Thursday, August 2, 2012

තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?


පොඩි එවුන්ට හැම දෙයක් ගැනම මාර කුතුහලයක්නෙ තියෙන්නෙ. සෙල්ලම් බඩුවක් දැක්කත් හුඟ වෙලාවට ඒක ගලවලා බලනවා වැඩකරන විදිය ගැන. ඒ වගේම දකින හිතෙන හැම දෙයක් ගැනම ප්‍රශ්න කරනවනේ.

තාත්තෙකුයි අවුරුදු 5ක විතර පුතෙකුයි විතරක් ගෙදර ඉන්න වෙලාක

පුතා : තාත්තෙ, මම කොහොමද ඉපදුනේ?
තාත්තා : පුතේ උඹට මම දැන් කිවුවට තේරෙන එකක් නෑ, ඒත් ලොකු උනාම තේරෙයි. මෙන්න මෙහෙමයි උනේ...

මට උඹගෙ අම්ම හම්බ උනේ අයිටී කන්ෆරන්ස් එකකදි. මම එයාගෙ මොබයිල් එකට ඊමේල් එකක් යැවුවා එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ආසයි කියල. 


ඊට පස්සෙ අපි දෙන්න නෙට් කැෆේ එකකට ගිහින් කම්පියුටර්ස්, සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරා. 

ඊට පස්සෙ ඒ ගැන නිදහසේ කතාකරන්න අපි හොටෙල් රූම් එකකට ගියා.  

එතනදි උඹලගෙ අම්ම කැමති උනා මගේ හාඩ් ඩිස්ක් එකෙන් ෆයිල් එකක් උඹලගෙ අම්මගෙ එන්ජින් එකට ඩවුන්ලෝඩ් කරගන්න. 

මගේ හාඩ් ඩිස්ක් එක උඹලගෙ අම්මගෙ යූඑස්බී පෝර්ට් එකට කනෙට් කරල ෆයිල් ට්‍රාන්ස්ෆර් කරද්දි තමා අපි දෙන්නටම මතක් උනේ අපි ෆයර් වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්නෙ නැතුවයි ෆයිල් ට්‍රාන්ස්ර් කරන්නෙ කියල. 

ඒත් එතකොට ෆයර්වෝල් එකක් ඉන්ස්ටෝල් කරන්න පරක්කු වැඩියි. ෆයිල් ටික ට්‍රාන්ස්ෆර් වෙලා ඉවරයි. 

මාස 9 1/2 කට පස්සෙ මට ඔටෝ රිප්ලයි එකක් ආව ඇටෑච්මන්ට් එකක් එක්ක.

40 comments:

  1. ආ බන් රංගයියේ දැන් ඉපදීමත් කම්පියුටරයිස් කරලද ?............

    ReplyDelete
    Replies
    1. ඉපදීම පැහැදිලි කිරීම තමා බං කම්පියුටරයිස් කරල තියෙන්නෙ

      Delete
    2. ඔය කොම්පීතර ජිල්මාට් එකක් දාලා ඔක ගොඩින් බේරගන්න වීදියක් නැද්ද මන් අහන්නේ

      Delete
  2. අලුත් වර්ෂන් එකක්.... නවීන තාක්ෂනයෙන් කියලා දෙන්න එපැයි ළමයට තේරැන්න....

    ReplyDelete
    Replies
    1. මේක අලුත් ශතවර්සේ ලව් ස්ටෝරි එකක්නේ

      Delete
  3. අප්පා... පොඩි එකා කියයි... අයියෝ තාත්තා ෆයර් වෝල් දාන්න ඕනෙ කියලවත් දන්නේ නැද්ද කියලා... :D

    ReplyDelete
    Replies
    1. උඹ අවුරුදු 5 දි එහෙමද නැත්නම් දැන් කාලෙ අවුරුදු 5 උන් එහෙමද? ;-)

      Delete
    2. දැන් කාලේ උං... අපි අවුරුදු 14ක් වෙනකං ඔව්වා දන්නේ නෑ.... :D

      Delete
  4. අය්යෝ සල්ලි...

    ReplyDelete
  5. වයිල් ට්‍රාන්සර් කරද්දී මීට පස්සේ බලාගෙනයි.. දැන් කාලේ තාක්ෂනේ සුවර් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ෆයර්වෝල් එක තිබ්බ නම් හරි, නැත්නම් අර කමෙන්ට් එකක කිවුව වගේ වයිරස් ගාඩ් එකක් පස්සෙ දාල බලන්න තිබ්බා

      Delete
  6. ඒ කාලේ පැය 72 ගන්න Spybot Search & Destroy වගේ වයිරස් ගාඩ් තිබිලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ බුවා ඒ ගැන දැනගෙන ඉඳල නෑ

      Delete
  7. Staganos කියන සොෆ්ට්වෙයාර් එක හම්බ වෙනකම් මාත් හරි බයෙන් බයෙන් තමා ඔය ෆයිල් ට්‍රාන්ස්ෆරින්ග් කලේ.. දැන් නම් බය නෑ..

    ReplyDelete
    Replies
    1. අත්මැසිමේ ෆයිල් ට්‍රාන්ස්ෆර්වලට මොන ෆයර්වෝල්ද අය්යේ? :-D

      Delete
  8. Replies
    1. මැරිල නෙමේ බං ඉපදිලා

      Delete
  9. අනේ ඒ පොඩි එකා නම් ජීවිතේට අයිටී ඉගෙන ගන්න යනේකක් නැහැ .. :)

    ReplyDelete
    Replies
    1. ඌට කිවුව කිසිම දෙයක් තේරුනේ නැති නිසා ඉක්මනටම අයිටී ඉගෙන ගත්තද දන්නෙ නෑ

      Delete
  10. මාස 9 1/2 කට පස්සෙ මට ඔටෝ රිප්ලයි එකක් ආව ඇටෑච්මන්ට් එකක් එක්ක.

    කතාවේ බලවත්ම වචන ටික..!
    මරු මචන්..!

    ReplyDelete
    Replies
    1. හෙ හේ ඒක තමා බං පන්ච් ලයින් එක

      Delete
  11. ලිපිය කියෙව්වා. පරිගණක දැණුම මදි සාරඝර්භ කමෙන්‍ට් එකක් දාන්න. සමාවෙන්න රංග මහත්තයා

    ReplyDelete
    Replies
    1. යකෝ මහලොකු දේවල් නෙමේ අපි මේ කම්පියුටර් එකක් එක්ක සාමාන්යෙන් කරන වැඩනෙ බං මේකෙ තියෙන්නෙ ;-)

      Delete
  12. මම මේ කතාවට කැමති නෑ

    ReplyDelete
  13. ඕන් මම නෙවෙ ආයෙ කෙල්ලට එම්.පී 3 සින්දුවක් වත් දෙන්න යන්නෙ..මෙව්ව හරි භයානක වැඩ නොවැ

    ReplyDelete
    Replies
    1. ෆයිල් වර්ලස් ක්‍රමේකට දීපං මචං ප්ලග් නොකර :-D

      Delete
  14. කොල්ල ලොකු උනාම කියයි වෛරස් තිබ්බේ නැත්තේ හොඳ වෙලාවට කියලා . . .

    ReplyDelete
    Replies
    1. ෆයර්වෝල් නැති උනාට ඇන්ටි වයිරස් තියෙන්න ඇති

      Delete
  15. හාඩ්වෙයා ෆයර්වෝල් එකක් දැම්මනං කරදර අඩුයි....

    ReplyDelete
    Replies
    1. රුපියල් 500 කුත් හම්බවෙනව නේද? :-D

      Delete
  16. අයියෝ.....................ඩිරෙක්ට් ප්ලග් කරන්ට දුන්නට මොකටද මේයින් සිස්ටම් එකටම ලෝඩ් කලේ.. ෆස්ට් ටයිම් නිසා වර්චුවල් බොක්ස් එකකටවත් ලෝඩ් කරලා බලන්ට තිබ්බේ.....දැන් ඉතිං මොනා කරන්ටද එල එල.....

    ReplyDelete
    Replies
    1. ඇයි යූඑස්බී පෝර්ට් එක නැතුව වෙන සීරියල් පෝර්ට් එකක් පාවිච්ච්චිකරත් ශේප්

      Delete
  17. කාලානුරූපි කතා :D

    ReplyDelete
  18. මේකනම් නියමයි..

    ReplyDelete
  19. තාත්තා අයිටී ගැන මෙලෝ හසරක් දන්නෙ නැති එකෙක්ද කොහෙද?
    නැත්තන් ෆයර් වෝල් නැතිව ආගන්තුක කොම්පීටර් වලට ෆයිල් ට්‍රාන්සර් කොරයිද?:P

    ReplyDelete
  20. ඔරිජිනල් අයි ටි ප්‍රේමයක්. හැක හැක හැක
    යු එස් බි නැතුව වෙන පොර්ට් එකක් පාවිච්චි කලා නම් කිසිම අව්ලක් නැහැනේ..

    ReplyDelete
  21. මේක මම දැකපු සුපිරිම පැහැදිලි කිරීම....

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.