Monday, March 19, 2012

මට දැනුන පෝස්ට් එකක්...

මගේ ඉස්සර සිරිතක් තිබ්බා අලුතින් හොඳ බ්ලොග් එකක් දැක්කම ඒක ප්‍රමෝට් කරන ගතියක්. මම හිතන්නෙ ඒක නම් මට වැපා, මරණෙ වගේ උන්ගෙන් පුරුදු උන දෙයක්. මොකද මගේ බ්ලොග් එකත් ගොඩක් අය අතරට ගියේ ඒ වගේ එක එකා බුකියේ, බස් වල, ට්වීටරේ, එලකිරියේ ශෙයා කරපු නිසා.

මූදු කොල්ලකාරයා, පාසල්, කොට ජීවිතේ, රොබින් වගේ ගොඩක් බ්ලොග් මම ශෙයා කරා පෝස්ට් වල කෑලිත් එක්ක. හැබැයි ඒ එකකවත් ශෙයා කරද්දි උන්ගෙන් පර්මිශන් ගත්තෙ නෑ. මම දන්න්නව ඒකට උන් මාත් එක්ක තරහත් නෑ කියල. සමනලුන්ට වෙඩි තියන එකී ලඟදි පෝස්ට් එකක් දාල තිබුනා. මම මේ ඉන්න මූඩ් එකත් එක්ක මාර විදියට ඒ වගේ දෙයක් හිතට වදිනවා. මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක. අනේ මචං අහන්නෙ නැතුව දැම්මට සොරි.

"ජිවිතේ මහා දුරක් දරාගත නොහැකි බරක් උසුලන් පැමිණි මා ඒ බර පොදිය බිමින් තබා නිල් අහසට පියබා යන්නට තනන්නෙමි.. ගං දෑල අසබඩ හිද ලිවූ කවි මාල රෑ අහසේ තරු අතර සැගවුවෙමි.නුබ දෙස බලා උඹ ගැන කවි ලියන්නට නිදහස් හුස්මක් පා කරන්නට මට හැකිය.. මේ ආදරේ කොයින් අවේදැයි දන්නේ නැත . හේතු කාරණා මට අවැසි නැත.. මක් නිසාද යත් මා ජිවිතේ ජිවත් වෙමින් සිටින්නෙමි.. අලුතින් පාට මතක අමුණමින් සිටින්නෙමි.. නිදහසේ ඉපදුනු එවුන්ට තාවකාලික නැවතීම් මිසක සදාකාලික සිරවීම් නැති බව ඉතා තදින් විශ්වාස කල මා ඒ සදාකාලික සිරවීම් අතරින් පලා යන්නට තීරණය කලෙමි.. 26 වසරක ඇවිද ආ මග දෙස නැවත හැරී බැලීමි ..

ලේ ගලන මහදවත් කොටස් සෙමෙන් මියයමින් තිබෙන සැටි දුටිමි.. මා මා වෙනුවෙන් ජිවත් වන්නට ජිවිතයේ පළමු වරට හිත හදා ගත්තෙමි.. මා වටා 26 වසරක් බැදී තිබු යදම් කඩා දමා පියබා යන්නට උඹ දුන් හයියට මා සදාකාලිකවම ස්තුති කරන්නෙමි .. සූස්තියක් ඔතා අතට දී ඇති තරම් හීන දකින්නට,කවි ලියන්නට හදක් මා දෙපා මුලට ගෙනත් දෙන්නට තනන, අතීතයේ තවමත් රිදුම් දෙන කබොලු ආදරයෙන් සිප ගන්න, මගේ ඉඩ එලෙසින්ම තිබියදී මට ආදරේ කරන .... මට මා වන්නට ඉඩ දී මගේ අත අල්ලාගෙන ඈත නිම්න ඉවුරු සිසාරා ඇවිද යන්නට එකග වන ආදරණීය සොදුරු මිනිසාණනි අවසන් හුස්ම පොද දක්වාම මේ ආදරණීය ගනුදෙනුවේ සාර්ථක සහකාරිය වන්නට මට හැකි යැයි මා තරයේ විශ්වාස කරන්නෙමි.

දෙවොන්දරා ගඟ ලඟ හිද හඩා වැලපෙන්නට මට අවැසි නැත.. ගුරුතුමාගේ සුවඳ සොයා දේවදාර ගස් අතරේ ඉබාගාතේ යන්නට මට ඕනෑ නැත.. ගන්න හැම හුස්මක්ම රිදෙන්නේ නැත..සිතිවිලි පා කරමින් නිදහසේ ඇවිදන් යන්නට මා සිහින දකින්නෙමි. ඒ සිහිනය සැබෑවක් වන නොබෝ දිනට මා ඇගිලි ගනින්නෙමි... ජිවිතයක් අරුමය මා දකිමින් සිටී..

ජීවිතය කැඩපතක් ලෙසින් වචන අතරට මුදා හරින්නට ඇති නොකැමැත්ත නිසාවෙන් ජිවිතේ මේ ආදරණීය පිවිසුම ගැන කියන්නට ඇති බොහොමයක් දේ කියන්නට උඹ පැමිණෙන තුරු බලා සිටින්නෙමි. පොත් වල පිටු අතර මා පසු කර ගිය ආදරණීය නිදහස් චරිත සැබෑ සමාජය පුරා සොයමින් හෙම්බත් වී සිටි, බලාපොරොත්තු සියල්ල අතැර දමා සිටි මොහොතක පැමිණ නිදහසේ තටු සලා පියබා යන්නට ඇරයුම් කල මගේ ආදරණීය යථාර්තය උඹ.."

8 comments:

  1. ubalata liyanna ekak natiunama' anun gana hari liyanna epae neda?

    ReplyDelete
    Replies
    1. ඔව් බං, අනුන්ගැන ලියන්නෙ නෑ. අනුන්ගෙ පෝස්ට් එකක් කොපි පේස්ට් කරා :D

      Delete
  2. හ්ම්ම්ම්... ඕක දැක්ක වෙලා මටත් මොකක්දෝ දැනුනා! :D

    ReplyDelete
    Replies
    1. මටත් මොකද්දෝ දැනුන බන් එකයි + එකක් දාල සද්දේ නැතිව ගියේ....:D

      Delete
  3. මොකක්ද කියපන් දාන්න ඕන කමෙන්ට් එක මේකට....

    කෝ මේ පූසා... ඌටයි මටයි තමයි මේ වගේ දේවල් ගැන එක එක කුප්ප සිතිවිලි හිතෙන්නේ,,,, චිහ්...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...... අභීතයියා මෙදා සැරේ අපි සමනලයින්ට මුකුත් නොකියා ඉමු! :D

      Delete
  4. ranga... I need some Stats for a research..please post this link and get ppl to fill in the questionnaire pls..
    thanks


    http://kwiksurveys.com?s=LNHONI_6a07ac0c

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.