් මුල් කර ගෙන ඔබගේ අදහස දක්වා තිබුනා.
    ඒ පිළිබඳව මා උත්සාහයක් දැරුවා ඔබගේ පාදමේ සිට තේරුම් ගන්නට ! ඔව් ඔබ සහ ඔබේ අදහස හරියටම හරි !.
    මම සැමවිටම උත්සාහ දරන්නෙ බඹයක් පමණවූ මේ ශරීර කූඩුව තුලින් ඇත්ත දකින්න..ඒකට හොඳම ස්ථීර පදනම වැටුනේ මගේ උප්පැන්නෙ තිබ්බ ආගමෙන්..එසේ නොවුනානම් මේ වනවිට ලංකාවෙ අංක එකේ හෝ දෙකේ හොරා, ස්ත්‍රීදූශකයා, කුඩු කාරයා, මිණිමරන්නා හෝ සමාජ දූශකයෙක් වන්නට තිබුනා..

    ReplyDelete
  68. මං ගියෙත් කතොලික පාසලකට!ආගම ඉගැන්නුවේ නෑ අපිට!හැබැයි කිසිම බල කිරීමක් තිබ්බෙත් නෑ අපිට!දම් පාසල් ගිහින් ගොඩ දගත්ත විභගේ!අද තියන ප්‍රශ්න ගොඩකට විසඳුම් හම්බවෙනවා පොඩි කාලේ ඉඳන්ම ලමයි බහුවාර්ගික බහු ආගමික පාසලකට යැව්වම!සිංහල පාසල් දෙමල පාසල් මුස්ලිම් පාසල් සංකල්පය එලියට දාන්න වෙලාව හරි!

    ReplyDelete
  69. සමාන්‍ය සමාජයේ වසර ගනනාවක් ආගමික ඇදහිම් හා ඒ වටපිටාවෙන් ගිය මිනිහෙක් එකපාරට රටක නායකයෙක් උනා කියලා ..... ඒ පැරණි ක්‍රම අතහරියද? මම කතා කරන්නේ ප්‍රා යෝගික තත්වය? ඔන්න ඔතනට නිර්ආගමිකයෙක් ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ....

    දලදා මාලිගාව හෝ ජය ශ්‍රී මහා බෝදියට ගිහින් මලක් පුජා කලා කියලා ..අවැඩක් වෙනවද?

    එහෙම බැලුවොත් අනාගතයට විද්‍යව කියන එකත් හොද නැහැ ..මොකද විද්‍යාවේ නරක පැත්තකුත් තියනවා නේද?

    නිර්ආගමිකයෙක් වෙන්න අයිතියක් තියනවා වගේම ආගමිකයෙක් වෙන්නත් අයිතියක් තියනවා

    හැබැයි කවදා හරි දවසක නිර්ආගමික උනොත් ... නිදහසේ ආගමක් ඇදැහිමේ අයිතයට කුමක් වේද? ... මේ කතා කරන්නෙත් ආනගත පරපුක් ගැන හිතලා

    ReplyDelete
  70. This comment has been removed by the author.

    ReplyDelete
  71. @රංග - මගේ ලෝකය, බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! & වැප්: ඔය වැසි ප්‍රශ්නය ගැන ඔච්චර හිතන්න එපා. තමංගෙ ආගමික නායකයගෙ පින්තූරෙට රැස් වලල්ල දාන්නෙ LED ටිකක් හයි කරලා කරන්ට් එකෙන් නේ. ඔය භක්තිමත් කවුරුවත් ඒ ආගමික නායකයොංගෙ ආනුභාවෙන් රැස් විහිදෙයි කියල ඉන්නෙ නෑ නෙ.

    @Weni:

    [quote]
    .ඒකට හොඳම ස්ථීර පදනම වැටුනේ මගේ උප්පැන්නෙ තිබ්බ ආගමෙන්..එසේ නොවුනානම් මේ වනවිට ලංකාවෙ අංක එකේ හෝ දෙකේ හොරා, ස්ත්‍රීදූශකයා, කුඩු කාරයා, මිණිමරන්නා හෝ සමාජ දූශකයෙක් වන්නට තිබුනා..
    [/quote]

    ආගමික නොවන්නන් අපරාධකරුවන් ද?

    ReplyDelete
  72. ඔය අදෘශ්‍යමාන බලවේග කියන දේවල් Quantum Physics වලින් නිර්වචනය කලොත් ???

    ReplyDelete
  73. @Everybody: Let's make this clear once and for all:

    "නිරාගමිකයන්" යනු

    1. “නිර්“ නම් ආගමක් අදහන, අනෙකුන් එම ආගමට ගන්නට දත කන පිරිසක්ද?

    2. ආගමකින් වැඩක් නැතැයි කියා තමන්ගේ පාඩුවේ ඉන්නා පිරිසක්ද?

    ReplyDelete
  74. @Budhajeewa - අපරාධකරුවන් බහුතරයක්ම ආගමක් තුලින් හික්මීමක් නොලද වුන්.. ඉතුරු සුළුතරය එවන් හික්මීමක් නොදන්න පරිසරයක එය දරා සිටීමට නොහැකිව එරෙහි වූවන් කියා මම හිතනවා !

    ReplyDelete
  75. 2. ආගමකින් වැඩක් නැතැයි කියා තමන්ගේ පාඩුවේ ඉන්නා පිරිසක්ද?- මෙහෙම ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ...
    ඒත් එහෙම නෙමෙයි :DD

    ReplyDelete
  76. දැනට තියන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න
    නිර්ආගමික බලකාය ...... බලෙන් නිර්ආගමික කිරිමේ පනත කියලා එකකුත් ගේනවා කියලා තව සෙට් එකක් පාලිමන්ට් යවන්න පොටවල් පාදලා දෙනවා :DD

    පාසල් ආගමික විශයෙදි උගන්වන්නේ තවත් එක් විශයක් කියලා හිතුවා නම් හරිනේ ...

    ඉගෙන ගත්තා ලිව්වා D/A එකක් දාගත්තා අමතක කලා ..මොකද විශයක් විදිහට කලා කියලා එකෙන් කාටවත් හානියක් තියෙද? අනික ඕක ඉගෙන ගත්තා කියලා නරකක් වෙනවා?

    ReplyDelete
  77. @ wap වැප් - මම පැහැදිලිව කියල තියෙන්නෙ ප්‍රමුඛතාවය , දලදා මාලිගාවේ හරි ඕනි දිහාවක ගියාට කමක් නැ ප්‍රශනයට යථාර්වාදි විසඳුම හොයල , ඒක නැතුව අතට එන එකයි අවුල . අනික රටේ ඉතිහාසයෙ දිග පලලේ හැටියට නායකයට ඒ යුග වලට යන්න බැ (චීනෙයි ඉන්දියාවෙයි ශිෂ්ඨාචාරය අපේ වගේ දෙතුන් ගුණයක් පරණයි , එහෙමයි කියල ඒ රටවල නායකයො ආපස්සට ගිහින් තීරන ගන්නෙ නැනේ සංස්කෘතිය අනුව කියල )

    විද්‍යාවට හොඳ නරක කියල දෙයෙක් නැ , විද්‍යාව කියන්නෙ ස්වාභාව ධර්මය තේරුම් ගැනීම පිලිබඳ ක්‍රමවේදයටනේ ,

    ආගමික වෙන්න අයිතියක් තියනවා තමයි , අනිවාර්ය විෂයක් කරල බලෙන් පටවන්න ඕනි නැ නේ , කැමති එකා ආගමක් ඉගෙන ගනියි . අකමැති එකා වෙන මොනව හරි දෙයක් ඉගෙන ගනියි . දෙපාර්ශවයේම අයිතීන් සුරැකෙනව

    ReplyDelete
  78. @වැප්: එය එහෙමම විය යුතුයි. මොකද පුද්ගලයෙක් නිරාගමිකයෙකු වෙන්නේ තමන්ගේ ප්‍රතිපත්තිමය තීරණයකින් නිසා. එය පුද්ගලයන් සමූහ ගැසුනු ආගම් කණ්ඩායමක් නොවෙයි, තනි පුද්ගල තීරණයක්.

    එවැන්නෙකුට රාජ්‍යයක නිල ආගම සම්බන්ධ ගැටළු තිබිය යුතු නැහැ. රාජ්‍යයෙන් ඔහුට ලැබිය යුතු එකම දෙය තමයි සියල්ලන්ටම ආගමක් තිබීම අත්‍යවශ්‍යයි කියලා රාජ්‍යයේ තීරණ ගැනීමේදී උපකල්පනය කරන එක නවතන එක.

    එය ලංකාවේ සිදුවෙයි කියා දැනට නම් සිතන්නට බැරි නිසයි http://r4ng4.blogspot.com/2011/10/blog-post_31.html?showComment=1320026522883#c8237464615484524327 නම් මගේ පළමු ප්‍රතිචාරයේ දැක්වෙන අදහස පළ කළේ.

    @Weni: එය එහෙම නම් ලංකාව අපරාධකරුවන් අඩුම රටක් විය යුතුයි.

    ReplyDelete
  79. සිංගප්පුරුවේ ක්‍රමවේදය පොඩ්ඩක් බලන්නකො , කැමති කෙනෙකුට ආගමක් විෂයක් විදිහට කල හැකි , කැමති කෙනෙකුට වෙන මොනව හරි කල හැකි . අන්න එහෙම උනාම විෂයක් විදිහට ඉගෙන ගන්නෙ තමන්ට අවශ්‍ය දේ , ආගමික අයිතියත් නිර් ආගමික අයිතියත් දෙකම සුරැකෙනව

    ReplyDelete
  80. @budhajeewa - ආන්න රංගගේ ප්‍රශ්ණයේ මුලටම යමු ! ආගමක් බලෙන් ඔළුවට පැටවිය යුතුද ? ඔව් ! එය බුද්ධාගම වැනි විද්‍යාවද තවම පිළිතුරු සොයා නොගත් ප්‍රශ්ණවලට පිලිතුරු සොයා දී ඇති දර්ශණයක් වෙත ළමා කාලයේදී මනස ඉඩ් (Id) තත්වයේදී තිබියදීම යොමු කල යුතුයි.

    ReplyDelete
  81. @Weni: පිළිතුර නැවත වරක් කියවන්න. අනාදිමත් කාලයක සිට ආගම බලෙන් ඔළුවට පටවලා තියෙද්දීත් නොවේද මෙතරම් අපරාධකරුවන් සිටින්නේ?

    ReplyDelete
  82. @ රංග - මල්ලි දැන්නම් කොන්දත් රිදෙනවා බන් පීසී එක ළඟම වාඩි වෙලා ඉඳලා..අදට ඔය මදැයි !
    @ බුධජීව - ආන් බොලාගෙ බ්ලොග් එකේ මන් පළවෙනි සමාජිකයා උනා බොලා මෙහේ පු* ඉරාගෙන තර්ක කරන අස්සෙ
    @වැප් - නටන්න පටන් අර වගේ මලයා !
    @ All මගේ ප්‍රශ්ණය තවමත් විවෘතයි.. ක්වොන්ටම්වාදය තුල අදෘශ්‍යමාන බලවේග ලෙස නිර්වචනය කරන දෙයට ඇති තැන කුමක්ද ? නැත්නම් ඔය අදෘශ්‍යමාන බලවේග කියන දේවල් Quantum Physics වලින් නිර්වචනය කලොත් ???

    ReplyDelete
  83. @Weni:
    [quote]
    ආන් බොලාගෙ බ්ලොග් එකේ මන් පළවෙනි සමාජිකයා උනා බොලා මෙහේ පු* ඉරාගෙන තර්ක කරන අස්සෙ
    [/quote]

    මොකක් කීව?

    ReplyDelete
  84. මේන් මේකෙ http://budhajeewa.blogspot.com/ හක හක හක...

    ReplyDelete
  85. @weni ක්වොන්ටම් භෞතිකය ඇතුලේ එහෙම ඉඅඩ කඩක් තියනව කියල අහල තියනව ,නමුත් ඔය ගැන මගේ දැනුම අල්පයි ඒ නිසා ගැන විවාදයකට මම නම් නැතුවා

    මොන භතිකයෙන් පැහැදිලි කලත් ප්‍රායෝගිකව අදවෙනකන් නොපෙනන බලවේගයක් කාට හරි පිහිට වෙච්ච් බවක් මම නම් දැකල නැ , අචාර්ය ඒ.ඊ කොවුර් ගංගානම් ගඟේ ජලය කියල ලිඳකින් වතුර ගෙනිච්චාම ඒව බීල හාස්කම් වලින් ලෙඩ සනීප වුනු අයත් ඉඳල තියනව .

    ReplyDelete
  86. @Weni: ඒක ෆලෝ කරන එක නං තේරුමක් නැති වෙයි, මොකද මම ඒ Blogger ගිණුම හදල තියෙන්නෙ වෙන කෙනෙක් ඒ නමින් බ්ලොග් එකක් හදන එක නවත්තන්න ඕන නිසා. ඒකෙ මොනවත් ලියවෙන එකක් නෑ. මම ලියන බ්ලොග් එක බලන්න ඕන නං http://blog.budhajeewa.com වලට යන්න. “හක හක හක...“

    ReplyDelete
  87. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !:

    හක හක හක...

    ;)

    ReplyDelete
  88. බුධා : ඔන්න මමත් එලවනවා. දැන් ලියපිය මොනා හරි

    ReplyDelete
  89. @රංග - මගේ ලෝකය: http://blog.budhajeewa.com එකේවත් ලිවුවෙ නෑ මාස හය හතකින්! :/ (Off-topic යනවද මන්දා?!)

    ReplyDelete
  90. ආගම කියන එක පාසල් විශයෙන් අයින් කරන්න ප්‍රධාන හේතුව... තමුන්ට ඒ උගන්වන ආගම ගැලපෙන්නේ නැති එකනම් එතන පොඩි සත්‍ය තාවයක් තියනවා ඔප්ෂනල් කරන්න. හැබැයි එහෙම කරන්නේ නිර් ආගමකියෝ හින්දා නම්... එහෙම නොකල යුතුයි කියලා මම කියන්නේ....නිර් ආගමිකයෙක්ට ආගමික කරුනක් කියන්නේ නිකන්ම නිකන් විශයක් විතරයිනේ.

    හරි කමක් නැහැ ... මේකෙන් එලියට ආවා අලුත් දෙයක් බුවා කිව්වා,මම අදමයි ඒක ඇහැව්වේ


    //විද්‍යාව කියන්නෙ ස්වාභාව ධර්මය තේරුම් ගැනීම පිලිබඳ ක්‍රමවේදයටනේ\\ - මේක ගැන නම් තව හිතන්න වෙනවා ....

    මොකද ස්බාවදහම තේරුම් අරන් අස්වාභාවික දේවල් නිපදවනාවනේ

    ReplyDelete
  91. "කාලෙන් කාලෙට එන වසංගතේ නැහැ අඩු පාඩු.." :D

    ඕවා ඔහොම තමයි ළමායි... බුදු දහමට 2550යි
    ක්‍රිස්තියානියට 2011යි
    කතෝලික..?
    හින්දු..?
    මුස්ලිම්..? ඒ වට කොච්චරක්ද කියලා කියන්න මං දන්නෙ නැහැ ඒත් ඔය හැම එකටම ලොකු ඉතිහාසයක් තියෙනවා. ලොකේ මිනිස්සු එකිනෙකා කා කොටා ගන්නේ නැතිව අදටත් ශිෂ්ඨාචාරය පැවතෙන්නේ මොන නමකින් තිබුනත් ඔය කියන ආගම් ටික හින්දයි. ඒ ආගම් හරහාම මිනිස්සු මරා ගත්ත අවස්ථා තිබුනා උනත් ඒ දිහා බලලා විතරක් තීරණය කරන්න එපා ආගම් නිසා ප්‍රශ්න මිස යහපත් දේවල් වෙලා නැතිය කියලා.

    එහෙම ආගමේ නාමයෙන් හෝ පවට ඇති බියටත් වඩා පව් විපාක දීම පිළිබඳව ඇති බිය නිසා මිනිස්සු කියන කොට්ඨාශය මේ තරමට පාලනයක් තියා ගෙන ඉන්නේ. අද නිර් ආගමික හරි මොන විදියකින් කතා කලත් ඒ හැම කෙනාම ඔවුන් නොදැන හෝ කුඩා කල සිට යම් කිසි ආගමකින් එක්තරා දුරකට හික්මවා තිබීම හින්දයි ඔවුන් උනත් හොඳ නරක ගැන ඔය තරමින් කතා කරන්නේ එහෙම නොවුන නම් අද වෙන කොට මිනිස් සමාජයත් තිරිසන් සමාජයත් අතර වෙනසක් නැතිව යනවා..රජයකින් පනවන නීති දහස් ගණනකට වඩා ආගමක් හරහා දුන්න පවට ඇති බිය කියන කොටසින් මිනිසුන් බැඳලා තියෙන කල් මේක මෙහෙම යයි. ඒ බැමි බින්ද දවසට මෙතන ඉන්නේ සතා සීපාවා වගේ සෙට් එකක්. උන් නිතරම ලොකු එකා පොඩි එකාව ගිලින්න බලං ඉන්න උන් ටිකක්. බැඳීමක් නැති තැන හිතන්නෙපා උන් ටික පොඩි උන්ට ආරක්ෂාවක් දෙයි කියලා.. අනිවාර්යයෙන් ලෝකය අපායක් වෙනවා.

    කෙනෙක් කියයි නීතිය ක්‍රියාත්මක වෙන හින්දා එහෙම අසාධාරණයක් නොවෙයි කියලා. නැහැ එහෙම වෙන්නේ නැහැ..මොකද නීති හදන එකත් බලන්නේ තමාගේ ගොඩ ලොකු කරගන්න. එහෙම උනාම ඌ නීති හදන්නෙත් උගේම වාසියට.. අසරණ පොඩි උන්..දුර්වලයින්.. තැලෙන තැලිල්ල ගැන හිතන්නවත් ඔය "නිර්" කට්ටියට හැකියාවක් නැහැ.

    තව ලියන්න දේවල්නං ඕන තරං ඒත් මං අකමැතිම විෂයක් මේ ආගම් ගැන වාද විවාද කර කර ඉන්න එක ඊට කලින් අර රංග කිව්ව විදියට පන්සිල් පද ටික රැකලා ඇවිත් ඉන්න එපෑ.. හැබැයි නිර්ආගමේ නාමයෙන් තමන් කරන වැරදි වහ ගන්නත් පව් හෝදන්නත් සූදානම් වෙන කට්ටිය පොඩ්ඩකට හිතුවනං හොදයි අපි නැහැ නැහැ කියලා නිතරම අපිටම හිතිං ඔප්පු කරගෙන හිත සනසවගන්න හදන පරලොව කියලා එකක් තියේ නම් සහ කර්ම විපාකය තියෙනං එහෙම නිර් වෙලා වැරදි වහ ගත්තට හරි යයිද කියලා.. ඔච්චරයි කරණාව සරලයි..

    ReplyDelete
  92. @වැප් - ස්වාභාව ධර්මයා හදාරල අස්වාභාවික දේ නිපදනව තමන්ගේ පහසුවට , එක්කො වෙන එකෙක් විනාශ කරන්න . ඔය කොයි ආගම් කොච්චර තිබුනත් ඒක නවත්තන්න ලැබිලා නැ , හැබැයි අනිසි ප්‍රතිඵ්ල තේරුම් ගත්ත මිනිස්සු ඒකෙන් ඇත්වුනා උදාහරණය ජපානය , ලෝකේ තුන්වන (මෙච්ච්‍ර කල් දෙක ) ආර්ථික බලවතා වෙලත් යුද්ධ වලට හොට දාන්න යන්නෙ නැත්තේ ඒකයි

    @මාරයා - ලංකාවේ ආගමක් අදහන්නෙ නැති අය ඉතාම අඩුයි , ආගම් අදහන්නෙ නැති අය වැඩි පුරම ඉන්නෙ ස්වීඩනය ප්‍රංශය වගේ රටවල මාරයා මතුකරන මේ වගේ තත්ව

    //මොකද නීති හදන එකත් බලන්නේ තමාගේ ගොඩ ලොකු කරගන්න. එහෙම උනාම ඌ නීති හදන්නෙත් උගේම වාසියට.. අසරණ පොඩි උන්..දුර්වලයින්//

    ඔඅය රටවල කොහොමටත් නැ , නීතිය එක එකාගෙ බූදල නෙවෙයි , ප්‍රජාතන්ත්‍රවාදය හොඳි