මේ කතාව උනේ දැනට අවුරුදු ගානකට කලින්. ඒ කාලෙ මම වැඩ කරපු කම්පැනි එකේ බෙස්ට් එම්ප්ලොයී ඔෆ් ද ඉයර් අවෝර්ඩ් එක මට හම්බ උන නිසා කම්පැනි එක ගානෙ මට යන්න ලැබුනා යූ එස් වලට ටුවර් එකක්. ෆස්ට් ක්ලාස් රිටර්න් ටිකට් එකක් තමා හම්බ උනේ.
ඔහොම ඉද්දි ගොඩක් දවසට මම ඇවිදින්න යනව රට තොට බලන්න. එහෙම නැත්නම් දවසම ශොපිං යන එක තමා කරේ. ඒත් හැමදාම ඕක කරන්නත් බැහැනෙ. සමහර දවසට කම්මැලි හිතුනම මම මගේ එපාර්ට්මන්ට් එකට වෙලා ජොනි බ්ලූ එකක් එකක් එහෙම කඩාගෙන පොඩි ශොට් එකක් දාගෙන පාඩුවෙ ඉන්නවා.
එදා නම් මහ කුජීත දවසක්. කම්මැලිකමට මම මගේ ඒලියන් වෙයා ලැප්ටොප් එකේ ගේම් එකක් ගහ ගහ හිටිය මිසක් එදා කරන්න කිසිම වැඩක් තිබුනෙ නෑ. ගේම් ගැහිල්ලත් ටික වෙලාවක් යද්දි එපා උන නිසා සෙට් උනා බ්ලූ රේ ෆිල්ම් එකක් බලන්න කියල.
ඔය අස්සේ ලැපෙන් කන පැලෙන්න සද්දයක් ආව නිසා මම කෝකටත් කියල ගිහින් බැලුවා මොකක්ද සීන් එක කියල. එතකොටයි මට මතක් උනේ මම ලැපට සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එක කනෙක්ට් කරල තිබ්බෙ කියල. ජීටෝක් එකේ අලුත් කන්ටැක්ට් රික්වෙස්ට් එකක් ඇවිත්.
රික්වෙස්ට් එක කෙල්ලෙක්ගෙන්. මට කෙල්ලන්ගෙන් අඩුවක් නොතිබුනත් කෝකටත් කියල මම ඇක්සෙප්ට් කරල දැම්මා. මෙයා මාත් එක්ක විඩියෝ චැට් එකට සෙට් උනා. මගේ හයි කොලිටි කැම් එකෙන් මම ඉන්න ලක්ශරි එපාර්ට්මන්ට් එක දැක්කම කෙල්ල හරියට ඉම්ප්‍රෙස් වෙලා.
ඒත් ඒ වෙනකොටත් වෙන කොල්ලෙක්ට මේ කෙල්ලගෙ හිත ගිහින් තිබුනෙ. ටික දවසක් වීඩියෝ චැට් කරද්දි මෙයා මට ඒ කොල්ලගෙ පික් එකක් එවුවා. අය්යෝ මගෙ අහලකින් වත් තියන්න බෑ. මම වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක ගත්තම ඌ නිකම් වඳුරෙක් වගේ.
ඔහොම ටික දවසක් චැට් කරගෙන යද්දි දවසක් මට එස් එම් එස් එකක් ආව දන්නෙ නැති නොම්මරේකින්. මට තිබුන පුදුමේ මගේ සැම්සුන්ග් ගැලැක්සි 2 එකට නෙමේ මැසේජ් එක ආවෙ මගේ එච් ටී සී ඉවෝ ත්‍රීඩී එකට. ගැලැක්සි 2 එකේ නොම්මරේ හැමෝම දැනගෙන හිටියට ඉවෝ එකේ නොම්මරේ කවුරුත් දැනගෙන හිටියෙ නෑ.
බලද්දි මට මැසේජ් කරල තියෙන්නෙ අර ගර්ල්. එදා එයාගේ බර්ත්ඩේ එකලු. මම විශ් කරේ නෑ කියල එස් එම් එස් කරල තියෙන්නෙ. මම ටක් ගාල ඔරිජිනල් ලිවයිස් ඩෙනිමකුයි, අමානි ටී ශර්ට් එකකුයි , ටිම්බර්ලෑන්ඩ් ශූපෙයාර් එකයි, ප්‍රාඩා සඟයි දාගෙන බැස්ස එලියට කෙල්ලට මොනා හරි ගිෆ්ට් එකක් ගන්න හිතාගෙන.
කෙල්ලට රැල්ෆ් ලොරේන් හරි ටොමි ගර්ල් හරි බොඩි ස්ප්‍රේ එකක් ගන්න හිතාගෙන ටාගට් එකකට ගියත් පස්සෙ කෙල්ලගෙ ලැප්ටොප් එක කැඩිල කියල කිවුව එක මතක් උන නිසා කෙලින්ම ගියා බෙස්ට් බයි එකකට. ගිහින් එතන තිබුන ලේටස්ට් ම එච් පී ලැප්ටොප් එක අරගෙන ඩී එච් එල් කුරියර් එකෙන් එක්ප්‍රස් ඩිලිවරියක් විදියට ලංකාවට එවුවා.
ලැප්ටොප් එක යවල දවස් කීපයක් ගියත් කෙල්ලගෙන් ආරන්චියක්වත් නෑ. මගේ ෆෝන් එකේ රෝමිං තිබ්බ නිසා මම එවෙලෙම කෝල් කරල බැලුවා ලංකාවෙ ඩී එච් එල් බ්‍රාන්ච් එකට. එහෙන් කියනව ලැප්ටොප් එක කෙල්ලට ඩිලිවර් කරා කියල.
වැඩේ තියෙන්නෙ ලැප්ටොප් එක ඩිලිවර් කරද්දි ඒ ඇඩ්‍රස් එකටම ඉංග්ලන්ඩ් වලින් එවපු 50 ඉන්ච් එල් ඊ ඩී ටීවී එකකුයි, ඔස්ට්‍රේලියා වලින් එවුව නිකොන් ඩී 3 එක්ස් කැමරාවකුයිත් එදාම ඩිලිවර් කරල. ඒ වෙලාවෙ තමා මට තේරුනේ මේ කෙල්ල මාව විතරක් නෙමේ වෙන උන්වත් රවට්ටලා කියල.
එදා ඉඳන් අද වෙනකම් ඒ කෙල්ලගෙන් කිසි ආරංචියක් නෑ. අය්යෝ සල්ලි. මට දුක මම බේරුනත් තාමත් මේ කෙල්ල නිසා කොල්ලො කී දෙනෙක් නම් අමාරුවෙ වැටෙනව ඇද්ද? අනේ පව් අහිංසක කොල්ලො.
ප.ලි. - මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ලඟදි කියවපු බ්ලොග් එකක් නිසා. ඒකෙ එක දිගට දුක හිතෙන ආදර කතාවක් ගලා යද්දි ඒ මැද්දෙන් පත සයිස් නයෙකුත් හිමීට ඇදෙනවා දැක්කා. ඉතිං මට හිතුනා ආදර කතාවක් මැදින් නයෙක් යවන විදිය ගැන ඒ දරුවට ආදර්ශයක් වෙන්න පෝස්ට් එකක් ලියන්න. ;-)
Saturday, June 30, 2012
Friday, June 29, 2012
මාකටිං
මාකටිං ජොබ් එකට කරපු බුවෙක් මැරිලා. දැන් දෙයියොන්ට හිතා ගන්න බැහැලු මූව යවන්නෙ දිවියලෝකෙටද අපායටද කියල. මොකද මූ පව් පින් සම සමව කරල තියෙන නිසා. අන්තිමට දෙවියො තීරණය කරාලු මේ බුවාටම ඩිසයිඩ් කරන්න දෙනව යන්නෙ කොහෙද කියල.
දෙවියෝ : තමන් යන්න කැමති දිවියලෝකෙටද? අපායටද?
බුවා : මට දිවියලෝකෙ බලන්න පුලුවන්ද?
දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන් ක්ලැසිකල් මියුසික් එනවලු. දිවියලෝකෙ ඉන්න හැමෝම හෙන ක්ලාසි විදියට ඇඳගෙන පලතුරු කකා ඉන්නවලු. හරිම නිස්කලන්ක ගතියක්ලු තියෙන්නෙ. බුවාට හිතුනලු කෝකටත් අපායත් බලල එන්න ඕනෙ කියල.
බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?
දෙවියෝ : ඔය කෙලවරේ තියෙන ලිෆ්ට් එකට නැගල බේස්මන්ට් බටන් එක ඔබන්න
බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ් එකක් වගේ පට්ට පාටියක්ලු. ඇති වෙන්න බොන්න තියෙනවලු. හෙන සද්දෙට රොක් මියුසික් එහෙමත් දාල පට්ට හැපනිං පාටියක්ලු. ඉන්න හැම එකාම කුනුවෙන්න බීල හෝ ගාල නටනවලු පිස්සු හැදිල වගේ.
දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.
දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?
බුවා : දිවියලෝකෙ කොච්චර සිරා උනත්, මට හොඳටම මැච් වෙන්නෙ අපාය තමා. මම එහෙ යනවා
දෙවියොත් බුවාගේ තීරණයට ඉඩ දීල බුවාට යන්න දුන්නලු අපායට. අපායට බුවා ආව ගමන් බුවාව අල්ලලා කූඩුවක දාල අත පයට දම්වැල් එහෙමත් දැම්මලු. දැන් බුවාට හිතාගන්නත් බැරිලු මොකද මේ උනේ කියල. බුවා එතනින් යමපල්ලෙක් යනකම් බලන් ඉඳල
බුවා : ශ්.. මල්ලි
යමපල්ලා : ඇයි?
බුවා : කෝ අර මෙහේ තිබ්බ පාටි?
යමපල්ලා : ආ ඒ අපේ මාකටිං ප්‍රසන්ටේශන් එකනෙ

Thursday, June 21, 2012
පුස්තකාලාධිපති විදියට වැඩ කරන එක ලේසිද?
මේක අපි දන්න චරිතයකට වෙච්ච දෙයක් නම් නෙමෙයි ඔන්න. කතාවෙ කතා නායකයා පුස්තකාලාධිපති කෙනෙක්. බුවා දැන් වැඩ කරන කොම්පැනියට කලින් රස්සාව කරල තියෙන්නෙ රාජ්‍ය සේවය. බුවාට මුලින්ම පත්වීම හම්බ වෙලා තියෙන්නෙ අමාත්‍යාංශයක පුස්තකාලාධිපති විදියට. බුවා වැඩ භාරගත්ත පලවෙනි දවසෙම ගෑනු කෙනෙක් එනවලු පොතක් අරගෙන මල පැනල.
කාන්තාව : මේක තමා මම ජීවිතේට දැක්ක ජරාම පොත මෙලෝ රහක් නෑ
බුවා : මැඩම් මම හිතන්නෙ මේ පුස්තකාලෙ තියෙන්නෙ ඔක්කොම වටිනා පොත්පත්, පොත් වලට අපහාස කරන්න එපා
කාන්තාව : මේ පොතේ තියෙන කතාව තේරුමක් නෑ. චරිත ගොඩක් හිටියට කතාවෙ කිසිම ගලා යෑමක් නෑ
බුවා : මොකක්ද මැඩම් පොතේ නම
කාන්තාව : මෙන්න පොත, තමුසෙම බලාගන්නවා
බුවා පොත පරීක්ශා කිරීමෙන් පසු : මැඩම් ගෙනියලා තියෙන්නෙ අපේ ෆෝන් බුක් එකනෙ
ඉතිං ඔය වගේ සිරා කස්ටියක් එක්ක රජකාරිය කරන එක අපේ බුවාට ටික කාලයක් යද්දි එපා වෙලා. මිනිහ මාරුවීමක් ඉල්ලලා ඉස්කෝලෙක පුස්තකාලයක් භාරව පත්වීමක් දෙන්න කියල. බුවාගෙ පොලිටිකල් කන්ටැක්ට් එහෙමත් තියෙන නිසා බුවාට පට ගාල මාරුවීමක් හම්බවෙලා ලොකු ඉස්කෝලෙක ප්‍රාථමික අංශයේ පුස්තකාලාධිපති විදියට.
බුවා හිතුවලු මේක අයිස් ගහන්න නියම චාන්ස් එක කියල. බැලුවලු කරන්න තියෙන වැඩ වලින් අමාරුම වැඩේ. ඒක තමා පොත් කෙනෙක් ගෙනියද්දි පොතට අදාල කාඩ් එකේ අර පුද්ගලයගෙ නම ලියන එක. මූට ආවලු ඒ වැඩෙත් කරගන්න ලේසි ක්‍රමයක්. දැන් මූ පලවෙනි දවසෙ පුස්තකාලෙට කවුරුහරි එනකම් ඉන්නවලු මුගේ සිස්ටම් එක ටෙස්ට් කරන්න.
ඔන්න ටිකකින් 3 වෙනි පංතියේ කොල්ලෙක් ඇවිල්ල පොත් තෝරනවලු. කොල්ල සෑහෙන වෙලාවක් තෝරලා ලමා කතා පොත් තුනක් අරන් ඇවිත් අපේ බුවාගෙ මේසෙ උඩ තිබ්බලු.
බුවා : පුතා ඔය හැම පොතේම තියෙනව අග කාඩ් එකක්. ඒ කාඩ් 3ම අරගෙන ඒවගෙ පුතාගෙ නම ලියල දෙන්න
කොල්ලත් ඉතින් කාඩ් 3ම තමන්ගෙ නම් ලියල ටිකක් මල පැන්න මූඩ් එකෙන් ආයෙ අපේ බුවාට දුන්නලු. දැන් බුවාගෙ ලෑස්තිය පොඩි එකා මොකද අවුල් ගියේ කියල අහන්න. ඊට කලින් පොඩි එකා කිවුවලු
පොඩි එකා : අංකල්, ඔයාට කලින් මෙතන වැඩ කරපු අංකල් නම් අකුරු ලියන්න දන්නවා, ඒක නිසා එයා තමා මේ කාඩ් පිරෙවුවේ

Monday, June 18, 2012
ඌව එවපන්, නැත්නම් මම නරක මිනිහ කියන්න එපා...
දෙවියොයි යම රජ්ජුරුවොයි හැම සති අන්තෙකදිම හම්බවෙනවලු. මොකද මැරෙන හැම ආත්මයක්ම ඒ දෙන්න අතරෙනෙ බෙදෙන්නෙ. මේ සතියෙ දෙන්නගෙ මීටිම අපායෙ තිබුනොත් ඊලඟ සතියෙ මීටිම තියෙන්නෙ දිවිය ලෝකෙදිලු.
මේ සතියෙ දෙවියොන්ගෙ ටර්න් එකලු දිවියලෝකෙ මීටිම ඕගනයිස් කරන්න. මේ මීටිමට යම රජ්ජුරුවො එනවලු විසිල් එකක් එහෙම ගහගෙන කවදාවත් නැතුව හෙන හැපි මූඩ් එකකින්. දෙවියොන්ට මේක එච්චර ඇල්ලුවෙ නැහැලු.
දෙවියෝ : මොකද උඹ කවදාවත් නැතුව මෙච්චර සතුටින්
යමරජ : දැන් නම් මට කියන්න කරදරයක් නෑ. ගිය සතියෙ අපායට ආව ඉංජිනියර් අපේ ටොයිලට්ස් ඔක්කොම නියමෙට හැදුවා. අනිත් අතට මිනිහා මුලු අපායම ඒසී කරා... ඒකයි මට හැපි..
දෙවියෝ : ඉංජිනියර් කෙනෙක් අපායට යන්න විදියක් නෑ. මෙතන මොකක් හරි වැරදීමක්ල් වෙලා තියෙනවා... ඌව ආයෙ දිවියලෝකට එවපන්
යමරජ : පිස්සු කෙලින්න එපා... ඌ ලබන සතියෙ මුලු අපායෙම ටැප් සිස්ටම් එක හදල දෙනව කිවුවා. ඌව නම් දෙන්න බෑ..
දෙවියෝ : ඌව එවපන්, නැත්නම් මම නරක මිනිහ කියන්න එපා...
යමරජ : ඇයි එවුවෙ නැත්නම් උඹ මොනා කරන්නද?
දෙවියෝ : මම උඹට විරුද්දව නඩු දානවා
යමරජ උපහාසයෙන් සිනාසෙයි.
දෙවියෝ : ඇයි උඹ කින්ඩියට හිනා වෙන්නේ?
යමරජ : යකෝ උඹගෙ නඩුවට කවුද කතා කරන්නෙ? ලෝයර්ල ඔක්කොම මගෙ ලඟනෙ

Thursday, June 14, 2012
ජයසූරියගේ සුර වගයක් නැතිවෙලාලු
"පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගේ රනින් නිමවූ සුර අටක් අතුරුදහන්වී ඇත." - පුවතක්
මට දැනගන්න ලැබුන විදියට ඕක වෙලා තියෙන්නෙ විපක්ශ මන්ත්‍රී කෙනෙක් ජයසූරිය එක්ක පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා, ජයසූරියට වැඩිවෙන්න පොවලා සුර ටික එකින් එක ගිල්ලවලා.
අනේ පව් දැන් අහිංසකයා ඒ සුර ටික ආර් ප්‍රේමදාස ග්‍රවුන්ඩ් එකේදි නැති උනා කියල පත්තර වලට කියන්නෙ, විලිසංගයක් ඇතුව ඇත්ත සිද්ධිය කියන්න බැරි නිසා වෙන්න ඇති.
ඒත් ඉතිං වටිනා සුර අටක් නිසා කොල්ල ගේම අතර ඇරලා නෑ. දන්න ඔක්කොම සෙල්ලම දානව මේ ටිකේ ඒ සුර අට එලියට ගන්න.
මම කියන්නෙ බොරු නම් මේ වීඩියෝව බලන්න, කොල්ල කොච්චර ට්‍රයි එකක් දෙනවද ඒ සුර ටික පස්ස පැත්තෙන් එලියට ගන්න කියල. පව් කියලත් හිතෙනව අප්පා....

Thursday, June 7, 2012
මේ දවස්වල විස්තර ....
මේ ටිකේම පෝස්ට් එකක් ලිවුවෙ නැත්තෙ ලියන්න තරම් වෙලාවක් උනේ නැති නිසා. තනියම ඉන්නව වගේ නෙමේ පවුල් උනාම වගකීම්නුත් වැඩි වෙනවනේ. ඒ අස්සෙ ඔෆිස් එකෙත් ප්‍රොජෙක්ට් එකක් සෙට් උනා මාස 2 කින ඉවර කරන්න. මාස දෙකකින් කරන්න උනාට සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්.
පවුල් ජීවිතේ මල් උනාට ඉතින් වටෙන් එක එක ප්‍රශ්න. යාලුවො නෑයො මෙකී නොකී එක එක දේවල්. ඔය ඔක්කොම කොහොම හරි ගොඩ දාගෙන ඉන්න අස්සෙ ගෙදර ටැප් එකක වතුර ලීක් එකක්. කම්මැලිකමට ගනන් ගන්නෙ නැතුව ඉඳල වතුර බිල ආවම තරු පෙනුනෙ. වෙනද වතුර බිල රුපියල් 100ක් විතර උනාට ගිය මාසෙ වතුර බිල 12000ක්. ඒක දැක්කම තමා ටැප් එකේ ලීක් එක හැදුවෙ.
ඔය ඔක්කොම අස්සෙ හුරතලේට හදන්න පොඩි හාපැටවු දෙන්නෙකුත් අරගෙන ආව. එකෙක් කලුම කලුයි. අනික සුදුම සුදුයි. උන් දෙන්න නම් පට්ටම සිරා. ඉඩ තිබුන වෙලාක උන්ගෙ වැඩ කිඩ වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නයි හිතාගෙන ඉන්නෙ. ගෙදර එක කාමරයක් දැන් උන් දෙන්නට වෙන් කරල තියෙන්නෙ.
ඔය ඔක්කොම අස්සෙ ඊයෙ රෑ....
වයිෆ් : අනේ බලන්න, මගේ බෑග් එක නෑ
මම : වෙන්න බෑ, පොඩ්ඩක් බලන්න
වයිෆ් : මම හැමතැනම බැලුවා. බෑග් එක ගෙදර නෑ
මම : මල කෙලියයි. මොනවද ඒකෙ තිබ්බෙ
වයිෆ් : මගේ අයිඩී එකයි පාස්පෝර්ට් එකයි දෙකම ඒකෙ තිබ්බෙ
මම : අපි අන්තිමටම පෝය දවසෙ ෆුඩ් සිටි ගියානෙ, ඔයා බෑග් එක එතන දාල ආවද දන්නෙ නෑ
දැන් ඉතින් රෑ 9.30 ට විතර ගියා ෆුඩ් සිටියට බෑග් එක හොයන්න. අපේ වෙලාවෙ හොඳකමට බෑග් එක එතන සිකුරිටි එකෙන් අරන් තියලා. උන් බෑග් එක ෆුල් චෙක් කරල බලලා මොකක් හරි අපේ කන්ටැක්ට් නොම්මරයක්වත් හොයාගන්න පුලුවන්ද බලන්න. ඒත් හරි ගියේ නැති නිසා අයිතිකාරය එනකම් තියන් ඉඳල.
ඉක්මනට බෑග් එක අරගෙන ගෙදර ගිහින් බලද්දි මෙන්න ඒකෙ තිබුන අයිටම්
ආයෙත් නම් ඉතිං රෙද්දක් ඇඳගෙන ඒ ෆුඩ් සිටියට යන්න වෙන්නෙ නෑ.

- වයිෆ්ගෙ අයිඩී එක
- වයිෆ්ගෙ පාස්පෝට් එක
- වයිෆ්ගෙ බෑන්ක් පාස්බුක් එක (පාස්බුක් එක කිවුවට ඒකෙන් බාගයයි තියෙන්නෙ, ඉතුරු බාගෙ බල්ලො කාල)
- වයිෆ්ගෙ මැරුන බල්ලගෙ දතක්
- බෑග් එක බර වෙන්න දාල තිබුන පරන කැමරා කැටලොග් වගයක්
- මගේ ස්විමිං ශෝටක්
ආයෙත් නම් ඉතිං රෙද්දක් ඇඳගෙන ඒ ෆුඩ් සිටියට යන්න වෙන්නෙ නෑ.
Subscribe to:
Posts (Atom)