ඉරාන් පවුලක් පදිංචියට ගිහින් ප්‍රංශේ ගම්පලාතකට. පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අවුරුදු 10ක විතර පුතයි. ඉතිං මේ අම්මයි තාත්තයි දෙන්න කිට්‍ටුව තියෙන ඉස්කෝලෙකට තමන්ගෙ පුතාව දැම්මලු.
ඔන්න දැන් පුතා පලවෙනි දවසෙ ඉස්කෝලෙ යනව. පංති භාර මිස් ඇවිල්ල ටිකක් විතර ජාතිවාදී කෙනෙක්.
මිස් : පුතාගෙ නම මොකක්ද?
කොල්ලා : මොහොමඩ්
මිස් : පුතා දැන් ඔයා ඉන්නෙ ප්‍රංශේ. මෙහේ මොහොමඩ් ල නෑ. මේ වෙලාවෙ ඉඳන් පුතාගෙ නම ෆ්‍රැන්සිස්කෝ
ඉතිං කොල්ලටත් හරි සතුටුයිලු අලුත් නමක් ලැබුනට. මූත් ඉස්කෝලෙ වැඩ ඉවර කරල හවස ගෙදර ආවලු.
අම්මා : මොහොමඩ් පුතේ, කොහොමද අලුත් ඉස්කෝලේ?
කොල්ලා : මගේ නම මොහොමඩ් නෙමේ, ප්‍රංශෙදි මගේ නම ෆ්‍රැන්සිස්කෝ
අම්මා : උඹට අපි දුන්න නම මොඩ් මදිද? උඹට මෙහෙ ආවම අම්ම තාත්ත අමතක උනාද?
කොල්ලා : නෑ අපේ ටීච තමා මට මේ නම දුන්නේ. මමත් ඒකට ආසයි
මේක ඇහුවම අම්මට මල පැනල මූට හොඳටම නෙලල. තාත්ත ගෙදර ආවම තාත්තටත් මේ කතාව කියල. තාත්තට මල පැනල තාත්තත් මූට හොඳටම අල්ලගෙන නෙලලා.
කොල්ලා පහුවෙනි දවසෙ ඉස්කෝලෙ ආවම මිස් දැකල මුගේ මූන ඉදිමිලා එහෙන් මෙහෙන් සීරීම් තුවාල එහෙමත් තියෙනව.
මිස් : ෆ්‍රැන්සිස්කෝ, ඔයාට මොකද පුතේ උනේ?
කොල්ලා : බලන්න මිස්, මම නම වෙනස් කරල ප්‍රංශ ජාතිකයෙක් වෙලා පැය ගානක් යන්න කලින් මට අරාබිකාරයො දෙන්නෙක් හොඳටම අල්ලන් ගැහුවනේ
කතාව එච්චරයි. ඒත් මේක ලියන්න හිතුනෙ මේ ලඟදි බලපු පට්ටම සිරා ඉරාන් (පර්සියන්) ෆිල්ම් දෙකක් නිසා.
පලවෙනි ෆිල්ම් එක 81 වෙනි ඔස්කාර් සම්මාන උත්සවේදි හොඳම විදේශීය භාශා චිත්‍රපට අතරට නිර්දේශ උන The Song of Sparrows. දෙවනි ෆිල්ම් එක 84 වෙනි ඔස්කාර් සම්මාන උත්සවේ හොඳම විදේශීය චිත්‍රපටය විදියට තේරුන A Seperation.
පුලුවන් නම් මේ ෆිල්ම් දෙකම හොයාගෙන බලන්න. වැඩි විස්තර ඕනෙ නෑ. මම ෆිල්ම් දෙකේම ට්‍රේලර්ස් පහල දාල තියෙනව.
A Seperation නම් මාත් බැලුවා....... ඇත්තටම ඒ ෆිල්ම් එක නම් පුදුමයි..... උසාවි වල කෙරෙන වැඩ නම් හපොයි..
ReplyDeleteJudge ගෙන් Divorce එක ඉල්ලන්න ගියාම කියන ටික මාර ගති... Judge කියනවනේ divorce වෙන්න දෙන හේතුව මදි කියලා.... එතකොට ගෑණු කෙනා කෙලින්ම කියන ටිකට තමා මම ආසාම..
" No, he`s neither an addict nor does he have any issues. In fact he is a very nice and decent person."
" Then why do you want to get a divorce?"
" Because he doesn`t want to come with me."
Seperation ෆිල්ම් ගැන කිහිප දෙනෙක්ම කියුවා තවම බලන්න බැරි උනා
ReplyDeleteහොඳ ෆිල්ම් වෙන් ඇති..ලංකාවෙ හෝල් වලට එන්නෙ නෑනෙ මේවා...
ReplyDeleteඋඩ තියන කතාව නම් එල.මේ චිත්තර පටි දෙක බලන්න ඕනෑ.මම ඔය ටයිප් එකේ ෆිල්ම් එකකට කියලා බලල තියෙන්නේ kite runner විතරයි එකත් පොත් කියෙව්වා නිසා ආසාවට :(
ReplyDeleteඑල නේ.මොනවා උනත් තවත් මුල අමතක වන අවස්ථාවක.නියමයි
ReplyDeleteහික්. කථාව කලින් අහලා තියෙනවා. හැබැයි එල. ආපහු හිනා වුනා
ReplyDeleteමේවා කොහෙන් හම්බ වෙනවද මන්දා
ReplyDeleteෆිල්ම් එක බලලා නෑ
ReplyDeleteමේ කියල තියෙන ෆිල්ම් 2නම් බලල නැ. ස්තුතියි බෙදා ගත්තට.
ReplyDeleteළඟදී Not without my daughter නම් බැලුවා..
කොල්ලා නිකන් අපේ රටේ දෙපැත්තට පනින දේශපාලකයෙක් වගේ :)
ReplyDeleteA Separation නම් හොඳයි අනිත් එක තාම හම්ම්බ උනේ නෑ නැද්ද torrent එකක්
ReplyDeleteරම්බෝ වගේ බුවෙක් තඩි මැසින් තුවක්කුවක් අරගෙන දස අතේ වෙඩි තියන එකක් නං අනිවා බලනව
ReplyDelete++++++
DeleteYour comment will be visible after approval.
Deletemagula..
Separation ෆිල්ම් එකේ ඩීවීඩී එක මන් ළඟ ත් ඇති.. කාලෙකට ඉස්සෙල්ලා බැලුවා. අයින් කරන්නෙ නැතුව කෑදරකමින් යන යන තැන අරන් යන පර්මනන්ට් කලෙක්ශන් එකට දමා ගත්ත ෆිල්ම් එකක් ...
ReplyDelete