Monday, August 6, 2012

ඔයාල හිතන්නෙ ගෑනු අය හරිම දුර්වලයි මෝඩයි කියලද?


එක ෆැක්ටරි එකක් තියෙනවලු යකඩ බඩු හදන. ඒ කියන්නෙ ඔය මිටි, ඉස්කුරුප්පු නියන් වගේ අයිටම්ස්. හැබැයි මේකෙ රස්සාව දෙන්නෙ පිරිමි අයට විතරයිලු. මේ ගැන දැනගත්ත කාන්තා සංවිධානෙක ගෑනු කෙනෙක් දවසක් ආවලු මේකෙ මැනේජර් හම්බ වෙන්න.

ගෑනු කෙනා : ඔයාල ජොබ් දෙන්නෙ පිරිමින්ට විතරයි කියල අපට ආරන්ංචි උනා. ඒක හරිම අසාධාරණයි
මැනේජර් : ඔව් අපි එහෙම තමයි
ගෑනු කෙනා : ආ ඒ කියන්නෙ ඔයාල හිතන්නෙ ගෑනු අය හරිම දුර්වලයි මෝඩයි, පිරිමි වගේ වැඩ කරන්න බෑ කියලද?
මැනේජර් : අපෝ එහෙම නෑ
ගෑනු කෙනා : එහෙනම්?
මැනේජර් :  මේකෙ වැඩ කරන හැමෝම දෙන වැඩක් කරනව. කට වහගෙන වැඩේ කරනවා. අනික වැරද්දක් කරල මම උන්ට බැන්නොත් හුචු හුචු ගගා ඉන්නෙ නැතුව වැ‍රැද්ද හදා ගන්නවා

ඒ උත්තරේ අහගත්තට පස්සෙ කාන්තා සංවිධානෙ ගෑනි ශේප් එකේ මාරු වෙලා. ෆැක්ටරි එකත් ඉස්සර වගේ දිගටම පිරිමි අයම රස්සාවට ගන්නවලු.

ඔහොම ඉද්දි අලුතින් වැඩට ගත්තලු ටිකක් අන්ඩපාල මූනක් තියෙන ඩයල් එකක්. ඉතිං ෆැක්ට්‍රි එකේ මැනේජර් සිකුරිටි බුවාටත් කියල අලුතින් ගත්ත එකා ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න කියල.

පලවෙනි දවසෙම හවස අලුත් බුවා එනවලු වීල්බැරෝ එකක් පිරෙන්න කුනු දාගෙන එලියට යන්න. සිකුරිටි බුවා මෙයාව නවත්තලා.

සිකුරිටි : මොනවද මේකෙ තියෙන්නෙ
බුවා : කුණු වගයක්, මම මේ විසිකරන්න යනවා
සිකුරිටි : මට ලොක්ක කියල තියෙන්නෙ ෆැක්ට්‍රි එකෙන් පිට යන හැම දෙයක්ම චෙක් කරන්න කියල
බුවා : හරි බලන්න

දැන් සිකුරිටි බුවා කොනක ඉඳන් අර කුනු ඔක්කොම අවුස්සලා බලලා. සැක කටයුතු කිසිම දෙයක් නැහැලු. ඉතින් අර බුවාට යන්න දීල.

ඊලඟ දවසෙත් අරබුවා කලින් දවසෙ වගේම කුණු ලෝඩ් එකක් අරන් ආවලු. සිකුරිටි බුවත් පුරුදු විදියටම චෙක් කරල, මොකුත් අවුල් දෙයක් නැති නිසා යන්න දීල.

ඔහොම මාසයක් තිස්සෙ ඔය සිද්දිය වෙලා. සිකුරිටි බුවාට සෑහෙන්න ශුවර්ලු මෙතන මොකක් හරි තියෙනව කියල. සිකුරිටි බුවා අර කුණු අරන් එන එකාව අල්ලලා ඌට තගක් දාල බය කරල. ඊට පස්සෙ

බුවා : මම හැමදාම කුණු අරන් යද්දි උඹ චෙක් කරල කවදාවත් මොකුත් හම්බ උනේ නැහැනේ
සිකුරිටි : ඔව් ඉතිං
බුවා : මේ වෙද්දි අපේ ගෙදර වීල්බැරෝ 30 ක් තියෙනවා

28 comments:

  1. මේකෙම බයිසිකල් වර්ශන් එක මම අහල තියනව. :D :D :D

    ReplyDelete
  2. ඔය හා සමානම කතාවක් මමත් අහලා තියෙනවා ඒක වෙලා තියෙන්නේ දේශ සීමා දෙකක් අතර වැටිලා තියෙන මාර්ගයක .

    එක පොරක් බයිසිකලයක වැලි මුට්ටයක් බැඳගෙන හැමදාම දවස අවසානයේදී මුරකාවල් මැද්දෙන් පැදගෙන යනවලු.,
    පොලිස් කාරයෙක් ඇහුවලු අර මනුස්සයාගෙන්
    මොනවද අරන් යන්නේ තමුසේ..?

    වැලි සර්..! අර මනුස්සයාත් උත්තර දීලා..,
    පස්සේ මේ විදියට හැමදාම මේ මනුස්සයා බයිසිකලේ පිටිපස්සේ බැඳගෙන වැලි අරන් යන එක හරිම සුපුරුදු දෙයක් උනාලු. ඒත් පොලිස් කාරයා දන්නවාලු මේ මනුස්සයා මොනවා හරි දෙයක් එහා පැත්තෙන් මේ පැත්තට පාස් කරන වගේ..,
    ඉතින් මෙහෙම අවුරුද්දක් විතර ගියාට පස්සේ දවසක් අර පොලිස් කාරයා තැබෑරුමකට යද්දී අර මනුස්සයා බයිසිකලේ නවත්තලා අහලකින් සප්පායම් වෙනවා දැකලා ඒ පැත්තට ගිහිල්ලා මෙහෙම අහලා..,

    මම දන්නවා තමුසේ ම කාලේ අතුලත මොනවා හරි අරගෙන එහා පැත්තට හැමදාම යනවා කියලා ඒත් මට ඒක අල්ල ගන්න බැරි උනා නෙව..,
    ඒකනේ සර්..!
    ඇත්තටම ඕයි.., මම මේ තමුසෙව ලොකප් කරන්න එහෙම අහනවා නෙවෙයි.., මොනවද තමුසේ මෙච්චර කාලයක් එහා පැත්තට ඇද්දේ..?

    මෙහෙම පොලිස් කාරයා අර මනුස්සයාගෙන් ඇහුවම ඒ මනුස්සයා පොලිස් කාරයා දිහා බලලා කට කොණින් හිනා වෙලා බෑග් ඔක්කොම කරේ දාගෙන යන්න ලෑස්ති වෙලා මෙහෙම කිව්වලු..!

    පුට්සයිකල් සර්..!

    ReplyDelete
    Replies
    1. හීනයා නිකම් පොර ටොක් දීල "කතාවක් තියෙනව" කිවුවට කතාව දැම්මෙ නැහැනෙ බං. :-D
      තැන්ක් යූ මේ කතාව ශෙයා කරාට. මේ වර්ශන් එක මම මීට කලින් අහල තිබ්බෙ නෑ.

      Delete
    2. මාත් අහලා තියෙන්නෙ මේ සයිකල් කතාව චීනයේ හරි ජපානයේ හරි දේශ සීමාවක වෙච්ච ඇත්තම සිද්ධියක් කියලා තමයි...

      Delete
    3. ගෑණු බුද්ධිමත් කතාව වගේ එකක් මාත් අහලා තියෙනවා...

      එක දේශපාලකයෙක් කතාවකදී කිව්වලු "ගෑණුන්ගෙන් 50%ක්ම මෝඩයි..." කියලා... මේක අහලා එක්තරා කාන්තා සංවිධානෙකින් කිව්වලු පොරට විරුද්ධව නඩු දානවා ඒ කතාව බොරු කියලා කිව්වේ නැත්තම් කියලා... ඊට පස්සේ පොර කියලා "සමාවෙන්න කලින් කියපු කතාව බොරුවක්..ඇත්තටම ගෑණුන්ගෙන් 50%ක්ම බුද්ධිමත්..." කියලා... අර සංවිධානේ අය සතුටු වෙලා නඩුදාන අදහස අතෑරියාලු...

      Delete
    4. නස්රුදීන්ගෙත් මේ වගේ කතාවක් තියෙනවා :D

      Delete
  3. මේකම කුණු වෙනුවට පොල්ලෙලි වර්ශන් එකක් ගියා හිරු FM එකෙ :D :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් අහල තිබ්බෙ නෑ බං

      Delete
  4. මේ වීල්බැරෝ කතන්දරේ ඇත්තටම වුන එකක්. ඒ දවස්වල මහරගම තිබුනා රෝව්ලන්ඩ්ස් කියලා ෆැක්ටරි එකක්. ඒකේ මේ සිද්දිය මේ විදියටම වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේක නම් නෙට් එකේ දැක්ක කතාවක්. ඇමරිකන් ෆැක්ටරි එකක් ගැන තිබ්බේ. ලංකාවෙත් මෙහෙම වෙලා කියන්නෙ ආඩම්බර වෙන්න ඕනේ ;-)

      Delete
  5. මේ කථා දෙකක්ද?එකක්ද?
    මාව නිකන් කරකවලා අතෑරියා වගේ වුනා එකක් කියලා හිතන් කියවලා

    ReplyDelete
    Replies
    1. දෙකක් එකක් කරල ලිවුවේ :-P

      Delete
  6. ගැණු සීන් එක මොකට අන්තර්ගත කලාද කියලා හිතාගන්න බෑ...:)

    ReplyDelete
  7. නසරුදීන්ගේ බුඋරුවෝ වර්ෂන් ඒක අහල තියනවා

    ReplyDelete
  8. මේ කතා දෙක උඹ මොනව හිතිල එකතු කලාද මන්ද.... අර ඉසෙඩ් ලකුණු මෙව්ව කලා වගේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මමත් ජාමිතික සූත්‍රයක් දාල දෙක මෙවුව කරල බැලුවා. :D

      Delete
  9. මේක 94 දි වගේ සත්සිරි පත්තරේ ගියා..

    ReplyDelete
  10. හාහ්හා අන්න නියම කතාවක්

    ReplyDelete
  11. පළවෙනි කතාව තේරැන් නැ මචං

    ReplyDelete
  12. මේකේ පරණම වර්ශන් එක නස්රුදීන් බූරුවෝ ට්‍රාන්ස්පෝට් කරපු සීන් එක..

    ReplyDelete
  13. මරු කතාව .හැබැයි අර වනිතා විත්තිය මොකට දැමම්ද මචන්

    ReplyDelete
  14. ඔහොම අය නැත්නම් එකත් නිකම් අඩුවක් වගේ

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.