Wednesday, February 15, 2012

නිරුවතින් ඇවිදිමුද?

අපි කොච්චර කොල්ලන් කෙල්ලන් එක වගේ කියල හිතුවට අර ඩෙස්මන්ඩ් මොරිස් ලොක්ක කියල තියෙනව වගේ ජීව විද්‍යාත්මකව දෙගොල්ලන්ගෙ ගති පැවතුම් සිතුම් පැතුම් වල විවිධත්වයක් තියෙනව. ඒක ජීවත්වීම සහ වර්ගයා බෝ කිරීම කියන කාරනා දෙකටම ගොඩක්ම වැදගත් වෙනවා.

කොටින්ම කොල්ලෙක් දිහා කෙල්ලක් හිනා උනොත් ඒ කියන්නෙ ඒකිගෙ පොඩි හරි ඉන්ටරෙස්ට් එකක් තියෙනව කියන එක තමා කොල්ලගෙ අදහස. සමහරවිට කෙල්ල හිනා උනේ මනුස්ස කමට වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් කොල්ලගෙ කලිසමේ සිප් එක ඇරිල හරි මොනව හරි අඩුපාඩුවකට වෙන්නත් පුලුවන්, එහෙමත් නැත්නම් ඇත්තටම ඉන්ටරෙස්ට් නිසා වෙන්නත් පුලුවන්.

අපි කැමති කෙල්ලක් කොල්ලෙක් එක්ක පාරෙ යනව නම් අපි හිතන්න කැමතියි ඒ යන්නෙ ඒ කෙල්ලගෙ සහෝදරයෙක් හරි නෑයෙක් හරි එක්ක කියල. ඒත් කෙල්ලක් නම් හුඟ වෙලාවට ඒකෙ අනිත් පැත්ත තමා හිතන්නේ. එහෙම ගත්තම හොඳට හෝ නරකට කොල්ලො හිතන්නෙ ඕනෙවටත් වඩා පොසිටිව් විදියට.

ඕකට හොඳ උදාහරණයක් තියෙනව මම ඊයෙ ශෙයා කරපු නිරුවතින් ඇවිදිමු කියන බ්ලොග් එකේ. ඒකෙ දෙවනි කොටසෙදි කෙල්ලගෙ ඇඟේ කොල්ලෙක් හැප්පෙනව. ඇත්තටම ඒක අහම්බෙන් වෙන සිද්ධියක්. තුන්වෙනි කොටසෙදි කෙල්ල ආයෙ සැරයක් ඒ කොල්ලව දකිනව. ඒත් කොල්ලට එහෙම සීන් එකක් මීටර් වෙන්නෙ නෑ.

දැන් හතර වෙනි කොටසෙදි කෙල්ල හෙන "අඳෝනා නිසදැසක්" ලියාගෙන කොල්ල ගැන කල්පනා කරනව. සැබෑ ජීවිතේදි මෙහෙම වෙන්න පුලුවන්ද? මම නම් හිතන්නෙ මේක රියලිටි එකට වඩා හින්දි ‍ෆිල්ම් එකකට ගොඩක් කිට්‍ටු සිදුවීමක් කියලයි.

ඇත්තටම මෙතෙන්දි මට පේන්නෙ අර මම කිවුව කොල්ලන් හිතන ක්‍රමය. ඒ කියන්නෙ කෙල්ල අහම්බෙන් ඇඟේ හැපුනට පස්සෙ කෙල්ල ගෙදර ගිහින් වෙන මෙලෝ මගුලක් හිතන්නෙ නැතුව තමන් ගැන හිත හිත කවි ලිය ලිය අඬ අඬ ඉන්නව කියල කොල්ලො හිතන එක. ඒ අනුව මගේ නිගමනය ඔය බ්ලොග් එකෙ කෙල්ලගෙ කොටස ලියන්නෙ අනිවාර්යෙන්ම කොල්ලෙක්.

සිරාවටම මේ පෝස්ට් එක කොල්ලන්ටවත් කෙල්ලන්ට වත් අපහාසයක් හෝ උපහාසයක් විදියට ලිවුව එකක් නෙමේ. ඒ වගේම හැමෝම මේ කියන විදියට ලේබල් කරන්නත් බෑ. ඒත් තමන් ආස්‍රය කරන අයට මේ තියරිය ඇප්ලයි කරල බැලුවොත් තේරෙයි හැමෝම නැති උනත් බහුතරයක් මෙහෙමයි කියල.

ප.ලි : සුභාශ් අය්ය කියනව වගේ මය්යොක්ක ගන්න ගියා නම් අරන් එනව මිසක් වත්තෙ හතරමායිම් අපිට වැඩක් නෑ. ඒත් මේක ලියන කෙනා මාව හොඳට දන්න කියන ගතියක් පේන නිසා මමත් ඔන්න ඔහේ ලියල දැම්මා ඕනෙ එකක් කියලා.

46 comments:

  1. ඔන්න මේක කියවපුහාමනම් මට හිතෙන්නේ නිරුවතින් ඇවිද යමු ලියන්නේ උඹමයි කියලා.....

    ReplyDelete
    Replies
    1. මම ඉ.පු.මා. නෙමේ බං ඉල්ලන් කන්න. මම ලියනව නම් මාව චා කර ගන්නවද? අනික ලියන ස්ටයිල් එක බලහං (උඹ බබා දන්නෙ නෑ කවුද ලියන්නෙ කියල)

      Delete
    2. සිරාවටම බන් මටත් හිතුන මේක ලියන්නේ උබද කියල. ඇයි උබ දන්නේ නැත්ද... තමන්ට මඩ ගසාගැනීමත් දැන් කල advertising tactic එකක්.

      Delete
    3. කොහොමත් ඉ.පු.මා කියන්නේ රංගයියාට නෙමෙයිනේ :D

      Delete
    4. කෝ බං ඌ? කලකින් දැක්කෙ නෑ

      Delete
    5. දැක්කොත් දකින්නේ ඉ.පු.මා.ගා තැනකනේ! :D

      Delete
  2. අමු හෙළුවෙනම යන්න බෑ බං රංග අයියෙ.. ජොකා ඇදං ඇවිදිමු :D

    ReplyDelete
  3. ඇත්ත කියහන් උඹ නේද ඔය කියන බ්ලොග් එක ලියන්නේ ? :D

    ReplyDelete
  4. ඔන්න මමත් හිනියට හීනා උනා...

    ReplyDelete
  5. ඔව් නේ බන් ඔන්න ඔහේ කතාව රසවිඳිමු . . .

    අර කෙල්ලගේ පැත්තෙන් නම් කතාව හරි අභ්‍යවයි වගේ තමා . .

    කෙල්ලෙක් ගෙදර ඉන්න එක හිර ගේක වගේ දැනෙනවා කියන එක . .

    ReplyDelete
  6. මමත් හිතන්නෙ ඔබේ මතය හරි. කෙල්ලන් (විතරක් නෙවෙයි කාන්තාවන් කවුරුත් වගේ) හිතන හැටිත් පිරිමි හිතන හැටිත් වෙනස්. ඒ විතරක් නෙවෙයි. පිරිමි වැඩ කරන හැටිත් ගෑනු වැඩ කරන හැටිත් එකිනෙකාට වෙනස්. ඒ නිසාම සමහර දේවල් ගෑනුන්ට තරං හොඳට පිරිමින්ට කරන්න බෑ. අනිත් පැත්තටත් ඒ වගේමයි. ඒකට හේතුව ඔබ කියනව වගේම ලෝකයේ පැවැත්ම සඳහා පරිනාමනයේදී සකස් වී ඇති ආකාරය. ඒක ජීව විද්‍යාත්මකයි. ගෑනුන්ට හැඳි මිටේ නුවණක් තියෙන්නෙත් ඒකයි. හැඳි මිටේ දිග තියන එකෙන් කරන වැඩේ පිරිමියාගේ මහ දිග එකෙන් කරන්න බෑ.
    මෙතනදි මට කියන්න උවමනා මේකයි.
    ගැහැනු සහ පිරිමි සමාන නැහැ.
    සිංහල සහ දෙමළ සමාන නැහැ.
    ගුරුවරයා සහ ළමයා සමාන නැහැ.
    ඒ වුනත්, මේ දෙගොල්ලන්ටම සමාන වූ අයිතියක් තියෙනව ලෝකෙ ජීවත් වෙන්නත්, ලෝකෙ තියෙන සම්පත් භුක්ති විඳින්නත්, ලෝකය වෙනස් කරන්නත්, ඒ හැම දේකටම.
    ඒ වුනාට අපේ මෝඩ පිරිමි කියන්න හදන්නෙ ගෑනුන්ට හරියට වාහනයක් එළවගන්න බෑ, අරක බෑ, මේක බෑ, හිටගෙන චූ කරන්න බෑ, ඒ නිසා උන් අපට සමාන නෑ කියල.
    අපේ මෝඩ ගෑනු හදන්නෙ පිරිමි ලව්ව ළමයි බලවන්න, කෑම උයවන්න, රෙදි හෝදවන්න. තවත් සමහර ගෑනුන්ට ඕනැ අරක්කු බීමෙන් හෝ එවැනි ජඩ වැඩක් කිරීමෙන් පිරිමියාට සමාන වෙන්න.
    ගෑනුන්ගෙත් පිරිමින්ගෙත් දෙගොල්ලන්ගෙම මෝඩකමට නං බෙහෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. පට්ටම කතාව ට්‍රැෆික් ඇනෝ! ඔයා ඔය ගැන පෝස්ට් එකක්ම ලිව්වා නම් හොඳයි කියලා හිතෙනවා.

      Delete
    2. "ගෑනුන්ගෙත් පිරිමින්ගෙත් දෙගොල්ලන්ගෙම මෝඩකමට නං බෙහෙත් නැහැ."
      ඒක නම් සහතික ඈත්ත.තමන් කවුද කියලා තේරුම් ගන්නේ නෑති නිසා තමා හුගක් ප්‍රශ්න ඈති වෙන්නේ.

      Delete
  7. ඔය මුළු කතාවම ලියන්නේ කොල්ලෙක් වෙන්නැති බං.. ඒක නිසා ඌට කෙල්ලෙක්ගේ ස්ටයිල් එක කොපි කරන්න අමාරු ඇති.. ඒක නිසා තමා අපිට තේරෙන්නේ කොල්ලෙක් කියලා... :D

    හැබැයි ඕකේ අනිත් පැත්ත නම්.. ඒ කියන්නේ ඕක ලියන්නේ කෙල්ලෙක් නම් ඒකි සිරාවට කොල්ලෙක්ගේ ස්ටයිල් එක කොපි කරලා.. :D


    මම හරි නේද බං රංගයියේ... :D

    ReplyDelete
  8. නිඝන්ටයින්ට ගිය රටක්..

    ReplyDelete
  9. රංග අයියෙ.. කලින් දැක්කද මන්දා මං ෆේස් බුක් එකේ ස්ටේටස් එකක් දාල තියනවා..

    "අපි දකින දේ.. දැනෙන දේ.. සිතන දේ යනු වෙනස් සංසිද්ධින් ‍ටිකක් විතරයි සැබෑව ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්" කියලා..:-D

    ReplyDelete
    Replies
    1. මම දැක්ක බං. උඹ දැක්කෙ නැද්ද මම දැම්ම "හොරාට කලින්..." කියල අර පොඩි කාලෙ ඇහැවුව "හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනව" කියන කියමන ගැන ලිවුව පෝස්ට් එක?

      Delete
    2. දැන් හොරා කවුද කෙහෙල් කැන මොකද්ද?

      Delete
    3. නෑ කිවුවට මොකෝ අයියත් හතරමායිම ගැන උනන්දුයි වගේ නේ... :D

      Delete
    4. මායිම් බලෙන් පෙන්නද්දී නොබලා බෑ වගේ බන්z

      Delete
  10. මය්යොක්කා ගන්න ගියා නම් අරන් එනවා මිසක් වත්තෙ හතරමායිම් මටනම් කොහොමවත්ම වැඩක් නෑ.
    මොකා ලිව්වත් ඒ බ්ලොග් එකේ ලියවිල්ලට මම කැමතියි. ඒකේ රංග මේ රංගම උනත් නැතත් මට වැඩක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට උඹ යටි හිතිං හිතනවා නේ මේ රංගයි ඒ රංගයි දෙන්නම එකෙක් කියලා.... :D

      Delete
  11. වර්ණපාල තියරියද මන්ද....:D

    ReplyDelete
    Replies
    1. උඹත් දන්නවනෙ බං ලියන්නෙ කවුද කියල. ඒත් උඹත් අභිය වගේ මිනිස්සු කඩේ යවන්න හදනවද? :D

      Delete
  12. අනේ මන්දා බන් මොකද මන්දා මේ හතරමායිම පේන්නෙ ......?
    මයියොක්කා අරන් යනව විතරමයි කියල හිතාන ගියත්:)

    ReplyDelete
  13. අපරාදේ ඩෙස්මන්ගෙ "අපේ නියෝජිතය" හිටියනං මොනව හරි අහගන්න තිබුන.

    ReplyDelete
  14. මොකටද අනේ නිරුවතින් ඇවිදින්නේ කෑම බීමටත් වඩා ඇදුම් කඩ තියෙන රටේ.

    ReplyDelete
  15. //සිරාවටම මේ පෝස්ට් එක කොල්ලන්ටවත් කෙල්ලන්ට වත් අපහාසයක් හෝ උපහාසයක් විදියට ලිවුව එකක් නෙමේ//

    රංගත් නාකි වේගන එනව වගේ.... :-))

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යා අපි දැන් වයසක මිනිස්සු (අංකල් මම උඹට අය්ය කියල කිවුව, ලංකාවට එද්දි වැඩිපුර බෝතලයක් ඇන්න වරෙන්) :D

      Delete
    2. 'සීය' කිව්වත් බඩු නං ගේනව, බොලා හම්බෙනකන් තියෙයිද කියන්නයි අන්විශ්වාසබල්....හෙහ්...හෙහ්...

      Delete
  16. නිරුවතින් ඇවිද යමු ලියන කෙනා රංගව දන්නවා කියලා හිතෙන්නේ මේ ලියන ඒවා නිසා නං රංග ඒ වගේද???

    ReplyDelete
    Replies
    1. නිරුවතින් ලියන කෙනා දන්නව කියල කියන්නෙ

      01. මට ඒ ලියන ස්ටයිල් එක හොඳට පුරුදුයි
      02. ලියන කෙනා (හෝ අය) පුද්ගලිකව දන්නවා
      03. මගේ (සිසිල් බීම) පානය ගැන ලියන කෙනා දන්නවා

      හේතු නම් ඕනෙ තරම් දෙන්න පුලුවන්. ඒත් අර නිසදැස ඒ ඔක්කොටම ඇති. ;-)

      Delete
    2. මට නම් අර නිරුවතින් ඇවිද ගිය එක බලල හරි දුක හිතුනා. දැන් නම් ඔය සිසිල් බීම පානය අඩු කරනව නම් හොඳ නැද්ද? මදැයි අවුරුදු ගානක් කල හොඳ හේදිලා යනව මේ වගේ ප්‍රතිරූපයක් මැවුණම.

      Delete
  17. පොඩ්ඩක් සිනා.. අර බ්ලොග අපිත් රෝලට දා ගත්ත එහෙනම්.

    පොඩි ප්‍රොමෝට් කිරිල්ලක්ද මන්ද ?

    ReplyDelete
  18. නිරුවතින් එකේ ලින්ක් එක හොය හොය ඉද්දි වෙලාවට බ්ලොග් එක දැක්කෙ උබේ... :D

    ReplyDelete
    Replies
    1. උඹටත් ඉතිං එහෙම වචනයක් දැක්කොත් වෙන වැඩ නෑ, ඒක හොයනව මිසක් :D

      Delete
  19. නිරුවතින් ඇවිද ගියාට කමක් නෑ ඒත් රෙදි ඇදන් ඉන්න මිනිස්සු තමන්ගේම නිරුවතට බය වෙලා වියරු වැටිලා වගේ ගල් ගහන්න එන එක තමයි... බලන් ඉන්න වටින දේ.. අපි බලා ඉම්මු රංග...

    ReplyDelete
  20. සඳලි නංගි නෑනේ ඇවිත් තාම.... මේ වෙද්දි එන්න ඕනනේ බන්...

    ReplyDelete
    Replies
    1. ඇවිත් ගිහින් ගොඩක් කල්.. අභියො උඹ අප්ඩේට් නෑ වගෙයි !

      Delete
  21. අත් අකුරු වලිං ලිව්වනං හොයන්න තිබ්බා කොහෙද මේ ෆොන්ට් කේස් එකක් නිසා ඒකත් බෑ නේ...

    ReplyDelete
  22. මේ පාපිලි වල යට කෑලියි "ද" අකුරු වල යට කෑලීයි නිකන් යටින් කෑපිල වගෙ පේන්නේ ඈයි.""ක්‍ර" අකුර තියන තෑන් වල මේක හෝදට පේනව.මේක හදන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.