Friday, May 11, 2012

නෝ ස්මෝක් එක වැඩ කරන්නෙ නෑ

මේක කෝල් සෙන්ටර් එකක් වෙච්ච ඇත්තම සිද්ධියක්. දවසක් කෝල් සෙන්ටර් එකේ ඉන්න ටෙක් සපෝර්ට් බුවෙක්ට කෝල් එකක් ආවලු.

ටෙක් බුවා : මොකක්ද ප්‍රශ්නය?
කෝලර් : මගේ කම්පියුටර් එකේ පවර් සප්ලයි යුනිට් එකෙන් දුමක් එනවා
ටෙක් බුවා : එහෙනම් පව්ර් සප්ලයි යුනිට් එක අලුතින් දාන්න වෙයි
කෝලර් : නෑ, මගේ ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යන්න ඕනෙ
ටෙක් බුවා : සර් මේක පවර් සප්ලයි එකේ අවුලක්. ඒක මාරු කරාම මේ ප්‍රශ්නෙ නැති වෙනවා
කෝලර් : තමුසෙ මට බොරු කියන්න එන්න එපා. මට මගේ යාලුවෙක් කිවුවා ස්ටාර්ට් අප් ෆයිල් මාරු කරාම මේක හරි යනව කියල. මට ඒ වැඩේ කරන්න ඕනෙ කරන කමාන්ඩ් එක කියනවද?

විනාඩි 10 විතර ටෙක් බුවා අපේ කෝලර්ට  මේක පැහැදිලි කරත් කෝලර් ඒව පිලිගන්නෙම නැතිලු. අන්තිමට...

ටෙක් බුවා : මේ වැඩේ කරන්න කමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඒක කොහේවත් ඩොකියුමන්ට් කරලා නෑ. අපි සාමාන්යෙන් කාටවත් කියල දෙන්නෙත් නෑ
කෝලර්: ඒකනේ, මම දැනගෙන හිටියා
ටෙක් බුවා : ඩොස් වලට ගිහින් NOSMOKE.EXE කියල ටයිප් කරන්න
කෝලර් : මම ඒක කරා, ඒත් හරි ගියේ නැහැනෙ
ටෙක් බුවා : මොකක්ද ඔයාගෙ ඩොස් වර්ශන් එක
කෝලර් : MS-DOS 6.3
ටෙක් බුවා : ආ ඒක තමා අවුල. ඔය ඩොස් වර්ශන් එක NOSMOKE.EXE එක සපෝර්ට් කරන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකට කතා කරල බලන්න. එයාල පැච් ෆයිල් එකක් දෙයි.

පැයකට විතර පස්සෙ ආයෙ අර බුවා කෝල් කරනවලු

කෝලර් : මට අලුත් පවර් සප්ලයි එකක් දෙනවද?
ටෙක් බුවා : මොකද සර් එක පාරටම අලුත් පවර් සප්ලයි එකක් දාන්න හිතුවේ
කෝලර් : නෑ මම මයික්‍රොසොෆ්ට් එකට කතා කරල මගේ ප්‍රශ්නෙ ගැන කිවුවම උන් මගේ පවර් සප්ලයි එකේ බ්‍රෑන්ඩ් එක ගැන විස්තර ඇහුවා
ටෙක් බුවා : ඉතින් උන් මොකද කිවුවේ?
කෝලර් : උන් කිවුවා මගේ පවර් සප්ලයි යුනිට් එක NOSMOKE.EXE එකත් එක්ක කම්පැටිබල් නැති නිසා පවර් සප්ලයි එක මාරු කරන්න කියලා.

27 comments:

  1. මුන් වගේ උට කම්පියුටර් අරන් දීපු උන්ට ගහන්න ඕනෙ... :D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මයික්‍රොසොෆ්ට් එකටද බං.. :)

      Delete
  2. ඔය කියාපු සෑර් අන්දමන් දූපත් වල කෙනෙක්ද යාලු.? ජය..!

    ReplyDelete
  3. තැනේ හැටියට ඇනේ! මයික්‍රොසොෆ්ට් කාරයා ඔතෙන්ට ගියේ ඔය ඇනේ හරියට ගහපු හන්දා වෙන්ඩැ.... ඇපල් මාමා මොන සෙල්ලම් දැම්මත් බිසිනස් අතින් එක උනේ නැත්තෙ ඒක වෙන්ඩැ

    ReplyDelete
  4. මෝඩ යක්කු :පි

    ReplyDelete
  5. ආන්න මොලේ පාවිච්චි කරපු එකෙක් ගොඩ ගියහැටි...

    ReplyDelete
  6. දැන් ඔය පවර් සප්ලයි යුනිට් එක තියෙන්නෙ කොම්පියුටරේ කොතනද ?

    ReplyDelete
    Replies
    1. ස්ටාර්ට් මෙනු එකේ.. උඩින්ම ඇති..

      Delete
    2. 'ස්ටාර්ට් මෙනු ' මළ මගුළයි ඒක කොහෙද තියෙන්නෙ ?

      Delete
  7. ඔන්න ඔහොම ලු උනේ.. හෙක් හෙක්!!

    ReplyDelete
  8. ඔය NOSMOKE.EXE එක වැඩ කරන්නෙ කොයි වගේ පවර සප්ලයි වලටද දන්නෑ.

    ReplyDelete
  9. එළ... අද නම් බයක් නැතිව හයියෙන්ම හිනා වුනා... ඔෆිස් එකේ මේ වෙලාවේ බල්ලෙක්වත් නෑ ... (හී)

    ReplyDelete
  10. අඩේ පිස්සුනේ බලන් ගියාම ඔක්කොමටම

    ReplyDelete
  11. මරු කතාව . ඔය වගෙ දෙවල් මම නම් අත් දැකලා තියනවා. මම කාලයක් customer support කලා. ඒකයි මගෙ බ්ලොගෙ මෙ දවස්වල draft කරපු කතාවකුත් තියනවා ඔය වගෙ. ඒක ලබන සතියෙ විතර දාන්න ඉන්නෙ.

    ReplyDelete
  12. සිරා කතාව...

    ReplyDelete
  13. හෙක් හෙක් හෙක්, රංගයා අපිට කම්පැටිබිලිටි කතන්දර කියකිය ඉඳලා මේ ලඟදි ෆුල් කම්පැටිබල් වර්ශන් එකක් හොයාගෙන කියලා අබේපාල මාමා කියලා තිබ්බෙ. දුම් දාන්නෙ හෙම නැතුව ඇතිනේ?
    henryblogwalker the Dude

    ReplyDelete
  14. හික් හික් හික්... ඒ කියන්නේ කෝලර් ගාව තිබිලා තියෙන්නේ වින්ඩෝස් ඔරිමජිනල් කොපියක්...! නැත්තං බය නැතුව මයි​ක්‍රො සොෆ්ට් කතා කරාවිය...

    ReplyDelete
  15. කොම්පියුටර් ඛන්නෝ :D

    ReplyDelete
  16. අඩෝ මමත් අලුත් වර්සන් එකට මාරු වෙන්න ඕන

    ReplyDelete
  17. පස්ට.. උගෙ මොලේට හරියන්න උත්තර දිල

    ජය !

    ReplyDelete
  18. මටත් මේ ළගදි ලැප් එකක් හදලා දෙන්න උණා... වෙන මොකුත් නෙවි ස්කයිප් එකයි ෆේස්බුක් එකයි ඉන්සටෝල් කරන්න තිබ්බෙ

    ReplyDelete
  19. තැනට සුදුසු නුවණ කියන්නේ ඕන්න ඕකට වෙන්ටැ

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.