ටිකක් මෝඩ පහේ කෙල්ලක්ට හිතුනලු පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ කියල. මෙයා ඉතින් සෑහෙන්න සල්ලි වියදම් කරල පිටරට ෆ්ලයිට් ඉස්කෝලෙකට ගියාලු. මුල් දවස් ටිකේම තියරිලු උගන්නන්නේ. මෙයාට මේ වැඩේ කම්මැලි නිසා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට පගාවක් දීල.
ඉන්ස්ට්‍රක්ට කාරයත් පගාව අරගෙන මෙයාට හෙලිකොප්ටරයක් දීල. කියල ඔයා මෙන්න මේ විදියට මේක කන්ට්‍රෝල් කරන්නේ. දිගටම සැරින් සැරේ මට රේඩියෝ එකෙන් කතා කරන්න. අවශ්ය උපදෙස් මම දෙන්නම් කියල.
මෙයත් දැන් තනියම හෙලිකොප්ටරේ අරන් අඩි 1000 ක් විතර උඩට ගිහින් රේඩියෝ එකෙන් කියල "මේක මාර ලේසියිනේ. මේ වැඩේ මට හොඳට අල්ලලා යනව" කියල.
මෙයා මීටර් 2000 ක් උස පහුවෙද්දි ආයෙ රේඩියෝ එකෙන් කතා කරල කියල "අය්යෝ ඔයා කිවුව වගේ අමාරුවක් මේකෙ නැහැනේ. හරිම ලේසියි" කියල.
දැන් හෙලිකොප්ටරේ තව උඩ ගියාට ආයෙ රේඩියෝ මැසේජ් එකක් ආවෙ නැහැලු. ඉන්ස්ට්‍රක්ට බුවා දැන් බය වෙලා බලන් ඉන්නවලු මොනවහරි අවුලක් වෙලාද කියල.
එක සැරේම හෙලිකොප්ටරේ කඩාගෙන වැටිලා ටිකක් ඈතකට. දැන් ඉන්ස්ට්‍රක්ටර් බුවත් හති දාගෙන හෙලිකොප්ටරේ වැටුනු තැනට දුවලා. එතන සුන්බුන් බලද්දි අර කෙල්ල ඉන්නවලු සෑහෙන තුවාල එක්ක.
බුවා : මොකද උනේ?
කෙල්ල : ඔක්කොම සිරාවට තිබ්බා. ගොඩක් උඩට යද්දි මට ටිකක් සීතල ගතිය වැඩී නිසා මම අර ලොකු ෆෑන් එක ඕෆ් කරා. එච්චරයි මතක
දැන් කොහොම හරි කෙල්ල තුවාල සනීප කරගෙන ආයෙ ආවලු ෆ්ලයිට් ඉස්කෝලෙට. මෙයාගෙ වදෙන් බේරෙන්න බැරි තැන මෙයාව දාල ගුවන් සේවිකාවක් විදියට වැඩ කරන්න.
මොකද පයිලට් කෙනෙක් වෙන්න මොලේ තියෙන්න ඕනෙ උනාට "සර්, ටී ඕ කොෆී?" කියල අහන්න මහා ලොකුවට මොලේ තියෙන්න ඕනෙ නැහැනේ.
ඔන්න දැන් මෙයා මෙයාගේ ට්‍රේනිං ඉවර කරල පලවෙනි ගමන යන්න ගියාලු. ඒ ෆ්ලයිට් එක අද ගියා නම් ඩෙස්ටිනේශන් එකේ එක දවසක් නතර වෙලා පහුවෙනිද තමා ආයෙත් එන්නෙ.
ඉතිං ඩෙස්ටිනේශන් එකට ගිය ගමන් පයිලට් මෙයාව එක්කගෙන රට තොට පෙන්නන්න ගෙනියලා. කෑම කඩ, ශොපිං කරන්න හොඳ තැන් නවතින්න හොඳ තැන් එහෙම පෙන්නලා.
පහුවෙනිද උදේ ආයෙ එන්න කට්ටිය ලෑස්ති වෙද්දි මේ ගුවන් සේවිකාව විතරක් නැහැලු හොයා ගන්න. කොහොම හරි එයා නැවතිච්ච හෝටලේ හොයාගෙන පයිලට් කෝල් එකක් දුන්නලු.
රිසෙප්ශන් එකෙන් මෙයාගෙ රූම් එකට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරල. පයිලට් හෙලෝ කියද්දි මෙයා එහා පැත්තෙන් අඬාගෙන හොටු පෙරාගෙන කතා කරනවලු.
පයිලට් : ඇයි මොකක්ද ප්‍රශ්නේ
කෙල්ල : මට කාමරෙන් එලියට එන්න බෑ
පයිලට් : ඒ මොකද?
කෙල්ල : මෙතන දොරවල් 3 ක් තියෙනවා. එකක් බාත් රූම් එක. අනික අල්මරිය. අනිත් දොරේ "ඩූ නොට් ඩිස්ටර්බ්" කියල ගහල තියෙනවා
තූ විතරක්...විලි ලැජ්ජාවයි හැත්තෑවයි
ReplyDeleteහක් හක් :D
ReplyDeleteහික්ස් :D
ReplyDeleteමේ අර යාලුව ගැන ද මන්දා.....
ReplyDeleteහයියෝ සල්ලී.... එළ ඈ
ReplyDeleteහිකිස් :D
ReplyDeleteහිකිස්!.
ReplyDeleteඅනේ පව් ඒ නංගට..පයිලට් අයිය පිහිටට හිටිය හින්දම හොදා ඉතිං...
ReplyDeleteඔව් ඉතිං ගොඩක් උන්ගේ ලස්සනයි ඉංගීසියි විතරයිනේ. මොලේ කලදක්වත් නෑනේ. අපේ එවුන් දෙතුන් දෙනෙක්ම ගියා. පයිලට් කෙනෙක්ව අල්ලගෙන කසාද බැද ගත්තා. දැං කෙල්ල ගෙදර මිනිහා ලෝකේ වටේ යනවා. අම්මල බනිනවා මුන්ට සල්ලි වියදම් කරලා ඉගැන්නුව එකටත් පාඩුයි කියලා.
ReplyDeleteහපෝයි... :)
ReplyDeleteniyamay
ReplyDeleteහික්ස්
ReplyDeleteහයියෝ පව් බං.....දුකේ බැරුවා..... ;)
ReplyDeleteමට ටිකක් වෙලා ගියාට පස්සෙයි තේරුනේ මොකක්ද සීන් එක කියල . මරු තමා...
ReplyDeleteහි හි.. :)
ReplyDeleteමාර සිං ඒක..
ReplyDeleteඅලේ මන්ද..
ReplyDeleteහැපෝයි..... ඩූ නොට් ඩිස්ටර්බ් ඈ
ReplyDeleteහිකෑස් එල එල
ReplyDeleteමෝඩ වුණාට මාර විදියට ආචාරදර්ම පිළිපදිනවනේ...
ReplyDeleteහික් හික් හික්...
ReplyDelete90210 මේ තියෙන්නේ ඔයාගේ id number එකේ මුල් ඉලක්කම් 5 නේද?. කොහොමද මගේ වැඩ?
ReplyDeleteමල්ලි ඔයා මේ වටයෙන් පරාදයි. ඒත් ඔයාගෙ ස්ටයිල් එකට මම ආස නිසා ඔයාව දෙවනි වටේට තෝර ගන්නවා. ලබන සැරේ එද්දි මීට වඩා හොඳට පාඩම් කරල හරි උත්තරේ හොයන් එන්න. සුභ පතනවා ඊලඟ වටයට.
Deletelol
ReplyDelete