බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.
ප්ලේන් එක කඩාගෙන මූදට වැටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.
බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.
එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප රැජිණිලු.
දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.
දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.
කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?
බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා
කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්
බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??
කෙල්ල : හරි
බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?
කෙල්ල : හරි
කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".
ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු
"අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බඩුව කවුද කියල?"
ඇත්තනෙ ඕයිග ඕක නොකිය කොහොමද ???
ReplyDeleteඅන්න දැක්කද මිනිස්සු සතුටුවෙන අයුරු
ReplyDeleteඋට යාළුවන්ට කියනකන් ඉවසුමක් නෑ නෙව. :)
ReplyDeleteපව් ඒ බුවා!!!!!!!!!
ReplyDeleteඌ එල කොල්ලෙක්!!ආතල් එක උනත් බෙදා හදා ගන්නවා!
ReplyDeleteමං පොර ජාතකය කියවන්න තියෙන ආසාව :D
ReplyDeleteහහ් හහ් මිස් වර්ල්ඩ්ට ගැහුවත් ඇති වැඩේ මොකද්ද කියන්න එකෙක් නැත්තං :D
ReplyDeleteඅම්මට සිරි. මේක නං හෙන දාර්ශනික කතාවක් බං.
ReplyDeleteසහතික ඇත්ත කතාව..කියන්ඩ තව එකෙක් නැත්නම් මේ මොනවා කරත් වැඩක් තියේයැ..? පට්ට සයිකොලොජියක් ඒ කතාව පිටි පස්සෙ යනවා..
ReplyDeleteතව මාස 2කට විතර පස්සෙ ඔය විදියටම රවුම ගස්සලා කියනවළු "බැලුවම එකයි කොයි _ත්තත් _කාලා" කියලා
ReplyDeleteහයියෝ .....කිව්වේ නැත්තං වැල්ලේ වලක් හාරලා හරි ඕක කියවෙනවා ....
ReplyDeleteහිත හොඳ යාළුවෙක්... :D
ReplyDeleteසිරා කතාව...
ReplyDeletefb එක පාවිච්චි කරපු නැති බුවෙක් නැත්තම්, වැල්ලෙ ලොකු අකුරෙන් ලියනව ඔය සීන් එක. හරියට fb වෝල් එකේ වගේ
ReplyDeletekiyanna ekek na kiyanne pattama awulak thamay ranga ayya...
ReplyDeleteමලා...!!!!!!!
ReplyDeleteනියමායි
ReplyDeleteඒක නම් පට්ට කතාව ඈ..... :D
ReplyDeleteවිනාසයි..
ReplyDeleteරාජ් කිව්වහෙ පට්ට දාර්සනිකයිනෙ බං. මරු ඈ...
ReplyDeleteමුල ටික යහපත්!
ReplyDeleteෆට්ට කථා දෙක..
ReplyDelete:) පිස්සු.
ReplyDeleteහහ් හහ් හා..
ReplyDeleteපස්ට පට පට ලෙසටම ලංකාවෙ එකෙක් වෙන්නෑ.........
ReplyDelete