
මෙදා පාර අවුරුද්දේ නැකැත් තිබුනෙ මෙලෝ රහක් නැති වෙලාවක. 12 , 13 දවස් දෙකේ ගමේ යන්නත් විදියක් නැති නිසා සෙට් උනා ටීවී එක ඉස්සරහට මොකක් හරි ඒකෙ යන දෙයක් බලන්න කියල. තාම සැටලයිට් ටීවී අරන් නැති නිසා බලන්න තිබුනෙ ලෝකල් චැනල් ටික තමා.
මුලින්ම දැම්ම චැනල් එකේ ඉන්නව තරුණ ගායකයො කට්ටියක්. ඔක්කොමල්ල සරොම් ඇඳගෙන මාරම පිලිවෙලට ඇවිත් හිටියෙ. හැබැයි වැඩසටහන කරන එකාත් සරමක් ඇඳන් හිටියට උගේ කොන්ඩෙට නම් කරන්ට් වැදිල වගේ. චැනල් කීපයක් මාරු කරල බැලුවමයි පෙනුනෙ හැම චැනල් එකේම නිවේදකයන්ට අවුරුදු තිබුනෙ සරමෙන් විතරයි. යකෝ සරම ඇන්දනම් පොඩ්ඩක් පිලිවෙලකට කොන්ඩෙත් පීරන්න බැරිද? කමක් නෑ කොන්ඩෙ මගෙයැ.
ඔහොම චැනල මාරු කර කර යද්දි එක චැනල් එකක යනව නලු නිලියොන්ගෙ අවුරුදු උත්සවයක්. ඔන්න ඉතිං ඒකවත් බලමු කියල සෙට් උනා. මෝඩ ජෝක් ගොඩක් ගියත් අනිත් ඒවට වඩා ටිකක් විතර බලන් ඉන්න පුලුවන් ගතියක් තිබ්බ නිසා ටික වෙලාවක් ඒක බලාගෙන හිටියා. ඒ අස්සෙ දැක්කා අලුත්ම අවුරුදු ක්‍රීඩාවක් "තේ යාරෙ දාන්න". ඒක නම් කමක් නෑ කියමුකො. මම හිතුවේ දිගම යාරෙ දාන කෙනා දිනනවා කියල. හැබැයි කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ විනිශ්චයකින් දිගම යාරෙ දැම්ම කෙනා ඉද්දි වෙන කෙනෙක් දිනුවා.
ආයෙත් චැනල් මාරු. මෙදා පොටේ ජෝතිශ්ය අය්යලා ටිකක් සහ හැමදාම අවුරුද්දට විතරක් ටීවී කාරයන්ට මතක් වෙන රටේ වැඩිහිටියො ටිකක් විද්වත් සාකච්චාවක. වැදගත් දේවල් එකක් දෙකක් කතා උනත් ගොඩක් අය අලුත් අවුරුද්ද විද්‍යාත්මකව පහරන්න ගිහින්, එහෙමත් නැත්නම් ජාතික උත්සවයක් උන අලුත් අවුරුද්ද ආගමික උත්සවයක් කරන්න ගිහින් එතන නාගන්න නෑම දැක්කම ආයෙත් චැනල් එක මාරු කරන්න හිතුනා.
මෙන්න බොලේ අලුත් ඇඩ් එකක් යනව, අලුත් අවුරුද්දට නෑගම් යන එක වැඩිහිටියන්ට බුලුත් දෙන එක පෙන්නන. බුලුත් හුරුල්ලෙ තියල දෙන්නෙ සල්ලි නෙමේ ලොතරැයියක්. ඇඩ් එකට ඉන්නෙත් ලංකාවෙ නමගිය වැඩිහිටියෙක් වගේම අපි හැමෝම ගරු කරන නලුවෙක්. මම හිතන්නෙ අලුත් අවුරුද්දෙ ආන්ඩුවෙන් ප්‍රකාශ කරාද දන්නෙ නෑ ලොතරැයි කියන්නෙ මේ අවුරුද්දෙ ඉඳන් සූදුවක් නෙමේ, ජන ක්‍රීඩාවක් කියල.
බලාගෙන ගියාම අවුරුද්දත් දැන් නිකම්ම නිකම් වෙළඳ ප්‍රචාරණයක් විතරක්ම වෙලා. කොයි චැනල් එකෙත් අර පරන පුරුදු තැටියම තමා ගහන්නෙ. කම්මැලි කමට ටීවී එක ඕෆ් කරල පත්තරයක් කියවන්න බැලුව. ඔන්න තියෙනව පට්ට ආටිකල් එකක්. මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම සම්බන්ධයෙන් රටේ පිලිගත් කාන්තාවන්ගේ අදහස්. ඕනෙ පුකක් කියල මමත් කියවලා බැලුවා.
ඒ අය කියන විදියට මත්පැන් දුම්වැටි පාප ක්‍රියා නිසා, එහෙම නැත්නම් සෞඛ්‍යට අහිතකරයි, ඒක නිසා ගනන් වැඩි කරපු එක හොඳයි. ඉතිං යකඩෝ ඕව වැඩි කරේ අපේ සෞඛ්‍ය ගැන හිතලද? නැත්නම් ආණ්ඩුවට බජට් බැලන්ස් කර ගන්න බැරුවද? ඔය කියන ලබ්බවල් ඔච්චරම නරක නම් ඇයි ආණ්ඩුවට බැරි ඔය ඔක්කොම රෙද්දවල් තහනම් කරල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මතට තිත" තියන්න?
උඹ දැන් ලියන්නේ මාර දේවල් බන්... කියවපුහාම තනි ඇහැට ඇඩෙන්නේ..... අවුරුද්ද කියන්නේ මටනම් තවත් එක දවසක් විතරයි...
ReplyDeleteඑහෙම තමයි බන් මහජන ආන්දුවක් උනාම . . තහනම් කලා කිව්වම අවුල් නිසා ගානන් වැඩි කරනවා . . මොකෝ මහජන ආන්ඩුවේ ලොක්කෝ දන්නවා ගනන් වඩි කරපු ගමන් අපේ අය බොන එක නවත්තනවා කියලා :D
ReplyDeleteබුකියෙ එහෙමත් දැක්කෙ නැද්ද... සිගරට් අරක්කු වැඩි අක්‍රපු ගමන් කස්ටිය මාර ටෝක් දෙන්නෙ.. ඕව ගනං ගිහිපු එකම තමයි හොද.. අනේ තව පලය තව පලය කිය කියන්.. ආතල් එක කියන්නෙ අම්භානෙක බොන උනොත් උන් හෙන දැහැමින් සෙමින් උන් කියල පෙන්නන්න අර වගේ ස්ටේටස් දානවා... :D
ReplyDeleteඅපි නම් දැන් ඔය ටී.වී.වැඩසටහන් බැලිල්ල නතර කරලයි තියෙන්නෙ ...
ReplyDeleteකලාතුරකින් හොඳ ෆිල්ම් එකක් ගියොත් විතරක් බලනවා ..ඒත් ඕනවට වැඩිය ඇඩ් දානවා වාගෙ පෙනුනොත් ඒකත් වහලා දානවා.
අපි නම් දැන් ඔය ටී.වී.වැඩසටහන් බැලිල්ල නතර කරලයි තියෙන්නෙ ...
ReplyDeleteකලාතුරකින් හොඳ ෆිල්ම් එකක් ගියොත් විතරක් බලනවා ..ඒත් ඕනවට වැඩිය ඇඩ් දානවා වාගෙ පෙනුනොත් ඒකත් වහලා දානවා.
උඹ ලියන ස්ටයිල් එක උඹේ එදිනෙදා ස්ටයිල් එකෙන් අපගමනය වන බව පේනවා
ReplyDelete- GoDaddy -
අර තරුන ගායක සෙට් එක හිටපු එකේ නොනගතේ වෙලාවෙ කිරිබත් කෑවා.
ReplyDeleteඅනේ මන්දා මුන්ගෙ සිරි ලාන්කීය අභිමානය.........
මන් නම් දවල් එක චැනල් එකක් දැම්මා එකේ හින්දි චිත්තරපටියක්
තව එකක් දැම්මා ඒකෙත් එහෙමයි
ඊලඟ එකත් එහෙමයි.....
නොනගතේ නේ සියලු වැඩ අත ඇරලා හොඳට නිදා ගත්තා
03. මුලින්ම GoDaddy කියපු එක වගේ ගතියක් මේ පෝස්ට් එකේ මටත් තේරුනා.
ReplyDelete02. මටනම් අවුරුදු ගැන වැඩිපුර කතා කරන්න තියෙන්නෙ සතුටු දායක දේවල්. හැම අවුරුද්දටම අපි ඉපදුනු ගම්පලාත් වලට යන එක පුරුද්ද නිසා අතීතයට ගියා වගේ හැඟීමක් එන්නෙ. ටීවී වලට එහෙ ඉඩක් නෑ. නමුත් මේ පාර අපි කොහෙවත් ගියෙ නෑ. ටිවී වල ඔය කියපු දේවල් ගිය නිසා මමත් හවස් වරුවේ නිශ් කිව්වා වගේ හොඳට නිදා ගත්තා.
01. රංගයටත් මේ අවුරුද්ද එසේම වේවා!
දුන්කොලේ වෙනුවට ලොතරැයියක්,
ReplyDeleteකාලෙන් කාලෙට මිනිස්සු එකම දේ උනත් ඒක වැළදගන්න විදිහ වෙනස් වෙනවා..
ReplyDeleteදැන් අවුරුදු ටීවි එකේ විතරයි මචං..
ReplyDeleteඇත්තටම අවුරුද්ද විකුණන් කන එක තමා වෙන්නේ !
ආණ්ඩු ගැන කතා කර පලක් නැත. පොඩි මෑන් කිව්ව ස්ටේටස් ගැනත් රංග කිවව ටීවී කාරයෝ ගැනත් කියන්න ඇත්තේ පිස්සුවත් දැන් බෝවෙන ලෙඩක් වී ඇති බවයි.
ReplyDeleteඅපිනම් මුකුත්ම කොලේ නැහැ අවුරුද්දට
ReplyDeleteමට නම් ඉස්සර වගේ අවුරුදු කියලා ගතියක් වත් නෑ....
ReplyDeleteඔය මොන දේ අඩු වැඩි කලත් බොන එක්කෙනා බොනවනේ ඉතින් මයේ මොකෝ අප්පා. අනේ ටීවී කෘවැව බලන් ඉන්න බැරි තැන මං ගිහින් කේක් හැදුව
ReplyDeleteඇත්තටම අවුරුද්දක් කියල ගානක්වත් නැහැ. ටි වී එකේ විකාර ටිකක් යනවා.ඔච්චරණේ අවුරුද්ද.
ReplyDeleteමම නම් දන්න විදියට අවුරුද්ද, නත්තල, වෙසක් එක විකුනං කන එකවත් ටීවී එකේ පිස්සු කෙලින එකවත් මේ මෑතකදි පටන් ගත්ත දෙවල් නෙවයි. වෙනසකට් තියෙන්නෙ ඉස්සර අදවගෙ ඉන්ටනෙට් හෙම නොතිබ්බ නිස අපිට විකල්පයක් තිබ්බෙ නෑ. පෙන්නන ජරාව බලන්න වුනා.
ReplyDeletehenryblogwalker the Dude
මෙන්න බොලේ අලුත් ඇඩ් එකක් යනව, අලුත් අවුරුද්දට නෑගම් යන එක වැඩිහිටියන්ට බුලුත් දෙන එක පෙන්නන. බුලුත් හුරුල්ලෙ තියල දෙන්නෙ සල්ලි නෙමේ ලොතරැයියක්.
ReplyDeleteසතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා ස්විප් වෙළෙන්දෙක් වීම කණගාටුවට කාරණයකි.
මතට තිත තියන්න කලින් ඇමරිකාවේ ප්රෝහිබිෂන් එක කාලේ වෙච්ච දේවල් ගැන හොයල බැලුවොත් හොඳයි.
ReplyDeleteසල්ලි ත්යේනම් හැමදාම අවුරුදු තමා
ReplyDelete