Tuesday, August 7, 2012

මටත් බ්ලොග් එකක් ලියන්න ඕනෙ


ඔ‍ෆිස් එකේ වැඩ කර කර ඉද්දි මට ආව කෝල් එකක්. ගොඩක් බිසි වෙලාවට ෆෝන් එකට ආන්සර් කරන එක මම අකමැතිම දෙයක් උනත් කෝල් එක ආව නොම්මරේ ආන්සර් නොකරම බැරි නිසා ආන්සර් කරා.

මම : හෙලෝ
කෝලර් : මට පොඩි උදවුවක් ඕනෙ
මම : කියන්න, පුලුවන් දෙයක් නම් කරල දෙන්නම්
කෝලර් : මටත් බ්ලොග් එකක් ලියන්න ඕනෙ
මම : ඒ මොකෝ හදිසියෙම
කෝලර් : නෑ මේ කම්මැලිකමට
මම : හරි දැන් ලියන්න නමක් තියෙනවද?
කෝලර් : මගේ නමින් ලියන්න හිතන් ඉන්නෙ
මම : විකාර කියන්න එපා, ඇත්ත නමින් මමවත් ලියන්නෙ නෑ
කෝලර් : එහෙනම්?
මම : අපි දාමු වැහි ලිහිණි කියල
කෝලර් : හරි ඉතින්
මම : ඊලඟට බ්ලොග් එකට නමක් ඕනෙ
කෝලර් : ඒකට මොකක්ද දාන්නේ?
මම : හ්ම්ම්... අපි දාමු "වැස්ස කඩා වැටෙන්න ලඟයි" කියල
කෝලර් : ඒක නම් ලස්සනයි
මම : අනික ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕනෙ. හැබැයි ඒකෙ ඇත්ත විස්තර මොකුත්ම දාන්න එපා
කෝලර් : මම බැඳල කියල දාන්නත් එපාද?
මම : අපෝ ඒක කොහොමටවත් දාන්න එපා
කෝලර් : මම බැන්ද උනාට දැන් තනියමනෙ ඉන්නෙ
මම : සමහරවිට එහෙම දැම්මොත් වැඩිය හොඳ වෙන්නත් පුලුවන්
කෝලර් : තව මොනාද කරන්න ඕනෙ?
මම : ෆේස්බුක් එකවුන්ට් එකකුත් ඕනෙ වෙනව. ඒක මම හදල දෙන්නම් හින්දි නිලියෙක්ගෙ ෆොටෝ එකක් එහෙම දාල
කෝලර් : හරි ඔය ඔක්කොම හදාගත්තට පස්සෙ මොනාද මම ලියන්නෙ
මම : එහෙනම් පොශ් විදියට අමාරු සිංහලෙන් ලියන්න මම අරහෙ ගියා මෙහේ ගියා අරම කරා මෙහෙම කරා කියල. හැබැයි ගිය තැනක නමක් හරියට කියන්නත් එපා, කරපු දෙයක් හරියට කියන්නත් එපා.
කෝලර් : ඒ මොකෝ
මම : කට්ටිය මල්ල ඇරල බලනවට වඩා ඔබල බලන්න ආසයි. ඉතිං කෙලින් නොකිය ඉන්නකොට හෝ ගාල කට්ටිය අහයි ඔයා අරහේ නේද ගියේ, මෙවුව නේද කරේ කියල
කෝලර් : මම එහෙම ලියන්න ආස නෑ
මම : හරි, ලියන දේ එච්චර ලොකු වැදගත් කමක් නෑ ගෑනු කෙනෙක්ට. ඔයා කඩේ ගිහින් සීනි කිලෝ එකයි, තේකොල දෙසිය පනහයි ගෙනාපු එක ගැන උනත් පෝස්ට් එකක් දාන්න
කෝලර් : එතකොට
මම : කොල්ලො කුරුට්ටො ඇවිල්ල ලංකාවෙ තියෙන හොඳම තේකොල ජාතියෙ ඉඳල තේ වවන හැටි ගැන ඉඳල කමෙන්ට් කරයි
කෝලර් : ඉතිං එතකොට මම මොකක්ද කරන්න ඕනෙ
මම : ඒ හැම කමෙන්ට් එකටම මතක ඇතුව රිප්ලයි එකක් දාන්න, දෙන්න රිප්ලයි එකක් නැත්නම් "හිකිස්, පට්ට, සුපිරි, +++" ඔන්න ඔය වගේ එකක් හරි දාන්න
කෝලර් : දැන් මම ලියන්න ගත්තම ඒව කට්ටිය බලයිද?
මම : මම කිවුව විදියට කරොත් පට ගාල කට්ටිය බලන්න සෙට් වෙයි. අන්තිමට ෆේස්බුක් චැට් කරන්න එහෙම අරගෙන කරදරයක් උනොත් නම් ඔන්න මම නෑ
කෝලර් : නෑ නෑ එවුව මම බලාගන්නම්
මම : දැනට ඔය ඇති, ඔය ටික කරා නම් ගොඩ
කෝලර් : එහෙනම් මම තියන්නම් පුතේ, තුණුරුවන් සරණයි. උඹ සීයගෙ අවුරුද්දේ දානෙට ගමේ එනව නේද?
මම : ඔව් ආච්චි අනිවාර්යෙන්ම එනවා

ප.ලි : මේක ඊයේ රෑ දැක්ක හීනයක්ම වෙච්ච එක හොඳා. ;-)

77 comments:

  1. අනේ වැහි ලිහිණි...
    ලිහිනියා යනු කිරිල්ලියකි...
    මටත් යාන්තමට ඒක මතක් උනා....

    ReplyDelete
    Replies
    1. වැහිළිහිණි කියන්නෙ හිරු ටීවී එකේ යන ටෙලියක් බං. ඒකෙ ටැග් ලයින් එක තමා "වැස්ස කඩා වැටෙන්න ලඟයි" :-D

      Delete
  2. හිටපන් ටාර් ගාලා මන් වැඩේ පටන් ගන්න "වැහි ලිහිණි" :-D

    ReplyDelete
    Replies
    1. උඹ මේ කමෙන්ට් එක දැම්මේ බ්ලොග් එකයි, නික් නේම් එකයි දෙකම රෙජිස්ටර් කරල ඉවර වෙලා නේද? ;-)

      Delete
  3. අඩොව් මේක බුද්ධිමය දේපල පනත උල්ලංගනය කිරීමක් :D

    ReplyDelete
    Replies
    1. වැරදි තැන බං උඹ කමෙන්ට් කරල තියෙන්නෙ. අවුලක් නෑ, උඹලනෙ බං හිරු කියන්නෙ. අපි ගොඩින් බේරගමු ;-)

      Delete
    2. හික් හික් මන් එක දැම්මේ අර නමටයි ටැග ලයින් එකටයි :D
      එත් සිරා කතාව හැබැයි

      Delete
    3. ඉතිං බං ඒක ගැනම තමා මමත් මේ කියන්නෙ. කීයක් හරි ඉල්ලල දීපංකො මේ මාකටිං පාරක් දෙන එකට :-P

      Delete
  4. හැබෑ තමා ..කෙල්ලක් මගේ කොන්ඩේ යනවා කිව්වත් කොමෙන්ටු වැහි වහිනවා .

    ReplyDelete
    Replies
    1. එහෙම ඕනෙත් නෑ බං. අලුත් පෝස්ට් එකක් දාල ඒකෙ තියෙන්නෙ එක ඩොට් එකක් උනත් හොඳටෝම ඇති.

      Delete
  5. ඊළඟ හීනෙදි මතක ඇතිව ඉතිරි ටෙක්නික් ටිකත් කියලා දෙන්න. හැමදාම කඩේ ගිය එක ගැනයි, අලුතෙන් ගත්තු අමුතු අමුතු ගැජට් ගැනයි ලියන අතරේ අසමජ්ජාති කොල්ලෙක් එයාට බූට් එක තිබ්බ හැටි ගැන එහෙම ලියන්න කියන්න. ඒවා හොඳට හොටු පෙරාගෙන කඳුළු ගඟේ ගිලිලා හුස්ම හිරවෙච්චි ගානට ලියන්න කියන්න. අනික එයා තරං හොඳ කෙල්ලෙක් මේ තුන් ලෝකේ කොහේවත් නැති ගානට පෝස්ට් ලියන්න කියන්න. අනිවාර්යයෙන්ම වැහි ළිහිණිගේ බ්ලොග් එක මේ බ්ලොග් අවකාසේ සුපිරිම බ්ලොග් එක වෙනවා(හීනෙං!). :D :D

    ReplyDelete
    Replies
    1. මොක ලිවුවත් රියලිටි එකට වඩා ෆැන්ටසියට කිට්‍ටු වෙන තරමට තමා ආච්චිට ගොඩ යන්න පුලුවන්. රියලිටිය දුකක්, ෆැන්ටසිය සැපක් :D

      Delete
  6. "ඔව් ආච්චි අනිවාර්යෙන්ම එනවා" මේ ටික තමා පට්ට..

    ReplyDelete
    Replies
    1. පන්ච් ලයින් එක තියෙන්න ඕනෙ අවසානෙටනෙ :D

      Delete
  7. බ්ලොග් ලියන්න හිතුනේ උඹේ ආච්චිටද?

    ReplyDelete
    Replies
    1. ආච්චිල දෙන්නම මැරිල ගොඩක් කල් බං. මේක හීනයක් :D

      Delete
  8. Replies
    1. ෆීමේල් ප්‍රොෆයිල් එකකින් බ්ලොගක් ලියන එක නම් එළ වැඩක් තමා

      Delete
  9. හිකිස්, පට්ට, සුපිරි, +++

    ReplyDelete
  10. මදැයි.... ආච්චිටත් ඕනෙ නැති කෙහෙල්මලක් නෑ........

    ReplyDelete
    Replies
    1. ආච්චිලත් අලුත් පන්නෙට හැඩගැහෙනව

      Delete
  11. Replies
    1. ඔන්න ඕකනෙ උඹල එක්ක බැරි. මොකක් හරි ක්‍රමයක් කිවුව ගමන් ඒකම තමා පාවිච්චි කරන්නෙ ;-)

      Delete
  12. හක හක.......ආච්චියේ මෙකේ ෆලො ගැජට් එක තාම දාලා නැතෝ

    ReplyDelete
    Replies
    1. ඔය කියල දුන්න ටික ඇති බං. ඊට පස්සෙ කමෙන්ට් කරන්න එන එවුන් "වර්ඩ් වෙරි‍ෆිකේශන් අයින් කර ගන්න තැන" ඉඳල බ්ලොග් එකට "අලුත් ලේඅවුට් හදල දෙන තැනට" යනකම්ම වැඩ ටික කරල දෙයි චීත්තයක් නිසා :D

      Delete
  13. මං මේ කල්පනා කරන්නේ මං ලියපු "සාමා ළමයා ගේ අම්මා -කල්‍යාණි පෙරේරා" - ගැන කතන්දරේට ලින්ක් එකක් දානවද නැද්ද කියලයි!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් නොදැම්මොත් කකාගෙ අනන්‍යතාවය නැති වෙනවනේ :D

      Delete
    2. ඕනයා : බ්ලොග් සංරක්ෂණය ගැන උඹට සම්මානයක් දෙන්න වටිනව බං

      Delete
    3. තෑන්ක්ස් ඕනයා!

      ඇත්තටම මගේ කතන්දරෙයි, රංග ගේ මේ කතාවෙයි සෑහෙන්න සමානකම් තියෙනවා.

      අර ලෝකය වෙනස් වෙලාද කියලා මං ලියපු කතන්දරේ, තමන් ඉන්නේ අළුත් ලෝකේද නැත්තං පරණ ලෝකේද කියලා හොයාගන්න පුළුවන් වෙන ක්‍රමය වැරදිද මන්දා?

      Delete
  14. හත්තලාමේ ආච්චි

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ දැනටමත් අපේ ආච්චි නැතුවට වෙන ආච්චිල ලියනවද කියල :D

      Delete
  15. Replies
    1. අන්න උඹත් මම ආච්චිට කියල දුන්න කමෙන්ට් සිස්ටම් එක පාවිච්චි කරල

      Delete
  16. හවසට වැස්ස කඩා වැටෙන්න ලං වුනාම අහස මොන පාට ද?

    ReplyDelete
    Replies
    1. අළු පාටට හුරු ලා කහ පාටයි නේද බං? :D

      Delete
  17. කලින් දාපු විහිලු කථාව කුජීතයි පජාතයි ‍ශෝචනීයයි. ඒක හොදටම තේරෙන්නේ මේවගේ සුපිරි දේවලුත් කරන්න උඹට පුලුවන් කියලා පේනකොට තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම එකම විදියට ලියන්න බැහැනෙ මචං. අනික බලන අයගෙත් එක එකාගෙ කැමැත්ත එක එක දේවලට. Thanks

      Delete
  18. Replies
    1. මේ සිස්ටම් එක අපේ ආච්චි යූස් කරන්න කලින්ම ගොඩක් ජනප්‍රිය වෙච්චි සිස්ටම් එකක්නෙ මචං :D

      Delete
  19. බ්ලොග් කෙරුවාව සෑහෙන්න ජනප්‍රියයි වගේ නේද...? ආච්චිටත් ගිය කල...

    ReplyDelete
    Replies
    1. මම ජීවත් වෙන්නෙ බ්ලොග් ලියල කියල දැනගත්තම තමා ආච්චිටත් බ්ලොග් ලියන්න හිතිල තියෙන්නේ

      Delete
  20. හෆොයි ආච්චිත් නරක් වෙන්න පොටක් . . මේ ඒක නෙමේ ආච්චිගේ දත් තියෙනවද? :D

    ReplyDelete
    Replies
    1. නෑ බං අය්යේ, දාපු දත් කුට්ටමක් තිබුනෙ

      Delete
  21. Replies
    1. බලපන් එකෙක් කිවුවට අහන්වද? හෙ හෙ

      Delete
  22. ෆට්ට ෆට ෆට - ඒක ලියවිලා නෑනේ..!
    කාලෙකට පස්සේ රංග අයියා හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරලා.. ඒකටනම් මට හිකිස්!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් වලට රිප්ලයි කොරන්න කියල ආච්චිට උපදේසෙ දීල මම එහෙම නොකරොත් කැතයිනෙ බං ;-)

      Delete
  23. මගේ මූනු පොතට වැහි ලිහිනි කියලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් තිබුනා කාලෙකට උඩදි.. අපරාදෙ මන් ඒක රිජෙක්ට් කරේ...

    ReplyDelete
    Replies
    1. සිකේ වෙනි මාම නැතුව සීය කියන්න තිබ්බ චාන්ස් එක උඹ මිස් කරගෙන ;-)

      Delete
  24. ඒකත් නරකම නෑ නෙහ්

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං, බ්ලොග් අවකාසෙට තවත් බ්ලොගක් ආච්චි ලිවුව නම්.

      Delete
  25. මතක ඇතිව ආච්චිට කියපන් ආච්චිට කොල්ලෙක් අන්තර්ජාලය හරහා අතවර කරන්න ගියා කියලා කතාවක් ලියන්න කියලා,,ඒ වගේම ආච්චිට කියපන් වයස බලන්න එපා අක්කෝ,නංගෝ,මල්ලෝ,අයියෝ කියන යෙදුම් වලින් අමතන්න කියලත්....

    ReplyDelete
    Replies
    1. ආච්චි කුරා කූඹියෙක්ටවත් වරදක් නොකර ලාමක ටිංටිං විදියට ඉද්දි අසමජ්ජාති කොල්ලෙක් ස්කයිප් හරහා නොහොබිනා යෝජනාවක් කරපු එක ස්ක්‍රීන් ශොට් එක්කම (ෆොටෝශොප් වලින් හදල හරි) බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන එක අනිවාර්යෙන් පසුව කරන්න ඕනෙ දෙයක්. ඒ සිද්ධිය වටේ පූස කිවුව වගේ කඳුලු හො‍ටු දුක පිරුනු දුක්මුසු අනුවේදනීය කතාවක් තියෙන්නත් ඕනෙ ඒ කොල්ල අඳුර ගත්ත දවසෙ ඉඳන් අරම යෝජනාවක් කරපු දවස වෙනකම්

      Delete
  26. කොහොමද ආච්චි හොටු පෙරෙන ලව් ස්ටෝරි ලියද්දි කට්ටිය අක්කියෝ..., නංගියෝ..., කියලා කමෙන්ට් කරද්දී..... ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කස්ටිය එහෙම කියද්දි මම ආච්චිට වයස හංගගෙන ලියන්න කිවුව නිසා ආච්චි 18 කොල්ලන්ට කෙල්ලන්ටත් අක්කියෝ අය්යේ කියල කියයි ;-)

      Delete
  27. ආච්චිගෙ බ්ලොග් එක මං මුර කරලා ආච්චිට හාල් ගරන්න කොල්ලො ආවම මං එන්නං උන්ට නෑඹිලියෙන් ගහලා එලවන්න.. පස්සේ ආච්චි මට හොද කියයි..

    එතකොටවත් මං හොද ළමෙක් වෙයිද කියලා බලමු.. කොහෙද මං හොද ළමෙක් කිව්වට රට්ටු පිළිගන්නෙම නෑනේ.. සික්.. අපසාදේ බං..

    ReplyDelete
    Replies
    1. ආච්චිගේ බ්ලොග් එකට බවුවෙක්ගෙ පුරප්පාඩුවක් තියෙන නිසා උඹට ඒ වැඩේ ඕනි නම් කරන්න පුලුවන් වෙයි මචං. අනිවාර්යෙන් උඹ ඒක මුර කලොත් ආච්චි ඔය ටොපි ලොසින්චර වගේ උන්දැට හපාගන්න බැරි දේවල් උඹට දෙයි.

      ඒ වගේ අවිහිංසක "කෙල්ලක්" වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් උනා කියල සමහරවිට උඹට සම්මාන (තෑගි බෝග) එහෙමත් හම්බවෙන්න බැරිත් නෑ. අනික උඹ හොඳ ලමය විතරක් නෙමේ වීරයෙකුත් වෙනවා. ;-)

      Delete
    2. කෝමද ආච්චි චොකලට් බෝල්ස් වල චොකලට් ටික සූප්පලා පසනට රටකජු ඇටේ දෙද්දි

      Delete
  28. දැනටමත් ආච්චිලා ලියනවා ඇති බ්ලොග්.අපි දන්නවායෑ ඒ කෙල්ලෙක්ද,ගෑනියෙක්ද,ආච්චියෙක්ද කියලා

    ReplyDelete
    Replies
    1. බුකියෙ උනත් බලපංකො සිංහල නම් වලින් ගොඩක් ඉන්නෙ හින්දි නිලියොමනෙ බං :D

      Delete
  29. හිහ් හිහ් හිහ්... මෙයා හීනෙන් දකින්නෙත් බ්ලොග් ලියන ඒවාමයි.. අනේ මෙහෙම ආසාවක්..

    ReplyDelete
    Replies
    1. කතන්දරයක් ලිවුවම සම්පූර්ණ ඇත්තක් වෙන්නත් පුලුවන්, සම්පූර්ණයෙන් නිර්මාණයක් විතරක් වෙන්නත් පුලුවන්, එහෙමත් නැත්නම් ඒ දෙකේ අතර මැද දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් දැන් යන ට්‍රෙන්ඩ් එකට ලියන ඕනෙ දෙයක් "අම්මපා සහතික ඇත්ත" කියන යුගේකනෙ අපි ඉන්නෙ.

      Delete
  30. මෙහෙම වෙන්න බැරිකමකුත් නැහැ :D

    ReplyDelete
    Replies
    1. දැනටමත් වෙලාද කවුද දන්නෙ බං :D

      Delete
  31. රංග ඇත්තට බ්ලොග් එකක් ලියන ආච්චි කෙනෙක් නැද්ද

    ReplyDelete
    Replies
    1. කවුද බං දන්නෙ. සමහරවිට දැනටමත් ඇති

      Delete
  32. ටී වී, වීඩියෝ එහෙම නැති හැත්තෑ ගණන් වල ගුවන් විදුලියේ සමහර ගායිකාවන්ගේ සින්දු ඇහෙද්දී සමහර උන් කටහඬ අහල රූපෙ මවාගෙන හිතින් පෙම් කරන්න පටන් ගත්තලු (හඬ මෙච්චර මිහිරි නම් රූපෙ...කියල හිතල.) අසු ගණන් වල විතර ටී වී එක ඇවිල්ල අර ගායිකාව රූප පෙට්ටියට ආවම ප්‍රේම ෆැන්ටසි සුනු විසුනු උනාලු.

    ReplyDelete
    Replies
    1. ඔය සම්බන්ධ කතා කීපයක්ම අහල තියෙනව. අමතක වෙලා තිබ්බෙ. තැන්ක් යූ මතක් කරාට. වෙලාක ලියන්නම් මචෝ

      Delete
  33. අනේ ආච්චියේ
    (අපි අළුතෙං)

    ReplyDelete
  34. ආච්චි නම් සුපිරි. එහෙම තමයි ඉන්න ඕන. හික් හික්

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.