ශ්‍රී ලාංකික සිසුන් තිදෙනෙක් ලියූ පරිගණක මෘදුකාංගයක් සොරාගෙන ඒ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගත් ඇමරිකානු සමාගමකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත. මෙය බුද්ධිමය දේපල උල්ලංඝනය කිරීමක් බව ජාතික තොරතුරු තාක්ෂණ ආයතනයේ නියෝජිතයෙක් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.
ජාවා තාක්ශණය භාවිතයෙන් සිංහලෙන් "ආයුබෝවන් ලෝකයට" යනුවෙන් පරිගනක තිරයේ දිස්වීම සඳහා ලියූ මෙම පරිගණක මෘදුකාංගය "Hello World" යනුවෙන් වෙනස්කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ඇමරිකානු සමාගම කටයුතු කර තිබෙනවා.
මෙම මෘදුකාංග දෙකේම සෝස් කෝඩ් පරීක්ෂා කර බැලූ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් පැවසුවේ "අපේ ලමයි ලියපු ප්‍රෝග්‍රෑම් එක ගෙඩි පිටින් කොපි කරල ආයුබෝවන් ලෝකයට කියන එක වෙනුවට Hello World කියල දැම්ම එක විතරයි කරල තියෙන්නෙ. ඉතුරු ඔක්කොම අකුරක් නෑර එකම විදියයි"
මේ අතර ජාවා තාක්ශණය ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ජාවා ආයතනය ඔරකල් සමාගමට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර ඇත. ඒ පිලිබඳව ඒ ආයතනයේ ප්‍රධානියෙක් කෝපයෙන් මෙසේ පවසා සිටියා. "ජාවා හැදුවේ අපි, අපි විතර ලෝකෙ කිසි කෙනෙක් ජාවා දන්නෙ නෑ. ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. අපි නඩු දානවා. අපි උන්ට පෙන්නනව අපි කවුද කියලා"
"ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. " -
ReplyDeleteකතා කරලා වැඩක් නෑ. මුන් නිසා තමයි දැන් ඩිග්රිත් බල්ලට ගිහිල්ල තියෙන්නේ !
++++++++++++
Delete+++
Delete++
Delete+
DeleteIJTS එකට මඩක්ද මේ..?:O
ReplyDeleteලංකාවෙ කොල්ලො වගයක් SMS එන්ක්‍රිප්ට් කරල යවන ක්‍රමයක් හොයාගෙනලු. ඒවුනාට ඒකට ඇමරිකන් කාරය පේටන්ට් අරගෙනලු. ප්‍රෝග්‍රැමිං දන්න ඕනෙ කෙනෙක් දන්නව බං ඕක මහ කජ්ජක් නෙමේ කියල. අනික මේ වෙනකොට ඕනෙ තරම් ඇප් තියෙනව එන්ක්‍රිප්ට් කරල SMS යවන්න
Deleteහිකිස්! මං නම් දන්නෙ නෑ! ඒත් මගෙ යාලුවෙකුත් උගේ ෆයිනල් ප්‍රොෙජක්ට් එකකට එස් එම් එස් යවන ඇප් එකක් හැදුවා!
Deleteමම ඕක හදපු උන්ගේ youtube profile එකේදී උන්ගෙන් ඇහුවා "ඇයි මේ ලෝකෙන්ම පළමු වතාවට කියල කියන්නේ කියල"; උන් දුන්න උත්තරේ තමයි එකට පාවිච්චි කරලා තියෙන්නේ උන්ගේම algorithm එකක්ලු, උන්ගේ application එක use කරනොකොට වෙනස තේරෙයිලු.
Deleteමට නම් තේරෙන්නේ නැත්තේ එක දෙයයි, ඇයි මේ ලංකාවේ IT කරන සමහරු මෙහෙම හැසිරෙන්නේ? උන් application එකක් හැදුවා තරගෙකින් දින්නා; ඒක හොද දෙයක් ඒත් ඒක එච්චේරයි, එතනින් එහාට දෙයක් නෑ. ඕකට පේටන්ට් හම්බෙනවා නම් අපි project එකකට කරපු fingerprint identification system එකටත් අපිට පේටන්ට් ගන්න පුළුවන් වෙයි.
මේ දවස්වල වෙච්ච මෙලෝම දෙයක් දන්නෙ නෑ A/L නිසා වැඩ හිරවෙලා තිබ්බ හන්ද. ඕකෙ ඇත්තම සීන් එක මොකක්ද අය්යෙ? පුළුවන්නම් ලින්ස් එකක් දානවද මොකක්ද කියල.
ReplyDeleteමේ තියෙන්නෙ නිව්ස් එක. මතක ඇතුව ඒකෙ කමෙන්ට්ස්නුත් බලපං
Deleteදුටිමි. තේරුම් ගතිමි.
Deleteපේන විදියට අයියෙ ඕකත් Java මාකට් කරන්න වගේ ඔච්චරටම ප්‍රසිද්ධ කරන්නෙ. පව් අර කොල්ලො උන් අනුන්ගෙ උගුලකට අහුවෙලා.
අනේ මචෝ IJTS එක ගෑන කතා කරන්න පටන් ගත්තොත් ඉතින් අපේ ලේ කෝප වෙලා තමා නවතින්නේ. උන්ගේ හොර වෑඩ ගෑන ලියන්න වෙනම බ්ලොග් එකක් පටන් ගන්න වෙනවා."රට හදන ජවා බලකාය" නෙමෙයි. "රට කන්න හදන බලකාය" කියල තමා කියන්න වෙන්නෙ.
ReplyDeleteකොහොමත් IJTS එක කතා කරනවට වඩා කතා නොකරන තරමට මම කෑමති... ශික් මල ජරාව...
ලන්කාවේ තොරතුරු තාක්ශන අධ්‍යාපනය විනාශ කරන්නේ ඔකුන් තමා...
අද ඉස්කෝලෙ ගාව ඕකෙ පොරක් ඇවිල්ල කොල බෙදුව සෙමිනා එකකට එන්න කියල. ඒව එපා තෑන්ක්ස් කීවම හෙන බ්‍රේන් වොෂ් ටෝක් වගයක් දුන්න. කෝස් එක කරනවනම් A/L ලුත් වැඩක් නෑ කියල තමා උන් කියන්නෙ. රස්සාවකුත් දෙනවලු. ඒ අස්සෙ කියනව OCJP කියන්නෙ තියරි එක්සෑම් එක CCJP කියන්නෙ ප්‍රැක්ටිකල් එක කියල. අනිවා මේ දවස් ටිකේ හොඳට කට්ටිය අන්දනව. පේපර් දැක්කම උතුර දකුණ මාරු වෙලානෙ තියෙන්නෙ.
Deleteඋන්ට පෙන්නන්න දෙයක් නෑ උන් දන්නවා ඇති ඈත අතීතයේ රාවණාගේ යුගයේ සිට ජාවා තාක්ෂණය පිලිබදව උපාධි ලංකාවේ තිබූ බව.......හෙහ් :)
ReplyDeleteඑදත් අදත් ජාවා තුම් මුල්ලේ ජාවා !!!!!!!!!!!! :)
"ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. "
ReplyDeleteඅනේ _කේ
==============================================
නිකන්ම නෙවෙයි "ජාවා අධිතාක්ෂනය: භාවිතා කරල තමා ඔය ප්‍රෝග්‍රැම් එක ලියල තියෙන්නේ
අයිලන්ඩ් එකක් නේ... අපේ රට..හිකිස්..
ReplyDeleteඉන්න මිනිස්සුත් දූපතක ඉන්නවා කියන එක ලස්සනට ඔප්පු කරනවා...
මෝඩ කමට බේත් නැත.
Deleteඔහොම නඩු දානව නං ඉතිං තව කොච්චර තියෙනවද...
ReplyDeleteඑක පාරක් කට්ටියක් මයිටෙක් අල්ලන් නැටුවා.දැන් අලුත් එකක්..
ReplyDeleteඅපරාදේ අපේ එවුන්ගේ මහන්සිය ! පවු !
ReplyDeleteමමත් ආයුබෝවන් කියල හදපු ටිකර් එකක් දාගෙන ඉන්නව. මමත් යනව පේටන්ට් ගන්න. හැක හික් හික්... සුවර්ණවාහිනිය බංකොලොත් වෙලාද, ijts එක බංකොලොත් වෙලාද මන්ද.
ReplyDeleteඒ දවස වලත් අපේ එවුන් ගාව එන්ඩ්ක්රිප්ට් ඩික්රිප්ට් සෝස් කෝඩ් තිබ්බ. ඕකක් එහෙ මෙහේ කරල අටව ගත්ත දේට වඩා වෙසක් එකට කුඩුවක් හදන්න අමාරුයි.
දෙකම බංකොලොත් වෙලා තියෙන්නේ බන්. IJTS උප්පත්තියෙන්ම බංකොලොත්නේ
Deleteකෝ මේ මීවනපලානෙ ජයරත්න. මෙන්න ඇමරිකන්කාරය කොපි කරනව අපෙන්.
ReplyDeleteඑළ එළ..ඒ කාලේ ඉඳලා අපේ එවා හොරකං කරපු එක ඕකුන් කරේ...අතාරින්න හොඳනෑ ....
ReplyDeleteමටත් නිව්ස් එක දැක්ක ගමන් කියවුනේ මේක කොහොමද අලුත් දෙයක් වෙන්නෙ කියල. හැබැයි ඔරකල් එකෙන් 2 වෙනි තැන දුන්නෙ ඇයි කියල හිතාගන්න අමාරුයි.
ReplyDeleteලංකාවේ ඈත එපිට කොනේ තමන්ටම කියලා කොම්පීතරයක් වත් නැතුව කෝඩින් කරපු වුන් IT competition වලින් දිනද්දි අහක බලන ජනමාධ්‍ය ඉන්න රටක පුම්බන බැලුන් තමයි මේ... ආශ්චර්යය නේ!
ReplyDeleteමේ අතර ජාවා තාක්ශණය ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලංකා ජාවා ආයතනය ඔරකල් සමාගමට එරෙහිව නඩු මගට බැසීමට තීරණය කර ඇත. ඒ පිලිබඳව ඒ ආයතනයේ ප්‍රධානියෙක් කෝපයෙන් මෙසේ පවසා සිටියා. "ජාවා හැදුවේ අපි, අපි විතර ලෝකෙ කිසි කෙනෙක් ජාවා දන්නෙ නෑ. ජාවා වලට විතරක් ඩිග්‍රියක් දෙන ලෝකෙ තියෙන එකම ඉන්ස්ටිටියුට් එක අපි. අපි නඩු දානවා. අපි උන්ට පෙන්නනව අපි කවුද කියලා"
ReplyDeleteමේක කියවද්දි හිතෙන්නෙ ජාවා ලංකාවේ හැදුවෙ ලංකාවේ කියලනේ... ඇත්තද මන්ද?මී ජයාගේ තර්ක වගේ..
මේක කියවද්දි හිතෙන්නෙ ජාවා ලංකාවේ හැදුවෙ ලංකාවේ කියලනේ... ඇත්තද මන්ද?මී ජයාගේ තර්ක වගේ..
ReplyDeleteලංකාවේ සමහර උන්ට ඉතින් මෙහෙම වඩාත් කරන්න හිතෙනවනෙ . මොනවා කරන්නද ඉතින් කරුමෙක මහත තමයි. ඒ උනාට උන්ගේ මහන්සියට කියලතියන කතාව නම් හරි නැහැ. ඒකටත් අපහාස නඩු දායි උසාවියේ. පව් අප්පා....
ReplyDeleteලබාගත්තු ජයග්‍රහනය ගැන අප අවංකවම සතුටු වෙන්න ඕන. ඒ ගැන ඔවුන්ව ඇගයීමට ලක්කිරීමේ කිසිම වැරැද්දක් නෑ. අඩුම තරමේ ලංකාවේ නම හරි ඔරකල් වගේ සයිට් එකක දකින්න ලැබෙන එකත් සතුටක්. වෙන රටවලට සාපේක්ෂව ඕනම ක්ෂේත්‍රයකට අදාලව ලාංකික සිසුන්ට ලැබෙන පහසුකම් බොහොම අඩු මට්ටමක තියෙන්නේ. ලංකාවේ හොදම පහසුකම් තියෙන රෝයල් එක උනත් දියුණු රටවල පාසල් වල ලබාදෙන පහසුකම් හා සසදද්දි පහල මට්ටමක තියෙන්නේ. එහෙම තත්වයක් තුල යමෙක් ජාත්‍යන්තරය තුල දියුණු රටවල් හා තරගකරලා දෙවැනි ස්ථානයට එන්නේ අපේ කොල්ලන්ගේ තියෙන දක්ෂතාවය නිසයි. මම සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් ගැන කිසිම දෙයක් දන් නැ. ඒත් මේ ක්‍රමවේදය මේ තිදෙනාට කලින් ලෝකයට හදුන්වා දුන්නක් බව නම් පැහැදිලියි. නමුත් මෙහි කුමන හෝ නව නිර්මාණයක් නැතිනම් මෙයට දෙවැනි ස්ථානයක් ලැබීම යනු විහිලුවකි. බොරුවට කයිවාරු ගැසීමෙන් වෙන්නේ අපේ උන් ගත්ත ජයග්‍රහනයත් හැල්ලු වෙන එකයි. ඇමරිකානු සමාගම පේටන්ට් එක අරන් තියෙන්නේ මේ තරගයෙන් පස්සේ නම් ඒ වගේම මෙහිදි හදුන්වාදුන් නව නිර්මාණය හෝ එහි කොටසකටනම් මේ පිලිබදව සොයා බැලීම වටිනවා. හැමෝම කියන විදිහට මේක පරණ තාක්ෂණයක් නම් 90 දශකයේත් මේ දේ තිබ්බනම් ඊයේ පෙරේදා ඇමරිකන් සමාගමකට මේකට පේටන්ට් ගන්නත් (පේටන්ට් එක අරන් තියෙන්නේ තරගයෙන් පස්සෙ නම්) එහෙනම් බැරිවෙන්න ඕනනේ නේද?
ReplyDeleteමමත් ඔය නිවුස් එක දැකල කල්පනාකර ඕකෙ තියන අලුත් වැඩේ මොකක්ද කියල. අනික එයාල ලියල තියෙන්නෙ J2ME ඇප්ලිකේශන් එකක්නෙ. ඒක මොබයිල් දෙකේම නැතිව යවපු SMS එක බලන්නත් බෑලුනෙ. ඕකට තෑග්ගක් දුන්නෙ මොකද කියන එකයි මගේ ප්‍රශ්නය.
ReplyDeleteතෑග්ගක් දෙන්න ඇත්තේ පාසල් සිසුන්ගේ තරඟයක් නිසා
Deleteමමත් ඔය නිවුස් එක දැකල කල්පනාකර ඕකෙ තියන අලුත් වැඩේ මොකක්ද කියල. අනික එයාල ලියල තියෙන්නෙ J2ME ඇප්ලිකේශන් එකක්නෙ. ඒක මොබයිල් දෙකේම නැතිව යවපු SMS එක බලන්නත් බෑලුනෙ. ඕකට තෑග්ගක් දුන්නෙ මොකද කියන එකයි මගේ ප්‍රශ්නය.
ReplyDeleteමමත් ලියලා තියෙනවා encryption මෘදුකාංගයක්. හැබැයි ඉතින් ඒකට කලින් තවත් එන්ක්‍රිප්ෂන් ඇවිල්ලා තියෙන නිසා ඒකට පේටන්ට් දෙන්නේ නැහැනෙ. මේ අය මේක ලියන්න කලින් Encryption කියන දේ හොයාගෙන නේ තිබුනේ. ඉතින් පේටන්ට් දෙයිද? රෝම අධිරාජ්‍යාත් එන්ක්‍රිප්ෂන් පාවිච්චි කරලා තියෙනවා. (සීසර් අයියා- අර සූර පප්පා එකේ ඉන්නේ)
ReplyDeleteDream Team 1 kohomada? :)
ReplyDeleteDream TEAM 1 hodada? :)
ReplyDeleteපදුරකට ගැහුවොත් එහෙම ජාවා කාරයෝ 500 ක් විතර විසි වෙනවා අද කාලේ ... උනුත් නිකන් නෙවේ PHD in Java කාරයෝ ... වරදක් නම් නැ ... එකම අවුල මේ 500 කින් 100 කාටවත් ජොබ් නැති එකනේ ... මම දන්නා සැහෙන පිරිසක් ජාවා කරලා ගෙවල් වල ඉන්නවා ...
ReplyDelete