මම බොලොග් එක පටන් ගත්තේ මගේ ජීවිතේ ගෙවීගෙන යනකොට මම මූණ දුන්න සිද්ධි වලින්.පස්සේ මම ජොක්ස් ලියන්න ගත්තා.ඒ අතරේ මම දැක්ක දේවල් විවේචන විදියට සීරියස් පෝස්ට් ලිව්වා. ඉද හිට මට ලියන්න මෙළෝ අයිඩියා එකක් නැති වෙනකොට වට පිටේ මට ඇහෙන මම දකින කතන්දර මට ලියන්න මාතෘකා හොයලා දුන්නා.මේ ලියන්න යන පෝස්ට් එකට අයිඩියා එකක් දුන්නෙත් වටේ පිටේ ඇහෙන දකින කියවන්න වුණ කතන්දර..ගෑනු මිනිස්සු ආදරය කරනවා,කසාද බදිනවා,පවුල් කනවා , එකට බෙදා හදාගෙන ජීවත් වෙනවා. සමහරු හොදින් පවුල් කනවා.තවත් සමහරු ටික කාලෙකින්ම දෙන්නට දෙන්නා එපා වෙලා මරා ගන්නවා. තවත් සමහරු ටික කාලයක් ගිහින් පවුල් කඩාගෙන තනිකඩ වෙනවා..
ගොඩක් වෙලාවට මේ දෙවල් වුණාම ඒවට මූණ දෙන්නේ ඒ කපල් එක. ඒ වුනත් වැඩිපුරම ඒ ගැන කථා කරන්නේ වටේ ඉන්න උන්. තමන්ගේ පවුල ගැන හිතනවට වඩා මිනිස්සු හිතන්නේ අනිත් උන්ගේ පවුල් ගැන. මේවා අද ඊයේ ඇති වෙච්ච සමාජ ප්‍රශ්ණයක් නෙමේ. ඉස්සර ගම් වල පවුල් වල පුතාට හරි දුවට හරි කසාද බදින්න කෙනෙක් හොයන්නේ වට පිටේ ඉන්න හැමෝගෙන්ම අහලා. පුතාට මනමාලියක් ගේන්න කලින් දෙමව්පියෝ ඒ මනමාලිගේ ගමට ගිහින් වටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒ මනමාලි ගැන විස්තර අහනවා.මනමාලිගේ පැත්තෙනුත් ඒකම කරනවා. මේ අතරේ ඒ පවුල් වල තරහාකාරයෙක්ගෙන් වැරදිලාවත් විස්තර ඇහුවොත් ඌ උගේ තරහට පට්ට පල් බොරු කියලා ඒ මගුල කඩලා දානවා.
තාමත් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. කසාද බදින්න කලින් මෙහෙම දේවල් වෙනවා වගේම කසාද බැන්දට පස්සෙත් ඒ වගේ දේවල් සෑහෙන්න සිද්ධ වෙනවා. අලුතින් මනමාලියෙක් අල්ලපු ගෙදර එකා කැන්දගෙන ආවහම ඒ ගැන වැඩිපුරම හොයලා බලන්නේ අල්ලපු ගෙදර ඉන්න උන්..හදිසියේවත් නැන්දම්මා ලේලී ප්‍රශ්ණ වුනොත් ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ අල්ලපු ගෙදර ගෑනු කෙනා.. මිනිස්සු පුදුමාකාර විදියට අනුන්ගේ පවුල් ප්‍රශ්ණ ගැන උනන්දුයි. කවුරු හරි පවුලක් හොදින් පවුල කනකොට සමහර යාළුවෝ කියාගත්ත අය ඔන්න ටිකෙන් ටික ඒ පවුල් වල මැද්දට එනවා..
ඔන්න පිරිමියාගේ පැත්තෙන් උගේ යාළුවෝ ඌට යොමුකරන ප්‍රශ්න
1) මචං උඹේ ගෑනි උඹට හොදට සළකනවාද?
2) මචං මුල ඉදන්ම ගෑනිව උඹට ඕන විදියට හදාගනින්
3) මචං මට ආරංචි වුණා උඹේ ගෑනිට අරුත් එක්ක පළහිලව්වක් තිබුනා කියලා
4) උඹට ගෑනිව හොදටම ෂුවර්ද?
5) ගෑනිගේ පදේට නටන්න එපා බං.බලපන් මට වෙලා තියෙන දේ
6) මචං තමන්ගේ කසාද ගෑනිව උනත් විශ්වාස කරන්න එපා. ගෑනු කියන්නේ ජරා ජාතියක් බං
මෙන්න මේ වගේම ගෑනුකෙනාගේ යාළුවෝ එයාට යොමු කරන ප්‍රශ්ණ
1) ඔයාගේ හස්බන්ඩ් ඔයාට හොදට සළකනවද?
2) මිනිහව මුල ඉදන්ම ඔයාට ඕන විදියට හදාගන්න. පස්සට කරදර වෙයි
3) මට ආරංචි වුණා ඔයාගේ හස්බන්ඩ්ට ගොඩක් ගෑනු පළහිලව් තිබුනා කියලා.අනේ මම කිව්වා කියලා කියන්න එපා
4) ඔයාට හස්බන්ඩ්ව හොදටම ෂුවර්ද?
5) මිනිහට ඕන විදියට නටන්න එපා.කාන්තා නිදහස නැති කරගන්න එපා
6) මිනිස්සු කියන්නේ විෂබීජ වගේ ජාතියක්.සත පහකට විශ්වාස කරන්න එපා
මෙන්න මෙහෙම ළග ඉන්න උන් හෙමින් පවුල් අතරට ඇවිත් ගෑනුකෙනාගෙයි පිරිමිකෙනාගෙයි ඔලුවට දහසකුත් ප්‍රශ්ණ දානවා. අවාසනාවකට සමහර උන් ඒවා ගැන හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ යාළුවන්ගෙන්ම පවුල් ජීවිතේට අවවාද අරගන්නවා. දැන් දෙන්නට දෙන්නා යාළු වෙලා පවුල් උන උන්ගේ පවුල් රන් කරන්නේ වටේ ඉන්න උන්. ටික දවසකින් ඒ පවුල් වල අවුල්. අන්තිමට දෙන්නා දෙමහල්ලෝ කසාදෙට තිත තියලා දික්කසාද වෙනවා.
එහෙම දික්කසාද වුණාම මුලින් පවුල් ඇතුලේ පදිංචි වෙලා හිටපු උන් තැනින් තැන මෙහෙම කියව කියව යනවා..
1 අපරාදේ හොද ගෑනි .අරුත් එක්ක ඉන්න පුළුවන්ද බං. ඌ බේබද්දා
2 ෂුවර් එකටම උගේ ගෑනිට වෙන මිනිහෙක් හිටියා
3 මචං ආරංචිද අරූගේ පවුල කැඩිලා..
4 මිනිහා ඒකිගේ ජීවිතේ කෑවා
5 ෂුවර් එකටම මිනිහා බඩුකාරයෙක්.
6 අනේ බං ගෑනු මිනිස්සු කොහෙන් හොයාගන්න බැරිද
ඔන්න ඔය විදියට ගොඩක් උන්ගේ පවුල් අවුල්. සමහර පවුල් එහෙම අවුල් කරන්න බැරි නිසාමත් ඒත් ඒ අය පවුල් කනවා බලන් ඉන්න බැරි නිසාමත්
1 උන්ගේ පවුල් ජීවිතේ අපායක්නේ බං..
2 උන් පවුල් කන්නේ ලෝකෙට පේන්නනේ බං
3 ඔන්න බලපං බං උන් දෙන්නා කී දවසක් පවුල් කයිද කියලා
4 ඒකිත් ගෑනියෙක්ද බං
5 අරුත් මිනිහෙක්ද බං
මෙන්න මෙහෙම කියන කරන උන් අපි වටේම ඉන්නවා. පවුල් කන දෙන්නට නැති වගකීමක් යුතුකමක් අනිත් අයට තියනවා. දෙන්නට දෙන්නා අවබෝධෙන් තමන්ගේ පවුල ඇතුලේ ජීවත් වෙනවා නම් කිසිම එකෙක්ට ඒ පවුල් ඇතුළට ඇවිත් පදිංචි වෙන්න බෑ.. ඒ නිසා තමන්ගේ වටේ ඉන්න උන් තමන්ගේ පවුල් ජීවිතේ ගැන කතන්දර කියනවා නං ඒ උන්ට කුහක කමට දත කාගෙන ඉන්න බැරුව කියන කතන්දර කියලා ඒවා හිනා වෙලා අයින් කරන එක තමයි කරන්න තියෙන හොදම දේ..
ප . ලි - මමත් දැන් පවුලක් වෙලා ඉන්න නිසා වෙන්නැති මේ වගේ මාතෘකා ගැන ලියන්න මට හිතෙන්නේ. කකා කියනව වගේ දැන් ටිකක් වයසට ගිහින් නේ. ඒකත් නරකම නෑ..සෑහෙන්න කාලයක් බූට් කාලා , සෙට් වෙන්නේ නැති තැන් වල අමාරුවෙන් සෙට් වෙන්න ගිහින් අවුල් වෙලා අන්තිමට මම මට හරියන කෙල්ලෙක් එක්ක පවුල් වුණා. පවුලක් වෙනවා කියන එකේ එකම වෙනස තනිකඩ කාලේ හිතන්න ඕන උනේ නැති වගකීම් ගැන හිතලා වැඩ කරන්න වුණ එක විතරයි. එතනින් එහාට කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. අන්න ඒකයි මම හිතන විදියට වෙන්න ඕන හොදම දේ...
පවුල් ගැන කියද්දි මගේ පවුල ගැනත් කියන්න ඕන... කේන්දරේ බලලා කිව්වේ අපි දෙන්නාගෙන් එක්කෙනෙක් අවුරුද්දක් ඇතුලත මැරෙනවා කියලා.. මම දුන්න උත්තරේ මේකයි... "අප්පච්චි, නොදන්න ගෑණියෙක් බැඳලා ජීවිතයක් මැරි මැරි ජීවත් වෙනවාට වඩා දන්න ගෑණියෙක් බැඳලා අවුරුද්දක් ජීවත් වෙලා මැරෙන එක හොඳයි නේද" කියලා.. දෙයියනේ කියලා අවුරුදු 5ක්ම ගියා.. මේ තාමත් යසට ඉන්නේ....
ReplyDeleteපවුල් ප්‍රශ්ණනම් තියෙන්නේ වටේ ඉන්න උන්ගෙ හ්ත්වල මිසක් අපේ නෙවෙයි.. ඒවානම් අහකටමයි....
"මිනිස්සු කියන්නේ විෂබීජ වගේ ජාතියක්.සත පහකට විශ්වාස කරන්න එපා." මේක හිරු ට්ව් එකේ යන කතාවක කියන කෑල්ලක් නේ? :)
ReplyDeleteමොනව උනත් ඇත්ත කතාව.ලග ඉන්න එකා අපිටම වල කපනකම් අපි දන්නේ නෑ.එතකන් උන්ට වැඩ එකෙක් නෑ.ලියලා තියෙන්නේ සහතික ඇත්ත. මිනිසුන්ට අනිත් පවුල් වල මොනවද වෙන්නේ කියන එක වැදගත් තමන්ගේ පවුලේ තියෙන ප්‍රශ්න වලට වඩා.උන්ට එදා වේල කන්ට නැති උනත් කමක් නෑ දන්නා කියන එකෙක්ගේ ප්‍රශ්නෙකට අත දාන්ට තියෙනවනම්.
සහතික ඇත්ත. දැං බැලුවම පවුල ගැන වැඩිය කැක්කුම තියෙන්නෙ වටේ ඉන්න මිනිස්සුන්ට. හොඳ අවබෝධයකින් නොඉන්න දෙන්නෙකුගෙ පවුල ඉවරයි ඔය කතා ඇහුවොත්.
ReplyDeleteක්‍රමයෙන් පරිණත බවට පත් වෙනවා වගේ :)
ReplyDeleteඅම්මප...සහතික ඇත්ත
ReplyDeleteඅනුන්ගේ පවුල් ගැන හොයන්නේ තමන්ගේ පවුලේ අවුලක් තියෙන වුන්...
ReplyDeleteඅයියා කියන දැන් දේවල් නම් අපිටත් වැදගත් වෙනවා...
'ගොඩක් වෙලාවට මේ දෙවල් වුණාම ඒවට මූණ දෙන්නේ ඒ කපල් එක. ඒ වුනත් වැඩිපුරම ඒ ගැන කථා කරන්නේ වටේ ඉන්න උන්. තමන්ගේ පවුල ගැන හිතනවට වඩා මිනිස්සු හිතන්නේ අනිත් උන්ගේ පවුල් ගැන..' හි හි.. සහතික ඇත්ත,,
ReplyDeleteඑකඟයි පෝස්ටුවට!
ඔබට ජය සහෝ!
පට්ට රංග අයියා... ජය මංගලම් කිව්වා....
ReplyDeleteමේ කතාවට මම 100% එකඟයි. රංග ඔය වැඩේ ඔතනින් නවතින්නේ නැහැ. ඊලඟට දෙන්නෙක් බැන්දම මාස තුන යනකොට කෙල්ලගේ බඩට ඇගිල්ලෙන් අනිනවා. තාම නැද්ද මුකුත් කිය කියා.
ReplyDeleteඔන්න කපල් එකට නැති උනන්දුවක් තියන්නේ මේ කොහෙවත් නැති වුන්ට. අපි රෝගීන් එක්ක සිටින නිසා අපිට පේනවා දරුවන් නැති යුවලවල් වල රෝග වලට මේ විෂ බීජ නිසා එන බලපෑම බොහෝ වැඩියි. නැති මානසික පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා කපල් එකට වෙන ආර්ථික පාඩුව, මානසික තැවීම ඒ ගැන කියලා වැඩක් නැහැ.
මේ ලිපියට මම බොහොම කැමතියි.
අනේ මන්ද.. අපිට තාම ඕවා තේරෙන් නෑ.. ඔය වගේ දිගටම උඹට හිතෙන එවා ලියපන්... එතකොට අපිට අත්දැකීමක් හරි තියනවනේ...
ReplyDeleteජය වේවා...
නියමයි... ෙලසටම ලියලා තිෙයනවා ++++++
ReplyDeleteෙවන ඒවුන් කියන කථා අහ අහා පවුල් කන්න ගිෙයාත් වැඩි කල් නෑ...
(ෙම් මගුෙල් සිංහල අවුල්)
ඔය ටික ටික තේරෙන්නෙ
ReplyDelete100% පොස්ට් එකට එකඟයි, ඔකට තව එකක් එකතු කරන්න ඔනේ බැඳපු ජොඩුවට ලමයි නැත්නම් වටේ අය කියන්නේ, අරුගේ ගෑනී වඳයි, අරූ වඳයා....අන්න එහෙමයි ඇත්තටම බලනකොට ලමයි ඕනේ බැඳපු ජොඩුවට නෙමේයි වටේ අයට, තව දෙයක් - ඒ අයට පිරිමි ලමයෙක් ලැබුනොත් කියන්නේ අපරාධෙ කෙල්ලෙක් ලැබුනනම් හැඩ බල බල ඉන්න තිබුන කියල, කෙල්ලෙක් ලැබුනොත් කියන්නේ අපරාධෙ කොල්ලෙක් ලැබුනනම් පවුලටම හොඳ හයියක් කියලනේ..... අනේ මන්දා මේව අහනකොට මටනම් කසාද බඳින්නත් බය හිතෙනව... බඳින්නැතුවත් බැහැ එතකොට වටෙ-පිටෙ අය කියන්නේ අරූ කොල්ලො ආශ්‍රය කරනව වැඩි මේකා කොල්ලන්ට කැමති එකෙක්ද කොහොද කියල, අන්තිමට යාළුවො ආශ්‍රය කරන්නත් නැතිවෙයි...හි හ් හි..... කාලයට ගැලපෙන පොස්ට් එකක්
ReplyDeleteමේකට හොදම උදාහරණේ අපි දෙන්නම බ්ලොග් වල ඇනෝ එන උන්ගෙන් අහන කථා.ඒත් ඒ එකෙක්වත් දන්නේ නෑ ඒවා බලලා හිනා වෙලා අපි ආතල් එකේ ඉන්න එක.මම හිතන්නේ ඒකට හේතුව දෙන්නෙක් අතර තියෙන අවබෝධය.දෙන්නට දෙන්නා කසාද බැන්දේ එකිනො ගැන ඇතිවෙච්ච ආදරයක් සහ තේරුම්ගැනීමක් නිසානම් ඊට වඩා ඕන කරන දෙයක් නෑ.එක තැනක තිබුනා ගෑනි මල් ගහනවා මිනිහා බෝතලේ කටේ තියන ඉන්නවා කියලා. මේ වගේ දේවල් වලින් සම්පූර්ණයෙන් පේන්නේ හිතේ තද කරගෙන ඉන්න කුහකකං.
ReplyDeleteමට මං වෙලා ජීවත් වෙන්න , පොඩ්ඩක්වත් වෙනස් වෙන්න ඕන කමක් උනේ නැති,හැමදාමත් කථා කරන්න දේවල් ඉවරයක් නැතුව තියෙන,සමබරව ජීවිතේ හැමදේම බෙදාගන්න පුළුවන් කෙනෙක් එක්ක එකට එකතු වෙලා ජීවිතේ ඇවිදගෙන යන්න ලැබුනු එක ගැන මම ගොඩක් සතුටුයි..
සමහර මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම හිස්.නීරසයි.අන්න ඒ නීරස බව අනිත් අයගේ ජීවිත වලත් තියෙන්න ඕන කියන හැගීම තියන උන් විතරයි මෙහෙම හැසිරෙන්නේ..
අද කාලේ නම් මිනිස්සු හැමෝම වගේ ඉන්නේ ලොකු පීඩනයකින්.
ReplyDeleteඔය පීඩනය ටික වෙලාවකට හරි නැති වෙනවනේ අනුන්ගේ ඕපයක් අහලා ඒ ගැන කතා කර කර හිටියම.
පොස්ටුවෙන් කියල තියෙන දේ නම් හරියටම හරි.ගොඩක් අයට අපි මොනවා හරි කලත් වැරදියි නොකලත් වැරදියි :)
සිරා කතාව...
ReplyDeleteබොලා දෙන්නා සංතෝසෙන් ජීවත් වෙයල්ලා...
එච්චරයි...
ජය වේවා!!!
කසාද බැන්දම ඕනෙම මිනිහෙක් දාර්ශනිකයෙක් වෙනවා කියන්නෙ ඕකට තමයි....!
ReplyDeleteඅපිටත් මේවා අදාළ කරගත්තොත් හොඳයි නැත්තම් පිට මිනිස්සුත් ඔය විදියට අපිට බනියි.
ReplyDeleteකොහොමත් අපිටත් වඩා අපි ගැන වද වෙන්නේ අපේ වටේ පිටේ උන්නේ! අපේරටවල(ආසියාතික) විතරද දන්නෑ ඔය තත්වේ මේ තරම් තදේට තියෙන්නේ?
ReplyDeleteකසාද බැන්දම ඕනෙම මිනිහෙක් දාර්ශනිකයෙක් වෙනවා කියන්නෙ ඕකට තමයි....!
ReplyDeleteහික් හික්.. අනේ මන්දා දූමී අයියා.. එහෙම වෙලා ඇති නේද......... :-D
Deleteපොදු දෙයක් ගැන මොනා හරි කියනවා නම් ඕනි කෙනෙක් මන් අහගෙන ඉඳලා ඒකෙන් ගන්න තියෙන දේ ගන්නවා. නැතුව මගෙත් පුද්ගලික ජීවිතේ ගැන අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න එනවානම් ඉතින් ඒත් අහන් ඉන්නවා..මගේ දරා ගැනීමේ සීමාව ඇතුලෙ ඉඳන්.. අනිත් කනෙක් පිට කරනවා කියපු දේවල් සේරම..මොකද අදාල නැති දේවල් කියන්න ඕනි කෙනෙකුට අයිතියක් ඇති වගේම ඒ කිව්ව දේවල් අර අළුයම ලී කෙළ පිඬක් සේ විසි කරලා දාන්න මට එයිට වඩා අයිතියක් තියෙන නිසා..කිල්ලෝටෙ හුණු පිරිච්චම අය තමයි අනුන්ගෙ කිල්ලෝට අස්සෙ අත දාන්නෙ සහ ඒවා එළියට අදින්නෙ..
ReplyDeleteඅර කතාවක් තියෙන්නේ තාත්තයි පුතයි බුරුවෙක් විකුණන්න පොලට යනවලු…තුන්දෙනා ඔහොම යද්දී ඉස්සරට හම්බුවෙන මිනිස්සු කියන්න ගත්තලු මාර මොඩයෝ දෙන්නෙක් බුරුවෙකුත් තියාගෙන පයින් යනවා කියලා…
ReplyDeleteමේක අහලා පුතා නැග්ගලු බූරුවගේ පිටට..ඊට පස්සේ මිනිස්සු කියන් ගත්තලු මාර පුතෙක් තමයි තාත්තා පයින් යද්දී පුතා හොදට බුරුවගේ පිටේ යනවා කියලා…
ඒක අහලා තාත්තා බූරුවගේ පිටේ නැගලා පුතාව බැස්සුවලු.. දැන් හම්බෙන මිනිස්සු කියනන් ගත්තලු මාර තාත්තෙක් තමයි පුතාව පයින් යවලා තාත්තා හොදට බුරුවගේ පිටේ යනවා කියලා…
මේක හරියන්නේ නැති නිසා දෙන්නම බුරුවගේ පිටේ නැග්ගලු.. දැන් මිනිස්සු කියනවලු කිසිම සත්ව කරුණාවක් නැති උන් දෙන්නෙක් අර අසරණ බුරුවගේ පිටේ දෙන්නම නැගලා කියලා…
බැරිම තැන තාත්තයි පුතයි බූරුවව කරේ තියාගෙන යන්න ගත්තලු.. එතකොට මිනිස්සු හිනාවෙන්න ගත්තලු පිස්සු මැන්ටල් පොරවල් දෙකක් කියලා… :D
ආයේ මාලූ ලෑල්ලක් තියෙන මිනිහෙක් බිස්නස් වැඩිකරගන්න හිතාගෙන “අලුත් මාලු විකිණිමට තිබේ” කියලා බෝඩ් එකක් ගැහුවලු…
ඔන්න එතකොට මිනිහෙක් කිව්වලු අලුත් මාලු නැතුව ඔහේ පරණ මාලු විකුණන්නේ නෑනේ… මොකටද මෙහෙම ගැහුවේ කියලා… ඇත්ත තමයි කියලා බුවා අලුත් කෑල්ල කැපුවලු… දැන් තියෙන්නේ මාලු විකිණිමට තිබේ කියලා…
ඊට පස්සේ ආව මිනිහෙක් කිව්වලු මාලු නැතුව ඔහේ මෙතන එලවලු විකුනනවයෑ කියලා… ඇත්ත තමයි කියලා මිනිහා මාලු කෑල්ලත් කැපුවලු.. දැන් තියෙන්නේ විකිණිමට තිබේ කියලා…
ඊට පස්සේ මිනිහෙක් කිව්වලු විකිණිමට නැතුව ඔහේ පිනට මාලු දෙන්නේ නෑනේ කියලා… ඊට පස්සේ බුවා විකිණිමට කියන කෑල්ලත් මැකුවලු…
අන්තිමට බෝඩ් එකේ තියෙනවලු “තිබේ” කියලා… එතකොට මිනිස්සු හිනාවෙන්න ගත්තලු පිස්සු මැන්ටල් පොරක් කියලා … :D
තව ඔයවගේ කතා ඇති මතක නෑ… :D
එහෙමත් සීන් වෙනවා නේද.කව්ද දන්නේ ඉතින් තවම අපි පොඩි ළමයිනේ.. ඒත් තියන කරුණු නම් ඇත්ත තමා. එකඟයි.
ReplyDelete"කසාද බැන්දම ඕනෙම මිනිහෙක් දාර්ශනිකයෙක් වෙනවා කියන්නෙ ඕකට තමයි....!"
ReplyDeleteඅම්මපා දුමියෝ කට ඇරපන් උඹේ කටට අරක්කු වීදුරුවක් වක්කොරන්න . . :D
කාලීන ලිපියක්!
ReplyDeleteපූසා මං හිතන්නෙ අපේ රට වගේ තවත් ඌණ සංවර්ධිත රටවල ඔහොම ඇති :-D
මං අහල තියෙනවා ඌණ සංවර්ධනයේ මාර කොටස කරන්නේ තුන්වැන්නා කියලාත් :-D
ඔය තුන්වැන්නා කියන්නෙ හැමවෙලේම පුද්ගලයොම නෙමෙයිනෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නීති වගේ ඒවත් තුන්වැන්නො වෙනවනෙ වෙලාවකට. මේ තුන්වැන්නට යටත් වෙන්නැතුව ඉන්න තියේනම් මාරයි.
ඉස්සර මුන්ට ප්‍රශ්නයක් උනේ රංගයියේ උබේ බීම එතකොට මුන්ට උබ බේබද්දා,,දැන් මුන්ට ප්‍රශ්නේ උබේ රමේශව,උබලා දෙන්නගේ විවාහ ජීවිතය,,ඉස්සරහට මොකක් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ
ReplyDeleteමේකෙ කමෙන්ට් ඩිසේබල් කරන්නේ නැද්ද?
ReplyDeleteඋඹගෙ අම්ම අප්ප අරන් දීපු කනෙක්ශන් එකකින් වත් උඹගෙ බ්ලොග් එකවත් නෙමෙයි මේක. මට කැමති දෙයක් මම ලියනව. නිකම් අනුන්ට නයට කහින්නෙ නැතුව කීබෝඩ් වීරයෙක් නොවී පුක නොදී පඩුවෙ හිටපන්. නිකම් දෙන එකවුන්ට් එකක් අස්සෙ හැන්ගිලා ඉඳගෙන ගොං ජෝක් දාන එක උඹ හිතන්නෙ හරි ලොකු වැඩක් කියලද?
Deleteඋඹ දවස තිස්සෙ බ්ලොග් වල පුක දිදී ගියාට මට නම් ජීවිතයක් රස්සාවක් තියෙනව වගේම බ්ලොග් කියන්නෙ මගේ ජීවිතේ නෙමෙයි. උඹ ඔහොමම පුක දිදී පලයන්. මට ඕනෙ දේ මම හැමදාම ලියනව. තොපි වගේ ගොංකැරියො නම් නො එන එකම හොඳයි.
දැන් ආපු අතක් බලන් පලයන් හිවලා.
දැන් උඹ පුක ඉරාගෙන ආවෙ මේ ටික අහගෙන යන්නනෙ. මේක කොහේ හරි ගිහින් කොපි පේස්ට් කරල බැනපං අනේ මම පව් මෙයා, මෙන්න අරූ මට බනිනෝ කියල.
සිරාවටම උඹගැන උඹගෙ තාත්ත දන්නව නම් හිතයි අපරාදේ එදා සරමෙ පිහිද ගත්තෙ නැත්තෙ කියල.
කියලා තියෙන කතාවනම් සහතික ඇත්ත. හැමෝම හදන්නේ අනිත් අයගේ ජීවිත දිහා බලලා තමන්ගේ හිත සතුටු කර ගන්න හදන එක. මේකට තව කතාවක් එකතු වෙන්න ඕනා. බැඳලා ටිකක් කල් යනකොට හැමෝම අහන්න ගන්නේ ළමයි ගැන. හදිස්සියෙවත් බැඳලා ටික කාලෙකින් ළමයෙක් හැදුවේ නැති උනොත් "උන්ට ළමයි නැහැ බං, අපි නම් පැදුරක් පෑගුවත් ළමයෙක් ඉපදෙනව" කියලා හිනා වෙන මිනිස්සු සෑහෙන්න ඉන්නවා.
ReplyDelete/* ගොඩක් වෙලාවට මේ දෙවල් වුණාම ඒවට මූණ දෙන්නේ ඒ කපල් එක. ඒ වුනත් වැඩිපුරම ඒ ගැන කථා කරන්නේ වටේ ඉන්න උන්. */
ReplyDeleteසහතික ඇත්ත..
me pitaratawal diunu vela thibime rahasa oka thamai, munta munge weda karaganna dawasa madi, lankawe unta anunge opa dupa hoyanna dawasa madi
ReplyDelete