Monday, July 30, 2012

අනුකරණය සහ ගිරවා

මම ඉස්සර දවසට පෝස්ට් දෙක ගානෙ දැම්මට දැන්නම් සතියකට එක පෝස්ට් එකක් විතරයි දාන්නෙ. ඒත් සමහර වෙලාවට අපි දකින කියන දේවල් එක්ක ලියන්න මාතෘකා ආවම ඒක එවෙලෙම ලියන්න ඕනෙ. මේ තියෙන්නෙ අද දැම්ම පලවෙනි පෝස්ට් එක.

අද කාලෙ හැම ක්ශේත්‍රයකම වගේ අනුකරණ කාරයො තමා වැඩියෙන්ම ඉන්නේ. අනුකරණය නරක දෙයක් නෙමෙයි. ඒත් ඒක හරි විදියට නොකරොත් අවසන් පලය වෙන්නේ කුණු ගොඩක්.  අනික මුල් නිර්මාණකරුවාගේ තියෙන අත්දැකීම් සමාජ දැනුමෙන් අල්පයක්වත් අනුකාරකයා ලඟ නැත්නම් අනිවාර්යෙන් වෙන්නෙ නා ගැනීමක්.

හරි, අ‍ටුවා ටීක ඇති, මෙන්න කතාව.

බුවෙක් යනවලු ප්ලේන් එකක පැය ගානක ගමනක්. දැන් අහන්න එපා ඇයි මේ ටිකේම ප්ලේන් ගැනම ලියන්නෙ කියල. බුවාගෙ එහා පැත්තෙ සීට් එකේ ඉන්නේ ගිරවෙක්. ගිරව මල පැනල වගේ වටපිට බල බල ඉන්නවලු. බුවත් බලන් ඉන්නවලු ගුවන් සේවිකාවක් එනකම්.

ගුවන් සේවිකාවක් ලඟට ආව ගමන් ...

බුවා : මට වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද?
ගිරවා : අඩෝ වේ*, ඉක්මනට මට බ්‍රැන්ඩි ශොට් එකක් දීපං

මේ දෙකම අහගෙන ගුවන් සේවිකාව ගිහින් ටිකකින් බ්‍රැන්ඩි ග්ලාස් එකක් අරන් ආවලු. ඒක අතට ගත්ත ගමන් ගිරවා එක හුස්මට ඒක බීල. ඒ අතරේ

බුවා : මිස් කෝ මගේ වතුර එක
ගුවන් සේවිකාව : සමාවෙන්න සර් අමතක උනා
ගිරවා : වේ*, මට කියල හු*ව ගන්නෙ නැතුව ඉක්මනට තව බ්‍රැන්ඩි එකක් ගෙනෙන්

ගුවන් සේවිකාව ආයෙ ඇතුලට ගිහින් බ්‍රැන්ඩි එකක් විතරක් අරන් ඇවිත්. මේකට අපේ බුවාට මල පැනල. මූ හිතනවලු "යකෝ මම හොඳ වැඩී. මමත් මේකිට ගිරව වගේ කතා කරන්න ඕනේ". ඔහොම හිතල

බුවා : වේ* තොට මම පු* අරිනව මට දැන්ම වතුර එකක් දුන්නෙ නැත්නම්....

ගුවන් සේවිකාවට මල පැනල ගිහින් ප්ලේන් එකේ ඉන්න එයාර් මාශල්ට පැමිණිලි කරල මේ බුවයි ගිරවයි දෙන්නම අවිනීත විදියට හැසිරෙනව කියල. එයා මාශල් ඇවිල්ල ගිරවවයි බුවාවයි දෙන්නම ගෙනියල ප්ලේන් එකේ කාගො තියෙන පැත්තට. එතන තියෙන දොරක් ඇරල මුන් දෙන්නම ප්ලේන් එකෙන් එල්ලියට තල්ලු කරල.

ගිරවා බුවා දිහා බලලා මෙන්න මෙහෙම කිවුවලු "අඩෝ ගොං කැ*යා, මම ලොරි ටෝක් දැම්මේ පියාඹන්න පුලුවන් නිසා. තොටත් පියාඹන්න පුලුවන්ද?"

26 comments:

  1. මේක කියවලා මට පට්ට විදියට හිනා.මම හිතන්නේ මේක තමයි කාලෙකින් ලියවිච්ච නියම ජෝක් එක.මේක පිටිපසසේ තියන කතන්දරය ගැන මට කියන්න තියෙන්නේ සමහර උන් ලියනවා.තවත් උන් ඒවා කොපි කරලා උන්ගේ ස්ටයිල් එකෙන් ලියනවා.ඒත් තවත් උන් කරන්නේ උන්ට එහෙම දේවල් ලියන්න තියන බැරි කමට වෙනම මගුලක් ලියලා උන්ගේ අවුල රටටම පෙන්නන එක.එහෙම දේවල් මේ බ්ලොග් වලත් සෑහෙන්න වෙනවා.

    ReplyDelete
  2. ඒත් මම බැලුවා අද දවසට දෙකක් දාලද ..නැත්නම් මට මෝල්ද කියලා...

    ReplyDelete
  3. මාර මන්ද මොල් බ්‍ ලොග් එකක් මේක. ඒත් හිනාකාලා මැරෙනවා.

    ReplyDelete
  4. මරු. හැබැයි ඉතින් රමේෂා අනුන්ගේ බ්ලොග් වලට බනින එක නම් වැරදියි. කියවන්න බැරිනම්, එහෙමත් නැත්තම් කියවලා තියන එකක් නම් නොකියවා ඉන්න එක නේ හොද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ උඹ පෝස්ට් පටලවාගෙන තියෙන්නෙ. මෙතන කතා කරන්නේ කවුරු හරි තව කෙනෙක්ව අනුකරණය කරන්න ගිහිල්ලා නාගැනීමක් ගැන.

      කොච්චර නම් සිංදු කොපි කරන්න ගිහින් නා ගන්නවද? කොච්චර ‍ෆිල්ම් කොපි කරන්න ගිහින් කුජීත වෙනවද? ඒ ගැන කතා කරන තරමට නේද ටිකක් හරි දුරකට ඒ දේවල් බැලන්ස් වෙන්නේ?

      ඒ නිසා අපි අහන දකින දෙයක් විවේචනය කිරීම හෝ අහක බලාගෙන ඉන්න එක ඒ ඒ පුද්ගලයගේ තීරණය.

      Delete
    2. මචන් මම කිවුවේ රංගට නෙවෙයි රමේෂාට. වරදවා හිතන්න එපා. :)

      Delete
  5. හිනාකාලා මැරෙනවා....

    ReplyDelete
  6. ආදර්ශමත් කතා එක දිගටම කියන්නයි වගේ යන්නේ....

    ReplyDelete
  7. ඊට පස්සේ මිනිහා කිව්වාලු අඩෝ මූකලන් බස්සො මම ලංකාවේ බුවෙක් පොඩි ටිප් 1ක් දීලා පැරශුට් 1ක් අරන් පැන්නේ කියලා.......

    කථාව නම් මල් හතයි !!!

    ඔබට ජයෙන් ජය

    ReplyDelete
  8. හික් හික් හික් අරූ බ්‍රැන්ඩිවත් බීලා හිටියනං පියාඹන්න තිබ්බා...

    ReplyDelete
  9. අන්න එහෙම කිව්ව දේ කරගෙන ඉන්න පුතා

    ReplyDelete
    Replies
    1. උඹ කිවුව නිසාමයි මේක දැම්මේ.

      Delete
  10. ගිරවා කරපු අපරාදයක්...

    ReplyDelete
  11. සැහෙන කාලෙකට පස්සේ පොස්ට් දෙකක් දාල.

    ReplyDelete
  12. අද දවසට සිරා කතා දෙකක් කියෙව්වා. එල කිරි

    ReplyDelete
  13. ගිරාගේ කතාව ඇත්ත.. !!!

    ReplyDelete
  14. පියාඹන්න ආසයි ඔබ හා මා...;)

    ReplyDelete
  15. හොඳයි ඒත් කලින් කතාවෙ තිබ්බ තරම් ගතියක් මේකෙ නෑ.

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.