මගේ ඔන්ලයින් ජීවිතේ පටන් ගත්තේ 1999. NIBM ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට වැඩ කරද්දි නයිට් ප්‍රැක්ටිකල් දවසට හොරෙන් නෙට් රිංගනවා. යන්නේ කපුටා චැට් එකට. ඕකෙ ගිහින් පිස්සු නට නට ඉන්නවා. ඒත් ඒකෙ වැඩිපුරම වෙන්නෙ පිස්සො ඇවිත් කුනුහර්ප කියන එකත්, සිංහල දෙමළ අය බෙදිල මරා ගන්න එකත්.
මට මතක විදියට මම 2002 විතර සෙට් වුනා සන්ටෙල් WOW චැට් එකට. මේකට ගියේ නම් වෙන චැට් එකකට වත් යන්න විදියක් නොතිබුන අපේ අනූ එක්ක චැට් කරන්න. මොකද ඌ වැඩ කරේ ශ්‍රී ලංකන් එයාර් ලයින්. මම සුරාජ් අනූ තුන් දෙනා ඕකෙ චැට් එකට සෙට් වෙනවා.
අපි 3 දෙනාම කාටවත් කරදරයක් නැති නිසා ටික ටික රූම් එකේ ඉන්න ගොඩක් අය අපිත් එක්ක ෆිට් උනා. ඔතනදි තමා චූටි අඳුර ගත්තෙත්. තව හෙන ශේප් ඩයල් බොහොමයක් අඳුර ගත්තා. ඒත් එතන හම්බ වෙච්ච අයගෙන් ඇත්තටම හම්බ වෙන්න ගියේ නම් චූටිව විතරයි. ඒ විස්තර මම කොටස් වශයෙන් ලියල තියෙනවනේ.
ඊට පස්සෙ කලකින් මම සෙට් උනා අනංමනං සයිට් එකේ චැට් එකට. මෙතන ඉන්න ඇඩ්මින්ල එහෙම WOW එකේදි මම දන්න එවුන්. බොහොම ටික කාලෙකින් මමත් ඒකෙ ඇඩ්ඩිං කෙනෙක් උනා. ඔය කාලෙ තමා අනංමනං සිංහලයා අතර වලි ගියේ. අර දොස්තර හැකර් තුමා මාව පාවලා දුන්නේත් ඔය කාලෙමයි.
ඕකෙ හැම්තිස්සෙම වගේ මම ඔන්ලයින් ඉන්නවා. වැඩිය චැට් නොකරට මම තමා වැඩිම වෙලාවක් ඔන්ලයින් ඉන්නේ. ඒක නිසාම මම රූම් එකට එන යන හැම එකාවම වගේ ටික ටික දන්නවා. පරන උන් ඔක්කොම ඔන්ලයින් ආව වෙලාවට පිස්සු කෙලිනවා. නැත්නම් සද්ද නැතුව පාඩුවේ ඉන්නවා.
දවසක් කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකකින් කවුදෝ ඔන්ලයින් ආව. ඇවිල්ල සද්ද නැතුව බලන් ඉන්නව. කෙල්ලක් ආවම ඉතිං අපේ අය්යලත් පැනල කතා කරන්න යනව. මෙයා සද්දයක් නෑ. මම නම් ඉස්සෙල්ලම ඕනෙ කෙනෙක් කොල්ලෙක් කියල හිතාගෙන ඉන්නෙ. නිකං ඉල්ලන් බයිට් වෙන්න ඕනෙ නැහැනෙ.
මම මෙයා එක්ක කතා කරේම නෑ. ඔය අස්සෙ අපේ උන් ටික ඇවිත් එතන හෙන පිස්සුවක් කෙලිය. ඊට පස්සෙ දෙවනි දවසෙ කෙලින්ම මෙයා මට කතා කරා පබ්ලික්. කොහොම හරි දැන් මෙයා මට ෆිට් වෙලා දෙන්න පබ්ලික් පිස්සු කෙලිනවා. හැබැයි මම කල්පනාවෙන් කතා කරන්නෙ. මෙයත් දන්නව මට ශුවර් නෑ එයා කෙල්ලක් ද කොල්ලෙක් ද කියල.
සති දෙකක් විතර ගියාම සෑහෙන ෆිට්. මෙයා මගෙන් විස්තර ඇහුවම මම වැඩි විස්තර කියන්න ගියේ නෑ. මගේ ඇත්ත නම, වැඩ කරන කොම්පැනිය කියන දෙක කිවුවා. එදා හවස කොම්පැනි ජෙනරල් ලයින් එකට මට කෝල් එකක් මෙයාගෙන්. ඇත්තටම කෙල්ලක් තමා.
දැන් ඊලඟ ගෙස් එක කවුරු හරි දන්න එකෙක් කෙල්ලක් දම්මලා මාව බයිට් කරනව වෙන්න ඕනි කියල. කොහොම හරි දැන් දෙන්න ලඟම මොබයිල් නොම්මර තියෙනව. ඒත් කෝල් කරන්නෙ නෑ. අරය ඔන්ලයින් ආවම මම නැත්නම් මැසේජ් එකක් එවනව ඔන්ලයින් එන්න කියල.
කොහොම හරි සෙනසුරාද දවසක මෙයා මට මැසේජ් එකක් එවුවා ක්ලාස් ගිහින් උදේ ක්ලාස් එක කැන්සල් කියල. මම එවෙලේ හිටියේ යුනිටි එකේ. එහෙම්ම ගියා මෙයාගෙ ඉන්ස්ටිටියුට් එක ලඟට. මැක් එකට ගිහින් මොනා හරි බොන්න කතා කරත් මෙයා බෑ කිවුව. අනික පලවෙනියටම දැක්ක දවසනේ. නම නිෂා.
කතා බහ කරාම දැන් නම් ශුවර් බයිට් එකක් නෙමේ කියල. ගෑනු ලමයත් ඇට්‍රැක්ටිව්. මනුස්සයත් හොඳයි වගේ. "දෙන දෙයියෝ ගෙදරටම ගෙනෙත් දෙනවනේ" කියල මමත් එදා හෙන ආතල් එකේ ගෙදර ගියා. කලාස් එක ලඟ මම හිතන්නේ අපි දෙන්න පැයක් විතර කතා කරා, ඒත් හිටගෙන එච්චර වෙලා කතා කරා කියල දන්නෙ එලියට බැහැල ඔරලෝසුව බැලුවම.
මෙයා ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරනව ඔෆිස් එක තිබුනේ අපේ ඔෆිස් එකට කිලෝමීටර් දෙකක් විතර එහා. මෙයත් යන්නෙ 138 බස් එකේ. හැබැයි එයාට ඔෆිස් එක ලඟින් බස් එකට නගින්න පුලුවන්. ඒත් මෙයා දවසක් කොටුවට ආව හවස ගෙදර යන්න. ඔන්න මෙයා හම්බ උන දෙවනි දවසෙ.
බස් එකේ යන ගමන් එයාගෙ ස්ටෝරි එක කිවුවා. මෙයාගෙ සීරියස් ලව් එකක් තිබිල අවුරුදු ගානක. අන්තිමට කොල්ලගෙ ගෙදරින් අකමැති වෙලා කුල මල කේස් එකකට. මෙයා හෙන අවුලෙන් ඉඳල තියෙන්නෙ. මෙයාට සපොර්ට් කරල තියෙන්නෙ, දුකට සැපට ඉඳල තියෙන්නෙ ඒ කාලෙ එකට වැඩ කරපු කොල්ලෙක්.
අන්තිමට මෙයා ඒ කොල්ලට සෙට් වෙලා. ඔහොම දවස් දෙක තුනක් හවස ගෙදර යද්දි බස් එකේ ගියා කතාවක් දාගෙන. මෙයාට මාව හෙනට හිතට අල්ලලා. මටත් මෙයා හිතට අල්ලලා නෑ කිවුව නම් ඒක බොරුවක්. අර කොල්ලා මෙයාගෙ චොයිස් එකේ නෙමේ, අර අවුලෙන් හිටිය කාලෙ නිසා එහෙම්ම සෙට් වෙලා.
දැන් දෙන්න එන්ගේජ් වෙලා බඳින්න තව මාස ගානයි. මෙයා අඬනවා ඇයි මෙයා මාව කලින් අඳුර ගත්තෙ නැත්තෙ කියල. ඒ අස්සෙ ලැජ්ජයිත් එක්ක. ඔක්කොම කතා බහ යන්නෙ බස් එකේනෙ. මිනිස්සු බලනව මේ මොකද කියල. මම ඉතින් යන්තම් මෙයාව ශේප් කරල යැවුවා.
යවල ගෙදර ඇවිල්ල කල්පනා කරා මේ කරන වැඩේ හරිද? ඇත්තටම වැරැද්දක් නෑ. මොකද අපි දෙන්න යාලුවො විදියට ආශ්‍රය කරනව විතරනේ. ඒත් දෙන්නම දෙන්නට කැමති නම්, ඒත් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් නම් එක අතකට මේ කරන දේ වැරදියි.
අනික දැන් මේක තේරුම් කරල දෙන්න මෙයාව හම්බ වෙන්න යන එකත් හරි නෑ. බස් එකේ කතා කරන්නත් බෑ. අන්තිමට ෆෝන් එකෙන් කතා බහ කරල පැයක් විතර කතා කරල එයාටත් තේරුම් කරල දුන්නා අපි යාලුවො විදියටවත් ආශ්‍රය කරන එක වැරදියි කියල.
ඊට පස්සෙ අද වෙනකම් කිසිම කන්ටැක්ට් එකක් නෑ. මම හිතනව එයා කසාද බැඳල හොඳට ජීවත් වෙනව ඇති කියල. මම ඒ කරපු දේ හරි ද වැරදිද කියන්න මම අදටත් දන්නෙ නෑ. මට හිතෙන විදියට මම කරපු දේ හරි.
Tuesday, May 31, 2011
බඳින්න ඉන්න කෙල්ලක්, කෙල්ලට කැමති වෙන කොල්ලෙක්. මොනව වෙයිද?
මුංට පිස්සුද? හැටිද?
මම ඊයෙ මල පැනල දැම්ම පෝස්ට් එක දැක්කම ගොඩක් අයට අගක් මුලක් තේරෙන්න නැතුව ඇති. මෙන්න එහෙනම් නිධාන කතාව. මේ කතාවෙ චතූ කියන්නේ බ්ලොග් ලියන අපි හැමෝම හොඳට දන්න එකෙක්.
දවසක් ජී ටෝක් එකේ
චතූ : මචං රංග, උඹ ඉන්නවද?
මම : ඔව් බං, මොකෝ සීන් එක
චතූ : මචං "අහවලා" උඹ ගැන ඉන්ටරස්ට් වගේ
මම : උඹට පිස්සුද බං, ඒකි මගේ චොයිස් එකේ නෙමේ
චතූ : අනේ මංදා, මේකි එන පොට නම් හරි නෑ
මම : මට වැඩක් නෑ බං
ඔන්න එදාම හවස තවත් ඔන්ලයින් යාලුවෙක්ගෙන් කෝල් එකක්
ශාන්ත : අඩෝ මඩයා තෝ කොහෙද?
මම : පොඩ්ඩක් පහලට ආව බං
ශාන්ත : කම්පියුටර් එකක් ලඟ තියෙනවද?
මම : ඔව් බං, උඩට ගිය ගමන් හරි
ශාන්ත : ටක් ගාල ගූගල් බස් එකට වරෙන්
මම : මොකෝ සීන් එක
ශාන්ත : වරෙන්කෝ
යද්දි අර චතූගෙන් හරි නොගිය ඩියුටිය තව කෙනෙක් භාර අරගෙන. දැනට මම එයාට ඇනොනිමස් කියල කියන්නම්. ඔන්න ඇනොනිම්ස් දාලා ගූගල් බස් එකක්. මෙන්න මෙහෙම තමා බස් එකේ තියෙන්නේ...
මට මස්සිනා කෙනෙකු සොයනු ලැබේ. හැකි ඉක්මනින් අයදුම් කරන්න
සුදුසුකම්
1). 1985ට පෙර ඉපදුන අයෙකු විය යුතුයි.
2). රැකියාවක් කිරීම
3). සුරා සූදුවෙන් තොර වීම
හැකි ඉක්මනින් අයදුම් කරන්න අයදුම්පත් වහාම බාර ගනු ලැබේ.
වැප් - ජාලය තුල නම් ඔහොම අය හොයන්න වෙන්නේ නැහැ
ඇනොනිමස් - නැති වෙන්න බෑනේ
මගේ මරණය - සුයිට්ටා සැට් කරමුද? ඌට ඔය සේරම සුදුසු කන් තියේ, ආ තව සර්ප්‍රියා
සිතුවිලි නිහඬයි - කාටද?
ඇනොනිමස් - කාටද කියන එක වැදගත් නොවේ
මගේ මරණය - සුරා සූදුවෙන් තොර උන් මන් දන්නේ ඔච්චර තමා
මාරයා ... - ඇයි මඩයා..ඌත් දැන් තොරයිනේ..:
මඩයා - නෑ බං අද බොනව මම, පොඩි පාටියක් තියෙනව
මගේ මරණය - මඩයා උබ නොබී ඉන්න එපා දැන් උඹට ඉන්න සිකුරා දෙක වෙයි උඹ බොන එකත් නැවැත්තුවා කිව්වොත් එහෙම
මඩයා - නෑ මරණෙ ආයේ මම අද සිට බොමි
වැප් - උබ දැකලා තියෙද මස්සිනා බඳින කෙල්ල, හප්පුචියේ සුවිට්ටා අර තප්පදෝරුවට යට වූනොත් එහෙම
මගේ මරණය - දැන් ඔය කාටද හොයන්නේ, කෙල්ලගේ ෆොටෝ එකක් එහෙම ඕනේ බලන්න. නැතුව අපි කොහොමද අපේ යාළුවෙක්ට කෙලවන්නේ
වැප් - දැන් ඇනොනිමස් උබ මෙතනට නමක් බලාපොරෝතුත උනාද? මාරයා/මරණයා/වැපා/මඩයා වගේ වැදගතෙක්ගේ නමක්
ඇනොනිමස් - අඩේ මට නෙමෙයි යකුනේ.....
වැප් - කෙල්ලගේ ෆොටෝව කෙසේ වෙතත් මට දෙන්න ඉඩම් ඕප්පු වල ෆොටෝ කොපියි බැංකු පොතේපිට පතකුයි
මගේ මරණය - ඇනොනිමස් දෑවැද්ද මොනාද කියපන් එහෙනම් කෙල්ල ගැන එපා
මගේ මරණය - මන් බීම නවත්තලා හරි එන්න දෑවැද්දට කෝටියක් විතර දෙනවනම්
මකරා - @ මරණය: බීම නැවැත්තුවට පස්සෙ කෝටියකින් මක් කරන්නද? හාල් ගරන්නද කෝටියක්
මගේ මරණය - මකරා කොහොම හරි දෑවැද්ද අතට ගන්නකන් විතරයි බන් ඒ කතා
වැප් - යකෝ මටත් රැකියාවක් තියනවා ..කියපිය දැවැද්දේ විස්තරය
මගේ මරණය - අන්න කොන්ඩිෂන් වෙනස් වෙලා දැන් බීවට කමක් නැහැ ලු, ඔය කියන කෙල්ල බ්ලොග් අවකාසේ ඉන්නවද ඇනොනිමස්
ඇනොනිමස් - අඩේ මගේ මස්සිනා වෙන්න පින් කරන්න ඕනි හලේ පව්කාරයන්ට බෑ
වැප් - 85 ට වැඩියි රස්සවාක් තියනවා බොන එක අද හරි නවත්වනවා මං ..කෝ කියපන් කෙල්ලගේ දැවැද්දේ විස්තරය
මඩයා - ගොඩින් කීයද? මඩින් කීයද? සල්ලි වලින් කීයද?
වැප් - එකනෙ බන් මේකි කියන්නේම නැහැ දැවැද්ද
මකරා - දෑවැද්දට නැන්දම්මෙක් හම්බ වෙනවලු
මගේ මරණය - නැන්දම්මගේ එකවුන්ට් එකේ සල්ලි කීයක් තියේද?
මගේ මරණය - වැපා මාත් උඹ පස්සෙන් ඉන්නේ මටත් දෑවැද්ද තියෙන ඉලක්කන් ගාන විතරයි ඕනේ ෆොටෝ එපා
මඩයා - .
1 වැපා
2 මරණෙ
3 මාරයා
4 මඩයා
5 මකරා
වැප් - හරි යකෝ ලිස්ට් එක දැම්මා ..දැවැද්ද කියපුවාම කැමති එකා කැමති වෙයල්ලා ... ඔක්කොම කැමති නම් ...අපි තට්ටු මාරු ක්‍රමයට බෙදා ගමු
වැප් - දැවැද්ද ගොඩාක් ලොකු නම් එකෙ ගෙයි පවුල් කමු මචන්ලා
මාරයා ... - වැපා+++++++++++
මගේ මරණය - වැපා අන්න එළ මචන්, අපිට සෙට් උනෑකි එතකොට ඒ ගෙදරම
මඩයා - ඒ කියන්නෙ ගෑනු ලමය බයිට් හදන්න එහෙම දැන ගන්න ඕනෙ
මගේ මරණය - යකෝ දෑවැද්ද තියෙන්නේ බයිට් කඩෙන් ගේමු
සිතුවිලි නිහඬයි - අපොයි දෙයියනේ....කෙල්ලෙක් ගැන කිවම කොල්ලෝ එන පෝලිම බලපල්ලකො.... .
වැප් - කෙල්ලට නෙමෙයි බන් දෑවැද්දට
මගේ මරණය - කවුද සඳුනි කෙල්ලො පස්සේ ආවේ??? අපි මේ ඉන්නේ දෑවැද්ද කීයද කියලා බලාගන්න
මකරා - අර ලැයිස්තුවට වැපාව ගැලපෙන්නෙ නෑ. බලපන් අනිත් 4 දෙනාගෙම නම් පටන් ගන්නෙ මයන්නකින්
වැප් - මකරා යකො මම නම මාරු කරගෙන එනවා යකෝ
මකරා - වැපා නැතුව මාපා කියල නම දා ගමු
වැප් - අනිවා අනිවා දැන් ඉදන් මං මාපා
ඉන්දරේ - 85 ට කලින් වෙන්න ඕනෙද? 86 ට චාන්ස් එකක් දෙනවනං මමත් බහිනවා සටනට
වැප් - ඉන්දරයා වයසට වඩා දැන් නම වෙනස් වෙන්න ඔනේ ..උබත් වරෙන් මන්දරයා කියලා නම වෙනස් කරන්
මකරා - කෝ දැන් මේ මස්සිනෙක් හොය හොය හිටපු කෙනා. එයා අතුරුදහන්ද ?
රන්දුනා - කෙල්ලේ උඹ මොකද කියන්නේ අර උඩ ලිස්ට් එක නං මහා චව් නේද?
වැප් - රන්දුනා තෝ පල මේකිගේ ඉරිසියාව අපි දැවැද්ද අරන් එක ගෙයි පවුල් කයි කියලා
මගේ මරණය - රන්දිකා හිතන්නේ මේ පෝලිමේ ඉන්නේ කෙල්ලගන්න කියලද??? දෑවැද්ද කීයද කියලා බලා ගන්න විතරයි
මඩයා - ඔව් බං අපි ලිමිටඩ් ලයබිලිටි සිස්ටම් එකට හවුල් වියාපාරයක් කරයි කියල රන්දුනාට ඉරිසියාව
රන්දුනා - ලිමිටඩ් ලයබිලිටි කරන්න මඩයෝ ඔයාගේ ජූලි එක්ක මේ අහිංසක කෙල්ලො එක්ක එව්වා කරන්න හම්බුවෙන්නේ නැහැ මං ඉන්නකම්
මගේ මරණය - රන්දුනා දැන් ඔයාගේ කාලේ ඉවරයි යන්නයන්න ගිහින් අර ගීතයෙන් ගීතය කරන්න
වැප් - අම්බිකා යනවද චව් නොවි
ඉන්දරේ - මම අවිවාහක, සුරාසූදුවෙන් තොර, පලපුරුදුකම් ඇති කෙනෙක්. උපන් අවුරුද්ද 86 වීම විතරයි ප්‍රශ්නය. මොකද කියන්නේ?
වැප් - යකෝ ඉන්දරයො නම මයන්නෙන් පටන් ගන්න ඔනේ
මකරා - මන්ද්‍රනාම කියල දා ගමු
මගේ මරණය - වේලෙන කෙල්ලො වෙන කෙල්ලෙක් පස්සෙ කොල්ලෝ පෝලිමක් ඉන්නකොට ඉරිසියාවට කතා හදනවා
වැප් - කණුවෝ බැංකු පොතේ පිට පතක් දාපන්කෝ ...වත්තේ හතර මයිමේ පැලැනත් දාපන්කෝ
මාරයා ... - එක්කෙනෙක්ටනං දෑවැද්දට කබල් කාර් එකකුයි..කනාටු ඉඩං කෑල්ලකුයි දෙන බව මාහට දන්වා ඇත
මාරයා ... - එම ඉඩමට වතුර නොමැති බැවින් බව්සරයක් තමන් විසින් සපයා ගත යුතුය
මඩයා - මණුරාධට වයස මදිලු සුවිටට මාසල කියනවට වඩා හොඳ නැද්ද මූසල කියල දාන එක?
මාරයා ... - මූසල එළනේ, මූසිල කියලම දාහං
මඩයා - අලුත් ලිස්ට් එක
1. මාපා
2. මරණෙ
3. මාරය
4. මඩයා
5. මකරා
6. මන්දරයා
7. මාප්‍රියා
8. මූසිල
මගේ මරණය - කෝ මේ ඇනොනිමස්??? අපි දැන් පොලිමේ ඉන්නවා. දෑවැද්ද කියපන්කෝ අපිට ආයි ගිහින් වැඩක් බලා ගන්න
මකරා - කෝ මේ මස්සිනෙක් හොයපු එකී. කෝ මේකි ?
වැප් - බීමත් නවත්වලා නමත් මාරු කරන් අවා ..කෝ මේකි කෝ කෝ මේකි දැවැද්ද කියපන්කෝ යකෝ ..
මගේ මරණය - කෝ යකෝ කෙල්ලගේ දෑවැද්ද දාලා ඕනේ එකක්
මඩයා - ඔව් බං මාත් මේ ගාන අහගන්න ඉන්නේ
වැප් - කෙල්ල වෙන කාව හරි එක්ක දිග කෑවත් කමක් නැහැ දෑවැද්ද දිලා
මගේ මරණය - වැපා එහෙම නම් ලොකු දෙයක් බන් දෑවැද්ද අපිට දීලා ඕනේ එකක්
මඩයා - යකෝ දෑවැද්ද අපිට දීල වෙන එකෙක් කෙල්ල ගෙනියනව කියන්නෙ ලොතරැයියක් ඇදුන වගෙනෙ බං
රන්දුනා - සික් විතරක්
මාරයා ... - ඉඩමනං උඩහ පළාතකිනි...ගෙය තමන් විසින් එහි කැමති තැනක හයි කර ගත් යුතුය
මගේ මරණය - ඉඩන් කන්නද බන් මට නම් සේරම 5000 කොල වලින් ඕනේ
ඇනොනිමස් - ඔන්න දෑවැද්ද.
ගොඩින් අක්කර 2
මඩින් - අක්කර 3
සල්ලි වලින් ලක්ශ 5යි
කාර් 1යි
රු: 40000ක් පමණ මාසික වේතනයක් හිමි රැකියාවක් ඇත
වැප් - යකෝ මේ දැවැද්දට ඕකිව ගන්නවට වඩා හොදයි රට ගිහින් නාකි සුද්දියෙක්ව බැදගන්නවා
මාරයා ... - වැප්+++++++++++
මගේ මරණය - මන් පෝලිමෙන් හැලුනා මචන් මට මදි බීම නවත්තන්න තරම් වටිනා කමක් නැහැ
මඩයා - අනිවා මම යනෝ බන් යන්න. රැපියල් පහ කේවා. මම හිතුව කෝටි ගනන් ඇති කියල.
මාරයා ... - යකෝ ඕකිට අවුරුද්දක් කන්න දෙන්නත් ඔය දෑවැද්ද මදිනේ
මගේ මරණය - ඉලක්කන් 8ක් ඕකෙන් එන්නේ නැහැ වැඩක් නැහැ, වාසලයට සෙට් කරමු ඕක ඌ කොහොමත් බොන්නේ නැති එකා නේ
මඩයා - වැපා මැරෙන්න කිට්‍ටුව සුද්දියෙක් හොයා ගනිං
ඇනොනිමස් - කැත කතා කියන්න පටන් ගත්තොත් එකෙක්ට මස්සිනා පට්ටම දෙන්නේ නෑ හරිය
වැප් - දැවැද්ද මදි මෙතන ඉන්න උන් එන්නේ නැහැ තොගේ මස්සිනා වෙන්න ... මං මේ සුද්දියෙක් හොයන්න යන ගමන්
මගේ මරණය - අපිට එපා ඔය පට්ට්ටම ඇනොනිමස්
මාරයා ... - තුක් නොදකින්..කවුද අර මගේ නම ඔය ලිස්ට් එකට දාපු එකා...
වැප් - මඩයා ලිස්ට් එක දාපන් අයේ
මගේ මරණය - දැන් ලිස්ට් එකේ ඉන්නේ ප්‍රියන්තයි වාසලයි ඉන්දරයයි මකරයි විතරයි
මඩයා - මෙන්න ලිස්ට් එක
1.
2.
3.
මාරයා ... - මඩයා++++++++++++++++++
මාරයා ... - වස ලැජ්ජාවයි...
වැප් - අවා මෙතන කොල්ලෝ හොයන්න ඔය දැවැද්දේන් පුලුවන්ද *ක වත් කහ ගන්න
මගේ මරණය - ඔය 40ක් පඩිය කිව්වට කැපිලා එනකොට 30ක් විතර එන්නේ. මඩ ඉන්ඩන් දැන් මක් කරන්නද කාර් එකත් මරුටිද දන්නේ නැහැ. ගොඩඉඩමට පාරක් නැත්නම් ඒකත් වැඩක් නැහැ
වැප් - ඔය ඉඩම් ඔක්කොම තියෙන්නේ නන්දි කඩාල් වලලු. අහංසක මිනිස්සුන්ගේන් බලෙන් අල්ල ගත්ත එව්වලු
මකරා - අක්කර දෙකක් කිවුවෙ ඉඩම් නෙවෙයිලු
මගේ මරණය - මන් කියන්නම් සාදාරන විදිහක් 5000 කොල 100 ගානේ මිටි 100ක් දෙනවනම් මන් කැමතියි
ඇනොනිමස් - මඩයා කෝ
වැප් - මඩයා ගියා නාකි සුද්දියෙකට සේවය සපයන්න
මගේ මරණය - මඩයා ගියා දෑවැද්ද මදි කියලා
වැප් - දැන් ඔය නිවේදනය දැම්මේ මඩයාව ගන්නද?
මගේ මරණය - යකෝ මුන් හදන්නේ අපේ සංගමේ කඩන්නමයි මඩයව බිලීබාගෙන
මගේ මරණය - වැපා මටත් පේන්නේ මඩයව තමා ටාගට් කරන්නේ මේ
වැප් - ඌ කැමති වෙනවවද බන් බොන්න නැති කෙල්ලෙක්ට ... අන්න ඌ ගියා ජූලිව සෙට් කරගන්න
මගේ මරණය - අන්න කෙල්ලො අන්කල් එක්ක උනත් ගන්න වටිනවා
වැප් - මදෑ අපිත් ගියා දුක් විදලා ඇති හින්දා දැවැද්ද අරන් සැපට ඉන්න කියලා
මගේ මරණය - කෝටි 5ක් දෑවැද්ද දෙනවනම් ආයි පෝලිම හැදෙන්නම්
මාරයා ... - ප්‍රේමදාස මහත්තයා තායිලන්තේ ගිහින් ඩොලර් 10ට අර කාවද හෙව්වා වගේ වැඩක් උනේ..චැහ් කුජීතයි
මාරයා ... - අඩේ දන්නේ නැති හින්දයි අහන්නේ..මේ බස් එක කාව හරි ටාගට් කරලා දාපු එකක්ද..?
වැප් - මාත් නම වෙනස් කරන් ගියා මහ ලොකුවට දැවැද්ද ගන්න කියලා ..අන්තිමට එක දවසටත් මදි ඒ සල්ලි
මාරයා ... - දවසකට තියා බං..හරි හමන් විදියට අපි සැට් වෙලා මොකුත් කරන්නවත් ඇද්ද ඒ සොච්චම
රන්දුනා - මේ බස් එකේ බෝර්ඩ් එක වෙනස් කලා නං හරි........... අපේ අක්කාට වහල් කෙනෙකු සොයනු ලැබේ. හැකි ඉක්මනින් අයදුම් කරන්න
මගේ මරණය - හම්බ වෙයි ඔය ගානට වහලක්. පොල්ල් අතු වහලක් තමා ගහගන්න වෙනෙන ඔය ගානට රන්දිකා
ප.ලි. : මේ ආරම්භය විතරයි. අපි ඒක තනිකර කොමියක් කරා. ඒත් ඔතනින් නැවතුනේ නෑ.

Monday, May 30, 2011
මේ දවස් වල විස්තර
අද පෝස්ට් එකට නම් ඇත්තටම බ්ලොග් පෝස්ට් එකක් කියන්න පුලුවන්. මොකද මේක කවි කතා සිංදු මොකුත් නැතුව මේ දවස් වල මගේ ඔලුවේ තියෙන දේවල් ගැන ලියන පෝස්ට් එකක් නිසා. මම කවදාවත් ක්‍රයි බේබි කෙනෙක් නෙමේ, අනේ මට අරම උනා මෙහෙම උනා කියන්න.
මම බ්ලොග් ලියන්න ගත්තේ මගේ හිතට ආව දුක නැති කරගන්න උනාට මම කවදාවත් අඳෝනා ලියල නෑ. අනික මම බ්ලොග් ලියන්නෙ මගේ දුක ලියල, ඒ ගැන අනුකම්පා කරන කෙල්ලක් සෙට් කර ගන්නවා කියන අරමුනෙනුත් නෙමේ.
බ්ලොග් ලියන්න අරගෙන හොඳ යාලුවො ගොඩක් සෙට් උනා. ඒ වගේම ලෝක ඇන වෙන උනුත් ඒ ගානටම සෙට් උනා. සමහරක් මගේ බ්ලොග් එකට උත්තර ලියන්න බ්ලොග් පවා හැදුවා. බ්ලොග් පෝස්ට් ලිවුවා, හෙබෙයි කෙලින් නෙමේ ඔක්කොම හැංගිලා.
මට දැන් මේ කෙහෙල්මල ඇති වෙලා තියෙන්නේ. මට අම්මෙක් නංගියෙක් ඉන්න නිසා මම කවදාවත් කෙල්ලක් ඉස්සරහ කුණුහර්ප වත් අඩුම තරමේ ඩබල් මීනිං දෙයක්වත් කියන්නෙ නෑ. ඒත් මේ වෙන දේවල් ඉවසන්න බැරි තැන ගූගල් බස් එකකදි තරු දාල උනත් මගේ අතින් කුනුහර්පයක් කියවුනා.
හැබැයි මම දුන්න වෝර්නිං එක ගනන් ගන්නෙ නැතුව සම හරක් නටන බවක් පේනවා. මගේ ඊලඟ පෝස්ට් එක මෙච්චර පිලිවෙලට නැතුව නම් ගම් එක්කම එන්න පුලුවන්. ඒක නිසා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ දෙයක් කරගෙන හිටහං කියල තමා මට කියන්න තියෙන්නෙ.
මම ආදම් උනා නම් මම කෙහෙල් කොටයක් හොයා ගන්නවා. මොකද ඒක මට හොඳයි උඹ වගේ ඩෙස්පරේට් ගෑනියෙක්ට වඩා. මේ දැම්ම කෑල්ල සාම්පල් එකක් විතරයි. මාව කුලප්පු කරගෙන ආයෙ බ්ලොග් ලියන එක නවත්තන තැනට වැඩ සෙට් කර ගන්න එපා.
හරි ඒක ඉවරයි. මම මේ බ්ලොග් ප්‍රමෝට් කරන කෙරුවාවක් පටන් ගත්තනේ. හප්පා, කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ. ඒ වැඩේට දවසක් විතර මහන්සි කරල අන්තිමට වැඩේ අතැරල දැම්මා. පුලුවන් උපරිම ටික දැම්මා. ඉතුරු විස්තර කමෙන්ට් වලින් බලා ගන්න.
දවස් දෙක තුනකින් මගෙන් සද්දයක් තිබ්බෙ නැත්තේ මට මොකුත් වෙලා නිසා නෙමේ. මම මේ ඇවටාර්, ද ලාස්ට් එයාර් බෙන්ඩර් කියන ටීවී ශෝ එක බලන්න ගත්තා. ඒකත් එක විදියක කොඩිවිනයක්. අන්තිමට දවස් 4 ක් තිස්සේ බලල යන්තම් ඒ සීරීස් එකම ඉවර කරා.
හරි, හෙට අලුත් කතාවක් එක්ක එන්නම්. මේක නොලියම බැරි නිසා ලිවුවේ.

Friday, May 27, 2011
සිංහල බ්ලොග් කරුවන්ට තල්ලුවක්
ඇත්තටම මේක මාරයා පටන් ගත්ත වැඩක්. සිංහල බ්ලොග් ගොඩාක් තිබුනට හුඟක් ඒව කවුරුත් දන්නේ නෑ. මට මෙහෙම එකක් කරන්න අයිතියක් තියෙනවද මංදා. මොකද මාරයා, අනිත් සීනියර් අය වගේ නෙමේ, මම සිංහල බ්ලොග් ලියන්න අරන් තාම මාස 6ක් විතර වගේ නිසා. ඒත් මම බ්ලොග් ලියන්න ගත්තේ නම් 2006 ඉඳන්.
මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නෙ. තමන්ට බ්ලොග් එකක් තියෙනව නම් බ්ලොග් එකේ ඇඩ්‍රස් එකත් එක්ක කමෙන්ට් එකක් දාන්න. මම ඒ බ්ලොග් එකට ගිහින් කියවලා, කමෙන්ට් එකක් දාල, ඒ බ්ලොග් එක ගැන පොඩි විස්තරයකුත් එක්ක මේ පෝස්ට් එක අප්ඩේට් කරනවා.
පලවෙනියටම සෙට් උනේ ඩාර්ක්නෙට් ඉශාර ලියන වැඩපොත කියන බ්ලොග් එක. ටිකක් විතර ටෙක්නිකල් පැත්තට බර බ්ලොග් එකක්. හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් විදියට සරලව තියෙනවා. තව ටෙක්නිකල් ඇරෙන්න පුද්ගලික අදහස් තියෙන පෝස්ට් නුත් තියෙනවා. මෙතනින් ගිහින් බලන්න.
ඊලඟ බ්ලොග් එක බස් පියා නොහොත් වැප් නිශාන්තගේ. (දැන් අහන්න එපා උගේ මොන බ්ලොග් එකද කියල). මේකෙ තියෙනදේවල් නම් සරලවම කොටස් 4 කට බෙදන්න පුලුවන්. ටෙක්නිකල්, විකාර, මතවාද සහ මෙලෝ රහක් නැති කියල. මෙන්න මෙතනින් ගිහින් බලන්න.
ඊලඟට සෙට් වෙන්නෙ අබේපාල (ලේන්) මාම. බුවාගෙ බ්ලොග් දෙකක් තියෙනවා. එකක් අපිව ටිකක් හිනස්සන්න උත්සාහ කරන බ්ලොග් එකක්. වැඩේ තියෙන්නේ හිනස්සන්න හදන පෝස්ට් වලට කිචි කවාගෙන හිනාවෙන්න ඕනෙ. එහෙම නැතිව බුවා ලියපුව තියෙනවා අම්බානෙක හිනාවෙන්න පුලුවන් විදියේ. මෙන්න මෙතනින් බලන්න.
අබේපාල මාමගේ අනිත් බ්ලොග් එක නරඹමු ශ්‍රී ලංකා කියල. මේකෙ නම් ඇත්තටම ටිකක් වැදගත් දේවල් තියෙන්නේ. අබේපාල මාමගෙ ටුවරිසම් බිස්නස් එක ප්‍රමෝට් කරන්න මාකටිං ටූල් එකක් විදියට මේ බ්ලොග් එක පාවිච්චි කරත්, ලියල තියෙන දේවල් වල නම් ඇත්තටම ගන්න දෙයක් තියෙනවා. මෙතනින් ගිහින් බලන්න.
ඊලඟ බ්ලොග් එක මධුරංගගේ සිතක සංකල්පනා කියලා. මේක ගොඩක්ම තමන්ගේ සහ යාලුවන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියවුන බ්ලොග් එකක්. තව සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වටිනකමකින් යුක්ත පෝස්ට් නුත් ඒ අතරේ තියෙනවා. මෙතනින් ගිහිල්ල කියවලා බලන්න.
ඊලඟ බ්ලොග් එක ගූගල් බස් සංගමේ යාවජීව සාමාජිකයෙක් උන නිශ් ගෙ. බ්ලොගේ නම දිය දෝතක්. මේකේ ටිකක් විහිලුවට බරව ලියල තිබුනට ඒවගේ හැම එකකම හැංගුන කතාවක් තියෙනවා. තාම පටන් අරන් වැඩි කලක් නැති නිසා ඊට එහා දෙයක් කියන්න විදියක් නෑ. මෙන්න මෙතනින් ගිහින්ම බලන්න.
ඊලඟ බ්ලොග් එක සුදු හංසිගේ සිහින තවලම. මේක ටිකක් විතර වැඩිපුර කවි පැත්තට බර උන බ්ලොග් එකක්. කතාත් නැත්තෙම නෑ. ගොඩක් ලියල තියෙන දේවල් 50% අත්දැකීම් සහ 50% කල්පිත කියල තමා හිතෙන්නෙ. මෙතනින් ගිහින් බලන්න.
ප්‍රියන්ත ලියන මගේ මතක කියන බ්ලොග් එකත් ගොඩක් අධ්‍යාපණික පැත්තට බරයි. ප්‍රියන්ත මෙච්චර කලකට ලියපු දේවල් වලින් ගොඩක්ම වටින සීරීස් දෙකක් තමා ලංකාවේ සර්පයෝ ගැන ලියපු ලිපි පෙල සහ හාර්ඩ්වෙයාර් ඉන්ජිනියරිං ගැන දැනට ලියාගෙන යන ලිපි පෙල. මෙතනින් ගිහින් බලන්න.
ඊලඟ බ්ලොග් එක තමා අපේ හසී නගා නොහොත් ඩොකී ලියන හසීගේ සිතුවිලි කියන බ්ලොග් එක. මේකෙ කවි සහ කතන්දර වලින් ගොඩක්ම ලියල තියෙන්නේ හසී නගාට වෙච්චි අකරතැබ්බ සහ තමන්ගේ ආදර කතාව. ඒ අස්සෙ පොඩි පොඩි මඩ පාරවලුත් නැත්තෙම නෑ. මෙන්න මෙතනින් ගිහින් කියවලම බලන්න.
සෝඩ ගුණේ ලියන ගුණේගේ තිප්පොල තමා ඊලඟ බ්ලොග් එක. මේකත් සම්පූර්ණයෙන්ම ජීවිත අත්දැකීම් ගැන ලියවුන බ්ලොග් එකක්. මූටත් මට වගේම හරි හරි වැඩ වෙලා තියෙනවා. සමහර පෝස්ට් නම් කියෙවුවම හිනා යනව සීරියස් කතාවක් උනත්. මෙන්න මෙතනින් ගිහින් කියවලා බලන්න.
දුකා අය්යගේ බ්ලොග් එක ටිකක් විතර අමුතුම විදියේ බ්ලොග් එකක්. සමාජ අසාධාරණයට, ඊනියා සදාචාරයට, බඩගෝස්තරවාදී දේශපාලනයට විරුද්ධව කෙලින් කතා කරන බ්ලොග් එකක්. විකාර නොලිය සිරාවට බ්ලොග් එකක් ලිවුව නම් මම යන්නෙත් ඔය පාරෙම තමා. ඒත් මට එච්චර හැකියවක් නැති නිසයි මම මෙහෙම ලියන්නෙ. මෙන්න මෙතනින් ගිහින් කියවල බලන්න.
මාරයා ලියන මාරයාගේ හෝරාව ගැන වචන කීපෙකින් ලියන්න අමාරුයි. මොකද මුල් කාලෙ නැති උන ආදරයක දුක කිවුව උනත් පහු වෙද්දි පැති කීපයකටම ගියා. මාර සරණිය, පංසල් ජීවිතේ, බස් පළුවන්ගේ කතා, පොලිසියේ ජීවිතේ, කුරුලු හමුදාවෙ ජීවිතේ. ඔය මම කැමතිම මාරය ලිවුව කතා සීරීස්. අටුවා ටීක වැඩක් නෑ, ගිහින්ම බලන්න.
ඈංගල් කානු (ශානිකා) ලියන සුලඟ වගේ ඇවිදින් තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ ගොඩක්ම තියෙන්නේ පුද්ගලික අත්දැකීම්, තමන්ගේ ආදරේ පිලිබඳව. ඒ ඇරෙන්න අධ්‍යාපනික වටිනකමක් තියෙන ලිපිත් අතරින් පතර තියෙනවා. ගිහිල්ල කියවලම බලන්න.
බස් මව නොහොත් රන්දුනා ලියන නිදහස් සිතුවිලි තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් ජීවන අත්දැකීම් අලලා ලියවුන කතාමාලා සහ කල්පිත කතා මාලා සීරීස් කිහිපයක්ම තියෙනව. මෙහෙම කියල විස්තර කරනවට වැඩිය ලේසියි, ගිහිල්ල කියවලම බලල එන්න.
ඊලඟ බ්ලොග් එක සමාධි ලියන කොල පුතා. මේකෙ ගොඩක්ම තියෙන්නෙ පොඩි කාලෙ ජීවන අත්දැකීම්. ඒ හැම කතාවකම වගේ අපේ ජීවිතයට ගන්න දේකුත් තියෙනව ඒ වගේම ලස්සන කවිත් ගොඩක් තියෙනව මේ බ්ලොග් එකේ. ගිහින්ම බලන්න මෙතනින්.
ඊලඟ බ්ලොග් එක ප්‍රසන්න ලියන ගෝල්ඩ් ෆිශ් ගෙ බ්ලොග් ටැංකිය. සයිස් එකෙන් හාල් මැස්සෙක් විතර උනාට තෝරු මෝරු කොරන වැඩ තමා මේක කරන්නේ. මම කියන වචනෙ විස්වාස නැත්නම් ගිහිල්ල කියවලාම බලන්න මුන්දැගෙ කෙරුවාවල්. මෙන්න පාර.
යසන්ත ලියන යසන්ත ඔන්ලයින් තමා ඊලඟ බ්ලොග් එක. මේක පටන් අරන් ටික කාලයයි. දැනට තියෙන පෝස්ට් වලින් නම් පේන්නෙ මේක අධ්‍යාපනික පැත්තට බරව යන්නෙ කියල. වැඩිපුරම IT සයිඩ් එක පැත්තට බරයි. මෙන්න මෙතනින් ගිහිල්ල බලන්න.
අලුත් කොල්ලා ලියන බ්ලොග් එක තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් නානාප්‍රකාර දේවල් තියෙනව, සිංදු, කවි, කතා, අධ්‍යාපනික දේවල්, අතීත මතකයන්. ගොඩක් පෝස්ට් වල ස්ටයිල් එක එකින් එකට සෑහෙන්න වෙනස්. මෙතනින් ගිහින් කියවල බලන්න.
ඊලඟ බ්ලොග් එක රත්ගමයා. බ්ලොග් අවකාශයේ කුප්පම කුජීතම බ්ලොග් එක මුගේ තමා (ඌ හිතන් ඉන්න විදියට). මූ ගාථ කියල නිදා ගන්නෙ නැතුව රෑට හීනෙන් පේන විකාර ගැන ලියනව ඇරෙන්න, පුද්ගලික අත්දැකීම්, අධ්‍යාපනික වටිනකමක් ඇති දේවල් ගැනත් ලියල තියෙනව. ගිහින්ම බලල එන්න මෙන්න පාර.
පිණිබිඳු තමා ඊලඟ බ්ලොග් එක. මේකත් ගොඩක්ම තමන්ගෙ අත්දැකීම් ඇසුරින් ලියවුනු කතා තමා තියෙන්නෙ. ඒ ඇරෙන්න ලස්සන කවි, පොත්පත් ගැන විචාර වගේම කැම ජාති හදන විදි ගැනත් ලියල තියෙනවා. මෙන්න මෙතනින් යන්න.
ඊලඟ බ්ලොග් එකේ නම මගේ කතා. මගේ කතා බ්ලොග් එකේ ලියල තියෙන ස්ටයිල් එක මම ලියන කතා වලට කිට්‍ටුයි. ඒක ලියපු පුද්ගලයට සහ යාලුවොන්ට වෙච්ච එක එක අකරතැබ්බ සහ රසවත් සිද්ධි තමා මේකෙ ලියල තියෙන්නෙ. මෙතනින් ගිහින් එන්න.
චානක ලියන මකර රජදහන තමා ඊලඟ බ්ලොග් එක. මේකෙත් විවිධත්වයක් තියෙනවා. ගොඩක්ම කාලීන මාතෘකා ගැනතමා ලියල තියෙන්නෙ. ඒ ඇරෙන්න බුවා ඉන්නෙ සිංගප්පූරුවෙ නිසා ඒ පැත්තෙ විස්තරත් ගොඩක්ම ලියල තියෙනව. මේ තියෙන්නේ මකර රජදහනට යන පාර.
බින්දි ලියන නෙලුම් විල තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ තනිකරම තියෙන්නේ තමන් දැනට ජීවත්වෙන වියට්නාමය ගැන. වියට්නාම් දේශපාලනය, ජන ජීවිතය, සුවිශේෂී පුද්ගලයන්, බුදු දහම, වැදගත් ස්ථාන වගේ මෙකී නොකී ගොඩක් දේවල් තියෙනව. මෙතනින් ගිහින් බලන්න.
ඊලඟ බ්ලොග් එක Yකණිගේ සටහන ලියන රේඩියෝ පියා හෙවත් ලේන් කණියගේ. මේ බ්ලොග් එකෙ ගොඩක්ම සරලව ටෙක්නිකල් දේවල් තියෙන බ්ලොග් එකක්. ඔන්ලයින් රේඩියෝ කරන්නෙ කොහොමද, උබන්‍ටු එක්ක වැඩ කරන විදිය වගේ බ්ලොග් කස්ටමයිස් කරන ඒව ගැනත් ලියල තියෙනවා. මෙන්න යන පාර.
බුවා ලියන බුවාගේ සිතුවිලි තමා ඊලඟ බ්ලොග් එක. සාමාන්‍ය ලාංකිකයෙක් විදියට අතිශයෙන්ම ක්‍රිකට් ලෝලියෙක් උනාට බුවාට තියෙන්නේ විරෝධාකල්ප අදහස්. මම මෙහෙම විස්තර කරනවට වඩා මේ මොකක්ද කියල දැනගන්න නම් මෙන්න මෙතනින් ගිහිල්ලම බලන්න.
ඊලඟ බ්ලොග් එක දුෂාන් ලියන දුෂාන්ගේ අඩවිය. ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්, අලුත් සොෆ්ට්වෙයාර්, තව IT සම්බන්ධ මාතෘකා සහ ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම වගේ දේවල් තමා මේ බ්ලොග් එකේ තියෙන්නේ. මෙන්න මෙතනින් යන්න පුලුවන්.
කාංචනා අමිලානි ලියන හිතනලන්තය තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ ලස්සන කවි තියෙනවා. හැබැයි මේ කවි වලින් කියවෙන්නෙ ජීවිතයේ යථාර්තය තමා. මෙන්න පාර ගිහින් බලල එන්න.
ඊලඟ බ්ලොගේ සීනි (සිතුවිලි නිහඩයි) ගේ. මේකෙත් ගොඩාක් ජීවන අත්දැකීම් ගැන කවි ලියල තියෙනවා. ඒ වගේම සීනිගෙ ආදර කතාවත් ලියවිලා තියෙනවා. තව වෙනස්ම විදියේ කොටස් වශයෙන් යන කතා කීපයක්ම තියෙනව. ගිහින් බලන්නකො.
සුජීව කොකාවල කියන්නෙ ගොඩක් අයට වඩා වෙනස් විදියට හිතන කලාකාමී කෙනෙක්. එයාගෙ නිකමට ලියූ කවි, අයාලේ ගිය පිය සටහන්, Short කතා කියල බ්ලොග් 3 ක් තියෙනවා. මම කලින් බලල තියෙන්නෙ නිකමට ලියූ කවි විතරයි. අනිත් දෙකත් ඉක්මනටම බලන්න සෙට් වෙන්න ඕනෙ.
නසරාණියාගේ නසරාණි ලෝකය තමා ඊලඟ බ්ලොග් එක. මූත් මං වගේ කෙල්ලන්ට සිරා ලව් කරන්න ගිහිල්ල අම්බානෙකම නා ගත්ත එකෙක්. ලියල තියෙන ඒව දැක්කම ඔලුව කැරකෙනව වගේ. ඒත් මේක තමා ඇත්ත ලෝක ස්වභාවය. මේ තියෙන්නේ එහෙට යන පාර.
ඊලඟ බ්ලොග් එක පණුවා නොහොත් අනුරාධ ලියන අනන්තය. මේකෙ කවි කතා සිංදු වගේම මූට වෙච්ච පජාත කුජීත වැඩ බොහොමයක් ගැන විස්තර තියෙනවා. තව මේක ඉගෙන ගන්න ඇනිමේශන් අනංමනං ගැනත් එහෙන් මෙහෙන් ලියල තියෙනව. බලන්න (නො)වටින බ්ලොග් එකක්. මෙන්න ලින්ක් එක.
තීර්ථ යාත්‍රිකයා ලියන තීර්ථ යාත්‍රාව තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ කාලීන, අත්දැකීම්, අධ්‍යාපනික, IT කියන අංග 4 ගැනම සම සමව ලියවිලා තියෙනවා. මෙන්න මේ පාරෙන් ගියොත් කියවන්න පුලුවන්.
ඊලඟ බ්ලොග් එක වත් ලියන සොඳුරු සිත. මේකෙ වැඩිපුරම තියෙන්නෙ කවි. ඒ ඇරෙන්න ප්‍රබන්ධ කතාත් බොහොමයක් තියෙනවා. ගොඩක් කතා නම් හරිම සංවේදී විදියට ලියවුන ඒවා. මෙන්න පාර ගිහින් බලල එන්න.
සහෝධරයා මට ඊයකින් දන්වලා තිබුනා බ්ලොගර් අවුලක් නිසා බ්ලොග් වලට කමෙන්ට් දාන්න බෑ කියල. ඒවගේම මට එයාගෙ බ්ලොගේ ඇඩ්‍රස් එකත් එවල තිබුනා. ආයෙ සැරයක් අලුතින්ම ලියන්න පටන් අරගෙන නිසා මොකුත් විස්තරයක් කියන්න දන්නෙ නෑ. මේ තියෙන්නෙ අලුත්ම බ්ලොග් එකේ ලින්ක් එක.
රාජ් ලියන රාජ්ගේ නවාතැන තමා ඊලඟ බ්ලොග් එක. සිංහල වැල හොයන්න අන්තර්ජාලෙ සැරිසරල සිංහල බ්ලොග් හොයා ගත්ත කොල්ලෙක් ඌ. තාම බ්ලොගේ බ්‍රෑන්ඩ් නිව් නිසා දැනට වැඩි විස්තරයක් කියන්න නම් දන්නෙ නෑ. මේ තියෙන්නෙ ඒ අඩවියට යන පාර.
පූසා එහෙමත් නැත්නම් සුදු පූසා ලියන වීදුරු ගෙවල් තමා ඊලඟ බ්ලොග් එක. මේකත් ටිකක් වෙනස්ම විදියක බ්ලොග් එකක්. තමන්ගෙ ජීවිතේ විඳපු, විඳවපු දේවල් සහ කාලීන මාතෘකා ගැන කවි වලින් කතා වලින් ලියල තියෙනව. මෙන්න පාර.
ඊලඟ බ්ලොග් එක පිස්සි ලියන පිස්සිගෙ ලෝකෙ. මේකෙ පිස්සිගෙ ජීවන අත්දැකීම් තියෙන්නෙ. ඇත්තටම මේකෙ වැඩිපුරම තියෙන්නෙ කොටස් වශයෙන් යන පිස්සිගෙ ආදර කතාව. අපේ කාලෙ ආදර කතා වලට වඩා සෑහෙන්න වෙනස්. කියවලාම බලන්න මෙතනින්.
මහේෂ් හසන්ත ලියන ඇසිපියක මහිම තමා ඊලඟ බ්ලොග් එක. මහේෂ් ම කියන විදියට නම් අවංක ආදරේ වෙනුවෙන් තමා මේ බ්ලොග් එක ලියන්නේ. මට පේන විදියට නම් අවංකව ආදරේ කරල කෙලවගෙන තමා මේ බ්ලොග් ලියන්නේ. මෙන්න ගිහින් බලන්න.
සුපර් මාරියෝ ලියන සුපර් මාරියෝගේ ලෝකයත් පොඩ්ඩක් වෙනස්ම විදියක බ්ලොග් එකක්. මේකෙ තමන්ගෙ සහ යාලුවොන්ගෙ අත්දැකීම් වගේම ඉන්ටර්නෙට් එකේදි තමන් දැක්ක සිත්ගන්නාසුලු දේවල් අනිත් අය එක්ක බෙදා හදා ගෙන තියෙනව. ගිහින් බලන්න.
ඊලඟ එක ADK කොලුවා ලියන මට දැණෙන දේ කියන බ්ලොග් එක. මේකෙ ලියන කෙනාගේ සහ යාලුවන්ගෙ රසවත් කතා, කවි වගේම IQ ප්‍රශ්නත් තියෙනවා. මගෙන් IQ ප්‍රශ්න ගැන අහපු අයට මෙතෙන්ට ගිහින් බලන්න පුලුවන්. මේන් යන පාර.
ලහිරු ලියන ලහියාගේ සිතුවිලි තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ නම දවසින් දවස මාරු උනා සීනිව මූට සෙට් වෙනකම්. ගොඩක්ම ලහිය විඳපු / විඳවපු දේවල් සහ තමන්ගෙ දුක තමා මේකෙ තියෙන්නේ. ඒ ඇරෙන්න දැන් නම් ෆුල් ලව් සීන් තමා යන්නේ. මෙතනින් ගිහින් බලල එන්න.
ඊලඟ බ්ලොග් එක තාරා ලියන තාරාගේ සිතුවිලි කියන බ්ලොග් එක. තාරා කියන්නෙ තවම ඉගෙන ගන්න කෙනෙක්. තමන්ගෙ බෝඩිම් ජීවිතේ රස කතා, ජීවන අත්දැකීම් සහ තමන් ප්‍රිය කරන දේවල් ගැන තමා මේ බ්ලොග් එකේ ලියල තියෙන්නේ. මෙන්න එහේ යන්න පාර.
ඕනමැන්ටල්ගේ බ්ලොගේ තමා ඊලඟ එක. මේක ලියන්නේ ඕනයා හෙවත් ලාස්ට් රෝ එකේ ඇන්ඩර්සන් ලමයා. මේකත් පට්ට පජාත කුජීත බ්ලොග් එකක්. මූ එක එකාගෙන් ගුටි කාපු හැටි, මූට වෙච්චි දේවල් කිසිම ලැජ්ජවක් නැතුව ලියල තියනව. ලැජ්ජ නහර නැති අය විතරක් මෙන්න මෙතනින් ගිහින් බලල එන්න.
ඕනයා තවත් බ්ලොග් එකක් ලියනව උගේ රස්සාව ගැන. ඒ කියන්නේ මාලු සබ්ජෙක්ට් එක ගැන. කොහෙද ගාල්ලෙ ඉපදුනාට මම මාලුවොන්ගෙ වැඩිය නම් ගම් වත් දන්නෙ නැති එකේ මේ ගැන වැඩිය කියන්නෙ නෑ. ගිහින් බලන එක තමා හොඳම වැඩේ.
ඊලඟ බ්ලොග් එක පබලු නගා ලියන මගේ තනිකම. මේකෙ තනිකරම කවි තියෙන්නෙ. කියෙවුවම නම් හිතන්නෙ තමන් දකින, දුටුව, විඳපු, විඳවපු දේවල් තමා මේ කවියෙන් කියල තියෙන්නෙ කියල. මෙන්න මෙතනින් පුලුවන් ඒ අඩවියට ගිහින් බලල එන්න.
කඩේ හාමිනේ ලියන නොනිමි සිත් අහස තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ ගොඩක්ම තමන් මූනදීපු අත්දැකීම් ගැන තමා ලියල තියෙන්නෙ. ඒ අස්සෙ පුංචි පුංචි කවිත් ලියවිලා තියෙනවා. (සිංදු කෑලිද දන්නෙත් නෑ, මොකද මම අලුත් සිංදු අහන්නෙ නැහැනෙ). මේ පාරෙන් යන්න.
රොබින් ලියන රොබින් ඉන් ද හුඩ් කියන්නෙ පට්ට බ්ලොග් එකක්. වැඩිපුරම තියෙන්නෙ කවි තමා. ඒ ඇරෙන්න ඉඳල හිටල කතා තියෙනව. කතා වලට වඩා කවි නම් පට්ටම සිරා. බොක්කටම දැනෙනව. කොටින්ම මම සැරයක් හිතුව මේ ලිශාමද කියල. මම කිවුවට අහන්නෙ නැතුව ගිහිල්ලම බලන්න.
කිඩෝ ලියන ජනේලයෙන් එහා තමා ඊලඟ බ්ලොග් එක. තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. ගොඩක්ම ලියල තියෙන්නෙ පුද්ගලික අත්දැකීම්. ඒත් සමහර පෝස්ට් වල තියෙන දේවල හැටියට නම් සෑහෙන්න අත්දැකීම් තියෙන පාටයි. ගිහිල්ලම බලන්න මෙන්න ලින්ක් එක.
ඊලඟ බ්ලොග් එක සඳරු ලියන හිස් අහස. ගොඩක්ම තමන්ගෙ පුද්ගලික අත්දැකීම් ගැන තමා ලියන්නේ. හැබැයි මරණෙට, මට වගේම සඳරුටත් පොඩ්ඩක් චෝදනා තියෙනව බීම ගැන ලියනව කියල. මේ බ්ලොගේ බලද්දි නිකම් නිවාඩුවට ගමේ ගියා වගේ කියල මට නම් දැනෙන්නේ. මෙතනින් ගිහින් කියවලම බලන්න.
apzi ලියන මට හිතෙන හැටි තමා ඊලඟ බ්ලොග් එක. මෙයා පිස්සිගේ ලෝකෙ ලියන පිස්සිගේ ටීචර් කෙනෙක්. ඇත්තටම වට පිටාවෙ වෙන දේවල් ගැන එයාට හිතෙන හැටි තමා එයා ලියල තියෙන්නේ. මෙන්න මේ පාරෙන් ගිහින් කියවල බලන්න ඒක.
සබිත්ගෙ බ්ලොග් එකත් ටිකක් අලුත්. ඒකෙ අධ්‍යාපනික වටිනකමක් තියෙන දේවල් වගේම විහිලුත් තියෙනව. බැලුවම තේරුනේ ගොඩක්ම දාල තියෙන්නේ ඊමේල් වලින් එන දේවල් කියල. ඔය අතරට තමන්ගෙම ලිපිත් ටිකක් දානව නම් මීටත් වඩා වටිනවා. මෙන්න පාර.
සිහින ඉසවුව ලියන ඕනෙ දෙයක් ඕනෙ වෙලාවක තමා ඊලඟ බ්ලොග් එක. මේකෙ කෙටියෙන්ම කියනව නම් තියෙන්නේ බයිස්කෝප්, සිංහල උපසිරසි, මෘදුකාංග, විහිලු තහලු, නව සොයාගැනීම් වගේ දේවල් තමා. කතා වැඩක් නෑ, මෙන්න ලින්ක් එක. ගිහින්ම බලන්න.
ඊලඟ බ්ලොග් එක සංජු ලියන සංජුගේ සයිබර් සමාගම. තමන්ගෙ ගුරු ජීවිතේදි අහපු කියපු දේවල් සහ තවත් නොයෙකුත් අත්දැකීම් තමා මේ බ්ලොග් එකේ තියෙන්නේ. මෙන්න ලින්ක් එක.
Zig Zag Thoughts තමා ඊලඟ බ්ලොග් එක. මේකත් ලියන්නෙ ගුරුවරියක්ම තමා. ඉස්කෝලෙ වෙච්චි දේවල්, කැම්පස් කතා, සහ පුද්ගලික අත්දැකීම් ලියල තියෙනවා. තව කතා ඇරෙන්න කවිත් තියෙනවා. මේ තියෙන්නෙ එහෙට යන පාර.
ජීවිතේ මල් ලියන සංසාරේ අපි බ්ලොග් එකත් හිපියා ලියන හිපියාගේ සටහන් කියන බ්ලොග් එකත් අනිත් බ්ලොග් වලට වඩා ටිකක් වෙනස් විදියේ බ්ලොග් දෙකක්. හැබැයි දෙන්නගෙම අදහස් ටිකක් එක වගේ (නැත්නම් ඉතින් කපල් එකක් වෙන්න බැහැනෙ). බ්ලොග් දෙකේ නම් වලම ලින්ක් දාල තියෙනවා. ගිහිල්ල බලන්න ඒ බ්ලොග් දෙකම.

Thursday, May 26, 2011
බුල්ඩෝසරයට අහුවූ ලේන් පැටියා
මේ අද දෙවනි පෝස්ට් එක. පලවෙනි එක බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. මේක මේ උනු උනු සිද්ධියක්. එක පුද්ගලයෙක් නම් හිතා ගන්න ලේසියි. අනිත් කෙනා ගැන හොයන්න ට්‍රයි කරන්න එපා.
ඇනොනිමස්: මේ ඔයා ඉන්නවැයි?
ලේන් මාමා: ඔව් කියපන්
ඇනොනිමස්: මේ ඇත්තටම අර ලේනා ඔයා යන යන තැන අරං යනවද?
ලේන් මාමා: ඔව් දැනුත් ඉන්නව කරේ
ඇනොනිමස්: ඔය අර කෝච්චියේ ගිහින් ඇංටි කෙනෙක්ගෙන් ගුටි ඉල්ලලා දෙන්න හදපු එකාමද?
ලේන් මාමා: ඒක බොරු කතාවක් බං
ඇනොනිමස්: ම්ම්, මට තියෙනවා බොහොම දුක්බර කථාවක් ලේනෙක් ගැන. බොලාට කිව්වොත් මට මේ හතරදිග්බාගේ ඉන්න නැති වෙනවා ෂුවර්
ලේන් මාමා: අහවලාද ගෙනත් දුන්නේ?
ඇනොනිමස්: ඔව්, එයා තමයි ගෙනැල්ලා දුන්නේ
ලේන් මාමා: කියපන් බලන්න
ඇනොනිමස්: අනේ බැහැ, තෝ මාව නැති කරයි
ලේන් මාමා: කියපන් ඉතින්, කිවුවට පස්සෙ බැරිය නැති කරන්න පුලුවන්ද බැරිද කියල බලන්න. ශුවර් එකට උඹ ලේනගෙ ඇඟ උඩ ඉඳගන්න ඇති
ඇනොනිමස්: ඒකනේ, ඒකා මගෙත් එක්කමයි හිටියේ. මං පුටුවක වාඩි වෙලා හිටියොත් ඇවිත් කරේ ඉන්නවා ටිෂර්ට් කොලර් එකට යටින්. කොහේ තිබ්බත් නිදියන්න ගියහම ඇවිත් ඇඳට පැන ගන්නවා. බැරිම තැන ඇඳේ දුරින් තියලා රෙදි ඔතලා තිබ්බා. උදේ බලද්දි මේකා ඇවිල්ලා මගේ ලඟට. මැරිලා උන්නා
ලේන් මාමා: හික්
ඇනොනිමස්: ඔහේ කමක් නැහැ ඕනෑ ඇන්නෑවක් කියලා කිව්වා ඔන්න
ලේන් මාමා: ලේනව ඇඳෙන් ගැලෙවුවේ ආප්ප හැන්දෙන්ද?
ඇනොනිමස්: හික්
ප.ලි. : මේක අදාල අයගෙන් පර්මිශන් අරන් දැම්මේ. පර්සනල් චැට් එකක් වෙබ් එකේ දාන්න හොඳ නැති නිසා.

අඩෝ, අන්නාසි බයිට් එකක් දීපන්, නැත්නම්.......
මේ කතාවත් අපේ නාවින්නේ ජොයින්ට් එකේ උන සිද්ධියක්. මම තනියම ඉන්න නිසා කම්මැලිකමට ඔතෙන්ට ගිහින් ජින්ජර් බියර් එකක් හරි බීල තමා ගෙදර යන්නේ. එතන පට්ට සෙට් එකක් ඉන්නව කියල මම කලින් පෝස්ට් දෙක තුනකම කියල තිබුනනේ. ගිහිල්ල උන් එක්ක චැටක් දාගෙන ඉන්නවා.
ඔතන වේටර්ල ඉන්නෙත් ඔක්කොම වගේ මට වඩා බාල උන්. සර්විස් එකත් පට්ට. එකම එක වේටර් කෙනෙක් ඉන්නවා තිස්ස කියලා, ටිකක් වයසක ඩයල් එකක්. බුවත් හෙන හොඳයි, හැබැයි බොහොම ඉක්මනට අම්බානෙක මල පනිනවා බුවාට.
ලඟදි දවසක මම නිලා එක්ක චැටක් දාගෙන බියර් එකක් ගහ ගහ ඉන්නවා. නිලා කියන්නෙත් ලංකාවෙ ප්‍රාධාන පෙලේ IT කොම්පැනියක ටීම් ලීඩ්. පට්ට ආතල් බුවා. කට ඇරියොත් පලාතම විනාසයි. අපි IT නෙමේ වෙන බයිල කතා කර කර හිටියේ. වෙලාව ඕනෙ නම් හවස 6 ට විතර ඇති.
අපි ඇවිල්ල විනාඩි 30 ක් ගියේ නෑ එහා පැත්තේ හෙන වලියක්. රෙස්‍ටුරන්ට් එකට ආව උන් දෙන්නෙක් තිස්සගෙන් අන්නසි බයිට් එකක් ඉල්ලලා, තිස්ස කියල අන්නසි බයිට් නෑ කියලා. මුන් දෙන්න වාතෙ වෙද්දි තිස්ස මික්ස් ග්‍රිල් වලට තියන අන්නසි පෙති දෙකක් මුන්ට ගෙනෙත් දීලා.
මුන් දෙන්න හොඳට බීල ආයෙ අන්නසි ඉල්ලලා. තිස්ස දෙන්න බෑ කිවුවම මුන් දෙන්නගෙ ලෑස්තිය තිස්සට ගහන්න. දැන් රෙස්‍ටුරන්ට් එකේ වැඩ කරන ඔක්කොම (10ක් විතර) වට වෙලා මුන්ව එලියට දාන්න. වැඩේ තියෙන්නෙ මුන් හැමදාම වගේ එන කස්ටොලු. ඒක නිසා උන්ට ගහන්නත් බෑ.
මුන් දෙන්නත් ඒක දන්න නිසාම ගේට්‍ටුව ලඟ හෙන දර්ශනයක් දානව. පැය බාගයක් විතර සීන් එක යනවා. අපිටත් මල පැනල හිටියේ. මොකද අපිට සර්ව් කරන්න එකම වේටර් කෙනෙක් වත් නෑ. ඔක්කොම උන් ටික ගේට්‍ටුව ලඟ ඉන්නේ.
කරන්නම දෙයක් නැති තැන නිලයි, මමයි දෙන්න නැගිටලා ගියා ගේට්‍ටුව පැත්තට. මම ඇඳන් හිටියෙත් ස්ලීව්ලස් ටී ශර්ට් එකක්. පොඩ්ඩක් පච්චෙත් උන්ට පේන විදියට ගියේ. අනික නිලත් මගේ සයිස්ම තමා. නැතුව ඉතින් ඔතන ගිහින් ගහ ගන්න කියලද?
අපි එතෙන්ට ආව ගමන් රෙස්‍ටුරන්ට් එකේ වැඩ කරන උන් සෙට් එකම රෙස්‍ටුරන්ට් එක ඇතුලට ගියා අපි එක්ක කතා බහ කරලා. දැන් අරුන් දෙන්න අපිව දන්නේ නැහැනෙ. උන් බය වෙලා උන් ආව කාර් එකට නැග්ගා. මොකද රෙස්‍ටුරන්ට් එකේ ස්ටාෆ් එක උන්ට ගහන්නෙ නැති බව දන්නව උනාට අපි කවුද කියල දන්නෙ නැහැනෙ.
මුන්ගෙ කාර් එක තිබුනේ රෙස්‍ටුරන්ට් එකට එහා පාරේ පාක් කරල. මුන් දෙන්න කාර් එකේ නැගල කඩාගෙන ඇවිත් අපි ඉන්න තැන නැවැත්තුවා. එතකොට පාර අයිනේ හිටියේ මමයි, නිලයි විතරයි. එකෙක් වීදුරුව පහත් කරලා අපිට මැද ඇඟිල්ල උස්සලා පෙන්නුවා. නිලා එක සැරේම අරූට "තෑන්ක්ස්" කියල කිවුව.
මට දැන් අම්බානෙක හිනහයි සීන් එකට. නිලත් හිනාවෙනවා. අරුන් දෙන්නට කර කියා ගන්න දෙයක් නෑ. උන් ශේප් එකේ මාරු වෙලා ගියා.
ප.ලි: අර මාලින්ද කිවුව වගේ හරි විදියට නම් ඌ කියන්නේ "ඕකේ තෑන්ක්ස්" කියල

Wednesday, May 25, 2011
අබේපාල මාම එක්ක කොත්මලේ ට්‍රිප් එක
ගිය සෙනසුරාදා අපි කට්ටියම ඉලංගෙ මලගෙදර ගියානෙ. අපි කට්ටිය 25 ක් විතර බස් එකක් සෙට් කරන් ගියේ. ගූගල් බස් නෙමේ පාරෙ යන බස් එකක. අබේපාල මාමා, පසන්, ජේඩී සහ රොකියා කලින් දවසේම ගිහින් තිබුනා. සෙනසුරාදා මල ගෙදර වැඩ ඉවර වෙලා අපි කොළඹ එන්න හදද්දි අබේපාල මාමගෙන් හෙන කරදරේ ඉඳල යන්න කියල.
කොත්මලේ පට්ට සිරා කොටේජ් එකක් තියෙනවලු. සතපහක් වියදම යන්නෙ නැහැලු, ඒක මේක කියල. ඒත් ඉතිං අබේපාල මාම එක්ක කොහේ හරි ගියොත් සාමාන්‍යයෙන් දෙවිදියකට කෙලවෙනවනේ. මට රාජකීය මඩක් සෙට් වෙනවා, අනිත් පැත්තට හක්කේ දතක් දෙකක් ගැලවෙනවා.
ඒත් මේ පට්ට සිරා කොටේජ් එක බලන්න ඕනෙ නිසා මමත් එකඟ උනා අබේපාල මාම එක්ක යන්න. අපරාදේ කියන්න බෑ යනගමන් බෝතල් ඔක්කොම අබේපාල මාම ම ගත්තා. ගිහින් බැලුවම තැන නම් නරක නෑ. ඒත් අපි එතෙන්ට යද්දි පට්ට කලුවර වැටිලා.
මේ තියෙන්නෙ පහුවෙනිද උදේ ගත්ත ෆොටෝ එකක්. මේ එලියෙන් බැලුවම පට්ට සිරා කොටේජ් එක පේන විදිය.

මේක ෆුල් ඊකො විදියට හදපු තැනක් තේවත්තක් මැද. කාමරයක් තියෙනව, ඒකත් සුපිරි. මෙන්න කාමරේ.

එලියේ පොඩි බැල්කනි එකක් තියෙනව රෑට නිදහසේ සිහිල් සුලං රැල්ලේ තරු බලන්න පුලුවන්.

ඒ ඇරෙන්න බාතෲම් එක පිලිවෙලට තියෙනව. වත්තෙම පීල්ලක් තියෙනව. මේ තියෙන්නෙ පීල්ලේ අබේපාල මාම නානව.

අබේපාල මාමට පස්සෙ පීල්ලේ නාන්න ගියේ ඒ කොටේජ් එක අයිති අය්යා. බුවා ඇවිල්ල කියනවා "මල්ලි පීල්ලෙ වතුර පාර සැර වැඩියි, මොලේටම වදිනවා. ඒක නිසා මම කෝටු ටිකක් දාල සැර අඩු කරා" කියල. අබේපාල මාමට නම් අවුලක් නැහැලු. මට අර අය්යට කියන්නත් හිතුන "මූට මොලේටම වදින්න, මොලයක් ඇති එකෙක් නෙමෙයිනෙ" කියල.
ඒ වත්තෙම උඩහට වෙන්න තියෙනව සුපිරි දිය ඇල්ලක්. අඩි 25 ක් විතර උසයි. ඒකට යන්න තියෙන්නෙ කැලේ මැදින්. ඕක බලන්න ගිහින් මගේ කකුලේ කූඩැල්ලෝ 3 දෙනෙක් එල්ලුනා. ඕක දැක්කම අබේපාල මාම කියනව දවසක් බුවාගෙ පස්ස පැත්තෙ කිනිතුල්ලෙක් එල්ලිලා දවස් 3 කට පස්සෙලු දන්නේ. ඒකෙන් අපේ නිගමනය උනේ අබේපාල මාමා දවස් තුනකින් නාල වත් ඒ පැත්ත හෝදලාවත් නෑ කියලා.
ඉරිද උදේටත් කාල අපි කොත්මලෙන් පිටත් උනා කොළඹ එන්න. ඒ එනගමන් කිතුල්ගල රෙස්‍ටුරන්ට් එකක නවත්තලා අබේපාල මාම කන්න ගත්තා. බලාගෙන ගියාම කෑම නිකම්. අයිති කාරයගෙ දත තමා ගලවලා තියෙන්නෙ.
මම අර කලින් ලේන් කතාවක් කිවුවනේ "පාල අය්යගේ ලේන් පැටියා" කියලා.මෙන්න සාක්කිත් එක්කම බඩු.

ප.ලි. : ඔය කියන කොටේජ් එක මැනේජ් කරන්න දීල තියෙන්නේ අබේපාල මාමට. යනව නම් උගේ දතක් ගලවලා අඩු ගානට සෙට් කර ගන්න.

ස්වීඩන් වලින් ෆෝන් එකක්
පාසල් මම දෙන්නම කලින් වැඩ කරේ එකම කොම්පැනියකනේ. මම ඒකෙ වැඩට ගිය ගමන්ම වගේ මට ස්වීඩන් යන්න උනා මාස 3 කට විතර. අර සිරියගේ සීන් එක උනේ ඔන්න ඔය කාලෙ. මගේ මාස 3 න් දෙකක් විතර ඉවර කරල ඉද්දි පාසල් ස්වීඩන් ආව මාස 6 කට.
මම ලංකාවට එන දවසට කලින් දවසේ
පාසල් : මචං, රංග පොඩි උදවුවක් කරපන්
මම : කියපන්
පාසල් : මගේ ෆෝන් එක අපේ ගෙදරට දීපන්
මම : එළ
පාසල් : මචං අපේ ගෙදරට යන්නේ අහවල් පාරෙන් ගිහිල්ල වමට හැරිල... බ්ලා බ්ලා බ්ලා
මම : යකෝ ඇඩ්‍රස් එක දීපන් මට ඒ ඇති
පාසල් : නෑ බං අපේ පාර හෙන අංජබජල්
මම : හරි මම හොයා ගන්නම්
මගේ 3 වීල් බුවාත් ඔය කිවුව පලාත ගැන දන්න නිසා ලංකාවට ඇවිත් දෙවනි දවසෙ 3 වීල් බුවාත් එක්කම ගියා අරුන්ගෙ ගෙදර හොයාගෙන. ගෙදර නොම්මරේ 150. දැන් පාරෙ ලස්සනට පිලිවෙලට නොම්මර තියෙනව දෙපැත්තේ. 120 විතර පහු උනාම වම් පැත්තේ 500 ගනන්. දකුනු පැත්තේ 300 ගනන්.
තව ඉස්සරහට යද්දි වෙනමම නොම්මර රේන්ජ් එකක්. පාරෙ ඉන්න් උන්ගෙන් ඇහුවට උන් කියන්න දන්නෙත් නෑ. බොහොම අමාරුවෙන් වටේට කෝල් දාල මුන්ගෙ ගෙදර කලින් ගිය එකෙක්ව හොයා ගත්තා. උගෙන් පාර අහගෙන ගෙදර ගාවට ගියා.
ගිහින් ගේට් එක ලඟ බෙල් එක ගැහුවම ආව වයසක ඩයල් එකක්. බලද්දි පාසල්ගෙ තාත්තා. බුවා ගේට් එක ඇරියෙත් නෑ, එතනම ඉඳන් කතාව.
අංකල් : මේ ලමයා මොකද?
මම : මම පාසල් එක්ක එකට වැඩ කරන්නෙ, එයා මේ ෆෝන් එක ගෙදරට දෙන්න කිවුවා
අංකල් : එහෙම වෙන්නෙ කොහොමද, පාසල් රට නෙ
මම : මමත් ඒ රටේ ඉඳන් ආවෙ
අංකල් : මොකක්ද රට?
මම : ස්වීඩන්
අංකල් :ඔයා කොහොමද පාසල්ව දන්නෙ
මම : ඇයි අංකල් මම කලින් කිවුවෙ අපි දෙන්න එකම කොම්පැනියෙ වැඩ කරන්නෙ කියල
අංකල් : මොකක්ද කොම්පැනියේ නම
එතකොට නම් මටත් මල පැනල හිටියේ. මාර කට්ටක් කාල පාරත් හොයාගෙන අන්තිමට මෙතන විසිපැන නේ. යන්තම් පාසල්ගෙ අක්ක කෙනෙක් එලියට ඇවිල්ල " මේ මල්ලිගේ ෆෝන් එක තමා" කියල ෆෝන් එක ගත්තෙ නැත්නම් සමහරවිට තාමත් මම පාසල්ගෙ තාත්තගෙ ප්‍රශ්න වලට උත්තර දෙනවා.

Tuesday, May 24, 2011
පුද්ගලිකත්වයට ගරු කරන්න
කලින් මාරයා ලිවුව කතාවක් මටත් ආයෙම ලියන්න වෙලා තියෙනවා. මගේ ජීවන රටාව නිදා ගන්න විදිය නැගිටින වෙලාව අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් වෙනස්. ඒක මගේ යාලුවො හොඳටම දන්න දෙයක්.
නිදාගෙන ඉඳිද්දි කෝල් එකක් එස් එම් එස් එකක් ආව කියන්නෙ අනිවා ඒ නොම්මරේ එදා ඉඳන් බ්ලොක්. මම දවසට නිදාගන්නේ පැය 3 ත් 6 ත් අතර කාලයක්. ඒකවත් හරියට නිදාගන්න බෑ මේ කෝල් එස් එම් එස් නිසා.
මගේ බුකියේ ඉස්සර හිටියේ මම හොඳට දන්න යාලුවො විතරයි. ඒක නිසා බුකියේ මගේ මොබයිල් නොම්මරේ දාලා තිබුනා. ඒත් බ්ලොගෙ කෙරුවාව නිසා තව ගොඩක් අය බුකියට එකතු උනා.
දැන් නම් මොබයිල් නොම්මරේ ගලවලා තියෙන්නෙ බුකියෙන්. මගේ එකම එක පොඩි ඉල්ලීමක් තියෙනවා හැමෝගෙන්ම. මගේන් මොනා හරි අහන්න තියෙනව නම් ප්ලීස් ඔය උඩ තියෙන ඇඩ්‍රස් එකට ඊයක් දාන්න.
මගේ ෆෝන් නොම්මරේ මම දුන්නේ නැත්නම්, කරුණාකරල කෝල් කරන්නවත් එස් එම් එස් කරන්නවත් එපා. මොකද මම කරන්නෙ ඒ නොම්මර බ්ලොක් කරන එක.
අදත් මේ හොඳට නිදාගෙන ඉද්දි ඇහැරුනේ එහෙම එස් එම් එස් එකක් නිසා. කලින් සති අන්තේ ට්‍රිප් එක ගිහින් ඉද්දිත් ඒ වගේ කෝල් බර ගානක් ආවා.

Monday, May 23, 2011
වෙසක් ආතල්
මට මේ ගැන ලියන්න හිතුනේ හරේග් පෝස්ට් එකක් දැකලා. මුලින්ම කියන්න ඕනෙ මමත් බෞද්ධ. දහම් පාසල් ගිහින් තියෙනවා, දහම් පාසලක උගන්නලා තියෙනවා. ඒක නිසා මම මේ ලියන දේ ආගමට අපහාසයක් විදියට නම් හිතන්න එපා.
අපේ ආගමේ හැටියට වෙන ආගම් වල වගේ බලෙන් පන්සල් යන්න වත්, බලහත්කාරෙන් මොනයම් දෙයක් කරන්නවත් කියල නෑ. තමන් හිතල බලල හරි වැරදි තේරුම් අරගෙන වැඩ කරන්න කියල තමා අපිට උගන්නලා තියෙන්නේ.
එතකොට පෝය කියල බාර් වහන්නේ මස් කඩ මාලු කඩ වහන්නේ, පෝය දවසට බලහත්කාරෙන් අපිව හොඳ මාර්ගයේ යවන්නද? එහෙමත් නැත්නම් වැඩි මිලට මස් මාලු අරක්කු විකුනන කලු කඩ කාරයො (මුන් ඔක්කොම දේසපාලුවොන්ගෙ අතකොලු) පෝසත් කරන්නද?
අනික ඕකෙන් කෙලවෙන්නෙ පොඩි මිනිහට. සල්ලි කාරයොන්ට ගෙදරම මිනි බාර් තියෙනව. සතියකට හරියන මස් මාලු ෆ්‍රිජ් එකේ තියෙනව. ඒක නිසා උන්ට දවස් දෙක තුනක් නෙමේ සතියක් කඩ වැහුවත් ගානක් වෙන්නෙ නෑ.
අනික හිතේ කුනු කන්දක් තියාගෙන තොරනක් ගැහුවම හරි දන්සලක් දුන්නම හරි ඒකද නියම බෞද්ධකම? බීගෙන ට්‍රක් වල නැගල පාර පුරා පිස්සු කෙල කෙල බයිල සිංදු කිය කිය වෙසක් බලන්න යන්නේ බෞද්ධයොද?
මම දවස දෙකක් පාරෙ රෑ පැය ගනන් චාටර් උනා ගෙදර යන්න ගිහින්, නවම් මාවත වෙසක් කලාපය නිසා. අවුල වෙසක් කලාපයේ නෙමේ. ඒක බලන්න යන බූරුවො පාර මැද වාහන දාල යන නිසා. මොනා උනත් ඒකට අහු උන මම වගේ අනිත් අයත් ගෙදර ආවෙ පට්ට සැදැහැ සිතිවිලි වලින් අරුන්ගෙ අම්ම තාත්තත් මතක් කර කර.

Friday, May 20, 2011
යාලුවද? ගෑනිද?
මේ කතාව නම් මම ලියනවද නැද්ද කියල හිත හිත ඉඳල අන්තිමේ ලියන්න තීරණය කරා. නම් ගම් මනංකල්පිතයි. චතූ අනූ කියන ඩබලම වැඩ කරන්නෙ එක ඔෆිස් එකේ. දෙන්නම හොඳට කන බොන ඩයල්.
චතූ කියන්නෙ කොළඹ කොල්ලෙක්, අනූ කියන්නෙ කොළඹින් පිට එකෙක්. අනූ බීල චොර උනාම එහෙම චතූ ඌව උන්ගෙ ගෙදර ගිහිල්ල නවත්ත ගන්නවා. කොහොමත් චතූගෙ හිත හොඳයි.
ඔය අස්සේ ඔෆිස් එකේ උන් වගයක් එකතු වෙලා චතූට ඔෆිස් එකේම කෙල්ලෙක් ව සෙට් කරනවා. චතුවත් කැමතියි, කෙල්ලත් කැමතියි, ෆුල් ලව් එකේ වැඩේ සිරාවටම නැගල යනවා..
හැබැයි ටික කලක් යද්දි චතූට සැක හිතෙනව කෙල්ලගෙ මොනා හරි කේස් එකක් තියෙනව කියල. පොඩ්ඩක් හොයල බලද්දි තව සින් එකක් තියෙනව කියල නෝන්ඩි වෙනවා.
කොහොම හරි කඩු ෆයිට් දුනු ෆයිට් එක්ක තව මාසයක් විතර ඇද්දි ගිහින් අන්තිමට ලව් එක නවතිනවා. චතූ සිරාවටම ලව් කරපු නිසා මූට නම් සෑහෙන්න අවුල් මේ සීන් එකට.
මූ ඒත් නිකමට දැන ගන්න පොරවල් දම්මලා හොයනවා කවුද අර කෙල්ලගෙ අනිත් සීන් එක. ඔතන ඉඳන් තමා දරුනුම දුක හිතෙන සින් එක වෙන්නේ.
මොකද අර කෙල්ලගෙ හොර බුවා තමා අනූ. එකටම කාගෙන බීගෙන හිටිය එකෙක්. අනික ඌ කසාද බැඳල ඉන්න එකෙක්. චතුව ඌට සහෝදරයෙක්ට වගේ සැලකුවේ.
Bros before Whores කියන එක මුන් අහල නැද්ද මංදා. අනික රටේ ගෑනු නැතුවද යාලුවගෙම ගෑනිව අල්ල ගන්නෙ.
මම නම් දකින විදියට තුන් දෙනාම වැරදියි.
01. ඔය වගේ එකකට ලව් කරන්න ගිය එක අතින් චතුව වැරදියි
02. කොල්ල්ක් ඉඳිද්දි වෙන උන් එක්ක නිදා ගන්න ගිය නිස කෙල්ල වැරදියි
03. කසාද බැඳලත් ඉන්දිද්දි යාලුවගේ ගෑනි එහෙ මෙහේ ඇද්ද එක නිස අනූ වැරදියි.
ප.ලි. ගෙදර නාකි ආච්චියෙක් හරි ඉන්නව නම් යාලුවෙක් ගෙදර අඳුන්වල දෙද්දි ටිකක් පරිස්සමින්.

Thursday, May 19, 2011
දිලුම්ට නිවන් සුව
දිළුම්, අද උදේ උඹගේ මල්ලි ශාන් කෝල් කරලා මහ කාළකණ්ණි ආරංචියක් කිව්වා.. ඒ අපිත් එක්ක අපේම එකෙක් වෙලා හිටපු උඹ අපෙන් සමු අරන් ආයේ නො එන්නම ගියා කියන එක.. උඹ සිහිය නැතුව ඉස්පිරිතාලේ ඉද්දි අපි හැමෝම උඹට ජීවිතය යැද්දා.... උඹේ කණ පිළිබඳ රෝගය අපිට අපේම රෝගයක් බවට පත් වුනා... ඒත් දැන් හැමදෙයක්ම වෙලා ඉවරයි... උඹේ කවි, නිර්මාණ අපිට ආයේ දකින්න නැතිවෙයි.. මුණ ගැහෙන හැම වෙලාවෙම අපිව හිනස්සවන්න උඹ ආයෙත් අපි ලඟට එන්නෙ නැතිවෙයි.... ඒත් දිළුම්, උඹේ සුවඳ ජීවිතය පවතිනතාක් කල් අපිත් එක්ක රැඳේවි.. ඒ සුවඳ තවත් වැඩි කරන්නට අපි ඉදිරියේදී කටයුතු කරාවි....
මගේ බ්ලොග් එකේ කෙටිම පෝස්ට් එක මෙය වේවි... මට උඹට කියන්න මහ ලොකු දේවල් නෑ මචන්, උඹට නිවන් සුව මම මුළු හඳින්ම ප්‍රාර්ථනා කරනවා... කලින් පෝස්ට් එකකත් කියූ පරිදි අදටත් මට නොවිසදෙන එකම ගැටළුව මෙයයි.....
අරුමේ කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු...?
ප.ලි. - මේක අභීතගේ පෝස්ට් එකක්.

Tuesday, May 17, 2011
අපේ මාමලාගේ ට්‍රිප් එක
අපේ රංග මාමා ඊයෙ පෙරේදා කන්තෝරුවේ සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් ගියෝය. මාමලගේ ටීම් එකේ කට්ටිය ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු නිසා එයාලගේ කස්ටමර් උන සුදු මහත්තයා ගානේ දීපු ට්‍රිප් එකක් ඕක. අපේ මාම දවස් දෙක තුනකට කලින් ඔය ටීම් එකට සෙට් උන නිසා මාමටත් පිනා චාන්ස් එකෙන් ට්‍රිප් යන්නට ලැබුනෝය.
ට්‍රිප් එකට සහභාගි වෙන එක මාම කෙනෙක් කොළඹින් පිටත් වෙන්නට පැයකට කලින් හදිසියේම බෝඩිමට ගොස් නාගෙන ආවේය. ඒ මාමලගේ බෝඩිමේ හවස 6 වෙනකොට වතුර කපන නිසා ඒ මාමා හිතාගෙන ඉන්න ඇත්තේ හෝටලයේත් හවස 6 වෙද්දි වතුර කපාවි කියලාය.
මාමලාගෙ කතාබහේ හැටියට නම් කොළඹ ඉඳන් හබරනට යන ටිකට මාමලා 6 - 7 දෙනෙක් එකතු වෙලා බෝතල්ම 5 ක් බීලාය. අනේ මට නම් ඒ මාමලා ගැන දුකය. මෙච්චර තිබහක් ඒ මාමලාට කොහෙන් ආවද මංදා.
හෝටලයට ගිය ගමන් මාමලා ඔක්කොම ස්විම්ං පූල් එකට පැනල තියෙන්නෙ ගිනියම වැඩිකමට වෙන්න ඕනෑය. එක මාම කෙනෙක් ස්විමිං පූල් එක අසල පොඩි වමනෙ පාරක් දමා මාමලාගෙ හබරන ආගමනය සනිටුහන් කලෝය.
අපේ මාමා කියන විදියට නම් ඒක ගිනස් රෙකෝඩ් එකක් වීමටද ඉඩ ඇත. වමනේ දාපු මාමා බිම වැටිලා වමනේ දාලා ආයේ නැගිටින්නට ගිහින් ඇත්තේ වාර්තාගත තප්පර 15 කටත් අඩු කාලයකි.
ඔක්කොම සෙට් වීම් වෙලා තියෙන්නේ අපේ මාමාගෙ කාමරය ඉස්සරහය. ඒක නම් ඉතිං අහන්නට දෙයක් නැත. එක දවසකට අයිස් බකට් 17 ක් ඕඩර් කර අපේ මාමලා ඒ හෝටලේ තවත් වාර්තාවක් තබා ඇත.
මෙන්න මෙහෙමලු රූම් සර්විස් එක වැඩ කරේ
මාම : හෙලෝ
එහා පැත්තෙන් : ආයුබෝවන්
මාම : අපි මේ රූම් නම්බර් 82 වලින්, අපිට අයිස් බකට් එකක් එවනවද?
එහා පැත්තෙන් : අනේ සොරි සර්, අර පැය භාගෙකට කලින් ඉල්ලුව එක තාම ආවෙ නැද්ද?
මාම : ඒක ඉවරයි, තව එකක් ඕනෙ
ටිකක් දවල් වෙද්දි
මාම: හෙලෝ අපි මේ රූම් 82 වලින් කතා කරන්නෙ
එහා පැත්තෙන් : සර්ලට තව අයිස් බකට් එකක් නේද? ඉන්න මම එවන්නම්
අන්තිමට හවස් වරුව වන විට රූම් සර්විස් වැඩ කරන මාමලා අයිස් එවලා තියෙන්නේ ලොකු පනිට්‍ටු වලටය. ඒ පොඩි අයිස් බකට් 17 ක් අපේ මාමලා හිස් කරාට පස්සේය.
අපේ මාමලාම කියන විදියට නම් හෝටලේ වැඩ කරන අය මාමලා දිහා සැකෙන් බලලා තියෙන්නේ මුං ටික බැංකුවක් වත් කඩල ආව උන් දැයි සුවර් නැති නිසාය. ඒ වෙන මොකක්වත් නිසා නොව මාමලා එක්ක ගිය සමහර මාමලාගෙ මූනු දැක්කම තරු පහේ හෝටලේකට තියා විස්‍රාම සාලාවකටවත් වැද්ද නොගන්න නිසාය.
තවත් මාම කෙනෙක්ට ප්‍රස්නයක් වෙලා තියෙන්නෙ ශැම්පු, කන්ඩිශනර් කොන්ඩේ සෝදන්න නම්, බොඩි ලෝශන් ඇඟ සෝදන්න නම් ශවර් ජෙල් එක තියෙන්නේ ශවර් එක හෝදන්නද කියලාය.
අපේ මාමලා මහා බීමේ තරඟය අතරතුර විවේක ගත්තේ කෑමට සහ ජල ක්‍රීඩා කිරීමට පමනය. එක මාමා කෙනෙක්ගෙ ජීපීඇස් සිස්ටම් එක අවුල් නිසා ඒ මාමා පීනන්නේම ඇදේටය. තවත් මාමා කෙනෙක් පීනනවිට එන රැල සුනාමියකට ගොඩක් ආසන්නය.
අපේ මාමා නම් ලෙසටම පීනුවෝය. එක හුස්මෙන් යන්න පුලුවන් උපරිම දුර අපේ මාමා යන්නෝය. අනිත් මාමලා කියන විදියට අපේ මාමා පීනන්න ඉගෙන ගෙන ඇත්තේ කොටස් වශයෙන් තැපැල් මාර්ගයෙනි. තැපැල් මාමා පීනනකොට උස්මගන්න කොටස තියෙන පාඩම වෙන ගෙදරකට දී ඇති නිසා අපේ මාමාට පීනන්න පුලුවන් උනත් පීනද්දී උස්ම ගන්නට බැරිය.
අපේ මාමලා එක්ක ගිහිපු ස්පෝර්ටි මාමලා සෙට් එකක් සෆාරි ගියෝය. රිටිගල නගින්නද ගියෝය. ඒත් අපේ මාමා ප්‍රමුක සෙට් එකක් නම් කලේ මහා බීමේ තරඟයට සහභාගි උන එක විතරය.
සෆාරි ගිය මාමලා ට නම් එක සැරේ තනි අලි දෙන්නක් හම්බ වෙලා ඇත. වෙන නම් කපුටෙක් වත් දැකලා නැත. ඒත් බලාගෙන ගියාම උන් දෙන්නම අර සුද්දොන් පිටේ තියාගෙන අරන් යන්න ඉන්න අලිය.
රිටිගල නගිනවා කියා ගොඩාක් කතා කියපු මාමලා බොහොමයක් කන්ද දැක දැක මග නැවතී ඇත. අන්තිමට ගමනට ගිය අට දෙනාගෙන් කන්ද මුදුන ආසන්නයට ගොස් ඇත්තේ මාමලා දෙන්නෙක් විතරය.
කොහොම වෙතත් අපේ මාමලා ට්‍රිප් එක ඉවර කරලා ආවට පස්සෙ මාමලාගෙ කාමර ටික අස් කරේ හෝටලේ ඔක්කොම සේවකයෝ ශ්‍රමදානයක් දාලලු.

Monday, May 16, 2011
වී
ඔන්න මම යන්තම් ආයෙ බ්ලොග් එක පැත්තේ ආව. තාම ගමන් මහන්සිය නම් ගිහින් නෑ. ඒක නිසා ටිකක් විතර පොඩි කතාවක් ලියන්නම්. කට්ටිය සමහරවිට අහල ඇති අර "බණ" ඕඩියෝ ක්ලිප් 3ක් ආව. ඒ තුන තමා
01. අට්ටාපිටිය
02. සරාස් බරාස් සස් සස්
03. රේසර් කතාව (ලෙනක් වගේ)
ඔය සෙට් එකට වොයිස් කරේ බොරලු කියල මිඩියා සීන් එකේ ඉන්න එකෙක්. වී එෆ් එම් කියන චැනල් එක පටන් ගත්ත ගමන් බොරලු ඒකට සෙට් උනා. බොරලුව විතරක් නෙමේ වසන්ත දුක්ගන්නාරාල අය්යත් ඕකට ගියා ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් විදියට.
පොසිශන් නම් මොනවද කියල මතක නැති උනත් සුනෙත්, ගාමින්ද (අපි නොදන්න ලයිව් එකේ චූටි මල්ලි සහ පොඩි මල්ලි) දෙන්නත් සෙට් උනා ඔය වී එෆ් එම් එකට. ඒ ඇරෙන්න තව ටැලන්ටඩ් සෙට් එකක්ම මෙතනට ගියා.
දැන් චැනල් එක පටන් ගත්තම සිරාවටා වැඩේ යනව. ඒත් එෆ් එම් අතරෙ හෙන තරඟයක්නෙ තියෙන්නෙ. ඒක නිසා ඔය උඩ කියපු සෙට් එක සහ තව කීපදෙනෙක් එකතු වෙලා හැදුවා කන්සෙප්ට් එකක්, පෝස්ටර් වලට ගහන්න.
ඒ තමා "කකුල් දෙකට වී", අරහෙට වී, මෙහෙට වී කියල ඔය වී කියන අකුරෙන් ඉවර වෙන වචන දාල පෝස්ටර් ගහන එක. ලංකාව පුරාම ඔය පෝස්ටර් කැම්පේන් එක නැගල ගියා. ලංකාවෙ ඉන්න අය නම් දකින්න ඇති.
පොඩි පුද්ගලික හේතුවක් උඩ මම ඔය උඩින් නම් කිවුව 4 දෙනා සහ තව කීප දෙනෙක් එක සැරේ වී එෆ් එම් එකෙන් අයින් උනා. හදිසියෙම අයින් උන නිසා දැන් සෙට් එකටම නෝ ජොබ් (හැබැය් ඉක්මනටම හැමෝටම මොනා හරි සෙට් උනා). ඔය ජොබ් එක නැති වෙලා ඉද්දි අපිට හම්බ උනා බොරලු
අපේ එකෙක් : ආහ් මචං බොරලු, දැන් "ගෙදරට වී" නේද?
අරූ ඒකට දීපු උත්තරේ මෙතන දාන්න බෑ.

Thursday, May 12, 2011
මෙන්න නියම කස්ටො
අපේ ෆිල්ඩ් එක විටරක් නෙමේ, මොන ෆීල්ඩ් එක ගත්තත් කස්ටමර්ස්ල කියන්නෙ අපිව මරාගෙන කන්න ඉපදුන ජාතියක්. කොච්චර කරත් ලේසියෙන් සතුටු වෙන්නෙ නෑ. පොඩි වැරදීමක් උනොත්, කල හොඳ ඔක්කොම ඉවරයි. අනික කස්ටෙක් කොච්චර ගොන් කතා කිවුවත් ඌ එක්ක වැඩිය ගේම ඉල්ලන්නත් බෑ.
අවුරුදු ගානක් තිස්සෙ එක එක කස්ටො එක්ක ප්‍රොජෙක්ට් කරල මම නම් මගෙම සිස්ටම් එකක් හදාගෙන තියෙනව. ඒක පස්සෙ වෙලාක ලියන්නම්. මම අද ලියන්න යන්නෙ මම වැඩ කරපු අවුරුදු ගාන ඇතුලට මට හම්බ උන සිරාම කස්ටො තුන්දෙනා ගැන.
පලවෙනි කස්ට HighQ කියල ඊස්‍රායෙල් කොම්පැනියක්. උන්ගෙ ඊලර්නිං සිස්ටම් එකක් කරා අපි 2001. කස්ට ඊස්‍රායෙල් උනාට සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් වෙන්නෙ සිංගපෝර් වල. ඉතිං ටයිම් සෝන් 3 ක වෙලාවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒ කියන්නෙ හැමදාම රෑ වෙනකම් වැඩ.
කස්ට ලෑස්ති උනා අපිට නවතින්න ජයික් හිල්ටන් එකේ අපාර්ට්මන්ට් එකක් අරන් දෙන්න. අපි ඒකට කැමති නොවී වෙන සිස්ටම් එකක් හදාගත්තා. හැමදාම හවසට මට හරි කෝලියට හරි රුපියල් 20000 ක් හම්බ වෙනව. ටීම් එකේ කෑමට සහ ට්‍රාන්ස්පෝට් වලට. ඕනෙ හැටියෙ කාල පහු වෙනිද බිල් එක්ක සල්ලි සෙට්ල් කරන්න ඕනෙ. ඔය කාලෙ ලංකාවෙ තිබුන හැම සිරා ජොයින්ට් එකෙන්ම අපි කෑවා.
ඊලඟ සිරාම කස්ට හම්බ වෙන්නෙ 2006 දි. Adaaran කියල මෝල්ඩිව්ස් කොම්පැනියක්. උන්ගෙ හොටල් 7ක් තියෙනව මෝල්ඩිව්ස් වල. අපිට මුලින්ම කරන්න දුන්නේ උන්ගේ වෝට විලාස් කියන වෝට බංග්ලෝස් වලට සයිට් එකක්. ඒ කාලෙ හැටියට අපි ලෙසටම ඒ සයිට් එක කරා. උන්ට පට්ට හැපි උන්ගෙ හෝටලයක් දැකලවත් නැතුව අපි එහෙම දෙයක් කර එක ගැන.
උන්ගෙ සයිට් ඔක්කොම අපිට දෙන්න ඩිසයිඩ් කරා. ඊට කලින් අපි 4 දෙනෙක් (මම, දුම්මා, චතූ, රිචඩ්) එහේ ටුවර් එකක් එක්ක ගියා. රෑ 7ක් උන්ගෙ හෝටල් 7. පට්ටම සිරා, ශාක් ෆීඩිං, ස්නෝක්ලිං නොකරපු මගුලක් නෑ. හෝටලෙන් හෝටලේට වෙලාකට සී ප්ලේන්, වෙලාකට ස්පීඩ් බෝට්, කිට්‍ටුම නම් දෝනි (උන්ගෙ ට්‍රැඩිශනල් බෝට්‍ටු සිස්ටම් එක). මේ ට්‍රිප් එකට උන්ට 1.5 මිලියන් විතර ගියා.
තුන්වෙනි කස්ට Compare Networks කියල ඇමරිකන් කොම්පැනියක්.. ඒ කියන්නෙ මම දැනට වැඩ කරන කස්ටො දෙන්නගෙන් එක්කෙනෙක්. මේ ප්‍රොජෙක්ට් එකට මම සෙට් වෙලා තාම සතියයි. අපේ උන් අන්තිමට කරපු මේජර් සයිට් මයිග්‍රේශන් එකක් සිරාවටම වැඩ් කරල. කස්ටට කොච්චර හැපිද කියනව නම් මුලු ටීම් එකටම ට්‍රිප් එකක් දවස් තුනක සිනමන් ලොජ් හබරන.
ගමන් වියදම්, කෑම,"බීම", හොටල් ගාස්තු, බයිට්, මෙකී නොකී සියල්ල කස්ටගෙ ගානෙ. මේ සිකුරාද ගියාම ඉරිද තමා ආයෙ එන්නෙ. අදින් පස්සෙ ආයෙ පෝස්ට් එකක් දාන්නෙ සඳුද. මොකද මේ දවස් 3 නම් කොම්පියුටර් එකක් අතින් අල්ලන්නෙ වත් නෑ. උපරිම රිලැක්ශේෂන්.

Wednesday, May 11, 2011
රාත්‍රිය
දෙවියන් සඳ විඳින
කවියන් පද බඳින
වවුලන් සැරි සරන
සැවුලන් නිදි කිරන
ජීවිත විෂ කරන
මීවිත රස කරන
සුරලොව සිරි මවන
පරලොව මග කියන
බල්ලන් උඩු බුරන
කොල්ලන් කුඩු උරන
දිමියන් ගොටු බඳින
සැමියන් කොටු පනින
රාත්‍රිය
ප.ලි. - මේක ලිවුවේ මම නෙමේ. යාලුවෙක් එවුව එකක්.

Tuesday, May 10, 2011
ක්‍රෙඩිට් කාඩ්
ඉස්සර හිටපු අය කියපු විදියට නම් මිනිහෙන් නැති වෙන්නේ සුරාව, සූදුව හෝ ගෑනු නිසාලු. හැබැයි දැන් නම් ඒ ලිස්ට් එකේ උඩටම දාන්න ඕනෙ ක්‍රෙඩිට් කාඩ් කියන එක. මම දන්න පිරිමි යාලුවන්ගෙන් එකම එකෙක් විතරයි හරි විදියට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ. අනිත් හැම එකාගෙම කාඩ් එක ලිමිට් එක ලඟම කැරකෙන්නෙ.
මගේ එක යාලුවෙක් ඉන්නවා, ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න ලෝන් එකක් දාපු. අනේ ඒත් ලෝන් එක ගෙවල ඉවර කරන්නත් කලින් ආයෙ ක්‍රෙඩිට් කාඩ් බිල ලිමිට් එකට කිට්‍ටු කරල. මගේ ක්‍රෙඩිට් කාඩ් ඉතිහාසෙ පටන් ගන්නේ 2000 දි.
2000 දි බලෙන් වගේ HSBC එකෙන් මට ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ වෙනවා. ඒකෙ ලිමිට් එක රුපියල් 20000/=. මම ඒක පාවිච්චි කලේ ගොඩක්ම Amazon එකෙන් පොත් ගෙන්න ගන්න තමා. ඒත් පහු පහු වෙද්දි ෆෝන් බිල ගෙවන්නෙත් ඕකෙන්. තව ටික කලක් යද්දි සෙට් වුනාම බිල ගෙවන්නෙත් කාඩ් එකෙන්.
ඕනෙ වෙලාක බැලුවොත් කාඩ් එකේ ඉතුරු රුපියල් 2000 ක් විතර වගේ තමා තියෙන්නෙ. මාසෙට 2000 / 3000 ගානෙ ගෙවුවට මේක කිසිම වෙනසක් වෙන්නෙත් නෑ. අන්තිමට මේ මගුල කරන්න බෑ කියල 2003 විතර එක සැරේම සල්ලි ගෙවල කාඩ් එක ක්ලෝස් කරා.
හප්පා, ආදරෙන් ගෙදරටම ඇවිල්ලා කාඩ් එක දුන්නාට අඩුම ගානෙ බැංකුවේ බ්‍රාන්ච් එකකින් වත් කාඩ් එක ක්ලෝස් කරන්න බෑ. එක්කො කාඩ් සෙන්ටර් යන්න ඕනෙ. නැත්නම් ෆැක්ස් එකක් යවන්න ඕනෙ. මම නම් ඔය දෙකම කරේ නෑ. බ්‍රාන්ච් එකේ හිටිය උන්ට බැනල සල්ලි ගෙවල ආව.
ඊට පස්සෙ අවුරුදු 4 ක් විතර ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි නොකරම හිටියා. ඒත් පස්සෙ ඔෆිස් වැඩ වලට රට යන්න එහෙම සෙට් උනාම කාඩ් එකක් තිබුන නම් හොඳයි වගේ හිතුන නිසා කාඩ් එකක් ගන්න බැලුවා. ස්ටෑන්ඩඩ් චාටඩ් එකෙන් ක්‍රෙඩිට් ලිමිට් එක ලක්ස තුනහමාරක් තියෙන එකක් දෙන්නම් කිවුවා.
ඒත් මගේ කලින් ක්‍රෙඩිට් කාඩ් එක්ස්පීරියන්ස් ගැන දන්න නිසා සෙලාන් එකෙන් කාඩ් එකක් ගත්ත ලිමිට් එක 70000/= යි. ඕකත් මාස කීපයක් යද්දි ඉවරයි. හැමදාම ලිමිට් එක අයිනේ තියෙන්නෙ. ඔය කාලේ ඉලක්කම් හයේ පඩියකට චුට්ටක් අඩු පඩියක් මට ලැබුනේ.
ඔන්න එක මාසෙක ෆොන් බිල්, ඉන්ටනෙට් බිල්, ගෙවල් කුලී ඔක්කොම ගෙවල අන්තිමට සෙට් උනා ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න. ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවුවේ ඊ බෑන්කිං. 6000 ගෙවන්න ඕනෙ එක මගෙ අතින් වැරදිලා ටයිප් වෙලා තියෙන්නෙ 60000/=. මම වැඩිය නොබල කන්ෆර්ම් නුත් කරලා.
මගේ වෙලාව කියන්නෙ එවෙලෙ එකවුන්ට් එකේ 65000/= විතර තිබිල තියෙන්නෙ. දැන් ඉතින් මල කෙලියයි. රුපියල් 5000 කින් මාසයක් ජීවත් වෙන්න ඕනෙ. කොහොම හරි අම්මගෙන් ලෝන් එකක් දාගෙන මාසෙ ඇදගෙන ගියා. මාසෙ අන්තිම වෙද්දි ක්‍රෙඩිට් කාඩ් එක පෙර තත්වෙටම ඇවිත්.
ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ කොඩිවිනයක්. විශේෂයෙන් සින්ගල් අය නම් ගන්නම එපා.

Monday, May 9, 2011
ඔන්ලයින් රේඩියෝ
අද මේ පොඩ්ඩක් පොඩි පෝස්ට් එකක් දාන්නේ. අපේ යාලුවො කට්ටියක් එකතුවෙලා ඔන්ලයින් එෆ් එම් චැනල් එකක් පටන් ගත්තා. මේකෙ මූලිකයා ලේන් කණියා තමා.
ඒ ඇරෙන්න ලසියා (ආගන්තුකයා), ඩිලාන්, නිශාචරයා, හසී, චමිල (පිටස්තරයා), අබේපාල (අභීත), නිශාචරයා, නචියා සහ මමතුමා ඇතුලු හෙන සෙට් එකක් මේ වැඩේට දායක වෙනවා.
මෙන්න මේ පහල තියෙන ලින්ක් එකෙන් පුලුවන් රේඩියෝව අහන්න.
http://radio.lk7.info/

Sunday, May 8, 2011
පදම
ඉරිදට ඉතිං කස්ටිය බ්ලොග් බලන්න වැඩිය එන්නෙත් නැති එකේ දිග කතාවක් ලියන එක අපරාධයක්. ඒක නිසා මට මේ ඊයකින් ආව පොඩි කතාවක් ලියනව.
බුවෙක් බාර් එකක බියර් එකක් ගහනවලු. කෝප්පයක් බීල ඉවර උන ගමන් සක්කුවෙන් ෆොටෝ එකක් අරගෙන ඒක දිහා බලල ඒක සාක්කුවෙ දාගන්නවලු.
ඊට පස්සේ ආයෙ කෝප්පයක් බීල ආයෙම ෆොටෝ එක බලනවලු. දැන් එතන එහා පැත්තෙ ඉන්න එකාට හෙන අවුල්ලු මොකක්ද මේ සීන් එක කියල.
එහා පැත්තෙ බුවා : එක්ස්කියුස් මී, මිස්ටර් මොකක්ද ඔයා ඔය බලන ෆොටෝ එක සැරින් සැරේ
බුවා ටක් ගාල ෆොටෝ එක ඇදල අරන් පෙන්නලා. ඒකෙ ඉන්නෙ ටිකක් විතර කැත ගෑනු කෙනෙක්.
බුවා : මේ ඉන්නෙ මගේ වයිෆ්
එහා පැත්තේ බුවා : වයිෆ්ගෙන් බීල ගිහිල්ල බැනුම් අහන්න වෙයි කියලද සැරින් සැරේ ෆොටෝ එක බලන්නෙ
බුවා : නෑ මම සැරින් සැරේ බලන්නේ කොයි වෙලේ හරි මට වයිෆ් ව ලස්සනට පෙනුනම ඒක තමා මගේ පදම. එතකොට මම ගෙදර යනවා.
ප.ලි. - ඔය සීන් එක බොරුවක් නම් නෙමේ. ඔය කාන්තා පක්ශය එහෙම එන යන බාර් එකක ඉඳල හිටල අපි සෙට් වෙනව. මේ එහෙම වෙලාක අපේ එකෙක් කිවුව දෙයක්
බොන්න කලින් - මචං අර එහා ටේබල් එකේ කෑල්ලක් ඉන්නෙ, මෙලෝ රහක් නෑ බං.
පලවෙනි රවුන්ඩ් එකට පස්සෙ - අර කෑල්ල ටිකක් ශේප් වගේ නේද මච්ං
රවුන්ඩ් 4 කට විතර පස්සෙ - අඩෝ අරක පට්ට සිරා කෑල්ලක් නෙ

Saturday, May 7, 2011
පරිගණක ඉංජිනේරුවෙක් දැනගතයුතු දේ
මම කලින් කිවුව පුලුවන් වෙලාවට කතා ඇරෙන්න වැදගත් දේවල් ලියන්නම් කියල. ඒ ඇරෙන්න ගිය සතියේ ඉන්ටවිව් ප්‍රශ්න ගැනත් ලිවුවා. මම අද ලියන්නේ ඉන්ටවිව් එක ගොඩ ගිහින් වැඩට ගියාම දැනගෙන ඉන්න ඕනේ දේවල්.
මේකෙදි මම උදාහරණ විදියට පාවිච්චි කරන්නේ .NET වලට සම්බන්ධ දේවල්. ඒත් ඒ හැම එකකටම අනිත් ප්ලැට්ෆොර්ම් වලටත් මොනා හරි තියෙනව.
මම මේකෙදි කීවර්ඩ්ස් ටිකක් සහ ලින්ක්ස් ටිකක් දෙනවා විතරයි. ඒවට ගිහින් ඉගෙන ගන්න එක තම තමන්ගෙ වැඩක්.
01. MVC Framework එක - ප්‍රසන්ටේශන් ලේයර් එක, මොඩල් එක, සහ බිස්නල් ලොජික් වෙනම තියාගන්න මේක පාවිච්චි කරනවා
02. ORM - ඩේටබේස් එක සහ මොඩල් එක මැප් කර ගන්න මේක පාවිච්චි කරනවා. උදා : - Hibernate (Java), Entity Framework (.Net)
03. Dependency injection - ප්‍රෝග්‍රෑම් එකක තියෙන කොම්පොනන්ට්ස් ඩිකපල් කරන්න මේක යූස් කරනවා. උදා : - Structure Map
04. Test Automation -මේක QA අයට අදාල දෙයක් උනත් ඩෙවලොපර්ස්ලත් දැනන් ඉන්න තරමට හොඳයි. උදා :- Selenium IDE
05. Unit Testing - තමන් ලිවුව ෆන්ශන් එකේ එක්ස්පෙක්ටඩ් බිහේවියර් එක තියෙනවඩ කියල බලන්නෙ මේ විදියට. උදා : nUnit (.Net)
06. Continuous Integration - මම කලින් යුනිට් ටෙස්ට් ගැන කිවුවා. කීප දෙනෙක් ලියන ඒව එකතු කරාම හරියට වැඩද කියල බලන්න ඉන්ටග්‍රේශන් ටෙස්ට් කරන්න ඕනි. ඊට වඩා ලේසියි Continuous Integration යූස් කරාම. උදා : - Cruise Controller .Net
07. Build Automation - අපි Continuous Integration යූස් කරනවා නම් බිල්ඩ් එක ඔටෝමේට් කරන්න ඕනෙ. ඒකට පාවිච්චි කරන්නේ බිල්ඩ් ස්ක්‍රිප්ට්ස්. උදා : - MSBuild / nAnt (.Net)
ප.ලි. - මේ තමන් වැඩ කල යුතු ටෙක්නොලොජියට අමතරව දැනගතයුතු දේවල්.

Friday, May 6, 2011
අවුරුදු චාරිත්‍ර
අද නම් පුංචිම පුංචි කතාවක් දාන්නේ. මේක උනේ දැනට සති කීපෙකට කලින්. අවුරුදු නිවාඩුවට රෙස්‍ටුරන්ට් එහෙම ඔක්කොම වහලනේ තිබුනේ. 16 වෙනිද වගේ තමා මම මේ කියන රෙස්‍ටුරන්ට් එක අවුරුද්දට පස්සේ ඇරියේ. ඒත් ඉතිං කොළඹ ඉන්න ගොඩක් අය ගම් වල ගිහින් නිසා උදේ සෙනග නෑ.
සුනිල් අය්ය කොළඹ මනුස්සයා. මෙයා දවල් 12 ට විතර ඇවිල්ල මේ රෙස්‍ටුරන්ට් එකට. මෙයා තමාලු දවසේ පලවෙනි කස්ටමර්. ඇතුලට එද්දි පැත්තක කැශියර් ඉන්න බුවා කලිසම ඇතුලට අත දාගෙන කසනවලු. ගොඩක් අය ඉන්නවනේ ඔය "ඇට සැකිල්ල" තියෙන.
සුනිල් අය්යා : සුභ අලුත් අවුරුද්දක් වේවා
බුවා : එසේම වේවා, සුනිල් මහත්තයා
සුනිල් අය්යා : මොකක්ද්ද බං ඔය කලිසම අස්සෙ අත දාගෙන කරන්නෙ, උඹට ලැජ්ජ නැද්ද?
බුවා : නෑ සුනිල් මහත්තයා, මම මේ නැකතට හිස තෙල් ගානවා

Thursday, May 5, 2011
උඹ දන්නේ නෑ හරියට උගෙන් වැඩ ගන්න
ඊයෙ පොඩි කතාවකින් ශේප් උන නිසා අදත් එහෙම කරොත් හරි නැහැනෙ. ඒක නිසා ඊමේල් කතාවක් නැතුව අද ආයෙත් මගේ කතාවක්ම දාන්න හිතුවා. මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකෙක් තමා සිරියා. අනික තමා අරුනයට 255 කියල කාඩ් එක වදින්න සෙට් කරපු අසංකයා.
අසංකයයි මමයි බුදු ෆිට් උනාට හැමදාම ආගියුමන්ට් තමා. මොකද මම ටෙක් ලීඩ් කෙනෙක්. ඌ ප්‍රොජෙක්ට් මැනේජර්. මම කියන විදියට ඉස්සරහ IT වල ප්‍රොජෙක්ට් මැනේජර්ස් ලට තැනක් නෑ. තැන තියෙන්නේ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලට. උගේ විදියට IT දන්නෙ නැති උනත් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ඕනෙ, ටීම් එක මැනේජ් කරන්න.
මම කලින් දවසක කිවුවනේ සිරිය ස්වීඩන් ගිහින් චාටර්ම වෙලා ආව කියලා. මේ කතාව වෙන්නෙ ඊට මාසෙකට පස්සෙ.
අසංක : රංග, උඹ හැමදාම ගේම ඉල්ලනවනේ IT දන්නෙ නැති ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ගෙන් වැඩක් නෑ කියලා
මම : ඔව් වැඩක් නෑ තමා, ඇයි මතක නැද්ද උඹ මීටින් එකක ඩොට් නෙට් ෆ්‍රේම්වර්ක් එක ලියන්න දවස් කීයක් ඕනෙද කියල අහල නෝන්ඩි උනා?
අසංක : යකෝ තොපි ටෙක්නිකල් උනාට මනුස්සයෙක්ගෙන් වැඩක් ගන්න දන්නෙ නෑ
මම : අනේ පලයං ** යන්න
අසංක : සිරිය උනත් අවුල් එකෙක් නෙමේ, මට ඌ දුන්න නම් මම දන්නව උගෙන් වැඩ ගන්න
මම : යකෝ මට වැඩ නොදන්න උන්ට උගන්නල වැඩ ගන්න පුලුවන්, ඒත් ඇටිටියුඩ් අවුල් නම් සොරිම තමා
අසංක : මගේ ඊලඟ ප්‍රොජෙක්ට් එකට සිරියව අරගෙන මම උඹට පෙන්නන්නම් උගෙන් වැඩ ගන්න විදිය
ඔන්න දැන් අසංකයගෙ අලුත් ප්‍රොජෙක්ට් එකේ සිරිය වැඩ. ඒ ටීම් එකේ සිරියා එක්ක ඔක්කොම ඩිවලොපර්ස්ල 4 දෙනෙක් වැඩ කරනව. සාමන්යෙන් සතියකට සැරයක් ආකිටෙක් කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකක්ම බලනව. ඒත් මුංගෙ ප්‍රොජෙක්ට් එකේ හිටිය ආකිය බිසි නිසා ඌට මේක බලන්න බැරි උනා.
ඔය අතරේ අසංකය ඇවිල්ල මට ලොකු ටෝක් නුත් දෙනව මට තමා සිරිය එක්ක වැඩ කරන්න බැරි උනේ, උගේ ප්‍රොජෙක්ට් එකේ සිරිය සිරාවටම වැඩ කරගෙන යනවා. ඒක තමා ටෙකි එකෙක්ගෙයි මැනේජර් කෙනෙක්ගෙයි වෙනස. මිනිස්සුන්ගෙන් වැඩ ගන්න නම් ඌ වගේ වෙන්න ඕනෙ ඒක මේක කියල.
කොහොම හරි ප්‍රොජෙක්ට් එක පටන් අරන් මාස 3 කට පස්සෙ ඔන්න තියෙනව ආකිය එක්ක කෝඩ් රිවිව් එකක්. ඒ කියන්නෙ ලියපු කෝඩ් හරියට ස්ටෑන්ඩඩ් වලට ලියලද කියල බලන්න. ඕකෙදි මාට්‍ටු උනා එක කෑල්ලක් ලියල තියෙන විදිය චොරම චොර.
ඒ කියන්නේ සුපිරි කෝඩ් එකක් 1 නම් චාටර් කෝඩ් එකක් 10 කියල දෙන්න පුලුවන් නම්, මේකට දෙන්න වෙනව 100 ක් විතර. ඒ කියන්නෙ එච්චරටම චාටර්. කිසිම ප්‍රොග්‍රැමිං එකස්පීරියන්ස් එකක් නැති එකෙක් උනත් ඊට වඩා හොඳට ලියනවා.
දැන් හොයාගෙන ගියාම ඔය කෝඩ් එක ලිවුව එකෙක්වත් නෑ. කවුරුත් පිලිගන්නෙ නෑ ඕක ලිවුවේ ඌ තමා කියල. මේකෙ ප්‍රොජෙක්ට් ලීඩර් හිටියේ මදුර. දැන් ආකිය ඌව ගෙන්නල ප්‍රශ්න කරනවා
ආකියා : මචං, මේකෙ මොඩියල් 7ක් තියෙනවා, ඒව කරපු උන් කියපන්
මදුර : අහවල් මොඩියුල් 3 කරේ මම, දිනුකය මේ 2 කරා, අචිය අර 2 කරා
ආකියා : ඒ කියන්නේ අර චාටර් කෝඩ් එක අචියගේ?
මදුර : ඔව්
ආකිය : යකෝ උඹලගේ ටීම් එකේ 4ක් හිටියනේ, එතකොට සිරිය මොනාද කරේ?
මදුර : සිරියට වැඩ බැහැ, ඌට මොකුත් දෙන්න එපා කියල අපේ PM (අසංක) කිවුවා. ඒක නිසා ඌ මොකුත් කරේ නෑ
අසංකය මට ලොකුකම පෙන්නන්න සිරියට වැඩ දෙන්නෙ නැතුව බොරුවට ටීම් එකේ තියන් ඉඳලා. කොහොම හරි කොම්පැනියට ඔය ඔක්කොම නෝන්ඩි උනාට පස්සෙ සිරියට ගෙදර යන්න උනා. ඊට මාස 6 කට විතර පස්සෙ ඔය වගේ සීන් එකක් ආයෙ කරන්න ගිහින් අසංකයටත් ගෙදර යන්න උනා.

Wednesday, May 4, 2011
අර අම්බානෙක බීල ඉන්න එකාව අල්ලමු
මේ දවස් වෙල සෙම ගතිය වැඩි වෙලා පොඩ්ඩක් විතර සොරි වෙලා ඉන්නේ. ඒක නිසා දිග කතාවක් නැතුව පොඩි කතාවක් දාන්නම්. මේක මට ඉයකින් ආව එකක්, හැබැයි කියවලා බැලුවම තේරෙයි මීට කිට්‍ටු වගේ කතාවක් (මේකම නොවුනත්) කලිනුත් අහල තියෙනවා කියල.
ට්‍රැෆික් පොලිස් කාරයො දෙන්නෙක්ට සිකුරාදා රෑ ඩියුටි වැටිලා. සිකුරාදා කියන්නෙ බීපු උන් පාරෙ වාහන එලවගෙන යන ඒව අල්ලන්න කියාපු දවසනෙ. ඒත් දෙන්න දැන් පාරෙ හිටියට ඔය බස් ලොරි ඇරෙන්න එකම වාහනයක් වත් නැහැලු. මේක හරි යන්නෙ නෑ කියල මුං දෙන්න කතා වෙලා ලඟම තියෙන බාර් එක ලඟට යන්න.
එතන නම් පෝලිමට වාහන 7 - 8ක් ම තිබිල. දැන් ඉතිං ගොඩම තමා. බලං හිටියට එකෙක්වත් එලියට එන්නෙ නැහැලු. බාර් වහන්නෙ 11 ට නෙ. ඊට පොඩ්ඩකට කලින් ජොකියෙක් වැනි වැනි ඇවිත් උගේ යතුරෙන් පේලියට එක එක කාර් එක අරින්න බලනවලු. කොහොම හරි බුවා එහෙට මෙහෙම කැරකි කැරකි ඉන්නවලු කාර් එක හොයා ගන්න බැරුව.
ඔය අස්සෙ දැන් එක එකා ඇවිත් කාර් වල නැගල යනවලු. පොලිස් කාරයො දෙන්න කතාවෙලා, "අර අම්බානෙක බීල ඉන්න එකාව අල්ලමු, බඩු සුවර්නෙ" කියල. ටිකකින් එතන තිබුනු කාර් ඔක්කොම ගිහින් එකක් ඉතුරු වෙලා. අර අම්බානෙක ඩෝප් බුවා ගිහින් කාර් එකට නැගල වාහනේ ගන්නකොටම පොලිස්කාරයො දෙන්න පැනල.
මූව පොලිසියට ගෙන්නල බැලුමක් එහෙමත් පුම්බලා. මුගේ බැලුම කොලපාට වෙන්නෙත් නෑලු. පොලිස් කාරයොන්ට මල පැනල, මොකද බැලුම පාට වෙන්නෙ නැත්නම් මූට යන්න දෙන්න වෙනවනෙ. නිකමට වගේ එක පොලිස්කාරයෙක්
පොලිස් බුවා : කිසිම ගඳක් එන්නෙත් නෑ, බැලුම පාට වෙන්නෙත් නෑ. මොන මගුලක්ද ඕයි තමුසේ බිවුව
බුවා : මම බිවුවේ නෑ රාලහාමි
පොලිස් බුවා : එහෙනම් බාර් එකක් ඇතුලෙ මොන මගුලක් කරාද?
බුවා : අද මගේ ටර්න් එක, අනිත් උන් ටික ගෙදර යනකම් පොලිස් කාරයොන්ව අන්දන්න

Tuesday, May 3, 2011
කවි මඩුව
බ්ලොග් ලියන බලන අය අතර තියෙන වැදගත් ඉවෙන්ට් එකක් තමා කවි මඩුව කියන්නේ. මේක සංවිධානය කරන්නේ ලාංකීය සිතිවිලි සිංඩියේ කට්ටිය. මේක මේ මාසෙ තියෙනව කියන ආරංචිය දැක්ක විතරයි මෙන්න කට්ටිය දිගට හරහට හිටවන කවි කියන්න ගත්ත. මේ තියෙන්නෙ සාම්පල් ටිකක්.
පණුවා - .
ජීවිතෙ මල් ඇවිත් මහ රෑ කරලියට
ඉල්ලා උදව් මර හඬ දෙයි පෙරලිකොට
නොකලොත් උදව් මේ මිනිසත් කම කුමට
දෙන්නම් රුකුල් ඔබ යනතුරු ඉදිරියට
මඩයා - .
පනුරාධයා ෆිල්ම් හදයි එක දිගට
එනමුත් රහක් නැත්තේ ඒ එකමෙකට
නිලියෙක් හොයයි දැන් මාසෙක දෙකක සිට
එන නිලියෙක්ට මම පතනෙමි දෙවි පිහිට
පණුවා - .
මඩයා කොතෙක් හැදුවත් මා අවුසන්ට
ඒවට නොමැත ඉඩකඩනම් මේ කපට
දැකලා තියෙනවද සඳ එනවා බිමට
බල්ලන් කොතෙක් බිරුවත් උඩ පැන හඳට
මඩයා - .
පණුවට මෙකල රාහුගෙ අපලය ඇත්තේ
සිකුරා වැරදිලත් නොබලයි උගේ පැත්තේ
තනිකඩ ජීවිතය හිමිකම වී ඇත්තේ
අතමය උගෙ උපන් උරුමය වී ඇත්තේ
පණුවා - .
කෙල්ලන් සොයාලානම් මට පුරුදු නැතී
ඒවා මඩයාලා උපතින් ගෙනා ගතී
නැති උන හැටි ඕකගෙ වුර්තාව පතී
මම කිව යුතුද ඒවා මුලු ලොවම දතී
සංජු - .
අපේ පුංචි මල්ලි බබා පණුරාද
කියන්න මට මොකක්ද ඔහු කල වරද
මෙතරම් මඩ නාවන්නට තියෙනවද
මඩයෝ අපේ පණු පැටියා පව් නැද්ද
මඩයා - .
පණුවා දේව කෝපයටයි අරදින්නේ
සභා මැණියන් ගැන මූ නෑ දන්නේ
කොටියා දිවිය සහ හෙන පවුලක් ඉන්නේ
මේකව කාපියව් කොටියනි දිවියන්නේ
මාරයා ... -
කවි පද බදින්නට ඒ පද කියවන්ට..
කවියක් කියන්නට කවි මඩුවට එන්ට..
ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..
නිම්ශා - ...
බෙදන්නෙ හමෝටම මේ හැටි මඩ හැන්ද
නැතිවා වගෙයි සවි බල ඇති පිට කොන්ද
සොයමින් අනුන්ගෙ ඇහැ තුල පොල් කෙන්ද
තමුන්ගෙ පරාලෙ නොබලන්නෙ මන්ද
පණුවා - ,
ඇරඹුව සටන කවදාවත් මැද දාලා
නෑ මම ගියේ කිසිවිටකදි හැරදාලා
තියෙනා තරම් ශක්තිය වෙර වැර දාලා
දෙන්නෙ සටන දිනනා තුරු ගට දාලා
මාරයා ... - ..
නිම්ශා මගේ සුදු නංගී මෙහි එන්න..
අසේල අයියා හිතවතෙකුය අපෙ ඔන්න..
කවියෙන් හරඹ කරමින් මෙහි සුදිලෙන්න..
ඔබටත් හැකිය අප හා කවි පබඳින්න..
මඩයා - .
නිම්සා නගා සුදු කොල්ලන් හොයන්නේ
ඒත් පණුව සුදු කොල්ලෙක් නොවන්නේ
පොටෝ සොප් වලිනි මුගෙ සුද පවතින්නේ
එඩිට් නොකල පොටෝවක්ම බලන්නේ
නිම්ශා - ..
සුදු කොල්ලන් හා මා උරින් ගැටී..
හොයනවා කලු කොලුවේකු සිතින් වැටි..
පොටෝ සොෆ් අර සොෆ් මට නොවටි..
හැබැ ආදරයට නිම්සා දණින් වැටි...
මඩයා - .
උපතින් මමත් කලු කොල්ලෙක් වූවාට
එනමුත් නගේ දුවෙක් වගේ උඹ මෙමට
උඹගේ හිතේ මොන මොනවත් තිබුනාට
නාඩන් නගේ පෙර කල පිං නැතුවාට
ප.ලි - ඕක හෙන දිගට ගිය සීන් එකක්. සිලෙක්ටඩ් කවි ටිකක් විතරක් දැම්මා පෝස්ට් එක දිග වැඩි වෙන නිසා. නිකම් සෙට් වෙලා මෙහෙම ගියා නම් කවි මඩුව කොච්චර සැරට යයිද?

Monday, May 2, 2011
මචං මේක කරන හැටි පොඩ්ඩක් කියල දීපං
මේක පාසල් මම දෙන්න එකට වැඩ කරපු කාලෙ වෙච්ච සිද්ධියක්. අපේ කොම්පැනියෙන් කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුනා ස්වීඩිශ් කස්ටමර් කෙනෙක්ට. දැන් සිස්ටම් එක ලයිව් යනවා. සිස්ටම් එක මේන්ටේන් කරන්න විතරක් 5 දෙනෙක්ගෙ ටීම් එකක් ඉන්නවා (එතකොට ප්‍රොජෙක්ට් එකේ සයිස් එක හිතා ගන්න පුලුවන්නේ).
ඔය ටීම් එකේ ලීඩ් හිටියේ මගේ ලඟම යාලුවෙක් වෙලා හිටිය, අපි අතරින් වියෝවුන අනුරාධ සහෝදරයා. ඔය සිස්ටම් එකේ කස්ට ඉන්වොයිසින් වලට අලුත් ෆීචර් එකක් ඉල්ලලා. අලුත් එකක් ලියන්න කලින් තියෙන එක වැඩ කරන හැටි දැන ගන්න ඕන නෙ. ඉතිං මේක කරන්න භාර උන එකා ගියා මේක ඔරිජිනලි කරපු එකා ගාවට.
ඕක ඩිවලොප් කරල තියෙන්නෙ AcidRain. ඌ එතකොට පාසල් සහ තව 10 දෙනෙක් එක්ක ලොකු ප්‍රොජෙක්ට් එකක වැඩ. උගෙන් ඇහුවම ඌ කියල "ඕක කරේ අවුරුද්දකට කලින්, ඒක නිසා දැන් මොකුත්ම මතක නෑ, පොඩ්ඩක් කෝඩ් එක කියවලා තේරුම් අරන් කරපන්" කියලා.
දැන් ඉතිං කරන්න දෙයක් නැහැනෙ. වැඩේ භාර ගත්ත එකා කියල, කෝඩ් එක කියවලා තේරුම් අරගෙන මේක කරන්න නම් සතියක් විතර යයි කියල. ඔය අස්සෙ ඔෆිස් එකට අලුතින් කෙල්ලක් ඇවිත් හිටිය ඩිවලොපර් කෙනෙක්. ලොක්ක ඒ කෙල්ලට කත කරල කිවුව අර වැඩේ කොහොම හරි දවස් දෙකෙන් ඕනෙ කියල.
කෙල්ලත් "හා" කියල වැඩේට බැස්සට හිත ගන්නවත් බෑ මොනාද කරන්න තියෙන්නෙ කියල. ගිහින් කොහොම හරි මායම් 64 ම දාල AcidRain ව අල්ලගෙන ආව "අහගන්න". මොන අහගන්නවද, කෙල්ල ලඟට වෙලා වාඩි වෙලා ඉන්නව, අපේ කොලුවා "අමතක වෙච්චි කෝඩ් යසට මතක් කරගෙන" කෝඩ් කොටනවා.
දවස් දෙකෙන් වැඩේ ඉවරයි. අපි විතරයි දන්නෙ වැඩේ කරේ AcidRain කියල. මැනේජ්මන්ට් එක දන්න තරමින් අර කෙල්ල පට්ට වැඩ කරු. දැන් කොම්පැනියෙ ඉන්න හොඳම ඩිවලොපර් ඒ කෙල්ල කියල තමා කියන්නේ. AcidRain අපේ එකෙක් නිසා චාටර් කරන්නත් බෑනෙ. කට්ටිය සද්ද වහල හිටියා.
ටික දවසකින් කස්ටගෙන් කම්ප්ලේන් එකක් ඉන්වොයිස් මොඩ්යුල් එකම ස්ලොව් කියල. දැන් කරන්න යන්නෙ ඉන්වොයිස් මොඩියුල් අලුතින් ලියන එක. මේක ටෙක් ලීඩ් කෙනෙක් කරන්න ඕනෙ වැඩක් කියල තොප්පිය කැරකිලා ඇවිල්ල වැටුනෙ මමතුමාට.
දැන් මේ කෝඩ් එක බලාගෙන යද්දි සමහර තැන් තේරෙන්නෙ නෑ. මොකද එහෙන් මෙහෙන් පැච් කරල කියවන්න බැරිම සයිස්. මම ගියා AcidRain ඉන්න ප්‍රොජෙක්ට් රූම් එකට. (මගේ වොයිස් එක කොහොමත් ටිකක් සද්දයි)
මම : මචං Acid පොඩි උදවුවක් ඕනෙ
Acid : කියපන්
මම : මචං මට අර ප්‍රොජෙක්ට් එකේ ඉන්වොයිසිං වල තේරෙන්නෙ නැති කෑල්ලක් තියෙනවා
Acid : කතා කරන්න එපා, අවුරුද්දකට කලින් කරපු එකක් මචං දැන් මතක නෑ.
මම : යකෝ මෙතනට ගවුමක් ඇඳන් කෑල්ලක් ආව නම් තොට අවුරුදු 4 , 5 කට කලින් කරපු ප්‍රොජෙක්ට් නුත් මතක් වෙයි නේද?
මුලු රූම් එකේ ඉන්න ඔක්කොම උන් දැන් හිනා වෙනව. ඔන්න කොල්ල දෙයියනේ කියල සීට් එකෙන් නැගිටල ආව කියල දෙන්න.

Sunday, May 1, 2011
IQ ප්‍රශ්නයක් - හරි පාර හොයා ගන්න විදිය
මම ඊයේ පෝස්ට් එකේ IQ හොඳට තියෙන්න ඕනෙ කිවුවම කට්ටිය මගෙන් සාම්පල් IQ ප්‍රශ්න ටිකක් දාන්න කියල ඉල්ලීමක් කරා. මට එක සැරේ ප්‍රශ්න දෙකක් ඔලුවට ආව. එකක් අද දාන්නම්, අනික පස්සෙ දවසක දාන්නම්. අද දාන එක තමා දෙකෙන් ලේසි ප්‍රශ්නෙ. මේක මට මතක විදියට විදුසර පත්තරේ තිබුනෙ. ඔන්න ප්‍රශ්නේ.
කැලෑවක තියෙනව පංසලක්. පාරත් කැලෑ පාරක් තියෙන්නෙ. අහල පහල බල්ලෙක්වත් නෑ. පංසලට එද්දි කිලෝමීටර් කිහිපයකට කලින් පාර දෙකට බෙදෙනවා. එතන තුංමං හංදියේ කඩයක් තියෙනවා. මේක අයිති නිවුන් සහෝදරයෝ (අයිඩෙන්ටිකල් ට්වින්ස්) ල දෙන්නෙක්ට.
එක්කෙනෙක් අහන ඕනෙ දේකට ඇත්ත කියනවා. අනික අහන ඕනෙම දේකට කියන්නෙ බොරු. දැන් මේ කඩේ ගාවට බුවෙක් එනව පංසල හොයාගෙන යන්න. බුවා මුන් දෙන්න ගැනත් අහල තියෙනවා. ඒත් මේ වෙලාවෙ කඩේ ඉන්නෙ කොයි එකාද කියල දන්නෙ නෑ.
දැන් එක ප්‍රශ්නයක් විතරක් කඩේ ඉන්න එකාගෙන් අහල පංසලට යන හරි පාර පාරවල් දෙකෙන් මොකක්ද කියල හොයා ගන්න ඕනෙ. මොකක්ද අහන්න ඕනෙ ප්‍රස්නෙ?
(මේක මේ අර මෝඩ ජෝක් ප්‍රශ්නයක් නෙමේ. කොත් කැරැල්ල පේන්නෙවත්, එහෙම නැත්නම් පංසලේ සද්දෙ ඇහෙන්නෙවත් නෑ. ප්‍රශ්නෙට උත්තරෙන් තමා පාර හොයාගන්න ඕනෙ)
ප.ලි: හැමෝටම ට්‍රයි කරන්න චාන්ස් එකක් දෙන්න ඕනෙ නිසා උත්තර කමෙන්ට් පුබ්ලිශ් කරන්නෙ සඳුදා උදේ. ප්‍රශ්නෙ පැහැදිලි නැත්නම් කමෙන්ට් එකකින් අහන්න. ඒක පබ්ලිශ් කරල, අහපු ප්‍රශ්නෙට උත්තරේ විතරක් දෙන්නම්.

Subscribe to:
Posts (Atom)