Tuesday, July 31, 2012

මේක ටිකක් හිනාවෙන්න දෙයක් නෙමෙයි. සීරියස් ප්‍රශ්නයක්

ක‍තෝලික ආගමේ අයගේ චාරිත්‍රයක් තියෙනවනෙ පාපොච්චාරණය කරල පව් සමාකරගන්න. පව් සමාකරගන්න එන අය පාපෝච්චාරණය කරන්නෙ පල්ලියෙ ඉන්න පූජකතුමාට කියලනෙ.


එක්තරා නගරෙක තිබ්බලු පල්ලියක්. මේකෙ ඉන්න පූජකතුමාට වැඩිම හම්බ වෙන්නෙ අනියම් ලිංගික ආශ්‍රය පවත්වලා ඒ ගැන පාපොච්චාරණය කරන්න එන අයම තමයිලු.


කලක් ගියාම පූජකතුමාට මේ ගැන හොඳටම කලකිරිල. ඒත් අවවාද කරාට මුන්ව හදන්නත් බැරි නිසා පූජකතුමා ඒ නගරෙ ඉන්න හැමෝටම කිවුවලු "අනියම් ලිංගික ඇසුරු" පවත්වලා පව් සමාකර ගන්න එන එවුන් එහෙම නොකිය "වැ‍ටුන" කියල කියන්න කියල.


දැන් ඉතිං මේ සිස්ටම් එක හොඳට යනවලු. පූජකතුමාටත් වැඩි කරදරයක් නෑ. මිනිස්සුන්ටත් වැඩේ ලේසියි.  මෙහෙම කාලයක් ගෙවිල පූජකතුමා වයසට ගිහින් ස්වර්ගස්ථ වෙලා.


ඒ වෙනුවට අලුත් පූජකතුමෙක් ආවලු. මෙයා ඇවිල්ල සතියක් යන්නත් කලින් මෙයා දවසක් ඒ නගරයෙ නගරාධිපති හම්බ වෙන්න ගිහින්.


පූජකයා : මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා
නගරාධිපති : කියන්න, මට පුලුවන් උපරිම උදවු කරන්නම්
පූජකයා : නගරයේ තියෙන පේමන්ට් හදන්න වෙයි, පාපෝච්චාරණය කරන්න එන ගොඩක් අය වැ‍ටුන කියල කියනවා


දැන් සීන් එක තේරිලා නගරාධිපතිට හිනාව නවත්තගන්න බෑලු. මොකද මේ අලුත් පූජකය සිස්ටම් එක දන්නෙ නැහැනෙ.


පූජකයා : මේක හිනාවෙන්න දෙයක් නෙමෙයි. සීරියස් ප්‍රශ්නයක්. ඔබතුමාගෙ බිරිඳත් ගිය සතියෙ තුන් පාරක් වැටිලා


ප.ලි. - ඊයේ දැම්ම පෝස්ට් දෙක දැක්කෙ නැත්නම් මේ තියෙන්නෙ පලවෙනි එක. මේ දෙවනි එක.

25 comments:

  1. නගරාධිපතියා ඇත්තටම වැටෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. වෙනිය වැ‍ටුන වගේ මානසිකව වැටිල තියෙන්නෙ ;-)

      Delete
    2. සික් මන් මේ සාන්ත දාන්තව බෝපැලයක් වගේ ඉන්න මනුස්සයා.. වල් කතාවලට පටලවා ගන්න හදනව.. මන් නම් දන්නෙ නෑ ඔව්වා..

      Delete
  2. මේකටනම් ඇත්තටම හිනා ගියා :D

    ReplyDelete
  3. හම්මේ බෞද්ධ අයට ඔය පාපොච්චාරන වගේ ඒවා නැති එක ගැන මට නම් හරි සතුටුයි...

    ReplyDelete
  4. අනෙ ්පවු නගරාධිපති බබාට...

    ReplyDelete
  5. මාතෘකාව නං රොටියක් නේද?

    ReplyDelete
    Replies
    1. තැටිය රත්වුණු වෙලාවට පුච්චපු

      Delete
    2. කොමෙන්‍ටුවක් දාන කොට ලියපු එකාට විතරක් නෙවි,කියවන අපටත් තේරෙන්න දාපංකෝ මතං. මේ රොටී කතාව මට ග්‍රීක් වගේ.

      Delete
    3. හරියට කතන්දර එහෙම කරන්නෑ වගේ! :D

      Delete
    4. තැටිය රත් උනා කියල මම නම් පුච්චන්නෙ මගෙම රොටි මිසක් අනිත් අය වගේ අනුන්ගෙ රොටි නෙමේ :-D

      ඒවගේම කමෙන්ට්වලත් ඒ රොටිය ගැන විතරයි කතා කරන්න පුලුවන්

      Delete
  6. පවු නගරාධිපතියා...

    ReplyDelete
  7. අච්චෝ................................. :)

    ReplyDelete
  8. අපිලවත්... [ඒ කිව්වෙ මේ බ්ලොග් කාරයො ටික ]...
    ඉතින් වැටෙන්නෙ නැතුව ඉන්න බලමු නේ ......

    ReplyDelete
  9. පූජක තුමාගේ අවසාන ප්‍රකාශයෙන් පස්සෙත් නගරාධිපති තැනට හිනා වෙන්න පුලුවන් උනා නම් කියලා මට හිතුනා. ජය...!

    ReplyDelete
  10. නඟරාධිපතිත් වැටෙන්න ඇති(පුටුවෙන්)..

    ReplyDelete
  11. හයියෝ මමත් මේ වැටි වැටි ලිව්වේ.....

    ReplyDelete
  12. මේ දවස් ටිකේ වැටෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ....
    ( විහිලුවට ඈ..... :D )

    ReplyDelete
  13. ඔබ මේ කතාව විස්තර කරලා තියනවා මදි. මෙහි මුල් කතාව තියනවා Relegious Jokes තියන වෙබ් අඩවිවල. තව ටිකක් ඇදලා අවසානය දික් කරානම් තවත් ලස්සනයි.
    අමාරුම වැඩක තමයි විහිලු කතා ලියන එක.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  14. එලකිරි.. තව ඇදල ලියන එක තමයි වටින්නේ. කියවන්න එපාවෙන බ්ලොග් අතර මේවගේ බ්ලොගයක් තියෙන එක වටිනවා මචං.

    ReplyDelete
  15. තව පොඩ්ඩෙන් වැටෙනවා :D

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.