Wednesday, August 8, 2012

ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?


දැන් ලංකාවෙත් හොට් එයා බැලූන් රයිඩ්ස් තියෙනවනෙ. ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ් එකක් යන්න. ඉතිං බැලූන් රයිඩ් ඕගනයිස් කරන එකා ගෑනිට අවශ්ය ඔක්කොම උපදෙස් දීල කොම්පස් එකකුත් අතට දීල බැලූන් එකේ නග්ගලා.

කොහොම හරි ටික දුරක් යද්දි තමා ගෑනි දැනගෙන තියෙන්නේ කොම්පස් එක නැති වෙලා කියල. දැන් මෙයා ඉන්න තැනක් දන්නෙත් නැතිලු. තමන් දැන් යන්නෙ මූද උඩින් කියන එක විතරමලු මෙයා දන්නේ.

ඔය අස්සෙ ගෑනි දැක්කලු මූදේ බෝට්‍ටුවක බුවෙක් ඉන්නවා. ගෑනි කෑගහල ඇහුවලු " අනේ මට උදවුවක් කරනවද? මම යාලුවෙක්ට පොරොන්දු උනා පැයකින් හම්බ වෙන්න එනව කියල. ඒත් මම දැන් ඉන්න තැන දන්නෙ නෑ" කියල.

බුවා ටක්ගාල බෝට්‍ටුවෙ තියෙනේ ජීපීඑස් සිස්ටම් එක බලල කිවුවලු "ඔයා ඉන්න බැලුම හරියටම තියෙන්නෙ පොලවට අඩි 30 ක් උඩින්, මේ වෙලාවෙ හුලං ස්පීඩ් එක පැයට සැතපුම් 5 යි. ඔයා අක්ශාංෂ 7.4 උතුරින්, දේශාංෂ 80.5 නැගෙනහිරින් ඉන්නෙ" කියල.

ගෑනි : ඔයා UNP සපෝටර් කෙනෙක් නේද?

බුවා : ඔව්, ඔයා කොහොමද එක පාරටම දැනගත්තේ?

ගෑනි : උඹ මට කිවුව හැම දෙයක්ම තියරියෙ හැටියට හරි. ඒත් ප්‍රැක්ටිකල් නෑ. උඹ දුන්න එකම ඉන්ෆොමේශන් එකකින්වත් මට වැඩක් නෑ. මම තාම ඉන්න තැන දන්නෙත් නෑ. යන විදිය දන්නෙත් නෑ. උඹගෙන් මට සත පහක වැඩක් උනේ නෑ

බුවා : ආහ් ඔයා සන්ධානෙ සපෝටර් කෙනෙක් නෙ

ගෑනි : ඔයා කොහොමද ඒක දැනගත්තේ?

බුවා : ඔයා ඉන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ, යන්නෙ කොහෙද කියල දන්නෙත් නෑ. ඔයා පොරොන්දු දීල තියෙනව ඉෂ්ඨ කරගන්න බැරි විදියේ. දැන් ඔයා හිතනව මම ඔයාගෙ ප්‍රශ්න විසදන්න ඕනෙ කියල. තාමත් ඔයා හිටිය තැනමයි. ඒත් ඔයා කර ගත්ත දේවල් වලට වැ‍රැද්ද මගේ පිට පටවන්න හදනවා

ප.ලි. : විහිලුවක් පමණි.

41 comments:

  1. ඔය දෙජාතිටෙම සපෝටර්ලාට වැඩිය හොඳයි, වෙයාවෙල් සපෝටර්!

    ReplyDelete
    Replies
    1. පටියක් ඇන්ද කාලයක් මතක නෑ බං ;-)

      Delete
    2. සාමාන්‍ය ගමනට පටි ගහන්න වෙන්න වස්සාන සමයෙ දී විතරයි. ඒ අනික්වා වේලිලා නැති හින්දා......

      ඒ හංදා අවුලක් ගන්ඩ එපා බං...!;)

      Delete
    3. දැන් නම් බොක්සර්ම තමා. ඉස්කෝලෙ යන කාලේ බෑන්ඩ් ගහන දවසට නම් අනිවා පටිය ගහනව "බ්‍රාස් ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරද්දි ල*බ බහින්න චාන්ස් එකක් තියෙනව" කියල අනිත් එවුන් බය කරල තිබ්බ නිසා.

      Delete
    4. සිරා! ඒ කාලේ ඕක රැක ගන්න දුන්නු ගේම දන්නෙ අපි ම විතරයි. කොච්චර හිර කලාද කියනවනං තව ටික දවසක් ඉස්කෝලෙ ගියානං ඔය දෙක බහිනවා ඇඟ ඇතුලට...:)

      Delete
    5. බුද්දියා දැං පටියව ගහන්නෙත් නැතුවඇති . . හෝදන්න වතුර නෑනෙ මේ දවස්වල බුද්දිලෑ පැත්තට

      Delete
    6. ඕනයා,
      සිතියමක් අරගෙන බලාපං උඔ ද මමද තෙත් කලාපේ වාසය කරන්නෙ කියලා.

      Delete
    7. අනේ පල බුද්දියා යන්න . . මේ දවස්වල වෙන්නප්පුව, නාත්තන්ඩිය පැත්තට පායනව . . . ගුන නැති වෙන්නම !

      Delete
  2. මේකනං සම්භාව්‍ය ජෝක් එකක්ද කොහෙද.. මට තේරුන්නෑ... :(

    ReplyDelete
  3. මරු ,,හැබැයි මචෝ මේ ස්ටෝරියේ ජේවීපී සපෝටර් කෙනෙකුත් කොහෙන් හරි අස්සකින් රින්ගවලා හිටිය නම් මරේ මරු

    ReplyDelete
    Replies
    1. උන්ව රිංගවන්න බෑනෙ බං. විහිලුවක් කරන්නවත් උන් එක දෙයක් හරියට කියන්නෙ නැහැනෙ. අනික කොයි එකද? විමල් ගෙ පක්ශෙද? සෝමෙ ගෙ පක්ශේ ද? නැත්නම් අර ඕස්ට්‍රේලියා ගිය එකාගෙ පක්ශෙද? :D

      Delete
    2. ඇත්තම ඇත්ත. උන් එක එක කාලෙට එක එක විදිහයි.
      අර දෙගොල්ලන්ගෙ විදිය හරියටම හරි.

      Delete
    3. මමත් ජෙප්පෝ ගැන අහන්න ගියා විතරයි. ජෙප්පෝ අවුල් නම් හෙළු උරුමේ හරි ඔබන්න තිබුණා :P

      Delete
  4. හැ ........ හක් හක් හක් ...... ම්ම්ම්ම්ම් ...... මට ඒක තේරුන් නැනේ ........

    ReplyDelete
  5. එල එල... හැබැයි පොඩ්ඩක් ජනේලෙන් ඔලුව දාල බලපන් සුදු පාට වෑන් එකක් එහෙම ලග නවත්තල තියනවද කියල?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ බං. මම පැත්තක් අරගෙන නැහැනෙ :D

      Delete
  6. කතාව සහතික ඇත්ත !

    ReplyDelete
  7. මේක නං විහිළුවක් නෙවේ. ඇත්තක්. භයානක ඇත්තක්!

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලනේ ගැන මම දැක්ක සරලව සිරාවටම ලියපු කමෙන්ට් එක මම දැක්කෙ චාමිගෙ බ්ලොග් එකේ අමිල චතුරංග දාල තියෙන කමෙන්ට් එක

      Delete
  8. මේක නම් පට්ටයි ඇ.. මරු උදාහරණෙ...

    ReplyDelete
  9. උඹ ප.ලි. දමලා විහිළුවක් කිව්වට පස්සෙවත් හිනා ගිහින් මේක විහිළුවක් කියලා මට හිතෙන්නෙ නැත්තෙ ඇයි බන් ? ඊයෙ බීපුවා තාම වැඩද මන්දා ? මලක් ගැහුවහම නම් ඔහොම ඊළඟ දවසෙත් කික් එක එනවා ඒත් කාලෙකින් එහෙමත් නෑ.. :-D

    ReplyDelete
    Replies
    1. අනේ වෙනී.. උඹ මල්.. අරක්කු.. බීළා වෙරි..

      දෙයියනේ මේ හීනයක්ද දකින්නේ.. :-D

      Delete
    2. මලක් වගේ ඉන්න වෙනිය මොනාද මේ දොඩවන්නේ? උඹ බොනවා? ඇල්වතුර ද? :D

      Delete
  10. විහිළුවක් වුනත් සිරා කතාව :)

    ReplyDelete
  11. Replies
    1. කාලීන දේවල් ගැන ලියන්නෙ නෑ කියල සමහරු කියන නිසා ඔන්න ලිවුවා ;-)

      Delete
  12. හිනා වෙන්න ලැජ්ජා හිතෙන විහිළුවක් !

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං, රටේ නෙමේ වැ‍රැද්ද අපේ

      Delete
  13. සුපර් ලයික්!!

    ReplyDelete
  14. ප.ලි දැම්මේ අපරාදේ....
    කතාවේ කික් එක බැස්සා ඒකෙං බිංදුවටම...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒත් ඉතිං බොලා වගේ දේසපාලනේ කරන යාලුවො ඉද්දි එහෙම අපහාස කරන්නත් හොඳ නැහැනෙ ;-)

      Delete
  15. මේක නම් විහිළුවක් නෙමෙයි . සත්‍යයි සත්‍යයි. එතකොට රතු අයියල ගැන අදහස මොකක්ද?

    ReplyDelete

හිතෙන දෙයක් ලියල යන්න.