01. අපේක්ශකයාගේ නම : __________________________
02. වත්මන් ලිපිනය
බන්ධනාගාරයේ නම : ___________________________
සිරකුටි අංකය : _______________________
03. දේශපාලන පක්ශය (අවසන් පක්ශ 5 පමනක් සඳහන් කරන්න)
04. අවසන් දේශපාලන පක්ශයෙන් ඉවත්වීමට හේතුව
A - පක්ශයෙන් නෙරපා හැරීම
B - නඩුවකින් නිදහස් වීමට ආණ්ඩු පක්ශයට එක්වීම
C - මුදල් මගින් බිලිබා ගැනීම
D - ඉහත සඳහන් සියලුම හේතු
E - ඉහත සඳහන් හේතුවක් නොවේ
05. දේශපාලනයට පිවිසීමට හේතුව (පිලිතුර D නම් තමන්ගේ මානසික තත්වය පිලිබඳ වෛද්‍ය සහතිකයක් අමුනන්න)
A - මුදල් උපයා ගැනීමට
B - නඩුවකින් නිදහස් වීමට
C - බලය අනිසි ලෙස භාවිතා කිරීමට
D - ජනතාවට සේවය කිරීමට
E - කිසිම අදහසක් නැත
6. තමන්ට එරෙහිව ඇති නඩු පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමුනන්න
7. තමා වසර කීයක් සිරගතව සිටියේද?
A - 1 -2 අතර
B - 2 - 6 අතර
C - 6 - 15 අතර
D - වසර 15 ට වඩා
8. මුදල් වංචා සඳහා තමන් සහභාගීවී තිබේද?
A - ඔව්
B - අනිවාර්යයෙන්ම
C - එහෙම නොකරන අය සිටීද?
D - සියලු චෝදනා ප්‍රතික්ශේප කරමි
E - මෙම ප්‍රශ්නය විදෙස් රටකින් මෙහෙයවන NGO එකකින් සාදා ඇති ප්‍රශ්නයකි
9. ඔබගේ මාසික ආදායම (දූශන වංචා කොමිස් ඇතුලුව)
A - ලක්ශ 1 - 10 අතර
B - ලක්ශ 10 - කෝටිය අතර
C - ගනනය කල නොහැක
10. ලංකාවේ සංවර්ධනය සඳහා ඔබට වැඩ පිලිවෙලක් තිබේද?
A - නැත
B - නැත
C - නැත
D - නැත
අපේක්ශකයාගේ ඇඟිලි සලකුණ.
4යි 5යි තමා මරු.. හික් හික් හික්.... :D
ReplyDeleteරංග අයියේ සුදු වෑන් වලින් පරිස්සම් වෙයන්..
ReplyDelete10. ලංකාවේ සංවර්ධනය සඳහා ඔබට වැඩ පිලිවෙලක් තිබේද?
ReplyDeleteA - නැත
B - නැත
C - නැත
D - නැත
අපේක්ශකයාගේ ඇඟිලි සලකුණ.
හොඳම ටික. ඇත්ත ටික
රනා අයියට තව සෑහෙන කල් ඉන්න වෙයි වගේ...
ReplyDeleteමු ටත් ඇතුලට යන්න කාලේ හරියාගෙන එනවද කොහෙද...
ReplyDeleteදැන් ඔය ලොකු පුටුවල ඉන්න අයත් හිරේ ඉදන් ආපු අය නේ
ReplyDeleteපොඩි උනුත් එහෙම වෙන එක හොදා ....
රංගටත් කාලේ ලං වී ඇති බව පේනේ!
ReplyDeleteරංග අයියා මේක ලංකාදීප පත්තරේ කොමිටල් සින් දාන පිටුවක් තිබ්බා ටික කාලෙකට කලින්
ReplyDeleteසුදු වැන් හීනෙන් පේනවද?
ReplyDeleteගොක්කොල තොරන් ? ^_^
Deleteඇයි පරම්පරාවට හම්බ කිරිම, රට සවාරි, ආරක්ශක භටක්න්ඩායම්,නොමිලේ තෙල්,දුරකතන බිල්,වාහන තිරුබදු රහිත.......හි හි තව.......... නියම ලිපියක්..........ඔබට ජය වේවා...!
ReplyDeleteබලාගෙන ගියාම ඡන්දෙ ඉල්ලන එකත් ලේසි නෑ අප්පා. :D
ReplyDeleteමේ විදියෙ කොලම් එකක් ඉස්සර රාවය පත්තරෙත් ගියා, පෘෘෆ් රීඩර් කියල. ඒකෙත් වැඩි හරිය තියෙන්නෙ බහුවරණ ප්‍රශ්න.
ලඟදිම බ්ලොග් ලියන්න උන් නැතිව යන පාටයි....
ReplyDelete02. වත්මන් ලිපිනය
ReplyDeleteබන්ධනාගාරයේ නම : ___________________________
සිරකුටි අංකය : _______________________
පට්ට ඇ...
මෙහෙමත් එන්න ඕනෙ.
ReplyDeleteඅපේක්ශකයාගේ ඇඟිලි සලකුණ.
(සැ.යු: මෙය පුරවන්නාගේ නොවේ)
මීට කලින් කොහේ හෝ මේ වගේ එකක් දැක්කා
තිත්ත ඇත්ත...
ReplyDeleteතිත්ත ඇත්ත...
ReplyDeleteබලන්න ගෙයි දොරකඩ සුදු වෑන් 1 ක් තියනවද කියලා??
ReplyDelete" අපේක්ශකයාගේ ඇඟිලි සලකුණ.."
ReplyDeleteමේ කෑල්ලෙන් කියන්න ඕන හැමදෙයක්ම කියවෙනවා.. නියමයි..
අපේ මිනිස්සුන්ට පෙනිලත් නොපෙනෙන ඇත්ත..
ReplyDeleteපුදුම සුදුසුකම් නේ ඉල්ලලා තියෙන්නේ.
ReplyDelete//අපේක්ශකයාගේ ඇඟිලි සලකුණ. //
ReplyDeleteකරුමෙ කියන්නෙ ඒකෙත් කඩුපාරක්....
අයියෝ විලිලැජ්ජාවේ සංතෝසේ බෑ
ReplyDeleteමේවා නම් සහතික ඇත්ත. තව ටික දවසකින් ආරංචි වෙයිද දන්නේ නෑ රංග අයියගේ ගෙවල් පැත්තේ සුදු වැන් එකක් කැරකුණ කියල හහ් හහ්
ReplyDelete