Tuesday, April 3, 2012

මම කසාද බඳින්නට තීරණය කලෙමි


පාදඩ ඇමරිකන් කාරයා අපිට කෙලියේය. ඌ ලොව වටා මොන තරම් කුපාඩිකම් කලත් උගේ ඇහේ තියෙන පොල් පරාලයට වඩා අපේ ඇහේ තියෙන පොල් කෙන්ද ලොකු නිසා ඌ අපේ මගුල් වලට හොට දාන්නට ආවේය.

ඒත් පක්ශ විපක්ශ ඔක්කොම එවුන් සද්ද නැතුව හිටියේ ඇමරිකන් කාරයාට ඇති බයට වෙන්නට ඕනෑය. වෙන්න යන්නේ මොකක්දැයි නිහඬව මම බලාසිටියෙමි. එකෙක්වත් කිසිම සද්දයක් නැත.

ජරමර අස්සේ අපේ දේශහිතයිශී ජාතිමාමක ලොකු අය්යා සීන් එකට එන්ටර් විය. ලොකු අය්යා මාරාන්තික ලෙමන් පෆ් උපවාසයක් කරනතෙක් අපි බලා සිටියෙමු. ඒත් එහෙම එකක් නම් උනේ නැත.

ඒත් ලොකු අය්යා ගේම අත ඇරියේ නැත. ලොකු අය්යා අපිට ඇමරිකන් දේවල් වර්ජනය කරන්නැයි කීවේය. ඒත් අපේ අසමජ්ජාති උන් ඒවා ගනන් නොගෙන ඇමරිකන් පිටිම ගිල ගිල සිටියෝය.

ලොකු අය්යාට තනියම චාටර් වෙන්න දෙන්නට බැරි නිසා මමත් ගේමට බැස්සෙමි. ලොකු අය්යා තනි වචනේ පොරකි. බුවා සිරාවටම ඇමරිකන් දේ වර්ජනය කරන බවක් මටද පෙනෙන්නට තිබුනි.

අය්යාගේ හෙයා වැක්ස් එක නිව්සීලන්ඩ් ය. ශර්ට් ඔක්කොම ෆ්‍රාන්ස්, ඉටලි වලින් ගෙනා ඒවාය. ඉතිං අය්යාට ඇමරිකන් අටමගල වලින් තඹ දොයිතුවක වත් වැඩක් නැත. අය්යා නම් පට්ට සිරාය.

කොම්පියුටර් සමග හැප්පෙන මට ඇමරිකන් කාරයා වර්ජනය කිරීම ජොබ් එකට පවා කෙලවීමට හේතු විය හැකිය. ගූගල් දෙයියා නැතිදා අපිට රස්සාවල් නැති බව දන්නේ මේ නරාවලේ ඉන්නා උන් පමනය.

ගූගල් දෙයියා කෝප කර ගැනීමට ඇති අකමැති බව නිසාම ඇමරිකන් කාරයින්ගේ බුකිය සහ බ්ලොගරය වසා දැමීමට මම තීරණය කලෙමි. එය ඇමරිකන් කාරයාට හරිම තදින් දැනෙන්නෙට ඇත.

බුකිය සහ බ්ලොගරය වැසීමෙන් පසු මට පට්ට විදියට කාලය ඉතුරුවිය. එනිසාම මම කසාද බඳින්නට තීරණය කලෙමි. ඔන්ලයින් ජීවිතයට තාවකාලිකව සමුදුන් මම සැබෑ ජීවිතයට වැඩි කාලයක් කැප කලෙමි.

කීබෝඩ් මවුස් සමග පැය 24ම ගත නොකර අපි අපේම නිවසක දැන් ඉතාමත් සතුටින් ජීවත් වන්නෙමු. කසාදය හිර ගෙයක් නොවී මා වැනිම එකියක් ලැබීම ගැන මම ඉතාම සතු‍ටු වන්නෙමි.

ඉස්පාසු ලද මොහොතක මාගේ ටැටූ එකද තවත් වෙනස් කල අතර මගේ ආදරණීය බිරිඳටද ඇගේ වසර ගනනක් පැවති ටැටූ සිහිනය සැබෑ කර ගැනීමට ඉඩ සලස්වා දුන්නෙමි. දැන් නම් ජීවිතේ මල්ය.

මේ සියල්ල අස්සේ ඊයේ පෙරේදා ලොකු අය්යා අමු හොරෙක් බව මට මාට්‍ටු විය. ඌ අපිට ලොරි ටෝක් දුන්නට උගේ වෙබ්සයිට් එක ඇත්තේ ඇමරිකාවේය. අපි නිකම් ඌට කඩේ ගොස් ඇත.

මේ ගැන කෝපයට පත් මම වහාම මගේ බ්ලොගර් එකවුන්ට් එක සහ බුකිය ඇක්ටිවේට් කලෙමි. දැන් ඉතිං ආයෙත් බිස්නස් ඈස් යූශුවල්ය. ඉස්සර තරම් ලියන්න නොලැබුනත් ආයෙත් ලියන්නෙමි.

96 comments:

  1. කසාද බැන්ද කියන්නෙ ඇත්තමද මන්ද....
    කෝමත් මනුස්ස ජීවිතයක් උනාම කසාද බදින්න ඕනි..එහෙමයි පොත්වල තියෙන්නෙ...
    කසාදයට සහාය දුන් අයට ස්තූතියි...

    ReplyDelete
  2. ඒ කාලේ තිබ්බ බ්ලොග් එකක් කියලා මම ඊයේ මගේ පෝස්ට් එකකුත් දැම්මා බන්.. වයිෆ් අක්කගේ හරි නංගිගේ පොටෝ කෑල්ලකුත් දැම්මානම් තමයි ලස්සන.... කොහොමත් උඹ ආපහු ආව එකනම් ලොකු දෙයක්...

    ReplyDelete
  3. හුරේ මෙන්න රංග බැක් අගේන්.. යේහූ.. අභීත අයිය පාලුයි කිය කිය උන්නෙ..
    මේ දැං බ්ලොග් එක බුකිය ඇරපු එකේ බිරිඳට මොකෑ වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. බිරිඳ මේ ඉන්නෙ බං අපූරුවට. කොටින්ම මේ රිප්ලයි එක දැම්මෙ කොයි කෙනාද කියල උඹ දන්නවද?

      Delete
    2. ලෑ මම දල්ලෙ ලෑ.. සැමියද බිරිඳද ??

      Delete
  4. උඹත් එහෙනම් බැන්දා ඈ...:D
    ලොකු අයියා මාර පොරක්නේ..:D

    ReplyDelete
  5. අලුත් ජීවිතයට සුභ පැතුම්!

    ReplyDelete
  6. Ooni magulak kara gan blog eka liyana gaman, soon we celebrate the happy news! - weniwel

    ReplyDelete
  7. වෙල් කම් බැක්

    ReplyDelete
  8. වෙල් කම් බැක්

    ReplyDelete
  9. ලොකු අයියා නිසා අපේ කොල්ලන්ට වෙච්චි වින්නැහිය.. අනේ යසට උන්න රංග.. හොදා හොදා

    ReplyDelete
  10. අඩෝ....... කන්ග්‍රැජුලේසන් රංග අයියේ........
    එදා මම උඹට චැටක් දාන්නත් හැදුවා මොකද බ්ලොගේට වුනේ කියලා බලන්න... උත්තර දුන්නෙ නැති හේතුව දැන්නොවැ තේරෙන්නේ........

    ReplyDelete
  11. අඩෝ....... කන්ග්‍රැජුලේසන් රංග අයියේ........
    එදා මම උඹට චැටක් දාන්නත් හැදුවා මොකද බ්ලොගේට වුනේ කියලා බලන්න... උත්තර දුන්නෙ නැති හේතුව දැන්නොවැ තේරෙන්නේ........

    ReplyDelete
  12. ලොකු අයියා කවදත් පොරකි. කවදාවත් හිසේ පොල්තෙල් ගා නැත. කවදාවත් අනුන්ගේ ෂර්ට් ඇඳ නැත. අනුන්ගේ වාහන තමන්ගේ වගේ පාවිච්චි කලේද නැත. අනුන්ගේ රියදුරන් තමන්ගේ වගේ පෙන්නා නැත. කඩුවෙල මීටිමට මෝටර් සයිකලයෙන්විත් අනුන්ගේ ගුබ්බෑයම් වල සිට වැනට් කටුවලින් ගොස් නැත. කොටින්ම ඔය තලවතුගොඩ හංදියේ සිට හෝකන්දරට යනවිට තිබෙන මාලිගාව වැනි මාලිගාවල ඉපිද ජොලියට බෙරගසා ඇතත් කිසිදා පරම්පරාවේ කෙනෙකුවත් බෙර නම් ගසා නැත. ඔය ඇමරිකන් හිඟන්නො වගේද මේ හාමු මහත්තයා. කවදාවත් කවුරුත් පාවිච්චි කළ බඩු පාවිච්චි කර නැත. සීල් පිට හැමදේම පාවිච්චි කළ ජොලි පොරකි. අනේ වාසනාවන් මෙහෙව් ජාතිමාමකයින්!

    ReplyDelete
    Replies
    1. කොටින්ම ඔය තලවතුගොඩ හංදියේ සිට හෝකන්දරට යනවිට තිබෙන මාලිගාව වැනි මාලිගාවල ඉපිද ජොලියට බෙරගසා ඇතත් කිසිදා පරම්පරාවේ කෙනෙකුවත් බෙර නම් ගසා නැත
      ---------------
      tho wage kule oluwe thiyagena inna kalakanniyek newi wenna athi

      Delete
  13. සුබ පැතුම් වේවා ඔන්න. :)

    ReplyDelete
  14. එළ එළ....ලොකු අයියා පාවිච්චිකරන්නේ අයි ෆෝන් එකක් ලූ....

    ReplyDelete
  15. එහෙනම් එකත් ජයසිරි මංගලම්

    ReplyDelete
  16. විවාහ ජීවිතේට සුබ පැතුම් මචං


    ආයේ ලියන එක ගැන නම් පට්ට සංතෝසයි...
    කියවන්න දෙයක් ලියන බ්ලොග් වැහෙන එක අපරාදෙ බන්ස්.......

    ReplyDelete
  17. කමක් නෑ එහෙම වෙච්චි. ආයෙත් ලියන එකනම් හොඳයි . අනෙ මෙ බොලොග් අවකාශෙට එන උන් සෙරම බැන්දට පස්සෙ මෙවාට එනවනම් මෙ බ්ලොග් දිගටම පවතීවි. (වැඩෙ කියන්නෙ අහක ඉන්න එකෙක්ව මෙකට ගාවගත්ත එකනෙ)

    ReplyDelete
  18. හී හී.....සුභ මංගලම් අයියා...

    බුකියෙ පින්තූර ටිකකුත් දැම්මානම් තමා හොද...

    ReplyDelete
  19. මට කිසිවක් පැහදිලි නැත.

    මගේ ලෝකය නැවත ඔනල්යින් වීම ගැන සතුටුය.

    ReplyDelete
  20. හැපී වෙඩඩ් ලයිෆ් මචං....

    ඒත් මම මේ කල්පනා කළේ කසාද බැඳීම බ්ලොගයක් වහන්න තරම් කාරණාවක් ද කියල. නිලා එක්ක කතා කරාම නම් කිව්වේ 'ඔය ගෑනු නිසා නවත්තන එව්වා බොහොම ටික කාලයයි' කියලා. බැඳපු එකෙක් හැටියට මටත් ඒ කතාවට අකමැත්තෙන්, අපහසුවෙන් වගේ උනත් එකඟ වෙන්න වෙනවා. කොහොම උනත් උඹව ආපහු දැකීම බොහොම සතුටක්.

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් නවත්තලා නෑ මචං. ගූගල් කාරයා මගේ බ්ලොගේට ශොට් එක දුන්න කියල දන්නෙ බොහොම කීප දෙනයි. කෑනොගහ හිටපං

      Delete
  21. බොක්කෙන්ම සුභ පැතුම් උඹේ අලුත් ජීවිතේට . . . ජය වේවා . . .!

    ReplyDelete
  22. බ්ලොගේ ඇක්ටිව් කලා කියමුකෝ, එතකොට කසාදේ? ඒක අන්ඩූ කරන්න බෑනේ.... ඒ නිසා උඹට වැඩිකල් බ්ලොග් ලියන්න නං බැරිවෙයි.

    ReplyDelete
  23. ආයි ආපු එක නම් ලොකු දෙයක් බං.. ඉඩක් ලැබුන ගමන් ලියපන්..

    ජය වේවා..

    ReplyDelete
  24. හැපී වෙඩඩ් ලයිෆ්....!!!

    ReplyDelete
  25. කොවුලා වගේ ලවු සිංදුව කියපු එකා මං
    වවුලා වගේ රෑ තිස්සේ නිදි මැරුවේ මං
    හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං
    දැං ඉතින් එහෙම බෑනේ පවුල් වෙලා මං..!

    සුභ පැතුම් රංග.., හිතන පතන සියල්ලම සාර්ථක වෙන්නට මෙන්න හිත පතුලෙන්ම උණුසුම් සුභක්..!
    ජය වේවා..!

    ReplyDelete
  26. සයිබරයෙන් මිදී නොයන්න. මිස්ටර් සහ මිසිස් රංග සාදරයෙන් පිළිගනිමු.

    ReplyDelete
  27. අපට නම් මගුල් කෑම එපා උනේ මාස 3-4 ක් ගිහිල්ලාය.. මූට ඊට කලින්ම එපා වෙලාය. හිහ් හිහ්... හැපි වෙඩඩ් ලයිෆ් මචෝ.....

    ReplyDelete
    Replies
    1. මචං, මෙච්චර කල් නොබැඳ හිටියෙ හරියන ගෑනියෙක් හම්බ නොවුන නිසා. දැන් නම් දෙයියනේ කියල එහෙම ප්‍රශ්නයක් නෑ. බොන්න ඕනෙ නම් ගෑනි ලෙසටම බයිට් එක හදල ලඟට ගෙනෙත් දෙනව :D

      Delete
    2. බඳිනවනං මචං අන්න ගෑනු.

      Delete
  28. අළුත් ජීවිතේට සුභපැතුම් අසේල අයියේ......!!

    ReplyDelete
  29. දැන් බැඳපු එකට මොකද වෙන්නෙ.

    ReplyDelete
  30. සජීව ධනුද්ධරApril 3, 2012 at 12:08 PM

    නව දිවියට සුභ පැතුම්! නැවත පැමිණීමත් සතුටක්

    ReplyDelete
  31. ආගමනය ගැන ප්‍රීතිය :D

    ReplyDelete
  32. ජයෙන් ජයම වේවා! :)

    ReplyDelete
  33. සාර්ථක යුග දිවියකට උපදෙස් ඕනෑ නං මගෙන් අහන්න.

    ReplyDelete
  34. මූ ඇත්තටම බැදලද?

    ReplyDelete
  35. සුභ පැතුම් මචං..ඒත් උඹට අන්තිම දවසේදී අර සින්දුව කියලා ආශීර්වාද කරන්න උනේ නැති එකට කණගාටුයි...

    කොහොම උනත් කෙල්ල සෑහෙන්න දක්ෂයි...
    දැන් ඉතිං පරිස්සමට..අර ජාතික ගීයේ පද අමතක කරන්න එපා..නිතර නිතර සිහි කරහං...:D:D:D

    ReplyDelete
  36. කලින් කමෙන්ට් එක දමද්දි මම හිතුවේ මේ බැඳිලි කථාව විහිළුවක් කියලා. බලද්දි මට තේරුනේ යමක් තිබේ. අනේ හොඳයි. තව කොල්ලෙක්....... කම්ක් නැහැ අපේ ගොඩට වැටුනනේ.
    එහෙනම් සුභම සුභ පැතුම්!!!
    වාසනාවන්ත අනාගතයක්ම වේවා!!!

    ReplyDelete
  37. එල. බ්ලොග් එක ආයිත් ලියනවට සතුටුයි. ඊටත් වඩා සතුටුයි රංග අය්ය බැන්ද එකට. සුභම සුභ පැතුම්.

    ReplyDelete
  38. හ්ම් ආපු එක සුපිරි...කී පාරක්නම් කැරකිලා ගියාද

    ReplyDelete
  39. හැපි වෙඩඩ් ලයිෆ් !!

    ReplyDelete
  40. හැපි වෙඩඩ් ලයිෆ් !!

    ReplyDelete
  41. සුබ පැතුම් රංග අයියා ... !

    ReplyDelete
  42. එලම කිරි දෙන්නා තුන් දෙනා හතර පස් දෙනා වෙලා උබටවත් හොයාගන්න බැරි වේවා මේ බ්ලොග් එක එඩ්ට් කරන අයව :DDD

    ReplyDelete
  43. ඔන්න මගෙනුත් සුභ පැතුම් අයියේ විවාහ ජීවිතයට..

    ReplyDelete
  44. ජය වේවා !!!!!!!!

    ජීවිතේ සතුටෙන් පිරේවා !!!!!!!!!
    ඔන්න අපේ උනුසුම් සුබ පැතුම් :)

    ReplyDelete
  45. පවු.මෙහෙම වෙන්න ඕන කොල්ලෙක් නෙවේ.

    ReplyDelete
  46. ade iyaa uba marry karata kamak nee. apita kkiyawanna blog eka liyapan.bariyai aluth adahasuth issarahata liyanna marrge life eka ganath... kawa marry karath ban uparima 3 years inna puluwan balapan boru da kiyanne kiyala edata ekai ban reality eka. ubata wish kranawa fun wedding life ekak lebennta kiyala.. aye kiyanne ubata liyapan welawa labena widihata blog ekath koma hari

    ReplyDelete
  47. මොනා උනත් උබටත් සුභපතනවා රංගයියේ!!

    ReplyDelete
  48. උණුසුම් සුබ පැතුම් අයියේ...!

    ReplyDelete
  49. //මගේ ආදරණීය බිරිඳටද ඇගේ වසර ගනනක් පැවති ටැටූ සිහිනය සැබෑ කර ගැනීමට ඉඩ සලස්වා දුන්නෙමි. //


    සෑමාටත් මේ දේ කරන්නට වෙනවාය.. කෙල්ලෝ බැන්දම නිදහස්ය. කොල්ලෝ බැන්දම හිරේය.. :))

    ReplyDelete
  50. Happy Wedding life....

    Blog eka natuwa apith paluwen thamai hitiye,
    eka newei Americans karayinta hodata dannenna athi neda? blog eka wahuwa nisa. ???? :D

    ReplyDelete
  51. එකත් ජයසිරි මංගලම්

    ReplyDelete
  52. එලකිරි කිවුව ඕං....

    ReplyDelete
  53. ජය සිරි මංගලම් කිව්වා. උදේ බුකියේ ඉන්නවා දැකලා කතා කලා.

    දැන් අපි කේක් කන්න එන්න ඕනේ කවද්ද? ආයෙත් ලියන්න ගත්තු එකනම් ලොකු දෙයක්.... :D

    ReplyDelete
  54. බැන්දා? මට විස්වාස නෑ ඕක.

    henryblogwalker the Dude

    ReplyDelete
  55. සුභ අනාගතයක්....................

    ReplyDelete
  56. උනුසුම් සුබ පැතුම් :)

    ReplyDelete
  57. සුබ පැතුම් වේවා..!! :D :D

    බොහෝම සන්තොෂයි !! සිතන පතන සියල්ල සාර්ථක වේවා !!

    ReplyDelete
  58. තුෂානිApril 4, 2012 at 7:58 AM

    මගෙනුත් සුබ පැතුම් අනාගතයට !

    ReplyDelete
  59. මගෙනුත් සුබපැතුම් අනාගතයට !

    ReplyDelete
  60. ම්ම්ම්ම්ම්.. අනේ මන්දා.. ඒකත් එහෙමලු ඇ..

    මගේ සුභ පැතුම් ඇ....හයියෝ.. ඇයි මටම මෙහෙම දේවල් හිතෙන්නේ......:-D

    ReplyDelete
  61. මගේ සුභ පැතුම්...!!!

    ReplyDelete
  62. මේක දැක්කෝ බෝම පමා වෙලා .. ඉතින් එහෙනම් රංඟයියේ උඹත් දෙකඩ වුණා ..

    ඉතින් මෙන්න මගෙනුත් සුබපැතුම් ...!!

    ReplyDelete
  63. මම ෆෙස්බුක් එකෙත් ඔහොම බැන්ද කතාවක් දැක්ක..ඒත් අනේ මන්ද මට තාම විශ්වාස කරන්න බැ වගේ...ඇත්තටම බැඳල නම් රංග අයියාට මගේ හද පිරිස් සුභ පැතුම.. සැපවත් සුවදායක අපූරු පවුල් ජිවිතයක් අනිවා ඔය දෙන්න ගෙවයි..

    ReplyDelete
  64. සුබ පැතුම්... දෙදෙනා සුවහසක් කල් ආදරයෙන් වැජඹේවා...!!!

    ReplyDelete
  65. ලෝක විනාසෙ ලඟයි වගේ....! මමත් ඉක්මනට එකලාසයක් වෙන්ට ඕනි. සුභ පැතුම් අසේල මහතා සහ මහත්මියට! කියල වැඩක් නෑ හරි යනව දකිනකොට නම් මාරම සතුටුයි!

    ReplyDelete
  66. ලිස්ට් එකේ උඩින් හිටි එකෙක් ගොඩ ගියා.. දැං තව දෙන්නෙක් ඉන්නවා ළඟ ළඟම ගොඩ යන්න බලං ඉන්න... :D

    කොහොම හරි රංගයිය‍ට ජයසිරි මංගලම් හො‍ඳේ... ඔය දෙන්නගේ අලුත් ජීවිතේ මල් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  67. සුබ පැතුම් කිව්වා බැන්දා නම්! විශ්වාස කරන්නත් අමාරුයි හැබැයි! මම ඒත් බැලුවා මොකෝ පේන්න නැත්තේ කියලා...

    ReplyDelete
  68. දැන් කාලෙ හරි මේක "අපේ ලෝකය" වෙන්ට...


    ඔන්න මගෙනුත් අරවා ගොඩක් රංගට හා රංගිට..!!!

    ReplyDelete
  69. අදයි මේක දැක්කෙ. ප්‍රීතිමත් යුග දිවියකට සුබ පැතුම් රංග!

    ReplyDelete
  70. Congratz Asela.. And Wishing you very best for a wonderful wedded life...

    BTW, we need cake ok.. :)

    ReplyDelete
  71. සුබ පැතුම්...!!!

    ReplyDelete
  72. සුබ පැතුම්...!!!

    ReplyDelete
  73. තවත් එකෙක් මෙව්ව වෙලා!!
    සුබ පැතුම් අයියේ

    ReplyDelete
  74. සුභ පැතුම් අයියා.......!!!

    ReplyDelete
  75. සුභ පැතුම් අයියා............!!!

    ReplyDelete
  76. එළකිරි මමත් බැලුවා මේ රංගයට මොකද වුනේ කියල. මම බ්ලොග් නොලිව්වට බලනවනේ. රංගයා මේක වහලා දාල කොහේ හරි ගිහින් කියලයි හිතුවේ . කසාදෙටත් උණුසුම් සුබ පැතුම් !!

    ReplyDelete
  77. දැන් "සැමියා බිරිදගේ ටෝමියා" වගේ ඇති නේ..??

    ReplyDelete
  78. සුභ පැතුම් මචන්

    ReplyDelete
  79. සුභ පැතුම් මචන්

    ReplyDelete
  80. සැමියා බිරිඳගේ දෙවියාය!!! ජය වේවා ලොක්කා!!!

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.