අපේ සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ගොඩක්ම ඉන්නෙ බොන්නෙ නැති උන්. හැබැයි ඉන්න බොන උන් ටික බොන්නෙ නැති උන්ටත් හරියන්න කුජීත වෙන්නම බොනවා. මේ එහෙම බුවෙක්ට වෙච්ච සීන් එකක්.
ඔය කියන බුවා වැඩ කරන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ සොෆ්ට්වෙයා කොම්පැනියක. සුපුරුදු විදියට දවසක් වැඩ ඇරිල යාලුවො එක්ක කන පාත් වෙනකම්ම බුවා බීල ඔෆිස් එක කිට්‍ටුව තියෙන ජොයින්ට් එකකින්.
බුවාට කෙලින් ඇවිදගන්නවත් බැරි උනාට බුවා කියනවලු කාර් එකේ ගෙදර යන්නම ඕනෙ කියල. අන්තිමට යාලුවො මූව උස්සගෙන ඇවිත් කාර් එකට නග්ගලා.
බුවා විනාඩි 10ක් විතර ඉඳල පොඩ්ඩක් ෆිට් උනාම යන්නම් කියල. යාලුවො ටිකත් එහෙම්ම තම තමන්ගෙ ගෙවල් වල ගිහින්. බුවා සිංදුවක් එහෙම දාගෙන පොඩ්ඩක් ඉඳල.
කිවුව වගේම විනාඩි 10 කින් විතර යන්න පිටත් වෙලා. දැන් එකසිය ගානට වහිනවත් එක්ක. පාරෙ එකම වාහනයක්වත් නෑ. පාරෙ ලයිටුත් නෑ.
බුවා හෙඩ් ලයිට් එකේ පිහිටෙන් යනවලු. අනික පාරේ වංගුත් නෑ තනි කෑල්ලට පාර. දැන් බුවාටම ශුවර් නැහැලු මේ හරි පාරෙද යන්නේ, කොහෙද ඉන්නෙ කියල.
මේ වෙනකොට බුවා විනාඩි 20 ක් විතර ඩ්‍රයිව් කරගෙන ඇවිත්. කඩේක බෝඩ් එකක්වත් කියවලා බලනව කියල හිතුවට එකම කඩයක්වත් හම්බ වෙලත් නෑ.
බැරිම තැන් කාර් එක නවත්තලා වැස්සෙම බැහැල ඇවිල්ල බලල මේ කොහෙද ඉන්නෙ කියල.
කාරෙ එකේ පිටිපස්සෙ රෝද දෙක මඩ වලක එරිල කාර් පාර්ක් එකේ. බුවා විනාඩි 20 ක් ඩ්‍රයිව් කරල තියෙන්නෙ එක තැන.
Thursday, July 21, 2011
Wednesday, July 20, 2011
අපේ රට මාරම රටකි
නිලියන් ගණිකාවෝය.
ගණිකාවෝ පාර්ලිමේන්තුවේය.
මන්ත්‍රීවරු සිංදු කියති.
ඇමතිවරු රඟපාති.
ගායකයෝ ආණ්ඩුකාරවරුය.
නලුවෝ පාර්ලිමේන්තුවේය.
මහාචාර්යවරු වර්ජනයේය.
සිසුහු දේශපාලනය කරයි.
මන්ත්‍රීලා ක්‍රිකට් ගසති.
ඇමතිවරු කුඩු විකුනති.
රාජ්‍ය නිලදාරීහු මර නින්දේය.
රාජකීය වෙදාට බලපත්‍ර නැත.
මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ චන්දයේත් "සත් ගුණවත්, උගත්, නැණවත්, පිංබර, ඉඩම් හිමි වැවිලිකරු, අවංක, සුවච, කීකරු, එඩිතර" ගමේ චන්ඩියාට මනාපදී පාර්ලිමේන්තුවට පිටත්කර හරී.
ප.ලි. - මේකත් ඊමේල් එකකින් ආව එකක්. මේකෙ ඔරිජිනල් එක ලියල තියෙන්නෙ ඇල්කෙමියා. මට ඒකෙ ලින්ක් එක නම් හොයා ගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නව නම් ඩිරෙක්ට් ලින්ක් එක දෙන්න.

Tuesday, July 19, 2011
ඩොල්‍ෆින් කෙනෙක් අල්ලන හැටි (පාල මාමාගෙන් පාඩමක්)
අපේ මේ පාල මාමා ලඟදි අම්පාර පැත්තෙ ගියා කියන එක හුඟ දෙනෙක් දන්න කාරනයක්නෙ. බුවා එහේ ගිහිල්ලා සඳරුව හම්බ වෙලා. ඔය ගමන යන්න හේතු උන කාරනා කීපයක්ම තිබුනා. පලවෙනි කාරනේ තමා අර කලු අය්යලා ඉලං වෙනුවෙන් එකතු කරපු සල්ලි වලින් ඒ පැත්තෙ අහිංසක පවුලකට ගෙයක් හදල දෙන එක ගැන හොයල බලන්න.
එහෙම අහිංසක පවුලක් හොයාගෙන පාල මාම ගෙදරකට ගිහින්. ගෙදර මනුස්සයා මිනිහගෙ හාමිනෙයි කෙල්ලයි එක්ක ඇවිල්ල එලියට මේ කොළඹින් ආව මහත්තයා එක්ක කතා කරන්න. මහත්තයගේ මූන දැක්ක විතරයි ගෙදර මනුස්සයා කෑගහලා "හාමිනේ, කෙල්ල එක්ක ගෙට පලයන්. මම මේ මහත්තය එක්ක කතා කරන්නම්" කියල.
දැන් පාල මාම කතාව පටන් අරගෙන. සුපුරුදු විදියට පාල මාම තමන්ගෙ ලොකු කම් ටික කියල තමා කතාව ස්ටාර්ට් කරල තියෙන්නේ. ඒ වුනාට ගෙදර මනුස්සයට හෙන අවුල්ලු. මොකද පාල මාම අර මනුස්සයගෙ මූන දිහා බලාගෙන නෙමේ කතා කරන්නෙ, සරම දිහා බලගෙන.
දැන් අර මනුස්සය කල්පනා කරනවලු යකෝ ගෑනිට මූත් එක්ක කතා කරන්න කියල මම ගෙට ගියා නම් හොඳයි, මේක මහත්තයෙක් කිවුවට වෙන සබ්ජෙක්ට් එකක එකෙක්ද මංදා කියල. ඒ අස්සෙ පාල මාම කියනවලු බුවා කොට්ටාව පොලිසියේ ඒක මේක කියල.
එතකොට තමා අර මනුස්සයට වැඩේ තේරිලා තියෙන්නෙ. බුවා අරක්කු බාගයක් ඉනේ ගහගෙන ඉඳල තියෙන්නෙ. පාල මාම ඒකට කෙලින්න තමා මේ ට්‍රයි එක දීල තියෙන්නෙ. බුවා හාමිනේට පාල මාම එක්ක කතා කරන්න කියල ගේ ඇතුලට ගිහින් එක හුස්මට අර බාගෙ බීල ඇවිල්ලා.
ඒ වැඩෙත් අවුල් උන එකේ පාල මාම හවස ඇවිල්ල අර සඳරු එලුච්චිව ඉම්බ හරියේ ඉඳගෙන දෙන්න එක්ක ගගනගාමී විය්‍යාපෘතියක් පටන් අරන්. ටික වෙලාවක් ගිහින් මස්කට් කෑලි දෙක තුනක් එහෙම කෑවට පස්සෙ දෙන්නම ඉන්නවලු ඇස් එහෙම බාගෙට පියාගෙන ලොකු කල්පනා වලට වැටිලා.
සෑහෙන වෙලාවක් ගිහින් එක පාරටම ...
සඳරු : මචං, කොහොමද මේ දොල පාර දිගේ ඩොල්‍ෆින් කෙනෙක් ආවොත්
පාල මාමා : අඩෝ පට්ට ආතල් වෙයි නේ බං
දැන් ආයෙම දෙන්න දොල පාර දිහා බලාගෙන මනෝ පාරක ඉන්නවලු. එක සැරේම
සඳරු : අඩෝ අර එන්නෙ ඩොල්‍ෆින් කෙනෙක් නේද?
පාල මාමා : ඔව් ඔව් මොකද අපි කරන්නේ?
සඳරු : මම රයිට් හෑන්ඩ් නිසා එහා පැත්තෙන් බහින්නම්, උඹ මේ පැත්තෙන් අල්ලපං

Monday, July 18, 2011
අපි වතුර තියෙන තැනක සෙට් වෙමු
මේකත් මේ ලඟදි අහපු පොඩි කතාවක්. ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක් දාගන්න. කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් තියෙන එකෙක්ලු. නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.
නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
කොල්ලා : ඇයි නෝනා?
නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ
කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න විතරනෙ ඉන්නෙ
නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර පාරක් ලඟට හරි සෙට් වෙමු
නෝනා : ඒ මොකද?
කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න ඕනෙ

Monday, July 11, 2011
පාල මාමාගේ අභීත ත්‍රී වීල් වික්‍රමය
අර පාල මාමාගේ ත්‍රීවීල් වික්‍රමය ගැන මම ලියපු පෝස්ට් එක බලපු කෙනෙක් ලියල එවුව පෝස්ට් එකක් තමා මේක. මේකෙ තියෙනව ඒ කතාවෙ මට මිස් උන දේවල් සේරම ටික. ලියල එවුව කෙනාට බොහොම ඉස්තුතියි.
රංග මල්ලිගේ පෝස්ට් එක කියවපු ගමන්ම මම තකහනියක් කළු අයියව හම්බවෙන්න ගියා. ඊට පස්සෙ කළු අයියාගේ වචන වලින්ම ඔය සිද්ධිය කළු අයියාගේ ඇස් දෙකෙන් දැක්කෙ කොහොමද කියලා මම අහගත්තා. කළු අයියා කියපු විදිහට මේ කතාවෙ තව ගොඩක් කෑලි මිසින්. කළු අයියට මතක විදිහට මට ඉතින් මුළු කතාවම කියලා දැම්මා. හුදී යනතාවගේ පහන් සංවේගය සඳහා මේක කොටලා දාන්න කියලත් කිව්වා. ඔන්න එහෙනං ඈ.....!
කළු අයියාගේ ඇස් දෙකෙන් සිද්ධිය සිද්ධ උනේ මෙහෙමයි.,
මල්ලි, ඔය සිද්දිය වෙන වෙලාවෙ කට්ටියම අපේ නවරත්න ගමගේ මාස්ටර්ගේ සින්දුවකට සම වැදිලා හිටපු වෙලාව. පාල අයියාත් එයාගේ අතේ තියෙන ස්ට්රෝනබෙරිද මල්බෙරිද මන්දන්නෙ නෑ කියන ෆෝන් තුනෙන් එකක් අරගෙන හිටු කියලා සජීවීව පටිගත කරගනිමින් තමයි හිටියේ..... ඇයි රංග බුවත් ෆෝන් එක ඒ දිහාවට දික් කරගෙන තමයි ඕං හිටියේ. රංග බුවා නම් කිව්වෙ මම රෙකෝඩ් කරන්නෙ ඕඩියෝ විතරයි, පාල අයියා දෙකම කරනවා කියලා. ( පහුවෙනිදා ආපහු පාල අයියා ආවහම තමයි දන්නෙ ඌ රෙකෝඩ් කරලා තියෙන්නෙ වීඩියෝ විතරයි කියලා, උගෙන් ඇහුවාම කිව්වෙ ඒ මොඩෙල් එකේ හැටිලු )
ඊට පස්සෙ වෙච්ච දේ ඉතින් අර පෝස්ට් එකේ තියෙන විදිහට තමයි. "දඩස්" ගාල සද්දයක් ඇහිච්ච ගමන් කලු අයියලා ගිහිල්ලා බැලුවා. ඉඳිකටු පැංචා වගේ ඉන්න පාල අයියත් ගේට්ටුව අරින්නත් කලින් ගේට්ටුවයි තාප්පෙයි අතර තිබුච්ච පොඩි ඉඩකින් "සුටුස්" ගාලා රිංගලා ගේමට එන්ටර් වෙලයි හිටියේ. රෝද තුන ගාවටම දුවලා පාල අයියයි රංග බුවයි ඌව මෙල්ල කර ගන්න ගේමක් දෙන ගමන් කළු අයියා ගියේ හැප්පිච්ච කාර් එකේ ඩැමේජ් එක බලන්න. තත්පර 10ක් වත් ගියේ නෑ ත්‍රී වීල් බුවා වාහනේ අයින් කරන මුවාවෙන් ස්පීඩ් කරලා පැන්නෙ නැතෑ. එක පාරටම බලන කොට මෙන්න බොලේ ඒ පස්සෙ බුවෙක් තහනං ඖෂධ අරගෙන මීටර් සීය දුවනවා වගේ අර ත්‍රී වීල් එක පස්සෙ පැන්නුවෙ නැතෑ.... පස්සෙ මීටර් 50ක් විතර දුවලා පොර එහෙම්මම බඩ අල්ලගෙන පාරෙ ඉඳ ගත්තා. බැලින්නං ඒ අපේ පාල අයියා. අපි හිතුවෙ පොර ත්‍රී වීලර් එක පස්සෙ පන්නලා පොරව අල්ලගන්න හැදුවා කියලයි. බැලින්නම් පොරගේ කමිසෙ නූල් කෑල්ලක් ත්‍රීවිල්ලර් එකේ ඇනේක පැටලිලා, අරූ ස්පීඩ් කරපු පාරට පාල අයියාවත් සරුංගලේ වගේ පස්සෙන් එල්ලිලා ගිහිල්ලා. හොඳ වෙලාවට ටික දුරක් යද්දි අර පැටලිච්ච නූල කැඩිලා....
ඔන්න ඉතින් කට්ටිය තක්කු මුක්කු වෙලා ඉන්නකොට තම්යි, කළු අයියාගේ කසින් බුවෙක් උගේ බයික් එක අරගෙන අර ත්‍රීවීලර් එක පැනලා ගිය දිහාවට ගියේ. ඔන්න එහෙම ගිහින් විනාඩියකට විතර පස්සෙ පොරගෙන් කෝල් එකක් එනවා, පොර අර නෙයිනගේ සූදුව අල්ල ගත්ත කොතලාවල වගේ තනියෙම ත්‍රී විල්ලර් බුවාව අල්ලගෙන කළු අයියලාට එන්න කියනවා..... ඔන්න එතකොට තමයි අර හින්දි ෆිල්ම් වල වගේ රොත්ත බුරුත්ත පිටින්ම කාර් දෙක තුනකට නැගලා අර ත්‍රී වීල් කාරයා හිටපු තැනට ගියේ…..
අනේ එතනට යනකොට ත්‍රීවීලර් කාරයා වෙව්ල වෙව්ල දාගෙන පොල්ල අදිනවා ස්ටාර්ට් කරගන්න, ඒත් බෑ. ඔය මේ දවස්වල කට්ටිය ආණ්ඩුවට පළු යනකන් බනිනවනේ මේ පැට්රෙල් වල මොකක්ද අවුලක් නිසා වතුර මික්ස් වෙලා වාහන වල එන්ජින් සවුත්තු වෙනවා කියලා. මෙන්න ප්රලථිපල. එහෙම අප්සෙට් පැට්ර ල් නොතිබුනානන්, අල්ලයි ත්රී වීලර් කාරයාගේ නැට්ට.....!
ඔන්න ඊට පස්සෙ තමයි පාල අයියා පැනපු ගමන් පොරගේ කොලර් එකෙන් ඇදලා අරගෙන, “අඩෝ කොහෙද යකෝ ගියේ, මාව ඉඹින්න වගේ ඇවිල්ලා ඉඹින්නෙ නැතිව ඇරලා දාලා තෝ කොහෙද ගියේ…?” පාල මාමා අරූගේ කොලර් එක අත අරින්නෙ නැතිවම කනේ පාරක් ගහන ගමන්ම අහනවා.
"අනේ බුදු සර්, ගහන්න එපා, මම හිතුවේ සර් මගේ සාක්කුවේ තියෙන රුපියල් 100ට විදින්න හදනවා කියලයි. ඒ බයටයි මම ඇරලා දාලා ගියේ..." ත්‍රී වීලර් කාරයත් පාල මාමට වැඳගෙනම කියනවා.
"අඩෝ ගනින් තොගේ පර්ස් එක...." පාල මාමා බලෙන්ම මුගේ පර්ස් එක සාකුවෙන් ඇදලා ගන්නවා.
"අනේ සර්, මගේ පොකට් එකට විදින්න එපා....!" ත්‍රී වීලර් කාරයා හිටු කියලා වඳිනවා.
පාල මා ඉතින් ඕවා අහනව යෑ. පොර පර්ස් එක අරන් කොල කෑලි ගොඩක් පුරවලා තිබිච්ච පර්ස් එක අවුස්සනවා. "කෝ යකෝ මේකෙ සල්ලි නෑනෙ..."
"අනේ බුදු සර් අද දවසම හයර් දුවලා, රුපියල් 100යි සර් හම්බ උනේ. ඒක තමයි සර් උස්සන්න හැදුවෙ....!"
"අඩෝ, ස්ටාර්ට් කරගනින් ත්රී වීලර් එක, පොලීසි යන්න..." පාල මාම උගේ කොලර් එකෙන් උස්සලා තව කනේ පාරක් ගහන ගමන් කියනවා.
"අනේ සර්, මේක ස්ටාර්ට් උනානන් මම ගෙදර යනවනේ... මෙතන ගුටි කන්න ඉන්නෙ නැතිව...!"
ඔන්න ඊට පස්සෙ තමයි පාල මාමට කේන්ති ගියේ. , "අඩෝ, බලාගනින් ත්රීැ වීලර් ස්ටාර්ට් කරන හැටි..."
දැන් පාල මාමා ත්‍රී වීලර් එකට නැගලා මොකක්ද හොයනවා. "මොකක්ද සර් හොයන්නෙ ?"
"කෝ යකෝ මේකේ ඇක්සිලේටරේ ?" පාල මාම ත්රීය වීලර් එකේ ඉස්සරහා බිම කකුලෙන් හොයනවා.
"සර් ඕකේ ඇක්සිලේටරේ තියෙන්නෙ දකුණු අතේ හන්ඩ්ල් එකේ….." ත්රීස වීලර් කාරයත් කියනවා.
"කෝ යකෝ ස්ටාර්ට් කරන යතුර...?"
"සර්, යතුරෙන් නෙමෙයි, පොල්ල ඇදලා ස්ටාර්ට් කරන්නෙ....!"
ඔන්න එතකොට පාල මාමා ත්‍රී වීලර් කාරයගේ මූණ දිහා ටික වෙලාවක් අසරණ විදිහට බලාගෙන ඉඳලා ඇද්දා පොල්ල.... ම්ම්හු... පොල්ල හෙල්ලෙන්නෙවත් නෑ... ආපහු ඇද්දා....ම්ම්ම්හු.... ඒත් නෑ.....
ඔහොම හත් අට පාරක් පොල්ල අදින්න ට්රොයි එකක් දීපු පාල මාමා වැඩේ අත ඇරියා.
"යකෝ, හැප්පිච්ච පාරට ත්‍රී වීලර් එකේ බුශ් ගිහිල්ලා. ඒකයි ස්ටාර්ට් වෙන්නෙ නැත්තෙ. රෝද වලට බුශ් හතරක් දාගනින්....." ත්‍රී වීලර් එකෙන් බැහැපු පාල මාමා කියනවා.
"සර්... මේකේ රෝද තුනයි තියෙන්නෙ...."
"අඩෝ, කට තිබිච්ච පලියට දොඩවන්න එපා. තෝ කුඩු ගහලා නේද ඉන්නෙ...?" පාල මාමට නප්පියටම තද වෙලා.
"එකෙක්වත් මූට ගහන්න එපා. මමයි මූට ගහන්නෙ."
එහෙම කියලා පාල මාමා දැන් ත්‍රී වීලර් බුවාට හතර අතේ නෙලනවා. මෙච්චර වෙලා ස්ලීප් මෝඩ් එකේ හිටපු රංග බුවාගේත් ත්රෙමඩ් එක ඇක්ටිව් වෙලා පොරත් පැනලා බෙල්ලෙන් අල්ලගෙන පාරක් දුන්නා.
"රංග, උඹ පැත්තකට වෙයන්. අද මූට ගහන්නෙ මං විතරයි." පාල මාමා උඩ පැන පැන නෙලනවා.
ඔහොම විනාඩි දහයක් විතර ත්‍රී වීලර් කාරයට නෙලපු පාල අයියට දැන් හොඳටම හති. පොර ලඟ තිබුනු බෝක්කුවක් උඩ ඉඳගෙන දිව එළියට දාගෙන හති අරිනවා.
ඒ අස්සෙ ත්‍රී වීලර් කාරයා ලඟ තිබ්බ තාප්පෙකට හේත්තු වෙලා එක කකුලක් තාප්පෙට තියාගෙන ආතල් එකේ බීඩියක් පත්තු කරගෙන බොනවා.
"යකෝ, මූ ගුටි කාලත් ආතල් එකේ ඉන්නවා.... ගහපු එකා හති අරිනවා..." තව එකෙක් කියනවා ඇහුනා.
විනාඩි 5ක් විතර හති ඇරපු පාල මාම ආපහු ඇවිත් ත්‍රීවීලර් කාරයගේ කොලර් එකෙන් අල්ල ගත්තා.
"උඹ දන්නවද උඹ ගුටි කෑවෙ ඇයි කියලා...?"
"ඔව් සර්, සර්ව ඉම්ඹේ නෑ කියලා.....!"
"නෑ යකෝ, තෝ පැනලා ආපු නිසා....! මේ මහත්තුරු කැඩිච්ච ටේල් ලයිට් එක දාගනියි. කාර් එකක් ගන්න සල්ලි තියෙන අයට ලයිට් එකක් දාගන්න බැහැ කියලද උඹ හිතුවේ...?"
අනේ ඉතින් මගේ පපුව හෝස් ගාලා ගියා. දැන් ඉතින් අතින් කයිට් කරගෙන දාගනින්කෝ ලයිට් එකක්. කාර් එකක් ගන්න වියදං කරලා පැට්රලල් ගැහුවට පස්සෙ ආපහු ටේල් ලයිට් දාගන්න සල්ලි ඉතුරු වෙනවද ?
"සර්, මම එහෙනන් යන්නද ?" ත්රීය වීලර් කාරයා අහනවා.
"යන්න ? කොහෙ යන්නද පොඩ්ඩක් හිටපන්.....!" පාල මාමා ගුගුරනවා.
"ඉඳා, මේක මගේ කාඩ් එක. කාට හරි රට ගිහිල්ලා ආපු කෙනෙක්ට රෙන්ට් එකට කාර් එකක් ඕන උනොත් මට කතා කරපන්...."
"හරි සර්, එහෙනන් මම ගියා....!"
"හා, පරිස්සමෙන් පල.....!"

Thursday, July 7, 2011
ඇමරිකා ගිය අරාබිකාරයා
මේකත් ඊමේල් එකකින් ආව කතාවක්.
හැන්ඩි අරාබි කාරයෙක් ඇමරිකාවට ගිහින්. දවසක් ෆන් එකක් ගන්න කියල මූ පොශ් රෙස්‍ටුරන්ට් එකකට ගිහින්. කෙලවරක තියෙන ටේබල් එකක තනියම ඉන්නවලු පට්ට ලස්සන කෑල්ලක්.
මූ වේටර්ට කියල රෙස්‍ටුරන්ට් එකේ තියෙන වටිනම වයින් ජාතියෙන් බෝතලයක් අර කෙල්ලට යවන්න කියල. වේටරුත් කියපු විදියටම වැඩේ කරලා.
කෙල්ල පොඩ්ඩක් වෙලා වයින් බෝතලේ දිහා බලන් ඉඳල කොලයක් අරන් පොඩි නෝට් එකක් ලියල වේටර්ට දීල අර අරාබිකාරයට දෙන්න කියල.
වේටර් නෝට් එක ගෙනෙල්ල අරාබි කාරයට දීලා. ඒකෙ ලියල තිබිල තියෙන්නෙ
"මම මේ බෝතලේ බාර ගන්න නම් ඔයාට ගැරිජ් එකේ BMW එකක්, ස්පේන් වල ගෙයක්, බෑන්ක් එකවුන්ට් එකේ ඩොලර් මිලියනයක්, කලිසම ඇතුලෙ අඟල් 7 ක් තියෙන්න ඕනෙ" කියල.
නෝට් එක කියවල අරාබිකාරය මල පැනල ඌත් නෝට් එකක් ලියල වේටර් ට දීල අර කෙල්ලට දෙන්න කියල.
නෝට් එකේ තිබිල තියෙන්නෙ "මට ෆෙරාරි, BMW Z8, Mercedes CL 600, Porche Turbo තියෙනව මගේ ගරාජ් වල. මට ස්පේන්, ඇස්පෙන්, මියාමි වල ගෙවල් තියෙනව. ඒ ඇරෙන්න අක්කර 10000 ක ranch එකක් තියෙනව ලුසියානා වල. මගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 20 කට වඩා තියෙනව.ඒත් උඹ කොච්චර ලස්සන උනත් උඹ නිසා මම අඟල් 3 ක් කපල දාන්න ලෑස්ති නෑ. කරුනාකරල බෝතලේ ආයෙ එවපන්".

Wednesday, July 6, 2011
මෙන්න උනුසුම් පුවත්.
දොස්තර හොඳහිත ගෙන් පසුව සත්තුන් සමග කතාකිරීමේ රහස සොයාගත් තරුනයෙක් ගැන මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. කුජීත වෙන්නට ගැසීමෙන් පසු මෙම තරුනයා කාල්ටන් එක ඉදිරිපිට තනි කෑල්ලට පූසෙක් සමග කතාබහක යෙදුනු බවට අපගේ මොරටුව වාර්තාකරු වාර්තා කරනවා.
ඉංගිරිය ප්‍රදේශයේ ගලා යන දිය පහර නෑමට නොසුදුසු තත්වයක පවතින බවයි අපට වාරතා වෙන්නේ. මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී වාසනාවන්ත යුවල ගිය ඉරිදා ඉංගිරියේ නාන්න ගිය පසුව මේ තත්වය උදා උන බව හෙලිදරවු උනා.
පාතලයේ නමගිය රටින් පැන සිටි කලුබෝවිල චන්ඩියෙක් නැවත සිය රටට පැමින සිටිනවා. මොහු කලුබෝවිල හොල්ලාගෙන සිටින චන්ඩියෙක් බවටයි වාර්තා වෙන්නේ. මේ ගැන කල පරීක්ශනයකදී අපට හෙලිවුනේ මොහු ඇවිදින විට ඔහු අවට පොලව සෙලවෙන නිසා කලුබෝවිල "හොල්ලන් ඉන්න" කියන අන්වර්ත නාමය ලැබුන බවයි.
මාලුන්ට සම්බන්ද කුජීත බුවෙක් පෙර වැරදි නිසා රටින් පිටුවහල් කිරීමට නියමිතයි. විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුන ආකාරයට මොහුව පිටුවහල් කර ඇත්තේ මාලදිවයිනටයි. මාලදිවයිනේ උම්බලකඩ වේලීමට සම්භන්දවීමට මොහු අදහස් කර සිටිනවා.
සාමාන්යෙන් කුප්පයින් පාරේ යනවිට අම්මලා කියන්නේ "කෙල්ල ගෙට ගනිං" කියලයි. ඒත් අපට අලුතින්ම වාර්තාවුන ආකාරයට බ්ලොග් අවකාශයේ වැඩිම බ්ලොග් ගනනක් ලියන සාතන් මහතා පාරේ යනව විට අම්මලා කෑ ගහන්නේ "කෙල්ලයි වැස්සියි දෙන්නම ගෙට ගනිං" කියලලු.
අම්පාර ප්‍රදේශයට මේ සතිය තුල බූමිකම්පාවක්, සුනාමියක් සහ දත් දොස්තර කෙනෙක් කඩාපාත් වීමට නියමිතයි. එනිසා ඒ ප්‍රදේශවල වැසියන්ට ගෙවල් ඇතුලට වී කටවල් හොඳින් පියාගෙන සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

Saturday, July 2, 2011
බ්ලොග් ලෝකෙ අලුත්ම චන්ඩියා
සිංහල බ්ලොග් ලියන ඔටු කිරි බොන මහා කලු සිංහලයෙක් මේ දවස් වල ලංකාවට ඇවිත් ඉන්නව කියන එක අලුත් කතාවක් නෙමෙයිනේ. අපි බුවාට කලු අය්යා කියල කියමුකෝ. බුවා ලඟදිත් දවසක් මට හම්බ උනා. මම විතරක් නෙමේ බ්ලොග් ලියන 3-4 දෙනෙක්ම එතෙන්ට ආව. කොහොම හරි අන්තිමට කලු අය්යගෙ දත් ගැලවුන එක තමා එදා උනේ.
ඊට දවස් දෙකකට පස්සෙ මට එනව කෝල් එකක් කලු අය්යගෙන්.
කලු අය්යා : රංග මල්ලි කොහෙද ඉන්නෙ?
මම : ඔෆිස් ඉන්නෙ අය්ය
කලු අය්යා : එහෙනම් හවස අපේ ගෙවල් පැත්තෙ වරෙන්
මම : මොකද සීන් එක
කලු අය්යා : තොට අල්ලන් ගහන්න නෙමේ බං වරෙන්කො
මම : තව කවුද එන්නෙ
කලු අය්යා : මගේ කසින්ස්ල ටිකක් එනව. බ්ලොග් සෙට් එකෙන් පාල අය්යා එනව
මම : එල මම එන්නම්
මම හවස ගියා කලු අය්යලගෙ ගෙදර. යන ගමන් කෝල් එකක් දුන්න පාල අය්යට. ඌ වයිෆ් දාල එන්න යනව කිවුව. ටිකකින් මූ එනව වයිෆ්, බබා ඔක්කොම එක්ක. බලද්දි කලු අය්යගෙ පොඩි එකාගෙ උපන් දිනේ. මමත් කුජීතයි අත් දෙක වන වන ගිහින්. පාල අය්ය නම් තෑගි එහෙම අරන් ඇවිත් තිබුනේ.
කේක් එහෙම කපල ඉවරවෙලා අනුමතවීම පටන් ගත්තා. කලු අය්යත් ගිටාර් එකෙන් දන්න සෙල්ලම් ඔක්කොම දාල පෙන්නුව. ඒ අස්සෙ එහෙන් මෙහෙන් නයිත් අරිනව ලංකාවෙ ඉඳිද්දි අරයට බැක් කරා මෙයාට බැක් කරා කියල. ඒ ටික නම් පාල අය්ය පොඩි නෝට් බුක් එකක ලියාගත්තත් එක්ක.
තව ටීවී එකේ තබ්ල ගහන චමිල් කියන බුවාත්, නවරත්න ගමගේ මාස්ටරුත් ඇවිත් හිටියා. කට්ටිය කාල බීල පට්ට ෆන් එකක් ගන්න අස්සෙ ඇහුනා දඩාස් ගාල සද්ද්යක්. එලියට පැනල බලද්දි පාර අයිනෙ නවත්තල තිබුන කලු අය්යලගෙ කාර් එකක ත්‍රීවීල් බුවෙක් හප්පල. අපිත් ඔක්කොම දැන් පාරෙ.
පාල අය්ය ටක් ගාල බැස්ස ගේමට.
පාල අය්යා : අඩෝ තෝ බීල නේද?
ඩ්‍රැයිවර් : නෑ මහත්තය මේ ඉඹල බලන්න
ඔහොම කියල ඌ දැන් පාල අය්යව ඉඹින්න එනවා.
පාල අය්යා : තමුසෙ ඉඹින්න මට ඕනෙ නෑ ඕයි බලනව මේ සිග්නල් ලයිට් එක කැඩිල. තමුසෙ මොකද කරන්නේ මේකට
ඔය අස්සෙ වාහනයක් ඇවිල්ල පිටිපස්සෙ හෝන් කරනව. මොකද ත්‍රීවීල් එක පාර මැද්දෙ තියෙන්නේ.
පාල අය්යා : තමුසේ වාහනේ අයින් කරල එනව.
කලු අය්යලගෙ ගෙදර තියෙන්නෙ කන්ද උඩ වගේ. ත්‍රීවීල් බුවා අයින් කරන විදියට පල්ලමට දාල ඇරල යන්න ගියා.
කලු අය්ය ටක් ගාල කාර් එකක නැගල අරූ ෆලෝ කරන්න හදනව. ඒ කාර් එකේ නගින්න කට්ටිය පොරේ. මටවත් ඒකට නගින්න නොදී අර මග යන්න පන නැති පාල අය්ය එල්ලුනා කාර් එකේ. මමත් වෙන වාහනේක නැගල ගියා පස්සෙන්.
කොහොම හරි ත්‍රීවීල් ජොකියව හොයා ගත්තා. ඌ අම්බානෙක සොරිම වෙන්න කුඩු ගහල ඉන්නේ. දැන් ඔක්කොටම මල පැනල ඉන්නෙ හප්පපු එකට වඩා හොරෙන් පැනල ගිය එකට. පාල අය්ය පැන්න ගේමට
පාල අය්යා : කවුරුත් මූට ගහන්න එපා, මූ කුඩු ගහල ඉන්නේ
පාල අය්යා : අඩෝ උඹ දන්නවද මේ මිනිස්සුන්ට කාර් එකක් ගන්න පුලුවන් එකේ සිග්නල් ලයිට් එකක් දාන එක මහ දෙයක් නෙමේ. තෝ සල්ලි නෑ කිවුව නම් ඒත් කමක් නෑ, මොකද යකෝ පැනල ගියේ
"චටාස්, පටාස්". අපි පැනල අල්ල ගන්නකම් පාල අය්ය අර කුඩු කාරයට ගහනව. ඌ අතක් වත් උස්සන්නෙ නෑ. මම නම් හිතන්නෙ පාල අය්ය ඔය ජීවිතේටම මිනිහෙක්ට ගැහුවමද කොහෙද. පාල අය්ය කෑ ගහනව "මාව අත ඇරපන්, මට අරූට තව දෙකක් අනින්න ඕනෙ" කියල.
ප.ලි. : ඔය කලු අය්ය ලංකාවට ආව එක ගැන අපේ මාලු වලට සම්බන්ද බුවෙක් බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුන. ඒ දීපු ප්‍රමෝශන් එක වෙනුවෙන් කලු අය්යා ඌට කන්න බොන්න දීල රුපියල් 500කුත් දීලයි ඇරියේ.

Subscribe to:
Posts (Atom)