Wednesday, July 18, 2012

ලබ්බට තිබ්බ අත පුහුලටත් නොතියයිද?

"පුවත් වෙබ් අඩවි සඳහා ලියා පදිංචි ගාස්තුව රුපියල් ලක්ශයක් සහ අලුත් කිරීමේ ගාස්තු වසරකට රුපියල් 50000ක්. "

අලුතින් කැබිනට් පත්‍රිකාවක් සම්මත වෙලා තියෙනවලු ඔය කියන විදියට බදු අය කරගන්න. සමහරවිට මේකට ප්‍රධානම හේතුව කිසිදු සත්‍යතාවය ගැන විමසුමකින් තොරව පුවත් පලකරන පුවත් වෙබ් අඩවි ගනන සීමා කරන්න වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් රජයට කීයක් හරි වැඩිපුර හම්බ කර ගන්න වෙන්නත් පුලුවන්.

මේ පුවත් අඩවි වලින් කෙරෙනදේ හරිද? බොහොමයක් වෙලාවට මෙම පුවත් අඩවි වලින් රජයට විරුද්ධ පුවත් වාර්තා ඉදිරිපත් වෙනව. යම්තාක් දුරකට රූපවාහිනී, පුවත්පත් සහ ගුවන්විදුලි පුවත් රජය මගින් පාලනය වෙන නිසා නිදහස් පුවත් මාධ්‍යයක් විදියට පුවත් වෙබ් අඩවි සලකන්න පුලුවන්.

ඒත් වගකීමකින් තොරව ව්‍යාජ පුවත් පලවීම තමා මේවයේ තියෙන වැ‍රැද්ද. දේශපාලනය හැරුනම බොහෝ වෙලාවට ප්‍රසිද්ධ චරිතවල අපි නොදකින පැති ගැනත් බොහෝවිට මෙම වෙබ් අඩවි වල සඳහන් වෙනවා. ඒවගෙත් නිරවද්‍යතාවය ගැන නම් ගැටලු සහගත අවස්තා නැත්තේම නැහැ.

හැබැයි පුවත් වෙබ් අඩවි කියන්නෙ යකෙක් කියල කෑගහන මහරාජා ආයතනය ඇතුලු ඒ සම්බන්ධ කැම්පේන් කරන හැම කෙනෙක්ගෙම කිල්ලෝට වල නම් හුණු පොඩ්ඩක් නෙමේ කිලෝ ගනන් තියෙන නිසා එයාල කතා කරන්නේ තම තමන් වෙනුවෙන් මිසක් මහජනතාව වෙනුවෙන් කියල හිතන්න බෑ.

අනික කොහොමද මෙහෙම පුවත් අඩවියකින් ගානක් අය කරන්නේ? තමන්ගෙ වෙබ් අඩවි නාමය ".lk" ඩොමේන් රෙගිස්ටාර්ගෙන් අරන් තියෙනව නම් හෝ ගන්න යනව නම් රජයට මේ කියන විදියට බදු අය කර ගන්න පුලුවන්. ඒත් පුවත් අඩවියක් කියල නොකිය රෙජිස්ටර් කරොත් එතනත් පොඩි පොඩි ගැටලු ඇති වෙන්න පුලුවන්.

එතකොට .lk නැතිව වෙනත් වෙබ් අඩවි නාම ඇති ලංකාවේ පුවත් වාර්තාකරන වෙබ් අඩවි වලට මොකද වෙන්නේ? මේවට බද්දක් අය කරන්නේ කොහොමද? ලංකාවෙ හොස්ට් කරල තියෙනව නම් බදු අය කරනවද? එතකොට පිටරට හොස්ට් කරල තියෙන ඒවට මොකද වෙන්නෙ?

අනික ලක්ශ ගනන් බදු ගෙවාගෙන .lk ඩොමේන් නාමයක් හෝ ලංකාවෙ හොස්ටිං තියාගෙන ඉන්න තරම් පුවත් අඩවි කාරයන්ට අමාරුවක් ඇද්ද? එහෙම නැත්නම් අවුරුද්දකට රුපියල් 1000 කටත් අඩුවෙන් වැය කරල ඔවුන් වෙනත් ඩොමේන් නාමයක් සහ වඩා කාර්යක්ශමවත් හොස්ටිං පහසුකම් කරා නොයයිද?

සමහර අයට නම් මේක එතරම් වැදගත් පුවතක් නෙමෙයි. අනේ නිවුස් කාරයන්ට මොනා උනත් අපිට මොකද කියල. ඒත් කවුරුහරි ඇමතිවරයෙක් හෝ උපදේශකයෙක් කිවුවොත් නිව්ස් හෝ ඒ සම්බන්ධ බ්ලොග් අඩවි තමා ඊලඟට කියල ඒ වෙනකොටත් අපි පරක්කු වැඩි නැද්ද? ලබ්බට තිබ්බ අත පුහුලටත් නොතියයිද?

29 comments:

  1. තමන්ගේ කතා කරන, තීරණ ගන්න විශය ගැන මේ ලෝකෙ දෙයක් නොදැන තීරණ ගන්න මැති ඇමතිවරු ඉන්න රටක තවත් එක ගොන් පාර්ට් එකක්.

    කොහොමත් ඔය මඩ සයිට් කියල කියන නිව්ස් සයිට් හැම එකක්ම ඇත්තටම නිව්ස් සයිට් කැටගරියට දාගන්න බෑ. ඒ හැමදේම නිකන්ම නිකන් "Gossip" කැටගරියට තමයි දාගන්න වෙන්නෙ. ඒ වායේ පලවෙන දේවල් ගැන කාටවත් වගකීමක් නැත්තා සේම කියවන්නා ගත්ත යුත්ත පමණක් අරගෙන නොගතයුත්ත ඉවත දාන්න ඕනෙ..

    අන්තර්ජාලය තම තමන්ගේ දේශපාලන ඕන එපාකම් අනුව මර්දනය කරන්න පුළුවන් තැනක් නෙමෙයි කියලවත් මේ නූගත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ....!

    ReplyDelete
    Replies
    1. එක සැරයක් චයිනවල තියෙන ගවන්මන්ට් ෆයර්වෝල් සිස්ටම් එක ලංකාවෙත් දාල ගූගල් එකක් බ්ලොක් කරන්න ප්ලෑන් කරපු උප්දේශකයො ටිකක්නෙ මෙහේ ඉන්නේ

      Delete
  2. කතාව සම්පූර්ණ ඇත්ත.. අද මම එකද මන්ද?

    ReplyDelete
  3. සයිබර් බ්ලොග් යායට ගැටළු කාරි තත්වයක් උද්ගතවෙන බවක් පෙනෙන්ට තියෙනවනම් එකමුතුවෙලා තත්වය නිවැරදි කරන්ට කටයුතු කරමු...නියපොත්තේන් කඩන්ට තියෙන දේට පොරව ගෙනකං ඉන්ඩ ඔන නෑනේව

    ReplyDelete
  4. මම නොදන්න නිසා අහන්නෙ.. දැං ඔය කියන විදියට සල්ලි නොගෙවපු නිවුස් සයිට් බ්ලොක් කරනව ඇති නෙ. ඒ කියන්නෙ අදාල URL එක බ්ලොක් කරනව කියන එක නේද.

    බ්ලොග් ගැන ඔය මැටි ඇමතියල දන්නෙ නැතුව ඇති. උන් දන්නෙ ඉන්ටර්නෙට් කියන්නෙ‍ ෆේස්බුක් කියල..

    ReplyDelete
  5. ආණ්ඩුවේ එදා වෙල හොයාගන්න කරන දේවල් නෙව !!

    ReplyDelete
  6. මෝඩ කම තමා ඔය තීරන ගනිපු පුද්ගලයන්ගෙ.

    කොහොම උනත් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවා අනිවා.

    ReplyDelete
  7. මේ ලඟදි තොරතුරු තාක්ශනය ගැන ලොකුවට දන්නවායැයි සිතන ඇමතිවරයෙක් මට මුණ ගැහුණා... අයියෝ සංසාරේ ඔහුගේ දැනුම දැක්කම.... ජීමේල් එකවුන්ට් එකක් හදන්නේ කොහොමද කියලා මගෙන් ඇහුවනේ.... මට පස්ස හපන් මැරෙන්න හිතුනේ.. මට මතක නෑ රංගයා මම උඹලට ඔය කථාව කිව්වද කියලා...

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ.....
      අපි මේ කොම්පියුටර් වලින් ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්නෙ මෙයාලත් එක්කද :O

      Delete
  8. තාක්ෂණය අතින් බලද්දි මේ .lk කථාවෙන් මේ පුද්ගලයන් අන්තර්ජාලය ගැන ඇති දැනුම හොදටම තේරෙනවා.. ඒත් මේකෙ ප්‍රශ්ණෙ තියෙන්නේ මේ එලන්න යන දැලේ කොන කොහේ වෙයිද කියන එකයි..

    //ලබ්බට තිබ්බ අත පුහුලටත් නොතියයිද? // කියන දේ ගැන නම් සෑහෙන අවධානයෙන් ඉන්න වෙනවා..

    ReplyDelete
  9. මහරාජා එක පිස්සු කෙළින්නෙ එයාල වෙනුවෙන්ම තමයි.නැතුව අපි වෙනුවෙන් නෙමෙයි..
    ඩොමේන් නේම් තියෙන නෙව්ස් සයිට් තියෙන්නෙ කීයෙන් කීයද?තේරුමක් නැති වැඩක් කරන්න යන්නෙ..

    අනික පුහුලටත් අත තියනවමයි අනිවා!

    ReplyDelete
  10. රංග මේ ගැන ලියපු එක හොඳයි... මේක ටෙක් පැත්ත තේරෙනෙ කෙන්ක් නිසා... මේ ගැන ලියපු හැමෝම මේකෙ පොලිටිකල් පැත්ත විතරනෙ ලිව්වෙ...

    ඒත් මට රංග ලියපු එකේ අපැහැදිලි තැනක් තියෙනව... අපි හිතමුකො ඩොට් කොම් සයිට් එකක් රෙජිස්ටර් නොවී ඉන්නව කියල... දැන් එතකොට ඒක ලංකාවෙ බෑන් කරන්න බැරිද...මොකද දැන් යූ ඒ ඊ වල සමහර දේ තහනම්... ( පෝන් සයිට්ස්, ආගමට සම්බන්ද සමහර සයිට්ස් වගේ..).. එතකොට ඒක ඩොට් ඒ ඊ සයිට් එකක් වුනත් ඩොට් කොම් සයිට් එකක් වුනත් මෙහේදි අරින්න බෑ...( සාමාන්‍ය ක්‍රමේට.. ).. ඉතින් ඒ වගේ කරන්න බැරිද ලංකා රජයට හිතුනොත්... මොකද හැමෝටම ඔය ප්‍රොක්සි.. වීපීඑන් වගේ කතා තේරෙන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මෙතන ප්‍රශ්න කීපයක් තියෙනව එහෙම ගත්තම. ආණ්ඩුවට ගෙවන්නෙ නැති නිවුස් සයිට් බෑන් කරනව කියමුකෝ.

      එතකොට මේ නිවුස් සයිට් වල ඩෙ‍ෆිනිශන් එක මොකක්ද? අර චාමි කියල තියෙනව වගේ අපි ලියන ගොඩක් බ්ලොග් ආටිකල් මොකක් හරි නිවුස් එකක් උඩ (කෙල්ල කොල්ල තරහ වෙලා හරි) පදනම් වෙන නිසා එතකොට බ්ලොග් නුත් නිවුස් සයිට් වෙනවද?

      ලංකාව ගැන නිවුස් පලකරන CNN, BBC වගේ අන්තර්ජාතික වෙබ් අඩවිත් ලංකාවෙ බලන්න පුලුවන් වෙන්න නම් උනුත් ලංකාවෙ ආණ්ඩුවට වාර්ශිකව බද්දක් ගෙවන්න ඕනෙද?

      එතකොට ආණ්ඩුවට සුදුහුණු ගාන, එහෙමත් නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාකාරීන් පිටිපස්සෙන් ඉඳන් දුවවන නිව්ස් වෙබ් සයිට් වලටත් මේ විදියටම බදු ගෙවන්න ඕනෙද?

      හැබැයි එහෙම බෑන් කිරීමක් කරොත් එදාට ප්‍රොක්සි ගැන නොදන්න ජනතාවත් දැනුවත් වෙයි. වැල සයිට් බෑන් කරාට පස්සෙ මම හිතන්නෙ ප්‍රොක්සි නොදන්න ගොඩක් උන් ප්‍රොක්සි පාවිච්චි කරන්න ගත්තා. නිවුස් සයිට් බෑන් කරාම ඒක තවත් වැඩිවෙයි.

      Delete
    2. පිටරටක register / host කරලා පිටරටක ඉඳන් සයිට් එක maintain කරන්න පුළුවන්නේ... ආණ්ඩුවට කරන්න පුළුවන් එකම දේ තමා බ්ලොක් කරන එක.... ඒත් ඉතින් බලන් කෙනාට ප්‍රොක්සි සයිට් එකකින් බලන්න පුළුවන්නේ....

      Delete
  11. ඔය යන විධියට යන්න අරින්න හප්පා.....වැඩිය කලබල කරන්න එපා! "දේශපාලක සියල්ල දත් ලා" ඇනගන්න සහ අනාගන්න හැටි බලාගන්න පුළුවන් තව ඉස්සරහට.....

    ReplyDelete
  12. අන්තර්ජාලය කියන්නේ බ්ලොක් කරන්න බැරි එකක් කියලා මේ ඔටුවන්ට තේරෙන්නේ නෑ

    ReplyDelete
  13. අන්තර්ජාලය බ්ලොක් කරන්න බෑ කියලා මේ ඔටුවන්ට තේරෙන්නේ නෑ..යමක් හිරකරන්න හිරකරන්න ඒක නැවතෙන එක නෙවෙයි වෙන්නේ.

    ReplyDelete
  14. ඔය මගුල් නීති නිසා හොස්ටින්ග් දෙන අපිටත් නිකන් ප්‍රශ්න

    ReplyDelete
  15. කොහොමත් .LK ඩොමේන් රෙජිස්ටරිං පටන් ගත්ත කාලෙ සාමාන්‍ය ඩොමේන් එකකට අවුරුද්දට රුපියල් 5000 කුත්, අකුරු 3 ක නමක් තියෙන ඩොමේන් නමකට අවුරුද්දට රුපියල් 25000 කුත්, අකුරු දෙකේ ඩොමේන් නමක් තියෙන වෙබ් අඩවියකට අවුරුද්දකට රුපියල් 35000 කුත් ගෙවන්න උනා. දැන් නම් ගනන් හිලවු කොහොමද කියල දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මගේ මතකය ටිකක් විතර වැරදියි. මේ තමා කලින් ඉඳන්ම තිබුන ගනන් හිලවු.

      http://www.nic.lk/index.php/en/facts-at-a-glance

      දැනගන්න ලැබුන විදියට නම් .LK ඩොමේන් රෙජිස්ටර් කරද්දි අයකරන ගානෙ වෙනසක් වෙන එකක් නෑ.

      ඒ කියන්නෙ නිවුස් සයිට් වල ඩොමේන් මොක උනත් වෙනමම රෙජිස්ටර් කරල බදු ගෙවන්න වෙයි වගේ.

      Delete
  16. කොහොමින් කොහොමින් හරි අපිටත් කෙල වෙයිද දන්නේ නැහැ

    ReplyDelete
  17. තව ටික දවසකින් මොනවා නොවෙවිද.....

    ReplyDelete
  18. අනිව ඉතින් පුහුලටත් වැඩේ හම්බ වෙනව..!!

    ReplyDelete
  19. මුන්ට පිස්සු මචන් , ආණ්ඩුවට උඩ පැන පැන මඩ ගහන වෙබ් සයිට් කොහොමත් දැනටමත් බ්ලොක් කරල තියෙන්නේ , හැබැයි බලන මිනිස්සු බලන්න දන්නවා (ටෙලිකොම් වල නම් කිසිම ගේමක් නැතුවම බලතැකි ) ඉස්සරහට කාට හරි මඩ ගහන්න හිතුනත් කරන්නේ අරුන් කරන එකම තමයි . අන්තිමේදී ගෙවල නිවුස් දාන්න ඉතුරු වෙන්නේ විමල් කාරයගේ සී නිවුස් එක විතරයි . මංගලටත් නිකන් කහනව කහනවා වගේ නම් ලක්ෂයක් දීල අර එක්ස් නිවුස් ද මොකක්ද මකබාව රෙගිස්ටර් කරගන්න පුලුවන්

    පුහුලට අත තියන එකක් නම් නැ , හැබැයි තියන්න ආවොත් අනේ තියා ගනින් කියලා වෙන අතක් බලාගෙන නිකා ඉමු . දේශප්‍රේමී ගොබ්බ සේනලා බහුතරයකගේ ඔලු ගෙඩි ටික පැදෙන කන් ඔය සෙතේ තමා

    ReplyDelete
  20. ඔව් කියන්න බෑ.
    හනේ මන්දා ලංකාවේ කරවන මෝඩ යක්කුන්ගේ වැඩ තමා ඉතින්.
    හැබැයි ඉතින් බයවෙන්න දෙයක් නෑ.මේ අවුරුද්දේ රාවණා රජතුමා ආයේ නැගිටිනවා කියන්නේ.එතකොට ඕවා කෙරෙන එකක් නෑ..:පී

    ReplyDelete
  21. සහතික ඇත්ත. කොහෙන් හරි කීයක් හරි ගරා ගන්න තියනවනම් එච්චරයි. නිදහස් මාධ්‍ය කිව්වට අන්තිමට වෙන්නේ මේක තමා. ඔලුව නමාගෙන නගුට පුකේ ගහගෙන ඉන්නවනම් හරි කියලයි කියන්නේ. මේවා හරිගස්සන්න ඇත්තටම පුළුවන් වෙයිද ? අපිට මොනවද කරන්න පුළුවන්?

    ReplyDelete
  22. 1.මේක හරියට රේඩියෝ ලයිසන් කරපු අසාර්තක වැඩසටහන වගේ. ප්‍රායෝගිකව කරන්න බෑ. ඒත් මම නං කැමතියි මේක කරල ඇනගන්නව නං.:) මොකද අපිට තියන බලය අනුව ඕන දෙයක් කරන්න පුළුවන් කියල හිතන අයියල මටුටු වෙන්නම ඕන.

    2.අනිත් කාරණාව තමයි මේ කියන මාධ්‍ය. විශේෂයෙන් ගොසිප් අඩවි! අන්තර්ජාලය ප්‍රසාරණය වීමත් එක්ක කිසිවෙකුට පාලනය කල නොහැකි මෙවැනි අඩවි බිහිවීම වලක්වන්න බෑ. කොහොම උනත් මේව ගැන එච්චර කලබල වෙන්න ඕන නෑ. මොකද බලන මිනිස්සු එච්චරම විශ්වාසයකින් නෙවේ මේව බලන්නෙ.(නමින්ම "ගොසිප්" කියල තියනවනෙ සමහර අඩවි). උදාහරණයක් විදියට ඊ නිව්ස් සයිට්එකේ තියන පුවතකට වඩා වැඩි විශ්වාසයක් ලංකාදීපෙ පුවතකට තියනව. ඒ නිසා මේවා ස්වභාවිකව පාලනය වෙන්න දෙන්න ඕන.

    ආ තවත් දෙයක්. තාක්ෂණිකව මේවට වැටවල් බඳින්න බෑ. පරිගණක දැනුම අතින් ඉතාම පහල මට්ටමේ ඉන්න අපේ කාර්යාල වල උදවියත් ප්‍රොක්සි ගැන දන්නව.

    ReplyDelete
  23. අන්තර් ජාලයට වැටවල් බඳිනව කියන්නේ අසාර්ථක ප්‍රයත්නයක්, එකෙන් වෙන්නේ ලංකාව ලොකයෙන් තවත් හුදෙකලා විමයි, දැන් ඉන්ටනෙට් යන්නත් ගානවැඩි 100MB වලට රු25 ...මට හමුවුන කොරියානු ජාතිකයෙක් කිව්වා, ශ්‍රී ලංකාවේ විය්‍යාපාර ආයොජනය කරන්න බයයිලු, අන්තර්ජාල අඩුවේගය,නිතර ජාල සබදතා බිදවැටිම්, අන්තර්ජාල සේවා සමාගම් තාක්ශනික ගැටළුවලදි මග ඇරිම, අධික මිල,මොකද තාක්ශන පැත්තෙන් මේවගේ ගැටළු වගෙම රජයෙනුත් විටින් විට කිසිම තෙරුමක් නැති විවිධ නිතී රිතී ගෙනවලු කිසිම ස්ථිරත්වයක් විස්වාසයක් නැතිළු, ඉතින් කොහොමද නිදහසේ ලංකාවේ විය්‍යාපාරයක් පටන්ගන්නේ කියලා...(කමෙන්ට් එක දිග වැඩිනම් සමාවන්න කොරියානු ජාතිකයා මට කියපු දෙතමා එහෙන්මම මම ලිව්වෙ)

    ReplyDelete
  24. මචන් ඕවා ගොන් පාට්, උබත් ඒක හොදටම දන්නවනේ. ඔය උන් ටික ඕක කරන්න යන්නේ කොහොමද කියලයි මාත් මේ බලන් ඉන්නේ. උන් ban policy එකක් හදනවනම් කොහොමද උන් ban කරන site මොනාද කියල තෝරන්නේ, කොහොමද උන් ban එක implement කරන්නේ; මේ කියන ඒවා උන් කරන්න හිතන් ඉන්නේ කොහොමද කියලයි මාත් මේ බලන් ඉන්නේ.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.