Friday, May 18, 2012

රුපියල් සීය


අපේ අතිශයින්ම ජනප්‍රිය ඇමතිතුමෙක් පාර්ලිමේන්තුවේ කතාවක් පවත්ත්වනවලු. මේ තියෙන්නෙ ඇමතිතුමා ගෙ කතාව

"එක තාත්ත කෙනෙක් හිටියා. මිනිහට පුත්තු 3 දෙනෙක් ඉන්නවා. මේ තාත්ත  පුතාල තුන් දෙනාට රුපියල් 100 ගානෙ දීල කිවුවා පුතේ පුලුවන් නම් ඔය රුපියල් සීයෙන් මේ කාමරේම පුරවපන් කියල"

"පලවෙනි පුතා රුපියල් සීය අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පිදුරු ප්‍රමානය අරගෙන ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ."

"දෙවනි පුතා තමන්ට ලැබුන රුපියල් 100 අරන් ගිහින් ඒකෙන් ගන්න පුලුවන් උපරිම පුලුන් ප්‍රමාණය අරන් ඇවිත් කාමරේ පිරෙවුවා. ඒත් කාමරේ පිරුනෙ නෑ"

"තුන්වෙනි පුතා කඩේට ගිහින් රුපියලක් දීල ඉටිපන්දමක් අරන් ඇවිත් ඒක කාමරේ මැද පත්තු කරා. එතකොට මුලු කාමරේම ආලෝකයෙන් පිරිල ගියා"

"අපේ ජනාධිපතිතුමාත් අර තුන්වෙනි පුතා වගේ. එතුමා වැඩ භාර ගත්ත දවසෙ ඉඳන් අපේ රට සෞභාග්යයේ ආලෝකයෙන් පිරිලා තියෙන්නේ"

විපක්ශයේ මන්ත්‍රී කෙනෙක් කතාවට බාධා පමුනුවමින් : "එතකොට ඇමතිතුමා අර ඉතුරු රුපියල් අනූනමය?"

ඇමතිතුමා : තොගේ අම්මට &^%$#

22 comments:

  1. මේ කතාව හැමෝම කියනවා ඒත් කෝ වීඩියෝ එක හරි වොයිස් කට් එක හරි?

    ReplyDelete
    Replies
    1. මේක පාර්ලිමේන්තුවේ ඇත්ත සීන් එකක්ද ?

      Delete
  2. 99 සාක්කුවටනේ.. :-)

    ReplyDelete
  3. අනිවා ඒක තමා අහන්න තියන හොදම පුරස්නේ හහ් හා.........

    ReplyDelete
  4. වෙලා තියෙන්නේ අර විපක්ෂයේ මන්ත්‍රී තුමා අහපු ප්‍රශ්නේ අහන්න අද විපක්ෂයක් නෑ. විපක්ෂේ ඇතුලේ ඊට වඩා ප්‍රශ්න!

    ReplyDelete
  5. මේකේ දේශපාලනය අතරලා බැලුවහ කථාවේ ලස්සන දර්ශනයක් තියෙනවා.එය කාමරේ අදුරෙන් හරි හිස් බවින් හරි පුරවන්න සතයක් වත් වියදම් වෙන්නේ නෑ.කාමරේ හිස් කරලා දොර ජනෙල් වැහුවා නම් හරි. ඒත් පොඩ්ක් නැප කරලා ආලෝකයෙන් පිරෙව්වා කියන එක හරි වැදගත්. ඒක තමා වෙන්න ඕත.

    ReplyDelete
    Replies
    1. ආතල් දෙන අස්සෙ සිරා ටෝක් ඉශූ කරද්දි එපා වෙනව. . . . අයියෝ සල්ලි !!!

      Delete
  6. මර්වින් සිල්වා නෙමේ නේද?

    ReplyDelete
  7. අයියෝ සල්ලි.....!

    ReplyDelete
  8. අයියෝ සල්ලි.....!

    ReplyDelete
  9. කතාවේ නම ගියේ මර්වින් සිල්වා කියලා..... නම දැම්මේ නැත්තේ ඇයි උඹ බයද? හූ,,,,,,,,,

    ReplyDelete
  10. අන්තිම ටික නම් පට්ටය... සහතික ඇත්තය....

    ReplyDelete
  11. ඒක ඇත්ත ලංකාවේ ආධ්‍යාත්මික දේවල්වලින් පිරී ඉතිරී ගිහින් තියෙන්නේ. ඒත් ලෞකික දේවල්වලින් නම් නෙමේ........... ඒකනේ ඉන්ධන, ගෑ, පිටි එකි මෙකී නොකී හැමදේම ගණන්

    ReplyDelete
  12. අන්තිමට ඇමති තුමා කතාව පටන් ගත්ත විදිහෙන්ම හිතා ගත්ත කවුද කියලා... :)

    ReplyDelete
  13. ඕක කිව්ව එකා කවුරුත් දන්නව. අනාචාර්ය මැරවින් කැළණියේ පීචන් පොර. ඌ කන්නෙත් ඔය පිදුරුනේ. ඒකයි ඒ ගැනම කතා මතක් වෙන්නෙ. ලංකාවේ මෙහෙම නේ. පිස්සන් කොටුවේ ඉන්න ඕනෙ එවුන් රට පාලනය කරනවා. රට පාලනය කරන්න ඕනෙ එවුන් පිස්සන් කොටුවේ. මෙහෙව් රටක්.
    කියවලා තියනවද සිසිර කුමාර මාණික්කාරච්චිගේ සාගරයක් මැද අමන රටක් ඇත පොත.

    ReplyDelete
  14. ඇත්තම ඇත්ත. ඉටිපන්දම නිවිලා ගියාම. ආයෙත් හිස්! ඉතිරි 99 ත් නෑ.

    ReplyDelete
  15. කතාව උපරිමයි.
    සල්ලි වලට විදින්නත් හැමෝටම බෑ. ඒකටත් ප්‍රායෝගික බුද්ධිය තියෙන්න ඕනි.

    ReplyDelete
  16. ද මිරැකල් ඔෆ් ඒශියා..ස්පොන්සර්ඩ් බයි මැරවින් මාමා, අපේ කාලේ අන්දරේ නොහොත් වීමේල් අන්කල් ඇතුළු රජ වාසල අනෙකුත් කවටයන්...!

    ReplyDelete
  17. ඉතුරු රු99 ම පරම්පරාවට ඉතුරු කරන්න ස්විස් බැංකුවක දාන්න ඇති.....හි හි

    ReplyDelete
  18. යකෝ ඒක තේරෙන්නැද්ද..
    ඒ රු99.00 ඉතුරු කරගන්නැති අර ඉටි පන්දම නිවුනම වෙන එකක් අරගන්න..
    ඒක නිවුනම ඉතිං ඉටිපන්දමක් රු99.00 වෙන්නත් බැරිකමක් නෑ නේ.... :D

    ReplyDelete
  19. අන්න රං ගොජා.. :)

    ReplyDelete
  20. ඒ 99 යන්නෙ රුපියල ණයට ගත්ත එකේ පොලී ගෙවන්න.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.