කෙල්ලෙක්ව පලවෙනි සැරේට හම්බ වෙන්න යනව කියන්නෙ කොච්චර උනත් පොඩ්ඩක් හිතට බයක් දැනෙන වෙලාවක්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙල්ලක්ව පලවෙනි සැරේට හම්බ වෙන්න යන්න ගිහින් වෙච්ච සීන් එකක්. කෙල්ල මගේ හොඳ යාලුවෙක්. ඒත් මේ කියන දවස වෙනකම් එහෙම ඩේට් එකක් විදියට ඒ කෙල්ල එක්ක එලියට ගිහින් නෑ. මුලින්ම හොඳ යාලුවෙක් විදියට ආශ්‍රය කරත් පස්සෙ ඉතිං යාලුකමට වඩා සෑහෙන්න කෙල්ලව හිතට අල්ලලා ගිය නිසා කොහොම හරි අමාරුවෙන් ලන්ච් එකට එලියට යන්න ඇහුව කියමුකො. ඊට පස්සෙ තමා අමාරුම රාජකාරිය. අනික එලියට යන්න අහන්න හිතන් හිටියට ඇහුවෙ මමවත් ප්ලෑන් නොකරපු දවසක.
මට මතක විදියට එදා ඔෆිස් දාන් ආවෙත් ස්ලිපර්ස් දෙකක්. මගේ සාමාන්‍ය කිට් එක තමා ඇඳල හිටියෙත්. ඕව ගැන හිතන්නෙ නැතුව ගිහින් කෙල්ලවත් පික් කරාට පස්සෙ තමා මතක් උනේ ලන්ච් වලට එලියට යමු කිවුවට හරියටම යන තැනක් ඩිසයිඩ් කරේ නෑ කියල. මොකද දන්න තැන් කීපයක් ඔලුවෙ තිබ්බට කෝකට යනවද කියල හිතා ගන්න බැරුව හිටියේ. කෙල්ල ඉස්සරහ නෝන්ඩි උනත් කමක් නෑ කියල යාලුවෙක්ට කෝල් කරල මගේ හිතේ තියෙන තැන් වලින් හොඳම තැන කොතනද කියල අහ ගත්තා. මොකද ඔය කියන තැන් වලින් යාලුවො එක්ක ගිහින් කාල බීල තිබ්බට කෙල්ලක් එක්ක කවදාවත් ඒ එක තැනකට වත් මම ගිහින් තිබුනෙ නෑ.
ඉතිං ඔය කියපු තැනට ගිහින් ඕඩර් කරා ස්ටීම් රයිස්, තායි චිකන් කරි, සිස්ලිං බීන් කර්ඩ්. කෑමට කලින් සොෆ්ට් ඩ්‍රින්ක්ස් ආව මෙලෝ රහක් නෑ. බලද්දි ඒ දවස් වලම වගේ එතන මැනේජ්මන්ට් එක මාරුවෙලා. අලුතින් ආව උන් මෙලෝම රහක් නැති විදියට තමා රෙස්‍ටුරන්ට් එක කරගෙන යන්නෙ. ඒ ඔක්කොම අස්සෙ ලොකුම ප්‍රශ්නෙ යාලුව නිසා මෙච්චර කල් "මචං" කිය කියනෙ හිටියෙ. දැන් මෙයාට මොකක් කියලද කතා කරන්නෙ. මට විතරක් නෙමේ ගෑනු ලමයටත් ඒ ප්‍රශ්නෙ ඒ විදියටම තියෙන බව මට තේරුනා. ඉතිං දෙන්නම වෙලාකට "ඔයා, මෙයා" ආයේ ටික වෙලාවක් යද්දි සුපුරුදු විදියටම "මචං".
එදා රෙස්‍ටුරන්ට් එකේ අපි ඇරෙන්න බල්ලෙක්වත් නෑ. වේටර් කාරයො තුන්දෙනෙක් අපේ පිටිපස්සෙ ටේබ්ල් එකේ වාඩි වෙලා ඉන්නව. උන්ට අපි කියන දේවල් හොඳට ඇහෙනව. ඇහුනත් ඉතිං ගානකුත් නෑ, මොකද අපි රටේ ලෝකෙ ඕපදූප මිසක් කිසිම වැදගත් දෙයක් කතා කරෙත් නැහැනෙ. කෑමත් ටික වෙලාකින් ආව, බල්ලෙක්ටවත් කන්න බැරි විදියට හදල තියෙන්නෙ. ලැජ්ජාවටම මම හොඳට බෙදාගෙන කෑව. කෙල්ල නම් බත් කටක් විතර කාල බඩගිනි නෑ කියල කන්නෙ නැතුව හිටිය. එතකොට නම් ඇත්තටම පොලව පලාගෙන යන්න හිතුන. මොකද මෙතෙන්ට එද්දි මම වීරය වගේ "මෙතන කෑම පට්ට" කියල කිය කිය ආවෙත්.
කාල ඉවර වෙද්දි වේටර් මල්ලි කියනව "සර් දැන් තමා සිස්ලිං බීන් කර්ඩ් එක රෙඩි උනේ" කියල. එතකොටයි මතක් උනේ උන් ඒක ගෙනෙල්ල තිබුනෙ නෑ කියල. කොහොම හරි බිලත් ගෙවල කෙල්ලවත් ඩ්‍රොප් කරල ගෙදර ආවෙ ජීවිතේට මේ වගේ කුජීත ෆස්ට් ඩේට් එකකට නම් ගිහින් නෑ කියල හිතාගෙන.
හොඳ වෙලාවට මොනා උනත් මගේ කුජීත උනා කියල හිතපු ෆස්ට් ඩේට් එක ඒ ගෑනු ලමයටත් කිසිම අවුලක් වෙලා නෑ. නැත්නම් ඉතිං මෙහෙම යසට පවුල් කන්නද? ;-)
යාලුවා : මචං කොහොමද ඩේට් එක
මම : මෙලෝ රහක් නෑ බං, කෙල්ලට මාව නෝන්ඩි වෙච්ච එක විතරයි උනේ
යාලුවා : කියපං මොකෝ උනේ?
ඔන්න ඉතිං මම ඌට මුල ඉඳන් සිද්ධිය පැහැදිලි කරා.
යාලුවා : ඕක හොඳයි බං, මම ඔයිට වඩා චාටර් උනා ෆස්ට් ඩේට් එකකදි?
මම : කියපං මොකක්ද උනේ?
යාලුවා : මම කෙල්ල එක්ක කොෆි බීන් ගියා බං. ටේබල් ඔක්කොම පිරිලා. යන්තම් එක ටේබල් එකක් සෙට් කර ගත්තා. ඕඩරේ දාල ඉවර උනාට පස්සෙ වේටර් මගේ ලඟට ඇවිත් කනට කරල කිවුව එකට මට තරු පෙනුනා
මම : ඇයි බං මොකද උනේ?
යාලුවා : නෑ බං, මගේ කලිසම පිටිපස්සෙන් හොඳටම පහත්වෙලා. අපේ පිටිපස්සෙ ටේබල් එකේ හිටිය ෆොරින් කෙල්ලො සෙට් එක කුප්ප කමට වේටර්ට ඒක කියල. ඌ ඇවිත් මට කිවුවා "සර් කලිසම පොඩ්ඩක් උස්සගන්න" කියල
මම : ඉතිං උඹ මොකද කරේ?
යාලුවා : මොනා කරන්න්නද බං, අර කෙල්ලො හිනාවෙන අස්සෙ මම නැගිටලා කලිසම උස්සගත්තා
පස්සෙන් පාත් වෙන්නේ ඉස්සරහින් ඉස්සුණාම නේද?
ReplyDelete:D :D
Deleteහික් හික්...මරු කතාව :D
Delete:D2
Deleteපන්තියේ මැදහරියක පේලියේ අයිනෙම ඉදගෙන යසට අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්න කොට කෙල්ලෝ ටික සර්ට චිට් යවලා කළු පාට ෂර්ට් ඇදන් ඉන්න බොයිගේ පස්ස පේනවා කලිසම උස්සගන්න කියන්න කියලා සර් මට ලගට ඇවිල්ලා කියලා ගියා ෂෝක් නේ
ReplyDeleteඒ කියන්නේ ... ඒ කෙල්ල ම නේ බැඳගෙන තියෙන්නේ ...
ReplyDeleteපළවෙනි කෙල්ලවම බැන්ද එක නම් ලොකු දෙයක් ...
ඒ කියන්නේ ... ඒ කෙල්ල ම නේ බැඳගෙන තියෙන්නේ ...
ReplyDeleteපළවෙනි කෙල්ලවම බැන්ද එක නම් ලොකු දෙයක් ...
කෑම කොහොම උනාට මොකද වැඩේ ගොඩනේ!
ReplyDeleteහපොයි එච්චර සීන් එකක් නැහැ බං වෙන එකාල පලු දෙක එලියේ දාගෙන යන්නේ
ReplyDeleteදැන් ඉතිං බය නැතිව අතීත කතන්දර ලියනවා වගේ.. එල එල..
ජය !
Ur friend's date is awesome! :-P
ReplyDeleteUr friend's date is awesome! :-P
ReplyDeleteUr friend's date is awesome! :-P
ReplyDeleteමෙච්චර කලක් ඕව්ව හංගන් ඉදල එලියට දාන්නෙ දැන්නේ..?
ReplyDeleteෆස්‍ඩ් ඩේට් එක කෙලවෙන හැටිද කොහෙද. ඔහොම වෙච්ච එවුන් ඕන තරම් මටත් හම්බ වෙලා තියෙනව.
ReplyDeleteමටත් මෙහෙම කතාවක් උනා...කෑම චාටර් වෙච්ච එක ඇරෙන්න අනික්වා නම් එමමයි............
ReplyDeleteඑක පාරක් මටත් වුනා... අපෝ මතක් කරන්න එපා... ඔය වගේ සීන් නම්... ආයෙ මූන දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා...
ReplyDeleteදැන් තමයි එක එක ඒවා එලියට එන්නේ ට්ක ටික :P
ReplyDeleteවෛද්‍යවරියක් එක්කද බන් යාළුවා ගියේ.....
ReplyDeleteෆස්ට් ඩේට් එක කොච්චර හොදට ගියත් ඊළග දවසේ කෙල්ල හම්බුවෙනකන් හිතේ දෙගිඬියාවනේ හැමදෙයක්ම හරියට ගියාද නැද්ද කියලා..
ReplyDeleteආ.. හා... ඔය එළිවෙන්නේ... හික් හික් :)
ReplyDeleteපජාතම සීන් කෝන් එකක් රංග අයියා... මට උනා ඔයිට වඩා ආතල් කේස් එකක්.. මරු කතාව.
ReplyDeleteඈ බං අපිටත් නොකියා උඹ බැන්දද? ඒකත් ජයසිරි මංගලම් එහෙනම්....!
ReplyDeleteකෝපි බොන්නේ නැතුව සයිබර් කඩේකින් ප්ලේන්ටීයක් බොන්න ගියා නං ඉවරයිනේ යාළුවේ!
ReplyDeleteදැන් කියමුකො බලන්න මං එදා දැක්ක දෙන්නාගෙන් කවුද කියලා.දැන් අවුලක් නෑ නෙ...;))
ReplyDeleteහික් !!!
Deleteහික්ස්... ඕවත් මොනාද බං මට වෙච්ච වැඩේ හැටියට....
ReplyDeleteකෙල්ලත් එක්ක ඉස් ඉස්සෙල්ලාම එක සීට් එකේ චැටක් දාන්ට සෙට් වෙච්ච පළවෙනි දවසැ මට ඉවසන්නට බැරි චූ බරක් අවා නෙවැ. හුහ්.. විනාඩි 05ක් කථා කරන්න වුන් නෑ.. දනි පනි ගාලා බැස්ස ලොකු බොරුවක් ගොතලා බස් එකෙන්.. එදායින් මෙදා මං නෙමේ උදේ පාන්දර වැඩිපුර වතුර හෙම බිවේ...
එළ...
plumber's crack කියන්නේ ඔය කලිසම පිටිපස්සෙන් පාත්වෙන එකට නේද?
ReplyDeleteමට ප්‍රස්ට් ඩෙට් එකෙදි බං උනේ යාලුවො ටික මාව කන්න වගේ බලාන උන්නා.. සැක් :(
ReplyDelete