දේශපාලන පක්ශ සෑම විටකම බලය පසුපස හඹා යන අතර බලය ලද සැනින් එය අනිසි ලෙස භාවිතා කරයි. සැමවිටම සමාජයේ දියුණුවට ප්‍රථම තම තමන්ගේ දියුණුව මුල්කොට සලකයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට පක්ශ දේශපාලනය අවශ්යමද?
සමාජය සහ දේශපාලනය අතර ඇති බැඳීම සිදුකරනුයේ දේශපාලන පක්ශයක් විසිනි. එලෙස ගත්කල දේශපාලන පක්ශයකින් ඉටුවන මූලික වගකීම් සතරකි.
01. දේශපාලන පක්ශයකින් වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කරයි. තමන් බලයට පත්වුවහොත් දේශපාලන පක්ශයකට මෙම වැඩසටහන් / ව්‍යාපෘති ක්‍රියාවට නැගිය හැක. මෙම වැඩසටහන් අනුව ජනතාවට තමා කැමති අදහස් සමග පෑහෙන පක්ශයකට සහයෝගය ලබාදිය හැක.
02. සමාජීයමය ගැටලු සහ ඉල්ලීම් සැලකිල්ලට ගන්නා පක්ශ ඒවාට විසඳුම් පැකේජ ලෙස එලිදක්වයි. යම් අවස්ථාවන්හිදී මෙම ඉල්ලීම් එකිනෙක හා ඝට්ටනය විය හැක. පක්ශ මෙම විසඳුම් තම දේශපාලන න්‍යායපත්‍රයට ඇතුලත් කරයි.
03. පරිපාලන ක්ශේත්‍රයේ පුරප්පාඩු පිරවීම බලයේ සිටින පක්ශය මගින් සිදු කරනු ලබයි. මෙහිදී බොහෝවිට මෙම තනතුරු සඳහා තමන්ගේ අනුගාමිකයින් යොදා ගැනීම පිලිබඳව පක්ශ ගැරහුම් ලබයි. ක්ශේත්‍ර අධ්‍යයනය මද වශයෙන් ඇවැසි පරිපාලන තනතුරු මෙලෙස පුරවනු ලබයි.
04. රටක ගමන් මග තීරණය කිරීමට බලයේ හෝ විපක්ශයේ සිටින පක්ශයකට බෙහෙවින් බලපෑමක් කල හැක.
අවාසනාවකට මෙන් බොහොමයක් පක්ශවලට ඉහත සඳහන් වගකීම් සාර්ථකව ඉටුකිරීමට නොහැකිය. ඉටු කලද ඒවයේ ඇති විනිවිද භාවය පිලිබඳ බොහෝවිට ප්‍රශ්න මතුවේ. බොහෝ පක්ශ අභ්‍යන්තරයේ බෙහෙවින්ම දුර්වල වන අතර සම්පූර්ණයෙන්ම යැපෙනුයේ තම නායකයාගේ පෞරුෂත්වය මතය. පක්ශයක් සමාජය සමග ඇති සම්බන්ධය අඩුවන තරමට චන්දදායකයින්ගේ ගැටලු සහ අවශ්යතාවලින්ද ඔවුන් දුරස්ථ වෙයි. පක්ශ නායකයෙක් තේරීම බොහෝවිට සිදුවනුයේ දක්ශකම් මත නොව යම් යම් බලපෑම් මතය.
ඉහත සඳහන් පක්ශ දේශපාලනයේ පවතින ගැටලු වඩාත් ඉස්මතුවන්නේ එය රටක ඉදිරි ගමනට සහ ප්‍රජාතන්ත්‍රවාදයට රිනාත්මක ලෙස බලපෑම් ඇති කරනවිටය.
මෙම ලිපිය අන්තර්ජාලයේ මූලාශ්‍ර ඇසුරින් ජාත්‍යන්තර නියැදියක පක්ශ දේශපාලනයේ වගකීම සහ අඩුලුහුඩුකම් පිලිබඳව ලියන ලද්දකි. මේ අනුව අපි අද සිටිනුයේ කොතනදැයි තීරණය කිරීම ඔබට භාරය.
මේ ලංකාව ඇතුලේ දේශපාලන පක්ෂයක් යනු ඔය එකක් වත් නොව බලය ලබා ගැනීමට චන්දය ඉල්ලීම වෙනුවෙන් අටවා ගත්තකි.එක පක්ෂයකින් චන්දය ඉල්ලා දිනු පසුදිනම තවත් පක්ෂයකට මාරු වීම මීට උදාහරණයකි.විෂන් මිෂන් ප්‍රතිපත්ති කියා දෙයක් නැත. තියෙන්නේ චන්ද ඉල්ලීම සඳහා කාට හෝ කියා ලියා ගත් වචන සෙට් එකකි.ඒවායේ තේරුම චන්ද ඉල්ලන උන් තියා ලියපු උන් වත් නොදනිති.වේදිකාවල ගිරිය කැඩෙන තුරු ගිරවු වගේ කියවති.මිනිස්සු ඒවා අසා මන මෝහනය වී චන්දය දෙති බලයට ගෙනෙති.පහුවදා සිට හරියට වෙන එවුන් චන්දය දී පත් කලාක් සේ බලු බැනුම් අරඹති.අපි දන්නා ලංකාවේ දේශපාලනය නම් ඕකය.!
ReplyDeleteada man 2 wow @
ReplyDeleteපක්ෂ දේශපාලනය ඇතුවත් බැරි නැතුවත් බැරි අර කවුදෝ වගේ ජාතියක් බන් . . .
ReplyDeleteපක්ෂ දේශපාලනය තියෙන්න ඕනි. එතකොට බලයේ ඉන්න පක්ෂය වැරද්දක් කරනකොට ඒකට එරෙහි වෙන්නත් හොඳ වැඩ කරන්න තල්ලුවකුත් ලැබෙනවා. විපක්ෂය බලයට ආවම කලින් හිටපු පක්ෂයට වැඩ වැඩ කරන්න වෙනවා බලයේ ඉන්න නම්. එක තමා ඇත්තටම තියෙන්න ඕන. ඒත් මේ සිරි ලංකාවේ එහෙම නැහැනේ . මහජනයා බුද්ධිමත් විදියට වැඩ කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ.
ReplyDeleteරංග මල්ලි මොකද, පලා බබෙක්ටවත් ඉල්ලන්න කියලා කවුරු හරි ආරාධනා කලාද?
ReplyDeleteපක්ෂ දේශපාලනය ඇති රටක් විදියට ලංකාවේ කැපුවත් නිල්, කැපුවත් කොළ ච්න්තනයන් මුල් බැහැ ගෙන තියෙන නිසා මොනම පක්ෂයක් වුනත් තමන්ගේ දේශපාලන න්‍යාය පතය හදද්දි රටේ පෙන්නම තියෙන ගැටළු ටික ඉස්සරහට දාලා බලයට එන්න උත්සාහ කිරීම ඇර වෙනත් දෙයක් ගැන හිතනවා කියලා හිතන්න බැහැ. ඒවට දෙන්න හදන සමහර විසදුම් හිනා යන තරම් ලාමකයි කියලා මිනිස්සුට තේරැනත් නොදන්න යකාට වඩා දන්න මහසෝනා හොදයි කියලා තමන් හැමදාම ඡන්දෙ දුන්න පක්ෂෙටම දීලා දාන්න ගොඩක් මිනිස්සු පෙළඹෙනවා කියලායි මට නම් හිතෙන්නේ.
ReplyDeleteඅනිත් එක ගොඩක් ගැටළු වලට විසදුමක් දුන්නත් ඒ විසදුම හරි නෑ, ඒකේ මේ මේ වැරදි කියෙනවා කියලා විවේචනය කරන්න ඇති තරම් උගත්තු සහ මාධ්‍ය හිටියත් වැරැද්ද නිවැරදි කර ගැනීමට හෝ විකල්ප විසදුමක් (හිනා යන් නැති විදියේ) දෙන්න මේ රටේ කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑහැ.
කොටින්ම කිව්වොත් ලංකාවේ දේශපාලනය හරියට ටෙනිසන් කුරේගේ වේදිකා නාට්‍යයක් වගේ. ඇති දේකුත් නෑ. කියන දෙයක් තේරෙන්නෙත් නෑ. හැබැයි බඩ බදාගෙන හිනාවෙන්න නම් පුලුවන්.
ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ දේශපාලන පක්ෂ කියල දෙයක් ලංකාවෙ නෑ. සීමාසහිත සමාගම් ටිකක් නං තියනව. විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය ආණ්ඩුව සියල්ලම ඔහු. අනෙක් අතට යූඑන්පී වගේ පක්ෂවල තත්වයත් මේකමයි(බලය නැතත්).
ReplyDelete