මම උඹත් එක්ක ඉස්සෙල්ලම කතා කරපු දවස මට හරියටම මතක නෑ. ඒත් ජීටෝක් එකේ මම උඹත් එක්ක කතා කරේ මොකක් හරි බ්ලොග් පෝස්ට් එකක් ගැන. ඊට පස්සෙ උනත් කතා කරොත් කතා කරේ මොකක් හරි වැදගත් දෙයක් ගැන විතරමයි. ඔහොම මාස ගානක් ගිහින් උඹත් ඇතුලුව අපේ උන් සෙට් එකක් හම්බ වෙන්න දවසක් දාගෙන හිටියා. ඒ ලිස්ට් එකේ මගේ නමත් තිබුනා. ඊට පස්සෙ උන කතා බහ තමා මේ.
උඹ : අඩෝ උඹ 7 එනවද?
මම : ශුවර් නෑ බං බලමු
උඹ : පිස්සු කෙලින්න එපා, වරෙං
මම : මම ආවත් වෙනසක් නෑ බං, හොඳට බීල අයිනක් අල්ලගෙන ඉන්නව
උඹ : උඹ බිවුවට කමක් නෑ, අන්තිම වෙලාව වෙනකම් ගානට බීපං. නැත්නම් මට කතා කරන්නවත් එකෙක් නැතිවෙයි
මම : බලමු. ඒක නෙමේ, උඹ දැන් එන්න පාර දන්නවද?
උඹ : හරියටම දන්නෙ නෑ බං
මම : හරි එහෙනම් එදාට එන එකෙක්ට කෝල් එකක් දීපං
කතාව ඔතනින් නතර කරල මට යන්න උනේ එදා හදිසි මීටිමක් නිසා. මම මීටිමට ගිහින් එද්දි මගේ ජීටෝක් එකේ උඹෙන් මැසේජ් ගොඩක්.
උඹ : අඩෝ එහෙනම් උඹගෙ නොම්මරේ දීපං
උඹ : යකෝ කෙල්ලක් නොම්මරේ ඉල්ලුවම දෙන්නෙ නැති එකා මොකාද?
උඹ : මොකක්ද යකෝ තොගේ ඔච්වර ආඩම්බරේ?
උඹ : හරි මට තොගේ නොම්මරේ එපා
මම : අනේ සොරි මචං, මම මීටිමක හිටියෙ. මෙන්න නොම්මරේ XXX-XXXXXX
එදා හවස මට වට්ස් ඇප් එකේ මැසේජ් එකක් එනව
"අඩෝ තෝ මේ මගුලෙත් ඉන්නවද?"
නොදන්න නොම්මරයක් නිසා මම සද්ද නැතුව හිටියා. ආයෙත් මැසේජ් එකක්
"බය වෙන්න එපා යකෝ, මම මේ සමනලුන්ට වෙඩි තියන එකී"
ඔහොම පටන් ගත්ත වට්ස් ඇප් චැට් එකෙන් උඹ මගේ හිතට තදට අල්ලලා ගියා.
වට්ස් ඇප් එකේ උඹත් එක්ක හෝ ගාල කතා කරද්දි බෝඩිමේ එකෙක්
බුවා : අඩෝ කවුරු එක්කද තෝ ඔය මල් කඩන්නෙ
මම : මල් නෙමේ බං, මේ යාලුවෙක්
බුවා : අනේ පලයන් යන්න තොගේ යාලුවා. බ්ලොග් සෙට් එකේද?
මම : ඔව් බං
බුවා : උඹ දැකල තියෙනවද?
මම : නෑ බං
බුවා : එහෙනම් ශුවර් කොල්ලෙක්
මම : දන්නෙ නෑ යකෝ, ෆිට් එකට කතා කරනව මිසක් ඊට එහා දෙයක් නෑ
ඔහොම වට්ස් ඇප් කතා බහ යන අස්සෙ 6 වෙනිදත් ආව
උඹ : මචං උඹ හෙට එනව නේද?
මම : බලමු ශුවර් නෑ බං
උඹ : මගුලක් කතා කරන්න එපා, උඹ එච්චරට බිසිද?
මම : නෑ බං. අද රෑ බීමක්. හෙට උදේ ඇහැරෙයිද දන්නෙ නෑ
උඹ : බයිල ගහන්නෙ නැතුව වරෙන්
මම : එහෙනම් උඹ උදේ කෝල් එකක් දීල මාව ඇහැරපන්
7 උදේම මගේ ෆෝන් එකට එනව කෝල් එකක්
උඹ : අඩෝ පරයා නැගිටපන්. අද එන්නෙ නැද්ද?
මම : තෑන්ක්ස් මචං, එහෙනම් තව ටිකකින් සෙට් වෙමු
සෙට් වීමෙදි හිතුවටත් වඩා මට උඹව හිතට අල්ලලා ගියා. එතන හිටිය එවුන් මට උඹගෙ යාලුවව සෙට් කරන්න ගියත් මම ඒකට එවෙලෙම අකමැති උනේ ඒ වෙනකොටත් මට උඹ ගැන සෑහෙන පැහැදීමක් ඇති වෙලා තිබුන නිසා. ඒත් උඹ මගෙ ගැන මොනා හිතනවද කියල නම් මට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ.
එදා ගෙදර ගිහිල්ලත් වට්ස් ඇප් එකේ උඹත් එක්ක කතා කරල තමා නිදා ගන්න ගියේ. ඊට පහුවෙනිද මට පට්ටම බිසි දවසක් උන නිසා මට උඹත් එක්ක චැට් කරන්න උනේ නෑ. ඒ අස්සේ හවස ඔෆිස් එකේ එවුන් ෆිල්ම් එකක් බලන්න යන්න දාගෙන. ෆිල්ම් එක ඉවර වෙලා එලියට ආවම බෝඩිමේ බුවා
බුවා : අඩෝ අද කොහෙ හරි යමු
මම : කොහේ යන්නද බං
බුවා : ක්ලබිං යමු බං
මම : මට නම් අද බෑ බං
බුවා : අද මගේ බර්ත් ඩේ එක බං, අදවත් මාත් එක්ක බොන්න වරෙන්
මම : හරි එහෙනම් නාවින්නෙ යමු. මම බියර් බොන්නම්, උඹ ඕනෙ දෙයක් බීපං
කිවුව විදියටම නාවින්නෙ යන අස්සෙ වට්ස් ඇප් එකේ උඹගෙන් මැසේජ් එකක්. එතනින් එහා දිගටම උඹ එක්ක චැට් එකේ තමා මම හිටියෙ. බෝඩිමේ එකත් බෝතලේකට සෙට් උන නිසා ඌට මම චැට් එකේ ඉන්න එක ගානක් උනේ නෑ. ඔය ඔක්කොම අස්සෙ මගේ ෆෝන් එකේ බැටරි බැස්සා. දැන් ඉතිං පුක දීපංකෝ.
ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් නෑ, කෙලින්ම ලැප ගත්තා බාර් එකේ මේසෙ උඩට, ගහගත්තා යූඑස්බී චාජර් එක. ආයෙත් චැට් එකේ. මේ වෙනකොට කතා බහ ටිකක් විතර සෑහෙන්න යාලුකමකට එහා වගේ යන ගතියක් තිබුනා. ඒ අස්සෙ මල හු**යි පාං පෙත්තයි කිවුවලු. ඩයලොග් කාරයා ෆෝන් කනෙක්ශන් එක කපලා.
හොඳ වෙලාවට එතකොටත් 10 ට විතර. එහෙම්ම දිවුවා විජේරාම කාගිල්ස් එකට. බිල ගෙවල එන්න විනාඩි 5ක් වත් ගියේ නැති තරම්. මම පස්සෙ දවසක කියනකම් උඹ දැනගෙන හිටියෙත් නෑ එදා මේ වගේ පට්ට චාටරයක් කාල තමා උඹත් එක්ක කතා කරේ කියල.
මම උඹෙන්වත් උඹ මගෙන්වත් හැමෝම අහන ප්‍රශ්නෙ නො ඇහුවට උඹට මාවත් මට උඹවත් සිරාවටම ප්ලග් වෙන නිසා මම හිතන්නෙ යාලුකම ඊට එහා ගිය සම්බන්දෙකට පෙරලුනේ. දැන් ලව් වගේ ඒත් කියල නෑ. පලවෙනියට එලියට යන්නත් ප්ලෑන් කරගත්තා.
එදා ෆෝන් එකෙන්
උඹ : උඹ පොලු තියෙන්නෙ නැතුව ලන්ච් වලට එනව නේද?
මම : අනිවා එනව. මට පාරෙ වේලෙන්න බෑ වෙලාවට වරෙන්
උඹ : එද්දි උඹ මට මොනාද ගේන්නෙ
මම : මොකක් හරි ලබ්බක් උස්සන් එන්නම්
උඹ : මොකක් හරි ගේන්න එපා බං, මලක් ගෙනෙං
මම : යකෝ හොයා ගන්න පුලුවන් උනොත් ගේන්නම්
උඹ : යකෝ උඹට මලක් හොයා ගන්න බැරිද?
මම : මේ හදිසියේ කොහොම හොයන්නද බං, මම පොඩ්ඩක් හොයල බලන්නම්
උඹ : යකෝ ඔය පැත්තෙ ෆ්ලවර් ශොප් එකක් නැද්ද?
මම : හුටා උඹ ඒව ගැන්ද කිවුවේ
ඊට පස්සෙ ෆස්ට් ඩේට් එකේ වෙච්ච දේවල් නම් ඉතින් රටම දන්නවනෙ. ඊට පස්සෙ මල් කැඩුවා හම්බ උනා. ප්‍රශ්න කෝටියක් මැද ඒ හැම එකකටම මූන දීගෙන හිටියා. උඹත් මමත් මහා ලොකු වෙඩිං ගැන හීන නැති උන් නිසා සද්ද නැතුවම කසාද බැඳල වෙනම පදිංචියට ගියා.
උඹට කෑම වේලක් කන්න තියෙන සල්ලි වලින් පාරෙ වැටිල ඉන්න බල්ලෙක්ට කෑම එකක් අරන් දීල උඹ නොකා ඉන්න ජාතියෙ එකියක්. උඹ කාටවත් නොකිය අනන්ත එහෙම කරපු බවත් මම දන්නවා. මැරෙන්න වැටිල ඉන්න සත්තු කීදෙනෙක් නම් උඹ සාත්තු කරල ගොඩ ගන්න ඇද්ද? ලේන් එකේම ඉන්න බල්ලන්ට බත් උයාගෙන උඹ උන් හොය හොය කෑම බෙද බෙද යනව මට තාම මතකයි. මම උඹ වගේ එහෙම සිරා නැති උනත් මට උඹ ගැන ආඩම්බරයි.
උඹ ප්‍රශ්න දාහක් මැද ජීවත් උනත් උඹ කවදාවත් ඒ ප්‍රශ්න අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ. ඒත් මගේ බ්‍රේක් නැති කට නිසා උඹට දුක හිතුන වාර අනන්තයි. ඒ ගැන නම් මම අනන්තවත් දුක් වෙනව. ඒත් මම කවුද කියල තේරුම් අරගෙන ඉන්න පුලුවන් උඹ වගේ එකියක් ලැබුන එක නම් ඇත්තටම වාසනාවක්. එදත් අදත් හෙටත් ජීවිතේ ගත්ත තීරණ වලින් දෙසැරයක් හිතන්න නැති හොඳම තීරණේ උඹ.
දෙන්නගේ හමුවීම හරි අපූරුයි නේ.. කොහොම උනත් සුහ අනාගතයට ආසිරි පතනවා දෙපලටම..
ReplyDeleteමේක දිග කතාවක්, පුලුවන් දවසක ඉතුරු කොටස් ටිකත් දාන්නම් ;-)
Deleteඅඳුනන්නේ නැති වුනත්, උඹලට බොක්කෙන්ම සුභ පතනවා.
ReplyDeleteමාර ලව් ඉස්ටෝරිය රංග අයියා... ඔය දෙන්නටම මම සුභපතනවා...
ReplyDeleteප.ලි. වැඩිය කමෙන්ට කලේ නැති උනාට මම මේක හැමදාම කියවනවා.. අද නම් කමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙම නෑ.
ඔය තියෙන්නෙ සාරාංශය. :D
Deleteබඩුම තමයි... වීකෙන්ඩ් වල කරටි කැඩෙනකල් මල් පැණි බොන මීමැස්සෙක් වෙච්ච උඹව, ඉස්සෙල්ලාම සමනළයෙක් කරලා ඊට පස්සේ එපැයි වෙඩි තියන්න... වට්සප් මැසේජ් හෙනගොඩක් යන්න ඇති ඒ වැඩේට... :D
ReplyDeleteසමනල්ලු ඉගිල්ලුනා, යුද්ධය දිගහැරුනා :P
Deleteබොලේ මම හිතුවෙ යාළුවෙක් ගැන කියනව කියලා..මේකා වයිෆ් ගැන ලියලා තියෙන්නෙ. කසාද බැන්දට පස්සෙත් අඩෝ කියලද කතා කළේ? කික්ම තමයි...!
ReplyDeleteකුජීත ෆස්ට් ඩේට් එක කියන පෝස්ට් එක බැලුවොත් ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙයි. කම්මැලි නිසා ලින්ක් කරේ නෑ
Deleteවාසනාවන් මෙවන් බිරිඳක් ලැබීම වගේම මෙවන් සැමියෙක් ලැබීම
ReplyDeleteසිරා මචං, උඹ හරි වාසනාවන්තයෙක්... ජයම වේවා....!
ReplyDeleteපිස්සු හැදෙනවා බං උඹලගේ ආදර කතාව අහලා....! මට උඹලා ගැන ගොඩක් සතුටුයි....! තව මාසෙකින් ආවහම සෙට් වෙමු.....!
ReplyDeleteඅනිවා සෙට් වෙමු. ආවම දැනුම් දෙන්න. තාමත් පරන නොම්මරේම තමා
Deleteමෙන්න කොල්ලෝ බැන්දත් පරන නොම්බරේමයි.
Deleteනොම්බරේ සවුත්තු වෙලා නැහැ වගේ...
මචං පල්ලෙහාට ගිහින් කමෙන්ට් කරන්න කම්මැලි මෙතනම දැම්ම ඕං..
කලිනුත් කිව්ව වගේ matching couple එක. දෙන්නටම ඩ්‍රොවින් පොත් දෙකක් ගෙනත් දෙන්නම්..
ජය !
බොක්කෙන්ම සතුටුයි බන් උඹට සිරාවටම හොඳ ගෑණියෙක් ලැබුණට... උඹලා දෙන්නටම ජය!
ReplyDeleteෆට්ට මචන් .... සිරාවටම ඉරිසියය් බන් :)
ReplyDeleteඅනේ වාසනාවන් රංගයෝ.... මටනම් වටින්නේ මෙච්චරයි "එදත් අදත් හෙටත් ජීවිතේ ගත්ත තීරණ වලින් දෙසැරයක් හිතන්න නැති හොඳම තීරණේ උඹ."
ReplyDeleteඋඹලා දෙන්නටම ජයෙන් ජයම වේවා.....!
මම හැමදාම ඔයාලගේ බ්ලොග් කියවන කෙනෙක් ඒත් අදමයි කමෙන්ට් එකක් දාන්නේ..ඔයාලා දෙන්නට මගෙන් සුභ පැතුම් අයියා..
ReplyDelete"උඹ : යකෝ උඹට මලක් හොයා ගන්න බැරිද?
ReplyDeleteමම : මේ හදිසියේ කොහොම හොයන්නද බං, මම පොඩ්ඩක් හොයල බලන්නම්
උඹ : යකෝ ඔය පැත්තෙ ෆ්ලවර් ශොප් එකක් නැද්ද?
මම : හුටා උඹ ඒව ගැන්ද කිවුවේ"
මට මැවිලා පේනවා උඹ අර කලින් හිතාගත්ත ජාතියේ මලක් අරන් කෙල්ල බලන්න යනහැටි.
ඇයි යකෝ උඹ මගේ ගෑනිගෙ බ්ලොගේ බලල තියෙනව නම් ඔහොම හිතන්නෙ නෑ
DeleteJayawewa machan..!
ReplyDeleteඅනේ බන් රන්ගයියේ ඔන්න ඔහේ උඹ හිටියා වගේ මමත් තව ටිකක් ඉවසගෙන ඉන්නවා.. :D
ReplyDeleteදෙන්නටම ලස්සන අනාගතයකට සුබ පැතුම්!
මට මල්ලිව සෙට් වෙච්ච දවස් කීපයෙන් එකක..බීලා ඉන්න වෙලාවක මට මතකයි මන් කිව්වා උඹට නම් හරියන්නෙ හොඳට බොන ගෑණියෙක් තමයි කියලා..ඒක කීවෙ විහිළුවට උනත් ඒක යටින් හැංගිලා තිබ්බ අර්ථය උනේ..උඹ ඔය දැනට බොන විදිය තේරුම් අරන්..එතන ඉඳන් උඹව පවුලක්ය කියන සීමාව ඇතුලට ඇදලා ගන්න පුළුවන් තරමේ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට තමයි උඹව ගැලපෙන්නෙ කියලයි..නැත්නම් ඉතින් කියන්න ඕනි නෑනෙ එන ගැටළු..උඹලා දෙන්නවම හම්බ උනේ පැයකීපයකට වගේම දෙන්න එක්ක කතා කරන්න උනේ නම් විනාඩි කීපයක් උනත්..මට තේරුනු එක දුයක් තිබුනා..ඒ තමයි උඹලා දෙන්න Perfect couple එකක් කියන එකයි. ඒ කියන්නෙ එච්චරයි...
ReplyDeleteබීම නම් නවත්තලා නෑ බං. ඒත් පවුල් උනාම බොන්න තියෙන කාලය සහ බජට් එක නම් අඩු වෙලා :D
Deleteජීවිතේ හරි පුදුමයි!
ReplyDeleteදෙන්නටම ජය!
(බැන්දත් හරි රංගයියත් එක්ක සෙට් උනේ නෑනේ. මං හිතන්නේ දැන් ඉස්සර වගේ බොන්නැතිව ඇති ;) :D )
තෝ අවුරුදු උත්සවේට නාවට අපි මොනා කරන්නද?
Deleteහෑඈඈඈ... රංග එදා හිටියේ සිහියෙන් නේද????
Delete(එක්කෝ එහෙම හිතපු මම අසිහියෙන්ද මන්දා ඉදලා තියෙන්නේ????)
ඈ බොලේ.... අවුරුදු උත්සවේදී මාත් එක්ක කතාත් කරලා. යනකොට යනවා කියලත් ගිය මිනිහා මේ මොකක්ද මේ කියන කතාව! :D :D
Deleteරංග දෙන්නට සුබ යුගදිවියක් මචංලා....
ReplyDeleteඇගේ බ්ලොගයත් අනිත් හැම ගැහැණු උදවිය ලියන බ්ලොග් වගට වඩා වෙනස්. ඇයත් වෙනස්.ඔබත් වෙනස්. වෙනසට වෙනස ගැලපිලා. දෙවාරයක් නොසිතිය යුතු හොද තීරණයක් කියල හිතන එකම හිතෙන එකම කොයි තරම් හොදද....
ReplyDeleteනියමයි........... :)
උනුසුම් සුබ පෑතුම් ඔබ දෙපලටම,ප‍්රෆෙක්ට් කපල් එකක් කියන්නේ ඉතින් ජීවිතේ ඉතුරු ටිකේ ප්‍රශ්න අඩුයි....
ReplyDeleteඔව් බං, ලොකු හීන නෑ, කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ඉන්නවා
Deleteහිත ගිය තැන මාළිගාව කියන්නේ ඕකට තමයි. මුල ඉඳලම දෙන්නා ගැන දෙන්නා දැන ගන්න එකයි වැදගත්. යහපත ජීවිතයක් දෙන්නාටම ලැබේවා!! (ඔබ දෙදෙනාගේ මේ නිර්ව්‍යාජ ගතියට මම නම් හරිම ආසයි.)
ReplyDeleteෆා - කුසා හැරෙන්නට මේ බ්ලොග් ලෝකේ මා දුටු එකම මැචින් කපල් එක උඹලා දෙන්නාය..
ReplyDeleteඇයි බං උඹට අමතක උනාද හීනයයි පැට්ටයි දෙන්නත් පට්ට මැචිංනෙ :D
Deleteමං කල්පනා කළේ මේ love story ය දාන්නෙ මොන කැටගරියටද කියලා....ම්..ම්...ම්...හරි POST MODERN .....දැන් හරි
ReplyDeleteපශ්චාත් නූතන පෙම්වතුන් යුවලට අපෙන් සුබ පැතුම්.....
සම්බන්ධකම් වලට නිර්වචන දෙන්න ගියොත් ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා. බොහොම ඉස්තුතියි අය්යා
Deleteඇඩෙනවා.... මගෙනුත් සුබ පැතුම් උබල දෙන්නටම
ReplyDeleteතනි ඇහැටනම් ගින්නක් නෑ, ඇස් දෙකටම ඇඬෙනවා නම් තමා කේස් එක thanks machan
Deleteඋඹලට බොක්කෙන්ම සුභ පතනවා රංග අයියේ..
ReplyDeleteඅර මලේ කේස් එක තමා යකෝ පට්ට ආතල් එක...
ReplyDeleteකොහොම උනත් කමක් නැහැ උඹ අපිට අවසන් වතාවට ජාතික ගීය ගායනා කරලා සමුගන්න අවස්ථාවක් නොදුන් එකනං බරපතල වරදක්...
සුභ අනාගතයක් රංගයා...!
ඔව් බං සින්දුව නම් කියන්න බැරි උන එක ගැන දුකයි. අඩෝ කෝ මේ බුවා, දුකා? මෙන්න මූ මෙතෙන්ටත් දේශපාලනේ ගෙනෙත් "සුභ අනාගතයක් ලු" හික්ස්
Deleteඋණුසුම් සුභ පැතුම් ෙදන්නටම.......
ReplyDeleteපට්ටයි රංග අයියා... නියම ස්ටෝරිය...
ReplyDeleteමල් කිව්ව ගමන් ජොයින්ට් එකක් නැතුව මොකක් මතක් වෙන්නද නේද බන්...
අනිවා ඩෙෆා. අනික "මගේ ජොඉන්ට් එක" ලියන එකී මල් කිවුවම ආයෙ වෙන මොනාද
Deleteහැමදාම ඇවිත් මුකුත්ම නොකියා ගියාට අද කොහොමද නොකියා යන්නේ.
ReplyDeleteවාසනාවන්ත යුගදිවියකට මගෙන් සුබපැතුම් ...!!!!!
නිතරම comment දැම්මෙ නැතත් මම උඹේ බ්ලොග් එක බලනවා. පට්ට මචං. උඹ උඹට ගැලපෙන ගෑනියෙක් හොයාගෙන. සුබ පැතුම්.
ReplyDeleteඋඹ හරි ලකී.....!!
ReplyDeleteසුබ පෑතුම්......!!!
එළ මචං...........
ReplyDeleteවෙලාක ආයෙ නාවින්නෙ සෙට් වෙමු බං
Deleteසිරාවය අසේලයා,
ReplyDeleteමගේ කෑල්ල උඔගේ කෑල්ල කියන එකේ නියම වටිනාකම එන්නෙ ඔතනදී. අපේ ලයිෆ් එකට හරියට සෙට් වෙන කෑල්ල නියම කාලේ දී හම්බෙව එක වාසනාව. නැත්තං හැමදාම චනීනීස් කෑලි වගේ ලෙඩ දෙන්ඩ බලනවා.
අනාගතයත් උඔ බං බොලං කියාගෙන රිලැක්ස් එකේ ගෙවා දැමීමට හැකිවේවා!
"නැත්තං හැමදාම චනීනීස් කෑලි වගේ ලෙඩ දෙන්ඩ බලනවා" +++
Deleteඔව් මචං, ලව් එක ඇරෙන්න යාලුවො වගේ ජීවත් වෙන්න ගොඩක් ලේසියි
Deleteසිංහයා : බුද්ධිය කියන්නෙ චයිනීස් ස්පෙයා පාර්ට්ස් ගැන මිසක් චයිනීස් ප්‍රොස්ටිටියුට්ල ගැන නෙමේ බං
Deleteහැහ්.... ඒ කතාවත් එහෙමයි..:-D
ReplyDeleteඇයි යකෝ උඹ දැන්ද ඇහැරුනේ
Deleteඅෆ්ෆට සිරි මේ තියෙන්නෙ.... :ඩී....
ReplyDeleteමම හිතන්නේ මම උඹට දැන් සෑහෙන පාරක් ඕකට විස් කොරා... තව නම් විස් කොරන්න බැහැ බන්.. මහන්සි.. :පී
විස් එපා යකෝ "අති විසේස" වගේ නම් කමක් නෑ
Deleteසුබ පැතුම් මගෙනුත් ඔබ දෙපළටම
ReplyDeleteඅන්තිම පේළියේ බට්ටි
හී හී උඹ එල කොල්ලෙක් ලොකු අය්යේ, wife ගේ ෆොටෝ එකකුත් දාපන්කො බලාගන්න.
ReplyDeleteබලමු මචං වෙලාක. මගේ බුකියෙ නම් ඇති
Deleteලේට්! බට් ලේටස්ට් :)
ReplyDeleteඋඹට නලියා වැහිලද බං "බට් බට්" ගාන්නේ?
Deleteලොවෙත් කතාවක් තමා ඒක නම්. ජයවේවා ජයවේවා ජයෙන් ජයම වේවා :D
ReplyDeleteපට්ටය...
ReplyDeleteසුබ පැතුම් උබල දෙන්නටම :-)
රංග අයියා උඹව දැකලා කථා කරලා නැතත් මේ බ්ලොග් එක හරහා සිරාවටම උඹව මට මැවිලා පේනවා.. අනිවා උඹට ගැලපෙනම කෙනා තමා තොරගෙන තියෙන්නේ... සුභ පැතුම් දෙන්නටම (වෙඩ්මේ පොටෝ කෑල්ලක් එහෙම දාන්ට හිතක් නැතැයි)
ReplyDeleteෆොටෝ දාන්න වෙඩිමක් ගත්තෙ නැහැනෙ බං
Deleteපොලවෙ පය ගහල ඉන්න කෙනෙක් ලැබීම හරිම සතුටක් .
ReplyDeleteසුබ පතනවා දෙන්නාටම .
හැමදාම බ්ලොග් එක කියෙව්වට comment එකක් දාන්නෙ පළවෙනි වතාවට, මේ කතා ලියන style එකට මම කැමතී... සුභ පැතුම් දෙන්නටම....
ReplyDeleteහැමදාම බ්ලොග් එක කියෙව්වට comment එකක් දාන්නෙ පළවෙනි වතාවට, මේ කතා ලියන style එකට මම කැමතී... සුභ පැතුම් දෙන්නටම....
ReplyDeleteමගෙනුත් ඔන්න නැවතත් සුබ පැතුම් ... [මීට කලින් අබීතයා මේ කතාව කිව්වනෙ]
ReplyDeleteදැන් බලාගෙන යනකොට බ්ලොග් කෙරුවාවෙනුත් යහපත් දේවල් වෙනවානේ.
දෙන්නටම සුභ ම සුභ මංගලම්!
ReplyDeleteමට මේකේ හොඳම කෑල්ල අර මලේ සිද්ධිය :D :D
ඔයගේ බ්ලොග් එක හෑමදාම බෑලුවත් කමෙන්ට් කෙරන්නේ අද. සුබ පෑතුම්.....!!!!!!!!!!!!!
ReplyDeleteඔයගේ බ්ලොග් එක හෑමදාම බෑලුවත් කමෙන්ට් කෙරන්නේ අද. සුබ පෑතුම්.....!!!!!!!!!!!!!
ReplyDeleteමචං එදා අපි සයිබරෙ උළෙලෙදි සෙට් වෙලා උඹලා දෙන්නව දැක්කා..
ReplyDeleteඑනගමන් අපේ සෙට් එක උඹලා ගැන කතා කර කර ආවෙ.. සිරා මචං..!! ඔය ෆිට් එක ඔය විදියටම තියාගනින්..
අපේ ගැනිත් ඔය විදියටමයි සෙට් උනේ..
වෙනස තියෙන්නෙ ඒකි බොන්නැ..තව වට්ස් ඇප් එක ඒකිගෙ ෆොන් එකට දාන්ඩ බැහැ.. :D
ඉවසලා ඉවසලා හැමොගෙන්ම බැනුම් අහලා.. අන්තිමේ ඔහොම සෙට් වෙන එව්වා තමා බං හරියන්නෙ..!!
ජය වේවා!!!
// අපේ ගැනිත් ඔය විදියටමයි සෙට් උනේ.. //
Deleteමක් කිව්ව බනියා :O :D
ඕ ඕ.. ඒක පොඩි වැරදි මෙව්වා එකක් :D
Delete:)
Deleteවොඩ්කා කිවා වගේ මමත් රංග අයියාගේ බ්ලොග් එක කියෙව්වට කොමෙන්ට් නම් දාලා නෑ. මට එදා ඔය දෙන්නා දැක්ක ගමන්ම කියවුනේ " ෂා මරුම කපල් එක... පර්ෆෙක්ට් " කියලා. සුභ පතනවා දෙන්නට සුභම සුභ අනාගතයකට..........
ReplyDeleteඅඩේ රංගයා උඹ බැන්දද අපිට කියන්නවත් එපා.. කුජීතයි යකෝ...
ReplyDeleteපට්ටයි ඈ... මයි ක්‍රන්ගජුලේසොන් කිවුවලු...
ReplyDeleteදෙන්නටම ජය... :D
අඩේ පට්ට ලව් ස්ටෝරිය.. සිරාවටම ලියලා තියනවා..
ReplyDeleteජය වේවා දෙන්නටම..
ජයසිරි මංගලම් :)
ReplyDeleteඅර මලේ කේස් එක මාර සීන් එක ඒකටනම් පට්ට හිනා.... එදා අවුරුදු උත්සවේදි අයියලව දැක්කත් මම හිතුවේ නෑ මේ රංග අයියා කියලා...පස්සෙයි දැනගත්තේ.හදවතින්ම සුභ පතනවා තමන්ට හරියන්නේ එක විදියට හිතන අය මිසක් කේන්දර ගැලපෙන ඒවා නෙමෙයි මොනා ගැලපුනත් වැඩක් නෑ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැත්තම්.මේ ගැලපීම උපරිමයි..
ReplyDeleteමගෙනුත් උණුසුම්සුබ පැතුම්...
ReplyDeleteදෙන්නාව ම dream festival ඒකෙ දී දැක්කා.. ටිකක් බය හිතුණ නිසා කතා කළේ නෑ..
ReplyDeleteඔන්න එහනම් ජය මංගලම් කිව්වා ඈ!!
මචං,
ReplyDeleteතමන්ගේ සැමියා/බිරිඳ තමන්ගේ හොදම යාළුවා විදිහට පිලිගන්න පුළුවන්නම්..., ආයේ එතනින් එහාට තවත් මොනවාද කසාද ජීවිතේක ලබන්න තියෙන්නේ.
උඹලා දෙන්නාගේ අළුත් ජීවිතේට සුභපතනවා මුළු හදවතින්ම.
හික්ස්.... මුළු කතන්දරේම ලියලා වගේ. .. ලැප් එකේ බණ දාගෙන ගෙදරට පන්සලේ ඉන්නෙ කියලා පෝය දවසේ උඹව බලන්න ආව එකත් එදා ඉදන් අද වෙනකල් කන කටු තාමත් හරිම සුන්දරයි. එළි වෙනකල් තේ බීබී සිගරට් පෙට්ටි ගණන් ඉවර වෙනකල් විකාර කියව කියව ඉන්න,වයින් බීලා පුටුවක් උඩ නින්ද ගියාම ඇහැරගෙන ඔලුව අතගාන, දෙය්යනේ කියලා මම උයන පිගන් පුරවගෙන කාලා පිගන් ටිකත් හෝදන්න උදව් කරන, පණ දාගෙන ට්රාෙන්ස්ලේෂන් වැඩ කරනකොට වචනයක්වත් නොකියා උදව් කරන, මං Blog පෝස්ට් එකක් ලියනකොට උණුවෙන් තේකක් එක්ක සිගරට් එකක් පත්තු කරන් ලගට ගෙනත් දෙන ,හැම ප්රනශ්නෙටම එකතු වෙලා විසදුම් හොයන උඹ වගේ එකෙක් ගැන මම හීන මැව්වේ ගොඩක් කල් ඉදන්. .. අපිට කථා කරන්න එදා වගේම අදත් ගොඩක් දේවල් තියනවා. ....අපි දෙන්නා අතර තියන මේ නිදහසට මම ආසයි. ඒ නිදහස නිසාම දවසින් දවස මම උඹට කරන ආදරේ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ . .... කොහොම වුනත් මහ පාන්දර ඇහැරිලා තේ හදන්න කියලා මාව ඇහැරවනකොට නං මට මළ පනිනවා .. හික්ස්....
ReplyDeleteමූ වටිනා සැමියෙක් නොවැ :ඩී
Deleteමරු රංගයියේ... දෙන්නටම සුභ අනාගතයක්....
ReplyDeleteඅක්කාගේ කමෙන්ට් ඒකෙන් මේ පොස්ට් එක සම්පුර්ණ වෙලා
ReplyDeleteදෙන්නාටම චියර්ස්!!!!!!
සුභ පැතුම් මචන්ලා, සුවෙන් සතුටින් සදාකල් ඉඳපල්ලා..! හදවතින් ම කියන්න තියෙන්නේ එච්චරයි..! :)
ReplyDeleteඅඩේ රංග අයියෙ උබ බැන්ද ද :P
ReplyDeleteමමත් දාගන්න ඕනේ වට්ස් ඇප් එක මේ BB මැසෙන්ජර් එකට කෙල්ලෝ අහුවෙන්නෙ නෑ
හැබැයි ඇත්තටම ඔය වට්ස්ඇප් හදපු කෙනා නම් මේ ආත්මේම නිවන් යනවා. ඕකට වට්ස්ඇප් නෙවෙයි 'මල්ඇප්' කියල දාගත්තත් වරදක් නෑ :D :D
DeleteReally nice love story,
ReplyDeleteBest wishes.........
මේක කියෙව්වම මට හිතුනේ එක දෙයයි... ඒ තමයි "අභීතයා" දවස් ගණින්න දන්නේ නෑ...
ReplyDelete:)
එලම කිරි. හා හා පුරා කියලා දාන පළවෙනි කමෙන්ට් එක .
ReplyDeleteමම නම් ඔය , ඔය වගෙ ඩබලක් දැක්කමය්.
ලමයෙක් එහෙම හම්බුනාට පස්සෙ "පරයා" කියලා නැගිට්ටන්න දෙන්නෙ එපා. හෙහ් හෙහ් හෙහ්.. පස්සෙ පොඩි එවුනුත් ඒකම කියය්.
ඔන්න රෑ පානෙ... සයනය උඩදි වගේ නම් ඒ වගේ දෙයක් ආදරෙන් කීවට කමක් නැහැ.... :P
පට්ට මචන් පට්ට . මගේමුත් උඹට සුබ පැතුම් ලොක්කා.
ReplyDelete" එදත් අදත් හෙටත් ජීවිතේ ගත්ත තීරණ වලින් දෙසැරයක් හිතන්න නැති හොඳම තීරණේ උඹ"
ReplyDeleteඅනේ වාසනාවං..
පරක්කු වෙලා හරි මගේ සුබපැතුමත් පිළිගන්න..
මේ පැත්තට ඇවිත් ගියාට මීට කලින්නම් කමෙන්ට් එකක් දලා නෑ. ඒත් මේකටනම් දාන්නම ඕනෙ කියලා හිතුනා.අර සමනළයන්ට වෙඩි තියන එකීනම් මම අනිවා බලන බ්ලොග් එකක්.මම මුලින් හිතුවෙ ඒ කොල්ලෙක් ලියන්නේ කියලා.පස්සේ පස්සේ තමා බ්ලොග් වල ගිය එක එක කතා බලලා තමා රංගයි රමේෂයි ගැන දැන ගත්තේ.සතුටුයි ඔය දෙන්නා ගැන. සුභ පැතුම් හදවතින්ම.
ReplyDeleteWish you both a happy life ...
ReplyDeleteමම අහපු පට්ටම ලව් ස්ටෝරි එකක් කියන්න පුලුවන් මේක. එදා බෝතලෙන් සමුගත්ත කියපු පෝස්ට් එකෙ පසුබිම් කතාව අපූරුවට මේකෙ ලියවිල තියෙනවා. ලෝකෙට පේන්න බොරුවට කසාද බඳිනවට වඩා තමන්ට හරියටම ගැලපෙන කෙනැ හොයාගෙන පවුල් ජීවිතය පටන් ගන්න එක සිය දහස් ගුනයක් වටිනව මචන්.
ReplyDeleteඅදනෙ මේක දැක්කේ. ජයවේවා රංගයියා..
ReplyDelete"Then they lived happily ever after" ..what a perfect love story..man maatha kaaledi ahapu lassanama aadara kathawa..ogollo dennata hadawathinma subha pathanawa...
ReplyDeleteජය මංගලම්............. උඹේ නිබඳ පාඨකයෙක් වුන මට අයිතියක් තියෙනව ජෝඩුවෙ සමීප ඡායාරුවක් දකින්න........... බුකියට පොටෝ කෑල්ලක් අප්ලේලෝඩ් කරපන්.............
ReplyDeleteජය මංගලම්............. උඹේ නිබඳ පාඨකයෙක් වුන මට අයිතියක් තියෙනව ජෝඩුවෙ සමීප ඡායාරුවක් දකින්න........... බුකියට පොටෝ කෑල්ලක් අප්ලේලෝඩ් කරපන්.............
ReplyDeleteAhabu lesa Blog Ekata awath katawa rasawath wagema creative, mama Suba pathanawa obata!
ReplyDeleteඑහෙනං මෙහෙමයි උනේ ... අගෙයි අගෙයි .. යස අගේට ගැලපෙන යුවලක් .. ජය ශ්‍රී :)
ReplyDeletecongratzzz``
ReplyDeletemaxa niyamai :D congratz
ReplyDeleteමට මතක් උනේ අපේ බැචේ එකෙක් බීල ඉන්න වෙලාවක කෙල්ලෙක්ගෙන් අහල ඒකි කැමති වෙලා මූට බදින්න වෙච්ච සිද්දිය...
ReplyDeleteනියමයි රංගයියේ නියමයි!!
ReplyDeleteසුබ පැතුම් මල් මල් යුග දිවියකට!!
හපුච්ච්යේ මේ ඔක්කොම කියෙව්වට පස්සෙ මටත් තව ඩිංගෙන් මචං කියල ලියවෙනව :D
අදනං කොමෙන්ටුවක් නොදායන්න හිතුනෙ නෑ..
රංග අයියා මම ඔයාගෙ බ්ලොගේ කියවන්න අරන් වැඩි දවසක් නෑ... ඒක සම්පූර්නෙන් කියවන්නෙ නැතුව, අද ඊයෙ බලපු එකෙක් මෙහෙම දෙයක් දැම්මට කේන්ති නම් ගන්න එපා.... සමනලි අක්කා අයියට තකට තක නිසා බොන පාට් එක අවුලක් නැතුව ඇති... හැබැයි ඔයාගෙයි අක්කගෙයි දරුව කැමති වෙයි.. (සමහර විට ) "අපෝ.. මගේ තාත්තා නම් බොන්නෙ නෑ !!" කියල කියන්න....
ReplyDeleteඑක පාරටම හිතට ආපු දෙයක් මෙහෙම දැම්මට කෙන්ති ගන්න නම් එපා හොඳේ....
බ්ලොග් එක ගැන නම් වචන 2ක් නෑ!!! ඉස්තරම්!!!!
ජය සතුට!!!