Sunday, May 13, 2012

එහෙනම් උඹත් ගියා

මට මතක විදියට ගිය අවුරුද්දෙ මුල් හරියෙ දවසක මම දාල තිබුන පෝස්ට් එකකට බුවෙක් ආතල් කමෙන්ට් එකක් දාල තිබුනා. කමෙන්ට් එක දාපු ස්ටයිල් එකෙන් නම් "මූත් එළ කොල්ලෙක්" කියන එක තමා මුලින්ම හිතට ආවෙ. ප්‍රොෆයිල් එකට ගියාම අංකල් කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුනත් මට හිතුනෙ ඒක කොමියට දැම්ම පික් එකක් කියලා.

ඔය කියන බුවා හුඟක් වෙලාවට මගේ බ්ලොග් එකේ සහ මම බලන බ්ලොග් වල ආතල් කමෙන්ට් දැම්මා. ඔය අස්සෙ ඔය කියන ෆොටෝ එක තියෙන පොරක් මාව මූණුපොතේ ඇඩ් කරා. එතකොට තමා දන්නෙ මම මේ එළ කොල්ලෙක් කියල හිතපු බුවා ඇත්තටම ගත්තම එළ අංකල් කෙනෙක් කියල.

මේ එළ අංකල් ලාස්ට් රෝ එකේ බුවෙක් නිසා ඕනයා එක්කත්, බිස්නස් වැඩ නිසා අභීත එක්කත්, ගමේ වෙච්චි නිසා මාරයා එක්කත් සෑහෙන බුදු ‍ෆිට් එකක් තිබුනා. මේ තියෙන්නෙ දවසක් මම මාරයා එක්ක වෙච්ච කතා බහක්

මම : මචං, ඔබා කියන්නෙ අර ෆොටෝ එකේ ඉන්න බුවාමද බං?
මාරයා : ඔව් ඔව් මාත් එක්ක කතා බහ කරනවා
මම : ඇයි බං පොර බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙ. කමෙන්ට් විදියට බුවා දාන කතා පට්ටනෙ
මාරයා : මම කිවුව බං ලියන්න කියල, ඒත් බුවා කැමති නෑ. උඹත් කියල බලහං

කොහොමින් කොහොම හරි 2011 සයිබර් ෆෙස්ටිවල් දවසත් ආව. එදා ගේට් එකේ රාජකාරි කරන අතරේ අභියගෙ ගෝලයෙක් වෙච්ච මාලක එක්ක මම පොඩ්ඩක් සයිඩ් එකට ගිහින් හිටියා දුමක් දාන්න. ඔන්න ටිකක් වයසක බුවෙක් එනවා අපි ඉන්න පැත්තට.

බුවා : ආ මාලක, දැන්ම වැඩ පටන් අරන් වගේ.
මාලක : ආ මම මේ ඔයා එනකම් තමා බල බල හිටියෙ
බුවා : කෝ ලයිටර් එක දීපං
මාලක : මචං, මේ උඹලගෙ බ්ලොග් ලියන බුවෙක්. මේ තමා ඔබා මාමා

ඔන්න ඔහොම තමා මම ජීවිතේ පලවෙනි සැරේට ඔබා මාමව අඳුර ගත්තෙ. ඔබා මාම එක්ක එදාම මමත් පිස්සත් ඇතුලු කීප දෙනෙක් කාර් එකක ඩිකියෙ හංගගෙන ඔබා මාම ගෙනාපු චිවාස් බෝතල් වලින් අනුමත උන එක ඇනොනිමසාගෙ පෝස්ට් එකක යනතරම් කතන්දරයක් උනා මට මතකයි. අපි හැමෝම ආදරේට "අංකල්", "මාමා", "මචං" කියන ආමන්තරන වලින් ඇමතීම කවදාවත්ම ඔබා ප්‍රශ්නයක් කර ගත්තෙ නෑ.

එදයින් පස්සෙ මට ඔබා මාමව හම්බ වෙන්නෙ 2012 සයිබර් ෆෙස්ටිවල් එකේ. ඒත් ඔබා මාම සිගරට් එකක් පත්තු කරන්න ලයිටර් එකක් හොය හොය යද්දි

ඔබා : උඹ බැන්ද කියන්නෙ ඇත්තද බං?
මම : ඔව් ඔව් මම වයිෆ් එක්ක ආවෙ
ඔබා : කෝ යකෝ ඉන්ට්‍රොඩියුස් කරල දීපං
මම : ඒක නෙමේ, කෝ මාමෙ ගෙනාපු පෙට්ටි අරක්කු
ඔබා : උඹල දන්නවනෙ බං, ලංකාවට ඇවිත් සතියෙන් ඒව ඉවරයි. ලබන පාර මොනා හරි කරමු

ඔහොම පටන් ගත්ත ඒ සුන්දර දවස ඔබා මාම ඇතුලු සුන්දර බ්ලොග් කරුවන් මැද්දෙ ඉතාම සුහදව ගෙවුනා. හුඟ දෙනෙක් ඔබා මාමව දන්න නිසා මම ආයෙ ඒ මනුස්සයා ගැන අ‍ටුවා ටීක ලියන්න යන්නෙ නෑ. ඔබා මාම දෙවියෙක්වත්, එහෙම නැත්නම් ජාතික වීරයෙක්වත් නෙමේ.

ඔබා කියන්නෙ ජීවිතේ හොඳට ගෙවපු, කාටවත් කරදරයක් නැතිව ජීවත් වුනු, තමන් වටේ ඉන්න හැමෝම එක්ක සුහදව ආශ්‍රය කරපු, කිසිම වලියකට නැති "එළ කොල්ලෙක්". දැන් ඔබා මාම අන්තිමට කමෙන්ට් කරේ කාගෙ බ්ලොග් එකේද? ඔබා මාම නැති උන එක ඉස්සෙල්ලම බුකියෙ දැම්මෙ කවුද? ඔබා මාම ගැන ලස්සනම පෝස්ටරේ ගැහුවෙ කවුද? කියන එක හොයන්න නෙමේ තියෙන්නෙ.

අපි හැමෝම කවද හරි මැරෙන මිනිස්සු. ඒ මනුස්සයා කිසිම දුකක් නොවිඳ අවසන් ගමන් ගියා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් උනත් මේක ලෝක ස්වබාවය. ඒක නිසා අර මම උඩ කිවුව වගේ ගොංකම් නොකර ඒ අපේ හිතවතා වෙනුවෙන් තමන්ගෙ ආගම සිහිපත් කරගෙන හරි එහෙමත් නැත්නම් ඊට වඩා මොකක් හරි පිංකමකට දායකවෙන එක හරි තමා මේ වෙලාවෙ අපෙන් වෙන්න ඕනෙ යුතුකම.

35 comments:

  1. ඔබා මාමට නිවන් සුව ප්‍රාර්ථනා කරනව...!!!

    \\දැන් ඔබා මාම අන්තිමට කමෙන්ට් කරේ කාගෙ බ්ලොග් එකේද? ඔබා මාම නැති උන එක ඉස්සෙල්ලම බුකියෙ දැම්මෙ කවුද? ඔබා මාම ගැන ලස්සනම පෝස්ටරේ ගැහුවෙ කවුද? කියන එක හොයන්න නෙමේ තියෙන්නෙ.\\
    මේ කෑල්ලට පට්ට ලයික්

    ReplyDelete
  2. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  3. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  4. අසේලයා උඹේ කතාව සහතික ඇත්ත මචං...

    ReplyDelete
  5. දැකල නැතත් අඳුනන්නේ නැතත් ඔබා මාමා ට නිවන් සුවම ලැබෙන්න ඕන. මෙහෙම මිනිස්සු හම්බ වෙන්නේ කලාතුරකින්.

    ReplyDelete
  6. ඔබා අයියා ඔහුට ලැබී තිබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා...
    ජීවත්වීම සදහා යුහුසුළු වෙමු.

    පරිපූර්ණ ජීවිතයක් ගෙවා ඉක්මනින් නික්මගිය සොඳුරු මිතුරාණනි, ඔබට සුබ සැන්දෑවක්....

    ReplyDelete
  7. රූපය දිරයි නාමය නොදිරයි.....
    ඔබා සදාතනිකව අප හදවත් තුල ‍රැදෙනු ඇත..

    ReplyDelete
  8. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  9. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  10. ඒම දුකකි, යාම දුකකි
    ඒම, යාම අතර දුකකි

    ReplyDelete
  11. උබලා හැමෝම කියන නිසාම පිලිගන්නවා මිස මට මේක අදහන්න අමාරුයි මචන්ලා. මොකද මට මතක විදිහට මම ඊයෙත් පොඩිමෑන්ගේ පෝස්‍ටුවේ ඔබාමාමගේ කමෙන්ට් එකක් කියෙව්වා.ඒත් උබලා කවුරුවත් දෙකයි පනහේ විහිලු කරන එවුන් නෙමේය කියන විශ්වාසය මගේ හිතේ තියනවා.අපි අදහන ආගමට අනුව නිවන් සුව පතනවා හැරුනම අපට කරන්න පුලුවන් දෙයක් හැගෙන්නෑ.සහෘදයාණෙනි ඔබට නිවන්සුව අත්වේවා..!

    ReplyDelete
  12. 2012 සයිබර් ෆෙස්ටිවල් එකේදි හම්බ වෙල හිනා උනාට අපිට වැඩි යමක් කතා කරගන්න බැරි උනා.

    හැමදෙනාටම එකම නිර්ව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරපු ඔබා මමාට නිවන්සුව ලැබේවා... !

    ReplyDelete
  13. ඇත්ත.... ලකුණු දා ගැනීම් වල කෙලවරක් නෑ වගේ....

    ReplyDelete
  14. එක අකුරක් නෑර ඇත්ත බං...

    ReplyDelete
  15. අනුමත කරමි එක සිතින්ම. ඔහුට නිවනම මිස වෙන කිසිවක් පතන්නට මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. එසේම වේවා!!

    ReplyDelete
  16. සනත් විජේවර්ධන මහත්මයාණනී, ඔබට නිවන් සුව...!

    ReplyDelete
  17. මම හිතා හිටිය විදියටම ඔබා අයිය වෙනුවෙන් ලියපු මගේ පෝස්ට් එක මන් නම් අයින් කලා..ඇති වෙනවා , පවතිනවා, නැතිවෙනවා...එ එක්කම තමයි මන් දැක්කෙ රංගගේ මේ පෝස්ට් එක..සහ අපේ අනිත් සහෘදයන්ගෙ කමෙන්ට් ටික..මේ ටික මුලින් දැක්ක නම් හොඳයි කියලයි දැන් හිතෙන්නෙ...

    ReplyDelete
  18. දැක්ක ලස්සන පෝස්ට් එකක්.
    නොදුටු ඒ සොඳුරු මිනිසාට නිවන් සුව...

    ReplyDelete
  19. ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා......

    ReplyDelete
  20. ඊයෙ උදේ මේ සිද්ධිය දැනගත්තත් තව වෙනකල් විස්වාස කරන්න අමාරුයි.

    ReplyDelete
  21. ඔබා මාමාට නිවන් සුව ලැබේවා....!!!!

    ReplyDelete
  22. ඔබා මාමාට නිවන් සුව....

    ReplyDelete
  23. සිරාවටම ඇත්ත රංග අයියේ..

    ReplyDelete
  24. ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  25. ඔබා මාමා නැති උන නිසා ඇතිවුන කණගා‍ටුවෙන් මේ පෝස්ට් එක ලිවුව මිසක් කාටවත් අපහාසයක් කරන්න නම් නෙමේ මේක ලිවුවේ.

    ReplyDelete
  26. අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

    සසර ගමන කෙලවර නිවනම වේවා!

    ReplyDelete
  27. ඇත්ත කතාව මචං..

    සමාවෙයන් මම මගෙ දුකට ලිව්වා..

    ඒ අතර රාජ් කිව්ව ඔබා මමා වෙනුවෙන් මෙනව හරි පිංකමක් කරමු කියල. ඒ වැඩේ බලාපොරොත්තුවෙන් ඉන්නේ..

    ReplyDelete
  28. මමත් හිතේ කැකෑරුන වේදනාව යන්න ඊයෙම දැම්මා පෝස්ටුවක්..

    ආදරණීය ඔබා මාමේ..නිවන් සුව ලැබේවා ඔබට..!!

    ReplyDelete
  29. සැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
    රාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
    අලුත් දවසක් උදාවේවි.....
    එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................

    ReplyDelete
  30. සුභ ගමන් ඔබා!

    ReplyDelete
  31. ඔබා මාමා නැති උනා කියල දැන ගත්තේ අද. මොකද මමත් කාර් එක ඇක්සිඩන්ට් වෙලා දවස් 22 රාගම ඉස්පිරිතාලේ ඉඳල ඊයේ තමයි ගෙදර ආවේ. නිලා, ජිනේෂ් දන්නවා විස්තරේ. ජින්නයි එයාගේ නෝනා තමයි ඇක්සිඩන්ට් උන ගමන් මට උදව් කරේ.

    දැන් ඉතින් walker එකක පිහිටෙන් තමයි මාස දෙකක් විතර ඇවිදින්න වෙන්නේ. ජීවිතේ හැටි ඔහොම තමයි.

    ඔබා මාමා ට නිවන් සුව පතමි.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.