Thursday, June 7, 2012

මේ දවස්වල විස්තර ....

මේ ටිකේම පෝස්ට් එකක් ලිවුවෙ නැත්තෙ ලියන්න තරම් වෙලාවක් උනේ නැති නිසා. තනියම ඉන්නව වගේ නෙමේ පවුල් උනාම වගකීම්නුත් වැඩි වෙනවනේ. ඒ අස්සෙ ඔ‍ෆිස් එකෙත් ප්‍රොජෙක්ට් එකක් සෙට් උනා මාස 2 කින ඉවර කරන්න. මාස දෙකකින් කරන්න උනාට සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්.

පවුල් ජීවිතේ මල් උනාට ඉතින් වටෙන් එක එක ප්‍රශ්න. යාලුවො නෑයො මෙකී නොකී එක එක දේවල්. ඔය ඔක්කොම කොහොම හරි ගොඩ දාගෙන ඉන්න අස්සෙ ගෙදර ටැප් එකක වතුර ලීක් එකක්. කම්මැලිකමට ගනන් ගන්නෙ නැතුව ඉඳල වතුර බිල ආවම තරු පෙනුනෙ. වෙනද වතුර බිල රුපියල් 100ක් විතර උනාට ගිය මාසෙ වතුර බිල 12000ක්.  ඒක දැක්කම තමා ටැප් එකේ ලීක් එක හැදුවෙ.

ඔය ඔක්කොම අස්සෙ හුරතලේට හදන්න පොඩි හාපැටවු දෙන්නෙකුත් අරගෙන ආව. එකෙක් කලුම කලුයි. අනික සුදුම සුදුයි. උන් දෙන්න නම් පට්ටම සිරා. ඉඩ තිබුන වෙලාක උන්ගෙ වැඩ කිඩ වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නයි හිතාගෙන ඉන්නෙ. ගෙදර එක කාමරයක් දැන් උන් දෙන්නට වෙන් කරල තියෙන්නෙ.

ඔය ඔක්කොම අස්සෙ ඊයෙ රෑ....

වයිෆ් : අනේ බලන්න, මගේ බෑග් එක නෑ
මම : වෙන්න බෑ, පොඩ්ඩක් බලන්න
වයිෆ් : මම හැමතැනම බැලුවා. බෑග් එක ගෙදර නෑ
මම : මල කෙලියයි. මොනවද ඒකෙ තිබ්බෙ
වයිෆ් : මගේ අයිඩී එකයි පාස්පෝර්ට් එකයි දෙකම ඒකෙ තිබ්බෙ
මම : අපි අන්තිමටම පෝය දවසෙ ෆුඩ් සිටි ගියානෙ, ඔයා බෑග් එක එතන දාල ආවද දන්නෙ නෑ

දැන් ඉතින් රෑ 9.30 ට විතර ගියා ෆුඩ් සිටියට බෑග් එක හොයන්න. අපේ වෙලාවෙ හොඳකමට බෑග් එක එතන සිකුරිටි එකෙන් අරන් තියලා. උන් බෑග් එක ෆුල් චෙක් කරල බලලා මොකක් හරි අපේ කන්ටැක්ට් නොම්මරයක්වත් හොයාගන්න පුලුවන්ද බලන්න. ඒත් හරි ගියේ නැති නිසා අයිතිකාරය එනකම් තියන් ඉඳල.

ඉක්මනට බෑග් එක අරගෙන ගෙදර ගිහින් බලද්දි මෙන්න ඒකෙ තිබුන අයිටම්

  • වයිෆ්ගෙ අයිඩී එක
  • වයිෆ්ගෙ පාස්පෝට් එක
  • වයිෆ්ගෙ බෑන්ක් පාස්බුක් එක (පාස්බුක් එක කිවුවට ඒකෙන් බාගයයි තියෙන්නෙ, ඉතුරු බාගෙ බල්ලො කාල)
  • වයිෆ්ගෙ මැරුන බල්ලගෙ දතක්
  • බෑග් එක බර වෙන්න දාල තිබුන පරන කැමරා කැටලොග් වගයක්
  • මගේ ස්විමිං ශෝටක්

ආයෙත් නම් ඉතිං රෙද්දක් ඇඳගෙන ඒ ෆුඩ් සිටියට යන්න වෙන්නෙ නෑ.

63 comments:

  1. රෙදි ඇඳන් යන්න ඕනෙ නෑ. රෙදි ටික වයිෆ්ගෙ බෑග් එකට දාගෙන යන්න. :D

    ReplyDelete
  2. ඔක්කොම හරි රංගයගෙ ස්විමිං සෝට ඕක අස්සෙ අහවල් එකක් කලාද ??

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ යකෝ. කොහේ හරි නාන්න යන්න සෙට් වෙලා වැඩේ කැන්සල් වෙන්න ඇති

      Delete
  3. අයියෝ රංග අයියේ නෝන්ඩි කාලා මැරෙනාවා හලෝ

    ReplyDelete
  4. බලද්දි අපේ හාමිනේගේ බෑග් එකට දෙවනි නැහැනේ. ගෑණුන්ගේ බෑගයේ නැත්තේ ෂවර් එකයි, සින්ක් එකයි විතරයි.

    ReplyDelete
    Replies
    1. මුලු ලිස්ට් එකම නෙමේ අය්යේ ඔය දැම්මෙ ඒක අස්සෙ තිබුන වැදගත් කියල හිතෙන අයිටම් විතරයි

      Delete
  5. මම හිතුවේ උඹ පෝස්ට් දාන්නෙ නැත්තේ අර කලින් පෝස්ට් එකේ වගේ උඹට මත්තර කාරියක් සෙට් වෙච්ච නිසා කියලා (ඕං දැන් මමත් ඉවරයි....! )

    ඔය මගුලක් කතා කරනවා....! ඉස්කෝලේ යන කාලේ (ඒ.ලෙවල් කරන්න පටන් ගත්ත කාලේ) බයික් එකක යනකොට මගේ පර්ස් එක වැටිලා. ඔන්න ටික දවසකට පස්සෙ ගෙදරට කෝල් එකක් එනවා, පර්ස් එක එක්කෙනෙක් ගාව තියෙනවා ඇවිත් අරගන්න කියලා. මොබයිල් තිබිච්ච නැති ඒ කාලේ අපි ගාව පොඩි ෆෝන් බූක් එකක් තියෙනවනේ. ඕක දාල තියෙන්නෙ පර්ස් එකේ. ඒකෙන් තමයි ගෙදර නම්බර් එක හොයාගෙන තියෙන්නෙ.

    පර්ස් එකේ ක්ලාස් වලට ගෙවන්න කියල තිබිච්ච රුපියල් 150ක් විතර තිබුනා. ඊට අමතරව ඕකෙ තිබුනේ අර එක එක ජාතියේ වැල පත්තර කෑලියි, කාම සූත්‍ර එකේ පොසිෂන් ටිකයි වගේ චාටර් කොල ගොඩක්.

    අනේ ඉතින් මමත් ගියා පර්ස් එක ගන්න කියලා අම්මත් එක්කම බයික් එකේ. ඒ ගෙදර හිටියා හරි සී දේවි ගෑල්ලමයෙකුත් මම ගිය වෙලාවෙ ඉඳන් හිකි හිකිස් ගගා. පර්ස් එක අහුලලා තියෙන්නේ ඒ ගෑල්ලමයගේ මාම කෙනෙක්. හොඳ කසියා කාරයෙක්. වෙනද කසියා ගහන එකා එදා ගෙදරට බෝතලයක් අරගෙන ආවෙ කොහොමද කිය්ලා බලනකොට තමයි පර්ස් එකේ අහුලපු කතාව කියලා තියෙන්නෙ.

    ඉතින් ඒ ගෑල්ලමයගේ අම්මයි එයයි එකතු වෙලා පර්ස් එක හොඳට එලියට ඇදලා බලලා තමයි ෆෝන් නම්බර් එක හොයාගෙන තියෙන්නෙ. අම්මගේ ඉස්සරහම පර්ස් එක වෙනමයි, කොල ටික වෙනමයි ගෙනැල්ලා දෙනකොට කලිසම ගලවගෙන ඔළුවෙ ඔතාගන්න හිතුනා....!

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ උඔ කියන්ඩ යන්නෙ අර එපාපෝට් එකක ද කොහෙද හැන්ඩ් බෑග් එක නැතිවිච්චි කතාව කියලා. අර බඩු එලියට අරගෙන ආයිම ඒ ටික දාගන්ඩ බැරිව හිටියයි කිව්වෙ.....

      ..........

      මේ කතාව ගැන කියනවා නම්,
      දෙවි හාන්දුරුවනේ වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් නං වෙන්ඩ එපා.
      .................

      Delete
    2. යකෝ වැල පත්තර නම් අපිත් බැලුව තමා. ඒත් ඒව පර්ස් අස්සෙ නම් දාගෙන හිටියෙ නෑ. "එක අතකට" උඹ වේලපහින්ම කසාද බැන්ද එක නම් ලොකු දෙයක් අය්යා :D

      Delete
    3. වැල පත්තර කිව්වට වැල පත්තරම නෙමේ. එක එක ජාතියේ වැල පත්තර වලින් එxට්‍රැක්ට් කරගත්ත් කෑලි ටිකක්, කතන්දර එහෙම ටිකක්. දරුණුම දේ තමයි, කාම සූත්‍ර එකේ පොසිෂන්ස් ටික....!

      බුද්ධියෝ, ඔව් ඔව් ඒ කෑල්ල තිබුනේ මම අර හෑන්ඩ් බෑග් ගැන ලියපු පෝස්ට් එකේනෙ.

      තව දවසක් මගේ යාළුවෙක්ගේ කාර් එකේ රෝදයක පන්ච් එකක් වෙලා, කාර් එකේ ස්පෙයාර් වීල් එක තිබුනේ නෑ....! පස්සෙ මොකක්ද එහෙහ්කට උගේ වෆ්යිෆ්ගේ බෑග් එක අදිනකොට එකේ තිබිලා ස්පෙයාර් වීල් එකක් හම්බ උනා...! යන්තන් ඒක දාගෙන ගෙදර ඇවිල්ලා....!

      Delete
  6. ඒකනේ කියන්නෙ කාන්තාවන්ගේ බෑග් අදින්න එපා කියලා...ඕකේ නැති දෙයක් නෑලුනේ... :)))

    ReplyDelete
    Replies
    1. ටොයිලට් එකක් විතරයි බං ඕක අස්සෙ නැත්තේ

      Delete
  7. ස්වීමිං ෂෝ​ට මොකටද බොල අරංගියේ....

    ReplyDelete
  8. ෆුඩ් සිටියෙද ? අඩේ ඒක තමයි අමතක වෙලා ගිය බඩු කියලා නෝටිස් එකක් එක්ක කාගෙ හරි ස්විමින් ශෝටක් පහු ගිය කාලෙ ඒකෙ එක්සිබිට් කරලා තිබුනා..ටිකක් දැකලත් පුරුදුයි පුරුදුයි වගේ උනාට කවුද දන්නෙ ඒක බොලාගෙ කියලා.. ආයි නම් යන්ඩෙපා එතනට..ඒ ශෝට දිහා බලාගෙන මිනිස්සු කීව කතන්දර.. හයියෝ ශෝට ! :-D

    ReplyDelete
    Replies
    1. යකෝ උන් බෑග් එක උන්ගෙ සේප්පුවක දාල අරන් තියල තිබුනෙ. දැක්කයි දැක්කෙ නැහැලු එහෙම බෑග් එකක්

      Delete
  9. අර අන්තිමේ හොයා ගත්ත දේවල් තුන ගැන මුකුත් නොකියමි...

    පිස්සගේ පළාමල්ල හොදයිලු කාන්තාවකගේ බෑග් එකට වඩා..

    ReplyDelete
    Replies
    1. මෙතනදි පිස්සාගෙ ශෝට , වයිෆ්ගේ මල්ලෙ නිසා මොකද වෙන්නේ ?

      Delete
    2. නෑ නෑ මම කිවුවේ එහෙම දෙයක් නෙමෙයි.. කතාවට කියනවනේ පිළිවෙලක් නැති දේකට පිස්සගේ පලාමල්ල වගේ කියලා.. ඒකයි මම් අකියන්න හැදුවේ... :)

      Delete
  10. හිකිස් මදැයි

    ReplyDelete
  11. හික් හික්.. මගේ හෑන්ඩ් බෑග් එකේ මොනා තියෙනවාද කියලා පොඩ්ඩක් චෙක් කරන්න ඕන.... ;)

    ReplyDelete
  12. හහ් හා බල්ලාගේ තායි ශෝටයි තමයි මරු. හැම හෑන්ඩ් බෑග් එකක්ම ඔහොම තම. අපේ අම්මගේ බෑග් එකේ ඔයිට වැඩ ලට්ට ලොට්ට ගොඩක් තියනවා. (ඒත් ස්විමින් ශෝට් නම් නෑ :P )

    ReplyDelete
  13. හහ් හා බල්ලාගේ දතයි ශෝටයි තමයි මරු. හැම හෑන්ඩ් බෑග් එකක්ම ඔහොම තමා. අපේ අම්මගේ බෑග් එකේ ඔයිට වඩා ලට්ට ලොට්ට ගොඩක් තියනවා. (ඒත් ස්විමින් ශෝට් නම් නෑ :P)

    ReplyDelete
  14. ෂා මේකෙන් එකක් ඉගෙනගත්තා ගෑනුත් එක්ක ෆුඩ් සිටි යන්න හොඳ නැතිය :ඩ්
    ජය !!

    ReplyDelete
  15. 12000 වතුර බිලක් උන් හිතුවද දන්නේ නෑ රජයේ අමාත්‍යන්ශයක් වත්ද කියල අයියලය් ගෙවල්,එක නෙම්යි මම මේ කල්පනා කලේ ඔක්කොමත් හරි මෑරිච්ච බල්ලගෙන් දතක් ගෑලෙව්වයි කිවම වයිපරේ ඇවිත් හොද ඩෙන්ටිස් කෙනෙක් වගේ...

    ReplyDelete
  16. ම‍ට හිතෙන්නේ රංග අයියගේ වයිෆ් රංග අයිය ෆුඩ් සිටිය පැත්තෙ යන එක වලක්වන්න අටෝපු උගුලක්ද කොහේද... !
    (කොටවන්න එහෙම කිව්ව නෙවෙයි ඕං..)

    ReplyDelete
  17. ෂෙහ් 12,000 ක් එහෙනම් වතුරේ :( :( :( සිදු වූ ප්‍රමාද දෝෂයට කණගාටුයි අයියා..

    අහවල් දේකටද ඔයාගෙ ස්විමින් කිට් එක අක්කගෙ බෑග් එකේ දැම්මෙ..:D

    ReplyDelete
  18. මම නම් දන්නව ඇයි ස්විමිං සොට නොන උස්සල තියෙන්නෙ ...හෙතු 2 ක් තියේ..

    එකක් රංග අයිය එතකොට හොරෙන් නාන්න යන්නෙ නැ..යනව නම් අක්ක දන්නව

    දෙක රංග අයියා මතක් වෙන්න සිහි වටෙනකට සිවිමිං සොටක් තරන් ගැලපෙන දෙයක් නැති නිසා

    ReplyDelete
    Replies
    1. හික්ස් :)
      පට්ට කමෙන්ට් එක !

      Delete
  19. ඔක්කොමත් හරි මැරුණු බල්ලගේ දත රත්තරන්ද ඈ??? ඇති ඔයින් ගියා.... මම දන්න කෙනෙක්ගේ බෑග් එකේ නම් තඩි නියනකුයි පිහියකුත් තියෙනවා...

    ReplyDelete
  20. ගැනුන්ගේ හෑන්ඩ් බෑග් ගැනනම් කතාකරලා වැඩක් නැහැ ....

    ReplyDelete
  21. බඳින්න කලින් රුපියල් 100යි, බැන්දට පස්සෙ 12,000යි. යකෝ මූ මූන කට හෝදලා නාන්න පටන් අරගෙන තියෙන්නෙ බැන්දට පස්සෙනේ බොලේ....!

    ReplyDelete
  22. පෝය දවසේ ෆුඩ් සිටි ගිය නිසා උතුරු සළුවක් තිබ්බෙ නැද්ද බං

    ReplyDelete
  23. Hand bag එකක තිබුණු ජාති :D

    ReplyDelete
  24. හික්z..එහෙම තමා බැග්...

    ReplyDelete
  25. මේවාට මොනා කියන්නද කියලා තෙරෙන්නේ නෑ... ස්විමිං ශෝට කියන්නේ අර ශෝටද? එහෙනම් ෆුඩ්සිටි එක නෙවෙයි ඒ පැත්තෙවත් යන්න එපා.... නෙද්දකින්....

    ReplyDelete
  26. අනේ ඇත්ත තමයි .අපේ බෑග් උනත් මේ වගේ තමා . මොනව තියනවද කියල අපිවත් දන්නේ නෑ .

    ReplyDelete
    Replies
    1. ගැහැණු ළමයකුගේ බෑග් එක = පිස්සි ගේ පලා මල්ල :)

      Delete
  27. හොදම වැඩේ තමා ස්විමින් සෝටක් දාගෙන ගියපු එක !!!

    ReplyDelete
  28. අම්මපා උබේ ස්විම් ෂොට විතරක් තිබ්බ නිසා හොඳට ගියා මොනා උනත් අර ෆුඩ්සිටි පොරවල් හොඳ මිනිස්සු නේ...

    ReplyDelete
  29. ගැල්ලමයිගේ හැන්ඩ් බෑග් තරම් සංකීර්ණ වෙන මොනවත් නැතුව ඇති. දවසක් මැරියන්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ෆෝන් එක තිබුනේ හෑන්ඩ් බෑග් එකේ. මට ඒක අරගෙන දෙන්න කිව්වා. බෑග් එක ඇරියට පස්සෙ තමා......!

    ඒක එක බෑග් එකක් වගේ තිබුනට ඇතුලෙ සෙක්ෂන් ගොඩයි. හරියට එපාපෝස් හෙඩ්ක්වාටස් ගියා වගේ. කොහොමහරි කොල් එක කට් වෙනකල් ම මට බැරුව ගියා සද්දෙ ආවේ බෑග් එකේ ‍මොන කොටසින්ද කියලා හොයාගන්න.....!

    ඊට පස්සෙත් බැරුව ගියා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම එකක් උනානෙ බොලේ...

      Delete
  30. එකක් කියන්ඩ බැරි උනා. රංගයගේ හාමිනේ සත්තුන්ට ආදරේ බව පේනවා. බල්ලගෙ දතෙනුත්, හාවන්ගෙනුත්.

    ඒ අතින් උඔ හෙන ලකී! :P

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ප ඒ මනුස්සයට සතා කියන්නෙ....?

      Delete
  31. "බෑග් එක බර වෙන්න දාල තිබුන පරන කැමරා කැටලොග් වගයක්" - LOL

    ReplyDelete
  32. හුටා! ඒ කියන්නේ රංගයියා හාවෝ අල්ලන හැටි වීඩියෝත් ළඟදිම එනවද?

    ReplyDelete
  33. සමහර කෙල්ලොන්ගේ බෑග් වල මොබයිල් රුපලාවන්‍යාගාර හෙමත් තියනවා කියන්නේ එහෙනම් ඇත්තක් වෙන්න ඕනේ

    ReplyDelete
  34. අම්මපා මටත් හිතුනා අයියේ හෙටම පවුල් වෙන්න...

    ReplyDelete
  35. රංග අය්යගේ wife තුමියත් comment1 දැම්මනම් තම හොද ..

    ReplyDelete
  36. වතුර බිල 12000ක්ද 1200ක්ද? 12000නම් ඒක ලීක් එක වෙන්න බෑ. ෆුල් ඇරලා තියෙන්න ඇති
    අනිත් දේ ගැන කියන්න දෙයක් ඉතුරුවලා නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  37. හුටා ,.,., තාතල් ඈ ,.,., ජයෙන් ජය

    ReplyDelete
  38. මීට පස්සෙනං ෆුඩ් සිටි කා‍රයො ගෑනු මිනිස්සුංගෙ බෑග් ඇදල බලන එකක් නෑ.

    ReplyDelete
  39. ඉතිං බන් කලිසමක් ඇදන් යන්න බැරි තරම් දේවල් ඒකේ තිබිලා නෑනේ . . .

    අහ් අර කිව්වත් වගේ බැන්දට පස්සේ වතුර බිල වැඩි උනා කියන්නේ බොලා දැන් තමා නාලා කියලා ඉන්නේ නේද . . . හික්z

    ReplyDelete
  40. මෙන්න උපදේශෙ..ගෑල්ලමයින්ගේ බෑග් ඇර බැලීම අනතුදායක වියහැක...!

    ReplyDelete
  41. එක ගෙදර ඉදන් මටත් මඩ ගහනවා වගේ.. හිහි.. මමත් මඩ ගහන්න අලුත් ‍බ්ලොග් එකක් පටන් ගන්න වෙයි වගේ.. අය්යෝ එහෙම වුනොත් ලියන්න නං කොයිතරම් දේවල් ඇතිද.. හා හා... හිතනකොටත් හිනා යනවා...

    ReplyDelete
  42. ඇත්තටම රංග අයය නාන්න පටන් ගත්තේ බැන්දට පස්සෙද???????????????????????????????

    ReplyDelete
  43. ටැප් එකේ ලීක්‌ එකක් කිව්වට 12000ක් බිල එන්න නම් ටැප් එක ඇරලම තියෙන්න ඇති.ලීක්‌ එක නතර කරන්න ටැප් එක වැහුවා නම් හරියන්න ඉඩ තිබ්බා :D

    ආයේ නම් ඒ ෆුඩ් සිටියට ගිහිල්ලා ඉවරයි :)

    ReplyDelete
  44. රංග මල්ලී.....මේකෙ උඹේ ස්විමිං ෂෝට විතරනේ නැත්තෙ. අර බුද්දීයා සේරම ගලවලා. මමත් එකෙන් දැන ගත්තෙ. .ගෑණුන්ගෙ බෑග් ගැන මොනවා කියන්නද? පුළුවන්නම් අපිවයි ළමයිනුයිත් දාගෙන යනවා

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.