සමහර අය නම් දන්නව ඔෆිස් එකේ වැඩකට දවස් කීපෙකට මට රට යන්න වෙලා තියෙනව කියල. ඉතින් මම ඔය යන ටවුන් එකේ දන්න කියන අය ඉන්නවද කියල බලන්න මම බුකියෙ ස්ටේටස් එකක් දැම්ම මෙහෙම.
"Is there anyone in San Fransisco?"
මේ තියෙන්නෙ අපේ අය්යලා ඒකට දාල තියෙන කමෙන්ට්ස්.
සෝරෝ : Yes bro um in San francisco. Need any help?
අභීත : ආ මචං, අපේ ගෙදර ඉඳන් 20 මිනිට්ස් ට්‍රයිව් එකක් තියෙන්නේ
මගේ මරණය : ඔව් යකෝ උබත් එහේද? මාත් එහේ නේ, උබට මොකෝ වෙන්න ඕනේ
හසී : Hey i'm from San Fransisco? need any help???
මගේ මරණය : මචන් උබ සැන් ෆැන්සිස්කෝ ගියාට සිංහල අමතක නැහැ නේද? මන් සිංහලෙන්ම කොටන්නම් බන්
අවංක පැට්ටා : මචං මම ඉන්නෙ ග්වන්ටනමො බේ වල. බාර් ඕනෙද ගෑනු ඕනෙද? ඕනෙ දෙයක් කියපං මචෝ. ගෙදරටම ගෙනෙත් බස්සන්නම්, ගාන විතරක් දීපං
යසිත් : අය්යා අපේ මහගෙවල් ඔය පැත්තේ තමා
Thisara : Hi.. Im close to San Fransisco, come down Kottan gaya yatin... then turn left.. then u can see a Mango tree neat Petti kadaya... so its not difficult to find... see you soon bro.
ජීවිතේ මල් : im in balukistaan
Thisara : oh really.. do u know Abeetha, he is in Balukistan these days. got a news that he tries to built a hotel for street dogs.waiting for updates...
Kido : අඩේ සැන් ෆැන්සිස්කෝද මොකෝ මේ මඩයට එකපාර ඒ පැත්ත මතක්වෙලා සැන් ෆ්‍රැන්සිස්කෝවල කවුරුහරි චැට් එකකදි කකුලෙන් පන්ච් එකක් දෙනව කිව්වද
ඕනයා : මචං මහ ගෙවල් ඔය පැත්තෙ තියෙන්නෙ . . . . මොනාද කෙරෙන්න ඕනෙ . . . .?
Shiroshi : අපේ ලොකු සීයා ඉන්නේ එහෙ... මොකෝ සහෝදරයා උදව්වක් වත ඕනෙයි??
Udith : ඔව් අයියා, මොකද්ද කේස් එක කෝච්චියේ පැච් එකක්ද, එහෙනම් Tow Mator මේල් එකක් දාලා එහෙම්මම කේබල් එක සෙට් කරගෙන Ludarics ගේ ගරාජ් එකට එන්න, එද්දි මතක ඇතුව කම්ප්‍රෙශර් එකක් අරං එන්න, ගරාජ් එකේ හුලං පොම්පේ කැඩිලා ඒක ලුවිස්ගේ වැඩපොලට යවලා තියෙන්නේ.
Kido : අහ් මේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල මම අදුනන ඊඑන්ටී ස(ර්)ජන්ට් කෙනෙක් ඉන්නවා ඇස් දෙක බලවගන්න ඕනෙනං සෙට් කරලා දෙන්නං මොකෝ කියන්නේ
Thisara : යකෝ දැන් මෙතන ඉන්න ඔක්කොම උන් සැන් ෆ්රැන්සිස්කෝ වලින්නේ මෙහෙට සංක්‍රමණය වෙලා තියන්නේ බලද්දී.
මාරයා : මචං මෙහෙන් ගිය කවුරු හරි ඔහේ යහතින් ඉන්නවද කියල බලා ගන්නවත් ඕන වෙලාද උඹට..?
මම : මම මේ පොඩි සංගණනයක් කරන්න ගියේ. කොහෙද තොපි ඔක්කොම සුද්දන්ටම අහවල් එක දෙනවනේ බලන් ගියාම
මාරයා : හරි ඉතිං ගණනය කරමුකෝ බං... ඕකට කේන්ති ගන්න ඕනද..?
Udith : අපිත් ඉන්න එකේ ඔය මොකක්ද එක
අභීත : මාත් පාට් එකක් ගන්නම් මචන්.. කීයට යනකන් ගනින්න ඕනද කියහන්... උපරිම දාහයි හැබැයි....
Kido : ආ හරි අභීත අයියා දාහෙ ඉදන් මං ගනං කරන්නං එක්දාස් දහය වෙනකං ඒ ඇතිනේද
Dilan : ආ මම ඉන්නෙත් සන් ෆ්‍රන්සිස්කෝ බන්,,ඔතන හන්දියෙන් දකුනට හැරිලා හම්බෙන පලවෙනි පෙට්‍රල් ශෙඩ් එක ගාවින් වමට හැරිලා යන කොන්ක්‍රීට් පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට වරෙන් එතන මාර ගහක් හම්බෙනවා,,ඒක පහු උනාම මාටින් මාමගේ පොට් එක හම්බෙනවා ,,උබ වෙලාවක් කියපන් මම එතන ඉන්නම්
Kido : හැක් හැක් මරු සංගනනෙ සූ එකකට ගිහිල්ලා එනිවන් ෆ්‍රොම් ඇෆ්රිකා කියල ඇහුවනං උත්තර ලැබේවි ඒත් ඉතිං මෙතන සැන්ෆ්‍රැන්සිස්කෝ වල එකෙක් ඉන්න එකක්යෑ ඉතිං අපිවත් බොරුවට හරි ඉන්නවා කියලා දාන්න එපැයි සුද්දෙක් මේක දකිනකං තියන්න පුලුවන්ද.
මගේ මරණය : මොනාද මචන් ගනින්න ඕනේ ගනිමුකෝ කොනක ඉඳන්
මගේ මරණය : I am San Fransisco, I am from Maranaya
මගේ මරණය : අභියා මූ මොනාද සැන් ෆැන්සිකෝ ඉන්නද කරන්නේ මොනාද ගනින්නේ
අභීත : එහෙ බතල කොටුවකට සිස්ටම් එකක් දාන්න යන්නේ .. සංගනනය කිව්වේ බතල වල ප්‍රමාණය, අල බහින හැටි, බතල වල බර වගේ අයිටම්.... සුද්දගේ කොටුවේ අල බැස්සට පස්සේ මූ ආපහු එයි මචන්..... මූ ගාව තියෙන අල බස්සන සිස්ටම් එකට දැන් ලෝකෙ පුරා හෙණ ඉල්ලුම....
අවංක පැට්ටා : මේකා අල බහිනකම් ඉඳල එයිද? නැත්තන් අල තම්බලා කාල සුද්දත් එක්ක කුජීත වෙන්න ගහලම එයි ද?.
Friday, September 30, 2011
සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්න අය කවුරුත් දන්නවද?
Monday, September 26, 2011
Insurance Insurance
මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුන කතාවක්.
කෝලර් : හෙලෝ
අනිත් පැත්ත : හෙලෝ ගුඩ් මෝනිං, **** ඉන්සුරන්ස්
කෝලර් : මට ඇක්සිඩන්ට් එකක් රිපෝර්ට් කරන්න ඕනෙ
අනිත් පැත්ත : සර් වාහනේ නොම්මරේ කියනවද?
කෝලර් : XX ******
අනිත් පැත්ත : සර් වාහනේ සර්ගෙ නමටද තියෙන්නෙ?
කෝලර් : ඔව්
අනිත් පැත්ත : සර්ගෙ අයිඩෙන්ටිකාඩ් නොම්මරේ කියන්න
කෝලර් : *******V
අනිත් පැත්ත : සර්ගෙ අතින්ද හැප්පුනේ?
කෝලර් : ඔව්
අනිත් පැත්ත : සර්ට ලයිසන් තියෙනවද?
කෝලර් : ඔව්
අනිත් පැත්ත : එහෙනම් නොම්මරේ කියන්න බලන්න
කෝලර් : **********
අනිත් පැත්ත : සර්ට පාස්පෝර්ට් තියෙනවද?
කෝලර් : නෑ
අනිත් පැත්ත : මොනාද සර්, කාර් එකක් ගන්න සල්ලි තියේ නම් පාස්පොර්ට් ගන්න බැරිද? කමක් නෑ සර්ගෙ තාත්තගෙ නම කියන්න
කෝලර් : ***** පීරිස්
අනිත් පැත්ත : හරි සර්, දැන් කොහොමද මේ වාහනේ හැප්පුනේ
කෝලර් : ගෙදර කාර් එක රිවස් කරද්දි ගහක හැප්පුනා
අනිත් පැත්ත : ගොඩක් ඩැමේජ්ද?
කෝලර් : නෑ මට කිසිම තුවාලයක් නෑ
අනිත් පැත්ත : මහත්තය බයිල ගහනව, ඔහේ මලත් මට කමක් නෑ, වාහනේට කොහොමද?
කෝලර් : පිටිපස්සෙ දොර ටිකක් සීරිලා
අනිත් පැත්ත : මහත්තය බීලද හැපෙද්දි?
කෝලර් : තමුසෙට පිස්සුද ඕයි, මේ උදේ පාන්දර
අනිත් පැත්ත : මහත්තය සීට් බෙල්ට් දාලද හිටියෙ?
කෝලර් : ඔව්
අනිත් පැත්ත : මහත්තය යටට ඇඳලද හිටියෙ?
කෝලර් : ඔව් ඕයි, මේ මොන කුනුහර්ප ප්‍රශ්නද තමුසෙ අහන්නෙ
අනිත් පැත්ත : නෑ සර් මට දැනගන්න ඕනෙ උනේ සර් සේෆ්ටි ප්‍රිකෝශන්ස් ඔක්කොම අරගෙනද කියල
කෝලර් : හරි දැන් කවදද ඇසෙසර් කෙනෙක් එවන්නෙ
අනිත් පැත්ත : සර් පොලිසියෙ ඇන්ට්‍රියක් දාල කොපියක් එවන්න. ඊට පස්සෙ අපි බලන්නම්
කෝලර් : මගේ කාර් එක මගෙම ගෙදර මමම හිටෝපු ගහක වැදුනම කවුද ඕයි ඒ ගහද පොලිසි ගිහින් මට විරුද්ධව ඇන්ට්‍රි දාන්නේ
අනිත් පැත්ත : ඒ කතා වැඩක් නෑ සර්, ඇන්ට්‍රි කොපිය නැත්නම් අපිට මොකුත් කරන්න බෑ.
ප.ලි.: ඔන්න අපේ වාහන Insurance වල හැටි. අය්යෝ සල්ලි

Friday, September 23, 2011
ත්‍රී වීල් චක්කරේ
අවුරුදු 10 කට වඩා ත්‍රී වීල් වලම ගමන් ගිහින් මට නම් සෑහෙන්න අත්දැකීම් තියෙනවා. ඒව ඔක්කොම ලියන්න ගියොත් නම් තව පෝස්ට් 50 ක් වත් ලියන්න වෙයි. ඒක නිසා ඒවගෙන් වැදගත්ම දේවල් ටිකක් එක පෝස්ට් එකකට ලියන්න හිතුවා.
ලඟදි දවසක් ඔෆිස් එකේ ඉන්න ගමන් දවල් කෑමට එලියට යන්න ගියා. මට දැන් යන්න තියෙන්නෙ කිරුළපනේ ඉඳන් ගම්සභා හංදියට. මම පාර අයිනට ගිහින් පාරෙ යන ත්‍රීවීල් එකකට අත දැම්මා.
මම : මල්ලි, මට ගම්සභා හන්දියෙ ගිහාන්ස් එක ගාවට යන්න ඕනෙ. ගාන කීයද?
බුවා : 500 ක් දෙන්න මහත්තයා
මම : 500 ක්? මම මෙතන ඉඳන් මහරගමට යන්නෙත් 300ට
බුවා : පිස්සුද මහත්තයා අපි නුගේගොඩට යන්නෙත් 350ට
මම : මල්ලිගෙ පාක් එක කොහෙද?
බුවා : කොල්ලුපිටිය
මම : කොල්ලුපිටියෙ ඉඳන් නුගේගොඩට 350 උනාට මෙතන ඉඳන් රුපියල් 100ක් වත් ගන්නෙ නෑ
බුවා : හරි දැන් මහත්තය කීයද දෙන්නෙ ගම්සභා හංදියට
මම : නෑ ඔයා යන්න මම වෙන එකක යන්නම්
බුවා : ඇයි මහත්තයා
මම : නෑ දැන් ඔයා මම කියන ගානට යමු කියල ගිහිල්ලා එතෙන්දි තව 50ක් 100 ක් ඕනෙ කිවුවම මගේ ලේ රත් වෙනව. ඒක නිසා මම වෙන එකක යන්නම්
ගොඩක් ත්‍රීවීල් මල්ලිලා ගමනක් යද්දි ගාන කියන්නෙ තමන්ගෙ පාක් එකේ ඉඳන් යන්න තියෙන තැනට තියෙන ගාන. අනික පරිස්සම් වෙන්න ඕනෙ අනිත් දේ තමා ගමනක් යද්දි පාරවල් දෙක තුනක් තියෙනව නම් පාර කියන්න යන්න එපා. මොකද නැත්නම් යන්න ඕනෙ තැනට ගියාම වැඩිපුර සල්ලි ඉල්ලනව, අනිත් පාරෙ ගියා නම් ට්‍රැෆික් අඩුයි, වෙලා යනව අඩුයි කියල. ඔය වෙලාවට මම නම් කියන්නෙ "මල්ලි කොහෙන් ගියත් කමක් නෑ ඉක්මනට යන්න පුලුවන් පාරෙ යමු" කියල.
ත්‍රී වීල් මල්ලිලගෙ තව ට්‍රික් එකක් තියෙනව ගමනක් යන්න ගියාම.
මම : මල්ලි මහරගමට යන්න ඕනෙ කීයද?
බුවා : මහත්තයා කීයටද යන්නෙ?
මම : 300 යි
බුවා : එහෙනම් මහත්තය 350 ක් දෙන්න
ආයෙ දවසක් (වෙන ත්‍රී වීල් මල්ලි කෙනෙක්)
මම : මල්ලි මට මොරටුවට යන්න ඕනෙ
බුවා : මහත්තයා කීයටද යන්නෙ?
මම : 500 යි
බුවා : එහෙනම් මහත්තය 550 ක් දෙන්න
බලාගෙන ගියාම ඔය හැම එකාම අපි කියන ගානට රුපියල් 50 ක් එකතු කරල කියන්නෙ. ඒක නිසා දැන් නම් මගෙන් දුර ගමනක් යන්න ගෙවන්නෙ කීයද ඇහුවොත් ඇත්ත ගානට රුපියල් 100 ක් විතර අඩු කරල තමා ගාන කියන්නේ.
මම කලින් ඔෆිස් එකේ ඉන්න කාලෙ දවසක් කුරුඳුවත්තෙ ඉඳන් නවම් මාවතට යන්න ඕනෙ උනා ත්‍රී වීල් එකක. මාත් එක්ක යන්න හිටියෙ ජිනත්. ජිනත් කියන්නෙ සමහර අය හොඳට දන්න ලංකාවෙ හිටිය එක MVP කෙනෙක්. මම කොච්චර ත්‍රීවීල් වල ගිහින් තිබුනත් ජිනත් ත්‍රීවීල් බුවෙක් අල්ලන්නම් කියල පාරට බැස්සා.
ජිනත් : මල්ලි, නවම් මාවතට යන්න ඕනෙ කීයද?
බුවා : එකසිය පනහක් දෙන්න සර්
ජිනත් : තමුසෙ මම කවුරු කියල හිතුවද? මම හැමදාම යනව නවම් මාවතට. මම හැමදාම යන්නෙ 200ට. 200ට යනව නම් යමු. නැත්නම් අපි වෙන එකක යනව
ප.ලි: ත්‍රී වීල් මල්ලිලා ගැන පෝස්ට් එකක් දාද්දි මට හම්බ උනා ත්‍රී වීල් මල්ලිලා ගැන ලියවුනු අලුත් සිංදුවක්. තාම මමත් මේක හරියට ඇහුවෙ නම් නෑ.

Wednesday, September 21, 2011
අන්ධ මනුස්සයගේ ඉන්ටවිව් එක (18+ ද මංදා)
ඇස් නොපෙනෙන මනුස්සයෙක් ගිහින් තියෙනව ෆර්නිචර් හදන කොම්පැනියක කොලිටි කන්ට්‍රෝලර් විදියට ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එක කරන කොම්පැනි මැනේජර්ට පුදුමයිලු මේ යකා ඇස් පේන්නෙත් නැතුව කොහොමද මේ ජොබ් එක කරන්න හදන්නෙ කියල.
මැනේජර් : තමුසෙ කියනව බලන්න ඇස් පේන්නෙ නැතුව කොහොමද කොලිටි කන්ට්‍රෝල් වැඩක් කරන්නෙ?
බුවා : මට අනිත් ඕනෙ කෙනෙක්ට වඩා හොඳට සුවඳින් කියන්න පුලුවන් ඕනෙ දෙයක්
මැනේජර් : හරි අපි බලමු ඔය කියන්නෙ ඇත්තද කියල
ඔහොම කියල මැනේජර් බුරුත ලෑල්ලක් ගෙනෙත් බුවාගෙ නහය ලඟට තියල අහල අල්ලන්නෙ නැතුව මේ මොකක්ද කියල කියන්න කියල. බුවා හරියටම කියල. ඊලඟට පොල් ලීයක් ගෙනාවම ඒකත් හරියටම කියල.
මැනේජරයත් කොල්ලෙක්. මූ හිතුවලු මේකව පොඩ්ඩක් බයිට් කරන්න ඕනෙ කියල, සෙකට්‍රිව ගෙන්නල කාමරේට. සෙකට්‍රිට ස්කර්ට් එක උස්සන්න කියල බුවාගෙ නහය සෙකට්‍රිගෙ අන්ඩවෙයා එක ලඟින් තියලා. බුවාට පොඩ්ඩක් අවුල් වගේලු. බුවා කියල මට මේ ලීයෙ අනිත් පැත්තත් සුවඳ බලන්න ඕනෙ කියල.
මැනේජරයත් සෙකට්‍රිට පස්සෙ පැත්ත හැරෙන්න කියල ආයෙම අර විදියටම සුවඳ බලන්න කියල. පොඩ්ඩක් සුවඳ බලල එක සැරේම
බුවා : හරි මම හොයා ගත්තා මොකක්ද කියලා
මැනේජර් : මොකක්ද?
බුවා : මේක මේ බලයො අල්ලන්න මූදු යන ට්‍රෝලර් එකක කකුස්සියෙ දොරට දාල තියෙන ලෑල්ල
ප.ලි : මේ කතාවෙ සම්පූර්ණ අයිතිය මේක ඔරිජිනලි ඉංග්‍රිසියෙන් ලිවුව නමක් නොදන්න රචකයා සතුයි. මට කලින් කවුරු හරි මේක ට්‍රාන්ස්ලේට් කරා නම් මට කරන්න දෙයක් නෑ. මොකද මම මගෙ ස්ටයිල් එකට ඔරිජිනල් එක ට්‍රාන්ස්ලේට් කරන එකයි කරේ.

Tuesday, September 20, 2011
ඉන්ටවිව් එකකට ලෑස්ති වෙන්නෙ කොහොමද?
මේ ටිකේ සැරින් සැරේ වැදගත් දේවල්නුත් ලියන්න ඕනෙ කියල හිතුව නිසා මේ ගැන ලියන්න හිතුවේ. ඇත්තටම අයිඩියා එක එන්න මූලිකම හේතුව මම රෙජිස්ටර් වෙලා ඉන්න සයිට් එකකින් ආව ඊමේල් එකක්. අනික මගේ මතකය හරි නම් මම මෙච්චර කලකට ගිය ඉන්ටවිව් වලින් ඔක්කොගෙන්ම මම පාස්.
මෙදා සැරේ IT ගැනම නැතුව ඕනෙම ඉන්ටවිව් එකකට යන්න ලෑස්තිවෙන අයට උදවුවක් වෙන විදියට මේ පෝස්ට් එක ලියන්න කියල හිතුවේ.
01. පෙර සූදානම
මේකෙදි තමන් ඉන්ටර්විව් එකට යන්න ඉන්න කොම්පැනිය, ඒ කොම්පැනියෙ භාවිතාවෙන දේවල්, ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න අය කවුද, කම්පැනියෙ මිශන්/ විශන්/ ගෝල්ස් මොනවද කියන එක වගේම පුලුවන් නම් ට්විටර්, බුකි, ලින්ක්ඩ් ඉන් වගේ සයිට් වලින් ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්න අයගෙ විස්තර ටිකකුත් දැනගෙන හිටියොත් හොඳයි. එතකොට තමන්ගෙ ඒ අයත් එක්ක තියෙන කොමන් ඉන්ටරෙස්ට් උඩ කතාව ගෙනියන්න පුලුවන්.
02. ඉන්ටවිව් ප්‍රශ්න වලට සූදානම
තමන්ගෙ ෆීල්ඩ් එකේ හැටියට ඉන්ටවිව් වල වැඩිපුරම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින්ම ලෑස්ති වෙන එක හොඳයි. ඒ ඇරෙන්න ඕනෙ ෆීල්ඩ් එකකට පොදු "තමන් ගැන හැඳින්වීමක්, තමන්ගෙ ස්ට්‍රෙන්ත් වීක්නස්" වගේ දේවල්, ඒ ඇරෙන්න "කලින් කොම්පැනියෙන් අයින් වෙන්න අදහස් කරන්නෙ ඇයි: වගේ ඒවටත් කලින්ම උත්තර ලෑස්ති කරගන්න.
03. ඉන්ටවිව් දවස
අනිවාර්යෙන්ම ඉන්ටවිව් එකට විනාඩි 15 ක් 20 ක් වත් කලියෙන් එතනට යන්න. ඉන්ටවිව් එකට පරක්කු උනා කියන්නෙ එතනම බඩු බනිස්. කලින් ගිහින් දාඩිය එහෙම පිහිදාගෙන පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න එක තමා හොඳම දේ. අනික වටපිටාව ගැන වැඩිය බලන්න යන්න එපා. සමහර කොම්පැනි වල කැමරා වලින් එන යන අය මොනිටර් කරන නිසා ඉන්ටවිව් එකට වෙලාව එනකම් වාඩි වෙලා ඉන්න වෙලාවෙත් පාඩුවෙ ඉන්න එක හොඳයි.
04. ඉන්ටවිව් ආරම්භය
කාමරේට කතා කරාම හොඳ කෙලින් ෆුල් කන්‍ෆිඩන්ට් පිට ඇතුලට යන්න. අතට අත දෙද්දි හොඳ ස්ට්‍රෝංග් විදියට අතට අත දෙන්න. ඒ වගේම ඉන්න අයගෙ කෙලින්ම මූන දිහා බලල කතා කරන්න. ෆස්ට් ඉම්ප්‍රෙශන් එක හරිම වැදගත් නිසා මුල් විනාඩි කීපය ගොඩක්ම සැලකිල්ලෙන් කතා කරන්න. නැත්නම් එවෙලෙම රිජෙක්ට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
05. ඉන්ටවිව් එක අතරතුර
පැන පැන කතා කරන්න යන්න එපා. හැමතිස්සෙම ඉන්ටවිව් බෝඩ් එක තමන්ව ඉන්ටවිව් කරනව මිසක් තමන් ඒ අයව ඉන්ටවිව් නොකරන බව මතක තියාගන්න. ටික වෙලාවක් සද්දයක් නැතිව තිබුනොත් කටපියාගෙන ඉන්න. මොකද සද්දයක් නෑ කියන්නෙ එක්කො ඒ අය කලින් තමන් දුන්න උත්තරයක් ගැන කල්පනා කරනව හරි, ඊලඟ ප්‍රශ්නය ප්ලෑන් කරනව හරි වෙන්න පුලුවන්.
06. ප්‍රශ්න වලට උත්තර දෙද්දි
ප්‍රශ්නයක් ඇහුවම කොච්චර හොඳට උත්තරේ දන්නව උනත් තප්පර දෙක තුනක් ඉඳල හොඳට හිතෙන් උත්තරේ හදාගෙන උත්තර දෙන එක හොඳයි. අනික වැල්වටාරම් නැතුව කෙටියෙන් හරියටම උත්තරේ දෙන එක හොඳයි. ඒ ඇරෙන්න උදාහරණ තියෙනවනම් ඒව පාවිච්චි කරන්න. ඒ අහන දේට අදාල දෙයක් තමන් කලින් කරල තියෙනව නම් අනිවාර්යෙන්ම ඒ ගැන කියන්න. ඒක සෑහෙන්න වටිනවා.
07. අවසානය
පටන් ගත්ත වගේම ස්ට්‍රෝංග් විදියට ඉන්ටවිව් එක ඉවර කරන්න ඕනෙ. ඒකෙදි තමන් ඒ කම්පැනියෙ වැඩ කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න බව සහ තමන්ව තෝර ගත්තොත් තමන්ට ඒ කම්පැනියට ඇඩ් කරන්න පුලුවන් වැලිව් එක වගේ දේවල් පොඩ්ඩක් කියන එක හොඳයි.

Monday, September 19, 2011
බ්ලොග් ලියන්නෙ මොකටද?
මම නම් කලිනුත් කිවුව වගේම බ්ලොග් ලියන්න ගත්තේ ටිකක් හිතේ අවුලෙන් හිටිය කාලෙක. ඊට පස්සෙ කට්ටිය බලන්න ගත්තම දිගටම ලියන්න හිතුවා. අනික ඔය රට බයිල ලියන අතරෙ එක එක්කෙනාගෙ ඉල්ලීම නිසා හැමෝටම වැඩක් ඇති දේවලුත් ලියවුනා.
ඒත් මම රට හදන්න වත්, එහෙම නැත්නම් සිංහල උගන්නන්න වත්, එහෙමත් නැත්නම් ඉන්ටනෙට් එක පුරා සිංහල යුනිකෝඩ් වක්කරන්නවත් නම් නෙමේ මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙවත් එහෙම නැත්නම් දැනටත් බ්ලොග් ලියන්නෙ වත්.
දැන් මේ ටික කියෙවුවම කතාව නොදන්න අය බලයි මේ මොන හරුපයක් කියනවද කියල. මේ ඔක්කොටම මුල් උනේ පොඩි මෑන් ලියපු "හුජ්ජ කොල්ලන්ගේ කක්කි වැඩ" කියන පෝස්ට් එක. ඌ ඒ පෝස්ට් එක ලියල තිබුනෙ වෙන කෙනෙක් උගේ පෝස්ට් එකක් ගෙඩි පිටින් ගල් කරපු එක ගැන ආවේගෙන්.
අනික ඒ පෝස්ට් එකේ කිසිම කුනුහර්පයක් තිබුනෙත් නෑ. නමුත් ඔය පෝස්ට් එක නිසාම ලොකු කතාබහක් ඇති උනා බ්ලොග් අවකාශය තුල ලියන දේවල් වලට යම්කිසි කොලිටියක් තියෙන්න ඕනෙ කියන එක, සහ තවත් විවිධ කතා.
මේ තියෙන්නෙ එහෙම ගිය කතා සහ ඒ ගැන මගේ මතය.
01 - බ්ලොග් වල අඩංගු දේවල් වල කොලිටි එකක් මේන්ටේන් කලයුතුද? - මගෙ නම් පුද්ගලික මතය බ්ලොග් එකේ හිමිකරුවාට සම්පූර්ණ නිදහස තියෙනව තමන් කැමති දෙයක් ලියන්න. ඒ ලියන දේ වගකීමත් බ්ලොග් හිමිකරුවා දරන්න ඕනෙ. තමන්ට ගැලපෙන්නෙ නැති බ්ලොග් එකක් නම් නොබල ඉන්න එක පාඨකයගේ වැඩක්.
02. පොඩි ලමයි බ්ලොග් බලල සිංහල ඉගෙන ගන්නවා. බ්ලොග් වල කුණුහර්ප තිබුනොත් පොඩි ලමයි නරක් වෙනව. - සිංහල ඉගෙන ගන්න බ්ලොග් බලනව නම් ඒක මෝඩ වැඩක්. බොහොම සුලුතරයක් බ්ලොග් වල තමා හරියටම "නණලළ" භේදය, උක්ත ආඛාත ගැලපීම් එක්ක ලියල තියෙන්නෙ. අනික පොඩි එකාට ඉන්ටනෙට් යන්න පුලුවන් නම් බ්ලොග් කියවන්න කලින් ඔය වැල බලල ඕනෙ හැටියෙ නරක් වෙන්න පුලුවන්නෙ.
03. ඇත්තටම මොනවද හොඳ? මොනවද නරක? - ඔය දෙකත් සාපේක්ශයි නේද? ඔය පෝස්ට් එක ගැන ප්‍රශ්නෙ මතුකල කෙනා ඉන්නෙ යුරෝපෙ නිසා බීම කියන එක එයා වරදක් විදියට දකින්නෙ නෑ. ඇම්ස්ටර්ඩෑම් ඉන්න කෙනෙක්ට ගංජ අවුලක් නෑ වගේම ප්‍රොස්ටිටියුශන් ලීගලයිස් කරල තියෙන රටක කෙනෙක්ට ඒකත් වැරැද්දක් විදියට පේන්නෙ නෑ.
මම හිතන්නෙ ඔය මාතෘකාව ගැන ලිවුව ඇති වගේ. මෙන්න මෙතනින් ගිහින් බලන්න පුලුවන් දැනට තියෙන සිංහල බ්ලොග් ගොඩක්.

Saturday, September 17, 2011
IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්න අයටයි මේ
දවස් කීපෙකින්ම පෝස්ට් එකක් දාන්න බැරි උනේ මේ ටිකේ ඔෆිස් වැඩ, තව වීසා ඇප්ලයි කරන වැඩ (ඔෆිස් එකේ වැඩකට), සහ පොඩ්ඩක් ලෙඩ ගතියෙන් හිටිය නිසා. ඒ ඔක්කොටමත් වඩා ලැබුන හැම නිදහස් විනාඩියකම කරේ "Naruto" ජැපනීස් ටීවී සීරීස් එක බලන එක. යන්තම් පාර්ට් වන් ඉවරයි (එපිසෝඩ් 220ක්). දැන් පාර්ට් ටූ බලන්න ගත්තා. ඒකත් එපිසෝඩ් 220ක්. මේක නම් කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ වැඩක්.
කාලයක් තිස්සෙ ගොඩක් අයගෙන් තියෙන ඉල්ලීමක් තමා IT ෆීල්ඩ් එක ගැන වැඩිපුර ලියන්න කියල. ඒක නිසා නිවාඩු දවසත් වෙච්ච එකේ අද ඒ ගැන ලියන්න හිතුවා. මේ ලිපියේ ටාර්ගට් එක IT ෆීල්ඩ් එකට එන්න හිතාගෙන ඉන්න අයටයි. ලංකාවෙ නම් IT කරන කෙනෙක්ට යන්න පාත් 4 ක් තමා තියෙන්නෙ. ඒ තමා
1. ඩිසයින්
2. කොලිටි ඇශුවරන්ස්
3. නෙට්වර්කිං
4. ඩිවලොප්මන්ට්
ඩිසයින් කිවුවම ඔය ෆොටෝස් එඩිට් කරන තැන ඉඳන් ලොකු ඇප්ලිකේශන් වල User Interface, User Experience Designing වලට යනකම් තියෙන ඒරියාස් ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඩිසයින් පැත්තට යන්නෙ ලොකුවට පේපර් කොලිෆිකේශන් තියෙන අය නෙවෙයි, හැබැයි කොලිෆයිඩ් උනුත් නැතුව නෙමේ. කොහොමත් ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් කොච්චර උනන්දුව තිබුනත් පොඩි හරි කලාත්මක ඇහැක් තියෙන්නම ඕනෙ. ලංකාවෙදි මේ ෆීල්ඩ් එකේ අයට ගොඩක්ම ගෙවන්නෙ නැති උනත් Non-IT ජොබ්ස් එක්ක ගත්තම මේකෙ හොඳට ගෙවනව.
කොලිටි ඇශුවරන්ස් කියන්නෙත් බරපතල වගකීමක් තියෙන ජොබ් එකක්. හැබයි ලංකාවෙ නම් මම දැකල තියෙන මේ ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම වගේ ඒකට ඇවිත් ඉන්නෙ ඩිවලොප්මන්ට් කරන්න තියෙන ආස නැතිකම හෝ කම්මැලිකම නිසා. හැබැයි එහෙම නැතුව මම QA ම කරනව කියල හිතාගෙන ආව අයත් ඉන්න පුලුවන්. ලංකාවෙ සමහර පොඩි කොම්පැනි වල QA කියල වෙන්නේ ඩිවලොප් කරපු ඇප්ලිකේශන් එකක් අතපත ගාල බලන එක උනත් හරි QA කෙනෙක් නම් ටෙස්ට් ඔටෝමේශන්, ලෝඩ් ටෙස්ටිං, ඉන්ටග්‍රේශන් ටෙස්ටිං etc. කරන්නත් දැනගෙන ඉන්න ඕනෙ. පඩිය ගැන නම් කියන්න තියෙන්නෙ උඩ කිවුව දේම තමා.
නෙට්වර්කිං කිවුවම ඕකෙ ජාති දෙකක් තියෙනව. පොඩි කොම්පැනි වල ඉන්න ප්‍රින්ටරේ වැඩ කරන්නෙ නැති උනම ඒක හදල දෙන, කම්පියුටර් ටික රෙපෙයාර් කරගෙන, ඉන්ටර්නෙට් කනෙක්ශන් එක බලාකියාගෙන ඉන්න කෙනාත්, එහෙම නැත්නම් VPN අනංමනං කනෙක්ශ්න්ස් බර ගානක් බලා කියාගෙන, එන්ටප්‍රයිස් ලෙවල් රවුටර්ස්, රේඩ් සර්වර්ස් එක්ක හැප්පෙන කෙනාත් දෙකම වැටෙන්නෙ මේ ගොඩට තමා. හැබැයි ඒකෙන් මම ඔය පලවෙනි කියපු අයට නම් ලැබැන්නෙ බොහොම පොඩි පඩියක්. සිස්කො, මයික්‍රොසොෆ්ට් වගේ එක්සෑම් එහෙමත් ගොඩ දාල ඔය මම කිවුව දෙවනි කැටගරියෙ වැඩ කරන අයට නම් ඩිසයින්, QA දෙකටම වඩා ගෙවනව.
අන්තිම එක තමා ඩිවෙලොප්මන්ට්. මේක තමා වැඩිම කට්ටක් කන්න තියෙන සහ වැඩිම ගෙවන ෆීල්ඩ් එක. හැබැයි සල්ලි බලාගෙන විතරක් මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය මගදි නිකම්ම හැලිල යනව. මේකෙ රැඳිල ඉන්න නම් මාර කැසිල්ලක් තියෙන්න ඕනෙ අලුත් දේවල් ඉගෙන ගන්න. අනික තමන් ලිවුව ප්‍රොග්‍රෑම් එකක් කවුරු හරි පාවිච්චි කරද්දි ඒකෙන් සතුටක් එනව නම් අන්න එහෙම අයට තමා මේක හරියනේ. මීටරේ හොඳ වෙන තරමට හොඳයි. ඊටත් වඩා ඕනෙ වෙන්නෙ කැපවීම. අනික හොඳට ගූගල් එකේ සර්ච් කරල ඉක්මනට අවශ්ය දේ හොයාගන්න පුලුවන් වීමත් වැදගත් (කෝඩ් කොපි කරන්න නෙමේ, නොදන්න දෙයක් ඉගෙන ගන්න).
මම නොදන්න ඒරියා එක ගැන නැතුව දන්න ඒරියා එකේ (ඩිවෙලොප්මන්ට්) කැරියර් පාත් එක ගැනත් කියන්නම්. ගොඩක් විට අනිත් ඒවගෙත් වැඩි වෙනසක් තියෙන්න බෑ.
පටන් ගන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා ඉංජිනියර් (SE)කෙනෙක් විදියට. සමහර කොම්පැනි වල නම් ඇසෝසියේට් සොෆ්ට්වෙයා ඉංජිනියර් එහෙමත් නැත්නම් ට්‍රේනි සොෆ්ට්වෙයා ඉංජිනියර් කියල මීට පහල පොසිශන් එකක් තියෙනව. ඒ ගැන මම කතා නොකර ඉන්නම්. පලවෙනි ජොබ් එක විදියට මේ පොසිශන් එකට ගිය කියමුකො. කොම්පැනියෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ ගිය ගමන්. මුලින්ම කරන්න තියෙන්නෙ කම්පැනි කල්චර් එකට සෙට් වෙන එකත්, වැඩ කරන්න ඉන්න අය එක්ක හොඳට ආශ්‍රය කරන , එකත්. ඒ ගමන්ම බලන්න ඕනෙ කම්පැනි එකේ කෝඩිං ස්ටැන්ඩර්ඩ්ස් මොනාද, යූස් කරන මෙතඩොලොජීස්, ටූල්ස් මොනවද, කන්ටිනුවස් ඉන්ටග්‍රේශන් ප්ලැට්ෆෝම් එකක් තියෙනවද, සෝස් ක්‍රන්ට්‍රොල් වලට යූස් කරන්නෙ මොකක්ද කියල. කෝඩ් එකක් ලියද්දි කෝඩ් එක රීඩබල් වෙන්න ඕනෙ වගේම කෝඩ් ඩොකියුමන්ටේශන් (කමෙන්ට්ස්), යුනිට් ටෙස්ට් ලියන එකත් කරන්න ඕනෙ. ගොඩක් වෙලාවට (SE) කෙනෙක් ඉඳල හිටල මිස්ටේක් එකක් කරාට එච්චරම එලවන්නෙ නෑ ඒ පස්සෙන්. ඒත් වැරදි අඩු කර ගන්න තරමට තමා උඩ අයට තේරෙන්නේ මෙයා දැන් ප්‍රමෝශන් එකකට සුදුසුයි කියල.
ඊලඟට තියෙන්නෙ සීනියර් සොෆ්ට්වෙයා ඉංජිනියර් (SSE). මේකෙදි වගකීම් වැඩියි. SE කෙනෙක් අනිවා කාගෙ හරි යටතෙ වැඩ කරාට SSE කෙනෙක් ටෙක් / ටීම් ලීඩ් කෙනෙක් යටතෙ ඉන්න වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් ටීම් එකක් භාරව ඉන්නත් පුලුවන්. SSE කෙනෙක් තමන්ට දෙන වැඩේ රෙස්පොන්සිබිලිටි එක සහ එකවුන්ටබිලිටි එක තනිකරම භාර ගන්න ඕනෙ. SSE කෙනෙක් වුනාම තමන්ගෙ ඩොකියුමන්ටේශන් ස්කිල්ස් සහ කමියුනිකේශන් ස්කිල්ස් වැඩි දියුනු කර ගන්න ඕනෙ. මොකද තමන්ට ටීම් එකක් භාර දුන්නොත් අවශ්ය අවස්ථා වලදි කස්ට එක්ක එහෙම ඩීල් කරන්නත් වෙන්න පුලුවන් නිසා. ඒ ඇරෙන්න SE කාලෙට වඩා වැරැද්දක් තමන් අතින් වෙන්න තියෙන චාන්ස් එක අවම කර ගන්න ඕනෙ.
ටීම් ලීඩ් එහෙමත් නැත්නම් ටෙක් ලීඩ් (TL) කියන්නෙ සෑහෙන ඉන්ඩස්ට්‍රි එක්පීරියන්ස් තියෙන හොඳ ටෙක්නිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්. හැබැයි ගොඩක් අය වැරදියට හිතාගෙන ඉන්නව TL කෙනෙක් පට්ට ටෙකී උනාම විතරක් ඇති කියලා. ඒකෙන් භාගයක් ඇත්ත, මොකද ආකිටෙක් කෙනෙක් නැති තැන ඩිසයින් ඩිෂිශන් ගන්න, ටෙක්නොලොජි ඩිසයිඩ් කරන්න, ඒ ඇරෙන්න ප්‍රොජ්ක්ට් එකක ස්ට්‍රක්චර් එක හදන්න (ලේයරිං), ඔහොම වැඩ කරන්න වෙන නිසා. ඒත් ඒ ඇරෙන්න ලීඩර්ශිප්, කමියුනිකේශන්, හියුමන් රිසෝස් මැනේජ්මන්ට් වගේ ස්කිල්ස් නුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ. TL කෙනෙක්ට බොහෝ දුරට මැනේජ්මන්ට් එකත් එක්කත්, කස්ටමර් එක්කත් ඩිරෙක්ට් ඩීල් කරන්න වෙනවා. අනික මේ පොසිශන් එකේදි තමා තීරණය කරන්න වෙන්නේ ඉස්සරහට යන පාර මොකක්ද කියල.
සොෆ්ට්වෙයා ආකිටෙක් කෙනෙක් කියන්නේ අර බිල්ඩිං වල ප්ලෑන් අඳින ආකියෙක් වගේම භාරදූර වැඩක් කරන්න තියෙන කෙනෙක්. බිල්ඩිමක ෆවුන්ඩේශන් එක හය්ය නැත්නම් බිල්ඩිම කඩා වැටෙනව වගේම හරියට ඩිසයින් නොකරපු සිස්ටම් එකකුත් කොයි වෙලේ ක්‍රෑශ් වෙයිද කියන්න බෑ. ආකිටෙක් කෙනෙක් උනාම තම්න්ගෙ මේජර් දන්න ටෙක්නොලොජීස් ඇරෙන්න අනිත් අලුතින් එන ටෙක්නොලොජීස් ගැන, ඒ ඇරෙන්න කරන වැඩ ලේසි කරගන්න පුලුවන් ටූල්ස්, කම්පොනනට්ස් ගැන එහෙම හැම තිස්සෙම සෙවිල්ලෙන් ඉන්න වෙනව. සමහර කම්පැනි වල ආකිටෙක්ට පහල ඇසෝසියේට් ආකිටෙක් කියලත් ආකිටෙක්ට ඉහල සීනියර් ආකිටෙක්ට් කියලත් පොසිශන් තියෙනව. ආකිටෙක්ගෙ කමියුනිකේශන් සහ ඩොකියුමන්ටේශන් නම් ලෙසටම තියෙන්න ඕනෙ. මොකද කස්ටමර් එක්ක ටෙක්නිකල් ඩිස්කශන් එකක් ලීඩ් කරන්නෙ, එහෙමත් නැත්නම් ඩිසයින් ඩොකියුමන්ට් එකක් කරන්නෙ ආකිටෙක් නිසා.
ටෙක් ලීඩ් කෙනෙක්ට එක්කො සොෆ්ට්වෙයා ආකිටෙක් වෙලා ටෙකි පැත්තෙන් යන්න හරි එහෙමත් නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙලා ඒ පැත්තෙන් යන්න හරි පුලුවන්. මම මෙතෙන්දි ප්‍රොජෙක්ට් මැනේජර් කියන එකෙන් අදහස් කරේ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියල. මොකද නෝමල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙන්න මෙච්චරම දුකක් විඳින්න ඕනෙ නෑ. ඔය දෙකේ වෙනස තියෙන්නෙ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියන්නෙ නෝමල් පාත් එකේ ටෙක් ලීඩ් දක්වා ඇවිල්ල සෑහෙන්න එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් වීම. මේකෙදි නම් ගොඩක්ම කරන්න තියෙන්නෙ කමියුනිකේශන් සහ ඩොකියුමන්ටේශන්. ඊට වඩා අමාරුම නඩු බේරන එක. මොකද Customer is always right නිසා ටීම් එකත් ශේප් එකේ තියාගෙන කස්ටත් ශේප් එකේ තියන් වැඩ කරන්න ඕනෙ. හොඳ ලීඩර්ශිප් ස්කිල්ස්, නෙගෝශියෙශන් ස්කිල්ස් එහෙම ඕනෙ.
උඩින් දැම්ම ඒවගෙන් ආකිටෙක් සහ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කියන ජොබ් දෙක තමා හොඳටම ගෙවන ජොබ් දෙක. අනික වගකීම් පට්ට වැඩි උනාට එච්චරම මැරෙන්න ඕනෙ නෑ. මොකද මේ වෙද්දි පඩි ගෙවන්නෙ මෙච්චර කලක් ගත්ත එක්පීරියන්ස් වලින් දෙන ඇඩ්වයිස්, ගයිඩන්ස්, රිසොලුශන් වගෙ දේට මිසක් හාඩ් වර්කිං වලට නෙමේ නිසා. අනික මේ පොසිශන් දෙකටම එන උන් ඊට පහල ඉන්න අයගෙ දුක දන්න නිසා මොනා හරි දෙයක් හිර උනොත් හුඟ වෙලාවට කෝඩ් කරන්න ඇවිත් හරි ටීම් එකට සපෝර්ට් කරනව.
හැබැයි මේක මෙතනින් ඉවර වෙන්නෙත් නෑ, ආකිටෙක් කෙනෙක්ට කවද හරි CTO විදියට, ටෙක්නිකල් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට CIO කෙනෙක් විදියට වගේ තවත් ඉස්සරහට යන්න පුලුවන්. මේකෙ දැනටම දිග වැඩි නිසා දැනට මේ ඇති. ප්‍රශ්න තියෙනව නම් කාට හරි අහන්න.
ප.ලි. - මම කිසිම ජොබ් එකක් උස් පහත් විදියට දැම්මේ නෑ. මට පේන විදියටයි ලිවුවේ. කාට හරි හිත රිදෙන දෙයක් ලිවුව නම් සමාවෙන්න.

Wednesday, September 14, 2011
කාරුණිකව සමාව ඇයැද සිටීමයි
මට ඊමේල් මගින් ලැබුන මෙහි පලව තිබූ ලිපිය "ලාස්ට් රෝ" හි දැනට වසරකට පමන පෙර පලවූවකි. ඒ ගැන දැනගත් වහාම මම ඒ ලිපිය අයින් කර අතර, එම කතාව රස විඳීමට කැමති කෙනෙකුට මෙතනින් එම කතාව රස විඳිය හැකිය.
මගේ බ්ලොග් එකේ කොපිරයිට් නැතත් මගේ කතාවක් කිසියම් කෙනෙක් වෙන තැනක පල කරන්නේ නම් බ්ලොග් එකේ ලිංක් එක සමග පල කිරීම මම බෙහෙවින් අගයමි. එසේම අන් අය ලියූ දෑ ඔවුන්ගේ අයිතීන් බැවින් එයට බෙහෙවින් ගරු කරමි.
ප.ලි : මචන් ඕනයා, උඹ මේ දැන් කෝල් කරල කියනකම් මම මේක දැනන් හිටියෙ නෑ. තැන්ක් යූ.

Tuesday, September 13, 2011
කෝ යකෝ බයිට්?
මම කලින් ලිවුවනේ අපේ කඩුගන්නාවෙ ට්‍රිප ගැන. මේකත් ඒකටම අදාල කතාවක්. ට්‍රිප යන්න ප්ලෑන් කරේ ට්‍රිපට කලින් දවසෙනේ. එදා හවස මම අභියට කෝල් එකක් දුන්නා.
මම : මචං අභියා, අර සිහිනයා හෙන ලිස්ට් එකක් එවල තියෙන්නෙ ගේන්න ඕනෙ දේවල්. කුඩ, පොත්, පෑන්
අභියා : ඒව ඕනෙ නෑ බං, රේන් කෝට් එකක් ගෙනෙං. ඔය වැස්සෙ කුඩ වලින් යන්න බෑ.
මම : වෙන මොනාද බං ඕනෙ
අභියා : මමයි ඕනෙයයි ඕල්ඩ් බෝතල් දෙකක් ගේන්නම්
මම : එළ මම මෙන්ඩිස් 18 ඉයර්ස් ඕල්ඩ් එකක් ගෙන්නම්
අභියා : බයිට් එකට චිකන් මසාල එකයි, මීට් බෝල් ටින් දෙකයි, රතු ඇපල් 5 යි, කොළ ඇපල් 5 යි, මික්ස්චර් එකයි ඇති නේද?
මම : මමත් පොඩි බයිට් එකක් ගෙන්නම්
ඔන්න දැන් ට්‍රිප ගිහින් අභීතයා
අභීත : මචං රංග, කෝ බන් අර ඇපල් ටික ගනින්
මම : මචං මම හිතුවෙ උඹ ගේනව කියලනේ
ඕනයා : හරි එහෙනම් මික්ස්චර් එක ගනිං
මම : මොන මගුලක්ද බං, උඹල කිවුව විදියට මම හිතුවෙ උඹල ඒව ගේනව කියල
අභියා : අපි මීට්බෝල්ස් නුයි, චිකන් මසාලයි නම් ගෙනාව. ඒත් මේ වැස්සේ ඒව කොහොම උයන්නද බං
මම : ආ ඉඳපන් මේ මම ගෙනාව පොඩි බයිට් එක
එහෙම කියල ටූනා, ක්‍රිස්කෝ බිස්කට් බයිට් එකකින් ශේප් උනා වැස්ස පායනකම්.

වැස්ස පෑයුවට පස්සෙ නම් ශේප් එකේ මීට් බෝල්ස් ටික හදාගත්තා. මීට් බෝල්ස් උයන්න හදපු ලිපට ගිනිගන්න කියල ඩෝප් සීන් එකේ අභියා පොල්තෙල් වක්කරල, ඕනය පට්ට දුකක් විඳල තමා ගින්දර අවුලව ගත්තේ.

ඒත් චිකන් මසාල එක නම් හදන්න උනේ නෑ. ඒක දාල තිබුනෙ සිහිනයගෙ බෑග් එකේ. ට්‍රිප් එක ගිහින් ආවට පස්සෙ දවසෙ චැට් එකේ
සිහින: අර මසාල එක අපි කෑවා ! හූ..............ටිකක් රස්නෙ යනකල් ඉඳල කිව්වෙ මඩ අවධානමෙන් බේරෙන්න.. හික් හික්... මරු එකාගෙ බෑග් එකට දැම්මෙ.. හැක් හැක්
අභීත: කවුද අරන් ගියේ මසාල එක?
සිහින: මම මම, හික්ස්
අභීත: හොඳම සීන් එක ඒකෙ ලූනු ටිකක් නරක් වෙලා තිබ්බා. ඕනය මට ඇහැක් ගැහුව නිසා ඒක කෑවෙ නැත්තේ. මම එන ගමන් සෝරෝටත් ඕක කිය කිය ආවෙ
සිහින: සික්, හෙන ගහපිය, කට කඩි කාපිය, දැන් නිකන් පල් රහක් වගේ එනව කටට

Monday, September 12, 2011
වෙඩිමක්
අද අපේ ඔෆිස් එකේ එකට වැඩ කරන ගෑනු ලමයෙක්ගෙ මගුල් ගෙයක්. ඔෆිස් එකේ ඔක්කොටම වගේ හෝම් කමිං එකට ඉන්වයිට් කරලා ඔෆිස් එකේ ඉන්න වැඩිහිටි (නාකි) සෙට් එකට විතරක් වෙඩිමට ඉන්වයිට් කරල තිබුනා. ආයෙ අහන්න දෙයක් නෑ, ඒ කියන්නෙ මටත් වෙඩිමටනෙ යන්න වෙන්නෙ. වෙන පෝඩි වැඩකටත් ගිහින් එහෙම්ම ගියා වෙඩිමට.
කොහොම හරි ඔෆිස් එකෙන් 10 දෙනෙක් විතර ඇවිත් හිටියා. ඔක්කොමල්ල එකම ටේබල් එක වටේ හිටියේ. ඔය අස්සෙ මම දැක්ක එහා ටේබල් එකක මගේ ගාල්ලෙ හොඳ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නව. ඔෆිස් එකේ ගෑනු ලමයත් ගාල්ලෙ නිසා මට සෑහෙන්න ශුවර් එහා ටේබල් එකේ ඉන්නෙ යාලුවගෙ අක්ක කියල.
මම පොඩ්ඩක් හිනා උනා. ඒත් මෙයා මාව දැක්කෙ නෑ වගේ ඉන්නව. ගිහින් කතා කරල කුජීත වෙන්නත් බැහැනෙ, වැරදිලාවත් වෙන කවුරුහරි උනොත්. කෝකටත් කියල ගත්ත යාලුවට කෝල් එකක්.
මම : මචං වීරෙ
වීරෙ : ඇයි බං?
මම : උඹලගෙ පොඩි අක්ක වෙඩිමකට ආවද අද?
වීරෙ : ඔව් බං. ඇයි?
මම : නෑ, උඹලගෙ අක්ක ඉන්නව දැක්ක. ශුවර් නැති නිසා කෝල් කරේ
වීරෙ : යකෝ තොට අපේ අක්ක මතක නැද්ද?
මම : මතකයි යකෝ, මම උඹට පස්සෙ කෝල් එකක් දෙන්නම්
එහෙම්ම ගියා යාලුවගෙ අක්ක ගාවට.
මම : හායි අක්කි කොහොමද?
අක්කා : ආ මල්ලි මම දැක්ක ඔයා ඉන්නවා
මම : අනේ අනේ දැන් ලොකු සීන් නේද? දැක්කම කතා කරන්නෙවත් නෑ
අක්කා : එහෙම එකක් නෙමේ මල්ලි. වෙඩින් එකක ඇවිත් ඔයා කවද්ද පාඩුවේ වාඩිවෙලා හිටියේ. ඒක නිසා මම හිතුවෙ වෙන කවුරුහරි කියලා
මම : අය්යෝ ඒ කියන්නෙ මම එච්චරට චාටර්ද?
අක්කා : ඒක නෙමේ මල්ලි. ඔන්න අය්යත් ඇවිත් හිටියා
මම : ආ එළ මම හොයා ගන්නම්
මමත් ඉතිං පොඩ්ඩක් එලියට බැහැල බැලුව අය්යා (අක්කගෙ හස්බන්ඩ්, අපේ ඉස්කෝලෙ හිටපු ක්‍රිකට් කැප්ටන්, හෙඩ් ප්‍රිෆෙක්ට්) කොහෙද කියල. එහේ මේහේ කැරකෙද්දි බුවා හම්බ උනා අංකල්ල සෙට් එකක් එක්ක.
අය්යා : ආ රංග මල්ලි කාලෙකින්
මම : ඔව් අය්යා කොහොමද?
අය්යා : දැන් උඹ ගාල්ල පැත්තෙ එන්නෙවත් නැද්ද?
මම : ඉඳල හිටල එනව අය්යා
අය්යා : ආ මචං මේ අපේ ලයන්ස් ක්ලබ් එකේ පාස්ට් ප්‍රෙසිඩෙන්ට්. මූ මගේ බුදු ෆිට් එකක්
ඔහොම කියල එහා පැත්තෙ හිටිය අංකල් කෙනෙක්ව පෙන්නුවා. බුවත් ශොටක් එහෙම දාගෙන ඉන්නෙ. අරූ මචං කියල කිවුවම අංකල් කෙනෙක් උනත් මචං නොකිය බැහැනෙ.
මම : ආ මචං කොහොමද?
අංකල් : මචං උඹ බ්‍රයිඩ් ගෙ පැත්තෙද? ගෲම් ගෙ පැත්තෙද?
මම : නෑ මචං, බ්‍රයිඩ් අපේ ඔෆිස් එකේ වැඩ කරන්නෙ
අංකල් : ආ පුතා. අපේ දුව ඔයාලගෙ ඔෆිස් එකේද වැඩ කරන්නෙ. මම *** ගෙ තාත්තා

Friday, September 9, 2011
මෙහෙමත් කෙල්ලො ඉන්නවද?
මම ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙ ගෑනු ලමයින්ගෙ වැරදිම ලියනව කියල පොඩි කම්ප්ලේන් එකකුත් තිබුනා. ඒත් ඊට පස්සෙ වෙන වෙන කතා ලිවුව නිසා ඒක නිකම්ම මග ඇරිල ගියා. ඒත් මේ කතාව ලිවුවට පස්සෙ ආයෙ සැරයක් කවුරු හරි එහෙම කියයිද දන්නෙ නෑ. අනික ඊයෙ කෙල්ලො කොටට අඳින එක ගැනත් ලිවුවනේ.
මේ කතාවෙ සුජිත් කියල කියන්නෙ අපේ නංගිගෙ හස්බන්ඩ්. ඒ ඇරෙන්න චරිත් කියන්නෙ බුවාගෙ ඔෆිස් එකේ වැඩ කරන යාලුවෙක්. ඔන්න එහෙනම් කතාව.
දැනට සතියකට විතර උඩදි මට එනව අම්මගෙන් කෝල් එකක්.
අම්මා : පුතේ මම මේ කතා කරේ පොඩි කාරනයක් කියන්න
මම : ඔව් අම්මේ කියන්න
අම්මා : ඔයා දන්නව නේද අර සුජිත්ලගේ ඔෆිස් එකේ වැඩ කරන චරිත්
මම : දන්නෙ නම් නෑ අම්මේ, නම නම් අහල තියෙනවා
අම්මා : චරිත්ගෙ නෑයො වෙන ගෑනු ලමයෙක් ඉන්න්වලු
මම : ඉතිං
අම්මා : ඒ ලමයට මේ දවස් වල මගුල් හොයනවලු
මම : ආ අම්ම දැන් ඒ ලමයට මගුලක් හොයන්නද යන්නෙ?
අම්මා : නෑ නෑ ඔයාගෙ හඳහන එක්ක බැලුවම ඒ ලමයට හොඳට ගැලපෙනවලු
මම : යකෙක්ද දන්නෙ නෑ
අම්මා : ඔය ෆේස්බුක් එකේ ඉන්නව කිවුවේ. නම *** සිල්වා. ගිහින් බලන්න
මම : ඔය වගේ නම් තියෙන අය ඕනෙ තරම් ඇති
අම්මා : පොඩ්ඩක් බලන්නකො. ගම අහවල් ගමේ. ටීච කෙනෙක්
මම : හරි මම බලන්නම්, හැබැයි ශුවර් නෑ.
මමත් ඉතින් බුකියෙ ගිහිල්ල ඔය කියන නම ගහල බැලුවා. හප්පා, රිසල්ට් 100 කට වඩා එනවා. මම වැඩේ අත ඇරල දාල හිටියා. ආයෙ දවස් දෙකකින් විතර අම්මගෙන් කෝල් එකක් එනව.
අම්මා : පුතේ අර ලමයව බැලුවද?
මම : කොහෙ බලන්නද අම්මේ රිසල්ට් 100 ක් විතර එනවනේ
අම්මා : බලන්නකො ඔයාට කිසිම උනන්දුවක් නෑ
මම : අනේ අම්මේ විකාර කියන්න එපා. අම්ම දන්නවද ෆේස් බුක් ගැන
ඔන්න යන්තම් එදත් ශේප්. ආයෙ දැන් දවස් තුනකට විතර කලින් කෝල් එකක් එනව
අම්මා : පුතේ, අර ලමයගෙ ගෙදරින් ඔයාට කෝල් එකක් එයි
මම : අය්යෝ මම අම්මට කියල තියෙනවනෙ ඔය ප්‍රපෝස්ල් කෙහෙල්මල් වලට මගේ නම්බර් එක දෙන්න එපා කියල
අම්මා : නෑ නෑ මම දුන්නෙ නෑ. අර චරිත් තමා සුජිත්ගෙන් නම්බර් එක අරන් තියෙන්නෙ
මම : හරි අනිත් දවසෙ චරිත්ටත් කියන්න මගේ නොම්මරේ කාටවත් දෙන්න එපා කියල. දැන් මම මොකක්ද කරන්න ඕනෙ?
අම්මා : අර ලමයගෙ ගෙදරින් කතා කරාම පොඩ්ඩක් කතාබහ කරල බලන්න
මම : හරි කෝල් කරනව නම් දවල් 12 ත් හවස 6ත් අතරෙ කතා කරන්න කියන්න
අම්මා : හරි හරි හැමදාම උදේට ඔයාට මීටිං කියල මම දන්නව
ඔන්න දැන් දවස් දෙකකට විතර කලින් හවස 6 ට විතර මට ආව කෝල් එකක් දන්නෙ නැති ලෑන්ඩ් ලයින් එකකින්.
මම : හෙලෝ
එහා පැත්තෙන් : ආ මේ රංග පුතාද?
මම : ඔව් ඔව්
එහා පැත්තෙන් : පුතාලගෙ අම්ම පුතාට කියන්න ඇති නේද අර ප්‍රපෝසල් එකක් ගැන අහවල් ගමෙන්
මම : ඔව් ඔව් ආන්ටි අම්ම මට කිවුව තමා
එහා පැත්තෙන් : ඉන්න පුතා මම දුවට ෆෝන් එක දෙන්නම්
මම : ඕකේ ආන්ටී
දැන් මෙතන ඉඳන් කතාව යන්නෙ කඩ්ඩෙන්.
කෙල්ල : හායි, ඔයාලගෙ අම්ම කියල තිබුන ඔයා හොයන්නෙ උස කෙට්‍ටු ගෑනු ලමයෙක් කියල
මම : මම ඉතින් 6'2" නිසා අනිවාර්යෙන් ගෑනු ලමය උස වෙන්න ඕනනෙ
කෙල්ල : මම නම් එච්චරම උස නෑ, 5" විතර තමා උස. කෙට්‍ටුත් නෑ. උසේ හැටියට මහත තියෙනව
මම : ඕකේ
කෙල්ල : ඔයාට මොනාද මගෙ ගැන දැන ගන්න ඕනෙ
මම : ඔයා කොහෙද මොනවද ටීච් කරන්නෙ?
කෙල්ල : මම අහවල් ඉස්කෝලෙ, ඉංග්ලිශ් උගන්නන්නෙ
මම : ඔයාගෙ FB ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දෙනවද?
කෙල්ල : ඒකෙ මොබයිල් එකෙන් ගත්ත ෆොටෝ එකක් තියෙන්නෙ. ඒක එච්චර හරි නෑ
මම : කමක් නෑ ලින්ක් එක කියන්න
කෙල්ල : නෑ චරිත් අය්ය කිවුවා එහෙම ෆොටෝ යවන්න එපා ඇවිල්ලම බලන්න කියල
මම : එහෙම එනව නම් මට අම්මලව ගාල්ලෙ ඉඳල චාටර් කරන්න බෑ. යාලුවෙක් එක්ක තමා එන්න වෙන්නෙ
කෙල්ල : ආ ඒක අවුලක් නෑ. කවදද එන්න පුලුවන්
මම : මේ ටිකේ නම් මාර විදියට බිසි
කෙල්ල : ඔව් ඔව් චරිත් අය්ය මොකක්ද ඔයා රට යන කතාවක් කිවුවා
මම : ඔව් එහෙම එකක් තියනවා. එනව නම් එන්න වෙන්නෙ ඔක්තෝම්බර් 2 වෙනි සතිය පහු වෙලා තමා
කෙල්ල : හරි මට එහෙම හදිසියක් නෑ
මම : මට අම්ම ඔයාගෙ නම කිවුවට හරියටම ඒක මතක නෑ.
කෙල්ල : ඒක ස්පෙල් වෙන්නේ ***** කියල
මම : ඕකේ
කෙල්ල : ඔයා මගේ විස්තර දන්නව නේද? අපේ පවුලෙ ඉන්නෙ මම විතරයි. ගෙදර, වාහනයක්, රබර් ඉඩම් තියෙනව
මම : ඕකේ, එහෙනම් මම පස්සෙ ඔක්තෝම්බර් වල කෝල් එකක් දෙන්නම් එනව නම් එන්න කලින්
කෙල්ල : ඔයාට මට කතා කරන්න ඕනෙ නම් මේ නම්බර් එකට කෝල් කරන්න
මම : ඕකේ බායි
එහෙම්ම මම අර කියපු ස්පෙලින්ග් එක්ක බුකිය ආයෙම සර්ච් කරා. මේ සැරේ රිසල්ට් පොඩ්ඩයි ආවෙ. බලන් ගියාම මෙයා ඉන්නව මගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකෙත්. ෆොටෝ එක දැක්කම අම්බානෙක වයස පාටයි. ඒ ඇරෙන්න හිතුන අනිත් දේවල් මෙතන ලියන එක හරි නෑ. මමත් වයසයි තමා, ඒත් ගෑනු ලමයි නම් මම හිතන්නෙ 30 විතර වෙද්දි අම්බානෙක වයස පාට පේනව කියල.
ඔය අස්සෙ මට SMS එකක් එනව, මේක තමා මගේ මොබයිල් නම්බර් එක කියල මෙයාගෙන්. මම ඒකටත් ඕකේ කියල රිප්ලයි කරල නිකම් හිටියා.
මම අනිත් පැත්තට අම්මට කතාකරල බැලුවා. ගෑනු ලමය ගොඩක් මිටියි කිවුවම අපේ අම්ම කියල එහෙනම් ඒක හරියන වැඩක් නෙමේ කියල. එහෙම කියලත් තියෙද්දි තමා අර ගෑනු ලමයගෙ අම්ම මට කෝල් කරල තියෙන්නේ. මම අම්මටත් පොඩි සද්දයක් දැම්ම මගේ නොම්මරේ දීල ඔහොම නඩු පටලවන්න එපා කියල.
ඒ අස්සෙ ඊයෙ හවස මට කෝල් එකක් එනව දන්නෙ නැති නොම්මරේකින්. ඒ කියන්නෙ පස්සෙ බලද්දි අර කෙල්ලගෙ මොබයිල් එකෙන්. ඒත් ඒ නොම්මරේ මම සේව් කරගෙන තිබුනෙවත් නෑ.
එහා පැත්තෙන් : හෙලෝ රංග, මම ****
මම : හෙලෝ
කෙල්ල : ඔයා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕනෙ
මම : මම පොඩ්ඩක් බිසි ඩිස්කශන් එකක ඉන්නේ
කෙල්ල : එහෙනම් ෆ්‍රී උනාම කෝල් එකක් දෙනවද?
මම : ඕකේ
කෙල්ල : ශුවර් එකටම කෝල් කරන්න
මම : ඕකේ
එහෙම්ම අනිත් පැත්තට නොම්මර දෙකම (ලෑන්ඩ්, මොබයිල්) ඇඩ් කරා බ්ලෝක් ලිස්ට් එකට. මොන මගුලක්ද, මේ පාඩුවෙ ඉඳල අහක යන නඩු දාගන්න බැහැනෙ. ඇත්තටම මෙහෙම ඩෙස්පරෙට් කෙල්ලොත් ලෝකෙ ඉන්නවනේ. අනික මේවගේ දේවල් මටමමයි වෙන්නේ.

Thursday, September 8, 2011
කොටට ඇඳන් කෙල්ලො පාරෙ යන්නෙ කොහොමද?
මේ කතාව වෙන්නේ අපි O/L කරපු කාලෙ. අපිට ඉංග්‍රිසි ඉගැන්නුවේ මිස් කෙනෙක්. ඒ මිස්ට සෑහෙන උවමනාවක් තිබුනා ඉංග්ලිශ් ඩේ එකේ අපේ උන් වැඩි ගානක් නැශනල් ලෙවල් යවන්න.
අපි 10 වසරෙ ඉඳිද්දි ඔහොම අපේ සෙට් එකක්ම යැවුව එක එක තරඟ වලට. ඒත් ඉතින් අපේ උන් කෙල්ලො ගැවසෙන තැනකට ගියාම තරඟ ඔක්කොම අමතක වෙනවනේ. ඒක නම් ඉතින් බෝයි ස්කූල් එකකට යෑමේ ආදීනව තමා.
කොහොම හරි ඔය අවුරුද්දේ නැශනල් ලෙවල් එකට ගියේ මම විතරයි. ඒකත් එච්චර වැඩක් ඇති දේකට නම් නෙමේ. හෑන්ඩ් රයිටිං වලට. නැශනල් ගිහිල්ලා වෙච්චදේ නම් ලියල වැඩක් නෑ.
ඔය ඔක්කොම නිසා ඉංග්‍රිසි මිස්ට ඕනෙ උනා අපිට තව මොනාට හරි නැශනල් යන්න පුලුවන් ඉවෙන්ට් එකක් හොයා ගන්න. ඒකට මෙයාට ආව අයිඩියා එක තමා ඩ්‍රාමා කම්පෙටිශන් එකට යන එක.
ඕකට ගම්වල ඉස්කෝල වලින් එන්නෙ නැති නිසා ඩිවිශනල් ලෙවල් එකක් නෑ. කෙලින්ම තියෙන්නෙ දිස්ත්‍රික් ලෙවල් එක. ඒකෙන් 1,2,3 න් එකක් උනොත් නැශනල් යන්න පුලුවන්.
දැන් ඔන්න කරන්න යන ඩ්‍රාම එක තමා ජුලියස් සීසර්. අපේ සෙට් එකේ උන් තමා සීසර්, මාක් ඇන්තනි, බෲටස්, කැසියස්, කැස්කා වගේ ප්‍රධාන චරිත.
ඕකෙන් මම, වීරෙ, හරේන්ද්‍ර 3 දෙනා හැමදාම ප්‍රැක්ටිස් කට් කරනව කියල අපිව ඩිමෝට් කරා. දැන් ලොකු චරිත නෑ. මහජනතාවගෙන් 3 දෙනෙක් විදියට අපිට රඟපාන්න තියෙන්නෙ.
අපිත් පැනල බාරගත්තා. එකෙක්ට ලයින් 10 ගානෙ විතර තියෙන්නෙ. ලොකුවට ප්‍රැක්ටිස් කරන්න දේකුත් නෑ. අනික ස්ටේජ් එකේ මැදට යන්න දේකුත් නෑ, කොනක ඉඳන් 3 දෙනා කතාබහ කරල මාරු වෙන්න තියෙන්නෙ. විනාඩි 5 කටත් අඩු සීන් එකක්.
ඔන්න දැන් ඩ්‍රාම එක දවසත් ආව. මිස් කොස්ටියුම් වලට සල්ලි ගත්තට අපෙන් මෙශමන්ට් ගත්තෙත් නෑ. අපිට කිවුව අර හම් වලින් හදපු රජකාලෙ ස්ටයිල් එකේ සැන්ඩල්ස් දාන් එන්න කියල.
ඩ්‍රාම එක දවසෙ කොස්ටියුම් අතට ගත්තම තමා තරු පෙනුනෙ. කෙලින්ම ගවුමක් වගේ. කොටු කර තියෙන්නේ. මගේ උස නිසා මට ඒකෙ පහල කෑල්ල පට්ටම කොටයි.
මෙන්න මේ ෆොටෝ එකේ තියෙනව වගේ. හැබැයි ඔච්චර දිග නෑ. දනිස්සයි කකුලයි හරි මැදට වෙන්න වගේ දිග. ඕක ඇඳන් ස්ටේජ් එකට නැග්ගෙ කකුල් වෙවුල වෙවුල.

මොකද කම්පෙටිශන් එක තිබුනෙ සවුත්ලන්ඩ්ස් එකේ නිසා එතන කෙල්ලො වැහිවැහැල. අපි ඉන්නෙත් ස්ටේජ් එක අද්දරමනෙ. වැරදිලා හුලං පාරක් එහෙම ආවොත්?
එදා විතර අපහසුතාවෙකට පත් උනේ නෑ කවදාවත්ම ඇඳුමක් නිසා නම්. අනේ මංදා ගෑනු ලමයි කොටට ඇඳල කොහොම හිත හදාගෙන යනවද කියල.

Wednesday, September 7, 2011
තට්ටෙයි රැවුලයි තියෙන හැම එකාම අහවලාද?
මේ සිද්ධිය උනේ 2001 විතර. ඒ කාලෙ ඔය ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් කේස් එහෙම දැන් වගේ සැරට එලවලා ඇල්ලුවේ නෑ. අපි ඉතින් ගෙදර හරි එලියෙ හරි සෙට් වෙලා අන්තිමට මහ රෑ 1 ට 2 ට විතර එනව රෑට කන්න. ඔය වෙලාවට අපේ රූට් එකේ තියෙන එකම කඩේ තමා දෙල්කඳ නයිට් කඩේ.
ඔය විදියට දවසක් සෙට් එකම කන් පාත් වෙන්න ගහලා ආව දෙල්කඳ නයිට් කඩේට. අපි ඔතන කෑම කකා ඉන්නව. ඒ අස්සෙ පොරක් ඇවිත් එතන කෑම ඕඩර් එකක් දානව. බුවා අපෙන් අඩි දෙක තුනක දුර ඉන්නේ.
සුජී : අඩෝ අර ඕඩරේ දාන බුවා මට හොඳට දැකල පුරුදුයි
මම : ඔව් බං, මම හිතන්නෙ බුවා ටීවී එකෙත් ඉන්නව
චතූ : ආ ඔය අර අහවල් ගායකයනේ
අනූ : අනේ පල &^%$ යන්න. තට්ටෙයි රැවුලයි තියෙන හැම %^&*ම අහවලා කියල හිතුවද? අනික ඌ යන්නෙ බෙන්ස් එකක. මේ ගෝතය ඇවිත් තියෙන්නෙ මරුටියක
අනේ අර මනුස්සය එවෙලෙම ඕඩර් එකත් කැන්සල් කරල ගියා. පස්සෙ බලද්දි ඒ ඇවිල්ල තියෙන්නෙ අර අපි හිතපු ගායකයම තමා.
ප.ලි : ගායකය නම් ප්‍රවීන ගායකයෙක්. නම කියන්න හොඳ නැති නිසා නම දාන්නෙ නෑ.

Tuesday, September 6, 2011
කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටෙට පයින් ගමනක්
මේ කතාව මුලින්ම පටන් ගන්නේ ගිය බ්‍රහස්පතින්දා. දවල් කෑම කාල ටිකක් කම්මැලිකමට වගේ ඔෆිස් එකේ ඉන්නකොට මම පුරුදු විදියට ගියා ගූගල් බස් එක පැත්තේ. ගූගල් බස් එකට යන්නේ එක්කො කාව හරි බයිට් කරන්න ඉන්නවද කියල බලන්න, එහෙමත් නැත්නම් අලුත් නිව්ස් මොනාද කියල බලාගන්න.
බස් එකට ගිහින් බලද්දි සෙට් එකක් සෙනසුරාදා කඩුගන්නාවෙ යනවලු. කඩුගන්නාවට කෝච්චියෙ ගිහින් ස්ටේශමේ බැහැල කිලෝමීටර් 15 ක් විතර රේල්පාර දිගේ රඹුක්කන පැත්තට පයින් එන්නයි යන්නේ. ට්‍රිප් එකේ ප්‍රධානම අරමුණ වටපිට සිරි නරඹන ගමන් ෆොටෝ ටිකක් ගන්න එක.
ට්‍රිපක් කිවුවොත් ඉතින් මටත් ඉන්නම බැහැනෙ. ගමන යන ලිස්ට් එකේ නම් ටික බැලුවා. ඔක්කොම වගේ ඉන්නේ පොඩි උන්. හැබැයි පොඩිඋන් අස්සේ අබේපාල මාමගේ නමත් තිබුනා. කෝකටත් කියල අබේපාල මාමට මම දුන්නා කෝල් එකක්.
මම : මචං අභියා, තෝ අපිට හොරෙන් ට්‍රිප් යනවනේ?
අභියා : මොන ට්‍රිප්ද බං?
මම : අර කඩුගන්නාවෙ
අභියා : ආ ඔව් බං, මම නම දැම්මට යන්න හිතුවේ නෑ මචං. කන බොන උන් නැහැනෙ
මම : අය්යෝ එහෙම සීන් එකක්ද? හරි මම පොඩ්ඩක් ඕගනයිසර්ස්ලට කෝල් කරල බලන්නම්
මම කිවුව විදියටම සිකුරාදා ඔය ට්‍රිප් එකේ ඕගනයිසර්ල දෙන්නටම කතා කරා (සිහින සහ කෝච්චියා). මුන් දෙන්නම ආ එළ කිරි එන්න ඒක මේක කියල කිවුවා. ඒත් මම උන්ට කිවුව මම එන්නේ අපේ වැඩිහිටි සෙට් එකේ කට්ටියත් යනව නම් විතරයි කියලා.
සිකුරාදා හවස මට එනව අභියගෙන් කෝල් එකක්.
අභියා : මචං රංගයා, අපි හෙට ට්‍රිප් එක යන්නම ඕනෙ
මම : ඒ මොකද බං එකපාරම
අභියා : එකෙක් මට පොර ටෝකක් දුන්නනෙ මචං
මම : ඒ කවුද බං, ඕගනයිසර්ල දෙන්නම අපිට එන්න කිවුවනේ
අභියා : නෑ බං උන් දෙන්න නෙමේ අහක ඉන්න එකෙක්
මම : ඌ මොකද කිවුවේ?
අභියා : උන් පර්මිශන් අරන්ලු යන්නේ. අපේ නම් ලිස්ට් එකට කලින් දැම්මේ නැති නිසා අවුල්ලු
මම : අරුන් දෙන්න එහෙම එකක් කිවුවේ නැහැනෙ
අභියා : උඹ ලෑස්ති වෙයන්. මම ඕනයටයි , පසනටයිත් කතා කරනවා. මම බලාගන්නම් පර්මිශන් කේස්
කොහොම හරි අබේපාල මාමා කඩුගන්නාවෙ ස්ටේශන් මාස්ටර්ට කියලා පර්මිශනුත් අරගෙන තියෙනවා. පසනට ගමන යන්න එන්න බැරි උනත් ඕනයා, අබේපාල මාමත් එක්කම උදේම කොටුවෙ ස්ටේශමට ඇවිත් හිටියා. ගමන යන්න පිටත් උනේ 5.55 කෝච්චියේ. කඩුගන්නාවට යද්දි 8.30 විතර වෙලා.
ස්ටශන් මාස්ටරුත් අභියව ඉහලින්ම පිලිගත්තා. පොඩි උන් ටික කන්න ඕනෙ කියලා ටවුන් එකට ගියා. අපි එතකොටත් කාල හිටිය නිසා අභිය, මම, ඕනයා තුන් දෙනා පයින් පහලට බහින්න පටන් ගත්තා. ඔය අස්සේ
අභියා : බලපං මම පර්මිශන් නෑ කිවුව ගමනෙ පර්මිශන් ගත්ට්ත හෙටි. ආඩෝ උඹල දන්නවනේ අභීතගේ හැටි. බල්ටි නෑ විසිල් විසිල් විතරයි
කොහොම හරි වැඩේ නාගත්ත බව තේරුන නිසා බුවා සෑහෙන වෙලාකට ආයෙ කතා කරේ නම් නෑ. ආයෙ මුලු ට්‍රිප් එකේම විස්තර ලියන්න ගියොත් නම් මේ පෝස්ට් එක මාගලක් වගේ දික් වෙයි. ඒක නිසා කතා නැතුව ට්‍රිප් එකේ ෆොටෝ දාන්නම්. ෆොටෝ ඔක්කොම ඉස්සුවේ අභියගේ සහ සොරෝගෙ මූණු පොත් වලින්.

Sunday, September 4, 2011
ලිංග මාරුවෙන බුකි යූසර්ස්ලා
මේ මාතෘකාව ගැන නම් බුකිය පාවිච්චි කරන හැමෝටම වගේ අත්දැකීම් ඇති මම හිතන්නේ. මම මේ බෙදාගන්න යන්නේ මට වෙච්චි එහෙම දෙයක් සහ මම කොහොමද ඒක අල්ලගත්තේ කියල.
මේ සිද්ධිය උනේ දැනට අවුරුදු 2 කට විතර කලින්. ඔන්න දවසක් මට බුකියෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ඇවිත් තිබුනා දන්නෙ නැති කෙනෙක්ගෙන්. මට මතක විදියට නම සචිනි.
ෆ්‍රොෆයිල් එකට ගිහින් බැලුවම ලස්සන ෆොටෝ සෙට් එකකුත් තියෙනව. ෆ්‍රොෆයිල් එකේ වැඩිය අනංමනං නෑ. ෆේක් ෆ්‍රොෆයිල් එකක් කියල හිතන්න අමාරුයි. මොකද ඇල්බම් කීපයක්මත් තියෙනව. අනවශ්ය කතා මොකුත් ලියලත් නෑ.
මමත් ඕනෙ එකක් කියල ඇක්සෙප්ට් කරා. කොහොම හරි දවසක් මෙයා මාව ස්කයිප් එකට ඇඩ් කරගෙන. මොකද බුකියෙ මගේ ස්කයිප් අයිඩී එක තියෙනවා. දැන් මෙයා මගෙන් විස්තර අහනවා.
මම කෝකටත් කියල මෙයාගෙන් තව ෆොටෝස් නැද්ද කියල ඇහුවා. මෙයා කියන විදියට එයා ඉන්නේ සිඩ්නි (ඔස්ට්‍රේලියා). මොඩ්ලිං ඒජන්සි එකක වැඩ කරන්නේ. ඒජන්සි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් නිසා වැඩිය ෆොටෝ ශෙයා කරන්න බැහැලු.
ඔසි ඉන්නව කිවුවට මෙයාගෙ කඩ්ඩ නම් මෙලෝ රහක් නෑ. මම කෝකටත් කියල මෙයා සිඩ්නි මොන ඒරියා එකේද ඉන්නෙ කියල ඇහුවම ඒකටත් හරියට උත්තරයක් දෙන්න බැරි උනා. දැන් මට සෑහෙන්න ශුවර් මේ බොරුකාරයෙක් කියල.
මම IP ට්‍රැක් කරන සයිට් එකකට ගිහින් එකවුන්ට් එකක් හැදුවා. හදලා මගේ රැන්ඩම් පික් එකක ඇඩ්‍රස් එකට රිඩිරෙක්ට් ඇඩ්‍රස් එකක් ඒකෙන් ගත්තා. අරගෙන ටයිනි URL එකට ගිහින් ශෝට් URL එකක් හදාගත්තා.
දැන් කවුරුහරි මේ ශෝට් URL එක ක්ලික් කරොත් ඉස්සෙල්ලම එයා යනව IP ට්‍රැකිං සයිට් එකට, එතෙන්දි එයාගෙ IP එක ලොග් වෙලා මට මේල් එකක් එනව. ඒ අතරෙ එයාව යවනව මම දුන්න පික්චර් එක තියෙන තැනට. ක්ලික් කරන කෙනාට මේ සීන් එක පේන්නෙ නෑ. එයාට ක්ලික් කරපු ගමන් ෆොටෝ එක පේනවා.
මම මෙයාට කිවුව අලුතින්ම ගත්ත පික්ස් වගයක් තියෙනව ශෙයා කරන්නම් කියල මම දුන්නා අර ඉස්සෙල්ල හදාගත්ත ශෝට් URL එක. විනාඩියෙන් මට මේල් එකක එනව මෙයාගෙ IP ඇඩ්‍රස් එක. මම ඒක අරන් ගිහින් ලුක් අප් එකක් කරල බලද්දි මෙයා ඉන්නෙ ගම්පහ. පාවිච්චි කරන්නෙ ADSL කනෙක්ශන් එකක්.
ඊට පස්සෙ මම මෙයාට සද්දයක් දැම්මා ADSL කියල ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතුවද? IP එකයි වෙලාවයි දෙනව නම් SLT එකෙන් ගන්න පුලුවන් මොන යූස්ර්ටද ඔය කියන වෙලාවෙ ඒ IP එක අසයින් උනේ කියල.
අන්තිමට මෙයා බය වෙලා වැරැද්ද පිලිගත්තා. බලද්දි ගම්පහ ඉන්න ඉස්කෝලෙ යන කොල්ලේක්. ආයෙ ඔහොම ගොං වැඩ කරන්න එපා කියල මම කතාව එතනින් අත් ඇරල දැම්මා.
කොහොම උනත් ඔන්ලයින් නොදන්න අය එක්ක කතාබහ කරද්දි පරිස්සමින්. මොකද එහාපැත්තේ ඉන්න කෙනා මොකෙක්ද කියල අපි නොදන්න නිසා.

Friday, September 2, 2011
ඇම්ඩගේ කවිය
කාලෙකින් පස්සෙ ඊයෙ ඉඳන් ලියන්න ගත්ත නිසා තවත් කතාවක් දාන්න කියල හිතුවා. ඊයෙ ලිවුව හැකිං කේස් එක බැලුවෙ නැත්නම් මෙන්න මෙතනින් ඒක බලන්න. ඒ ඇරෙන්න අද ලියපු වෙයිට් වෙයිට් කතාව මෙතනින් බලන්න.
මේ කතාව මට එවුවේ බ්ලොග් එක බලන කෙනෙක්. මේකත් ඇම්ඩන්ගෙ තවත් එක කතාවක්. පරණ එකක්ද දන්නෙත් නෑ, ඒත් මම නම් අහල තිබුනෙ නෑ. වැල් වටාරම් ඇති, මෙන්න කතාව.
ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
ඇම්ඩන් -
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලියනකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇඬෙනවනේ...”
ප.ලි. - ඔන්න ආයෙත් අබේපාල මාමට හීනයක් පෙනිලද කොහෙද මොකක්දෝ අලුත්ම සෙල්ලමකට ලෑස්ති වෙනව. හැබැයි මොකක්ද කියල නම් තාම කියල නෑ. දවස විතරයි කියල තියෙන්නේ. අවුරුදු උත්සවේ වගේ අලුත්ම සෙල්ලමක්ද කොහෙද. මෙන්න ලින්ක් එක.

වෙයිට් වෙයිට්
මේ කතාව නම් ටිකක් විතර පරන එකක්. ඒ වුනත් මේක ගොඩක් අය අහල නැති නිසා කෝකටත් කියල ලියල දාන්න හිතුවා. මේ කතාවට අදාල පුද්ගලයා අපි හැම කෙනෙක්ම ගරු කරන ලන්කාවෙ හිටිය ජනප්‍රියම ගායකයෙක්.
මේ කතාව හාස්ය රසය සඳහා පමණක් මිසක් ඒ පුද්ගලයට කිසිම අගවුරවයක් කරන්න හිතාගෙන ලිවුව එකක් නම් නෙමේ.
මේ කියන ගායකයා පිටරට සවාරියක් ගිහින් ලංකාවට එනවලු. කොහොමත් ගායකයො කියන්නෙ ඉතින් හොඳට කන බොන බුවාලනෙ. බුවා ෆ්ලයිට් එකේදි කන පාත්වෙන්න බීල ඉඳල තියෙන්නේ.
ඉස්සර දැන් වගේ එයාපෝර්ට් එකේ ටර්මිනල් නැහැනෙ. එලියෙන් පඩිපෙලක් ගෙනැල්ලනෙ හයි කරන්නේ. ඕක හයි කරන්න යද්දි මොකක් හරි හේතුවකට ෆ්ලයිට් එකේ දොර ඇරල.
අපේ බුවා හිතල තියෙන්නෙ දැන් බහින්න වෙලාව තමා කියල බුවා බෑග් එකත් අරන් දුවගෙන ඇවිත්.
ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කෑගහල වෙයිට් වෙයිට් කියල.
අපේ බුවා ෆිෆ්ටි ටූ කියාගෙන දොරෙන් එලියට පැනල.

Thursday, September 1, 2011
බූරුවෙක් නැවතත් කරළියට
දැන් ඉතින් මේක දැක්ක ගමන් හිතන්න එපා කාලෙකින් පෝස්ට් එකක් දාන නිසා මම මගේ ගැනම තමා මේ ටොපික් එකෙන් කියල තියෙන්නෙ කියලා.
මේ ටිකේ ලියන්න පට්ට කම්මැලිකමේ ඉඳිද්දි අපේ කතා මවන යාලුවෙක් අලුත්ම නාටකයක් පටන් අරගෙන.
බුවා කියන විදියට බුවා මේ වෙනකොට Microsoft, Apple, Skype, Facebook, Symantec වගේ සයිට් ගොඩාක් හැක් කරලලු.
සිරාම සීන් එක කියන්නෙ බුවා හැක් කරා කියල දාල තියෙන ඉන්ෆොමේශන් ඕනෙම දෙයක් ගූගල් එකේ සර්ච් කරලා, එහෙමත් නැත්නම් රිවර්ස් DNS ලුක් අප් එකක් කරල හොයා ගන්න පුලුවන්.
එතකොට හැක් කරල කරේ "අහවල් දෙයක්ද?"
වැඩේ කියන්නේ ගිය පාර අර මහ ලොකු කොම්පුයුටර් සොසයිටියක් ගොනාට ඇඳගත්ත වගේ මේ පාර ගොනාට ඇඳල තියෙන්නෙ අපේ "අද දෙරණ" මහත්තරු ටික.
මෙන්න දෙරණින් මේ ගැන ලිවුව ලිපිය.
මෙන්න අපේ ඒ බුවාගේ පෝස්ට් එකට පාර.
මෙන්න මෙතනින් බුවාගෙ ප්‍රෙස් රිලීස් එක කියවන්නත් පුලුවන්. ඒක බැලුවත් බුවා කවුද කියල දැන ගන්න පුලුවන්.

මේ තියෙන්නෙ ඔය ඇනෝ හැකරයගේ ට්විටර් එක. මූ ඔච්චර පොරක් නම් කෙල්ලො පස්සෙ ඊමේල් ඇඩ්‍රස් ඉල්ල ඉල්ල අඬ අඬ යන්නෙ නැතුව ට්විටරේ හැක් කරල රෙජිස්ටර් වෙච්ච ඊමේල් ඇඩ්‍රස් එක ගන්න බැරිද?
ප.ලි. - බුවා කවුද කියල නම අහන්න එපා. බුවාගේ පෝස්ට් එක යටින් තියෙන මෙන්න මේ කතාවෙන් පුලුවන් නම් බුවා කවුද කියල හොයා ගන්න.
"We will release the massive dumps in near future….!! – Stay with us for the sake of humanity. Hacktivists Group Who Loves Mother Land Sri Lanka. Hail to Anonymous, Lulzsec and Operation Anti-Sec. Freedom For All Mankind On Earth. May Peace Prevail Always….!!!"
Near Future වෙනකම් ඉන්නෙ මොකටද මූ දැනටම massive dump (ගූ හට්ටියක්ම) හලාගෙනනෙ ඔය තියෙන්නේ.
ප.ප.ලි - ඔය කියන හැකරයා දවසක් සෙමිනාර් එකකදි "ගූගල් හැක් කරන හැටි" පෙන්නලා තියෙනවා, ලෝකල් මැශින් එකේ ෆයර් බග් වලින් පේජ් එක එඩිට් කරලා. මේකා ඒ වගේ සිරා පොරක්.

Subscribe to:
Posts (Atom)