දැනට මාසෙකට විතර කලින් මන්නාරම් චාරිකාවක් ගියත් ඒ ගැන කිසිම දෙයක් ලිවුවෙ නැත්තෙ අපිට කලින් ඒ චාරිකාව ගිය මාරයා ඒ ගමන ගැන විස්තර ඇතුව ලිවුව නිසා. ඒ වගේම අපිට ටික දවසකට පස්සේ මන්නාරම් ගිය අභීතත් ඒ ගැන ලියල තිබුනා.
ඒත් උන් දෙගොල්ලටම ලැබුනෙ නැති අද්දැකීමක් අහම්බෙන් අපිට ලැබුනා. ඒ තමා ආදම්ගේ පාලමේ වැලිපරයකට නේවි බෝට්‍ටුවලින් ගිහින් එද්දි මූදට විසිකරල තිබුන දැලක පැටලිලා හිටිය කැස්බෑවෙක්. දැලේ පැටලිලා ඉන්න කැස්බෑව ලඟම වටේ පීන පීන හිටිය තවත් කැස්බෑවෙක්.
නේවි එකේ අය බොහොම අමාරුවෙන් දැලත් එක්කම කැස්බෑව බෝට්‍ටුවට අරගෙන සෑහෙන සටනක් දීල කැස්බෑවව නිදහස් කරල ආයෙ වතුරට දාල කැස්බ ජෝඩුවම පිටත් උනාට පස්සෙ තමා අපි එතනින් එන්න පිටත් උනේ.
ඒත් වැඩි දුරක් එන්න උනේ නෑ තවත් කැස්බෑවෙක් දැලක පැටලිලා. ඌව බෝට්‍ටුවට අරගෙන බලද්දි දැලේ පැටලිලා කැස්බෑවො එකෙක් නෙමේ දෙන්නෙක්ම. එකෙක්ව කොහොම හරි ගලවලා යැවුවත් අනිකව නම් ගලවන්න බැරි තරමටම පැටලිලා.
ඊට පස්සෙ වෙනත් නේවි බෝට්‍ටුවකට රේඩියෝ මැසේජ් එකක් දීල පිහියක් ගෙනත් දැල කපල තමා දෙවනි කැස්බෑවව නිදහස් කරේ. උන් දෙන්නව යවල අපි ආයෙ තලේ මන්නාරමට බෝට්‍ටුවෙන් එන්න පිටත් උනාට පස්සෙ නම් ආයෙ විශේෂ සිදුවීමක් උනේ නෑ.
මට මේක මතක් උනේ අද දවල් නිවුස් වලට පෙන්නුව කැස්බෑවන් මස් විකුණන ස්ථානයක් ගැන පෙන්නපු කතාව නිසා. කැස්බෑවුන් මැරීම නීති විරෝධී උනත් විදේශිකයන්ට මසට විකුනන්න කැස්බෑවන් මැරීම දිගටම සිද්ධ වෙනවා.
මේ ගමනෙදි සමුද්‍ර විදයාවේදී දුලිප් (ඕනයා) අපිට මාලු ගැන සෑහෙන්න දේවල් කියල දුන්නේ නේවි එකේ අය අහල පහල නැති වෙලාවට විතරයි. ඒකට හේතුව නම් දන්නෙ ඌම තමා.
මේ ගමනෙදි මට තේරුනේ නාවික හමුදා සෙබලු මූදට සහ මුහුද ආශිත ජීවන පද්ධතියටම දක්වන සෙනෙහස කියන්න වචන නෑ.අනිත් මිනිස්සුන්ටත් පරිසරයට ඒ වගේ ආදරය කරන්න හිතෙන දවස ඉක්මනින් සිදුවේවා.



නාවික හමුදා සෙබලු මුහුදට දන්වන ආදරය නම් කියන්න වචන නෑ තමයි... මාත් ඒක හොදින් අත්වින්දා යුද්ධෙන් පස්‌සෙ ජෙට්ලයිනර් එකේ පොඩි ට්‍රීප් එකක් යන්න හම්බුන නිසා... ඒ වගේම මිනිස්සුන්ට ගෞරව කරන හැටිත් හරිම වටිනවා.... කොච්චර තදබද, අමාරුකම් තිබුන මිනිස්සු එක්ක හිනාවෙලා කරැණාවෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ නවික හමුදා විනය හින්දයි කියලා මට හිතුනේ....
ReplyDeleteකැස්බෑවොන්ට නම් ලංකා වෙරළ තීරය එතරම් හිතකර එකක් කියලා මටනම් හිතෙන්නෙ නෑ..බිත්තර දාන්න එන කැස්බෑවො සහ උන්ගේ බීත්තර බොහොමයක් තැන්වලදි අනාරක්ෂිතයි කියලා තමයි මටනම් හිතෙන්නෙ....
ReplyDeleteඅම්බලන්ගොඩ පැත්තේ කැස්බෑවෝ අභිජනන මධ්‍යස්ථාන කරගෙන යන විදියට උංව ලොකු කරලා මසටත් විකුණනවා...
ReplyDeleteකැස්බෑවෝ මරණ එකට මීට වඩා හොඳ විසදුමක් ඕන
ReplyDelete"හමුදා සෙබලු මූදට සහ මුහුද ආශිත ජීවන පද්ධතියටම දක්වන සෙනෙහස" ... ඒගොල්ලන්ගේ ඔෆිස් එකනේ :)
ReplyDeleteගොඩක් තැන්වල මූදු ඌරු මස් කියල විකුනන්නේ කැස්බෑ මස් නේද ?
ReplyDeleteඅපේ හමුදාව ඉහලයි
ReplyDeleteමුහුදු ඌරා කියන්නේ ඩොල්ෆින් වගේ සතෙක් (ඩොල්ෆින් ට හා තල්මසුන්ට නෑකම් කියන ක්ෂිරපායි සතෙක්). ඌ මරණ එක කොහොමත් තහනම්.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Porpoise
මම ඊයෙ ඔය කියන සතා ගැන කියෙවුව මචං. උන්ට වේල් කිලර් කියලත් කියනවලු, මොකද උන් තල්මසුන් දඩයම් කරන නිසා. ඒත් උන් ඩොල්‍ෆින් වර්ගයක් නිසා එක එක සෙල්ලම් දාන්න පුරුදු කරන්නත් පුලුවන්ලු. මුහුදු ඌර ගැන කියෙවුවෙ නම් පොඩි ට්‍රාන්ස්ලේශන් වැඩකට.
Deleteමුහුදු ක්ෂීරපායීන් මැරීම කොහොමත් තහනං
Deletewhale killer or killer whale
Deleteඅර ෆ්‍රී විලී ෆිල්ම් එකේ ඉන්නෙත් මේ මොඩල් එක නේද.උන්ට කියන්නේkiller whale කියල නේ.හැබැයි මම අහල තියන විදියට උන්ට killer whale කියන්නේ කිසිම හේතුවක් නැතුව.අහිංසක සතෙක්
http://animal.discovery.com/guides/baby-animals/mammals/gallery/killer-whale.jpg
මුහුදු ඌරා කියන්නේ Porpoises තමයි මේ ගොල්ලෝ ඇත්තටම ඩොල්ෆින්ලට සහ තල්මසුන්ට සමාන කමක් දැක්කුවට ඩොල්ෆින්ලගෙන් සහ තල්මසුන්ගෙන් වෙනස් උන ශරීර පරමානයෙන් කුඩා ජලජ ක්ෂීරපායි සතෙක්.
The name derives from French pourpois, originally from Medieval Latin porcopiscus (porcus pig + piscus fish).
ස්ටර්ලිං එන්සයික්ලොපීඩියා පොතේ මූදු ඌර ගැන කියවෙන්නෙ මේ විදියට
DeleteDeadly predators who can even hunt whales, killer whales can jump from the sea and snap a seal right from the ice.
මමත් මේ ලඟදි මන්නාරමේ ගියා. එත් ට්‍රිප් එකක් නම් නෙමෙයි. දවසක ගිහින් එන්න ඕන වටපිට බලන්නත් එක්ක.
ReplyDeleteනාවික හමුදාවට පින් සිද්ද වෙන්න ඔය වගේ සත්තු කීයකගේ ජීවිත බේරෙනවා ඇත්ද?
ReplyDelete