Thursday, June 21, 2012

පුස්තකාලාධිපති විදියට වැඩ කරන එක ලේසිද?

මේක අපි දන්න චරිතයකට වෙච්ච දෙයක් නම් නෙමෙයි ඔන්න. කතාවෙ කතා නායකයා පුස්තකාලාධිපති කෙනෙක්. බුවා දැන් වැඩ කරන කොම්පැනියට කලින් රස්සාව කරල තියෙන්නෙ රාජ්‍ය සේවය. බුවාට මුලින්ම පත්වීම හම්බ වෙලා තියෙන්නෙ අමාත්‍යාංශයක පුස්තකාලාධිපති විදියට. බුවා වැඩ භාරගත්ත පලවෙනි දවසෙම ගෑනු කෙනෙක් එනවලු පොතක් අරගෙන මල පැනල.

කාන්තාව : මේක තමා මම ජීවිතේට දැක්ක ජරාම පොත මෙලෝ රහක් නෑ
බුවා : මැඩම් මම හිතන්නෙ මේ පුස්තකාලෙ තියෙන්නෙ ඔක්කොම වටිනා පොත්පත්, පොත් වලට අපහාස කරන්න එපා
කාන්තාව : මේ පොතේ තියෙන කතාව තේරුමක් නෑ. චරිත ගොඩක් හිටියට කතාවෙ කිසිම ගලා යෑමක් නෑ
බුවා : මොකක්ද මැඩම් පොතේ නම
කාන්තාව : මෙන්න පොත, තමුසෙම බලාගන්නවා

බුවා පොත පරීක්ශා කිරීමෙන් පසු : මැඩම් ගෙනියලා තියෙන්නෙ අපේ ෆෝන් බුක් එකනෙ

ඉතිං ඔය වගේ සිරා කස්ටියක් එක්ක රජකාරිය කරන එක අපේ බුවාට ටික කාලයක් යද්දි එපා වෙලා. මිනිහ මාරුවීමක් ඉල්ලලා ඉස්කෝලෙක පුස්තකාලයක් භාරව පත්වීමක් දෙන්න කියල. බුවාගෙ පොලිටිකල් කන්ටැක්ට් එහෙමත් තියෙන නිසා බුවාට පට ගාල මාරුවීමක් හම්බවෙලා ලොකු ඉස්කෝලෙක ප්‍රාථමික අංශයේ පුස්තකාලාධිපති විදියට.

බුවා හිතුවලු මේක අයිස් ගහන්න නියම චාන්ස් එක කියල. බැලුවලු කරන්න තියෙන වැඩ වලින් අමාරුම වැඩේ. ඒක තමා පොත් කෙනෙක් ගෙනියද්දි පොතට අදාල කාඩ් එකේ අර පුද්ගලයගෙ නම ලියන එක. මූට ආවලු ඒ වැඩෙත් කරගන්න ලේසි ක්‍රමයක්. දැන් මූ පලවෙනි දවසෙ පුස්තකාලෙට කවුරුහරි එනකම් ඉන්නවලු මුගේ සිස්ටම් එක ටෙස්ට් කරන්න.

ඔන්න ටිකකින් 3 වෙනි පංතියේ කොල්ලෙක් ඇවිල්ල පොත් ‍තෝරනවලු. කොල්ල සෑහෙන වෙලාවක් ‍තෝරලා ලමා කතා පොත් තුනක් අරන් ඇවිත් අපේ බුවාගෙ මේසෙ උඩ තිබ්බලු.

බුවා : පුතා ඔය හැම පොතේම තියෙනව අග කාඩ් එකක්. ඒ කාඩ් 3ම අරගෙන ඒවගෙ පුතාගෙ නම ලියල දෙන්න

කොල්ලත් ඉතින් කාඩ් 3ම තමන්ගෙ නම් ලියල ටිකක් මල පැන්න මූඩ් එකෙන් ආයෙ අපේ බුවාට දුන්නලු. දැන් බුවාගෙ ලෑස්තිය පොඩි එකා මොකද අවුල් ගියේ කියල අහන්න. ඊට කලින් පොඩි එකා කිවුවලු

පොඩි එකා : අංකල්, ඔයාට කලින් මෙතන වැඩ කරපු අංකල් නම් අකුරු ලියන්න දන්නවා, ඒක නිසා එයා තමා මේ කාඩ් පිරෙවුවේ

38 comments:

  1. අපි දන්න පුත්තකාලාධිපතිගෙ කතාවක් වගේ මට නම් පේන්නේ. ලොල්.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන් මචන් :P

      Delete
    2. ඇම්ඩගේ මල්ලිද කොහොද...

      Delete
  2. අර ටෙලිපොන් පොත උස්සපු කතාව මං අහලා තියෙනවානෙ කොහෙදි හරි O_o
    මං අපෙ පුස්තකාලාදිපති'නී' එක්ක කොච්චර වලි උනත් දෙයියනෙ කියලා එයා නම් කාඩ් එක පුරව ගන්නවා..
    තව එයාගෙ දූත් සෝ කියුට්නෙ.. :D

    ReplyDelete
  3. ඔය කියන පුස්ත කාලා අධිපතියා නිකං වැලේ වැල් නැති පාරේ යන්න පණ නැති කෙනෙක්ද බං..?

    ReplyDelete
    Replies
    1. ඔව් බං වැනි වැනී යන එකෙක් ;-)

      Delete
    2. දැන් නම් ලා . . . .වට වගේ තේරෙනවා කා ගැන ද මේ කියන්නේ කියලා . . හික් හික් . .

      පව් යකෝ . . .

      Delete
  4. උඳුපියලිය කැව්වාට රිටන් එක

    ReplyDelete
  5. ඔය පුස්ත්කාලයාධිපති කොලඹ 7න් කන බොන පොරක් ද?

    ReplyDelete
    Replies
    1. කොළඹ 7යි කොළඹ 6යි දෙකේ යන එන එකෙක් තමා

      Delete
  6. හාවොයි, උදුපියලිය මැල්ලුමුයි, පුස්තකාලයාදිපතියි, මගේ ලෝකයයි අතරෙ සම්භන්ධයක් තියෙනවද බන්.....

    ReplyDelete
    Replies
    1. ඉස්සරනං ඔයයි මෙයයිනේ මෙහෙම පෝස්ට් දැම්මේ. දැං මෙයයි වෙන කෙනෙකුයි නේ? :D

      Delete
  7. මුට හොද රස්සව තමා ඇදකට වෙලා නිදා ගන්න එක

    ReplyDelete
  8. මන් නම් හිතුවා මගේ ලෝකයේ මීලඟ පෝස්ට් එක පුස්ථකාලාදිපති ගැන වෙන්න ඕනි කියලා.........

    දැන් නම් බුවා අකුරු දන්නවද කොහෙද නේ බන් අර මොකක්ද පෑඩ් එහෙක නෝට් එහෙම ලියනව කියන්නෙ

    ReplyDelete
    Replies
    1. පෑඩ් එකේ අකුරු ලියනවද නැත්නම් අඳිනවද බං?

      Delete
    2. ඒකනම් හරියට කියන්න බෑ බන්

      අපේ වෙලාවට බුවා ඕකෙන් අදින/ලියන එවුවා මෙන්න මේකයි ඇන්දෙ කියලා යටින් ලියනවා. නැතුව ඔය අදින /ලියන එවුවා බුවාටවත් තේරුම් ගන්න ඇහැකිද මන්දා පස්සෙ බැලුවොත්

      Delete
  9. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳන්ම ඉන්නේ ඔය වගේ අයිස් බුවාලා තමා.

    ReplyDelete
  10. උඳුපියලිය වලට මෙහෙම නම් ආයෙ මුකුණුවැන්න හරි කංකුං මිටියක් හරි දුන්න නම් ආයෙ උන් හිටිතැන් නැතිවෙලා වැනි වැනී ඉන්න දෙයි...

    ReplyDelete
  11. අනේ අර අහිංසක වැනෙන අයියට බැටේ දෙන්න පටන් අරගෙන නේද? අනිකව අතෑරියා වගේ නේද රංගයෝ

    ReplyDelete
  12. අපෝ පුස්ත කාලා වල වැඩ කරන හමෝම ඔය වගේ අයිස් පප්පලාම තමයි..
    මන් දන්න පොරක් ඉන්නවා මිනිහා ගෑනු ලමෙක් එහෙම ආවොත් මොනා හරි එකක් ඇදගෙන කතා කර කර ඉන්නවා මිසක් වෙන වැඩක් නම් නෑ..ගෑනු ලමයිත් ඉතින් වෙන වැඩ නැති වෙලාවල් වලට එතනමයි කැරකි කැරකි ඉන්නෙ..කම්මැලි කමට කතා කර කර ඉන්න පුළුවන් නිසා..
    කා ගැනද මේ රංග මලයා කියලා තියෙන්නෙ කියලා මන් දහ අතේ කල්පනා කරනවා..ම්ම්ම්හ්හ් කමෙන්ට් වල තියෙන ඉඟි වලින් වත් තාම මීටර් උනේ නෑ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. //දැන් නම් බුවා අකුරු දන්නවද කොහෙද නේ බන් අර මොකක්ද පෑඩ් එහෙක නෝට් එහෙම ලියනව කියන්නෙ//

      මේ ටික දැක්කම මට හිතුනා වෙනී අයියද කියලා..

      ඒත් ජොබ් එක පුස්තකාලෙ නෙවේනෙ.. ඒ නිසා සැකය අතැරිය.

      ඒත් ‍ඔය අකුරු අදින සීන් එක වෙනි අයියා සයිබර් ෆෙස්ටිවල් එකේදි කලා කියල මතක් වුනා.

      Delete
    2. හැබැයි සෑමෝ මේ පුස්තකාල මහත්තය මේ දවස්වල ලොකු අවුලක ඉන්නෙ. මේ රුපියල් හාරසීය ගානක පොඩි කේස් එකකට. බේත් තුන්ඩු කේස් එකක්. :)

      Delete
    3. පුස්ථකාල මහත්තයා කවුද කියල කන්ෆර්ම් කරල මේල් එකක් දාල තිබ්බ අපේ හෙන්රියා.. :)

      එදයි දැන ගත්තේ එතුමගේ පොස්ට් එක :)

      Delete
  13. කවුද ඔය කියන පුස්තකාලාධිපති ??

    ReplyDelete
  14. හරි හරි පොරව මට මීටර්.... :-)

    ReplyDelete
  15. හප්පටසිරි විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :ඩ්

    ReplyDelete
  16. රංග කවුරුගැන කියනවද කියලා මටත් තේරෙන්නෙ නෑ. මට දැනගන්න ඕනෙ කමකුත් නෑ. නමුත් මමත් දන්න පිකාසෝ වගෙ චිත්‍ර අඳින්න පුලුවන් පුස්තකාලයාදිපති කෙනෙක් ඉන්නවා කොළඹ හතේ. පොර දවසක් රෑ අලුතෙන් ගත්ත ග්‍රැ‍ෆික් අහවල් එකෙන් රවුම් හෙම අඳින්න පුරුදු වෙලා අර හාට් ෂේප් ඩිඕඩරයිසර් එක හෙම පාවිච්චි කරලා අර අමුතු ෆෑන් එකත් දාගෙන නිදා ඉන්නකොට මෙන්න කවුද කාලකන්නියෙක් කෝල් එකක් දෙනවලු. පොර නිදි මරගාතෙම ෆෝන් එක කමේ තියාගන්න කලින් වෙලාව බැලුවලු. හතරයි කාලයිලු වෙලාව.

    "හලෝ"
    "ලයිබ්‍රරි එක අරින්නෙ කීයටද"
    "@#$% ලයිබ්‍රරි එක අරින්නෙ නමයට, ඇයි? ඕක අහන්නද තමුසෙ මේ ගල් පාන්දර කතා කලේ"
    "සමාවෙන්න. ඊට කලින් අරින්න බැරි වෙයිද?"
    "ඒ මොන බම්බුවටද ඕයෙ ඊට කලින් අරින්නෙ? තමුසෙට අහවල් දේකටද නමයට කලින් ලයිබ්‍රයි එකට රිංගන්න තියෙන ඕනැකම?"
    "මට ලයිබ්‍රරි එකට රිංගන්න නෙමෙයි ඕයෙ. මේකෙන් එලියට එන්නයි ඕනෙ."
    henryblogwalker the Dude

    ReplyDelete
  17. පෝස්ට් එකත් කියවලා කම්න්ට් ටිකත් කියෙවුවයින් තමා කවුද මේ කියලා තේරුනේ.. එතකොට මේ එයා නම් උදුපියලිය කතාවේ ඉන්නේ කවුදත් තේරෙනවනේ ටිකක්... :)

    ReplyDelete
  18. ඇත්තම කිව්වොත් රංග, උඹ මේ පෝස්ට් එක ලියනකල් උඳුපියලි කාපු එකා කොයි එකාද කියලා මම දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි.
    henryblogwalker the Dude

    ReplyDelete
  19. පුස්ථකාල උන්නැහේට මේ ලඟදි බේත් පෙති වගයක් ක්ලේම් කොරන්ඩ ගොහින් ඇබැද්දියක් වෙලා නොවැ ගහෙන් වැටුන මිනිහට මේව්වා කොරන්ඩ හොදැ රංගයා අනික වයසක මනුස්සයා නේ බං

    ReplyDelete
  20. පසුව ලියමි කෑල්ලකුත් දැම්ම නම් තමයි මරු...

    ReplyDelete
  21. මුල් සීන් එකනම් මට දැක්ක ගමන් හිතුන රංග අයියා..
    දෙවනි සීන් එක මරු ඈ!
    පොඩි එකා කටින්ද ඒක ඇහුවෙ ;)

    ReplyDelete
  22. ෂෙහ්....... පුස්තකාලයාධිපතිතුමා එවූ පොත තවම ලබා ගත නොහැකි විය. ඒක මතක් වුනෙත් පෝස්ටුව කියවන්න පටන් ගනිද්දීමය. ස්තූතිය.

    ReplyDelete
  23. මෙහෙම අය ඕන තරම් ඉස්කෝලවල ඉන්නවා.හරි උගත්තු කියලා තමා පෙන්නන්නෙ

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.