මේ කතාව උනේ දැනට අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ මම වැඩ කරපු කම්පැනි එකේ බෙස්ට් එම්ප්ලොයී ඔෆ් ද ඉයර් අවෝර්ඩ් එක මට හම්බ උන නිසා කම්පැනි එක ගානෙ මට යන්න ලැබුනා යූ එස් වලට ටුවර් එකක්. ෆස්ට් ක්ලාස් රිටර්න් ටිකට් එකක් තමා හම්බ උනේ.
ඔහොම ඉද්දි ගොඩක් දවසට මම ඇවිදින්න යනව රට තොට බලන්න. එහෙම නැත්නම් දවසම ශොපිං යන එක තමා කරේ. ඒත් හැමදාම ඕක කරන්නත් බැහැනෙ. සමහර දවසට කම්මැලි හිතුනම මම මගේ එපාර්ට්මන්ට් එකට වෙලා ජොනි බ්ලූ එකක් එකක් එහෙම කඩාගෙන පොඩි ශොට් එකක් දාගෙන පාඩුවෙ ඉන්නවා.
එදා නම් මහ කුජීත දවසක්. කම්මැලිකමට මම මගේ ඒලියන් වෙයා ලැප්ටොප් එකේ ගේම් එකක් ගහ ගහ හිටිය මිසක් එදා කරන්න කිසිම වැඩක් තිබුනෙ නෑ. ගේම් ගැහිල්ලත් ටික වෙලාවක් යද්දි එපා උන නිසා සෙට් උනා බ්ලූ රේ ෆිල්ම් එකක් බලන්න කියල.
ඔය අස්සේ ලැපෙන් කන පැලෙන්න සද්දයක් ආව නිසා මම කෝකටත් කියල ගිහින් බැලුවා මොකක්ද සීන් එක කියල. එතකොටයි මට මතක් උනේ මම ලැපට සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක කනෙක්ට් කරල තිබ්බෙ කියල. ජීටෝක් එකේ අලුත් කන්ටැක්ට් රික්වෙස්ට් එකක් ඇවිත්.
රික්වෙස්ට් එක කෙල්ලෙක්ගෙන්. මට කෙල්ලන්ගෙන් අඩුවක් නොතිබුනත් කෝකටත් කියල මම ඇක්සෙප්ට් කරල දැම්මා. මෙයා මාත් එක්ක විඩියෝ චැට් එකට සෙට් උනා. මගේ හයි කොලිටි කැම් එකෙන් මම ඉන්න ලක්ශරි එපාර්ට්මන්ට් එක දැක්කම කෙල්ල හරියට ඉම්ප්‍රෙස් වෙලා.
ඒත් ඒ වෙනකොටත් වෙන කොල්ලෙක්ට මේ කෙල්ලගෙ හිත ගිහින් තිබුනෙ. ටික දවසක් වීඩියෝ චැට් කරද්දි මෙයා මට ඒ කොල්ලගෙ පික් එකක් එවුවා. අය්යෝ මගෙ අහලකින් වත් තියන්න බෑ. මම වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක ගත්තම ඌ නිකම් වඳුරෙක් වගේ.
ඔහොම ටික දවසක් චැට් කරගෙන යද්දි දවසක් මට එස් එම් එස් එකක් ආව දන්නෙ නැති නොම්මරේකින්. මට තිබුන පුදුමේ මගේ සැම්සුන්ග් ගැලැක්සි 2 එකට නෙමේ මැසේජ් එක ආවෙ මගේ එච් ටී සී ඉවෝ ත්‍රීඩී එකට. ගැලැක්සි 2 එකේ නොම්මරේ හැමෝම දැනගෙන හිටියට ඉවෝ එකේ නොම්මරේ කවුරුත් දැනගෙන හිටියෙ නෑ.
බලද්දි මට මැසේජ් කරල තියෙන්නෙ අර ගර්ල්. එදා එයාගේ බර්ත්ඩේ එකලු. මම විශ් කරේ නෑ කියල එස් එම් එස් කරල තියෙන්නෙ. මම ටක් ගාල ඔරිජිනල් ලිවයිස් ඩෙනිමකුයි, අමානි ටී ශර්ට් එකකුයි , ටිම්බර්ලෑන්ඩ් ශූපෙයාර් එකයි, ප්‍රාඩා සඟයි දාගෙන බැස්ස එලියට කෙල්ලට මොනා හරි ගිෆ්ට් එකක් ගන්න හිතාගෙන.
කෙල්ලට රැල්ෆ් ලොරේන් හරි ටොමි ගර්ල් හරි බොඩි ස්ප්‍රේ එකක් ගන්න හිතාගෙන ටාගට් එකකට ගියත් පස්සෙ කෙල්ලගෙ ලැප්ටොප් එක කැඩිල කියල කිවුව එක මතක් උන නිසා කෙලින්ම ගියා බෙස්ට් බයි එකකට. ගිහින් එතන තිබුන ලේටස්ට් ම එච් පී ලැප්ටොප් එක අරගෙන ඩී එච් එල් කුරියර් එකෙන් එක්ප්‍රස් ඩිලිවරියක් විදියට ලංකාවට එවුවා.
ලැප්ටොප් එක යවල දවස් කීපයක් ගියත් කෙල්ලගෙන් ආරන්චියක්වත් නෑ. මගේ ෆෝන් එකේ රෝමිං තිබ්බ නිසා මම එවෙලෙම කෝල් කරල බැලුවා ලංකාවෙ ඩී එච් එල් බ්‍රාන්ච් එකට. එහෙන් කියනව ලැප්ටොප් එක කෙල්ලට ඩිලිවර් කරා කියල.
වැඩේ තියෙන්නෙ ලැප්ටොප් එක ඩිලිවර් කරද්දි ඒ ඇඩ්‍රස් එකටම ඉංග්ලන්ඩ් වලින් එවපු 50 ඉන්ච් එල් ඊ ඩී ටීවී එකකුයි, ඔස්ට්‍රේලියා වලින් එවුව නිකොන් ඩී 3 එක්ස් කැමරාවකුයිත් එදාම ඩිලිවර් කරල. ඒ වෙලාවෙ තමා මට තේරුනේ මේ කෙල්ල මාව විතරක් නෙමේ වෙන උන්වත් රවට්ටලා කියල.
එදා ඉඳන් අද වෙනකම් ඒ කෙල්ලගෙන් කිසි ආරංචියක් නෑ. අය්යෝ සල්ලි. මට දුක මම බේරුනත් තාමත් මේ කෙල්ල නිසා කොල්ලො කී දෙනෙක් නම් අමාරුවෙ වැටෙනව ඇද්ද? අනේ පව් අහිංසක කොල්ලො.
ප.ලි. - මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. ඒකෙ එක දිගට දුක හිතෙන ආදර කතාවක් ගලා යද්දි ඒ මැද්දෙන් පත සයිස් නයෙකුත් හිමීට ඇදෙනවා දැක්කා. ඉතිං මට හිතුනා ආදර කතාවක් මැදින් නයෙක් යවන විදිය ගැන ඒ දරුවට ආදර්ශයක් වෙන්න පෝස්ට් එකක් ලියන්න. ;-)
අම්මෝ ඇඩ් ලෝකයක් :D :D
ReplyDeleteමාත් එව්වා මයික්‍රොසොෆ්ට් සර්ෆේස් ටැබ් එකක් :D
ReplyDeleteමං ඒත් බැලුවා උඹ නයි අරින්න පටන් ගත්තෙ කවදා ඉදන්ද කියලා.. ඒ දරුවා වගෙම උඹත් තව හැදෙන්න ඔනි.. මදි මදි බොහොම මදි :D
ReplyDeleteඔනි මොන්ටිසෝරි කොල්ලෙක්ට තෙරෙනවානෙ මේක නයෙක් කියලා ?
අපරාදෙ මගෙ බර්ත්ඩේ එකත් පහු උනානෙ... :(
ReplyDeleteඅපරාදේ කියන්න බෑ රත්ගමයාගේ ඇඩ් දැමිල්ල දැන් නියමටම නැගලා යනවා හිටපන්කෝ මාත් ලියනවා ඇඩ් පුරවලා පෝස්ට් එකක්..
ReplyDeleteමට නම් දෙන්න දෙයක් තිබුනේ නෑ අර්මානි පර්පියුම් එකක් විතරයි දුන්නේ,ස්ටූටී කිවුවෙත් නෑ අප්පා... :D
ReplyDeleteපව් නේ....
Deleteහික් හික් මෙහෙම නයෙක් දැක්කාමයි...
මමත් මේ ලින්ක් එක මගෙ අයි පෝන් එකේ තියන Gtalk එකට චැට් එකක් විදියට ආවම Apple iPhone එකෙන්මයි ඇවිත් කියෙවුවෙ. හදිස්සියෙ නුවර එලියෙ හොටෙල් එකක ෆ්‍රී දවස් තුනක පැකේජ් එකක් හම්බ උනා. ලැප් එක වැඩ උනත් මේ හොටෙල් එකේ වයි ෆයි වල මොකක් හරි අවුලක් තියනව.
ReplyDeleteSent from my iPhone
අයියෝශින මල්ලි ඔයාලගෙ ට්‍රිපට ජොයින් වෙන්න බෑරි උනාට සොරි ඈ අපේ තාත්ති හයිබ්‍රිඩ් එක ගෙනියල අද ඉතුරු වෙලා තියෙන්නෙ අර දාර ක්‍රයිස්ලර් එක විතරයි හයියෝ. මට බෑ ඒක ඩ්‍රයිව් කරන්න ඩ්‍රයිවර් අරගෙන එන්නත් බෑ එතකොට වෑඩක් නෑ. මේ අර ග්‍රෑන්ඩ් හොටේල් එකේ පෑකේජ් එක නේද හම්බ උනේ? නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ අපි මෑලේශියා යනව ශොපීන් ටුවර් එකකට අර ඩිනර් එක කල්දාමු කියල අරුන්ට කියන්න හරිද?
Deleteරංග මහත්තයො ඔබතුමා හිතනවද ඒ මාන්නක්කාර ගෑනු ලමයා දුක හිතෙන ආදරකතාවක් කිව්ව කියල. ඒ ආදර කතාවක් නෙමෙයි ආදරේ කරල වෙන් උනු අයටත් අපහාසයක්. අන්තිමේදි කොල්ලෙක්ගෙ පොටෝත් දාලා ඌට මඩ ගැහුව. අපි කොහොමද දන්නෙ මෙ ගෑනු ලමය කිව්ව දේවල් ඇත්ත කියල. අනික ආදරෙ කරන දෙන්නෙක් අතරෙ යම් යම් දේ හුවමාරු වීම සාමාන්යයි. ඕකට ඉතිං ඒ කොල්ලගේ පොටෝත් දාලා බ්ලොග් පෝස්ට් ලියන්න ඕනෙද?
ReplyDeleteමෙහෙම කවුද ගෙදරට ආව නයෙක් එලවලත් තිබ්බා
ReplyDeleteඅප්පටසිරි නයි ලෝකයයි !!!
ReplyDeleteඅහිකුණ්ඨකයෙක් ගේන්න වෙයිද දන්නේ නැහැ :D
ReplyDeleteයකෝ මේක නාග විමානයක් වෙලානේ..?මටත් දැන් නයෙක් අතාරින්න හිතෙනවා පත සයිස් එකෙක්.
ReplyDeleteනයෙක් නෙමෙයි ඇනකොන්ඩාවෙක්...
ReplyDeleteනයෙක් නෙමෙයි ඇනකොන්ඩාවෙක්...
ReplyDelete"නයා" වනාහි ලාංකීය හීනමානයයි.
ReplyDeleteලාංකිකයා කුමන රටක කුමන විදියට ජීවත් වුනත් සංස්කෘතිකව පරිණත වෙන්නෙ එහෙමත් කෙනෙක්.
ලංකාවෙ දුප්පත් මිනිස්සු තමන් බොහෝ වෙහෙසිලා ලබාගන්න "දේවල්" තමන්ගේම අනෙකා ඉදිරියේදි "කුසලාන" බවට පත්කරගන්නවා. අනෙකා තුළ තමා කෙරෙහි වන ඊර්ශ්‍යා පරවශ හැගීම් තමයි තමන්ව අභිෂේක කරන්නෙ.
යහපත් ආර්ථිකයක් සහ දියුණු සංස්කෘතියක් ඇති රටක "දෙවල්" කියන්නෙ කුසලාන නෙවෙයි, නිකංම නිකං මෙවලම් විතරයි....
අගේ ඇති කතාවක් ඔබ තුමාගේ කොමෙන්ටුව...
Deleteඑල comment එක.
Deleteමම දැක්ක හොඳම කමෙන්ටුවක්.
Deleteඔබගේ කමෙන්ටුව සහතික ඇත්ත සහෝ
Delete@සුමිත් +1
Deleteඔබේ කථාවට මාද එකගය...
Deleteඅනේ ඒකෙ කොහෙද නයෙක්. මට නම් එහෙම එකක් පේන්නෙ නෑ
ReplyDeleteමටත් බැරි වෙයිද මේ වගේ ඇඩ් එකක් දා ගන්න.
ReplyDeleteහ්ම්ම්.. ලංකාවෙ ගොඩක් අයට තියන ලෙඩක් ඕක. ඇත්තටම ඒවගේ රැවටීමක් උනානම් ඒ ගැන අනිත් අය ටිකක් හරි දැනුවත් උනා කියල මටනම් හිතෙනව. ජාල ප්‍රේම සම්බන්ධතා ගැන දෙවරක් සිතා බලන්න අවශ්‍යයයි .
ReplyDeleteහප්පා..මම එත් කියොගෙන යද්දි හිතනවා හිතනවා..හෙහේ..රංග අයියා නයි අරිනවා නයි මවනවා..
ReplyDeleteමචං මේ පැත්තෙං නයෙක් ගියාද?
ReplyDeleteඇඩ්වාන්ස් නයෙක්! ඒකාලේ නයි මොන නයිද?
ReplyDeleteAiyyoooo... Oyata kellata andum body sprey, ganna yanna thibbe target nemei,,, sacks 5th ave. Target oya hamoma yana thanakne,,,
ReplyDeleteAda ahamben awe me paththe....
Lassanata add dala thiyenne,,,,
මේ නයා නම් ලේසියෙන් එලවන්න බැරි එකෙක් වගේ.. :)
ReplyDeleteඑහෙමත් නයෙක් .. ඔලුවත් එක්ක කර කැවෙන්න ගත්තා :)
ReplyDeleteතව පොඩ්ඩෙන් කොස්සට බූමිතෙල් ගාගෙන එන්න වෙනවා
හිකිස්.. නයි නටවන කෙල්ල මා දනිමි.
ReplyDeleteසාධාරණ මඩක් මචං.. !
ජය !
paw wada aa mewa.
Deleteමට නාගීනා චිත්‍රපටය මතක් උනා...
ReplyDeleteබ්ලොග් ලෝකයට අලුතින් ටැග් එකක් හඳුන්වා දීමට කාලයයි මේ..
ReplyDelete[නයා][/නයා] ..... :D
මම මේ බ්ලොග් පෝසට් එක දැක්කේ [නයා] මගේ ටික කාලෙකට කලින් අරං පැත්තකට දාල තිබුන ඇපල් 4 s එක පොඩ්ඩක් අතට අරං චෙක් කර කර ඉද්දි [/නයා]
කකුල් දෙක උස්සගෙන කමෙන්ට් කරන්නේ... ස්ක්‍රීන් එකෙන් නයි පැනලා ගේ හැමතැනම.... :)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
Product placement...!!!
ReplyDeleteඔය කියන බ්ලොග් එකේ නං අසේල කියන කේස් එකක් මට නං පේන්නේ නෑ.
ReplyDeleteඔව් වෙනම ලිස්ට් එකක ගෑල්ලමයිගේ බ්ලොග් දාගෙන ඉන්නවනේ.. ;)
Deleteඇත්ත වගේ කිව්වත් විහිලු ඔදේ !
මේක රාජ නාගයෙක්
ReplyDeleteඅයියෝ මාත් මගේ ගැලැක්සි වයි එකෙන් ඔය කියන බ්ලොග් එක කියෙව්වා,
ReplyDeleteබ්ලොගර් ඩ්‍රොයිඩ් කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙන් මම ටයිප් කරපු පොස්ට් එකක් මගේ මොබිටෙල් කනෙක්ෂන් එකෙන් පොස්ට් කලේ
බලන්නකෝ
මම මගේ අයි 7 ලැප් එකෙන් ලොග් වෙලා බලද්දි එයා අහක යන බාල්දියක් දාගෙන ඇවිත් ඇනෝනිමස් කමෙන්ට් එක්ක දාලා :D
මම කල්පනා කලේ උබට කොම්පැනි කීයකින් ස්පොන්සර් කරලද කියල , අන්තිමටනෙ වැඩේ දැක්කේ
ReplyDeleteහම්බෝ නයා. ඒ වුනාට අඩේ එහෙම ජීවත් වෙන්න තියනවනම් අර සම්මානේ ගත්ත මනුස්සය වගේ ආතල් එකේ. එක අතකට වැඩකුත් නැති වෙයි.
ReplyDeleteචික් ! මගේ සැම්සුන්ග් ගැලැක්සි S III ෆෝන් එකෙන් සින්හල කොටන්ඩ බෑනෙ තවම..නැත්නම් මේ පෝස්ට් එකට මීට ඉස්සෙල්ලා කමෙන්ට් එකක් දාන්න තිබ්බා.. :-D
ReplyDeleteමරු ආදර්ශෙ....
ReplyDeleteඔළු කීයක නයෙක් ද මන් දා..........
ReplyDeleteකොහොම නමුත් යස අගේට ලියලා....
සූ සූ සු ....... කොහෙදෝ යන ගරඩිත් එනෝ. :P
හිත අස්සෙ තිබිච්ච චුට්ටං ඉරිසියාවක ප්‍රතිඵලයක්ද මන්ද?
ReplyDeleteමම හිතන්නෙ නෑ රංගට ඒ වගෙ බ්ලොග් එකක් කියවල ඉරිසියා හිතෙන්න තරම් දෙයක් ඒ බ්ලොග් එකේ තිබුනා කියලා.එත් මට හිතෙන්නෙ ඔයාට නම් ඒවගේ නයි අරිනව දැක්කම ඉරිසියා හිතෙනව කියල. ඔයා හිතපු විදියට නෙමෙයි රංග මෙතන ලියල තියෙන්නෙ. ඒක තේරුම් ගන්න බලන්න.
Deleteඅප්පට සිරි හොඳටම කේන්ති ගිහිං......
Deleteආ මේ ඉන්නේ කස්සයි,අසරණයයි අනේ බන් උබලා දෙන්නද වින්සැට් කුමාරි හාමිට ආවතේව කරන්නේ,,මෙයාට මේ බ්ලොග් අවකාසෙ ඉන්න පරන කියන උන් සේරම ආවතේව කලා,මෙයාගේ කතා වලට රැවටිලා,,දැන් උබලා දෙන්නා සහයෝගෙන් ඕක කරගෙන යමල්ලා
Deleteකසුන් මහත්තයා, ඒ දවස් වල අර අහිංසක ගෑනු ලමයගෙන් පනයම් කාල දැන් ආයෙත් අලුත් කෙල්ලෙක් හොයාගෙනද? ඕව සහගහන වැඩ
Delete@ සුරයා = දැන් උඹටත් කේන්ති ගියාද කමෙන්ට් එකක් යටින් කමෙන්ට් එකක් දැම්ම නිසා.ඒවාට කියන්නේ ආවතේවා කරනවා කියලද? එතකොට උඹත් කරන්නේ ආවතේව නේද?.
Delete@ asarnaya : uba karana wedeta nam api kiyanne puka denawa kiyala
Delete@අසරනයා -කියපු දේ තේරෙන්නෙත් නැති බූරුවෙක් වගේ උබත්, උබලා තමා ඔය බ්ලොග් එකේ ගහන පම්පෝරි වලට උඩ ගෙඩි දෙන්නේ, අරකිගේ කතාවට ඒකිගේ හොටු පිහන්න යන්නේ මොකෝ ඒකි උබටත් ලැප් එකක් දෙන්නම් කිවුවද
Delete@ අසුරයා = අඩේ ඒකට එහෙමද කියන්නේ. ස්තුතියි මචං
Deleteජයවේවා!!
@ සූරයා = කොතනද බුද්ධිමත් මහත්තයෝ මම දුන්න උඩ ගෙඩිය තියෙන්නේ.
යකෝ මගෙ ක්මෙන්ට් එකට ගොඩක් අයගෙ හිත රිදිලනෙ...අතීතෙ අහුලන කෙනාගෙ මහත්තය කියපු කෙනත් මේ පැත්තෙ ඇවිත් වගේ..හික්...
Deleteඅයියෝ අයියා නයි ගැන කියෙව්වේ ඇයි? :D
ReplyDeleteමට මතක විදියට මේ පහල තියෙන්නෙ ඒ පැත්තෙ මම දැක්ක කතා ටිකක්. මගේ දැනුමෙ හැටියට නම් මේවට නයි මිසක් කියන්න වෙන වචනයක් නෑ.
ReplyDelete"මම බෝනික්කෙක් වගේ කෙල්ලෙක්", "රට හිටියත් මම ඒ සංස්කෘතියට හැදුන කෙනෙක් නෙමෙයි", "මගේ සල්ලි ඔක්කොම ලංකාවෙ ෆික්ස් ඩිපොසිට් තියෙන්නෙ", "ඒ කෙල්ල මගේ අහලකින්වත් තියන්න බෑ" ඔය මට මතක් උන දේවල් ටිකක් විතරයි.
නයි ටික හොයල ලියන්න ගියොත් කමෙන්ට් එකක් නෙමේ ආයෙමත් පෝස්ට් එකක්ම ලියන්න වෙනවා. උනන්දුවක් තියෙනව නම් ගිහින්, එහේ තියෙන පෝස්ට් ඔක්කොම කියවල බලන්න බමුණො ඒව පුච්චල විනාස කරන්න කලින්. :-P
For those who point fingers at others....
Deletehttp://r4ng4.blogspot.ca/2011/04/blog-post_23.html
ලන්කාවෙ මිනිස්සුන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල පේන්නේ නැනේ...
ReplyDeleteමම ඔය කියන blog එක කියවලා තියෙන, සමාන අත්දැකිමක් විදපු කෙනෙක්....
අනිත් එක එයා නයෙක් ඇරියනම් ඇරියෙ එයාගෙ blog එකෙනේ.. ඔයාගෙ blog එකේ නෙවෙයි නේ???? ඔයාගේ wife ට "මල්" ඇඩ් දාන්න හොදයි නම් එයා නයි ඇරියම මොකද්ද ඔයාලට තියෙන අමාරුව ?????
මම හිතන්නෙ මේ අමා කියන්නෙ අමවිනේත්‍ර වෙන්න ඇති. කෙලින් කතා කරන්න බැරි කමට වෙන්න ඇති වෙන නම් වලින් එන්නෙ. රංගගෙයි මගෙයි බ්ලොග් දෙක දෙකක්. මම ලියන්නෙ මගෙ විදියට රංග ලියන්නෙ රංගගෙ විදියට. මලක් ගහන එක ඇඩ් එකක් කියල හිතන ඔයා ඉන්නෙ මොනවගේ නූගත් තැනකද කියල තේරෙනවා. ඕගොල්ල වගේ ගොං චූන් දාන අය ඉන්නකල් රෑ උනත් කම්මැලි නැතුව ආතල් එකක් ගන්න පුලුවන්. අනිත් එක රංගගෙ පෝස්ට් එකකට ඇවිල්ල මගේ බ්ලොග් එකට දාන්න ඕනෙ කමෙන්ට් එකක් දාන එකෙන්ම ඔයාගෙ මොලේ තරම තේරෙනවා. මට නම් සිරාවටම හිතෙන්නෙ මේ නයි නටවපු නංගි වෙන්න ඕනේ මේ රෙද්ද උස්සගෙන ඇවිල්ල රීල ගිහින් තියෙන්නෙ.
Deleteමම හිතන්නේ මගේ කලින් කමෙන්ට් එකට දෙන්න උත්තරයක් නැතිකමට වගේ මේ විදියට රමේෂගෙ බ්ලොග් එකේ දාන්න ඕනෙ කමෙන්ට් එකක් මේකෙ දාල තියෙන්නේ.
Deleteඅඩෝ වරෙල්ලා... මට බැනපල්ලා... සමහරවිට බොලාටත් චාන්ස් එකක් තියෙයි ලැප්ටොප් එකක් දිනා ගන්න. :D
අනේ සුදු අමා නංගි රංගයියා ඇනෝ දාන්න නොදෙන නිසාද ඔයා අළුත් ප්‍රෙෆයිල් එකක් හදන්න මහන්සි උනේ...
Deleteඅපරාදේ නේ.. නැතිනම් මගේ බ්ලොග් එකට දැම්මා වගේ ඔයාට මේකටත් ඇනෝ කමෙන්ට් එක්කම දාලා මාරු වෙන්න තිබුනා නේද...
දැන් මේකේ ඇනෝ දාන්න දෙන්නේ නැති නිසා.. එන්න සුදු මගේ බ්ලොග් එකට ඇවිත් දාන්න ඇනෝ කමෙන්ට් එකක් :P
හෙට වින්සැට් කුමාරි හාමි රංග සහෝදරයව 4 තට්ටුවට ගෙනියනවා සිකුරටම,,එයාලගේ අයියලා බර ගානක් ඉන්නවා ආරක්ශක අංශේ පොඩි අයත් නෙමේ හෙනම ලොක්කෝ උසස් නිලදරුවෝ,බ්ලොග් එකෙත් කිවුවා,,රහස් පොලිසියේ කීප දෙනෙක්ම ඉන්නවා කියලා, අර කස්සගෙනුයි,අසරණයගෙනුයි අහලා බලන්න මම බොරුද කියන්නේ කියලා
ReplyDeleteයකෝ ගොන් ආතල් ගන්න එපා මෙතන කමෙන්ට් එකකට යටින් දෙයක් කිවුවාම කොහොමද ආව තේවා කරනවා වෙන්නේ.
Deleteමෙතන කිසිම ගොන් ආතල් එකක් නෙමේ තියෙන්නේ..බොරු කතාවලට රැවටිලා උබලත් තව ටික දවසකින් ඕකිගෙන් චාටර් එක කනවා,,බලන් ඉදිල්ලා
Deleteඋඹත් කලින් චාටර් එකක් කාපු කෙනෙක්ද මචං. කමෙන්ට් එකක් දැම්මොත් ඒ වගේ දේවල් වෙනවද බං. කා ගැනවත් මම වැඩිය දන්නේ නැහැ කියපන් යාළුවා. ..
Deleteබුදු අම්මෝ ..නයි විතරක් නෙමේ පිඹුරොත් ඇවිත් . මොනව වුනත් රංග කවදත් අලුත් බ්ලොග් හඳුන්වා දෙන එක නම් හරිම හොඳ වැඩක් .
ReplyDeleteඅම්මියෝ..මෙහෙමත් නයි ඇරිල්ලක්..
ReplyDeleteබ්ලොග් අවකාශෙට මම අලුත්..ඒත් මං හිතන්නෙ මමත් දන්නව රංග අයියගෙ ලැප්ටොප් ඩිලිවරි කෙල්ලව..හැබැයි අයියෙ,එයා තරම් නයි අරින්න ඔයාට බෑ.ඔයාට ඇත්ත කියවෙනව...
සිරා පෝස්ට් එක ඈ!
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලී,,,
ReplyDeleteඒ බ්ලොග් එකේ මටනම් කිසිම නයෙක් පෙනුනේ නැහැනේ.
ReplyDeleteතරහ වෙන්න එපා කව්රුත් මෙහෙම කිව්වට (මම කගේවත් පැත්තට කතා කරනවා නෙමේයි). මම හැමදාම මගේ ලෝකය බොලොග් එක කියවන කෙනේක්! මාත් මේකෙන් තමා ඒ බොලොග් එකට ගියේ. අනිත් පොස්ට් නම් කියව්වේ නැ නමුත් අර රකුසද මොකාගෙද කතාව නම් කියෙව්වා. එකේ නම් නයි ඇරපු බවක් මට පෙනුනේ නැහැ. එතන එක ලියපු කෙනාව රවට්ටල අසාධාරණයක් කරල තිබ්බා කියලයි මට හිතෙන්නේ ලියලා තිබ්බ විදියට.
ReplyDeleteබොලෝග් එකකට කියලා මුලින් දාපු කමේන්ට් එක!!!
ජය වේවා!
"නාග" සලං..! :D
ReplyDeleteකෙල්ලො නයි ඇරියාම ගොඩක් එකාලා නයිය පටවනවනෙ... ඉතිං උන් උඩ...
ReplyDeleteපටවන උන්ගෙ නයියගෙ පෙනේ කන්න දෙන්න ඕනෙ මුගටියෙකුට
තොගේ කටනම්..... අනේ මන්දා......
Deleteලස්සන නයි ටික.හුරතලේට ඇති කරන්න හිතෙනවද මන්දා..
ReplyDelete:D
සත්තු වත්තක්ම දාමු :D
Deleteඋඹට කීයක් හම්බුනා ද බං මේ ටික ප්‍රමෝට් කරන්න..
ReplyDeleteමෙම ලිපියත් බලන්න.
ReplyDeleteඇයි බං මූ ඇඩ් විතරක් දාන්නේ?
Deleteමටත් තියෙන ප්‍රස් නයෙක් ඕක :D
Deleteඅනේමන්ද! සිරාවට නරකමත් නෑ ..
ReplyDeleteඑයාගෙ බ්ලොග් එකේ නයි ඇරීමක් මටත් පේන්නේ නැත.. අනේ මන්ද මේ පෝස්ට් එකනම් තනිකරම නයි විමානයක් ..
ReplyDeleteඑහෙම නයි දැක්කෙ නෑනෙ ඇත්තටම ඒ බ්ලොග් එකේ.එයට උන අසාදාරනය වෙන කෙනෙක්ට නොවෙන්න නෙවේද ලියල තිබුනෙ.
ReplyDelete