Thursday, August 16, 2012

CV එකක් හරියට ලියන්නෙ කොහොමද?

ගොඩක් වෙලාවට එක එක යාලුවො තමන්ගෙ යාලුවන්ගේ CV එවනවා ජොබ් එකක් හොයල දෙන්න කියල. ඒ හුඟක්ම CV ලියල තියෙන විදිය හරිම දුර්වලයි. ඒක නිසා මම හිතුව CV එකක් හරි විදියට ලියන හැටි ගැන අද ලියන්න. ඒ වගේම එක්සාම්පල් CV කීපයකුත් ශෙයා කරන්න. මම මේ පහල කියන කාරනා ඔක්කොම ඒ සාම්පල් වල තියෙනව.

CV එකක් ලියද්දි මතක තියා ගන්න්න ඕනෙ ප්‍රධාන කරුනු කීපයක් තියෙනව.

01. CV එකෙන් තමන් බලාපොරොත්තුවෙන අරමුණ

CV එකක් අපි යවන්නෙ CV එකෙන් ජොබ් එකක් ගන්න නෙමෙයි. CV එකක් යවන්නෙ ඒක බලන කෙනාට අපි ගැන පැහැදීමක් ඇතිවෙලා අපිට ඉන්ටවිව් එකකට කෝල් කරන තත්වයක් ඇති කරන්න. ඒක නිසා CV එක පුලුවන් තරම් කෙටියෙන් පැහැදිලිව ලියන්න ඕනෙ. දිගට වැල්වටාරම් ලිවුව CV එකක් කියවන්න කිසිකෙනෙක් කැමති නෑ.

02. තමන්ව හඳුන්වාදීම

CV එකේ තියෙන ප්‍රධානම දෙයක් තමයි තමන් ගැන කෙටි හඳුන්වාදීමක් තියෙන්න ඕනෙ. CV ගොඩක් උඩින් පල්ලෙන් බලන කෙනෙක්ට තමන් ගැන හොඳ අවබෝධයක් ලබාදෙන විදියට මේ හැඳින්වීම තියෙන්න ඕනෙ. නැත්නම් නිකම්ම CV එක කුනුකූඩෙට යන්න තියෙන චාන්ස් එක වැඩියි.

03. අකුරු සහ ව්‍යාකරණ

CV එක ලියද්දි අනිවාර්යෙන්ම ඒකෙ ස්පෙලින්ග් සහ ග්‍රැමර් මිස්ටේක්ස් තියන්න එපා. අනිත් අතට ඩිෆෝල්ට් ෆොන්ට් එකක් මිසක් වෙන වෙන ෆොන්ට් පාවිච්චි කරන්නත් එපා. ඒවගේම ෆොන්ට් සයිස් එක 11 හෝ 12 පාවිච්චි කරන්න. එහෙම නොසැලකිලිමත් විදියට මිස්ටේක් එක්ක ලිවුව CV එකකින් වැඩක් වෙන්නෙ නෑ.

04. කන්ටැක්ට් ඩීටේල්

CV එකෙන් තමන්ව හොඳට මාකට් කරගන්නව වගේම CV එකේ අනිවාර්යෙන්ම හොඳට පැහැදිලිව පේන විදියට තමන්ගෙ කන්ටැක්ට් ඉන්ෆොමේශන් ලියන්න. මේකෙදි විශේෂයෙන්ම තමන්ගෙ ෆෝන් නොම්මර සහ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න්න ඕනෙ.

05. තමන් ඇප්ලයි කරන ජොබ් එකට අදාල දේවල් විතරක් ලියන්න

මගේ යාලුවෙක් හිටිය අයිටී ඉගෙන ගත්ත. එතකොටත් ඌට වයස අවුරුදු 30 ක් විතර. ඌ ඊට කලින් වඩු වැඩ, AC රිපෙයාර් වැඩ කරල තියෙනව. ඒත් අයිටී ජොබ් එකකට නම් ඇප්ලයි කරන්නෙ ඌ වඩු වැඩ දන්නව කියන එක ඒකට අදාල නැහැනෙ. එතකොට තමන් ඇප්ලයි කරන ජොබ් එකට අදාල දේවල් විතරමයි ලියවෙන්න ඕනෙ.

06. ඉන්ෆොමේශන් වල අනුපිලිවෙල

මේකත් ඉතාම වැදගත් දෙයක්. CV එකේ පලවෙනි පි‍ටුවේ තමන්ගෙ කන්ටැක්ට් ඩීටේල් දාන්න ඕනෙ. ඊට පස්සෙ තමන්ගෙ ගැන කෙටි හැඳින්වීමක්. ඊට පස්සෙ තමන්ගෙ එක්පීරියන්ස් (දැනට කරන ජොබ් එකේ ඉඳන් ආපස්සට). ඊට පස්සෙ ප්‍රොෆෙශනල් ඉගෙන ගත්ත දේවල්. ඊටත් පස්සෙ ඇකඩමික් ඉගෙන ගත්ත දේවල් වගේ විදියට.

මේ කිවුව දේවල් ඇරෙන්න තව ගොඩක් දේවල් තියෙනව. ඒත් මේ ටික තමා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල්. මේ ඇටෑච් කරල තියෙන CV බැලුවම මම කිවුව දේවල් සහ තව ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්වෙයි.

1 වෙනි සාම්පල් එක

2 වෙනි සාම්පල් එක

29 comments:

  1. හම්මෝ හරිම වැදගත් මාතෘකාවක්....
    ගොඩක් ළමයි ඕවා ලියාගෙන එනවා වැරදි නිසා ගොඩක් වෙලාවට අපි ඒවා හදලා ටයිප් කරලා දුන්නා ඉස්සර.... ඉස්කෝලෙදිත් උගන්නන්නේ පරණ විදියටද කො‌ෙහද තාමත්...

    ඒ වගේම විභාගෙක ෆේල් වෙච්ච විශයක් තියෙනවා නම් ඒක නොදා ඉන්න තරමට ‌හොදයි....

    ReplyDelete
  2. අපිට නම් ඉතින් දැන් එහා ලෝකෙට ඇප්ලයි කරන්ඩ සීවී එකක් හදන කාලෙ ළඟ හින්දා මේ පෝස්ට් එක වැදගත්..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉක්මනටම හදපං වෙනී . . . වැඩි දවසක් ඉතුරු වෙලා නෑ

      Delete
  3. වැඩ ගොඩවෙලා ඉන්න වෙලාවක වුවත් මෙවැනි දෙයක් අගය නොකර සිටීමට සිත ඉඩ දෙන්නේ නැහැ. බ්ලොග් අවකාශෙ මේවගේ දේවලුත් ඉඳ හිට හෝ දැකීම ඇත්තෙන්ම සතුටක්. ඔබ බොහෝ වෙලාවට මෙවැනි සත්කාර්‍යයන් කරනවා මම දකිනවා. ජය!!!

    ReplyDelete
  4. ඇත්තටම වැදගත් කතාවකි..මටද එවැන් සීවී ඇස ගැටී ඇත.... වාසනාවට මට නං සීවී එකක් එක්කෙනෙක් හදා දුන්නේය.නැත්තං මාද ග්‍රැමර් බැරුව දගලමින් සිටියේය...

    ReplyDelete
  5. හොඳ පෝස්ට් එකක් අයියේ අපිට .................

    ReplyDelete
  6. ගොඩක් වැදගත් පෝස්ටුවක්.

    ReplyDelete
  7. එක ඵට්ටයි මරේට වටිනවා

    ReplyDelete
  8. වටිනා ලිපියක්... ගොඩක් වැදගත් කරුනු තියෙනව....

    ReplyDelete
  9. මේකටනම බොහොම තැන්කු

    ReplyDelete
  10. සිරා වැඩක් රංග අය්යා, මම මේ එකක් ලියන්න හැදුව විතරයි. දැන් මේක බලගෙන අඩුපාඩු හදනව.
    thankx

    ReplyDelete
  11. වැදගත් පොස්ට් එකක් අයියේ.නොදන්නා එවුන්ට ගොඩාක් වටිනවා....

    ReplyDelete
  12. මේ ලිපිය ගොඩක් වටිනවා නොදන්න කෙනෙකූට (මම වගේ)

    ReplyDelete
  13. හොඳ පෝස්ට් එකක්.... නියමයි

    ReplyDelete
  14. හැමොම වෙනුවෙන් ස්තුතියි

    ReplyDelete
  15. එක එක්කෙනා හිතන විදිය වෙනස්නේ... හරියට කරනවානම් මේ Visual Résumés කියන කන්සෙප්ට් එකත් නැගලා යනවා...

    මෙතන තියේ සාම්පල් ටිකක්...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කොම්පැනි වලට නම් තාම Visual Resumes හරියන්නෙ නෑ බං. මෙහේ උන්ගෙ සිලෙක්ටඩ් ෆෝමැට් එක වර්ඩ් හරි pdf හරි

      Delete
  16. මරු පෝස්ට් එක !

    ReplyDelete
  17. නියම වැඩක් මචං

    ReplyDelete
  18. Number of pages? I think it should be less than 4 pages.

    ReplyDelete
    Replies
    1. කවර් පේජ් එකක් තියෙනව නම් ඒක ඇරෙන්න පි‍ටු දෙකක් තම හොඳටම හොඳ. ඒත් උඹ කිවුව වගේ පි‍ටු 2 ත් 4 ත් අතරෙ අවුලක් නෑ. ඊට වඩා පි‍ටු ගාන වැඩි උනොත් කියවන්නෙ නැහැනෙ.

      Delete
  19. CV එකක් හදලා දෙන්න කිවුවම ඇබෙරෙන උන් රටක, මෙහෙම පොස්ට් 1ක් දාපු 1ක ලොකු දෙයක්.. මොකද තව එකෙක් ගොඩ යනවට අනිත් එකා කැමති නෑ..

    ගොඩක් වැදගත් ලිපියක් අපි වගේ උන්ට..

    ReplyDelete
  20. බොහොම ස්තුතියි :)

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.